2013-01-31

වින්ඩෝස් සර්ෆේස් ප්‍රෝ එලබෙන 9දා නිකුත්වේ.....


මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා එලබෙන මස පැවැත්වීමට නියමිත වින්ඩෝස් 8 ප්‍රෝ උපාංගය සම්බන්දයෙන් පැවැත්වෙන උත්සවය සරල මට්ටමක එකක් වීමට නියමිත බව. ආරාධිත සීමිත පිරිසක් හමුවේ පැවැත්වෙන මෙම හමුව එලබෙන අටවෙනිදා නිව්යෝක් නගරයේදී පැවැත්වීමට නියමිත අතර එය මාධ්‍ය සදහා විවෘත එකක් නොවන බවත් සහභාගී වන්නන් සදහා නව සර්ෆේස් උපකරනය මිලදී ගැනීමට හැකි වන බවත් හා පසුවදා එනම් 9 වෙනිදා සිට සාමාන්‍ය වෙළඳ පොලෙන් වින්ඩෝස්8 ප්‍රෝ උපාංගය මිලදී ගත හැකිවන බවත්ය

2013-01-30

ඔෆ්‍ෆිස් 2013 වින්8 ඇප්ස් ස්ටෝර්වට ඇප් එකක් ලෙස පැමිනේ



ඔබ වින්ඩෝස්8 භාවිතාකරන්නෙක් නම් මේ වන විට වින්8 ඇප්ස් ස්ටෝර්ව තුල ඔෆ්ෆීස් 2013 ඇප් එකක් ලෙසට නිකුත්ව තිබෙනවා. ඔෆ්‍ෆිස් නිල නිකුතුව සිදුවී හෝරා කිහිපයක් ගෙවීයත්ම මෙම ඇප් නිකුතුව සිදුව තිබෙනවා. කෙසේ වෙතත් තවමත් එම ඇප් නියෝජනය වින්ඩෝස් එක්ස්ප්ලොරා හරහා සාමන්‍ය ලෙසට වෙබ් අඩවියට පිවිසීම සදහා පමනක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි පෙනෙන්නට ඇත්තේ.නව ඔෆ්‍ෆිස් මෘදුකාංගයද  ස්පර්ශක මිත්‍ර බවින්යුක්තව වින්ඩෝස්8 සදහා වඩාත් ගැලපෙන ලෙසට නිර්මානය කර ඇති බවට ප්‍රකාශ වන අතර ඔෆ්‍ෆිස් 2013 සදහාද ඇප්ස් ස්ටෝර්වක් ක්‍රියාත්මක වන අතර මේ වන විට එහි භාහිර නිර්මාපකයන්ගෙන් ලබාගත් ඇඩෝන යන් 200 කට වඩා අඩංගු බවටයි ප්‍රකාශ වන්නේ. වින්ඩෝස් RT උපාංග භාවිතාකරන්නන් සදහා නම් ඔෆ්ෆීස් හෝම් හා ස්‍ටුඩන්ට් සම්පූර්න සංස්කරන  පසුගිය ඔක්තෝබරයේ සිටම භාවිතා කිරීම අවස්ථාව ලැබී තිබෙනවා.

වින්8 වලින් ඇරබී ඔෆ්‍ෆිස් 360 සමග ඉදිරියට යන දෘඩාංග අනන්‍යතාවය මියදීමේ කථාන්දරය...


"ඔෆ්‍ෆිස් 360 කියන්නේ ක්ලවුඩ් මූලික ඔෆ්‍ෆිස් භාවිතාවකට ඔබට ඉඩ සලසන "ඔන්ලයින්" සේවාවක් කියලා ඔබ දැනටමත් දන්නා කාරනයක්.හැබැයි අමතක කරන්න එපා මේක සරල තවත් සිදුවීමක් කියලා. හිතන්න, ලෝකයේ මෙහෙයුම් පද්ධති හැරුනහම වැඩියෙන්ම භාවිතාවන මෙම මෘදුකාංගය නැතිනම් මෘදුකංග කාංඩය මේ විදිහට ඔන්ලයින්සේවාවක් බවට පරිවර්ථනය වීම අනාගත මෘදුකාංග ලෝකය බහුලවම ඔන්ලයින් ආකාරයේ සේවාවක් ලබාදෙන්නන් බවට පරිවර්ථනය වීමේ පෙර නිමිත්තක් විදිහට සලකන්න පුලුවන්. ඔබගේ දෘඩාංග අනන්‍යතාවය සැගවිලා මෘදුකංග අනන්‍යතාවයකට පිවීසීම ඇරබීමක් හැටියම මෙම පිවිසුම අපට හදුනා ගන්නට පුලුවන්. දෘඩාංග අනන්‍යතාවය  අවමවීම මහත් පහසුවක්. එතකොට අපිට පුලුවන් වෙනවා දෛනික ජීවිතයේ ඔනෑම අවස්ථාවකදී අප අසල තියෙන දත්ත උපාංගයක් ඔස්සේ අපගේ දත්ත අනන්‍යතාවයට පිවිසෙන්න. ඔබ නිවසේදී ඔබගේ ඩෙස්ටොප් පරිගණකයෙන් උදැසන සකස්කිරීම ඇරබූ යම් ලිපියක් කාර්යාලයට යන අතරතුරේදී ඔබගේ ටැබ් පරිගණකය සමග එම මෘදුකාංගය හරහාම පහසුවෙන් ඉදිරියට වටහන් කරගෙන යන්නට මෙන්ම කාර්යාලයේදී කාර්යාලීය ලැප්ටොප් පරිගණකය ඔස්සේ එය අවසන් කර දමන්නට හැකිවීම පහසුවක් නොවේවිද??"
                                                                                                                             "නන්නාදුනන  දේශකයාගේ වාචික සටහනක් ඇසුරෙනි"

ජාවාහි යාවත්කාලීන සදහා ඔරකල් වෙබ් අඩවිය වෙතට පමනක් පිවිසෙන්න!!!!!!



මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ ඔබගේ පරිගණකය වෙත එහි ඇති ජාවා මෘදුකාංගයේ දුර්වලතාවයක් ඉලක්ක කරගනිමින් යැයි පවසමින් ලබෙන්නට ඉඩ ඇති යාවත්කාලීන ගොනුවකට සබදතාවයක් ක්‍රියාත්මක කිරීමේදී කල්පනා කාරීවීම ඉතා වැදගත් වන බවයි.බොහෝ කලක සිට පහරදෙන්නන් අන්තර්ජාලය ඔස්සේ තමන් හදුනාගත් දුර්වලතා රාශියකට පිලියම් ලෙස කිසියම් ආරක්ශක මෘදුකාංගයක් යෝජනා කරමින් එය බාගතකර ගැනීම සදහා සබදතාවයක් "ක්ලික්"  කිරීමකට පොලබවා ගන්නා අතර එහි ප්‍රථිපලය ලෙසට පරිගණකය වෙත ස්ථාපනය වන අහිතකර මෘදුකාංගය සමහර විටක පරිගණකය සම්පූර්නයෙන් අක්‍රිය කර  එය නැවත යතා තත්වයට පත්කර ගැනීම සදහා කිසියම් මුදලක් ඉල්ලා සිටීම සිදුකරයි. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ ඉහත ආකාරයෙන් ජාවා සදහා යම් යාවත්කාලීනයක් ලෙසින් පෙනී සිටිමින් පරිගණක පහරදීම් සදහා උත්සාහයක් පිලිබදව තොරතුරු ලැබෙමින් පවතින නිසා යමෙකුට ජාවා සදහා යම් යාවත්කාලීනයක් අවශ්‍ය නම් ඔරකල් ආයතනයේ වෙබ් අඩවිය වෙත පිවිස එය ලබා ගැනීම වඩාත් හිතකර වන බවයි.
http://www.oracle.com/technetwork/topics/security/alert-cve-2013-0422-1896849.html

2013-01-29

මයික්‍රසොෆ්ට් හි ඔෆ්ෆීස් 2013 හා ඔෆ්ෆීස් 365 දැන් ලබාගත හැකියි....


මයික්‍රසොෆ්ට් ඔෆ්‍ෆිස් මෘදුකාංගය මේ වනවිට ඇමරිකාව තුලදී මිලදී ගැනීමේ හැකියාව ඇති බවටයි සටහන් වන්නේ. ඔස්ට්‍රේලියාවේදී මෙම අවස්ථාව ඇරබී පැයකිහිපයකට පසු ඇමරිකාව තුලදී දැන් එම අවස්ථාව එලබ ඇති අතර මිලගනන් පෙර දැනුම්දී ඇති පරිදිම පවතින බවටයි වාර්ථා වන්නේ. ඒසේම ඔන් ලයින් ආකාරයේ මුලදී ගැනීම් සදහාද මේ වන විට අවස්ථාව විවෘතව ඇති බවටයි සටහන් වන්නේ.Student මට්ටමේ සංස්කරනයක් ඩොලර් 139.99 කටද  Business මට්ටමේ සංස්කරනය ඩෝලර් 219.99 කට මෙන්ම Professional සංස්කරනය ඩෝලර් 399.99 කටද ඒවා මිලකර ඇති බවටයි පැවසෙන්නේ. මීට අමතරව ඔෆ්ෆීස් 365 භාවිතය සදහා ඔන්ලයින් ගිනුමක් වසරක් සදහා ඩෝලර් 99.99 කට මිල කොට ඇති අතර එම බලපත්‍රය පරිගණක 5 ක් සදහ වලංගු බවටයි පැවසෙන්නේ. මේ සදහා වන නිල උත්සවය නිව්යෝක් හිදී අද සැදෑ භාගයේ පැවැත්වීමට නියමිත බවටයි පලවන්නේ.

http://www.microsoftstore.com/store/msstore/cat/categoryID.61301000

2013-01-28

වින්ඩෝස් 8 හා සර්ෆේස් උපකරනය ගැන බිල් ගේට් තම සතුට පලකරයි


පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් බිල් ගේට් මහතා පවසා සිටියේ තමන්ගේ අධීක්ශනයකින් තොරව මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිමවූ වින්ඩෝස් 8 හා සර්ෆේස් පරිගණකය ගැන තමන්  සතු‍ටුවන බවයි. ඔහු පවසන්නේ තමන්ගේ ක්‍රියාකාරී සහයකින් තොරව මයික්‍රසොෆ්ට් ආයතනයේ ඉදිරි පැවැත්ම ගැන තමන් තුල සතුටක් ඇති වන මට්ටමක පවතින බවයි. ඔහු පවසා සිටින්නේ වින්8 හා නව පරිගණනයක උපකරනය විසින් ලොව පරිගණක භාවිතාව වෙත නව යුගයක් ‍රැගෙන ඒම තමන් විසින් නව පරිගණක මෙහෙයුම් පද්ධතියක් හදුන්වා දෙමින් ඇරබි ගමන් මග වඩාත් අපූරු කර ඇති බවකි.
             වින්ඩෝස් 8 පිලිබද විවාදාත්මක මත පැවතුනද අළවි වාර්ථා පෙර බලාපොරොත්තු වූ තරම් සාර්ථකත්වයක් නොපෙන්වුවද මධ්‍යස්ථ විචාරකයින් පවසන්නේ තවමත් අවසන් තීර්නයකට එලබෙන්නට කාලය මදි බවයි.මිලියන 60ක බලපත්‍ර අලවිය සලකන විට තත්වය එතරම්ම නරක නොවන බවටයි ඔවුන් පවසන්නේ.

