Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

2014-06-24

හෝරාවක වීඩියෝවක් විනාඩි හයකට ගොනුකර දෙන තාක්ශනයක්!!!!

  ප්‍රාතමික අවධියන්හි මිනිසාගේ දිනය පාලනය වූවේ ඉර නැගීම හා ඉර බෑසීම අතරේ වූ අතර එය මේ වන විට ඔරලෝසුවක් මාර්ගයෙන් තප්පර  දක්වා පෙර කී දිනය බෙදා ගනිමින් කටයුතු කරන්නට පටන්ගෙන තිබීම මිනිස් වර්ගයාගේ කථාන්දරයේ වන පැහැදිලි සටහනකි. එහෙත් පෙර දශක දෙක තුනක් එපිටට කල්පනා කරද්දී මිනිස් දෙපැයකට තිබූ වටිනාකම මේ වන විට බරපතල කාරනාවක්ව තිබේ. එකල වන විට සිනමා පටයක් නැතිනම් වෙනත් වීඩියෝමය අත්දැකීමක් සදහා දෙපැයක් ගතකරන්නට හැකිවූ මුත් නූතන දිවිය තුල එය ප්‍රශ්නාර්තයක්ව නෙක විසදුම් සොයමින් තිබේ. ඊට විසදුම් ලෙසට එක් තාක්ශනය සමග පෙරමෙන් එම ටෙලි නාට්‍යය ඒ විකාශනය වන නිශ්චිත මොහොතේදීම නරබන්නට වීම සංශෝදනය වෙමින් පසුව නැරබීමේ හැකියාව පැමින තිබේ. තවත් විටක පහසුවෙන් ඒ මොහොතේ තමන් සතුව ඇති දත්ත උපකරනයට හුවමාරු කර ගනිමින් නරබන්නට හැකියාව මේ වන විට පැමින තිබේ.
             Skimo TV ඔස්සේ පැමිනෙන්නේද තවත් මෙවැනි පහසුකමක් ගෙනෙන තාක්ශනයකි. එය ඔස්සේ  හෝරාවක් දිගැති වීඩියෝවක් විනාඩි ගනනකට පහසුවෙන් සංස්කරනය කර ගැනීමට (video summarization) හැකිවන බවටයි පැහැදිලි කර දෙන්නේ. එම යාන්ත්‍රනය තුලදී වීඩියෝවේ වන වැදගත්ම කොටස් හඳුනාගෙන ඒවා පහසුවෙන් සාරාංශගත කරදීම සිදුවන බවටයි වැඩි දුරටත්  ඔවුන් පැහැදිලි කර සිටින්නේ.උදාහරනයක ලෙසට පැයක වීඩියෝ වැඩසටහනක් විනාඩි හයක වැනි කෙටිසීමාවකට ගෙන ඒමේ හැකියව පෙන්වා දෙනවා. මෙම යාන්ත්‍රනය තුලදී හුදු තැනින් තැනින් වන තොරා ගැනීම් නොව වැදගත්ම සිදුවීම් සීරුවෙන් තොරා ගනිමින් මුල් අර්තයට මෙන්ම සමස්ත අර්ථයට අවම හානියක් වන ලෙසට මෙම ගොනුවීම සිදුවෙන බවටයි ප්‍රකාශ වන්නේ.

2014-01-18

Intel පියවරක් පසුපසට ගනී!!!!

