සමහර විටක ටිබෙටියානු මිතුරා වැඩි කාලයක් තම පිලිතුර සදහා ගනු ලැබුවේ වඩාත් තියුනුව ගැටලුව කරා පිවිසෙන්නට අවශ්‍ය නිසාම විය හැකියි. "මම හිතනවා මේ ගම් වාසීන්ගේ ජීවිත රටාවන් හරිම සරලයි. හැබැයි සැහැල්ලුයි. මහත් හඬතලමින් හඬන මෙන්ම සතුවන අවස්ථා ඔවුන්ගේ ජීවිත වල හරිම විරලයි. දවසේ කාල සටහන හරිම සමබරයි. මුල් ස්වභාවයෙන්ම වාගේ තරගය පැමිනෙන්නේ තමන් සමගම විනා අනෙකා සමග නොවීම තුල බොහෝ දියුනු යැයි සිතා සිටිනා සමාජයන් වලදී මෙන් අපතේයන මිනිස් හැකියා ප්‍රමානය බෙහෙවින් අඩුයි. සරලව මම යෝජනා කලොත් ඔවුන්ගේ සමාජ ආකෘතියක් හැටියට මෙන්ම පුද්ගල ආකෘතියක් ලෙසටත් නිතරම සමාජ පරිසරයේ මෙන්ම ස්වභාවික පරිසරයේ දී අවම ශක්ති ප්‍රමානයකින් උපරිම ප්‍රථිපල ලබන ලෙසට සැකසී තිබීමම අපූරු කරනාවක් නොවේවිද කියලා?" ඔහුගේ විග්‍රහය හඟවන්නේ ගැටලුවේ තීව්‍රම සංධිස්ථාන වෙතට පැහැදිලීවම පිවිස ඇති බවකි. බාහිර ලෝකයේ වන දින වකවානු ක්‍රමවේදයට එකග මුත් පරිසරයේ වන සෑබෑ වෙනස් කම් සමගද මනාව නම්‍ය වන්නට සූදානම් ජීවන රටා අධි උෂ්නාධික නගර මධ්‍යයයක වන කාර්යාලයක අධිශීත වායුසමනයක තුල දැටි ශීතලාධික පරිසරයකට ඔබින ඇඳුමකින් සැරසී සිටින "මහත්මයෙකුට" විසුලුකරනවා වැනිය.
"මම හිතනවා යලිත් නගරයට ගිය පසුව මේ අපූරු අත්දැකීම ජීව සෛලයක සිට නවීන සමජීය ජීවිතරටවක් දක්වා වන විශාල වපසරියක විහිදෙන ලෙසට අපට කථාකරන්න පුලුවන් වේවි. මට පුලුවන් උනා අවසන් වරට නගරයට ගිය වේලාවේ රැස්වු තොරතුරු පිලිබඳව කෙටි විස්තරයක් ඇය වෙතට Email කරන්නට. ඒක ඇයට පහසුවක් වේවි අවශ්‍ය වෙතැයි සිතිය හැකි අමතර තොරතුරු ක්‍රමයෙන් රැස්කරමින් අපේ සටහන වඩාත් අර්ථවත් ලෙසට ඉක්මනින් අවසන් කරන්නට". මම ඉදිරි සැලසුම පිලිබදව මඳ පැහැදිලි කිරීමක් මිතුරා වෙතට කලෙමි. "මම හිතන්නේ පැහැදිලි මුත් මද සීතලැති සැන්දෑව කඳුනත දිගේ කෙටි සක්මනකට ආරාධනා කරනවා වගේ.." කියමින් නැගී සිටියේ මිතුරාගේ එකගත්වය පිලිබඳව කිසිදු සැකයක් නොමැතියාක් ලෙසටය.