ජාව හා සංයුක්ත පරිගනකවල අනාගතය


හදාරන්නන්ගේ අනුමාන කිරීම් පවසා සිටින්නේ මෙම දශකය තුල සංයුක්ත පරිගණක දස දහස් ගනනින් අපගේ දෛනික ජීවිතය වටා ඇති පරිසරය මතට පැමිනීමට නියමිත බවයි. ඔබගේ උදෑසන කෑම මේසය මතට දවසේ තොරතුරු පුවත් පත සමග දවසේ කාල සටහන එම කාලසටහනට අනූව මතක් කිරීම් යැවීමට හෝ වැඩි තොරතුරු  අන්තර්ජාලය මගින් ලබා ගැනීම අවශ්‍ය විටකදී අදාල අයෙකු සමග "ඔන් ලයින්" ආකාරයේ කථා බහක යෙදීම ආදී වන සියල්ල පැමිනීම සාමන්‍ය දෙයක් වනු ඇති බවකි. ඔවුන් පවසන්නේ එවන් කෑම මේසයක සිට ජීවිතය හා සම්බන්ද ඔනෑම උපකරනයක් "ස්මාර්ට්" මට්ටමට පැමින "කනෙක්ටඩ්" තත්වයේ සිට ඔබට සහයවීමට දහස් ගනනින් උපකරන බිහිවීම මේ වනවිටත් ඇරබී ඇති බවයි.සමහර උපකරනයන් අවසන් අත්හදා බැලීම් මට්ටමේ පවතිනු දැකිය හැකි බවත් ඔවුන් පවසා සිටිනවා.
                                හදාරන්නන්ට අනූව ජාවා පරිගණක භාෂාව මෙම සංයුක්ත පරිගණක උපකරන සදහා වඩාත් මිත්‍ර බවක් දක්වන බවටයි පවසන්නේ.ඔරකල් ආයතනයේ ප්‍රධානියෙකුට අනූව  එම සංයුක්ත බව ඔනෑම තැනකට වලංගුවීමේලා ජාවාහි ඇති එක්තැනකදී සටහන් වන ජාවා සටහනක් ඔනෑම තැනකදී භාවිතාකල හැකිවීමේ ස්වභාවය අන් කවර භාෂාවකට වඩා කැපී පෙනෙන බවටයි පැවසෙන්නේ. මිලියන නමයකට වඩා සිටින ජාවා සංවර්ධකයින්ගේ සහය මත මෙම තත්වය වඩාත් කැපී පෙනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. ඩොලර් 25ක දෘඩාංග එකතුව මතට ජාවා පැමිනීම මිල අඩු පරිගණක සදහා හොද බලාපොරොත්තුවක් බව අටහන් කරන්නටත් ඔවුන් අමතක කරන්නේ නැත. එසේම "ජාවා කාර්ඩ්" වැනි පහසුවක් සමග අනාගත මුදල් පරිහරනය වඩාත් සුවපහසු වනු ඇති බව දැනටමත් ලොව සමහර තැන්වල සිදුවන අත්හදා බැලීම් සාක්කි දරමින් සිටින බවටත් පවසා සිටිනවා.

ඔෆ්ෆීස් 365 හා ඔෆ්ෆීස් 2013 නිල නිකුතුව හෙට දිනයේදී.....


මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට ඔෆ්‍ෆිස් 365 ඔන් ලයින් සේවාව හා ඔෆ්‍ෆිස් 2013 මීලග ඔෆ්ෆීස් මෘදුකාංග ගොනුව හෙටදිනයේ නිල වශයෙන් නිකුත් කරන්නට සූදානම් බවටයි සටහන් වන්නේ. ඔෆ්ෆීස් 365 සේවාව ඩොලර් 99 සිට ඉහලට මිලවීමට නියමිත අතර ඔෆ්ෆීස් 2013 ඇසුරුම් සංස්කරනය ඩොලර් 139 කට මිල  වනු ඇති බවටයි පැවසෙන්නේ.මෙම නිකුතුවේ නිල හමුව මෙමස 29 නිව්යෝර්ක් නුවරදී පැවත්වීමට සුදානම් කර ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පැවසෙන්නේ.

2013-01-27

win7, vista ,XP භාවිතාකරන ඔබ සදහා වින්ඩෝස් 8 UI කැදවන මෘදුකාංගයක්....




වින්ඩෝස්8 ‍රැගෙන ආ නවතාවයන් හොහොමයක් අතර "මොඩර්න් ඉන්ටර්ෆේසයට" ඇත්තේ ඉහලම වටිනා කමකි. සාම්ප්‍රදායික ඩෙස්ටොප් එක හා අයිකන වෙනුවට වින්ඩෝස් 8 ඩෙස්ටොප් එකෙහි ස්ටාර්ට් බටනය කඩා බිඳ දමා අයිකනයන් ටයිල්ස් බවට පත්කොට ඇතිවා පමනක් නොව සමහරක් ටයිලයන් සජීවී ලෙසට යාවත්කාලීනව අදාල තොරතුරු සපයමින් සිටී.කාලගුනය පුවත් ඊමේල තොරතුරු බොහොමයක් මෙලස සජීවීව සිටිමින් එම වැඩ සටහන් විවෘත නොකරම ඒවායේ අලුත්ම තත්වය පිලිබදව  තොරතුරු ලබා දීමට සැදී පැහැදී සිටී.
                                          වින්ඩෝස් 8 වලට පෙර සංස්කරන භාවිතාකරන ඔබ සදහාද මෙම අත්දැකීම ලබා ගැනීමේ අවස්ථාව දැන් සැලසා ගත හැක.භාහිර මෘදුකාංගයක් ඇසුරින් වින්7 වල සිට පෙර සංස්කරන සදහාද මෙම අවස්ථව ලැබෙන අතර එය බෙහෙවින් වින්ඩෝස්8 ටයිලයන්ගේ හැසිරීමට සමාන ලෙසට ක්‍රියාත්මක වන බවටයි ඔවුන් පවසන්නේ.මෙම මෘදුකාංගයේ මින් පෙර නිකුත්ව තිබුනේ බීටා සංස්කරනයන් වන අතර මෙම මෘදුකාංගය අවසන් සංස්කරනයක් ලෙසට නිකුත්වී තිබෙනවා.

http://download.iobit.com/winmetro-setup.exe

ඔබට සිදුවන බොහෝ සයිබර් අනතුරු ඔබ විසින්ම කැදවා ගන්නා ඒවා විය හැක...


අන්තර්ජාලය භාවිතාකරන්නන් මූලිකවම දෙවර්ගයකට වෙන්කර ගත හැකිය. ඉන් එක කොටසකට අනූව අන්තර්ජාලය යනු  තමන්ගේ සැබෑ ජීවිතය සමග කිසිදු සම්බන්දයක් නැති තමන්ගේ සැබෑ අන්‍යතාවය සගවා ගෙන මනසේ අඳුරු මුලුවල සැගවී ඇති අසංස්කෘතික ආශා මුදා හැරීමට ඇති කදිම අවකාශයකි. අනෙක් කොටසනම් තමන්ගේ සැබෑ ජීවිතය හා මගහැරිය නොහැකි සම්බන්දතා ඇති සැබෑ තොරතුරු වලින් පෙනී සිටින අයවලුන්ගෙන් සමන්විත කොටසයි. හදාරන්නන් පවසන්නේ තමන්ගේ වෘතීයමය ජීවිතය හා සම්බන්ද නිසාම අන්තර්ජාලය හා සම්බන්ද වන්නන් මෙම දෙකොටසටම වඩා බාහිරින් සිටින බවයි.
                           ඔවුන් උදාහරනයකට පවසන්නේ සමහරක විටක ඔබ ඔබගේ යතුරු පැදියේ නැගී ඔබගේ ගම්මානය වටාම උඩුකය නිරුවතින් සංචාරය කිරීම අරුමයක් නොවන්නෙක් විය හැක.එහෙත් එම ඡායාරුව ඔබගේ සමාජ ජාලාවේ ‍රැදවූ විට තත්වය වෙනස් විය හැක.එය දැන් ලෝකය පුරාවටම දැක ගැනීමේ හා ඔබගේ ගම්මානයේදී එලෙස සැරි සැරීමට ලැබෙන අර්ථයට වඩා වෙනස් තේරුම් ලබාදිය හැකි විශාල අවකාශයකට විවෘතවීම සිදුවේ. එය ගැටලුකාරී විය හැක. ඔවුන් පවසන්නේ ඔබ ඔබගේ පෙම්වතා වෙත පමනක් හෙලිය යුතු බැල්ම සහිත ඡායාරුවක් ඔබගේ සමාජ ජාලාවේ ප්‍රධාන ඡායාරුව ලෙස යොදා ගැනීමෙන් අනතුරුව පැමිනෙන අනවශ්‍ය බලපෑම් වලට දොස් තැබීම එතරම් සාධාරන නොවන බවයි. කාන්තාවන් කරා සමාජජාලාවන් ආශ්‍රිතව පැමිනි බොහෝ විපත් පසු පස මෙවන් තත්වයන් දැකිය හැකි බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
                                                      අනෙක් බහුලවම දැකිය හැකි අනතුර නම් ඔබගේ ඔන් ලයින් ගිනුම් සදහා භාවිතාකරන අවසරපදය පිලිබද නොසැලකිලිමත් කමයි.තවමත් සමහරු තම ගිනුමේ අවසර පදය සදහා 123456 වැනි සරල යෙදුම් භාවිතාකරනු දැකිය හැකි බවටයි පවසන්නේ. එවන් සරල යෙදුමක සිට ඔබගේ උපන්දිනය ඔබගේ දුරකථන අංකය නැතිනම් වාහනයේ අංකය වැනි තවකෙකුට  පහසුවෙන් උපකල්පනය කල හැකි යෙදුම් යොදා ගැනීම පහසුවෙන් ඔබ ගිනුම සදහා තවකෙකුට අනවසර ලෙස පිවිසීමට දොර විවෘතව තැබීමක් විය හැක.මේ වන විට ඔබට පහසුවෙන්ම සංකීර්න අවසර පද නිමවා දෙන මෘදුකාංග වල සිට අවසර පද කලමනාකරනය කරදෙන වෙබ් සේවා දක්වා  විවිධ විසදුම් ලබාගත හැක.
                                       අවසානයේ ඔවුන් පවසන්නේ භාවිතා නොකරන ගිනුම් වසා තැබීමට ඔබ කල්පනාකාරී වීම වැදගත් බවයි. හදාරන්නන් අතර සුලබ කියමනක් නම් "කොතරම් සංකීර්න අවසර පදයක් උවත් ඉක්මවායාම කාලය හා කැපවීම පිලිබද ප්‍රශ්නයක්  පමනක්ය" යන්නය. එලෙසම ඔබ අත්හැර දමන ලද එම ගිනුම් බොහෝ විට හුදකලා තනි ගිනුමකට වඩා තවත් ගිනුම් කිහිපයකට සම්බන්ද ගිනුමක් වන විට තත්වය තවත් බැරෑරුම් වේ. භාවිතය අත්හැර ඇති ගිනුම් නියමිත පරිදි වසා දැමීම නිසිතූ මොහොතක එම ගිනුමට සම්බන්දව ඇති දැනට භාවිතාකරන ගිනුමකට පවා අනවසර පිවිසීමක් සිදුකිරීමට ඇති ඉඩ කඩක් ඇහිරීමක්ද විය හැක.

2013-01-24

අඟල් 3.5 - 1.5 ඩෙල් පරිගණකය වසර මැදදී වෙළඳ පොලට...



ඩෙල් ආයතනය පවසනවා වසර මැද භාගය වන විට අඟල් 3.5ක දිගකින් යුත් අඟල් 1.5ක පලලකින් යුත් USB ප්‍රමානයේ  නව පරිගණක උපාංගය නිකුත්කිරීමට තමන් සුදානම් බව. වයි ෆයි සංක්‍රීය මෙම උපකරනය මොනිටරයකට හෝ රූපවාහිනී යන්තරයකට සම්බන්ද කල හැකි වන අතර එහි කී බෝඩය හා මවුසය සදහා USB කවුලු වලින් සමන්විත වනු ඇති බවටයි පවසන්නේ. ARM system-on-a-chip  මට්ටමේ පරිගණකයක් වන මෙම උපකරනය සදහා තවමත් වෙළඳ නාමයක් තබා නොමැති අතර  Project Ophelia නම් සංකේතනාමයෙන් දැනට හැදින්වෙන බවටයි සටහන් වන්නේ.
                            ටැබ්ලට් ආකාරයේ ඇප්ලිකේෂනයන් මිත්‍ර මෙම උපකරනය ක්ලවුඩ් සමග හොදින් ක්‍රියාත්මක වන ආකාරයට නිර්මානය වී ඇති බවටයි පවසන්නේ. ඩොලර් 100කට ආසන්න මිලකට ලබා ගත හැකි වෙතැයි පැවසෙන මෙම උපකරනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකින් සමන් විත වනු ඇති බවටත් ගිගා බයිට 8 ක මතකයෙන් හා ගිගා බයිට 32ක අමතර මයික්‍රෝමට්ටමේ මතකයන් එකතුකල හැකිවන සේ සැකසෙනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.

