2016-02-29

Facebook වල Android app සදහා live streaming පැමිනේ...

     පලවන නවතම තොරතුරු වලට අනූව කිය වෙන්නේ Facebook වෙතින් Android app සදහාද  live streaming අංගය මේ වන විට මුදා හැරෙමින් ඇති බවයි. ගෙවී ගිය මාසයේදී iOS app සදහාද මෙම live streaming අංගය මුදා හරින්නට facebook ආයතනය කටයුතු කොට ඇති අතර සමස්තයල් ලෙසට තම මොබයිල් ඇප් සදහා  Live Photos, මෙන්ම නව reactions button හඳුන්වාදීම සිදුකරනු ලැබුවා.  ආයතනය පැහැදිලි කරන ආකාරයට  Twitter වල Periscope app ආකාරයට Live Video button සංක්‍රිය කිරීමකින්  Update Status area වල සිට මෙම නව පහසුකම ලබෙන අතර පෙර කී අංගයේදී ( Periscope app) නොලැබෙන ලෙසට එසේ සජීවීව මුද අහැරුනු වීඩියෝවක් පසුව නැරබීමට ද හැකිවන ලෙසට අඩවියෙහි ගබඩා වීමටද සිදුවන බවටයි කියවෙන්නේ. ආයතනය සැලසුම් කර ඇති ආකාරයට එල බෙනසතිය වනවිටUS වල සියලුම Android භාවිතාකරන්නන් සදහා මෙම පහසුව මුදා හැරෙන අතර ඉන් අනතුරුව ක්‍රමයෙන් අනෙකුත් භාවිතා කරන්නන් සදහාද මෙම පහ්සුව [පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
www.digilk.com

පනස් වන කොටස..


         එලබෙමින් ඇති ගිම්හානයේ නගරය වෙතට ආපසුව යා යුතුව ඇත. “දැනුම කෑ ගසන විට අවබෝධය වඩාත් නිහඬ කරවයි” වරක් අප සවන් දුන් විද්වතෙක් තම අපූර්ව වාචික දේශන සංචාරයේ දෙපැය නිම කලේ එලෙසය. “ඔබ මෙතෙක් නොගොස් ඇති බොහෝ ප්‍රදේශ පෘතුවිය මත ඇත. සමහර ප්‍රදේශ වෙතට යන්නට ඔබගේ ආගම, හෑදෑරීම් බලකරමින් සිටිනවාද වන්නට හැක. මම ඔබෙන් අසන්නේ ඔබ සැරිය යුතු වඩාත්ම අපූර්ව ප්‍රදේශය පිහිටා ඇත්තේ ඔබගේම මනස තුල බවයි. එහි ඔබට ආපස්ස මෙන්ම ඉදිරියටද යන්නට අපමන අවකාශයක් ඉතිරිව තිබියදී දෛනික ජීවිතයට හුරු පුරුදු සීමිත අවකාශයක පුරුද්ද්ක් ලෙසට සරමින් ඔබ සීමා වී ඇති සැටි ඔබ නොදන්නවා විය හැකියි. මම සපත කොට ඔබට යෝජනා කරන්නට කැමතියි ඔබගේ විසිතුරුම සංචාරය වැටී ඇත්තේ ඔබගේම මනස මත්තෙන්ම පමනයි. එහි නොයන ඔබ ලොවමත කොතරම් දුරක් ඇවිද ගියද පලක් නැති බව මගේ යෝජනාවයි” ඔහුගේ දේශයනය අවසන් කොට විනාඩි කිහිපයක් ගතවන තෙක්ම දේශන ශාලාව දැහැන් ගත වූවාක් මෙන් තබාලන්නට සමත්විය. මේ තොරතුරු වඩාත් ක්‍රමවත් කර ලෝකය වෙතට පවසන්නට අවශ්‍යය. දැනුම පැහැදිලි කල හැකි මුත් අවබෝධය මදක් අපහසුය. දැනුම පොදුවන විට අවබෝධය “පෞද්ගලික හා පොදු” අවකාශයක අතර ඉදිවන්නකි. එවිට වඩාත් නිර්මාණශීලී වන්නට සිදුවෙයි. එලබෙන ගිම්හානය අවසන් වන්නට මත්තෙන් සියලු කටයුතු අවසන් කරන්නට අවශ්‍යය. විටක ඇය තම කෙටිකාලීන හැදෑරීම් අවසන් කර නැවත නගරය වෙතට පැමිනෙන්නට සූදානම් වනවාද විය හැක. ආශ්‍රම දොර‍ටුවේ වන සියුම් කැටයම් වෙනදාට වඩා පැහැදිලිව පෙනෙනවා වැනිය. ඒව තුල මෙතෙක් නොදු‍ටු තවත් බොහෝ අරුත් ඇතුවා සේ හැගේ.
www.tharuminisa.com

WhatsApp පැරනි මෙහෙයුම් පද්ධති වලට සමුදීමට…

        WhatsApp භාවිතාකරන්නන් වෙතට වන නිවේදනයක් පවසන්නේ පැරනි මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධති සදහා වන අත්හැර අතහැර දැමීමට සූදානම් බවයි.  2016 ට සැලසුම්ව ඇති මෙම පියවර සමග Windows Phone 7.1 (7.5/7.8), Android 2.1 and Android 2.2, Nokia Symbian S60, Nokia S40, BlackBerry (including BlackBerry 10) වැනි මෙහෙයුම් පද්ධති සමග වන එම app ක්‍රියාකාරීත්වය අත්හැර දමනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම මෙහෙයුම් පද්ධති නව තාක්ශනික ප්‍රවනතා සදහා දක්වන සහය දුර්වල වීම තම පියවරට හේතුව වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Android 2.1 නැතිනම් Android 2.2 සදහා වන භාවිතාකරන්නන් ප්‍රමානය සියයට දශම එකක් වැනි සුලු අගයක පවත්නා බවත් නව තීරනය ඔස්සේ සිදුවන අපහසුතාවය ඉතා අවම අගයක තිබෙන බවත්ය. කෙසේ වෙතත් තවමත් සංක්‍රීය මට්ටමේ ඇති BlackBerry 10 වැනි මෙහෙයුම් පද්ධතියක් අත්හැරීම පැහැදිලි කරන ඔවුන් පවසන්නේ BlackBerry ක්‍රමයෙන් Android දෙසට වන චලනය සලකමින් එම තීර්නය ගත් බවයි. සමස්ථයක් ලෙසට WhatsApp පවසන්නේ Android, iOS, හා Windows Phone භාවිතාකරන්නන් 2016 තුලදී තම මහයුම් පද්ධතිවල නව සංස්කරන වෙතා පැමිනීමට කටයුතු කිරීම ඔස්සේ සිදුවන අපහසුතාවය වලකා ගන්නට හැකි වනු ඇති බවයි.
www.digilk.com

2016-02-27

Samsung වෙතින් 256GB flash storage chip..


              Samsung ආයතන  මේ වන විට 256GB ආකාරයේ flash storage chip පත් වෙළඳ පොල නිකුතුවකට සූදානම් වන්නට තීර්නය කර ඇති බවටයි පවසා සිටින්නේ. V-NAND technology පදනම්ව වන මෙම නිෂ්පාදනය Universal Flash Storage (UFS) 2.0 ප්‍රමිතිය සහිතව පැමිනෙන්නට සැලසුම් වන අතර එය  SATA SSDs වලට වඩා දෙගුනයක වේගයක් ‍රැගෙන එනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එය කියවීමේදී  850MB/s දක්වා වේගයක්ද ලිවීමේදී 260MB/s ක වේගයක්ද ‍රැගෙන එනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ input/output operations per second (IOPS) හැකියාව 45,000 හා 40,000 ලෙසට  reading හා writing  වලදී තබා ගන්නට මෙම නිකුතුව සමත්වනු ඇති බවයි. සරල උදා හරනයකින් පවසන්නේ නම්  USB 3.0 සමග  5GB ගිනුවක් තප්පර 12කදී පමන හුවමාරු කරන්නට මෙම නව පැමිනීම සමත්වනු ඇති බවකි.වෙගයෙන් වැඩි වන හා සංකීර්න වන මොබයිල් භාවිතාව ඉල්ල සිටින වැඩි තොරතුරු ගබඩා හැකියාවක් මෙම නව විසඳුම ‍රැගෙන එනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.
www.digilk.com

OnePlus 3 ජූනියේ පැමිනේවි…

OnePlus 3 භාවිතාකරන්නන් අතර මහත් අවධානයක් ලබා ගත් ස්මාර්ට් දුරකථන පෙලක තෙවන නිකුතුව වන අතර එහි co-founde වරයෙකු වන Carl Pei පවසා සිටින්නේ එලබෙන ජූනියේ එම නිකුතුව සිදුවන්නට සූදානම් බවකි. පසුගිය ජූලියේ OnePlus 2 නිකුතුවට කටයුතු කල අතර ඔහු පවසා සිටින්නේ නව නිකුතුව පලමු නිකුතුවේ නිමැවුමට බොහෝ සෙයින් සමාන වන්නට නියමිත බවකි. තවමත් වැඩි විස්තර නිකුත්ව නැති මෙම පැමිනීම පිලිබදව වන අනෙකුත් තොරතුර වන්නේ දැනට භාවිත වෙමින් තිබූ invite-only ආකාරයට වූ අලවි ක්‍රම වේදයන් බැහැරව සාමානය් වෙළඳ පොල ආකාරයට මිළඳී ගැනීමේ හැකියාව සහිතව පැමිනීමට නියමිත බවයි.  එහිදී ඔහු පැහැදිලි කර සිටියේ තම නිෂ්පාදනය වඩා වැඩි භාවිතාකරන්නන් පිරිසක් අතට පත්වීම දකින්නට කැමති බවත් ඒ නිසාම පැවති අලවි ක්‍රම වේදයේ වූ බාදක බව ඉක්මවා යන්නට බලාපොරොත්තු වන බවකි.
www.digilk.com

2016-02-26

හතලිස් නමවන කොටස..

ඔවුනගේ ආගන්තුක කුටි සුව පහසුද නැතිද යන්න සමහර විටක ඔබට විමසන්නට හැක. එවිට මට ඔබගෙන් අසන්නට වන්නේ ඔබගේ ජීවිත රටාවට සාපේක්ශවද? යන්නය. අලංකර දැව දඩු මතට කිසියම් ස්වභාවික ආලේපනයක් යොදා නිමකර ගෙන ඒ මතට ඇතිරෙන ස්වාභාවික පත්වර්ගයක් ආවරනය වන පරිදි ඔවුන් විසින්ම ස්වභාවික දෑ ඔස්සේ නිම කරගන්නා රෙදි විශේෂයක් එලා සකසා ඇත. අලංකාර දැව දඩු වලින් නිම වන මේසය මත වන වතුර භාජනය සියල්ල ස්වභාවික දෑ වලින් නිමවා ඇතුවා සේම ඒවා ඉතා ප්‍රාථමික පෙනුමැති රලු ඒවා නොවෙයි. සමහර විටක ඔවුන් ඔවුන් කාර්යක්ශමතාවය, පහසුව සොය ගොස් ඇත්තේ තම ස්වාභාවිත්කත්වය ‍රැකෙන පරිදිවීම පලමු රීතිය වන්නට ඇත. බිම පවා ස්වභාවික මැටියෙන් නිමවා ඒ මතට යම් ආලේපනයක් යොදා ඇත්තේ අති නවීන ගෙබිමක දක්නට ලැබෙන පිරිසිදු බව පැහැදිලි බව ‍රැකෙන පරිදිය. බිත්ති නිමවෙන්නේ ද ඒ අයුරුන්මය. අපූරත්වය වන්නේ පෙර කී ආලේපනයට පෙර ඒවායේ තැනින් තැන වියලා සකස් කර ගත් අපූරු හැඩැති පත්‍ර ඔබ්බවා තිබීමය. විටක ඒවායේම වන විසිතුරු බව පෙනෙන සේ නිමවා ඇති අතර තවත් විටක ඒවායින් වෙනත් අලංකාර හැඩතල නිමවන්නට ඔවුන් කටයුතු කර ඇත. අනෙකාගේ ජීවිත වලට එබී බැලීම නැතිනම් අනෙකාගේ දෑ සොරකම් කරන්නට උත්සාහ කිරීම වැනි ක්‍රියාකාරකම් ඔවුනට සිනාවට කාරනයකි. සමහර විටක ඔවුන්ගේ සංස්කෘතික ගොඩ නැගීමේදී එවන් මානසිකත්වයන් ගොඩ නැගෙන අඬුලුහුඬුකම් මග හැරී ඇතුවා විය හැක. “සමහර විටක අපි අපේ සංස්කෘතික ගමන් මග එක් තීරනත්මක ලක්ෂයකදී අපේ ජීවවිද්‍යාත්මක අවකාශයෙන් ටිකක් අන්තවාදී විදිහට බාහිර පරිසරය පැත්තට සීමාන්තික විදිහට යොමු කලා වන්නට පුලුවන්. ඒ ඔස්සේ අපි ක්ශනික වාසීන් ගැන සතු‍ටු වූවා මිසක අපගෙන් ඒ නිසාම අපගෙන් අහිමිවෙන වඩා වටිනා ජීවවිද්‍යාත්මක වටිනා කම් බොහොමයක් නොසලකා හැරියා වන්නට පුලුවන්” ඒ මොවුන් ගේ ජීවන රටා පිලිබදව ටිබෙටියානු මිතුරාගේ අදහසකි.(73)
   උදා හිරු මඩල දවස අරබන විට ආශ්‍රමයේ ප්‍රධාන දොර‍ටුව දකින මානයට පැමිනෙන්නට හැකිවිය. “ඔබ ඔවුන්ගේ දවසේ වර්ණවත්ම හොරා කිහිපයේදී කබන සැබෑ ගරුත්වයට හිමිකරුවෙක් වන්නේ ආගන්තුකයෙකු ලෙසට නොව ඔවුනගේ පවුලේ අයෙකු ලෙසට සම සමව රාත්‍රී ගිනි මැලය වටා අසුන් ගන්නට අවස්ථාවක් ලැබීමෙනි” ටිබෙටියානු මිතුරාගේ උපදෙස සත්‍යය. ගෘහපතියාගේ අසුනට ඔබ්බෙන් අසුන් ගනිමින් ඔවුනගේ අත් වැල සමග එක්ව ශාන්තිමත් හෝරාව හෝ දෙක අත්විඳින්නට ලැබීම අපූර්වය. අපගේ සංස්කෘතියේ වන අනෙකාට එරෙහිව කර ගනි ලබන ධන බල ‍රැස්කිරීමේ අර්ථය වෙනුවට අපගෙ සංස්කෘතීන්ගෙන් ගිලිහී ගොස් ඇති අපුර්ව ශාන්තිමත් අත්පත් කර ගැනීම් හැකියාවල් අත්විඳින්නට අවස්ථාවක් ලදිමි. “සමහර විටක ඔවුන් ප්‍රාතමික යැයි ඔබ සිතනවා විය හැකියි. අප රාත්‍රී ගිනි මැලය වෙනත් කාර්යක්ශම ආකාරයකට හිමිකරගෙන සිටිනවා විනා ඉන් ඉදිරියට චලනය වී නැති බව එහිදී අත්විඳින්නට හැකි වනු ඇත. සමහර විටක දියුනු යැයි අප විස්වාස කරන්නේ අපගේ ප්‍රාථමික වටිනා කම් නැවත නැවත වෙනස් පැහැයන්ගෙන් අත්විඳීමට වඩා යමක් නොවන බව වටහා ගැනීම ඔවුන් ගැන වන ඔබගේ හැදෑරීමේ එක් ඉහල අත්පත්කර ගැනීමකි” ටිබෙටියානු මිතුරා නිවැරදිය. ඔවුනගේ එම පූජනීය දෙපැය මගේ මනස වඩාත් තියුනු කර පැහැදිලි කර දෙන්නට සමත්ව ඇති බවක් හැගෙමින් ඇත. “ජීවිතයට මුල් ස්වභාවයෙන් අර්ථ නැත. ඒවා අප වඩාත් පරිස්සමින් අත්පත්කරගත යුතුවා ඇත” ප්‍රකට නාට්‍ය දෙබසක් මනසට පැමිනෙනේ නිතැතින්මය.(74)
www.tharuminisa.com

Awards & Recognition


         වසර දස දහස් ගනනක් පුරාවට සිදුවුනු නෙක අපමන ස්වාභාවික අත්හදා බැලීම් අවසානයේ නිර්මානය වන සරල ප්‍රාථමික තරු අළු සෙලවුමක් පැමින ඇති දුර විස්මිතය. එම දිගු කථාන්දරය හා සැසදෙන විට නිමේශයක් බඳු මිනිස් වර්ගයාගේ සටහනෙහි ඔවුන් අත්පත්කරගත් අපමනක් දෑ අතර "තොරතුරු තාක්ෂනයට" හිමි වන්නේ වඩාත් ගැබුරින් වන සටහන් වීමකි. දුර හා කාලය පිලිබදව වූ මිනිස් සීමාවන් එය දිනෙන් දින වඩාත් සාර්ථකව අවසන් කර දමමින් සිටීම මෙහි වන වඩාත්ම අපූරු සිදුවීමය. බොහෝ මිනිස් නිර්මානිත විෂයන් වසා ගත් "ඇකඩමින්" ආධිපත්‍ය තොරතුරු විෂයට පැමිනෙන්නට නොහැකිවූවා සේම දේශපාලනික ආගමික ආධිපත්‍යයන් වෙතට එය සාර්ථකව අභියෝගකරන්නට සමත්ව ඇත. සමස්තයක් ලෙසට පවසන්නේ නම් බොහෝ විෂයන් අහිමි කරගත් "එය එය විසින්ම " පාලනය කර ගැනීමේ අයිතිය ‍රැකගන්නට හැකිවීම මෙම විෂය මත වන වඩාත්ම දිලිසෙන සලකුන වේ.
                  මෙවන් විසිතුරු මෙන්ම විස්මිත විෂයක් සමග කටයුතු කරන්නට හැකිවීමම අපූර්ව අවස්ථාවක් ලැබීමකි. මෙම විෂය ආරම්භවන හුදු දෘඩතලයේ සිට මිනිස් වර්ගයා වෙතටවන තීරනාත්මක ආගමික දේශපලනික මෙන්ම ආර්ථික තලයන් දක්වාම විහිද යන්නට එය සමත්ව ඇත. හුදු සරල ගනනයක සිට සමස්ථ මිනිස් වර්ගය වෙතටම එක නිමේශයකින් බලපෑම් කරන්නට හැකි ශක්‍යතාවයක් දක්වා එහි අත්පත්කර ගැනීම් ලබන්නට සමත් වෙනත් විෂයක් වේදෑයි  සැක සහිතය.
www.siriwansa

2016-02-25

ISIS වෙතින් Facebok හා Twitter වෙතට අනතුරු ඇගවේ..

