2016-02-07

'algorithmic order' සමග Twitter වෙතට නව වෙනසක්!!!!


                        Twitter යනු කෙටි ආකාරයේ පලකිරීම ඔස්සේ තම හිතවතුන් නැතිනම් රසිකයන් සමග මතවාද පුවත් බෙදා හදාගන්නට සහයවන ආකාරයට සැකසුනු සමාජ ජලා ආකාරයේ වෙබ් අඩවියකි. මෑත කාලීනව Twitter වෙතට වෙනස් කම් කිහිපයක්ම යෝජනා වූ අතර සමහර වෙනස් කම් මේ වන විටත් භාවිතයට පැමින ඇත. ඒවා අතර 'Moments,’ ලෙසට නම් වන භාවිතාකරන්නෙකුට ඒ මොහොතේ තමන් අත්විඳිමින් ඇති අත්දැකීමක් බෙදා හදා ගනීමේ හැකියාව,  ‘favorite’ ලෙසට නම් වන තමන්ගේ කැමැත්තක් යම් පලකිරීමක් සදහා යෙදීමේ හැකියාව පමනක් නොව නොව දැනට යෝජනා වී ඇති 10,000-character දක්වා පලකිරීමක සීමාව වැඩි කිරීම සමහරකි.  නව CEO වරයෙක් යටතේ සිදුවෙමින් ඇති මේ වෙනස් කම් අතරට යෝජනා වන නවතම වෙනසක් ලෙසට  ‘algorithmic timeline’  නැතිනම් දැනට භාවිතාකරන්නෙකුගේ පලකිරීම් වල වන පිලිවල නොහොත් වඩාත් අලුත් පලකිරීම උඩින්ම පලවීමේ ක්‍රමය නොව භාවිතාකරන්නන්ගේ ‍රැචිකත්වයන් අනූව එම පිලිවල වෙනස් වීමේ නව ක්‍රම වේදයක් වේ.
www.digilk.com

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...