ඔන්ලයින් භාවිතාකරන්නන්ගේ තොරතුරු වල සුරක්ශිත භාවය අගයන දිනය


අන්තර්ජාලය වෙත පැමිනෙන්නන්ගේ තොරතුරු වල සුරක්ශිත භාවය බෙහෙවින් කතා බහට ලක්වන මාතෘකාවකි. මෑතකදී කල මත විමසුමකදී හෙලිවූ දත්තවලින් හෙලිවූවේ භාවිතාකරන්නන්ගෙන් සියයට45ක් තුලම තමන් අන්තර්ජාලයතුලට මුදාහරින තොරතුරු වල සුරක්ශිත භාවය ගැන තමන් වෙත කිසිදු පාලනයක් නැති බව හෝ ඉතා මදවසයෙන් පවතින බව තමන් විස්වාස කරන බවයි.එම මත විමසුමට සහභාගීවූ පිරිස අතරින් සියයට 40ක් පමනක් පවසා තිබුනේ තමන්ගේ තොරතුරු අන්තර්ජාලය තුලදී පාලනය කිරීමේ හැකියාව තමන්ට ඇති බවට විස්වාස කරන බවයි.
                                       මයික්‍රසොෆ්ට් ආයතනය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සමග හදුන්වාදුන් "Do Not Track" as the default සමග දැන්වීම් සමාගම් මහත් නොසතුටක් පලකලමුත් ආයතනය පැවසුවේ තම භාවිතාකරන්නන්ගේ තොරතුරු වල සුරක්ශිත භාවය ‍රැක ගැනීම සදහා තමන්ගේ තීර්න්ය වෙනස් නොකරන බවකි.එලබෙන 28 වෙනිදාට නියමිත ඔන්ලයින් භාවිතාකරන්නන්ගේ තොරතුරු වල සුරක්ශිත භාවය අගයන දිනය නිමිත්තෙන් මයික්‍රසොෆ්ට් ආයතනය තම සේවය ලබන්නන්හට ආයතනයෙන් පිරිනැමෙන පෞද්ගලික තොරතුරු සුරකීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තර කෙරෙන වීඩියෝවන් පහත දැක්වෙනවා.

http://www.microsoft.com/security/online-privacy/overview.aspx

2013-01-23

පරිගණකයේ සැගවුනු ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමට මෘදුකාංගයක්

කිසිදු අමතර මෘදුකාංගයක් ධාවනය නොවන තත්වයේදී පවා පරිගණකය මහ හඬ නංවමින් එකවරම ක්‍රියාත්මක වන්නට පටන් ගැනීම සමහ විට ඔබටද ඇති අත්දැකීමක් වන්නට ඇත. ප්‍රොසෙසරයේ වැඩි ක්‍රියාකාරීත්වයට සහය වනු පිනිස මෙලෙස පරිගණකයේ ෆෑන් වල අධික ක්‍රියාකාරිත්වයකට නැංවෙන්නේ සමහර විටක පෙර සාලසුම් කර ඇති මෘදු උපාංගයක ක්‍රියාකාරීත්වයක් නිසා වන්නට පුලුවන. තවත් විටක ඔබ නොදැනීම පරිගණකය තුල සැගව ඇති හානිකර මෘදුකාංගයක ක්‍රියාකාරීත්වය නිසාද වන්නට පුලුවන. මෙවන් ආකාරයේ ක්‍රියාකාරීත්වයක් හදුනා ගැනීම සදහා අපවෙත මෙහෙයුම් පද්ධතියෙන් ලබාදී ඇති මෘදු උපාංගය වන ටාර්ස්ක් මනේජරය නොසෑහෙන බව හදාරන්නන්ගේ මතයයි..............
www.siriwansa.com

ඉන්ටෙල් සමාගම සාමන්‍ය මව්පුවරු නිෂ්පාදනයෙන් ඉවතට.....




ඉන්ටෙල් සමාගම මව්පුවරු නිෂ්පාදනයෙන් ඉවත් වන්නට තීර්නය කොට ඇති බවටයි නිවේදනය වන්නේ. පසු පෞද්ගලික පරිගණක යුගයේ කථිකාව තවත් තහවුරු කරමින් නිකුත්වන මෙම නිවේදයට අනූව පාරිභෝගික මට්ටමේ මව්පුවරු නිෂ්පාදනය පිලිබද 20 වසරක තම කීර්තිමත් අතීතය එලබෙන ඉදිරි තෙවසර තුල ක්‍රමයෙන් අඩු කරනු ලබන නිෂ්පාදනයත් සමග අවසන් කර දමන්නට ඔවුන් තීර්නය කොට තිබෙනවා.
                                     ඔවුනගේ නව  Haswell CPU උපාංගය 22nm මට්ටමේ වන අතර මේ වන විටත් සහෝදර නිෂ්පාදකයන් වෙත හදුන්වාදී ඇති බවත්  මෙම වසරේ දෙවන කාර්තුවේදී වෙළඳ පොල වෙත නිකුත්වීමට නියමිත බවටත් පවසා සිටිනවා.

 

2013-01-22

සමාන මිනිස් රසායනයන් එකිනෙකා හමුවීම අපූරු අත්දැකීමක වූවාය



සමාන මිනිස් රසායනයන් එකිනෙකා හමුවීම අපූරු අත්දැකීමක වූවාය. ඉන්දියානු මිතුරියගේ භාෂා හැසිරවීම සිතුම් පැතුම් විලාසය බෙහෙවින් මාසිත්ගෙන තිබිනි.වරක් යමෙකුගේ සටහනක වූ අපූරුවැකියක් යලි සිහිගන්වන සුලුය. "සමාන මිනිස් රසායනයන් අතරේ භාෂාවතුල අර්ථයන් සමග හොඳින් ගැලපෙනවා පමනක් නොව වචන අතරේ එන නිහඬ අවකාශයේ අර්ථ තුලද පීලි නොපනින සුලුය.." විසුලු ගතියක් පෙන්වන මුත් අපූරු අර්ථයකින්ද එම වැකිය සමන්විතවුවාය.
                          ඇය විසින් අහබුලෙස හමුවූ සමාජ ජාල පිලිබද ලිපියක් මාගේ ටීටාව වෙත යොමුකර තිබිනි. එම ලේඛකයා අපූරු ලෙස සමාජ ජාලාවන් ගේ උපත හා වර්ධනය විස්තරකර තිබිනි. "එය විවිද ලෝහ හා ප්ලාස්ටික්  ආදීවූ භෞතික උපකරන මත විද්‍යුත් රටාවන් සමහ නිර්මානය වී තිබූ බව සැබෑමුත් තවදුරටත් එම භෞතික අර්ථ මතින් පමනක් වටහා ගත නොහැකි මිනිස්මය අවකාශ නිර්මානය කරමින් සිටියාය. ඒ අතර සමාජ ජාලායනු අරම්භයේදී පාසල්කලයේ හමුවූ මුත් පසුව සැතපුම් සියදහසක් දුරින් සිටින නිසාවට සබදකම් ගිලිහීයන මිත්‍රත්වයක් යලි සජීවි කරන්නට සහය වන අවකාශයකි වැනි සරල අර්ථ ඉක්මවා ක්‍රමයෙන් සමාජ යාන්ත්‍රනයේ ඉලෙක්ට්‍රොනික පිටපත බවට පත්වන්නට විය.අව්‍යාජ අනන්‍යතාවය අනිවාර්යවීම එම පරිවර්ථනයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂය විය. ලාබ උපයන අර්ථයෙන් ක්‍රියාත්මක වන විනෝදය සපයන සේවා සමාගමක හිමිත්වයේ සිට ස්වාධීන විද්වත් මඩුල්ලකගේ මෙහෙයවීමට යටත්ව විශාල සමාගම් කිහිපයක එකතුවෙන් සමාජ යාන්ත්‍රනයේ වගකිව යුතු සේවාවක් නැතිනම් කේන්ද්‍රස්ථානයක් සටහන් කරන කාරනවක් බවට සමාජ ජාලාව පත්වීම මිනිස් ජීවිත වඩාත් පහසුකරවන සුලු අත්දැකීමක් වූවාය.
                                                                   ආරම්භයේදී අසැබි දෑ පමනක් ප්‍රධාන කොට තහනම් කොට තිබූ සමාජ ජාලාවල ආගමික කාරනා වැනි අති පෞද්ගලික දෑ පිලිබද කථා බස් කරන්නට යෑම වඩාත් අසෑබි බව මිනිස් වර්ගයා තේරුම් ගැනීම එම ජාලාවන් සමස්ථ තලයේදී ඒකට එක්වී පෘතුවි වැසියන්ගේ සාමාජ මෙන්ම පෞද්ගලික ජීවිතවලට වඩාත් පහසු කරවන සුලු අවකාශයක් නිර්මානය කර දෙන්නට එයට මහත් පහසුවක් විය. මගේ ආගම මගේ ජාතිය මට උසස් මුත් එය ඔබගේ ජාතිය හෝ ආගම යටපත් කරන්නට යොදාගන්නක් නොවිය යුතු බව මෙන්ම පෘතුවි වැසියන් ලෙසට මගේ දෑ ‍රැක ගන්නටනම් මුලින්ම අපේ දෑ ‍රැකගැනීම වැදගත් බව මිනිස් වර්ගයා පිලිගැනීම මිනිස් ශිස්ඨාචාරයේ වෑතකදී සනි‍ටුහන්වූ අපූරුතම  හා වටිනාතම සටහන ලෙසට ඉදිරි සියවස් කිහිපයක් පුරාවට පවතිනු ඇති බව අනිවාර්යය". ලෙස ඔහු සටහන් කර තිබිනි.
(දත්ත මිනිසා)

2013-01-21

51% කලවුඩ් කම්පියුටිං සදහා කාලගුනය බලපාන බවට විස්වාස කරනවාලු......




ෆේස්බුක් ආයතනය සතු කාර්ය මංඩලය ලෙසට මේ වන විට තුන්දහස  ඉක්මවමින් සිටින බවට පැවසෙන අතර එය භාෂා 70ක් ඔස්සේ භාවිතාවෙමින් පවතින බවටයි  සටහන් වන්නේ.දෛනිකව භාවිතාකරන්නන් මිලියන 483ක් එම වෙබ් අඩවියට පිවිසෙන  බවට පැවසෙන අතර ඡායාරූ මිලියන 300 පලවෙන බවත් බිලියන 27ක් "Like" ලබාදීම් සිදුවන බවටයි නවතම ගනනයන් පවසන්නේ. තවත් ආයතනයක් කලමත විමසුමක් ඔස්සේ හෙලිව ඇත්තේ සාමන්‍ය ජනතාව අතරි තවමත් සියට 51ක් ක්ලවුඩ් කම්පියුටිං සදහා කාලගුනය බලපාන බවට විස්වාස කරන බවටත් සියයට 29 ක් ක්ලවුඩ් කම්පියුටිං හා කාලගුනය අතර  යම් සම්බන්දතාවයක් ඇති බවට විස්වාසකරමින් සිටින බවටයි සටහන් වන්නේ.

අන්තර්ජාලයට පාලකයෙකු අවශ්‍යකර තිබේ....