පලවන මාධ්‍ය වාර්ථා පවසන්නේ ISIS වෙතින් Facebook CEO Mark Zuckerberg හා Twitter CEO Jack Dorsey වෙතට විනාඩි 25ක තර්ජනාත්මක පනිවිඬයක් ‍රැගත් වීඩියෝවක් නිකුත් කොට ඇති බවටයි. "the sons of the Caliphate army." නම් කන්ඩායමක නාමයෙන් පැමින ඇති මෙම වීඩියෝවෙන් ඔවුන් චෝදනා කර සිටින්නේ Facebook හා Twitter අඩවි වලින් violence හා terrorism දිරි ගන්වන ආකාරයේ පලකිරිම් ඉවත්කරන්නට කටයුතු කිරීමට එරෙහිවයි. පසුගිය වාර්ථාවලට අනූව 10,000 වැඩි Facebook accounts හා  150 Facebook groups මෙන්ම 5,000 Twitter profiles වැඩි ප්‍රමානයක් මෙම කන්ඩායම් වලට අයත් hackers වරු විසින් අත්පත්කොට ගෙන තම ආධාර කරුවන් අතට පත්කර ඇති බවයි. මෙම සතියේදී Barcelona වල පැවති Mobile World Congress වලදීද Zuckerberg පවසා සිටියේ තම අඩවිවලදී මේ ආකරයේ කටයුතු වලට ඉඩ නොදෙන බවට වන අතර සතිය මුලදී Twitter පවසුවේ තමන්  Islamic State හා සම්බන්දිත ගිනුම 125,000 පමන suspended කරන්නට කටයුතු කර ඇති බවයි.
www.digilk.com

හතලිස් අටවන කොටස..


කුඩා මාවත දෙපස තුරු ගොමුවල දහවලට පිරීයන සියොත් හඬ කෙමින් තුනී වෙමින් ඇත. ක්‍රමයෙන් තම ගොවිබිම් වලින් අපසු එන ගැමියන් කලාතුරකින් හමුවෙමින් තිබේ. “මේක සංකීර්න අවස්ථාවක්. ඔවුන්ගේ සමාජීය බව සාමානයයෙන් අප අත්විඳින ආකාරයේ සමාජවල වන අපහසුවෙන් මෙන්ම බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවක් නොපෙන්වයි.සමහර විටක ඔවුන්ගේ ජීවවිදයාත්මකවම පැමිනෙන සමාජ පරිනාමීය බව අපට වඩා ඉදිරියෙන් තිබෙනවා විය යුතුයි.” ටිබෙටියානු මිතුරා මේ සමාජයේ වන සංහිඳියාව අර්ථ දක්වන එක් ආකාරයකි එය. “ඔබට තේරෙනවාද මේ සමාජ පරිසරයේදී තරුන ජවය සේම පැසුනු වියපත් බවද ආභරණ ලෙසට වන පිලිගැනීම. සාමානයයෙන් එය විසින්ම එය ඉදිරියට තල්ලුකර ගන්නා ජීව-සමාජ පරිනාමයක් මේ වගේ විසිතුරු අවස්ථාවක් අත්කරගන්න වසර දහස් ගනනක් වත් ගනීවි.” ඔහු මෙහි වන තත්වය වඩාත් පැහැදිලි කරයි.(71) සිසිලැති සැන්දෑව කෙමෙන් අඳුරට ඉඩ දී මැකී යන්නට තනමින් සිටී. තව දුරටත් අශ්‍රමය දෙසට ගමන් කරනවාට වඩා රත්‍රිය ගම්මානයේ නිවසක ආගන්තුක කුටියක ගතකර උදෑසනම යලි මගට වන්නට කටයුතු කිරීම වඩාත් හිතකර වනවා පනක් නොව ඔවුන්ගේ සමානය හැසිරීම් පිලිබද ව තවත් එක කරුනක් හෝ ‍රැස්කර ගන්නට එය අවස්ථාවක් වනු ඇත. සාමාන්‍ය හඳුනා ගැනීමකින් අනතුරුව ඔවුන්පහසුවෙන් විවෘත වන මුත් ආක්‍රමනික බවක් දැනුනු විගස ආගන්තුකයාව නොසලකා හරී. ඔවුන් සමග ගැටලුවකට යාම නම් කිසිසේත් හිතකර නොවන්නේ අනෙකාගේ සිරුර මතට පැමිනෙන කුඩා සරල ඇගිලි තුඩු දෙකක චලනයකින් යොධයෙකු වුවත් බිම හෙලන්නට එහි වන කුඩා දරුවෙකු පවා සමත් වන බැවිනි. බොහෝ විට ප්‍රථිවාදියා පසුදා උදෑසන දක්වා සුහිසුන් වූවා සේ නිදිගන්විම ඔවුනට සරල කටයුත්තකි. “ඔබ දන්නවාද? ඔවුනට මනස නාභිගතකරගන්නට අපට මෙන් බාහිර උත්තේජක අවශ්‍යනොවීම පුදුම සහගතයි. ඉද හිටක අයෙක් එක්තැන් කල මනස ඇසුරින් සරලව බාහිර දෑ චලනය කර පෙන්වන්නට වැනි දෑ පෙලබෙනු දැකිය හැකි වුවත් සාමාන්‍ය ඔවුන් එවැනි ක්‍රියා ලැජ්ජා සහගත කාරනා හැටියටයි සලකන්නේ. නමුත් ඔවුන් එම ශක්තිය තම දෛනික කාරනවලදී අපූරුවට යෝදා ගන්නා බව විමසිලිමත්ව බලන අයෙකුට පහසුවෙන් වටහා ගන්නට පුලුවන්.” ප්‍රකට හැදෑරීම් ආයතනයක පුස්ථකාලාධිපති වරයෙකු ලෙස වසර ගනනාවක ඔහුගේ හෑදෑරීම් අවකාශය මහත් පුලුල්ය. ටිබෙටියානු මිතුරා සතුව තිබු මහත් අත්දැකීම් ප්‍රමානයක් මා සමග බෙද හදා ගන්නට ඔහු කැමතිවීම මාහට මහත් පහසුවක් විය.(72)
www.tharuminisa.com

Facebook වෙතට emoji පැමිනේ..


                    Facebook පවසන්නේ තමන් වසරක අත්හදා බැලීමකින් අනතුරුව පලකිරිමක් වෙතට ප්‍රථිචාර දැක්විය හැකි "reactions" ආකාර මේ වාන් විට භාවිතාකරන්නන් සදහා මුදා හැර ඇති බවයි. ඒව ආතර  "like", "love", "haha", "wow", "sad", "angry" ලෙසට වන විවිධ බටනයන් වන බවටයි පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ආයතනය පැහැදිලි කරන්නේ නව අංගය iOS, Android, හා  facebook.com අවකාශයන් වෙතට විවෘත බවටත් පැහැදිලි කෙරනවා. එහෙත් මෙම නවාංගය Windows Phone, Windows 10, හෝ Paper for iOS වෙතට තවමත් සංක්‍රිය නොවන බවටත් වැඩි දුරටත් පැහැදිලි කරනවා. තවමත් facebook ඔස්සේ සාමනය යෙන් දක්නට ලැබෙන්නේ සුපුරුදු Like බටනය පමනක් වන මුත් පැමිනෙන්නෙකු එම බටනය මත press හෝ hover over the Like button කිරීමෙන් මෙම නවාංගයන් අවදිකරවා ගන්නට හැකි වන බවටයි උපදෙස් ලැබෙන්නේ. පලමුව මෙම අංගය Spain හා Ireland වලදී අත්හද බලන්නට කටයුතු කරන ලද අතර එහිදී භාවිතාවු තවත් අමතර  "yay" හා "confused" ප්‍රථිචාරයන් ඉවත්කොට ඇති බවටත් දක්නට ලැබෙනවා.
www.digilk.com

2016-02-24

හතලිත් හත්වන කොටස..

           ප්‍රධාන නගරයේ සිට අශ්‍රම භූමිය වෙතට පාගමන ඇරබෙන කුඩා නගරය දක්වා දිවෙන මාවද කඳු හෙල් වලින් ගහන දුෂ්කර එකකි. බස් රථය මද වෙගයකින් හැල්මේ ධාවනය වේ. වට පිටාවේ වන නෙක අසිරිගත් අලංකරවත් සොබා දහම ගමන් වෙහෙස හෝ කන්සිය නිවා දමයි. පෙර කී අපූරු වේදිකා නාට්‍යයේ වූ වඩාත් සිත්ගත් දෙබසක් මතකට පැමිනේ ” ඇත්තටම ජීවිතේ සදහා පැමිනෙන නිරපෙක්ෂ අර්ථයක් නැහැ. මම ඔබෙන් ඉල්ලනවා කරුනා කරලා සිය වස් ගනනාවක් තිස්සේ තම වර්ගයා අමාරුවෙන් ගොඩ නගා ගත් අර්ථ විනාශ කරන්නට ඉස්සල්ලා කල්පනා කාරීවන කියලා. මම දන්නවා තියෙන ඒ අර්ථ සමහර විටක ඔබට මහත් අපහසුව ගෙනෙන කරදරකාරී ඒවා වෙන්නට පුලුවන්. ඒත් ඔබ දන්වද? ඇථ නැති ජීවිතය ඊටත් වඩා හරිම වේදනාකාරී බව?” හත‍රැස් අඩි කිහිපයකට සීමාවන නාට්‍ය වේදිකාවේ පරිකල්පන වර්ගපලය අනන්තය. අහබුලෙස පැමිනි ගිම්හානයකදී හමුවූ ඇය යලි ජීවිතය අවධිකරවන සීනුවක් බඳුවීම විසිතුරු අත්දැකීමක් ලෙසට දැනේ. “ජීවිතය නම් අත්කම මහත් කල්පනාවෙන් අත්කම් කරන්නට ඇයට හැම විටම අවශ්‍යව ඇතුවා සේය” දිනක් උද්‍යාන හමුවීමකින් අනතුරුව රාත්‍රීයේ දින සටහනේ ඇය පිලිබදව තැබූ සටහනක් වූවා මට මතකය. ඇගේ ජීවිතය තුලවූ අපූර්ව සංහිදියාව නිරායාසයෙන් මා සිත් ගත්තාය. කෙටි ඇසුරකදී සාමාන්‍ය මිනිස් බවට මදක් ඔබ්බෙන් වූ ඒ සංහිඳියාව අප අතරට පැමිනීම සටහන් පෙලක් වෙතට පිවිසෙන්නට ඇයට ආරාධනා කරන්නට මා පෙලබවන ලදී.(70) ඈතින් පෙනෙන අශ්‍රම කඳු මුදුනතට වියතක දෙකක් තරම් උඩින් හිරු පෙනෙන හෝරාව වන විට අවසන් ගම්මානයේ කඳුමුදුනතට පැමිනෙන්නට හැකිවිය. විසල් යෝධයෙකු මෙන් දෙපසට විහිදෙන ආශ්‍රම කඳුයායේ පෙනුමද එහි සිදුවන අපූර්ව කටයුත්ත මනාව පිලිබිගු වනවා සේය. විශාල පොත්ගුල් , හරබර දේශන, මහත් බරපතල පෙනුමැති උපදේශකවරුන් එහි නැත. එහෙත් ලොව සොලවන වියතුන් , ධනවතුන් එහි පැමින මද කලක් ගත කොට ආපසු යන්නේ සම්පූනයෙන්ම වෙනස් පුද්ගලයෙකු ලෙසට වීම විටක මහත් විමතිය ගෙනෙනකි. ඔවුනගේ බරපතල වෙහෙසකර පෙනුම වෙනුවට සැහැල්ලු , සරල බවක් එහිදී ගෙනෙන්නේ ඉතා කෙටි කලකිනි. තවදුරටත් ඔබ ‍රැඳිය යුතුය , ඔබ දැන් යා යුතුය පවසන්න එහි කිසිවෙකු නැත. ඉතාම කලා තුරකින් අයෙක් පැමිනියාටත් වඩා වේගයෙන් පසුවදාම ආපසු යාමද සිදුවේ. වැරදීමකින් තමන්ට නොගැලපෙන පෙදෙසකට ආවා සේ ඔවුන් ආපසු දිව යන්නේ කිසිවෙකුගේ මෙහෙය වීමකින්ද නොවිම විශ්මය උපදවයි. “මෙතැන ඇත්තේ නීති රීතී වලින් පිරුනු අවකාශයක් නොව අපූර්ව රිද්මයකින් ගැවස ගත් භූමිභාගයක් පමනී. එහි වන රිද්මයට සුසර වන්නට ඔබ සමත්ද , අසමත්ද යන වග ඔබගේම තීර්නයකි. ඔබ අසමත්නම් අපහසුවෙන් එහි ‍රැදෙනවාද නැතිනම් පහසුවක් ගෙනෙන හුරු පුරුදු පරිසරයකට යනවාද යන්න ඔබගේම තීර්නයක් වනු ඇත.” පලමු ආශ්‍රම සංචාරයෙන් පසුව ආපසු හැදෑරුම් ආයතනයට ගිය විගස ඔවුනට නෙක ආකාරගත් පැහැදිලි කිරීම් අවශ්‍ය විය. ඉහත සටහන එවන් අවස්ථාවක්දී ඔවුන් වෙනු වෙන් තැබුවකි.
www.digilk.com

Mastercard සමග selfie අනන්‍යතා තහවුරුවක්!

