2013-01-27

ඔබට සිදුවන බොහෝ සයිබර් අනතුරු ඔබ විසින්ම කැදවා ගන්නා ඒවා විය හැක...


අන්තර්ජාලය භාවිතාකරන්නන් මූලිකවම දෙවර්ගයකට වෙන්කර ගත හැකිය. ඉන් එක කොටසකට අනූව අන්තර්ජාලය යනු  තමන්ගේ සැබෑ ජීවිතය සමග කිසිදු සම්බන්දයක් නැති තමන්ගේ සැබෑ අන්‍යතාවය සගවා ගෙන මනසේ අඳුරු මුලුවල සැගවී ඇති අසංස්කෘතික ආශා මුදා හැරීමට ඇති කදිම අවකාශයකි. අනෙක් කොටසනම් තමන්ගේ සැබෑ ජීවිතය හා මගහැරිය නොහැකි සම්බන්දතා ඇති සැබෑ තොරතුරු වලින් පෙනී සිටින අයවලුන්ගෙන් සමන්විත කොටසයි. හදාරන්නන් පවසන්නේ තමන්ගේ වෘතීයමය ජීවිතය හා සම්බන්ද නිසාම අන්තර්ජාලය හා සම්බන්ද වන්නන් මෙම දෙකොටසටම වඩා බාහිරින් සිටින බවයි.
                           ඔවුන් උදාහරනයකට පවසන්නේ සමහරක විටක ඔබ ඔබගේ යතුරු පැදියේ නැගී ඔබගේ ගම්මානය වටාම උඩුකය නිරුවතින් සංචාරය කිරීම අරුමයක් නොවන්නෙක් විය හැක.එහෙත් එම ඡායාරුව ඔබගේ සමාජ ජාලාවේ ‍රැදවූ විට තත්වය වෙනස් විය හැක.එය දැන් ලෝකය පුරාවටම දැක ගැනීමේ හා ඔබගේ ගම්මානයේදී එලෙස සැරි සැරීමට ලැබෙන අර්ථයට වඩා වෙනස් තේරුම් ලබාදිය හැකි විශාල අවකාශයකට විවෘතවීම සිදුවේ. එය ගැටලුකාරී විය හැක. ඔවුන් පවසන්නේ ඔබ ඔබගේ පෙම්වතා වෙත පමනක් හෙලිය යුතු බැල්ම සහිත ඡායාරුවක් ඔබගේ සමාජ ජාලාවේ ප්‍රධාන ඡායාරුව ලෙස යොදා ගැනීමෙන් අනතුරුව පැමිනෙන අනවශ්‍ය බලපෑම් වලට දොස් තැබීම එතරම් සාධාරන නොවන බවයි. කාන්තාවන් කරා සමාජජාලාවන් ආශ්‍රිතව පැමිනි බොහෝ විපත් පසු පස මෙවන් තත්වයන් දැකිය හැකි බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
                                                      අනෙක් බහුලවම දැකිය හැකි අනතුර නම් ඔබගේ ඔන් ලයින් ගිනුම් සදහා භාවිතාකරන අවසරපදය පිලිබද නොසැලකිලිමත් කමයි.තවමත් සමහරු තම ගිනුමේ අවසර පදය සදහා 123456 වැනි සරල යෙදුම් භාවිතාකරනු දැකිය හැකි බවටයි පවසන්නේ. එවන් සරල යෙදුමක සිට ඔබගේ උපන්දිනය ඔබගේ දුරකථන අංකය නැතිනම් වාහනයේ අංකය වැනි තවකෙකුට  පහසුවෙන් උපකල්පනය කල හැකි යෙදුම් යොදා ගැනීම පහසුවෙන් ඔබ ගිනුම සදහා තවකෙකුට අනවසර ලෙස පිවිසීමට දොර විවෘතව තැබීමක් විය හැක.මේ වන විට ඔබට පහසුවෙන්ම සංකීර්න අවසර පද නිමවා දෙන මෘදුකාංග වල සිට අවසර පද කලමනාකරනය කරදෙන වෙබ් සේවා දක්වා  විවිධ විසදුම් ලබාගත හැක.
                                       අවසානයේ ඔවුන් පවසන්නේ භාවිතා නොකරන ගිනුම් වසා තැබීමට ඔබ කල්පනාකාරී වීම වැදගත් බවයි. හදාරන්නන් අතර සුලබ කියමනක් නම් "කොතරම් සංකීර්න අවසර පදයක් උවත් ඉක්මවායාම කාලය හා කැපවීම පිලිබද ප්‍රශ්නයක්  පමනක්ය" යන්නය. එලෙසම ඔබ අත්හැර දමන ලද එම ගිනුම් බොහෝ විට හුදකලා තනි ගිනුමකට වඩා තවත් ගිනුම් කිහිපයකට සම්බන්ද ගිනුමක් වන විට තත්වය තවත් බැරෑරුම් වේ. භාවිතය අත්හැර ඇති ගිනුම් නියමිත පරිදි වසා දැමීම නිසිතූ මොහොතක එම ගිනුමට සම්බන්දව ඇති දැනට භාවිතාකරන ගිනුමකට පවා අනවසර පිවිසීමක් සිදුකිරීමට ඇති ඉඩ කඩක් ඇහිරීමක්ද විය හැක.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...