අන්තර්ජාලය සුඛෝපභෝගී පහසුවක්ය යන තත්වයේ සිට දෛනික ජීවිතයේ අත්‍යාඅවශ්‍ය පහසුවක් බවට සමහර රටවල නෛතිකව පිලිගන්නා මට්ටමේ සිට මග නොහැරිය හැකි පහසුවක් වෙමින් තිබේය යන්න දක්වා තවත් සමහර රටවල මේ වනවිටත් පිලිගැනෙමින් ඇත. ආරම්භයේදී එය විද්‍යාත්මක ව්‍යාපෘතියක ස්වරූපය ගත්තද මේවන විට මිනිසාගේ දෛනික ජීවිත්යේ සියලුම අංගයන් දක්වාම තම වපසරිය පතුරවාගෙන අවසන්ය. වෘතීය ජීවිතයේ මුලු පරාසය වටාම අඩු වැඩි වශයෙන් එය පැතිරී ඇත.
                                                    සාමන්‍ය ජීවිත වෙතට අන්තර්ජාලය අදාලවීම වැඩි වන්නට පටන් ගැන්මත් සමග හුදු තාක්ශනික කාරනා හෝ විනෝදාස්වාදන තත්වය ඉක්මවා ආගමික දේශපාලන ජාතික ආදීවූ සමාජීය තීර්නාත්මක කාරනා දක්වා එහි බලපෑම පවත්වන්නට පටන් ගෙන ඇත.ආරම්භයේදී තාක්ශනික විද්වතුන් මඩුල්ලන් කිහිපයකගේ ස්වෙච්ඡා සේවයෙන් තම ගමන් මග තීර්නය කරගත් අන්තර්ජාලය තවදුරටත් හුදු තාක්ශනික කරනාවක් ලෙසට තවදුරටත් පැවතිය නොහැකි බවට විවිධ දේශපාලනික ආගමික ආයතන යෝජනා කරන්නට මේ වනවිට කටයුතු කරමින් සිටී. අන්තර්ජාලය පාලනය කරන්නේ කවුද???? ඔවුනගේ ප්‍රධාන ගැටලුවකි. වරක් නන්නාදුනන  දේශකයා තම දේශනයකදී පවසා සිටියේ  "සියවස් ගනනකට පෙර දෙවිවරුන්ට පමනක් හිමියැයි සිතා සිටි හැකියාවක් අන්තර්ජාලය විසින් මිනිස් වර්ගයා වෙත ගෙනවිත් ඇත. එහෙත් ගැටලුව වන්නේ දේශසීමා මායිම් අදාල නොවන පෘතුවි විෂයක් සාගර වෙන්වීම් , දේශපාලනික වෙන්වීම් තවත් විටක ජාතික සංස්කෘතික වෙන්වීම් වලින් තවමත් වෙන්ව පාලන වෙමින් තිබෙන පෘතුවිය මතට කෙසේ බලපානු ඇත්දැයි කියාය."
                                                      මේ වන විට ගැටලුව මතුපිටට පැමිනෙමින් ඇත. රටවල් 193ක එකමුතුවක් වන එක්සත් ජාතීන්ගේ හමුවකදී සැබවින් අන්තර්ජාලය පාලනය කරමින් සිටින්නේ කවුද යන්න  විමසීමට ලක් කර ඇත. දිනකට ඩොමේන 144000 ක ප්‍රමානයකින් ලියාපදිංචි වෙමින් වේගයෙන් වැඩෙන අන්තර්ජාලය කොතරම් වේගයෙන් පෘතුවි මිනිස් වර්ගයාගේ අභ්‍යන්තරයට යමින් සිටිනවාට එක් උදාහරනයක් නම් එක්දිනයට යු ටියුබ් නම් ප්‍රකට වෙබ් අඩවියට පැය 72ක ප්‍රමානයක වීඩියෝවන් එක්වෙමින් තිබීම දැක්විය හැක. පෙරකී සමුලුවේදී අවධාරනය වූ කරුනු අතර වේගයෙන් වැඩෙමින් ඇති සයිබර් අපරාධ සංක්‍යාව ඉහලින්ම සදහන්ව ඇත. වෙබ් අඩවි වෙත අනවසර පිවිසුම් ,  තොරතුරු පැහැර ගැනීම් මෙන්ම  හානිකර මෘදුකාංග පැතිරීම් ද ඒ අතර ඇත.එසේම අපරාධ කරුවන් අන්තර්ජාලය භාවිතාව ඔස්සේ මත් දෘව්‍ය පැතිරවීමට සහය ගැනීම මෙන්ම නොයකුත් අපරාධ සදහා යොදා ගැනීම ආදිය ගැන එහිදී මහත්සේ කථා බහට ලක්වූ බවටයි සටහන් වන්නේ. රුසියානු යෝජනාවක් වූ රජයන්ට අන්තර්ජල පාලන සමසමව තිබුය යුතු බවට ඉදිරිපත්ව ඇති අදහස එහිදී වැඩි අවධානයක් ලත් බවටයි වාර්ථා පවසන්නේ.
                                                                                 ගූගල් ආයතනය මේ පිලිබදව මාධ්‍ය ආයතනයකට තම විරෝධය මිශ්‍ර අදහසක් පලකරමින් පවසා සිටියේ අන්තර්ජාලය වාරනය කිරීම  කිසිසේත් නොසුදුසු වනවා මෙන්ම  විවිධ මතවාදී රජයන් අතට එය පත්වීමට වඩා ස්වාධීන ආයතන අත එහි පලනය තිබීම වඩාත් සුදුසු වන බවයි.ගූගල් ආයතනය මෙම  විරෝධය වඩාත් අර්ථවත් කර ගැනීම සදහා මේ වන විට ඔන්ලයින් ආකාරයේ පෙත්සමක්  නිර්මානය කර ඇති අතර මේ වන විට ලොව පුරා මිලියන තුනකට අධික පිරිසක් එයට අත්සන් තබා ඇති බවටයි  පැවසෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් එම අඩවියට පිවිසෙනු හැකි වනු ඇත.

http://www.freeandopenweb.com/

2013-01-19

වින්ඩෝස් ෆෝන් 7.8 ජනවාරි මස අගදී...


පලවන නවතම වාර්ථා පවසන්නේ වින්ඩෝස් ෆෝන් 7.8 ජනවාරි මස අවසන් කාලයේදී නිකුත්කිරීමට නියමිත බවයි. දැනටමත් පැවසී ඇති පරිදි මෙම නව සංස්කරනය බොහෝ නවාංග ගෙන එමට නියමිත නැති වුවද භාවිතාකරන්නන්හට පහසුවෙන් හැසිරවිය හැකි ස්ටාර්ට් ස්ක්‍රීනයක් ‍රැගෙන ඒමට නියමිත බවයි. විවිධතාවයක් සහිත වර්ණ පසුතල මෙන්ම ටයිලයන්ගේ ප්‍රමානයන්ද වෙනස්කිරීමේ හැකියාවෙන් යුක්ත වනු ඇති බවයි. බාහිර පාර්ශවයක මෘදුකාංගයක්දැයි තවමත් පැහැදිලි නැති ලොක් ස්ක්‍රීනයක් පිලිබදවද තොරතුරු පැතිරෙමින් ඇති අතර දැනට හදුනාගෙන ඇති දුර්වලතාවයන් කිහිපයක් පිලිසකර කිරීම් වලින්ද සමන්විත වනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.

ස්කයිප් නව සංස්කරනයක් නවාංගයක්ද සමග....



මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ නව ස්කයිප්  නිකුතුව සමග පහසුවෙන් වෙබ් අඩවියක සදහන්ව ඇති දුරකථන අංකයක් වෙත ඇමතුමක්දීමේ  හැකියාව ඇතුලු දියුනු කිරීම් කිහිපයක්ද වන බවයි. ස්කයිප් හි  වින්ඩෝස් 6.5 හා මැක් 2.4 සංස්කරන සදහා "Click to Call " නවාංගය මේවන විට බාගතකර ගැනීමේ හැකියාව ලබාදී ඇති බවයි. වෙබ් අඩවි වල නොමිලේ ඇමතුමක් දිය හැකි අංකයන් පැහැදිලිව ඉස්මතු කරමින් පෙන්වන මෙම මෘදු අංගය ෆයර් ෆොක්ස් 18 හා ක්‍රෝම් 23 මෙන්ම වින්ඩෝස් 8 සමග පහසුවෙන් කටයුතු කිරීමට සමත් බවටයි පැවසෙන්නේ.
http://beta.skype.com/en/download-skype/click-to-call/

2015 වනවිට "ගිගාබයිට" වේගයක් සහිත අන්තර්ජාලය ඇමරිකාව පුරා....

 ඇමරිකානු බලධාරීන් පවසන්නේ 2015 පමන වන විට  තප්පරයකට ගිගා බයිට් එකක වේගයක් සහිත අන්තර්ජාල පහසුව තම රටපුරා ක්‍රියාත්මක කරවන්නට තමනට හැකිවනු ඇති බවටයි බලාපොරොත්තු පලකරන්නේ.තාක්ශනික මෙන්ම ආර්ථික ප්‍රබෝධයක් සදහා සාර්ථක හේතුවක් වෙතැයි බලාපොරොත්තු වන මෙම "ගිගා බයිට මට්ටමේ තොරහුරු හුවමාරුවන සමාජය" තොරතුරු තාක්ශනය සදහා මීලග යුගය කැදවන්නට හැකිවනු අති බවටයි ඔවුන් පවසන්නේ. ගූගල් ආයතනය මෙන්ම නගර මට්ටමෙන් සිදුවූ ෆයිබර් ජාලා භාවිතය තුල ලබා ඇති සාර්ථකත්වය මෙම තිර්න කෙරෙහි වැඩි පෙලබවීමක් කර ඇති බවටයි සටහන් වන්නේ.
                          මේ වන විට ගූගල් ආයතනය තම තොරාගත් ප්‍රදේශ කිහිපයකට මෙම සේවාව සපයමින් සිටින අතර මාසිකව ඩෝලර් 70ක පමන ගාස්තුවක් අයකරමින් සිටින අතර ආම්තර උපකරන සදහා ඩෝලර් 300 ගෙවීමක් සමග එය තප්පරයකට ගිගා බයිට 5 දක්වා ඉහලට නැංවා ගැනීමටත් පහසුකම් සලසා ඇති බවටයි සටහන් වන්නේ.

එලබෙන සති කිහිපය මයික්‍රසොෆ්ට් ආයතනයට කාර්ය බහුල වනු ඇති බවට


මයිකේසොෆ්ට් ආයතනය තම නවත්ම බ්‍රවුසරයවන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි වින්ඩෝස්7 සදහාවන සංස්කරනයේ බිටාවක් න්කුත්කරනු ලැබුවේ පසුගිය නොවැම්බරයේය. ඔවුන්  එම බීටා සංස්කරනයේ පසු සංස්කරනයක්ද ‍තෝරාගත් අත්හදා බලන්නන් අතරේ මුදාහරිනු ලැබූ අතර මේ  වන විට අවසාන බීටා සංස්කරනයද නිකුත්කොට ඇති බවටයි සටහන් වන්නේ. තවමත් අවසාන සංස්කරනයට නිල ලෙස දින නියමයක් නොමැතිමුත් මේ වන විට අවසන් සංස්කරනයට බෙහෙවින් සමානවන අවසන් බීටා වංස්කරනය මේ වන වින් වින්ඩෝස්7 භාවිතාකරන්නන්හට බාගත කරගත හැකි බවටයි සටහන් වන්නේ.
                    ආයතනය දෙසින් පලවන ආරන්චිවලට අනූව එලබෙන සති කිහිපය මයික්‍රසොෆ්ට් ආයතනයට කාර්ය බහුල වනු ඇති බවට බලාපොරොත්තු වන්නේ වින්ඩොස් 7 සදහ වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා10 සංස්කරනය නිකුත්වීම සේම වින්ඩෝස් ප්‍රෝ ටැබ්ලටය මුදා හැරීම මෙන්ම ඔෆ්‍ෆිස් 2013 මීලග ඔෆ්ෆීස් මෘදුකාංගයේ අවසන් සංස්කරනය වෙළඳ පොලට නිකුත්කිරීම ආදිය සිදුවීමට නියමිත නිසාය.

http://windows.microsoft.com/en-US/internet-explorer/downloads/ie-10/worldwide-languages

2013-01-16

ෆේස්බු නව සෙයුම් යන්ත්‍රය Graph search එලිදක්වයි!!!!