             Mastercard වෙතින් වන නිවේදයක් පවසන්නේ තමන් නුදුරේදීම අවසර පදයකට විකල්ප ලෙසට selfie photos නැතිනම් fingerprints තමන් සමග වන  online payments වල තහවුරුව සදහා භාවිතාවට ගෙනෙන්නට සූදානම් බවටයි. ඔවුන් පවසන්නේ තමන්  මෙම නව භාවිතාව US හා Netherlands වලදී අත්හදා බැලුනු බවටත් භාවිතාකරන්නන් අතරින් 92%ක්ම තම ප්‍රසාදය පලකර ඇති බවයි. නයවර පත් සමග බහුලව සිදුවන ව්‍යාජ ගනුදෙනු පාලනයේදී biometric checks පිලිබදව වැඩි අවධානයක් යොමු කිරීම හදාරන්නන් අතර යෝජනා වීම කලක සිට දැකිය හැකි අතර Blink test මේ වන විට UK, US, Canada, Netherlands, Belgium, Spain, Italy, France, Germany, Switzerland, Norway, Sweden, Finland වැනි ප්‍රදේශ වලදී අත්හද අබැලෙමින් ඇති අතර Photo වක් ආශ්‍රයෙන් නොමග යැවීම් පාලනය සදහා උපාංගයේ කැමරාව වෙතට blink කිරීමක් ඉල්ලා සිටින්නටද කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
              අවසර පද භාවිතාවේදී තවමත් බහුලව වන 123456 වැනි සරල භාවිතාවන් ඔස්සේ නිරන්තරයෙන් ගැටලු මතුවෙමින් තිබෙන අතර හදාරන්නන් ද පෙන්වා දෙන්නේ facial scans හා fingerprint sensors වැනි ක්‍රමවේද ඔස්සේ ගැටලුව පහසුවෙන් විසදා ගන්නට හැකිවන බව වන අතර දැනට මත Apple Pay, Samsung Pay, Android Pay  වැනි සේවා සපයන්නන් fingerprints භාවිතාකරමින් සිටිනවා.
www.digilk.com

2016-02-23

SMS වල නව යුගය ‍රැගෙන එන RCS messaging


  Google නිවේදනය කරන්නේ තමන් වැඩි දියුනු කල SMS භාවිතාවක් හඳුන්වා දෙන්නට සූදානම් බවකි.  RichCommunications Services (RCS) පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මේ ඔස්සේ group chat features, high-resolution photo හා file sharing, video calling services, මෙන්ම read receipts වැනි හැකියා රාශියකින් සමන්විතව නව භාවිතාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. සියලුම මෙහෙයුම් පද්ධති සදහා විවෘතව පැමිනෙන්නට නියමිත මෙම නව භාවිතාව ක්‍රමයෙන් කල් ඉකුත් වෙමින් තිබුනද තවමත් බහුල භාවිතාවක් වන SMS සදහා සාර්ථක විකල්පයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. වෙබ් මූලිකව(Internet-based messaging services)  ක්‍රියාත්මක වන මෙම හඳුන්වාදීම América Móvil, Bharti Airtel Ltd, Deutsche Telekom, Globe Telecom, Millicom, Orange, Sprint, Telenor Group, TeliaSonera, Telstra, වැනි ප්‍රමුක පෙලේ සේවා සපයන්නන් සමග අත්හදා බැලෙමින් ඇති බවටයි.
www.digilk.com

හතලිස් හයවන කොටස.

           හිරු දවස ඇරබෙනවාත් සමග ආශ්‍රම ප්‍රධාන දොර‍ටුව පසුකරලන්නට හැකි විය. ප්‍රමානවත් වේගයක් රඳවාගන්නට හැකි වුවහොත් රාත්‍රිය සමග අඩුම තරමින් අවසාන ගම්මානයේ කදුමුදුනත පසුකරන්නට හැකි වනු ඇත. ගම්මානයේ රත්‍රිය ගතකරන්නට හෝ ගැම්වැසියෙකුගේ සහය ඇතිව ආපසු ආශ්‍රම භූමියට නැවත පැමිනීම එතරම් අපහසුවක් නොවනු ඇත. ප්‍රානවත් උදෑසන ප්‍රබෝධය හාත්පස පිරී ඉතිරී ඇතුවා සේය. ක්‍රමයෙන් වැඩිවන සියත් නාදය ගමන් වෙහෙස නිවාලන්නට ඔසුවක මෙනි. තම වගා බිම් කරා එන ගැමියන් එකිනෙකා හමුවීම සිත හුදකල බවින් මුදවන්නට වදනක දෙකක කුඩා දෙබස මහත් සහයකි. ” මා කෙටි කාලයකට හැදෑරීම් ආයතනය වෙතට ගොස් සිටී. එලබෙන කෙටි කාලයකින් නැවත අප නගරය වෙතට පැමිනෙන්නට සැලසුම්ව ඇත. මා ඉතා කැමැහ්තෙන් අප නැවත හමුව වෙතට බලාපොරොත්තු තබා සිටිමි. ඔබ යොමුලර තිබූ බොහෝ කරුනු පිලිබදව ආයතනයේදී කරුනු ‍රැස්කරගන්නට කටයුතු කරමින් සිටිමි. ඔබ ආශ්‍රමයෙන් පිටත්වූ වහාම මාවෙතට පනිවිඬයක් තබන්නට අමතක නොකරන්න”. බලපොරොත්තු වූ පරිදිම මහත් ධනාත්මක ප්‍රථිචාරයක් ඇය වෙතින් පැමින තිබේ. මදපමනක හෝ දෙගිඩියා මනස විසින් අඩපනකොට තිබූ උනන්දුව ක්ශනිකින් දැල්වූවා සේ දැනිනි. අවශ්‍ය වන පොත්පත් කිහිපයක් හා සටහන් කොල ආදී අඩුපාඩුකම් කිහිපයක් නගරයේ පොත්හල් වෙතින් මිලදී ගත් මා ලහි ලහියේ අදුරට පෙර ආශ්‍රම භූමිය වෙතට එන අටියෙන් ආපසු ගමන් ඇරබුවෙමි. දැල්වෙන බලාපොරොත්තු විසින් ජීවිතය අවධිකරවන ආකාරය පුදුමාකාරය. “ජීවිතයට නිරන්තරයෙන් බලාපොරොත්තු නොපැමිනීම තරම් භ්‍යානක අතරමංවීමක් තවත් නැත” වරක් අප අධ්‍යාන ආයතනයේ ‍රැඟ දැක්වූ අපූර්ව වේදිකා නාට්‍යයක තේමා සටහනක් සිතට පැමිනියේ නිතැතින්ය. බලපොරොත්තුවත් බව හා බලාපොරොත්තු අහිමිවීම අතර ජීවිතය දෝලනයවීම අතර මනා නාට්‍ය රසයකින් ප්‍රේක්ශක මනස රසවත් කරන්නට එම නිර්මානයට හැකිවිය.(69)
www.tharuminisa.com

2016-02-22

Nokia නැවත පැමිනෙනු ඇත..

    Nokia යනු ලොව ජංගම දුරකථන භාවිතාව තුල වඩාත් පිලිගැනීමක් දිනා ගන්නට කටයුතු කල දුරකථන නාමයක් විය. එහෙත් පසුකාලීනව iPhone හා  Android operating system වෙතින් පැමිනි ජංගම දුරකථන වෙළඳ අවකාශය ආක්‍රමනයත් සමග තත්වය වෙනස් විය. පසුකාලීනව මයික්‍රසොෆ්ට් සමාගමත් සමග එලබුනු ගිවිසුම් සමග ඊට අනතුරුව මයික්‍රසොෆ්ට් සමාගමේ $7 billion මිලදී ගැනීමක් වූ Nokia’s mobile division සමග මයික්‍රසොෆ්ට් සමාගමේ දුරකථන නිෂ්පාදනය සදහා ප්‍රමුකතාවය ලැබිනි. ඒත් සමග ඔවුනගේ දියුනු කිරීමක් වූ Symbian OS වෙතටද විරාමයක් ලැබිනි. කෙසේ වෙතත් Nokia හි ceo වරයා මේ දිනවල පැවතින Mobile World Congress  2016 අමතමෛන් පවසා සිටියේ 2016 අවසන් භාගය වන විට තම ආයතනය නැවතත් smartphone market වෙතට පිවිසෙන්නට සැලසුම් කරමින් සිටින බවකි. වැඩි දුරටත් ඔහු පවසා සිටියේ තම ආයතනය 5G technology සමග අත්හදා බැලීම් රාශියක වන බවටත් වන අතර පසුගිය කාලයේ N1 Android tablet හා OZO virtual reality camera ආදී වූ උපාංග කිහිපයක් නිකුත්කරන්නටද එම ආයතනය කටයුතු කර තිබිනි. CEO වරයා වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ යලිත් කල්පනාකාරීව ස්මාර්ට් දුරකථන වෙළඳ පොලෙහි නව ප්‍රවනත සමග වේගවත් අලවි අවකාශයකට පිවිසීමට කටයුතු කරමින් සිටින බවකි.
www.digilk.com

2016-02-21

තරු මිනිසා -පෙරවදනක්


               “තරු මිනිසා” සටහන් වන්නේ කලබල කාරීත්වයෙන් බොහෝ ඈත ලෝකයේ කෙරවලක බඳු විසල් කදු වලල්ලකින් වටවුනු උස් කදු යායක නැගෙනහිර බෑවුමේ, දියුනු සමාජ දැනුමෙන් නම් කිසිදිනක පහදා ගත නොහැකි අපූරු ගතු පැවතුම් ඇති මිනිසුන්ගෙන් ගැවසගත් ගම්මානයට මායිම්ව පිහිටි මදක් හුරුපුරුදු දහම් මනසක් ඇත්තෙකුට හැර “මෝස්තරක් ලෙස හෝ සියලු විකල්ප අවසන් කල වෙන කලහැකි කිසිවක් නොමැති නිසා දහම් මනස සොයන” අයෙකුට නම් මුල් දින දෙක තුන ඉක්මවන විට ස්වංතීර්නය මතම මෙතනින් පලා යන්නට සිත්වන තරමේ සියුම් දහම් රිද්මයක් ගැවසගත් ආශ්‍රම භූමියක සිට බව සටහන් කල යුතුය.
 මේ විසල් කදු මුදුනතදී සිදුවන්නේ, මෙහි වෙසෙන ඇත්තන්ගේ ආශා පද්දතියේ වියෝජනයයි. මහා ධනවතුන් බුද්ධිමතුන් තමුන් වටකොටගෙන සිටි බොහෝ සැපසම්පත්යැයි අනුන් විස්වාසකරන ඒ නිසාම තමනුත් විස්වාසකරන්නට පුරුදුව සිටි බැදීම් ඇලීම් අත්හැර දැමීමයි. ආශ්‍රමයට එනවිට මහත් බරකින් අඩියතැබූ , බරපතල මුහුනු වරවල් කෙමෙන් වියකී, සරල බව සැහැල්ලුව ජීවිතවලට ඇතුලු වී ‍රැස්කරන ජීවිතයෙන් අත්හරින ජීවිතය තුල ලබන අපමනවු සැහැල්ලුව සහනය මනාව මෙහිදී දැකිය හැකියී.
 මේ මනරම් පරිසරයේ සිට ගැබුරු ගුප්ත වනාන්තරය අභ්‍යන්තරයේ සැගවගත් බොහෝ දේ මට ඔබට කීමට හැකිවනු ඇත. යහපත් ගම් වාසීන්ගේ සිට ආශ්‍රමයේ වෙසෙන සිල් ඇත්තන් ගැන පමනක් නොව ඈත ගැබුරු වනගැහැබෙන් ඉදහිටක මෙහි එන උසස් සිල් ඇත්තන් ගැන පවා මට ඔබට සටහන් කල හැක. නගර මධ්‍යයේ පිහිටි දහම පැහැදිලි කරගන්නට උදව්වන ස්ථානවල සිට ලොකය පුරා පිහිටි විවිධ ආශ්‍රම වලට සපේක්ශව මෙහි සැගව ඇති අපූර්ව බොහෝ දේමට පැහැදිලි කල හැකිවනු ඇත. මට පැහැදිලි කල නොහැකි එකම දෙය නම් මම කවුද යන්න පමනි. මෙතැන ඇති අවටීනම කාරනාව එය යැයි මම සිතමි.
www.tharuminisa.com

පලමු කලාපය -පැරනි නිකුතුවකි-

එය හුදු වෙළඳමය කරුනක්ම නොවේ. ඉන් ඔබ්බට ගිය අපූරත්වයක්ද එය සතුය. විටක අමානුශිකම මුහුනු වරක් දක්වා චලනය විය හැකි වෙළඳ ස්වභාවය මග හැරීම ඉන් අදහස් නොවේ. දශක කිහිපයක් ඔස්සේ හැදී වැඩී මිනිස් නිර්මානශීලී බවේ දිදුලන සංකේතයක් බඳු තොරතුරු විෂය සමග තවත් අපූරුතම මිනිස් කලාවක් වන ප්‍රකාශන කලාව එකට හමුවන මායිමකට වන්නට වන තොරතුරු ගොනුවකට උත්සාහ කරන්නට ලැබීමම සිත ප්‍රබෝධමත් කරවන අත්දැකීමකි.
මෙම විෂයන් සමග ගැබුරින් වන දේශපාලනික , ආර්ථික ආධිපත්‍යයන්  අමතක දැමෙන්නට තරම් හැගීම් බර නොවිය යුතු මුත් ජාතියක් ලෙසට එවා අත්පත්කර ගන්නටනම් වෛරී ගෝත්‍රික ප්‍රතික්ශේප කිරීම් වලින් පමනක් නොහැකි වනු ඇත. ගෞරවනීය මෙන්ම විවෘත බුද්ධියකින් ඒවා වෙතට සමීපව හදාරමින් එම විෂයන් ඉදිරියට තල්ලුකල හැකි හෙට දවසක් සදහා සූදානම් වීමෙන් පමනක් එය කල හැකිවෙනු ඇති බව මම සිතමි.

2016-02-20

හතලිස් පස්වන කොටස..

             කඳු මුදුනත වන මාවත ඔස්සේ අප නිහඬවම බොහෝ දුරක් ඇවිද ගියෙමු. බටහිර බෑවුම පාමුලින් ගලා යන ගංගාව පැහැදිලිව පෙනෙන ඉසව්වක නතරව මදක් ගිමන් නිවන්නට නොදොඩාම එකගව ඇතීවාක් සේ අප පසකින් වූ ගල් තලාවක අසුන් ගතිමු. “සංස්කෘතිය කියන්නේ මිනිසුන් නිර්මානය කර ගතපූරුතම දෑ කියල කිව්වොත් මම හිතන්නේ හරි. සමහර වේලාවට ජීවිතය අර්ථදැක්වීමේ ඉදලා සියලුම කථාන්දරයන් නිර්මානය වීමේ පසුබිම මෙතැනය කියලා අපිට පිලිගන්නට වෙනවා ආගම්වාදී නැතිනම් දේශපාලනවාදී මතවාද ගෙනෙන්නන් මොනවා කිව්වත්” මම මද විරාමයක් තබා ඔහුගෙන් ප්‍රථිචාරයක් බලාපොරොත්තු වුනෙමි. ඔහුගේ නිහඬ බව මා වෙත දෙබස ඔස්සේ ඉදිරියට යන්නට ආරාධනාවක් විය යුතුය. “ඉතින් උපතක ඉදලා විපතක නැතිනම් ගොඩ නැගීමේ ඉදලා නැවත බිඳ වැටීම දක්වා වන පුද්ගලයා කියන ශක්තිචලනයෙන් පරිසරයට වන ගනුදෙනුව තීර්නය කරන මේ සංස්කෘතිය කියන ප්‍රේම් එක නිවැරදිව පිහිටා නොතිබීම සකල විද ගැටලු නිර්මානයට පලමු පදනම වෙනවා. ඒ අතින් මේ සංස්කෘතියට පුලුවන් වෙලා තිබෙනවා අපූරු කලමානාකරනයක් මෙහිවන ජීවිතවලට ගෙන්න්නට. දියුනු කියලා අප විස්වාස කරන සංස්කෘතීන්වල ඒ දියුනුවම කියල අප හඳෞනා ගන්නා ලක්ෂන නිර්මානය කර ගන්නට මෙන්ම ‍රැක ගන්නම මේ සංහිදියාව කඩා දැමීමේ කොන්දේසිය ඉහලින්ම පවතිනවා කියලා මම දකිනවා.” ටිබෙටියානු මිතුරා නිහඬය. පහතින්, දුරින් පෙනෙන නිසලව ගලා යන ගංගාව මතුපිට ඉදහිටක මතුවෙමින් සෙමින් මැකීයන පැහැදිලි අපැහැදිලි දියරල ඔහුට භාවනා නිමිත්තක් දී ඇතුවා සේය. (67)
                    ටිබෙටියානු මිතුරා මද විරාමයක් අනතුරුව පැහැදිලි යෝජනාවක් කරන්නට උත්සාහ කලහ. “මම හිතන්නේ ඔබ යෝජනා කරන්නේ වසර සිය දහස් ගනනක් පැරනි අපේ සංස්කෘතික ආකෘතිය තවදුරටත් ප්‍රායෝගික නැති බව වෙන්නට ඔනෑ. වඩාත් පැහැදිලිව කිව්වොත් ජීවවිද්‍යාත්මක හා ප්‍රාතමික සංස්කෘතීන් මුලික ආකෘතියක සිට අපට අවශ්‍ය වෙලා තිබෙනවා වඩාත් සංකීර්න දියුනු ආකෘතියක් කරා යන්නට. කොටින්ම කිව්වොත් වඩාත් දියුනු මානසික තලයක සිට ක්‍රියාත්මක වන අවට ලෝකය මීට වඩා සාර්ථකව පාලනය කරන මිනිසෙක් නිර්මාණය කර ගන්නට.” ඔහුගේ විමසිලිමත් බැල්ම අපගේ දෙබස දිගේ වඩාත් ගැබුරට යන්නට මට ආරාධනවක් සේය. “මමත් හිතනවා., මට මතකයි වරක් අපේ හැදෑරුම් ආයතනයට පැමිනි සංචාරක දෙශකයෙකු මතුකල අපූරු අදහසක්. ඔහු කියනවා පාලනය කිරීම ඔස්සේ පරිසරයෙන් අපට එන බොහෝ ගැටලු වලට පලමු හේතුව තමයිලු ඒව හරිම ප්‍රාතමික විදිහට පාලනය කරන්නට උත්සාහ කිරීම. මම හිතනවා මේ ගැමියෝ වගේ විය යුතුයි කියලා. ඔවුන් පරිසරය සමග ගැටෙනවා වෙනුවට සහයෝගයෙන් කටයුතු කරනවා. හරියට පෘතුවි ජීවදාමයේ ඉහලින්ම සිටින ජීවියා තමා උනාට ඒ ගැන වැඩිය ආඩම්බර නොවෙනවා වගේ ස්වභාවයක් ඔවුන් තුල තිබෙනවා. ඇත්තෙන්ම ඔවුනුත් තම පරිසරය වෙනස් කරනවා තමයි. හැබැයි හරිම සංයමයකින්. එරෙහිව නොවෙයි සහයෝගයෙන්. හරියටම කිව්වොත් ගැමියා කියන වචනයට පවා නව අර්ථයක් ඔවුන් ඇසුරේදී අපට අලුතින් සොයා ගන්නට සිදුවෙනවා”. අප සටහන වඩාත් අර්ථවත් තලයකට කැඳවන්නට අවශ්‍ය ප්‍රධාන කරුනු බොහොමයක් ‍රැස්ව ඇති බව පැහැදිලිය. ඇයගේ අපූර්ව සහයෝගය උනන්දුව සමග යලිත් උද්‍යානය, නගර කෙරවලේ වන කඳුමුදුනත, අවන්හල වැනි මිත්‍ර පරිසරයන් වඩාත් නිර්මාණශීලීව මේ සටහන් තබ අවසන් කරන්නට අපට සහය වනු ඇත. (68)
www.tharuminisa.com


2016-02-19

අන්තර්ජාලය ඔබව භාවිතාකරනවාද?

