Showing posts with label Mozilla. Show all posts
Showing posts with label Mozilla. Show all posts

2014-02-13

Firefox මතටද වෙළඳ දැන්වීම් පැමිනීම ඇරබේ

  Mozilla වෙතින් නිකුත්වන නිවේදනයක් පවසන්නේ ඔවුනගේ Firefox බ්‍රවුසරය ඔස්සේ වෙළඳ දැන්වීම් පලවීම අරබා ඇති බවයි. ඔවුන් පැහැදිලි කර සිටින්නේ බ්‍රවුසරයේ New Tab පි‍ටුවෙහි  භාවිතාකරන්නා විසින් පිවිසීම් ඔස්සේ ඒවායේ හිස් Slots ඉඩකඩ ලබා ගන්නා තුරු මෙලෙස වෙළඳ දැන්වීම් දැක්වීම සිදුවනු ඇති බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම නවාංගය ඔස්සේ ආයතනය වෙතට ආදායමක් උපදනවාට අමතරව භාවිතාකරන්නා හටද වැදගත්විය හැකි වෙබ් අඩවි පිලිබදව දැනුවත්වීමක් සිදු වනු ඇති බවයි. එසේම මෙම දැන්වීම් පලවීම් සමග පැහැදිලිව  labelled කොට ඇති නිසා (adverts) භාවිතාකරන්නා අපහසුවට පත්වීමක් සිදු නොවුනු ඇති බවයි ඔවුන්ගේ බලපොරොත්තුව වන්නේ. මෙම නව භාවිතාව "Directory Tiles" ලෙසට නම් කරන ඔවුන් නව ස්ථාපනයක් සමග භාවිතාව අරබන බ්‍රවුසරය ක්‍රමයෙන් භාවිතාකරන්නාගේ වෙබ් සබදතා තොරතුරු වලින් පිරීයන විට ක්‍රමයෙන් මෙම වෙළඳ දැන්වීම් නොපෙනී යාම සිදුවන ආකාරයට ක්‍රියාත්මක බවටයි නිවේදනය කරන්නේ. එම ප්‍රකාශිකාව අවධාරනය කරමින් පැවසුවේ ආයතනයේ ලාභයට වඩා භාවිතාකරන්නාගේ පහසුව වෙතට ඇති ප්‍රමුකතාවයට තවමත් ගරුකරමින් මෙම නව අංගය පවත්වාගෙන යන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.

2014-02-04

Firefox මුහුනත "Australis" අප්‍රේල් අවසානයේ.....

  Mozilla පසුගිය සතියේ පවසා සිටියේ තම නව UI නැතිනම් Firefox මුහුනත "Australis"  අප්‍රේල් අවසානයේ නිකුත්කරන්නට සූදානම් වන බවකි. ආයතනය පෙරදී සදහන් කර සිටියාට  සති 6 කට ප්‍රථම සිදුවන මෙම නිකුතුව පිලිබදව පලමු සදහන කරනු ලැබුවේ 2011 මාර්තු මාසයේදීය. ඔවුන්සගේ සංවර්ධන ක්‍රමවේදය අනූව මෙම සතියේ එම නිමැවුමේ "Aurora" මට්ටමට නැංවීම  මෙම සතියේ සිදුවූ බවටයි නිවේදනය වන්නේ. ආයතනය තම නිකුතූන් Aurora, Beta හා Release versions ලෙසට පියවර කිහිපයකින් තම නිකුතුව සිදුවන අතර  Aurora හා  Beta අතර සති හයක කාලයක් හා Beta හා Release අතර සති හයක කාලයක් ගැනීම සිදුවෙයි. එම ගනනයන් අනූව අප්‍රේල් 28 බොහෝ භාවිතාකරන්නන් භාවිතාකරන Release channel නිකුතුව සිදු වනු ඇති බවටයි වාර්ථා වන්නේ. එසේම open-source developer  වරුන් ඔස්සේ එම නිකුතුව තව දුරටත් සංවර්ධනය වීමේ අවස්ථාවද තිබෙනු ඇති බවටයි සදහන් වන්නේ. "Australis" යනු Mozilla වල වින්ඩෝස් 8 සමග වැඩි අවධානයක් ගත් all platforms සහය බව ‍රැගෙන එන සංස්කරනය වන අතර ඩෙස්ටොප් මෙන්ම මොබයිල් ප්‍රධාන මට්ටමේ සියලු සංස්කරන සදහා නිකුත් වන බවටයි සටහන් වන්නේ.

2013-11-18

Firefox බ්‍රවුසරය වෙතට නව මුහුනතක් අත්හදා බැලීම ඇරබේ!!!!

  Mozilla පවනවා තමන් තම Firefox බ්‍රවුසරය වෙත නව මුහුනතක් හා දියුනු කිරීම් කිහිපයක් හදුන්වා දෙන්නට කටයුතු කරමින් සිටින බවකි.Australis ලෙසටන නම් වන මෙම නව theme ය  අද දිනයේ සිට අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්වන අතර ආයතනය පවසන්නේ අනාගතයේදී දියුනු කරන්නට බලාපොරොත්තුවන streamlined interface භාවිතාවක් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. දැනට නිකුත්වන අත්හදා බැලීම් ඔස්සේ ලැබෙන ප්‍රථිචාර මත එලබෙන අප්‍රේල් මාසයේ පමන මෙහි අවසාන සංස්කරනයක් නිකුත්කරන්නට දැනට ඔවුන් සැලසුම් කර ඇති බවටයි නිවේදනය කර සිටින්නේ. ආයතනය සියලුමපාහේ මෙහෙයුම් පද්ධති මත ක්‍රියාත්මක වන තම බ්‍රවුසර සංස්කරනයන් සදහා වේගවත් දියුනු කිරීම් සදහා අවධානය යොමුකර ඇති අතර පවසා සිටින්නේ බ්‍රවුසර මට්ටමේ සිට සියලුම platforms අතර ඒක මිතික භාවිතාවකට භාවිතාකරන්නා හට අවකාශ සැලසීම තම ඉලක්කයක්ව ඇති බවයි. ආයතනය පවසන්නේ නව අත්හදා බැලීම් සදහා උනන්දුවක් දක්වන භවිතාකරන්නන් සදහා මෙම නව පෙර සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ දැන් ලබා ගත හැකි බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...