පසුගිය සති කිහිපය තුලම ෆේස්බුක් ආයතනය මාධ්‍යවෙදීන් වෙතට ආරාධනා කර සිටියේ එලබෙන 15 දා තමන්ගේ නවතම ඉදිරිපත්කිරීම සමග එක්වන්නට එන්නටයි කියාය. බොහෝ දෙනා බලාපොරොත්තු වූවේ කලන්තරයක් තිස්සේ කථා බහට ලක්වෙමින් තිබූ ෆේස්බුක් දුරකථනය හදුන්වාදීම මෙදින සිදුවෙනු ඇතැයි කියාය.
                       මාධ්‍ය හමුවේදී පැවසුනේ වෙනත් කාරනාවක්ය. ෆේස්බුක්හි බිලියනයකට ඉක්මවන සාමාජිකයින් බිලියන 240කට වඩා ඡායාරූ  මෙන්ම ට්‍රිලියනයකට වඩා සබදතා අතර පහසුවෙන් පිහිනා යමින් ඔබට අදාලවූ සෙයුම් ප්‍රථිපල ලබා දිය හැකි සෙයුම් යන්ත්‍රයක්  හදුන්වාදීම එහිදී සිදුවිය.ෆේස්බුක් පවසන්නේ සාම්ප්‍රධායික සෙයුම් ප්‍රථිපලයකදී මෙන් නොව වඩාත් ඔබටම අනන්‍යවූ සෙයුම් සීමා කිහිපයකින් පෙරාගත් ප්‍රථිපල ‍රැගෙන එන්නට  තම Graph search සෙයුම් යන්ත්‍රය සහය වනු ඇති බවයි. උදාහරන ලෙස ඔවුන් පවසා සිටියේ සාම්ප්‍රධායික සෙයුම් යන්ත්‍රයක "'hip hop" වැනි  වදනක් සොයනවා වෙනුවට තම නව සෙයුම් යන්ත්‍රය සමග "-'my friends in New York who like Jay-Z'" වැන්නක ප්‍රථිපල සෙවීම ඔවුන් දක්වා සිටිනවා. එවන් සෙවුමකදී ඒයට අදාල ඡයරූ, පුද්ගලයන් , ස්ථාන අදී ෆේස්බුක් තුල ඔබ හා බෙද හදා ගෙන ඇති සියලුම තොරතුරු වලින් එම සෙයුම් ප්‍රථිපලය සමන්විත වන බවටයි සටහන් වන්නේ. තවමත් බීටා මට්ටමේ ඇති මෙම පහසුව ඔබ්ටත් ලබා ගැනීමට පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිස ඉල්ලුම්කරන්නට හැකිවනු ඇත.

https://www.facebook.com/about/graphsearch

2013-01-15

ඔබගේ කටහඬින් බ්‍රවුසරය මෙහෙයවන කාලය පැමිනෙමින් ඇත...



ගූගල් ක්‍රෝම් 24 සමග නවාංගයන් භාවිතාකරන්නන් සදහා ‍රැගෙන විත තිබුනේ නැත. ප්ලෑෂ් සදහා යාවත්කාලීනයක් හා බ්‍රවුසරයේ වේගවත්බව දියුනු කිරීම සදහා උත්සාහයක් හැරුනු විට අවධානය දිනා ගන්නා තරමේ වැඩි යමක් නොතිබිනි. එහෙත් ක්‍රෝම්25 බීටා සංස්කරනය එසේන් නොවනු ඇති බවට මේ වන විටත් කරුනු පලවෙමින් ඇත. ඔබගේ කටහඩින් බ්‍රවුසරය හැසිරවීමේ අවස්ථාව එම සංස්කරනය සමග පැමිනෙන්නට ඉඩ ඇති බවටයි වාර්ථාවෙමින් පවතින්නේ. කටහඩ මෙහෙයවමින් "ඔන් ලයින්" ආකාරයේ ලිපියක් සකසා ගැනීමට , පරිගණක ක්‍රීඩාවක් මෙහෙයවා ගැනීමට වැනි ක්‍රෝම් ඇප්ලිකේෂනයක් ක්‍රියාත්මක කර  ගැනීමට මෙම නව ඇප් පහසුව සහය වනු ඇති බවටයි බලාපොරොත්තු පල වෙමින් ඇත්තේ.
                        මීට අමතරව බාහිර මෘදුකාංග කොටස් නිහඬවම බ්‍රවුසරය වෙතට ස්ථාපනය වීමේ අවස්ථව සීමා කරන්නට මෙම සංස්කරනය තුල ඔවුන් කටයුතු කරනු ඇති බවටයි සටහන් වන්නේ.භාවිතාකරන්නාගේ දැනීමකින් තොරව මෙලෙස ස්ථාපනය වන සමහර  මෘදුකාංග කොටස් නිසා පරිගණකය බොහෝ සෙයින් වේගය අඩුවීමේ චෝදනාව නැගෙමින් තිබූ අතර නව වෙනස්කම් සමග භාවිතාකරන්නාගේ අනුදැනුමෙන් තොරව එසේ කල නොහැකි වනු ඇති බවටයි කරුනු සටහන් වන්නේ.මීට අමතරව බ්‍රවුසරයේ ආරක්ශාව පිලිබදවද වැඩිදුර දියුනුකිරීම් කිහිපයක් එලබෙන සංස්කරනයට එකතුවීමට නියමිත බවටයි සටහන් වන්නේ.

2013-01-14

වින්8 හා ධවනය විය හැකි ප්ලෑෂ් වෙබ් අඩවි ප්‍රමානය ඉහල යමින් පවතී...




මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස්8 හදුන්වාදෙමින් පැවසුවේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා අමතර ප්ලගීනයන් භාවිතකරන්නට නොලැබෙන බවය. පසුව ප්‍රකාශකර සිටියේ වින්ඩෝස්8 හි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 මොඩර්න් සංස්කරනයේදී හැරෙන්නට ඩෙස්ටොප් සංස්කරනය සමග ෆ්ලෑෂ් ගොනු ධාවනය සදහා ඉඩ ලැබෙන බවයි. නිකුත්වන නවතම පුවතකට අනූව පැවසෙන්නේ එක්ස්ප්ලොරා හි මොඩර්න් සංස්කරන සමගද ප්ලෑෂ් ගොනු ධාවනයට ඉඩ සැලසෙන අතර ඒ සදහා එම ප්ලෑෂ් වෙබ් අඩවි වින්8 ප්ලෑෂ් සමග සැසදෙන  මට්ටමක පැවතිය යුතු බවයි.
   මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම මොඩර්න් සංස්කරනය සමග ක්‍රියාත්මක විය හැකි වෙබ් අඩවි පිලිබද ගොනුවක් ඔන් ලයින් ආකාරයට පවත්වාගෙන යන අතර දැන එහි ප්ලෑෂ් වෙබ් අඩවි  4300 පමන ලිපින අඩංගු වන බවටයි සටහන් වන්නේ. මාසයකට නව වෙබ් ලිපින 1000ක පමන වේගයකින් එම ගොනුව වර්ධනය වෙමින් පවතින බව පවසන ඔවුන් වෙබ් අඩවි හිමියන් හට පවසා සිටින්නේ තම වෙබ් අඩවි මෙම ගොනුවට ඇතුලත් කිරීම සදහා මේ වනවිට ඉල්ලා සිටිය හැකි වන බවයි.වින්ඩෝස් 8 හි ඩෙස්ටොප් සංස්කරනයට අදාල ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය සදහා මෙම ප්ලෑෂ් ගැටලුව අදාල නොවන බවටත් වැඩි දුරටත් සටහන් වනවා.

http://msdn.microsoft.com/en-us/library/ie/jj193557(v=vs.85).aspx#submitting_your_site_for_consideration_for_internet_explorer_compatibility_

පහසු බ්‍රවුසරයක් හදුනාගනිමු



සංකීර්න දෛනික ජීවිතයක් ගතකරන ඔබ හට දිනය පුරාම එකම දත්ත උපකරනයක් ඔස්සේ කටයුතු කිරීම අපහසු කාරනාවකි. විවිධ දත්ත උපකරන සමග කටයුතු කරන්නට යාමේදී මතුවන ප්‍රධානතම ගැටලුවක් වන්නේ එක් උපකරනයකින් ආරම්භකල කාරනාවක් තවත් උපකරනයක් ඔස්සේ පවත්වාගෙන යාමේදී නැවත නැවත එය මුලසිටම අරබන්නට සිදුවීමයි. වර්ථමාන දත්ත ජීවිතයේදී මහත්සේ බහුල ගැටලුවක් වන මෙය සදහා වර්ථමානයේ බොහෝ මෘදුකාංග නිෂ්පාදකයින්ගේ අවදානය යොමුව ඇති බව දකින්නට පුලුවන.වින්ඩෝස් 8 සමග පවා මේ සදහා විසදුමක් ගෙනෙන්නට කටයුතු කොට ඇත.
               මෙම බ්‍රවුසර මෘදුකාංගයද ක්ලවුඩ් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් මෙම ගැටලුව සදහා විසදුමක් ගෙනවිත් ඇත. එක්  උපකරනයකින් ඇරබි අන්තර්ජාල සෙයුම් ක්‍රියාවලියක් පහසුවෙන් තවත් උපකරනයක් සමග.........
www.siriwansa.com 

ආරක්ශක මෘදුකාංගයක් ‍තෝරා ගැනීමට සරල සහයක්

පරිගණකය වෙත ආරක්ශක මෘදුකාංග කට්ටලයක් ‍තෝරාගැනීමේදී  මූලිකව සමස්තයක් ලෙසට සැලකිය යුතු කාරනා අතර එහි වේගවත් බව සාර්තක බව මෙන්ම ඔබවෙත ගෙනෙන අනු ආරක්ශක උපාංග ගැන සැලකිලිමත් වීම වැදගත් වේ. වෙගවත් බව සැලකීමේදී එම මෘදුකාංග ඉල්ලා සිටින ‍රැම් මතක ප්‍රමානය ප්‍රොසෙසර් වේගය ආදිය පිලිබදව සැලකිලිමත්විම වැදගත්වේ. සාර්ථක බව සැලකීමේදී බොහෝ ආයතන විසින් කලකට වරක් නිකුත්කරන ආරක්ශක මෘදුකාංග සැසදීම් වාර්ථා ප්‍රයෝජනයට ගත හැකි අතර කිසිදු ආරක්ශක මෘදුකාංගයක් 100% සහතික කල ආරක්ශාවක් ලබදීමට නොහැකිවීමේ යථාර්තය අමතක නොකල යුතුය.
                     අමතර ආරක්ශක උපාංග සැලකීමේදී අමතර ෆයර් වෝලය පිලිබද වෙළඳ මෘදුකාංග සමාගම් ලබාදෙන අමතර පහසුකම්, එනම් මූලික මෙහෙයුම් පද්ධතියත් සමග එන ෆයර් වෝලයට වඩා සැකසුම් අවස්ථාවල් නොසලකන්නේ නම්.........
www.siriwansa.com 

USA Today පුවත් පත නැවත බොරු කියයි... චෝදනාවක්



ඇමරිකානු ප්‍රධාන පෙලේ පුවත්පතක් වන USA Today පුවත් පතෙහි දෙවන වරටද වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධතියේ ආරක්ශිත භාවය ගැන ව්‍යාජ කරුනු දැක්වීමක් සහිත ලිපියක් පලකිරීම සම්බන්දයෙන් චෝදනා එල්ල වෙමින් පවතින බවටයි වාර්ථා වන්නේ. මෙවර කතුවැකිය සමග එහි සටහන්ව ඇත්තේ වින්ඩෝස් 8 ඇප්ස් ස්ටෝර්ව තුල මහත්සේ ආසාධිත ඇප්ස් පවතින බවත් භාවිතාකරන්නන් වෙත බොහෝවිට මෙම ඇප්ස් සමග ගැටලු ඇතිවීමට ඉඩ ඇති බවත්ය. මෙම චෝදනාව සදහා ඔහු පදනම් කර ගන්නා එක් සාධකයක් නම් ඇන්ඩ්‍රොයිඩ් ඔස්සේ භාවිතාකරන්නන්  වෙත එල්ලවූ අපහසුතාවයන්ය. ඔහුට මගහැරී ඇති සාධකයනම් එම බොහෝ ආසාධිත ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් එම භාවිතාකරන්නන් විසින් ලබා ගනු ලැබුවේ ගූගල් ඇප්ස් ස්ටෝර්ව තුලින් නොව බාහිර සයිබර් ස්ථානවලින් බවයි විචාරකයින් පවසන්නේ.
                    වින්ඩෝස් 8 සමග භාවිතාවන වින්ඩෝස්8 ඇප්ස් ස්ටෝර්වෙන් ලබා ගන්නා සියලු  ඇප්ස් මෘදුකාංගයන් ඩිජිටල් ආකාරයේ සහතිකයක් සහිත වන අතර බාගත කිරීමේ සිට භාවිතාකිරීමේදී දක්වා විටින් විට එම සහතික බව විමසන අතර  පරස්පර බවක් හදුනා ගත් සැනින්  භාවිතාකරන්නා වෙත ඒබව දන්වා නියම මෘදුකාංගය සදහා ඇප්ස්ටෝර්ව වෙත යොමු කරන බවත් ඔවුන් පවසා සිටිනවා

හදුනාගෙන ඇති ජවා ගැටලුව මේ සතියේ විසදෙනු ඇත...