........මම ඔබ සමග එකග වනවා. ඇත්තෙන්ම ගැටලුවක් තමයි අපි Internet එක බාවිතා කරනවාද නැතිනම් Internet එක ඔබව භාවිතා කරනවාද කියන එක. තවත් විදියකට ගැටලුව හඳුනාගත්තොත් Internet වල තියෙන්නේ ඔබට අවශ්‍යදේද නැතිනම් Internet විසින් ඔබව අවශ්‍ය විදිහට නැවත නිර්මානය කර ගන්නවාද කියන එක. ඇත්තෙන්ම මේ නව රටාවක්. මිනිස් සබදතා අතර මැදට පැමිනෙනවා උපකරනයක්. ඒක විසින් පාලනය කරනවා අපව. අපේ සබදතා. අපේ අවශ්‍යතා. අපේ සිතුම් පැතුම්. සමහර විටක මම හිතනවා මගේ ජීවිතයට තොරතුරු උප...ාංගය පැමිනෙන කොට පොතපත , නාට්‍ය වෙදිකාව, ස්වභාවික සංගීත උපකරන වගේ දේ පැමින තිබීම වාසනාවක් උනා කියලා. ඒකට බැරිඋනා සියල්ල ඒක වන්නට. හැබැයි මම බය වෙනවා නිර්මානය වෙමින් තිබෙන ඩිජිටල් පරපුර අන්ත විදිහට සීමා වෙනවා කියලා. සියල්ලට ඉලෙක්ට්‍රොනික පිටපතක් වන්නට බැහැයි කියලා මමත් විස්වාස කරනවා. ඒත් ඒක එහෙම වන්නට හැම අතින්ම උත්සාහ කරමින් සිටිනවා. වෙළඳ ඉව ඔස්සේ පමනක් ගොඩ නැගෙන කාරනාවක් බවට තව දුරටත් මේ විෂයට ඉඩක් නොලැබේවි. මම විස්වාස කරනවා තොරතුරු උපාංග ගෙනෙන ලෝකය පැහැදිලි කෙරෙන හඳුන ගන්නා මනෝවිද්‍යා මෙන්ම සමාජවිද්‍යා විෂයන්ගේ සීග්‍ර වර්ධනයක් නොපමාව පැමිනිය යුතුයි කියලා........
www.siriwansa.com

හතලිස් හතර වන කොටස..

               “මම හිතනවා යලිත් නගරයට ගිය පසුව මේ අපූරු අත්දැකීම ජීව සෛලයක සිට නවීන සමජීය ජීවිතරටවක් දක්වා වන විශාල වපසරියක විහිදෙන ලෙසට අපට කථාකරන්න පුලුවන් වේවි. මට පුලුවන් උනා අවසන් වරට නගරයට ගිය වේලාවේ ‍රැස්වු තොරතුරු පිලිබඳව කෙටි විස්තරයක් ඇය වෙතට Email කරන්නට. ඒක ඇයට පහසුවක් වේවි අවශ්‍ය වෙතැයි සිතිය හැකි අමතර තොරතුරු ක්‍රමයෙන් ‍රැස්කරමින් අපේ සටහන වඩාත් අර්ථවත් ලෙසට ඉක්මනින් අවසන් කරන්නට”. මම ඉදිරි සැලසුම පිලිබදව මඳ පැහැදිලි කිරීමක් මිතුරා වෙතට කලෙමි. “මම ...හිතන්නේ පැහැදිලි මුත් මද සීතලැති සැන්දෑව කඳුනත දිගේ කෙටි සක්මනකට ආරාධනා කරනවා වගේ..” කියමින් නැගී සිටියේ මිතුරාගේ එකගත්වය පිලිබඳව කිසිදු සැකයක් නොමැතියාක් ලෙසටය.(65) විශ්වය මත අහඹුතා අපමනක් මැද පෘතුවියක් නිර්මානය වන අයුරු, ඒ මත අහඹුතා අපමනක් පසුකරමින් ජීවයක් නිර්මානය වන අයුරු මෙන්ම ඒ ජීවිත අතරින් අහඹුතා අපමනක් පසුකර බුද්ධියක් හිමිකර ගැනීමේ දිගු ක්‍රියාවලිය අපමන වර්ණවත් නෙක රසින් පිරි කථාන්දරයක් බදුය. ජීවියෙකු ලෙසට වන මූලික සීමා ඉක්මවා යමින් තමන් තමන් මතම තම කථාන්දරය ලියන්නට සමත් හැකියාවන් අත්පත්කර ගනිමින් තම ජිවිත රටාවන්, තම පරිසර රටාවන් පමනකුදු නොව පෘතුවිය තුලට මෙන්ම අනන්ත අහස්කුස සීමා සිදුරු කරලමින් ආසන්න ආකාශ වස්තූන් ගැනද සොයා බලන්නට අද ඔහු සමත්ව ඇත. ගොඩ නැගීම් හා බිඳවැටීම් අතර වන චලනයන් විසින් නෙක ආකාරයේ උත්සාහයන් වල අවසන් ප්‍රථිපලය ලෙසට මෙම දිගු කථාන්දරය අදද ලියවෙමින් ඇත. සාම්ප්‍රධායික හුරු පුරුදු ලොකයේදී ඇතිවන නිද්‍රා බව අවදිකරවන්නට මේ අපූර්ව ගම්වාසීන්ගේ නෙක විසිතුරු ජීවිතරටා අප වෙතට මහත් පහසුවක් වනු ඇත. සමහර විටක යැවූ ඊමේලය වෙතට ඇය පිලිතුරක් ඒවා තිබෙනවා විය හැක. සිත කිසිසේත්ම විස්වාස නොකරන මුත් ඇය සියල්ල අමතක කරදමා අප හමුවු නගරයෙන්ද වෙන්ව ගොස් තිබෙනවාද විය හැක. තර්ක හැකියාව මනසට එවන් යෝජනාවක් ගෙනෙන මුත් ඇය මහත් බලාපොරොත්තුවෙන් අප හමුව මෙන්ම අප සටහන් පෙල වඩාත් විසිතුරුව ඉදිරියට ගෙන යන්නට සූදානමින් , බලාපොරොත්තුවෙන් සිටිනවා වියයුතුයි විස්වාස නිරන්තරයෙන්ම සිත තුල වන බවක් පැහැදිලිව දැනීම මහත් ශක්තියක් ලෙසින් දැනේ.(66)
www.tharuminisa.com

2016-02-18

හතලිස් තුන්වන කොටස..


            මෙවර ආශ්‍රම සංචාරයේ වසරක කාලය පිරෙන්නට දින කිහිපයකට වඩා ඉතිරිව නැත. නිරන්තරයෙන් ගම්වාසීන්ගේ දෛනික ජීවන රටාවල් නිරීක්ශනය කරන්නට, කඳු මුදුනතදිගේ දිවෙන මාවත ඔස්සේ ඒවා මනස තුල පිලිවල කරගන්නට අවශ්‍ය විවේකය ලබමින් ඇවිද යන්නට, ටිබෙටියානු මිතුරාගෙන් මේ තොරතුරු පිලිබද නිගමනයන් නැවත නැවත විමසවා ගන්නට වැනි නෙක කාරනාවලින් පසුගියකාලය පිරී ගොස් තිබිනි. ලොකු ස්වාමීන්වහන්සේ ආශ්‍රමයේ දෛනික රටාවලින් මා සම්පූර්නයෙන්ම මුදා හැර තිබිනි. අවශ්‍ය ඔනෑම වෙලාවකදී ගබඩාකාරතුමා ගෙන් ආහාර ලබා ගන්නට මෙන්ම අනෙකුත් අවශ්‍යතා සදහා අවසර ලැබිනි. මහත් තැන්පත් පරිසරයකදී ලද එවන් සහය සමග ගම්වාසීන් පිලිබදව හැදෑරීම වඩාත් තීව්‍රව කර ගෙන යන්නට හැකිවිය. සමහර විටක ආශ්‍රමයේ ප්‍රතම වතාවට නගරය වෙත යනෙන්නන් ඔස්සේ අවශ්‍ය පොත්පත්, සටහන් කොල පවා ලබා දෙන්නට කටයුතු කෙරිනි. “ඔබ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. එය සරලව මෙහි සිදුවන දහම ඔස්සේ වන මාවත මග හැරෙන වෙනත් මාවතක් ඔස්සේ වන බව මට පැහැදිලි වුවද ඔබ සාර්ථකව එය අවසන් කරන්නේ යනු නැවත දහම වෙතට පැමිනීම වන බවට මම විස්වාස කරනවා” ඒ මා නිදහස් කර දමමින් ලොකු ස්වාමීන් වහන්සේ කල පැහැදිලි කිරීමයි.(64) සමහර විටක ටිබෙටියානු මිතුරා වැඩි කාලයක් තම පිලිතුර සදහා ගනු ලැබුවේ වඩාත් තියුනුව ගැටලුව කරා පිවිසෙන්නට අවශ්‍ය නිසාම විය හැකියි. “මම හිතනවා මේ ගම් වාසීන්ගේ ජීවිත රටාවන් හරිම සරලයි. හැබැයි සැහැල්ලුයි. මහත් හඬතලමින් හඬන මෙන්ම සතුවන අවස්ථා ඔවුන්ගේ ජීවිත වල හරිම විරලයි. දවසේ කාල සටහන හරිම සමබරයි. මුල් ස්වභාවයෙන්ම වාගේ තරගය පැමිනෙන්නේ තමන් සමගම විනා අනෙකා සමග නොවීම තුල බොහෝ දියුනු යැයි සිතා සිටිනා සමාජයන් වලදී මෙන් අපතේයන මිනිස් හැකියා ප්‍රමානය බෙහෙවින් අඩුයි. සරලව මම යෝජනා කලොත් ඔවුන්ගේ සමාජ ආකෘතියක් හැටියට මෙන්ම පුද්ගල ආකෘතියක් ලෙසටත් නිතරම සමාජ පරිසරයේ මෙන්ම ස්වභාවික පරිසරයේ දී අවම ශක්ති ප්‍රමානයකින් උපරිම ප්‍රථිපල ලබන ලෙසට සැකසී තිබීමම අපූරු කරනාවක් නොවේවිද කියලා?” ඔහුගේ විග්‍රහය හඟවන්නේ ගැටලුවේ තීව්‍රම සංධිස්ථාන වෙතට පැහැදිලීවම පිවිස ඇති බවකි. බාහිර ලෝකයේ වන දින වකවානු ක්‍රමවේදයට එකග මුත් පරිසරයේ වන සෑබෑ වෙනස් කම් සමගද මනාව නම්‍ය වන්නට සූදානම් ජීවන රටා අධි උෂ්නාධික නගර මධ්‍යයයක වන කාර්යාලයක අධිශීත වායුසමනයක තුල දැටි ශීතලාධික පරිසරයකට ඔබින ඇඳුමකින් සැරසී සිටින “මහත්මයෙකුට” විසුලුකරනවා වැනිය.
www.tharuminisa.com