පසුගියදා ජාවාහි හදුනා ගෙන ඇති දුර්වලතාවයක තුලින් පරිගණක වෙතට එල්ල විය හැකි හානිය සලකා ඇමරිකානු රාජ්‍ය ආයතනයකින් පවා නිකුත්කල නිවේදනයකින් පැවසුනේ බ්‍රවුසරයන් මත ජාවා ක්‍රියාකාරීත්වය වලකන්නට ක්‍රියාත්මකවීම භාවිතාකරන්නන්ගේ යහපතට හේතුවනු ඇති බවය.මේ වනවිට ඔරකල් ආයතනයෙන් මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාවා7 වෙත මූලිකව බලපාමින් ඇති දුර්වලතාවය තමන් හදුනා ගෙන ඇති බවත් හැකි ඉක්මනින් පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවත්ය. මිලියන 850ක් පරිගණක වෙත නුකුත්වන්නට නියමිත මෙම පිලිසකර බොහෝ දුරට මෙම සතිය තුල නිකුත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6-8 වල හදුනාගෙන තිබූ දුර්වලතාවය සදහා යාවත්කාලීනයක් නිකුත්වේ


මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා පසුගිය කාලයේ මහත් කථාබහට ලක්වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6-8 සංස්කරනයන්හි හදුනාගෙන තිබූ අතිශය මට්ටමේ දුර්වලතාවය සදහා පිලිසකර යාවත්කාලීනයක් අද නිකුත්කිරීමට නියමිත බව.දෙසෙම්බර් මස 29 සිට මෙම ගැටලුව පිලිබදව කථාබහට ලක්වූ අතර සාමාන්‍ය ක්‍රමවේදයෙන් පිටදී නිකුත් කෙරුනු මෙම යාවත්කාලීනය ස්ථාපනයෙන් පසුව පරිගණකය නැවත පනගැන්වීමේ අවශ්‍යතාවයෙන් යුක්ත වනු ඇති බවටයි නිවේදනය වන්නේ. කෙසේ වෙතත් ආයතනයෙන් පැවසෙන්නේ වඩාත්ම පහසුවෙන් මෙම ගැටලුව විසදා ගත හැකි ක්‍රමය වන්නේ  තම බ්‍රවුසරය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හෝ 10 දක්වා ඉහලතල ගන්වා ගැනීම බවටයි සටහන් වන්නේ.

2013-01-13

"බ්‍රවුසරයන් මත ජාවා ක්‍රියාකාරීත්ව අත්හිටවන්න" ඇමරිකානු ආරක්ශක ආයතනයක් පවසයි.



ඇමරිකානු එක්සත් ජනපදයේ ආරක්ශාව පිලිබද කටයුතු කරන ආයතනයකින් පසුගියදා නිකුත්ව ඇති නිවේදනයකට අනූව කියවෙන්නේ අන්තර්ජාල භාවිතාකරන්නන් තම බ්‍රවුසරය තුල ජාවා ක්‍රියාකාරීත්වය නතරකර දැමීමට කටයුතු කිරීම වැදගත් පියවරක් වනු ඇති බවය. පසුගිය සතියේ නිකුත්ව ඇති මෙම නිවේදනයට පදනම්ව ඇත්තේ හදාරන්නන් විසින් ජාවාහි පෙර සැකසුම් දුර්වලතා ඔස්සේ පහරදෙන්නන් පරිගණක වෙත අසාධිත වෙබ් අඩවි ඔස්සේ  මැල්වෙයාර් ආකාරයේ මෘදුකාංග  යොමු කරවන්නට වඩ වඩාත් පෙලබෙමින් සිටින බවට කරනු ලැබූ හෙලි කිරීමත් සමගය. වැඩිදුරටත් පැවසෙන්නේ මෙම ආකාරයේ පහරදීම් සදහා යොදා ගන්නා "කෝඩ්" සටහන් බහුලව පැතිරෙමින් ඇති බව හදුනා ගනිමින් සිටින බවයි. මේ සදහා වැඩි විසදුමක් මේ වන තෙක් ඔවුන් ප්‍රකාශයට පත්කොට නොමැති අතර ඔරකල් ආයතනයෙන්ද මේ පිලිබදව මෙතෙක් කිසිදු ප්‍රකාශයක්  නිකුත්වී නොමැති බවටයි පැවසෙන්නේ.

"බින්" සෙයුම් යන්ත්‍රය මදක් ඉදිරියට..



පලවන වාර්ථා පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම බින් සෙයුම් යන්ත්‍ර සමග සෙයුම් යන්ත්‍ර තරයේ තීරනත්මක වෙනසක් අත්පත් කර ගන්නට පසුගිය මාස කිහිපය තුල සමත්ව ඇති බවකි.ඔවුන් පවසන්නේ ගූගල් සෙයුම් යන්තරයට එරෙහිව සලකන කල එය යම් ප්‍රගතියක් පෙන්නුම් කරමින් සිටින බවකි.මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය කාලයේ රූපවාහිනි දැන්වීම් මට්ටමින් පවා ගූගල් සෙයුම් යන්තරයට සාපේක්ශව තමන් සතු සුවිශේෂීතා ඉස්මතුකර වන්නට කටයුතු කරමින් සිටියේය.
                    මයික්‍රසොෆ්ට් පවසන්නේ ගූගල් සෙයුම් යන්ත්‍රය තම භාවිතාකරන්නන්ගේ පෞද්ගලික බව අතිශය නොසලකන බවයි එසේම මුදල් ගෙවා පලකරනු ලබන දැන්වීම් වලට දෙනු ලබන ප්‍රවනතාවය තුලින් සැබෑ සෙයුම් ප්‍රථිපලයක් භාවිතාකරන්නාට ලබා ගැනීම වැලකෙන්නට කටයුතු කරමින් සිටින බවයි. දෙසැම්බරයේ සෙයුම් යන්ත්‍ර භාවිතය පිලිබදව ගනන වාර්ථාවලට අනූව ගූගල් සෙයුම් යන්ත්‍රය සියයට 0.3ක පහත වැටීමක් පෙන්නුම් කරන අතර බින් සෙයුම් යන්ත්‍රය සියයට 0.1ක වර්ධනයක් පෙන්නුම් කරන බවකි.පහත දැක්වෙන වගුව හැදෑරීමෙන් වැඩි දුර තොරතුරු ඔබට ලබාගත හැකි වනු ඇත.

-සියලුම උපාංග සදහා එකම මෙහෙයුම් පද්ධතියක්- Ubuntuද සුදානම්ය


උබුන්‍ටු වෙතින් ප්‍රථම වරට ස්මාර්ට් මට්ටමේ දුරකථන සදහාවන පූර්න මෙහෙයුම් පද්ධතියක් මෙම මස මුල්භාගයේ එලි දක්වනු ලැබුවා. ඔවුන් පවසා සිටියේ මෙම මෙහෙයුම් පද්ධතිය මීට පෙර නිකුත්ව තිබූ ඇන්ඩ්‍රොයිඩ් සමග ක්‍රියාත්මකවූ ආකාරයේ දෙමුහුන් මට්ටමේ මොබයිල් මෙහෙයුම් පද්ධතියක් නොවන බවයි.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම නව මොබයිල් සංස්කරනය සැහැල්ලු හා වැඩි නම්‍යතාවයකින් යුතු සංස්කරනයක් ලෙසින් භාවිතාකිරීමේ හැකියාව ඇති මෙහෙයුම් පද්ධතියක් වන බවයි.
                          ස්මාර්ට් මට්ටමේ සියලුම පාහේ දුරකථන සදහා ගැලපෙන ලෙසට නිර්මානය කර ඇති මෙම නව මෙහෙයුම් පද්ධතියෙහි Galaxy Nexus දුරකථන සදහා වන සංස්කරනයක්........
www.siriwansa.com

2013-01-12

මයික්‍රසොෆ්ට් සමාගම තම ප්‍රචාරන කලාව තුලද තීර්නාත්මක වෙනසක් වෙතට.......



.... පසුගිය මෑතකාලයේ මයික්‍රසොෆ්ට් සමගමේ වෙළඳ ප්‍රචාරන වැඩ පිලිවල් දෙස බලනකොට අපට පෙනෙන දෙයක් තමයි ඔවුන් වින්ඩෝස් 8 සමග සාම්ප්‍රධායික ඩෙස්ටොප් ප්‍රමුක මෙහෙයුම් පද්ධති රටාවෙන් තීර්නාත්මක හැරවුමක් ලබාගත්තා වාගේම , සර්ෆේස් පරිගණක උපකරන සමග තම සුපුරුදු මෘදුකාංග මූලික ව්‍යාපාරික රටාවෙන් මිදුනා වාගේම , හුදු එක් දෙසකට ගමන්කරන ප්‍රචාරන කලාවෙන් ඉවත්ව අන්තර්ක්‍රියා මට්ටමේ ප්‍රචාරනයන් දෙසට ගමන් කරමින් සිට්න බව.එම වෙළඳ දැන්වීම තුල මවන පරිසරයකදී මානසිකව නිර්මානය වන අන්තර්ක්‍රියාවක් පමනක් නොව  අවසනයේදී එම වෙළඳ දැන්වීම ගෙනෙන යම් යෝජනාවන් පිලිබදව තේරිම්  අවස්තාවල් මත ප්‍රායෝගිකව අදහස් පල කරන්නට හෝ කැමැත්තයන් ‍තෝරා පල කිරීමට තරම් සංක්‍රීය මට්ටමකට නරබන්නන් ගෙන එන්නට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. මෑතකදී ඔවුන් පලකල වින්ඩෝස් ෆෝන් පිලිබද දැන්වීමකදීද මේ බව දක්නට ලැබෙනවා. ඔවුන් පවසන්නේ අවසානයන් තුනක් සහිත දැන්වීම් වීඩියෝවන් තුලින් තමන් වඩාත් ප්‍රිය කරන දැන්වීම ‍තෝරන ලෙසටයි......

(නන්නාදුනන දේශකයාකගේ දේශනයකින් උපුටා ගැනිනි)

 

සංවේදී තොරතුරු සම්පූර්නයෙන් පරිගණකයෙන් ඉවත්කරන්නට සහයවන මෘදුකාංගයක්


 ඔබගේ පරිගණකයේ ඔබ සිතනවාට වඩා බොහෝ තොරතුරු තැන්පත්වේ. විටක ඔබගේ දත්ත උපකරනයත් සමග හැසිරීම් මෙලෙස සටහන්වීම තවත් විටක දී ඔබ වෙතට වැඩි වේගයකින් එම තොරතුරු ගෙන ඒමට සහය වනවා සේම තවත් විටකදී පහර දෙන්නෙකුට ඔබගේ තොරතුරු පැහැර ගැනීමට පහසුවක්ද සලසනු ඇත. උදාහරනයක් ලෙසට ඔබගේ සයිබර් හැසිරිම පිලිබද තොරතුරු මෙලෙස බ්‍රවුසරය මත තැන්පත්ව තිබීම තවත් විටකදී එම අඩවිය සමග කටයුතු කිරීමේදී මහත් පහසුවක් සලසනවා සේම තවකෙකුට වෙළඳ වටිනා කමක් ඇති තොරතුරු ගොනුවක්ද වියහැක.
             මෙම මෘදුකාංගය එලෙස ඔබ නොදැනුවත්වම ‍රැස්කරගන්නා තොරතුරු ගොනු මකදැමීමට සහය වනවා පමනක් නොව ඔබේ පරිගණකයේ මෙම තොරතුරු ‍රැස්කරගන්නා මෘදුකාංග පිලිබදවද ඔබට තොරතුරු ලබාදෙන බවටයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ මෙම තොරතුරු මකාදැමීමේදී ආරක්ශිතව එය සිදුවන බවත් හා ඔබට ‍තෝරා ගැනීමේ අවස්ථාවන් බොහොමයක් ඔස්සේ එය පාලනය කිරීමේද අවස්ථාව ලැබෙන බවයි.

http://www.siriwansa.com/SOFTWARE.php

අලුත්ම දේ ‍රැගෙන දෛනිකව අලුත්වන වෙබ් අඩවියක් බවට.....

පරිගණක තොරතුරු, මෘදුකාංග, වීඩියෝ වැඩසටහන්,නව වෙබ් අඩවි තොරතුරු, තොරතුරු තාක්ශනික සංකල්ප මත නිර්මනය වන නිර්මානශීලී සටහන්  ඇතුලත් ප්‍රධාන වෙබ් අඩවිය දෛනිකව යාවත්කාලීන වෙමින් ඔබගේ පැමිනීම බලපොරොත්තුවෙන් සිටින බව දැනුම් දෙනු කැමැත්තෙමි.සෑම දිනකම වටිනා මෘදුකාංගයක්, ඇප්ස් ආදිය මෙන්ම හෙට දින සිට දවසේ පරිගණක ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු වීඩියෝ වැඩසටහනක්ද ඔබ වෙනුවෙන් මෙම අඩවිය ඔස්සේ ‍රැගෙන එනු ඇත.ඔබගේ ජීවිතයේ පරිගණක තොරතුරු පිලිබද සිංහල සහයෙකයෙකු වන්නට අදිටනින් ක්‍රියාත්මක වන මෙම අඩවිය තනි පුද්ගලයෙකුගේ කැපවීම මත ක්‍රියාත්මක වන්නක් බැවින් එහි වන අඩුපඩු පෙන්වා දෙමින් හා වටිනාකම් අගයමින් සහයවීම මහත් දීරියකි. ඔබගේ අදහස් දක්වීම් 0773491916 දුරකථනය ඔස්සේ නිරන්තරයෙන් බලාපොරොත්තු වන බව ගෞරවයෙන් දන්වනු කැමැත්තෙමි.

www.siriwansa.com

තිරයේ භෞතික සීමාව තවදුරටත් වලංගු බාදයක් නොවනු ඇත....



ඔවුන් පවසන්නේ තව දුරටත් ඔබගේ පරිගණක ක්‍රිඩාව හුදු රූපවාහිනී තිරයේ කුඩා සීමාවට කො‍ටුවී තිබිය නොයුතු බවයි.නිමවෙමින් පවතින ව්‍යාපෘති මට්ටමේ ඇති IllumiRoom සමග එය සෑබෑවක් වෙමින් ඇත. රූපවාහිනියේ පසුබිමද ඔබගේ පරිගණක ක්‍රීඩාවේ තිරය බවට පත්වන මෙම නව හදුන්වාදීම තුලදී ඔබගේ රූපවාහිනි කාබරය මතම දිග හැරෙන වඩාත් සජීවී අත්දැකීමක් ‍රැගෙන එන්නට සුදානම් වෙමින් සිටින බවටයි පැවසෙන්නේ.
                                   Kinect  තාක්ශනය ඇසුරින් නිර්මානය වන මෙම නව හදුන්වාදීමේදී රූපවාහිනී තිරය ප්‍රමුකව පසුබිම් දර්ශනයන් රූපවාහිනියේ පසුබිම පුරා විසිර යන අතර ක්‍රීඩාවට පෙර හදුනා ගන්නා කාබරයේ පසුබිම් සැකසුමට අනූව  ප්‍රොජෙක්ටරයක මාර්ගයෙන් රූපවාහිනී තිරයට සමාන්තරව මෙම අපූර්ව ගොඩ නැගීම සිදුවන බවටයි සටහන් වන්නේ.

 

අපූරු අවන්හල් මේසය



මෙය අවන්හලක මේසයකි. එම අවන්හලට ගොඩ වදින ඔබට මෙම මේසය සමග අසුන් ගත හැක. ඔබගේ අවශ්‍යතාවයන් මෙම මේසයේ  මතුපිට ඇති ස්පර්ශක මිත්‍ර මෙනු තුලින් ‍තෝරා ඇනවුම් කලද හැක. එසේම ඒවා සදහා ගෙවීම් කරන්නටද මෙම මේසය මතුපිට ඇති පරිගණක තිරය සහය වනවා පමනක් නොව, ඇනවුම් කල ආහාර පිලිවල වන තෙක් අන්තර්ජාලයේ සැරිසැරීම වැනි කටයුත්තකද යෙදිය හැක. ඉන්ටෙල් ප්‍රොසෙසරයක් සහිත මෙම පරිගණක මේසය ගිගා බයිට 2ක ‍රැම් කාඩ්පතකින් සමන්විත වන අතර ගිගා බයිට 128ක සොලිඩ් ස්ටේට්  ඩ්‍රයිව් පතකින්ද සමන්විතය. වින්ඩෝස්7 මෙහෙයුම් පද්ධතියෙන් මෙහෙයවන මෙම අවන්හල් මේසයහි මිල ගනන් පිලිබදව නම් සදහනක් නොතිබිනි.අනාගත අවන්හලක මේසයක් ලෙසින් බලාපොරොත්තු විය හැකි මෙම නිර්මානය මේ දිනවල පැවැත්වෙන ප්‍රධාන පෙලේ තාක්ශනික උපාංග ප්‍රදර්ශනයේදී ඔබටත් දැක ගත හැකි වනු ඇත.

2013-01-11

බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත වැසියන්ට NOW TVසේවාව නොමිලේ.....

ඔබ බ්‍රිතාන්‍යයේ හෝ අයර්ලන්තයේ වෙසෙන්නෙක් නම් මේ වන විට පිහිටවා ඇති මධ්‍යස්ථාන 800 ඔස්සේ XBOX 360 සමග NOWTV සමග සම්බන්දවීමේ හැකියාව නොමිලේ පවතින බවටයි නිවේදනය වන්නේ. ආයතනය පවසන්නේ ඔබ මෙම රටවල් දෙකෙහි වාසය කරන්නැක් නම් ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතෙහි තොරතුරු සමග  XBOXOFFER ප්‍රවර්ධන අංකය එම සේවයේ ප්‍රධාන වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙමින් ලියා පදිංචි විමෙන් එම සේවාවට අදාලව තැන්පත්ව ඇති වීඩියෝ පට නැරබීමේ හැකියාව ඉදිරි දින 30 සදහා නොමිලේ ලබා ගත හැකි බවත් මෙන්ම කැමති අවස්ථාවකදී එම ලියාපදිංචිය අවලංගුද කල හැකි බවයි. වැඩි විස්තර පහත දැක්වෙන වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි වනු ඇත.


http://www.nowtv.com/land?referrer=Xbox&DCMP=erd-nowtv:nc_Xbox_console_home_wk6Aug12

මයික්‍රසොෆ්ට් සමහර සේවාවන් යතාතත්වයට පත්වෙමින් තිබෙන බවට



මයික්‍රසොෆ්ට් හොට්මේල් හා අවුට් ලුක් සේවා වල බිඳවැටීමක් පිලිබදව ගතව ගිය දින දෙකතුලම වරින් වර්ථාවන අතර මේ වන විටත් අවුට්ලුක් වැනි සේවාවක් ඔස්සේ ෆේස්බුක් ගිනුමක් හා සම්බන්දතාවයක සැකසුම් -සෙටින්- යාවත්කාලීන කිරීමේ හැකීයාව අඩපනව ඇති බවටයි වාර්ථා පවසන්නේ.තවමත් සමහර භාවිතාකරන්නන් හට තම මැසෙන්ජර් ගිනුම ඔස්සේ ස්කයිප් භාවිතාකිරීමේ නොහැකියාවක්ද පවතින බවට වාර්ථා වන අතර මයික්‍ර සොෆ්ට් ආයතනය පවසන්නේ මතුව තිබූ සමහර ගැටලු මේවන විටත් විසදී ඇති බවත් ඉතිරිව ඇති ගැටලු සදහා තම ආයතනයේ අවධානය යොමුව ඇති බවත් හැකි ඉක්මනින් සියලුම සේවවන් යතාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

ප්‍රකට සමාගම් දෙකක් නෙට්බුක් නිෂ්පාදනය අත්හැර දැමේ....



ප්‍රධාන පෙලේ පරිගණක නිෂ්පාදන ආයතන දෙකක් වන Acer හා Asus ආයතනයන් පවසන්නේ මෙම වසරේ සිට නෙට්බුක් පරිගණකයන් නිෂ්පාදනය කිරීම සිදු නොවුනු ඇති බවය.අඩු මිලැති මෙම ලැප් ටොප් යන්ත්‍රයන් 2007දී පලමුවෙන්ම වෙළඳ පොලට නිකුත්වුනු අතර බරින් අඩු බව මෙන්ම මිලේන් අඩු බව වැනි කාරනා කිහිපයක් නිසා ආරම්භයේ මෙම උපකරනය වෙත මහත් ඉල්ලුමක් ලැබිනි. 2010 වන විට ඇපල් ආයතනයේ අයි පෑඩ් උපකරනය වෙළඳ පොලට පැමිනීමෙන් ඇරබුනු නෙට්බුක් අලවියේ පහත වැටීම ස්මාර්ට් දුරකතන මෙන්ම ටැබ්ලට් උපකරන බහුල වීමත් සමග බොහෝ සෙයින් අවම වූ බවටයි සටහන් වන්නේ.ටැබ්ලට් මෙන්ම සර්ෆේස් වැනි උපකරන වඩාත් සැහැල්ලු මෙන්ම ගනන හැකියාවෙන් ඉහල  මට්ටමට පැමිනෙත්ම නෙට් බුක් සදහා වන වෙලද පොල ඉල්ලුම බොහෝ සෙයින් පහතට පැමිනෙමින් ඇති බවටයි පැවසෙන්නේ.

2013-01-10

LinkedIn භාවිතාකරුවන් මිලියන 200 සීමාව ඉක්මවයි..



LinkedIn අඩවිය පවසන්නේමේ වන විට තමන් සාමජිකයින් මිලියන 200 සීමාව ඉක්මවා යමින් සිටින බවයි. වෘතීයබව මූලිකව ගොඩ නැගෙන සමජ ජාලාවක් ලෙසට පැවසෙන මෙම අඩවිය සතු සාමාජිකයින් සංක්‍යාව 2011 වසරේ මාර්තු මාසයේ වන විට මිලියන 100 ව පැවති අතර එම අඩවිය හා ගනුදෙනු කල හැකි භාෂා ප්‍රමානයට නව භාෂා 13 ක් එක් කරමින් මුලු ප්‍රමානය 19ක් දක්වා ඉහල නැංවීමට කටයුතු කරන ලදී.
   මේ වන විට මාසිකව මිලියන 160කට අධික සපැමිනෙන්නන් පිරිසක් සිටින වෙබ් අඩව්යක් බවට පත්ව ඇති  අතර එය වැඩිම සැපැමිනීම් දරන වෙබ් අඩවි අතර 23 වන ස්ථානයේ පවතින බවටයි සටහන් වන්නේ.ඔවුන් පවසන්නේ තම භාවිතාකරුවන්ගෙන් සියයට 64ක්ම ඇමරිකාවෙන් පිටත ජීවත් වන අය බවයි.තම භාවිතාකරුවන් අතර ඇමරිකානුවන් මිලියන 74ක්ද ඉන්ඩියානු වන් මිලියන 18ක්ද බ්‍රිතාන්‍ය හා බ්‍රසීල වැසියන්  මිලියන 11ක්ද කැනඩානුවන් මිලියන 7ක් ද වන බවටයි පවසා සිටින්නේ.

"ලයිව් මැසෙන්ජර්" මාර්තු 15 සිට ස්කයිප් මතට පැමිනේ..