2016-02-17

තරු මිනිසා -හැඳින්වීම-

මා ජීවිත කාලය තුල බොහෝ දුර ඇවිදයන්නට වරම් ලැබුවෙක්මි. කඳු මුදුනත් අතර දිවෙන ප‍ටු පා මාවත් ඔස්සේ ඇවිදින විට දැනෙන්නේ දිව්‍ය හැගීමකි. පැහැදිලි කඳු මුදුනත් වලින් වටවූ නිම්නයන් මත්තෙන් දිවෙන මාවත් ගෙවන විට සුරක්ෂිත අපූරු සැහැල්ලුවක් ලැබෙයි. මේ හැම තැනකම ඇත්තේ ගස් වැල් හා පොලොව වුවද මේ සියල්ල මතුපිටින් බොහෝ වෙනස්කම් ඇත්තේය. කලකට ඉහතදී ආදරනීය ටිබෙටියානු මිතුරා මේ අත්දැකීම පැහැදිලි කලේ අපූරු උදාහරනයක් සමගය. “ඔබ නොදන්නවා උනාට ඔබට පෙනෙන ඔය ගස් වැල් වැලිකැට පස් ගල් පර්වත අතරින් නිරන්තරයෙන් සරන තවත් ජීවයක් තිබෙනවා. සුලග, ආලෝකය, ජලය ගලා යාම ඒ ශක්තිජීවියාව නිර්මානය කරනවා. සමහර විටක විසුලු බවක් පෙනුනද මද හෝ සංවේදී පරිසරයේ කරන සමහර වෙනස් කම් ඔස්සේ ඔබට ඒ අත්දැකීම ලබන්නට පුලුවන් වේවි. ෆෙන්ශූයි, තයිචි වැනි බොහෝ නම් වලින් මිනිසුන් මේ රිද්මයට ලංවෙන්නට උත්සාහ කරලා තිබෙනවා…” ආශ්‍රම භුමියද එවැන්නකැයි මම සිතමි. කලාතුරකින් සිදුවන අපූර්ව ශක්ති සංයුතියක් මෙහි ගොනුව ඇතැයි මට හැගෙන සුලුය. ලොව නෙක බොහෝ පරිසරයන් කොතැනකදී වත් මෙවන් ශාන්තිමත් තැන්පත් පරිසරයක් මට හමුවී නොමැත්තෙමි. පලමු ආශ්‍රම ගමනේ පලමු දින දෙක තුන ගතවන විටදීම මේ ජීවිත සංචාරයේ නවා තැන වෙතට පැමිනියා වැනි හැගීමක් ඇති විය. දිගු සංසාර ගමනේ මිත්‍රයා හමුවීමක හැගීම ගෙනෙන්නට ටිබෙටියානු මිත්‍රයා සමත්විය. කදුමුනතට වන්නට වූ කුටියෙහි ගෙවූ කාලය දිව්‍ය අත්දැකීමකැයි නොසිතන්නට කිසිසේත් බැරුවා සේය. විටක අඟුරු කැටයකින් විටක සුසුදු වැලි තලය මත ඇගිලිතුඩකින් ඔහු නිමවන සරල රේඛාමය සිතුවම් නෙතද, විටක ආශ්‍රම භූමියේ බටහිර බෑවුමේ පහලින් ගලා යන විශාල ගංගාව අසබට වන්නට විත් වැලි තලය මත වැතිර ඔහුගේ අපූර්ව ඉන්දියානු ශ්‍රාස්ත්‍රීය ගායනා සවනටද ගෙන ආ වින්දනීය බව එම පරිසරය තුලදීම හැරෙන්නට ලොව අන් කිසිම තැනකදී නැවත සිදුවේවි යැයි මට විශ්වාස කල නොහැකිය. ආත්මීය දිව්‍ය අවකාශයට පිවිසෙන්නට තව ඇත්තේ පියවර කිහිපයකි. නොදැනීම පය ඉක්මන් වන බවක් දැනෙන්නට ගැනේ
 ආශ්‍රමයේ පිවිසුම සුපුරුදු පරිදිමය. නෙතට හුරු පුරුදු එහි වන සටන් පෙලවල් එලෙසමය. ගබඩාකරුගේ කුටිය හා කාර්යාල ගොඩ නැගිල්ල කාලයෙන් වියුත්තව වෙනම කාල රටාවකට යටත්ව සිටිනවා වැනිය. එහෙත් සුපුරුදු අපූරුවත් බව නම් අඩුවක් නොමැතිවා සේම එලෙසමය. “මිනිසුන් ජීවත් වන්නේ වෙනස තුලය” එනම් වෙනස අහිමිවන විටම මානසික වියවුලක් නැගෙන සුලුය. පුදුමයකි කිහිප විටක්ම පැමින බොහෝ කලක් ගතකල මෙම පරිසරය තවමත් පලමුදා මෙන්ම අපමන නැවුම්ය. තැන තැන වන විශාල රුක්ශයන් පවා දැහැනකට සමවැදී නතරවා සිටිනවා වැනිය. නැවත නැවතත් මනස අවදිකරවා ගෙන විමසා බලන්නට තැත් කලෙමි. සියල්ල එලෙසමය. “මහත්මයා ඔබතුමා කාලයකින්…” ගබඩාකරුගේ සුපුරුදු කට හඬ කාර්යාලයේ දොර‍ටුව දෙසට මා අවධානය යොමු කර ගත්තාය. ඉන්දියානු වැසියෙකු මෙන් ඇඳ පැලඳ සිටියද ජර්මන් ජාතිකයෙකු වූ ඔහු ප්‍රකට විශ්වවිද්‍යාලයක පුස්ථකාලාධිපති වරයෙක්ව කාලයක් සේවය කරමින් සිටි අතර නිවාඩුවක් සදහා අහඹුලෙස ඉන්දියාවට ගිය විටකදී දහම ගැන අවදිවූ මනසක ප්‍රථිපලයක් ලෙසට මෙම ආශ්‍රමය තම අවසන් නවාතැන ලෙසට තොරා ගත්තෙකි. “මෙහි ඔබව හසුරවන්නට කිසිවෙකු නොමැත්තේය” ප්‍රධාන දොර‍ටුවේ වන සටහන සැබෑවකි. මෙහි වන ශාන්තිමත් රිද්මයවෙතට සුසර වන්නට බැරිවන පැමිනෙන්නන් අතරින් බොහෝ දෙනෙක් පිටව යන්නේ ස්වකැමැත්තෙන්මය. ගබඩාකරු පැමින ටික කාලයකින් පූර්න කාලීන දහම වඩන්නෙක් වන්නට තමන්ට නොහැකි බව වටහා ගෙන කැමැත්තෙන්ම ගබඩාව හා කාර්යාලයේ පූර්නකාලීනව සේවයට කැමැත්ත පල කල අයෙකි. “ඔබව දකින්නට ලැබිම සතුටක්..” පවසමින් මම කාර්යලයට ගොඩ උනෙමි. ” මම හිතන්නේ ඔබතුමා වඩාත්ම බලාපොරොත්තුවන පනිවිඬයක් තිබෙනවා. ඔබගේ හිතවත් ටිබෙටියානු මිත්‍රයා ලගදී නැවත පැමිනියා. කීපවරක්ම එතුමා ඔබ ගැනත් විමසා සිටියා” සුපුරුදු කාරුනික හඩින් ඔහු පවසා සිටින්නට විය.
 කාර්යාලයේ පිවිසුම් දොර‍ටුව අද්දර වූ දැව අසුනට බර දීමි. “ඔබතුමාගේ පැමිණීම මහත් සතුටක්. මට විනාඩි කිහිපයක් දෙන්න ලොකු ස්වමීන්වහසේ හමුවෙලා එන්න.” කඩිසර ගමනින් යන ගබඩා පාලකතුමාට මා පැමිනි බව ලොකු ස්වමීන්වහසේ වෙතට සැලකරන්න අවශ්‍යව ඇතුවා විය යුතුය. මතක නිවැරදිනම් වසර 10ක් වැනි දිගු කලක් තිස්සේ අප කිහිප විටක්ම හමුව තිබේ. එය අපූරු බැදීමකි. මෙහි වන කිසිවෙකු අතර යැපීම් සිදු නොවේ. එකි නෙකා ප්‍රියකිරීම ඇරබෙන්නේ ඉහල තලකිනි. බර වචනයකින් පවසනවා නම් අධ්‍යාත්මික බැදීම යනු මෙය විය යුතුය.
www.tharuminisa.com

Android ඉලක්ක වන Mazar Bot malware

                Android භාවිතාකරන්නන් වෙතට පැමිනෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ Mazar Bot ඔස්සේ ඔබගේ උපාංගයේ සියලු තොරතුරු මකා දමන්නට පවා හැකි වනු ඇති බවටයි. මේ ඔස්සේ පහර දෙන්නෙකු හට උපාංගයේ full administrative rights මට්ටමින් හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි එම අනතුරු ඇගවිම පවසන්නේ. SMS/MMS යොමුවක් ලෙසට පැමිනෙන මෙම පනිවිඬය clicked කිරීමක් ඔස්සේ අවදිවන අතර malicious text messages යැවීම ඇරබීම, මෙහෙයුමකින් තොරව අන්තර්ජාලයට පිවිසීම, ස්වක්‍රීයව sleep mode වෙතට දුරකනය පිවිසවීම මෙන්ම අඩංගු සියලු දත්තයන් මකා දැමීම වැනි පියවරවල් වලට පිවිසීම සිදුවනු ඇති බවටයි හදාරන්නන් පෙනවා දෙන්නේ. වැඩි දුරටත් කරුනු දක්වන හදාරන්නන් පවසන්නේ සාර්ථක ආසාධිත වීමකදී email account logins, social media credentials හා banking information වැනි තොරතුරු ‍රැස්කර ගැනීමක්ද සිදුවිය හැකි බව පෙන්වා දෙනවා.
             රුසියානු මූලයක් ඔස්සේ මෙම මෙම හානිකරයේ පැමිනීමක් පිලිබදව හදරන්නන් සැක කරන අතර Russian language option සහිත ස්මාර්ට් දුරකථන වලට මෙම හානිකරය ස්ථාපනය නොවීමද පෙන්වා දෙනවා. තවමත් වැඩි දියුනු කිරීමේ අවස්ථාවේ මෙම හානිකරය පවතින බවට සැක කෙරෙන අතර ඉදිරි කාලයේදී වැඩි මුදා හැරීමක් පිලිබදව හදාරන්නන් සැක කරනු ලබනවා.
www.digilk.com

ඇවිඳීම බලය උපදවන්නක් ලෙසට...

                   ඇමරිකානු හදාරන්නන් පිරිසක් පවසන්නේ තමන් නව charging technology එකක් සදහා සාර්ථකව අත්හදා බැලීම් සිදුකරමින් සිටින බවයි. විශේෂයෙන් සකස් කරන ලද පාවහන් පතුලක් ඔස්සේ භාවිතාකරන්නා විසින් එය පැලද ඇවිදීමේදී ලබා ගන්නා බලය සමග මෙම නිපද වීම සාර්ථකව අත්හදා බලා ඇති අතර, ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එමනිපද වෙන බලය තමන් භාවිතාකරමින් සිටින mobile devices එකක් සදහා එවලේම භාවිතාකිරීම හෝ පසුව භාවිතාව සදහා ගබඩා කර තබා ගැනීමේ හැකියා වෙන්ද යුත්ත වනු ඇති බවයි.  මෙම  "bubbler" device වල චලනය වන කොටස් නොමැති අතර භාවිතාකරන්න අප තැබීමේදී ලබා ගන්නා pressurised gas ඔස්සේ මෙම බල නිපදවීම සිදුවන බවයි. එම හදාරන්නන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සාමාන්‍ය ස්මාර්ට් දුරකථනයක් සදහා 2 watts බල අවශ්‍යතාවයක් සැහෙන අතර මෙම නිපයුම සමග හත‍රැස් මීටරයක් ඔස්සේ 10 watts බල නිපැයුම් හැකියාවක් ගෙනෙන බවයි.එසේම වැඩි දියුනු කිරීම් ඔස්සේ මෙම බල නිපැයුම් ප්‍රමානය 10 kW දක්වා වැඩිකර ගැනීමේ හැකියා අවකාශයද ඔවුන් පෙනවා දෙනවා.
www.digilk.com

Blu-ray discs වලට පසු යුගය five dimensional (5D) ලෙසට..

             Blu-ray discs වලින් පසුව එලබෙන යුගය මේ වන විට හදාරන්නන් අතින් නිවේදනය වෙමින් තිබෙනවා. five dimensional (5D)  ලෙසට නම්  කරන්නට ඔවුන් කැමති වන මෙම භාවිතාව සමග වන ගබඩා හැකියාව  360 terabytes ලෙසටයි Optoelectronics Research Centre (ORC) වෙතින් නිවේදනය වන්නේ. නව සොයාගැනීමේ විශේෂතා පෙන්වා දෙන ඔවුන් 1,000°C දක්වා උෂ්නත්වය දැරීමේ හැකියාව ද්ක්වන අතර සාමාන්‍ය කාඹර උෂ්නත්වයේදී අපමන කාලයක් තම දත්ත නිරුපද්‍රිතව තබා ගැනීමෙ හැකියාව සදහන් කරනවා.  23.5 GB (single layer) ක දත්ත ගබඩා හැකියාව සමග වසර 7ක් දක්වා වූ අයුකාලයක් ‍රැගෙන එන Blu-ray discs සමග සැසදීමේදී මෙය විශාල ඉදිරි පියවරක් ලෙසට හඳුන්වා දෙනවා. එම හදාරන්නන් කන්ඩායමේ ප්‍රධානියා වැඩි දුරටත් පවසන්නේ 5D storage unit එකක් පෙනුමෙන් මෙන්ම භාවිතාවෙන්ද CDs, DVDs, නැතිනම් Blu-ray තැටියකට වඩා කැපී පෙනෙන වෙනස් කමක් නොගෙනෙනු ඇති බවයි. සමස්ථ මිනිස් වර්ගයාගෙ කථාන්දරයම අඩංගුකල හැකි 360 terabytes (per disc) ගබඩා හැකියාවක් ගෙනෙන මෙම තැටිය glass නිමැවුමකින් යුත්ත වන බවටයි පැහැදිලි කරන්නේ.
www.digilk.com

2016-02-15

හතලිස් දෙවන කොටස…

           ගුවන් තොටට වන ප්‍රධාන මාවත බොහෝ දුරක් වගා බිම් අතරින් වැටෙන සරල රෙඛා ස්වභාවයකින් යුක්ත විය. වරක් මා ඇයගේ නේවාසිකාගාරය වෙතට ගිය මොහොතකදී අප ඇවිඳ ගිය මාවත දෙපසින් වූ වගා බිමෙන් හමා ආ අපූරු සිත් ප්‍රබෝධ කරවන සුලු ධාන්‍ය සුවදක් ක්ශනයෙන් සිත රසවත් අතීත මතකයන් වෙතට ‍රැගෙන යන්නේ අපූර්ව ආකාරයටය. දොඩමලුබවට වඩා නිහඬ බව දෙදෙනාමට අවශ්‍ය තිබෙනවා විය හැක. සමහර විටක ඉතිරිව ඇති හෝරාවක කාලයතුල අවසන් කර ගන්නට කිසිසේත් නොහැකි තරම් බව හැගෙන දෙබවකට පිවිසීමට වඩා සැහැල්ලුවක් බව දෙදෙනාම පිලිගෙන ඇති සෙයකි. සුක්කානම මත ‍රැඳි ඇගේ අතක් මෘදුව ස්පර්ශකරමින් “මම ස්ථීරවම ආපසු එනවා. ඒක ස්ථිරයි.” කියන්නට මට අවශ්‍ය විය.(63) “තම තරගකාරී සගයන් ඉක්මවා මිනිස් වර්ගයා ඉදිරියට එන්නේ ස්වාභාවිකව ජීවය වර්ධනයට ගතවන කාලය හා සැසදීමේදී ඉතාම කෙටිකාලයක් තුලයි. මිනිසා ලෙසට තමාම නම්කර ගන්නට හා අනෙකුත් සගයන් නම්කර ලන්නට සමත්වන්නේ ඔහු තව දුරටත් ජීවවිද්‍යාත්මක සාධක මත නොව තම මනස මතම වර්ධනය වන්නට ආරම්භවීමේ සිට විය යුතුයි. ඒත් අපි දන්නවා මිනිස් මොලය කියන්නේ වසර දසදහස් ගනනක වර්ධනයක්. සාර්ථක ජීව සෛලයක් බිහිවීම, පරිසරය මත එයට ඇති අනන්‍යතාවය හඳුනා ගන්නට හැකි තරමේ දියුනු සෛලයක් බිහිවීම වගේම එහි ඊලග වර්ධනතා පිලිබඳව තමන්ටම තීර්නයක කරන්නට හැකි තරමේ දියුනු සෛලයක් බිහිවීම වගේ සංධිස්ථාන වලින් මේ දිග කථාන්දරය සමන්විතයි කියලා මම හිතනවා. වර්ථමාන මිනිසෙකු සලකන කොට ජීවිවිද්‍යාත්මකව ‍රැගෙන විත් ඇති මුත් සමාජවිද්‍යාත්මක ජීවිතය ඔස්සේ මග හැරී ඇති හැකියාවල් බොහොමයි කියා හදාරන්නන් නිරන්තරයෙන් යෝජනා කරන සමහර හැකියාවල් එසේ සැගව නොයා ‍රැක ගන්නට මේ ගම් වැසියන් සමත්වී තිබෙනවා කියලා මට යෝජනා කරන්නට හිතෙනවා. ඔවුන්ගේ සංස්කෘතික රටා වල තවමත් ඒවා නොනැසී පමනක් නොවේ වර්ධනය කරමින් ‍රැක ගන්නට අවශය වටිනාකම් ඉතිරිකර ගන්නට සමත්විම ඔවුන්ගේ මේ අපූරු හැකියාවල් පසුපස තිබෙනවා කියන එක මම විස්වාස කරනවා.. ඔබ මොකද හිතන්නේ?” ටිබෙටියානු මිතුරා එකවරම පිලිතුරක් නොදී මද කල්පනාවකට කාලය ලබ ගන්නට තීර්නය කර ඇතුවා සේය.
www.tharuminisa.com

2016-02-14

දියුනු මිනිසා වීම..

          "....නැහැ, මම හිතන්නේ මම අදහස් කරපුදේ ඔබ වැරදියට තේරුම් අරන් වගේ ස්වභාවයක් මට දැනෙනවා. මම අදහස් කරන්නේ අපිට සිදුවුනා කෘෂියුගයට වඩා සංවේදී වෙච්ච මිනිසෙක් කාර්මික යුගයේදී. අවශ්‍ය වුනා වැඩි විනයක් හා සීරුවට වැඩකරන අයෙක් පෙර යුගයට වඩා. මොකද පෙර යුයට සාපේක්ශව සලකන විට සාමාන්‍ය මිනිසා වඩාත් බල සම්පන්නයි. සරලව කිව්වොත් ඔහුගේ කුඩා චලනයකට සිදුකලහැකි බලපෑම වැඩි උනා පෙර යුගයට වඩා. මම කියන්නේ සමාජයට වගෙම පරිසරයට පවා.  තොරතුරු යුගයේදී තත්වය යලිත් වඩාත් සංකීර්න වනවා. සංකේතාත්මකව කිව්වොත් මේ යුගයේදී හැකිවෙනවා ස්පර්ශක තිරයකට කරන එක් ස්පර්ශයකින් දියුනු මට්ටමේ නගරයකටම විදුලි සැපයුම අඩපන කරන්නට සමහර විට සනිපාඅරක්ශක පද්ධති අක්‍රිය කර දමන්නට. මම විස්වාස කරනවා මේ නිසාම මිනිසුන් තේරුම් ගත යුතුයි තමන් වඩාත් බලසම්පන්නය ඒ නිසාම තමන්ගේ කුඩා හැසිරීමකට පවා සැහෙන බලපෑමක් සිදුවිය හැකිය යන නිසා  වඩාත් කල්පනකාරීවීම වැදගත්ය යන්න පිලිගන්නට. එහෙම නැතිව අධි සුචරිතවාදී මනෝකල්පිත සමාජයක් ගැන නොවේ මම අදහස් කලේ...." 
www.siriwansa.com

අන්තර්ජාලය මාධ්‍යයක් ලෙසට වන අභියෝගය..

                 අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායික  මානය ප්‍රායෝගික ලෝකයේදී හොඳින් අභියෝගයට ලක්කිරීම වේ. හදාරන්නන් අමානන්දයට පත්වීම “විශ්ව ගම්මානය” වැනි නව අර්ථදැක්වීම් කරාම ‍රැගෙන යන්නට සමත්විය. හුදු තාක්ශනික සීමාවෙන් ඔබ්බට විත් කලව, සංස්කෘතිය, දේශපාලනය, වෙළඳ පොල වැනි භාවිතාවන් වඩාත් අන්තර්ජාල  භාවිතාගත වන්නට පටන් ගැනීම ක්‍රමයෙන් පෙර කී සංකල්පය මත වූ දිලෙසෙන ආකර්ශනීය බවින් විචාරකයන් ඉවතට කැදවන්නට පටන් ගත්හ. ඒ භවිතාවන් දෙසින්ය. අන්තර්ජාලයේ මුල් ස්වභාවයන්ද ක්‍රමයේන් වඩාත් ප්‍රාදේශීය වන්නට පටන් ගැනීම ඔස්සේ භාවිතාකරන්න වඩාත් සමීපකරවන බව හා කරගත යුතු බවට සැකසුම් සිදුවන්නට විය. ප්‍රධාන පෙලේ සියලුම පාහේ අන්තර්ජාල   සේවා සපයන ආයතනයන් වඩ වඩාත් භාවිතාකරන්නා කේද්‍රවීම අරබන්නට පටන් ගත්තේය.
           මුල් ස්වභාවයෙන්ම එහි වන මාධ්‍ය මිත්‍ර බව සියලු භාවිතාකරන්නන් මාධ්‍ය කරුවන් බවටද පත්කරන්නට පටන් ගත්තේය. මාධ්‍ය යෝධයන් සිදුවීම් වාර්ථා කිරීම පසුකරමින් සිදුවීමට මැදිහත් වන්නාම තම අත්දැකීම වාර්ථා කරන්නට හිතකර පරිසරයක් වේගයෙන් නිර්මානය විය. තත්වය වඩාත් සංකීර්න වීම ඇරබෙන්නේ මීලගටය. එනම් තම මතවාද වාර්ථාකරනයට භාවිතාකරන්නන් පෙලබවීමත් සමගය. දේශපාලනික ආගමික මෙන්ම සංස්කෘතික නෙක ගැටලු අලුතින් නිර්මානය වන්නට පටන් ගත්හ. පැමිනි සමාජජාලා යුගය තවත් තත්වය තීව්‍ර කරමින් ඇත. රූපවාහිනිය, ගුවන්විඳුලිය ප්‍රමුක මුද්‍රිත මාධ්‍ය ව්සින් හුරුපුරුදු කරවන ලද ලෝකය පමනක් නොව පසුව පැමිනි බ්ලෝග් වැනි භාවිතා හුරු පුරුදු ලෝකය නැවත මෙම නව භාවිතාව වෙනුවෙන් හැඩ ගැසෙන්නට සිදුවීම අභියෝගාත්මක බවක් යෝජනා කරමින් සිටී.
www.digilk.com

හතලිස් එක් වන කොටස..

                අප ඉන් අනතුරුව මාගේ නේවාසිකාගාරය වෙතට ගියෙමු. නේවාසිකාගාරයේ කාලයකට පසුව දොර ජනෙල් පත් සියල්ල විවර කර දැමුවෙමි. තවමත් තම රිය තුල සිටින ඇය වෙතට ගිය මම ප්‍රථම වතාවට මගේ නේවාසික කුටිය වෙතට ඇයට ආරාධනා කලෙමි. සියල්ල අස්පස්කර ගමන් මලු දෙකකට මා සතුවූ දෑ අසුරා තිබූ බැවින් එහි නිදහස් පෙනුමක් ගෙන තිබුනාය. “මම නේවාසිකාගාරවලට හරිම කැමතියි. මොකද දන්නවද, ඒවායේ ඉන්න කොට නිතරම සමුගෙන්ම යන්නට සූදානම් බවක් තිබිය යුතුබව සිතට නැගෙනවා. ජීවිතය අත්පත්කර ගැනීම් පමනක් වෙන මහා අරගලයකට වඩා ඒ ස්වභවයට මම හරිම කැමතියි. මට හිතෙනවා එතැනදි හොඳ සමබර බවක් ජීවිතයට ගෙනෙනවා කියලා” මා ඇය වෙතට බැදුනු අපූරත්වය ඇගේ පිලිතුරින් යලිත් ඉස්මතුවිය. “මමත්” , ඇය සන්සුන්ව පැවසුවාය. ඉන් අනතුරුව ගලා ගිය හෝරා දෙකකට ආසන්න කාලය නියමිත සමුගැනීමේ වේදනව වසන්කරන්නට මෙන් අතීතය මෙන්ම යලි වන්නට නියමිත හමුවීම ගැන නෙක ආකාරගත් දෙබසින් පිරී තිබිනි. “ඒක හරිම අහබු හමුවීමක් සේම හරිම අපූරු හමුවීමක්” අප හමුව පිලිබදව මට දැනෙන සමස්තය වචන බවට පෙරලන්නට මම උත්සාහ කලෙමි. “මුලින්ම මම දෙගිඩියාවක සිටියත් බොහොම ඉක්මනින් ඔබ මාව හරිම සුහඳ සබඳතාවයකට ගෙන ගියා. දන්නවද, ඔබගේ අපූරු සුහඳ, විවෘත, පුලුල් බව මග හරින්නට කෙනෙකුට ලෙහෙසියෙන් බැරි තරම්. මට මතකයි අපි හ්යමුවුනු මුල්ම දවසක ඒක මගේ දින සටහනකත් තබන්නට මට අවශ්‍ය උනා”. සැබවින්ම අපූරු මිනිසුන් එකිනෙකා හමුවන්නේ විටක සිතාගන්නට කිසිසේත් නොහැකි සුලු නිමේශයන් තුලය. තවත් විටක හරිම අතාර්කික ආකාරවලටය. ඒවා අතරින්ද ඔවුන් එකිනෙකා බැදෙන්නේ වඩාත් කලාතුරකින්ය. වඩසත්ම අපූරු කාරනය වන්නේ මේවා අතරින් ඉඳහිටක අපූරු දෑ ලොවට ගෙනෙන්නට පවා ඒ මිනිස් සබදතා මහත්සේ අපූරුවේ.(62) අවසානයේ පුරා වසරක කලයක් ඔබ මොබ ඇවිද ගිය, නෙක අසිරි විඳි නගරයෙන් තාවකාලිකව සමු ගන්නට කාලය එලැබිනි. උද්‍යානය, කඳු මුදුනත, හැදෑරුම් ආයතනය , අවන්හල විශාල වගා බිම් අතරින් දිවෙන රේඛාවන් බදු මාවත් වැනි බොහෝ දැයින් සමුගන්නට මනස සූදානම් උවත් ජීවිතයේ ප්‍රථම වතාවට සමුදෙන්නට නොහැකි යමක් ජීවිතය වෙතට පැමින ඇති බවක් තදින් දැන්නට පටන් ගති. මොහොතකට මනස තදින් ඒ දෙසට යොමුකොට තත්වය සරල කරගන්නට උත්සාහ කරන විට පැහැදිලි වූවේ ඇය හුඳු මිනිස් දියනියක වීමටත් වඩා අප අතර බෙදා හදාගන්න බොහෝ බුද්ධි කාරනා, හැදැරුම් කාරනා මෙන්ම ලොව රස විදීන්නට වන සමාන හැකියාවන් ජීවිතයෙන් මග හැරිය නොහැකි තරම් ප්‍රබලව අප අතර වන බවකි.
www.tharuminisa.com

2016-02-13

හතලිස්වන කොටස..


                 අදාල සමාගම විසින් රට අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් මා විසින් වෙන්කර ගෙන ඇති ගුවන්ගමන් පිලිබදව අවසන් මතක් කිරීමේ කෙටි පනිවිඬ දෙකක් ජංගම දුරකථනයට පැමිනීම අප දෙදෙනාම මදක් නොසන්සුන් කරන්නට සමත්වූවාය. අප හමුවීම ගෙවී ගිය කෙටිකාලය තුල ඔබට දැනුනේ කෙසේ දැයි මට විමසන්නට අවශ්‍ය විය. අප හමුවීම ඔබගේ ජීවිතයට වෙනසක් ගෙනෙන ලද දැයි තහවුරු වන්නේ නැවත හමුවකට මා වඩාත් කැපවන්නට සූදානම් බව දන්වන්නට මට අවශය විය. ” ඇත්තෙන්ම ඒක හරිම අපූරු අත්දැකීමක්. මම ජීවිතය දකිමින් සිටි වපසරිය බොහෝ සෙයින් ඉක්මවා යන සුහඳ කැඳවීමක් ඔබගෙන් ලැබීම පිලිබදව ස්තූතිවන්ත වනවා. මම මෙහෙම කියන්නද ? ඒක බුද්ධිමය අවදිකිරීමක් උනාට නොවඩුව මිනිස් බව තිබීම මට මහත් විසිතුරු ලෙසට දැනෙනවා.. මම දැඩි ලෙස බලාපොරොත්තුවෙනවා අප නැවත හමුවේවි කියලා”. මිනිසෙකුට තව මිනිසෙක් සමග සමුගැනීමක් තාවකාලික කරවන්නට මහත් දිරියක් ඒ වදන් ගෙනෙමින් ඇති බවට මා වෙතට දැනිනි. රාත්‍රී ආහාරය සුපුරුදු අවන්හලෙන්ම ලබා ගන්නට අප තීර්නය කලෙමු. කලක් තිස්සේම එහි ආ ගිය නිසාවෙන් පමනක්ම නොව අප කලකී දෑ සමගද එහි සේවය කල බොහෝ දෙනා සමග වෙතට බොහෝ හිතවත්ව තිබිනි. සරල ආහාර වේලකින් පසුව බිල්පත ගෙවීමේදී මා කෙටිකාලීනව සමුගන්නට සූදානම් බව පැවසීම යුතුකමක් ලෙසට දැනිනි. සාමාන්‍යයෙන් අමුත්තන් වෙතට නොයෙන ඉහල කලමනාකරනයේ මහතෙකු අප මෙසය වේතටම පැමින සුහද සමුගැනීමකට කාරුනික විය. ” මම හිතනවා ඔබ බෙහෙවින් වෙහෙසට පත්වේලා වගේ. මම කුලී රියකින් මගේ ගමන් මලුදෙක ‍රැගෙන ගුවන්තො‍ටුපොල වෙතට යන්නට හැකි වේවි.” තවදුරටත් ඇය වෙහෙසට පත්වනවා වන අකමැත්ත මෙන්ම වඩාත් හැගුම් බර මොහොතක් මග හැරීම මටද අවශ්‍ය විය. “ඒහෙම කිරීමට තරම් මට අකාරුනික වෙන්නට බැරිබව ඔබ නොදන්නවාම නොවේ කියලා මම දන්නවා. අපි ඔබගේ නේවාසිකාගාරය වෙතට ගොස් ඒවාත් ‍රැගෙන ගුවන්තොට දක්වා ඔබව ඇරලවන්නට මට ඉඩ දෙන්න.(61)
www.tharuminisa.com

2016-02-12

භාවිතාකරන්නාද පරිගණකය තුලට කැඳවීම...

             එලබෙන තොරතුරු ලෝකයේ හෙට දවස නිර්මානය කරවන නව පදනමක් වනු ඇත්තේ සංයුත්ත භාවිතාකරන්නාද කැදවීමය. තව දුරටත් ඔහු පරිගණකයේ ගනනයන්ගේන්(Processing) වලින් වියුත්තව සිට එය මෙහෙයවන්නා වනවා වෙනුවට එහි සමස්තය තුල සිටිමින් එහි කොටස්කරුවෙකු ලෙසටද වෙමින් එය මෙහෙය වන්නා වීමේ ආනාගතය මේ වන විට කෙමෙන් නිර්මානය වෙමින් ඇත.සරලව පැහැදිලි කරන්නේ නම් පරිගණක ක්‍රීඩාවේ මෙහෙයවන්නා වනවා වෙනුවට එහි ප්‍රධාන හෝ නිරීක්ශනාත්මක චරිතයක් වෙමින් තම සිතුම් පැතුම් අනූව ක්‍රීඩාව මෙහෙයවන්නා වීම භාවිතාකරන්නා හට වඩාත් සංයුත්ත අද්දැකීමක් ගෙනෙනු ඇත. බොහෝ විට දැනට භාවිතාකරන්නෙකුට දැනෙන ආගන්තුක බව තොරතුරු ලෝකය සමග කරන ගනුදෙනු තුලදී වඩාත් ඉවත්කරන්නට මෙම නව අත්දැකීම සහය වනු ඇත. සරල පරිගණක ක්‍රීඩා වැනි අත්දැකීමක සිට සංකීර්න නිර්මානශීලි භාවිතාවන් වලදී මෙම නව ප්‍රවනතාවයන් වඩාත් පුර්න අත්දැකීමක් ���්‍රියාකාරකමක් වනු ඇත.
www.digilk.com

තොරතුරු අවකාශය මුල් ස්වභාවයෙන් ජාතිවාදී , ආගම්වාදී හෝ අශීලාචාර සම්පන්න වන්නේ නැත.

                      තොරතුරු අවකාශය මුල් ස්වභාවයෙන් ජාතිවාදී , ආගම්වාදී හෝ අශීලාචාර සම්පන්න වන්නේ නැත. එය තාක්ශනයකි. එහි ඇති වේගවත් බව හා නිවැරදි බව වාගේම දුර නැමති බාදකය පහසුවෙන් ඉක්මවා යාමේ හැකියාව වැනි අපූර්වතා සමග වඩාත් සිත්ගන්නා සුලු දෛනික භාවිතාවන්ට වඩාත් නම්‍ය ස්වරූපයන්ගෙන් සමන්විතව අප වෙත පැමින ඇත්තකි. එහෙත් එයට ස්වයංවිනයක් , නැතිනම් තම ඉදිවුනු තාක්ශනික ක්‍රමෞපාය ඉක්මවා යන සදාචාර හෝ නෛතික දැනුමක් සමග පැමින නැත. එය මත්තේ සැකසෙන ගබඩාවන තොරතුරු ගොනුවක් කොතරම් අශීලාචාරද නීතිවිරෝධීද යන්න විමසන්නට මුල් ස්වභාවයෙන් එය ‍රැගෙන ආ පෙරනයන් නැතිවීම එහි වන වරදක් ලෙසට හඳුනාගැනීම කොතරම් නිවැරදිදැයි අප වටහා ගත යුතුය.ද්විතීක නැතිනම් තෘතීක මට්ටම් වලදී නැතිනම් මෘදුකාංග මට්ටම් වලදී නිර්මානය වී ඇති සමහර පෙරනයන් කොතරම් දුරට සාර්ථකද නැද්ද යන්නත් එහි වරදක් නොවේ.
එය බලාපොරොත්තුවන භාවිතාකරන්නෙකු සිටී. මාධ්‍යයක් ලෙසට සැලකීමේදී රූපවාහිනිය නැතිනම් ගුවන්විදුලිය සමග සිටි භාවිතාකරන්නාට වඩා දියුනු අයෙක් එය බලාපොරොත්තුවන්නේ අන්තර්ජාලය සමග වඩාත් පෞද්ගලික ආකාරයට සකසා ගත හැකි මාධ්‍ය භාවිතාවක් එය ‍රැගෙන විත් ඇති බැවිනි. හිංසනාත්මක නැතිනම් අපචාරශීලි දෑ වැඩි යෙන් නරබන්නට ගැනෙන විට වෙළඳ හෝ වෙනත් අරමුනු සමග වැඩි වැඩියෙන් එවන් දැ අන්තර්ජාලය මතට ගෙන ඒම සිදුවීම දැකිය හැක.ජල හැකියාව භාවිතාකරන්නෙකු ලෙසට වඩාත් දියුනු අයෙක් එය බලාපොරොත්තුවන්නේ තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් වඩා නිවැරදිව හා වෙගවත්ව එය ඔස්සේ ඉ‍ටුකර ගන්නවා මෙන්ම එය අනෙකුකුගේ පෞද්ගලිකත්වයට එබී බලන්නටද පහසු කවුලුවක් වන බැවිනි. සැම උපකරනයක්ම බලාපොරොත්තුවන භාවිතාකරන්නෙකු සිටී. මෙය වැරදුනු අවස්ථා පැහැදිලි කරන්නට අපූරු ජනවහරක් පැමිනෙයි එනම් “වඳුරාට දැලි පිහිය අහුවුනා වාගෙයි” ලෙසටය.
www.maglk.com