මයික්‍රසොෆ්ට් ආයතනය නැවතත් මතක් කර සිටින්නේ "ලයිව් මැසෙන්ජර්" පහසුව එලබෙන මාර්තු 15 සිට අවසන් කරන්නට නියමිත බවයි.  "ඔන් ලයින් " ආකාරයට කෙනෙකු සමග සංවාදයේ යෙදෙන්නට  පහසුව සැලසූ මෙම සේවාව එලෙස අවසන් වීමට නියමිත බව පවසමින් භාවිතාකරන්නන් වෙත ඊමේල දැනුම්දීම් මේ වන විට යවමින් පවතින බවටයි ආයතනය පවසන්නේ. චීනය තුලදී පමනක් භාහිර ආයතනයක් විසින් මෙම සේවාව ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම ලබා ගෙන ඇති අතර ඒ අනූව චීනයේදී හැරෙන්නට "වින්ඩෝස් ලයිව් මැසෙන්ජර්" සේවාව මයික්‍රසොෆ්ට් ආයතනයේම තවත් සේවාවක් ලෙසට පවත්වාගෙන යමින් සිටින ස්කයිප් වෙතට බද්ධවනු ඇති බවටයි තොරතුරු පවසන්නේ.
   ආයතනය පවසන්නේ දැනට ලයිව් ගිනුම් දරන්නන් ස්කයිප් වෙතින් නවතම සංස්කරනය ලබා ගෙන පරිගණකය මත ස්ථාපනය කොට තම ලයිව් මැසෙන්ජර් අවසර පදය හා භාවිතාකරන නාමය යොදා ගනිමින් තම ගිනුමට පිවිසීම බවත් එවිට ස්වංක්‍රීයව මැසෙන්ජර් ගිනුම සමග වූ සියලු සබදතා තොරතුරු නවස්කයිප් ගිනිමට සම්බන්ද වන බවයි.

2013-01-09

ෆයර්ෆොක්ස් 18 දියුනු කිරීම් කිහිපයක් සමග නිකුත් වෙයි.....


මොසිල්ලා පවසන්නේ තම ෆයර්ෆොක්ස් 18 නව සංස්කරනය මේවන විට මුදා හැර ඇති බවයි. ජාව ස්ක්‍රොප්ට් සදහා වැඩි දියුනු කිරීම් මෙන්ම හදුනා ගෙන තිබූ දුර්වලතා 28 සදහා පිලිසකර කිරීම් ද ඇපල් හි රෙටිනා අධි සුපැහැදිලි තිර සහයද සහිතව නව සංස්කරනය මුදා හැර ඇති බවටයි සටහන් වන්නේ. නව ජාව ස්ක්‍රිප්ට් යාන්තරනයක්ද සහිත එම සංස්කරනය වෙබ් මූලික පරිගණක ක්‍රීඩා සදහා මෙන්ම ඇප්ස් සමග වැඩි වේගයකින් කටයුතු කිරීමේ හැකියාවෙන් යුත්තවනු ඇති බව ටයි පවසා සිටින්නේ.
                       ඔවුන් බීටා සංස්කරනයේදී ලබාදී තිබූ පී.ඩී.එෆ් කියවනය මෙම සංස්කරනයෙන් ඉවත්කොට ඇති අතර පසුගිය සතිය වන විට ලොව ෆයර්ෆොක්ස් භාවිතය පිලිබදව ආයතන දෙකක් විසින් නිකුත්කල වාර්ථාවල සටහන්ව තිබුනේ සියයට 19.02 හා 21.9 ලෙසටය. දැනටමත් ෆයර්ෆොක්ස් භාවිතාකරන උපකරන සදහා මෙම නව සංස්කරනය වෙත උස්තල ගැන්වීම ස්වංක්‍රීයව සිදුවන අතර නව භාවිතාකරන්නන් සදහා පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස එය ලබා ගත හැකි වනු ඇත.

http://www.mozilla.org/en-US/

බී.බි.සී වින්ඩෝස්8 නොසලකා හරී..



ලොව ප්‍රකට පෙලේ මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී ආයතනය තම සේවාවන් බෙදා හදා ගැනීම පහසු කරනු පිනිස ඇපල් අයි ෆෝන්  හා අයි ෆොඩ් සදහා අප්ස් මේ වන විටත් නිකුත්කර ඇති මුත් හා ඇන්ඩ්‍රොයිඩ් සදහා ඇප් මෘදුකාංග නිර්මානය කරමින් සිටින බව පවසා සිටියද මයික්‍රසොෆ්ට්  වින්ඩෝස් ෆෝන් හෝ බ්ලැක්බෙරි සදහා ඇප්ස් නිකුත් කිරීමක් ගැන කිහිදු අදහසක් නිකුත් නොකර සිටීමට කටයුතු කරමින් සිටිනවා.
                               එම ආයතනය පවසන්නේ එරට තුල වැඩි භාවිතයක් සහිත ඇපල් උපාංග වෙත තම සේවාවන් සම්බන්ද කරගැනීම පහසු කරවන ඇප්ස් නිකුත් කිරීමට කටයුතු කර ඇති මුත් වින්ඩෝස් 8 උපාංග සදහා තවමත් තමන්ගේ වැඩි අවදානයක් ඒ සදහා නොලැබී ඇති බවයි. එමෙන්ම නුදුරු අනාගතයේදී හෝ එවැනි කාරයයකට අතගසන්නට තවමත් තමන්තුල තීර්නයක්ද නැති බවයි.

ස්කයි ඩ්‍රයිව් වෙත දියුනු කිරීම් කිහිපයක්......



මයික්‍රසොෆ්ට් වෙතින් පලවෙන්නේ ස්කයි ඩ්‍රයිව් සේවාව සදහා දියුනු කිරීම් කිහිපයක් හදුන්වාදෙන්නට කටයුතු කර ඇති බවකි. ආයතනය පවසන්නේ එම වෙබ් අඩවියේ  HTML5  හා  දත්ත ගොනු බෙදා හදා ගැනීම සදහා මෙම දියුනු කිරීම් බලපානු ඇති බවයි.මෙම දියුනු කිරීම් සමග වැඩි උපකරන පරාසයක වේගයෙන් තම සේවාව භාවිතකිරීමේ හැකියාව තම භාවිතකරන්නන් හට ලැබෙනු ඇති බවටයි පවසා සිටින්නේ. එක් තිරයක් මතදී තමන් බාහිර භාවිතාකරන්නන් හට විවෘත කර ඇති ගොනු මොනවාද යන්නත් පහසුවෙන් ඒවා හැසිරවීමේ හැකියාවත් මෙන්ම ස්පර්ශක තිර මිත්‍ර බව වැඩි දියුනු කිරීම මෙන්ම "ඩ්‍රැග් ඇන්ස් ඩ්‍රොප්" හැකියාවත් මෙම නව දියුනු කිරිම් අතර වනබව පවසන ආයතනය ක්‍රමයෙන් තම භාවිතාකරන්නන්හට එම පහසුකම් මුදා හරිමින් සිටින බවටයි පවසා සිටින්නේ.

වින්8 බලපත්‍ර මිලියන 60 ක් ඇප්ස් බාගතකර ගැනීම් මිලියන 100 ඉක්මවයි



මයික්‍රසොෆ්ට් ආයතනය අද ප්‍රකාශකොට සිටින්නේ මේ වන විට වින්ඩෝස්8 බලපත්‍ර මිලියන 60 කට වඩා මේ වන විට අලවි කොට ඇති බවයි. එසේම මිලියන 100 ඉක්මවා ගිය වින්ඩෝස් ඇප්ස් බාගත කිරීම් ද මේ වන විට වාර්ථා වෙමින් පවතින බවයි. මයික්‍රසොෆ්ට් සමාගමේ විධායක මට්ටමේ ප්‍රකශකයෙකු වැඩි දුරටත් පවසා සිටින්නේ වින්ඩෝස්8 මට්ටමේ සහතික ලත් වින්ඩෝස්8 උපකරන ප්‍රමානය 1700 ඉක්මව ඇති බවකි.කෙසේවෙතත් එහිදී වින්ඩෝස්8 වෙත උස්තල ගැන්වීම් හා වෙළඳ පොලෙන් අලුතින් වින්8 සමග මිලදී ගත් උපාංග ආදියෙහි වෙනම සවිස්තර හෙලි නොවන අතර පසුගියකාලයේ පැතිර යමින් තිබූ වින්ඩෝස්8 වෙළඳ පොලතුල ඉතා අඩු වේගයකින් අලවි වෙමින් පවතින බවටවූ අදහස් පැතිරීම් වලට මේ තොරතුරු යම්  පිලිතුරක් වනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.පසුගිය නොවැම්බරයේ මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ වින්ඩෝස්8 බලපත්‍ර මිලියන 60 පමන ඒ වන විට අලවිව ඇති බවයි.

2013-01-08

වසරේ දැවැන්තම ඉලෙක්ට්‍රොනික උපාංග දැක්ම.....



වසරේ දැවන්තම ඉලෙක්ට්‍රොනික උපාංග දැක්ම සුපුරුදු ලෙස මෙවරත් 8 වෙනිදා සිට 11 දක්වා පැවත්වීමට නියමිත බවටයි සටහන් වන්නේ.Las Vegas නගරයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ප්‍රධාන පෙලේ ඉලෙක්ට්‍රොනික උපාංග සමාගම් තම නවීනතම නිෂ්පාදනයන් වෙළදපොලට හදුන්වා දෙන අතර මෙවර ---- ආයතනයෙන් නිකුත්වන 110-inch UHD TV රූපවාහිනී යන්ත්‍රය ඇතුලු වින්ඩෝස් 8 මිත්‍ර උපාංග කිහිපයක්ම මුල් වරට දක්නට ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. මෙම දැක්ම හා එහි සිදුවන සිදුවීම් සවිස්තරව දැන ගැනිම සදහා පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබටත් හැකිවනු ඇත.

http://www.cesweb.org/

ටෙරා බයිට් එකක ප්ලෑෂ් ඩ්‍රයිව් එකක්......


Kingston ආයතනය පවසන්නේ මෙම වසරේ පලමු කාර්තුව තුල ටෙරා බයිට් එකක ධාරිතා හැකියාවකින් යුත් ප්ලෑෂ් ඩ්‍රයිව් උපාංගයක් වෙළඳ පොලට නිකුත් කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. USB 3.0 තාක්ශනයට අදාල වන මෙම උපාංගය තප්පරයට 10ක වේගයකින් දත්ත හුවමාරු කිරිමේ හැකියාවෙන් යුත්ත වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.වැඩි දුරටත් ඔවුන් පවසන්නේ USB 3.0 සම්බන්ද තාවයකදී තප්පරයකට 240 මෙගා බයිට් වේගයකින් දත්ත ලිවීමේ හැකියාවක් ද USB 2.0 සම්බන්දතාවයක් තුලදී තප්පරයකට මෙගා බයිට 30ක වේගයකින් දත්ත ලිවේමේ හැකියාවකින්ද මෙම උපාංගය සමන්විත වනු ඇති බවයි.  තවමත් මෙම උපාංගයේ මිල ගනන් හෙලිව නැති බවටයි සටහන් වන්නේ.

2013-01-07

හෙට දවසේ බිහිවන දත්ත මිනිසා ගැන කෙරෙන අපූර්ව සටහන කියවන්නට.....




 .........මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට  පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු  අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ  පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි.   ස්තුතියි....  මම බීටාව............

http://www.siriwansa.com/DataMan.php

"ටච් ස්ක්‍රීන්" නැති නම් "ටච් පෙන්" එකක් භාවිතාකල හැක!!!



වින්ඩෝස්8 මූලිකව නිර්මානය වී ඇත්තේ ස්පර්ශක තිර මූලික භාවිතාවක් සදහාය. සැබවින්ම "මොඩර්න් යුසර් ඉන්ටර්ෆේසය" ස්පර්ශක භාවිතයකින් තොරව යොදා ගැනීමට සිදුවීම ස්පර්ශක තිර සහය නැති වින්8 සහිත පරිගණක භාවිතා කරන්නන් තුල මහත් අපහසුවක් ඇති කරන්නෙකි.
                           Targus ආයතනය මේ සදහා පිලිතුරක් වෙළඳ පොලට නිකුත් කරන්නට සැලසුම් කර ඇති බවටයි පවස සිටින්නේ. ඔවුන්ගේ විසදුම වන්නේ යු එස් බී සබදතාවයක් හරහා පරිගණකයට සම්බන්ද කරන "ටච් පෙන්" එකකි. ඒම ආයතනය පවසන්නේ වෙනත් අමතර මෘදුකාංග ස්ථාපනයකින් තොරව භාවිතාකල හැකි වන මෙම උපකරනය මෙම වසරේ දෙවන කාර්තුව පමන වන විට ඩොලර් 100ක මිලකට වෙළද  පොල වෙත නිකුත් කරන්නට තමන් සැලසුම් කරමින් සිටින බවකි.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...