2016-02-11

තිස් නමවන කොටස…


                අසල වූ උද්‍යාන අවන්හලකින් සරල ආහාරයට හා බීමට යමක් මිලදී ගත් අප හොඳින් සෙවනැති ගඟා ඉවුරට වඩාත් අද්දරින් වන අසුනක් මතට වීමු. “මතකද… අපි මුලින්ම උද්‍යානයට පැමිනි දවස.” දිගු විරාමයකට පෙර හමුවන මේ කෙටි වේලාව අපහසුවන් පිරිව ගත වන්නට හැරීම නොකල යුත්තකි. “මට මතකයි ඒත් මේ වගේම ගිම්හානයක අවසන් භාගය..” මම ඇයගේ අවධානය වෙනතකට ගෙන යන්නට වන වන උත්සාහය මත තව දුරටත් ‍රැදෙමින් උත්සාහ කරන්නට වීමි. “මට මතකයි , ඔබ උද්‍යානයේ ප්‍රධාන දොර‍ටුව දිසාව පිලිබදව මගෙන් විමසා සිටියා. මම් හිතන්නේ එතකොට ඔබ උද්‍යානයට පමනක් නොවේ නගරයටම අමුත්තෙක්” ඇය පිලිතුරු දුන්නාය. “ඇත්තෙන්ම ඔහොතේ මම හිටියේ නගරයේ උද්‍යානයේ අතරමංවී විතරක් නොවේ ජීවිතය තුලත් හුදකලාවී අතරමංවයි. ඒත් ඔබ පිලිතුරු දෙමින් සුහඳව කල කථා බහ මට ශක්තියක් වගේ දැනුනා. ඇත්තෙන්ම ඔබේ සුහඳ බව උද්‍යානයේ දොර‍ටුව සොයා ගන්නට පමනක් නොව ඒ දවස් වල මා අසරනව සිටි දවසේ දොර‍ටුවක් වන්නටත් ප්‍රබෝදාත්මක සහයක් උනා. ආගන්තුක නගරයක ඒකාකාරී කරුනු අතර ගතවන දේශන වලට කො‍ටුව අසරන බවක් ගෙන තිබූ ජීවිතයට ඇත්තෙන්ම ප්‍රබෝධයක් උනා. දන්නවද , මට පසුව තේරුනා අප මුලින්ම දා කල සුලු කථා බහේදී ඔබගෙන් ලැබුනු ශක්තියට වඩා වැඩි ආභාශයක් ඔබටත් නොදැනීම මම ඔබෙන් ලබා ගත්තා කියලා. මම හිතන්වා ඔබ මගේ උදාහරනය විසුලුවකට ගෙන සිනා නොවේවි කියලා. මම එතකොට හිටියේ හොදටෝම බැටරි බලය ගෙවී ගිය පරිගණකයක් වාගේ. ඔබත් නොදෑනීම මම ඔබගෙන් විශාල මිනිස් ශක්තියක් ලබා ගත්තා වගේ මට හැගුනා. අදත් මම කියනවා ඔබට ගොඩක් ස්තූතියි කියලා” මම ස්තූතිපූර්ව බවක් පලවෙන ලෙසට පවසා සිටියෙමි. “මම අදටත් ඔබට කැමතිවන ප්‍රධාන හේතුවක් තමයි ඔබගේ ඒ වන අපූර්ව ගුනාංගය. මම හිතනවා යලිත් මා මේ නගරයට කැදවන ප්‍රධානතම ආකර්ෂනය ඔබගේ ඒ ගුනාංගය කියලා.”(60)

යලිත් රුසියාව Windows තහනමකට...

           නැවත වතාවක් රුසියානු රජය Windows මෙහෙයුම් පද්ධහිය තම රජයේ යාන්ත්‍රන වලින් ඉවත් කර තබන්නටත් හා foreign technology ආයතනයන් ගෙන් 18% value added tax (VAT) අයකරන්නට සූදානම් වීමද පිලිබදව තොරතුරු පලවෙමින් තිබෙනවා. Apple නැතිනම් Google වැනි ආයතනයන් ගෙන් Apps මිලදී ගැනීම් වලදී දැනට මග හැරෙන අදායමක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම Linux-based ආකාරයේ ඔවුන් විසින්ම දියුනු කරන ලද මෙහෙයුම් පද්ධතියක් භාවිතයට ගැනීමටයි ඉලක්ක කරමින් සිටින්නේ. මීට කලකට පෙරද එම රජය මෙවැනි ආකාරයේ පියවරකට යන්නට කටයුතු කල අතර “a CIA project” එකක් ලෙසට චෝදනා කරමින් Windows 10 භාවිතය මග හරින්නට අවධානය යොමු කරනු ලැබුවා. හදාරන්නන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එම රජය සමස්ථයක් ලෙසට foreign technology products වලින් බැහැරව සිටින්නට මෙන්ම එරට තුල අන්තර්ජාලය සීමා කරන්නට කටයුතු කරමින් සිටින අතර එරට තුල  මේ සදහා විරෝධී හඬක්ද නැගෙනු දක්නට ලැබුනු බවයි.

2016-02-10

අන්තර්ජාලයේ ව්‍යුහය ලෝකය එකම දේශයක් වීමේ අනාගතය පැහැදිලි කරමින් සිටිනවා!!!!!!!

                 කොහොම උනත් අපේ සාමාන්‍ය තොරතුරු භාවිතාව අපගේ පෞද්ගලික උපාංගයෙන් මිදිලා වඩාත් බල සම්පන්න සර්වරයන් වෙතට වඩාත් ඒක රාශී වන්නට වැඩි කලක් ගත වේවි කියල හිතන්න අමාරුයි. හිතන්න හුදු පෞද්ගලික පරිගණකයක සීමිත හැකියා වපසරිය වෙතට හිරවෙලා හිටපු අපිව වඩාත් වේගවත් හා සුලබ අන්තර්ජාල ගතවීමේ හැකියාව හරහා කොතරම් සුව පහසු කරල තියෙනවද කියලා. තව දුරටත් ඔබේ දෘඩ තැටිය දත්ත ගබඩා කිරීමේ සීමාව නොවේයි. තවදුරටත් ඔබේ ප්‍රොසෙසර් හැකියාව ඔබේ සමස්ත ගනක හැකියාව නොවේයි. ක්ලවුඩ් අවකාශය බොහොමයක් ඒවායේ වගකීම භාර අරගෙන ඉවරයි. වැදගත් වෙන්නේ හොඳ මට්ටමක සබදතා හැකියාවක් හා සබදතා කවුලුවක් සමග විශාල ගනක හැකියාවක් හා ගබඩා හැකියාවක් ලබා දෙන්නට හැකිවන හෙට දවසට වඩාත් සූදානම් වීම පමනයි.
             අපි දන්නවා HTTP වල මීලග සංස්කරනය පිලිබදව විමසමින් සිටින යුගය පැමිනිලා තිබෙනවා. ඔබෙ නිවසේ බොහොමයක් උපාංග ස්මාර්ට් කරමින් පැමින ඇති දත්ත ලේයරය සමග එම උපාංග ඔබගේ මෙහෙය වීමකින් තොරව ස්වාධීනව එකිනෙන තොරතුරු හුවමාරුකරගන්නා යුගය පැමිනෙමින් තිබෙනවා.ඔබගේ දත්ත අනන්‍යතාවය සමග සම්බන්දවීම පවා නෙත් පලදනාවට ඔර ලෝසුවට සංයුක්ත වෙන්නට පටන් අරගෙන තිබෙනවා. තවත් දිසාවකින් මුදල් භාවිතය e වෙමින් තිබෙනවා පමනක් නොවේ දේශසීමා ඉක්මවන තාක්ශනික පදනමකින් ක්‍රියාත්මක වෙන මුදල් ක්‍රම වේදයක් පවා ලොකයේ තැනින් තැන අත්හදා බැලෙමින් තිබෙනවා.මම විස්වාස කරනවා ඔබේ විමසලිමත් මනසට අන්තර්ජාලයේ ව්‍යුහය ඔස්සේ වසර දහස් ගනනක් පැරනි ආකෘතියට වඩා වෙනස් ලෝකය නව එක් දේශයක් වීමේ අවශ්‍ය තාවයේ සියුම් යෝජනාවක් පැමිනෙමින් තිබෙනවා යන්න වැටහෙමින් තිබෙනවා කියලා.
www.maglk.com

Windows 10 build 10586.104 නව යාවත්කාලීනය පැමිනේ...


               Microsoft වෙතින් තම windows 10 සදහා වන නව යවත්කාලීනය Windows 10 build 10586.104 ලෙසින් මේ වන විට නිකුත්ව තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීනය cumulative update ආකාරයේ වන අතර  Threshold (TH2) යටතේ  වන නිකුතුවක් ලෙසට කාන්ග කොට තිබෙනවා. දැනට හදුනා ගෙන ඇති ප්‍රධාන පෙලේ ගැටලු කිහිපයක්ම මෙම යාවත්කලීනය ඔස්සේ පිලිසකර කරන්නට කටයුතු කර ඇති අතර authentication, update installation, හා operating system installation වලදී හමුවන ගැටලුකාරී තත්වයන්ද, Microsoft Edge browser භවිතයෙදී InPrivate browsing සමග වූ URL මතක තබා ගැනීම පිලිබදව ගැටලුවද, Windows kernel වල ආරක්ශක තත්වය වැඩි දියුනු කිරීම ඇතුලු .NET Framework, Windows Journal, Active Directory Federation Services, NPS Radius Server, kernel-mode drivers, හා WebDAV ආදියියෙහි ආරක්ශිත බවදියුනු කිරීම් වන බවට පැහැදිලි කෙරෙනවා.
www.digilk.com

2016-02-09

පසු තොරතුරු යුගය….


               පසු තොරතුරු යුගය විවිධ ආකාරයට අර්ථ දක්වනු දක්නට පුලුවන්. කෙසේ මුත් මා එය දකින්නේ තාක්ශනයක් ලෙසට එය දිදුලන යුගයේ සිට භාවිතාවක් ලෙසට තීරනාත්මක වන යුගය ලෙසටය. සැබවින්ම එය තාක්ශනයකි. තාක්ශනයක් ලෙසට දිදුලන යුගයේදී එය මිනිසා වෙතට අත්පත්කර දී ඇති වටිනාකම් බොහෝය. දෛනික ජීවිතය වටා වූ බොහෝ මිනිස් හැකියාවන් තියුනු වේගවත් යාන්ත්‍රික බවකින් තීව්‍රකර දෙන්නට එය යසට මුල්වී ඇත.
                    පසුගිය එතරම් වර්ණවත් නොවනු ඇති බවට නිගමනය කල හැකි පෙර සලකුනු ලොව දසතින් දැක්වෙමින් ඇත. බොහෝ තාක්...ශනයන්ට වඩා පුලුල් පරාසයක් මෙම තාක්ශනයේ විෂය සීමාව වීම මෙම ගැටලුවේ පදනම ලෙසට සැලකිය හැක. එනම් තොරතුරුය. එක් කෝනයකින් විමසන විට සමස්ත ලෝක විෂයටම පොදු අවකාශයක් මත එය ක්‍රියාත්මක වෙමින් ඇත. දේශපාලනය , ආගමින , ආර්ථික ,සංස්කෘතීක වැනි මෙකී නොකී සියලුම විෂයන් මත්තේ එය ක්‍රියාත්මක වෙමින් ඇත. සංස්කෘතික, ආගමික මෙන්ම දේෂපාලන තලයේදී තත්වය වඩාත් සංකීර්න වේ. ඒවා පලනය වන පසුබිමවන් ඉතා සාම්ප්‍රධායික හා සෙමෙන් චලනය වන ඒවා වීම මීට වඩාත් හේතුවනු අදැකිය හැක. තත්වයේ වඩාත් සංස්කීර්න අවස්ථාවේදී එය අභියොගයට ලක්වෙමින් දෝලනය වන්නක් බවට පත්වීම කෙමෙන් දක්නට ලැබෙමින් ඇත. වඩාත් තීරනාත්මක අවස්ථාවලදී එම සාම්ප්‍රධායික ආයතනයන් විසින් තොරතුරු තාක්ශනය ‍රැගෙන විත් ඇති මිනිස් වර්ගයා පාලනය වීමේ වැදගත්ම සාධකව තිබූ දුර හා කාලය පිලිබද සාම්ප්‍රධායික මානයන් පිලිබද ප්‍රමිතීන් නොසලකා හැරීම නොරුස්සනු ඇත.
www.digilk.com

2016-02-07

විශ්ව ගම්මානය මියයාම!!!!!

          මිනිස් කතාන්දරයේ සටහන් වන අකුරු හැකියාව අත්පත්කර ගැනීම අනෙකුත් සියලු අත්පත්කර ගැනීම් වලට වඩා දිගු පියවරක් බව අමතක කල නොහැකිය. එම හැකියාව ඔවුනට  තම සමකාලීනයන් සමග මෙන්ම අතීතය හා අනාගතය සමග ජීවිතය සංනිවේදනය කර ගැනීම උගන්වා දෙන ලදී. “ගින්දර” සොයා ගැනීම “රෝදය” සොයා ගැනීමටත් වඩා එම කථාන්දරයේ අකුරු හැකියාව වඩා තදින් සටහන්ව ඇත්තේ එබැවිනි. “දත්ත සැකසුම් හා සංනිව්වේදන” හැකියාව පෙර කී අකුරු හැකියාවට පසුව මිනිස් වර්ගයා ලත් වඩාත්ම ඵලදායි අත්පත්කර ගැනීමක් ලෙසට අපට පිලි ගන්නට සිදුවේ. එය අපට ප්‍රායෝගික කර දුන් සංකල්ප අතර “විශ්ව ගම්මානය” සංකල්පය ලොවපුරා වූ විද්වතුන් හදාරන්නන් අමානන්දයට පත් කල එකක් විය. සැබවින්ම එය මිනිස් වර්ගයා පාලනය කරමින් සිටි “කාලය හා දුර” සංකල්ප අවතක්සේරුකර දමන්නට සමත්විය. ලොවපුරා වූ නෙක හැදෑරුම් ආයතන, පුස්ථකාල ආදී තොරතුරු ගබඩා ක්ශනයකින්  එක්කර දෙන්නට සමත්විය. අද නැවත “විශ්ව ගම්මානය” ආපසු සාම්ප්‍රධායික “දුර හා කාලය” විසින් පාලනය කරන්නක් බවට පත් කරවා ගන්නට කටයුතු කෙරෙමින් තිබේ. සරලව තත්වය පැහැදිලි කරන්නේ නම් Google ආයතනයට තම භාවිතාකරන්නාට වඩාත් අනන්‍යවන තොරතුරු පරිසරයක් ලබා දෙමින් ඔහුව සංඩාත් සං‍තෝස කරන්නට අවශ්‍යව තිබේ. මෙම බව Google ආයතනය පමනක් නොව තොරතුරු ආශ්‍රිත සේව සපයන සියලුම ආයතන පමනක් නොව Facebook වැනි සමාජ ජලා ආයතනයන්හටද අවශ්‍යව තිබේ. වෙළඳමය ප්‍රමුක දේශපාලනික, ආගමික, සංස්කෘතික අවශ්‍යතා මේ බව සිදුකරමින් සිටී. ආරම්භයේදී හුදු තොරතුරු හුවමාරුවක් ලෙසට වූ අන්තර්ජාලය තවදුරටත් එසේම පමනක් නොවීමේ මෙම පෙරලිය ඉල්ල සිටින්නට බලපෑ ප්‍රධාන සාදයකි. එය අද නිනිසාගේ වෙළඳ , සමාජ සබදතා, වෘතීය සහය දෙන හුදු තොරතුරු පමනක් බව ඉක්මවා ගිය භාවිතාවන් බොහොමයක් ගෙනෙන එකක් වීම මෙහිදී ප්‍රදාන වේ. අනෙක් අතින් ආරම්භයේදී විද්වතුන්ගේ හදාරන්නන්ගේ හා ආයතන මට්ටමේ තොරතුරු හුවමාරුකර ගන්නා මාධ්‍ය අද සාමන්‍ය ජීවිතය වෙතට වේගයෙන් ගලා ඒමද හේතුවක් වන්නට ඇත. සරලව තත්වය පහදන්නේනම් ලෝක මට්ටමේ තොරතුරු බලපොරොත්තුවන සුලුතරයකට වඩා තමන් වෙසෙන නගරට, ප්‍රදේශයට වැඩිම උවහොත් තම රටට සීමාවන තොරතුරු බලාපොරොත්තුවන්නන් අධිකතරයට අවශ්‍ය ආකාරයට සැකසෙන්නට හ එයින් වැඩි ලාභ ලබන්නට තොරතුරු ලෝකය පාලනය වන ප්‍රධාන ආයතනයන් තීර්නය කලා වියයුතුය.
www.digilk.com

'algorithmic order' සමග Twitter වෙතට නව වෙනසක්!!!!


                        Twitter යනු කෙටි ආකාරයේ පලකිරීම ඔස්සේ තම හිතවතුන් නැතිනම් රසිකයන් සමග මතවාද පුවත් බෙදා හදාගන්නට සහයවන ආකාරයට සැකසුනු සමාජ ජලා ආකාරයේ වෙබ් අඩවියකි. මෑත කාලීනව Twitter වෙතට වෙනස් කම් කිහිපයක්ම යෝජනා වූ අතර සමහර වෙනස් කම් මේ වන විටත් භාවිතයට පැමින ඇත. ඒවා අතර 'Moments,’ ලෙසට නම් වන භාවිතාකරන්නෙකුට ඒ මොහොතේ තමන් අත්විඳිමින් ඇති අත්දැකීමක් බෙදා හදා ගනීමේ හැකියාව,  ‘favorite’ ලෙසට නම් වන තමන්ගේ කැමැත්තක් යම් පලකිරීමක් සදහා යෙදීමේ හැකියාව පමනක් නොව නොව දැනට යෝජනා වී ඇති 10,000-character දක්වා පලකිරීමක සීමාව වැඩි කිරීම සමහරකි.  නව CEO වරයෙක් යටතේ සිදුවෙමින් ඇති මේ වෙනස් කම් අතරට යෝජනා වන නවතම වෙනසක් ලෙසට  ‘algorithmic timeline’  නැතිනම් දැනට භාවිතාකරන්නෙකුගේ පලකිරීම් වල වන පිලිවල නොහොත් වඩාත් අලුත් පලකිරීම උඩින්ම පලවීමේ ක්‍රමය නොව භාවිතාකරන්නන්ගේ ‍රැචිකත්වයන් අනූව එම පිලිවල වෙනස් වීමේ නව ක්‍රම වේදයක් වේ.
www.digilk.com

2016-02-06

2017 පමන වන විට භාවිතාකරන්නන්ගේ ආකල්ප වෙනස් වේවි..

            හදාරන්නන් විසින් 2017 පමන වන විට භාවිතාකරන්නේකු සාමන්‍ය දවසකදී තම මොබයිල් සබදතාවය ඔස්සේ ඇප්ලිකේෂන 100ක් සමගවත් පෞද්ගලික තොරතුරු හුවමාරු කරන්නට පෙලබෙනු ඇති බවට අනාවැකි පල කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ සෞක්‍ය වැනි තොරතුරු ලබා ගන්නට පලදින ආකාරයේ පරිගණක  උපාංග හා ස්මාර්ට් මට්ටමේ නිවසේ අනිකුත් උපාංග වැඩි වැඩියෙන් කටයුතු කරමින් ඒවා විශ්ලේශනය කරමින් වඩාත් මිනිසා සමග සමීපව කටයුතු කරන යුගයක් එල බෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමාජ ජාල සමග දැනට පවතින විස්වාසනීය බව වැඩි වෙමින් අනාගතයේදී භාවිතාකරන්නන් වැඩි වැඩි යෙන් තම තොරතුරු ඒවා ඔස්සේ බෙද හදා ගන්නට කටයුතු කරනු ඇති බවකි. ඔවුන් වැඩි දුරටත් යෝජනා කරමින් සිටින්නේ apps භාවිතාව ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් මූලික භාවිතාවේ සිට පලදින ආකාරයේ උපාංග හා ස්මාර්ට් කාර් වැනි දිසාවට වඩ වඩාත් සමීප වනු ඇති බවයි. එසේම තිර මූලික නොවන refrigerators, thermostats වැනි ස්මාර්ට් උපකරන තම දත්තයන් ආයතන හා දත්ත උපාංග සමග හුවමාරුකර ගැනීමට පෙලබෙනු ඇති බවකි.
           ඔවුනට අවශ්‍ය වනවා එලබෙන කාලයේ මෙම තොරතුරු භාවිතාවන් වඩාත් බුද්ධිමත් හැසිරීම් දිසාවට චලනය වනු ඇති බවට අනාවැකි පල කරන්නට. එනම් වඩ වඩාත් තොරතුරු ‍රැස් කරමින් ඒවා විශ්ලේෂනය කරමින් තම භාවිතාකරන්නා වැඩි වැඩියෙන් තේරුම් ගත් උපකරන බවට පත් වන්නට ක්‍රියාත්මක වන උපකරන බව පවසන්නට. භාවිතාකරන්නන් තමන්ගේ තොරතුරු තමා අවට වන උපාංග වෙතට නිරාවරනය වීම පිලිබදව දැනට පවතින දැක්ම වෙනස් කරගනිමින් ඉන් තමාට ලැබෙන වඩාත් පහසුව ගැන සලකමින් වැඩි වැඩියෙන්  ඒවායේ භාවිතාවන් වෙතට එකග වනු ඇති බවටයි මෙම හදාරන්නන්ගේ බල පොරොත්තුව වෙමින් ඇත්තේ.

එලබෙන්නේ IoT යුගයයි…

              එලබෙන යුගය IoT යුගය ලෙසට වඩාත් අවධාරනය කරන්නට ඔවුන් වඩාත් කැමති වනු පෙනේ. දෑ තොරතුරු ගත කිරීමේ යුගය වේගයෙන් මිනිස් ජීවිතය අවට වන බොහෝ අවකාශ සාර්ථකව ග්‍රහනයට ගෙන ඇත. මිනිස් සීමා බොහොමයක් සාර්ථකව ඉදිරියට තල්ලු කර දමන්නට එය මිනිසාට වඩ වඩාත් සහය වෙමින් ඇත. ඔබගේ විනෝද ජීවිතය, සෞක්‍ය ජීවිතය, රජකාරී ජීවිතය සෑම තැනකම පාහේ වන දත්ත තත්වයන් සාර්ථකව ග්‍රහනය කර ගන්නට, වඩාත් ප්‍රථිපලදායී ලෙසට නැවත සකසා දෙන්නට එයට හැකි වී ඇත. ජීවිතය අවට වන නෙක භාවිතාවන් අවස්ථාවන් සදහා වඩාත් තීක්ශනව සාමීපවනට අවශය නම්‍ය බව උපාංග ලෙසට එය අත්පත්කර ගෙන ඇති බව හදාරන්නන්ගේ පිලි ගැනීමය.
මීලග පරිවර්ථනයට අප සමීප වෙමින් ඇත. එනම් දත්ත උපාංග තනි තනි ලෙසට ‍රැස්කරගන්නා, සකසා ගන්නා දත්ත තොරතුරු උපාංග අතර ස්වධීනව  හුවමාරු වෙමින් මිනිස් ජීවිතයේ මීලග අදියරක් ඉදිරියට ලියන්නට එය සූදානම් වෙමින් සිටී. පුදගල ජීවිතයේදී මෙන්ම කාර්යාල ජීවිතයේදී පමනක් නොව ආයතනයක් ලෙසට නගරයක් ලෙසට, රටක් ලෙසට ‍රැස්වන දත්තයන් , නැවත සැකසුම් , වඩාත් කාර්යක්ශම භාවිතයක් සදහා සූදානම් වීම හෙට දිනයේ අපට ගෙබ්න දෙන බවට එය පොරොන්දුවෙමින් ඇත. ඔබ සිටින්නේ නිවසේද, ගමනා ගමනය අතර මැදද, කාර්යාලයේද ලෙසට කොතැනක උවත්  IoT යුගය ඔබ නිරන්තරයෙන් සම්බන්දිත බවට වගකියනු ඇත. සහයක බව සුරක්ශිතබව නිරන්තරයෙන් ගෙනෙන්නට කටයුතු කරනු ඇත.
www.digilk.com

තිස් හත්වන කොටස…

           අප ආයතනයේ රථගාල වෙතට පිය නගන්නට වීමු. අප හමුවූයේද දිගැති දවසැති උනුසුම් ගිම්හාන කාලයකදීය. චක්‍රානුකූල සොබා දහම නැවත ඊලග ගිම්හානය ‍රැගෙන විත් ඇත්තේ තාවකලිකව හෝ සමුගැනීමක අනිවාර්ය ඇරයුමක්ද ‍රැගෙනය. නොසලකා හැරීම සමස්ත ජීවිතයටම බල පෑහැකි වාතාවරනයක්ද පසුබිම් කරගත් සමුගැනීමක ඇරයුමක් ගෙනය.(57) උනුසුම් දහවල අවසන් භාගයේ වූවද විවෘත කඳු මුදුනත එතරම් සුවපහසු තැනක් වන්නට නම් තව හෝරා දෙක තුනක් වත් අවශ්‍ය හෙයින් අප නගරයේ උද්‍යානය වෙතට යන්නට තීර්නය කෙරුවෙමු. මලින් බරව ඇති විශාල වෘක්ෂයන් වලින් ගැවස ගත් උද්‍යානයේ එක් කෙරවලක ගලා බසිමින් ඇති ගංගාවේ ඉවුරු තලයේ වන අසුනක් නම් වඩාත් පහසු බැවින් ඒ දෙසට යන්නට වීමු. “අයි අපි කථා නොකරන්නේ?” දෙබස කොතැනින් හෝ ඇරබිය යුතුය. තව අතකින් නිඬකම තව දුරටත් අප පීඩාවට පත්කරන්නට ඉඩ නොතැබිය යුතුය. “හෙට උදෑසන වන විට ඔබ නගරයෙන් සමුගන්නවා.ඔබ නිතරම කියන්නා වගේ පැමිනෙන සියල්ලෝම ආපසු යායුතුයි. ඒත් ඒ සමුගැනීම මේ තරම් වේදනාකාරී වීම නම් මට මහත් අපහසුවක්” ඇයගේ විවෘත වීම මහත් සහනයකි. “සමහර විටක දෑ හමුවේ ඔබ නිහඬව සිටීම ඒ දෑ ගෙනෙන වෙහෙසට වඩා මට දැනෙනවා” වරක් මා ඇයවෙතට පැවසුවා මතකය. “හොඳයි , මම මෙසේ පොරොන්ඳු වෙන්නම් එලබෙන දෑවසර අවසන් වන්නට පෙර ම ඔබව නැවත මුන ගැසෙනවා. ඉදිරි වසරේ ගිවිසුම අවසන් වීමෙන් පසුව මා වෙනත් ගිවිසුමකට නො එන්නට තීර්නය කලා. එලබෙන වසර අවසානයේ මම ආශ්‍රමය වෙතට යන්නට හා කෙටි කාලයකින් නැවත මෙහි එන්නටත් සැලසුම් කරන්නම්” අවසාන තීර්නයක් මාතුල ඒ පිලිබදව නොවූවද පලමුව ඇය මේ අපසහුවට විවෘතවීම අවසන් කර ගත යුතුය.”අපිට පුලුවන් වේවි අපේ හැදැරීම් සටහන් පෙල අවසන් කරන්නට මෙන්ම තවත් අලුත් ව්‍යාපෘති කිහිපයකට අත ගසන්නට. අර වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ අපේ මේ විෂයන් ගැන වෙනස් මතවාද කිහිපයක් ගොඩ නගන්නට මාකල යෝජනාවට අප එකගනම් ඒකත් අරබනට හැකි වේවි. හැබැයි මේ හැමටම වඩා මා අර කීව ආශ්‍රම භූමියට අද්දරින් වන ගම්මානයේ මිනිසුන්ගේ අපූර්ව ජීවිත රටා ගැන වන සටහනනම් ගොඩක් සාර්ථක වේවි මගේ හිතේ.” මාගේ පලමු අවශ්‍යතාවය වූවේ ඈ සිත තුලට අපහසු සිතුවිලි පැමිනෙන්නට ඉඩ නැති තරමට බලාපොරොත්තුවලින් පුරවන්නට වුවද ඒ සියල්ල අප මීට එකිනෙකා කථාබස් කර අනාගත බලාපොරොත්තු තබා සිටි ඒවා වූවාය.(58)
www.tharuminisa.com


2016-02-05

තිස් හය වන කොටස...

අවසාන දින කිහිපය වන විට නැගෙමින් තිබූ අපහසු බව මකා ගන්නට මෙන් වරක් මා තැබූ දින සටහන් මතකය. එය නම් “කාලය සාපේක්ශ බවට නම් දැන් මාහට කිසිදු සැකයක් නැත. මා මේ නගරයට පැමිනි මුල් දින වල විවේකී දිනයන් ගතකර ගන්නට නොහැකිව විටක කිහිපවරක් නගරයේ වීදී ඔස්සේ එක් කෙරවලක සිට අනෙක් කෙරවල දක්වා ඇවිද ගිය කාලයක්ද විය. ඒකාකාරී මත්පැන් හලවල් නිෂ්පල උත්සාහයන් බව ඉක්මනින්ම හැගිනි. දරුනු හුදකාලාවකට මැදිව උද්‍යානයේ කෙරවලක ලී අසුනක් මතට වී ඉදිරියෙන් ගලා යන ගංගාවේ නැගෙන සිහින් දිය රල මනින්නට තැත් කරමින් සිටින කලක අහබු ලෙස හමුවූ අපූරු තරුනියක සියල්ල වෙනස් කර දමන්නට හැකිව ඇත. නගරයේ සෙවය කරමින් සිටින වෛද්‍යවරියක වූ ඇය කැපී පෙනෙන මහත් රූමත් එකියකද නොවූවාය. නමුත් ඇය ක්‍රියාශීලී , ප්‍රසන්න ගති පැවතුම් මෙන්ම වාග් විලාශකින් යුත්ත එකියක වීමම අප නැවත නැවත හමුවන්නට වූ අවිඥානික බලකිරීමක් විය. ඒ සිදුවීමේ මුල් භාගයේදීය. මැද භාගයේදී හැදෑරීම් ප්‍රිය අප දෙදෙන තොරතුරු තාක්ෂණය හා එමින් ඇති ජීවි විද්‍යාත්මක තලයන අතර වන එකගතාවයන් ගැන හැදෑරීම් සටහන් පෙලකට පවා පෙලබිනි.අවසාන භාගය දැන් පැමින ඇත. මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි”(56)
පැමිනෙන අඳුර නෙතුමානයේ වන සියල්ල පැන්සල් සිතුවමක් පමනක් බව පත්කරමින් ඇත. එය එලිය හා අඳුර පිලිබදව පමනක් වෙමින් ඇත. ඝන මිහිදුම් වැනි ස්වභාවය තැනින් තැන වෙනදාට දකින දැල්වෙන පහන් සිලු මුවා කර දමා තිබෙනවා විය යුතුය. විටක යෝධයන් මෙන් නැගී සිටින මිනිසුන් තවත් විටක අසරනයන් වන්නේ විටක හරිම අතාර්කික ලෙසටය. එම නගරයෙන් සමුගැනීම හෙටයි කියා තිබූ දිනයට පෙරදා දහවල මා දුන් දුරකථන ඇමතුම් කිසිවකට පිලිතුරු දෙන්නට අන් කෙරවලේ සප්‍රානික කිසිවෙක් නැතුවා වැනි විය. මා සේවය කල ආයතනයේ එම අධ්‍යන වසර සදහා මා වෙතට නියමිතව තිබූ අවසන් දේශනය අවසන් කල විගස ඇය සේවය කල ආයතනය වෙතට යන්නට මට අවශ්‍ය විය. ඒ වෙත ගිය මා ඔවුන්ගේ විවේකාගාරයේදී ඇයව හමුවිය හැකි බවට දැන්විනි. ඔවුනගේ විවේකාගාරයේ කවුලුවක් අසලවූ අසුනකට ව ඇය සිටියාය. මාදු‍ටු විට යාන්තමින් සිනාසුනු ඇය “මට ටිකක් හිසරදේ වගෙයි. විවේකයක් ගත්තිත් හොඳයි කියා සිතුනා” ඇය පත්ව ඇති සබෑතත්වය වසන් කරන්නට අසාර්ථක උත්සාහයක යෙදිනි. “ඔබට හොඳයි කියා සිතනවානම් අපි එලියට යමු”. තප්පර කිහිපයක් කල්පනා කල ඇය කල ඇය තම ටැබ් පරිගණකය ඔස්සේ අදාල අයැදුම ආයතනය වෙතට යොමු කලාය. වසරක් පුරාවට බොහෝ දේ කථාකරමින් මේ නගරයේ අපූර්ව පරිසරයන් මත හෝරා බොහෝ ගනනක් ඔබ මොබ සක්මන් කරමින් සිටි අප අතරට හදිස්සියේම තවත් හෝරා සියගනනක් කථාකරන්නට දේ පැමින ඇතුවා සේය. විනාඩි කිහිපයක් දැඩි නිද්‍රාවකින් මෙන් නිහඬව සිටි අප ටැබ් යන්ත්‍රය ඔස්සේ ඇයගේ ඉල්ලීම පිලිගත්බවට පැමිනි ආයතනයේ පනිවිඬය සදහා වූ සිහින් හඬින් අප නැවත පියවි ලොවට පැමිනුනා මෙන්විය.
www.tharuminisa.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...