  ලොව ප්‍රධානත චිප් නිපදවන්නෙකු වන ඉන්ටෙල් සමාගම ප්‍රකාශ කරන්නේ  මෙම වසර අවසානය වන විට තම සේවක පිරිසෙන් සියයට පහක් පමන ආයතනයෙන් ඉවත් කරන්නට තමන් සූදානම් වන බවයි. දැනට 108000 පමන වන සේවක පිරිසෙන් 5000 පමන පිරිසක් ඒ අනූව ඉවත් කරන්නට සැලසුම්ව ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. PC වෙළඳ පොල තුල මතුව ඇති අඩුවීම සමනය කර ගැනීම සදහා තම ආයතනයට මෙම පියවර ගන්නට සිදුව ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. මෙම ඉවත්වීමෙන් වැඩි පිරිසක් ඉක්මන් විශ්‍රාම යාම් වලින් හා කැමැත්තෙන් ඉවත්ව යාම් වලින් සමන්විත බවටයි එම නිවේදනය පැහැදිලි කර සිටින්නේ. පසුගිය වසරේ ආයතනයේ ලාබ ලැබීම් බලාපොරොත්තුවූවාට වඩා අඩු ප්‍රථිශතයක පෙන්වූ බවට පවසන එම ආයතනය යෝජිතව තිබූ Arizona වෙහි නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීම නවතා දමන්නට මෙන්ම පවතින නිෂ්පාදනාගාර තුනක් යාවත්කාලීන කිරීම මෙ වන විට නවතා දමන්නට තම තිර්ර්නය කර ඇති බවටත් පවසා සිටිනවා.

2013-11-07

පූර්න නම්‍ය දත්ත උපාංග 2016 වන විට!!!!

  දෘඩාංග නිපදවන්නන්ගේ අවධානය නිරන්තරයෙන්ම යොමුව ඇත්තේ මීලග තීරනාත්මක දත්ත උපාංගය වෙළඳ පොල වෙතට එවීමයි. ඒ අතර Googal Glass හා Samsung Galaxy Round වැනි උපාංග ඔස්සේ භාවිතාකරන්නන් අතර අවධානයක් දිනා ගත් උපාංග බොහොමයකි. මෑතකදී වැඩි අවධානයක් ලබා ගත් curved screens සහිත උපාංග පිලිබදව දෘඩාංග නිපදවන්නන් අතර අවධානයක් දිනා ගැන ඇති අතර සම්පූර්නයෙන් නම්‍ය දත්ත උපාංගයක් පිලිබදව අත්හදා බැලීම් වැඩි ප්‍රවනතාවයක් ඔස්සේ කෙරෙමින් ඇති බවටයි පලවන්නේ.තවමත් විද්‍යාත්මක ප්‍රබන්ද ලෙසට පමනක් රූපවහිනී , චිත්‍රපට හා මුද්‍රන ආශ්‍රිතව පැමිනෙන මෙම අත්දැකීම් නුදුරේදීම වෙළඳ පොල ඔස්සේ භාවිතාකරන්නන් වෙත පැමීනීම ගැන විස්වාසය තැබිය හැකි නුදුරු දිනයක් ගැන හදාරන්නන් විස්වාසය පලකරමින් සිටිනවා.
                          Samsung ආයතනය පවසන්නේ 2015 වසරේ අවසාන භාගයේ හෝ 2016 වසරේ පලමු භාගයේදී සම්පූර්නයෙන් නම්‍ය බව ‍රැගත් දත්ත උපාංගයක් වෙළඳ පොලට ගෙන එන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ආයතනය මේ වන විටත් prototypes මට්ටමින්  මෙවැනි නිපදවීම් ඉදිරිපත් කරන්නට කටයුතු කර ඇති මුත් සාමාන්‍ය නිෂ්පාදනය සදහා "තාක්ශනික සීමා" ජය ගැනීමට තිබන බවයි.

2013-09-28

lightning ඔස්සේ ශක්ති ආරෝපනය ලබා ගන්නා ස්මාර්ට් දුරකථන!!!!

  විදුලි අකුනක ඔස්සේ උපකරන වෙත විද්‍යුතය ලබාගන්නට හැකිද යන්න 18 වන ශතවර්ෂයේ Benjamin Franklin's ගේ සිට ඇරබුන මතවාදයකි. පලවන නවතම පුවතක් පවසන්නේ Nokia ආයතනය මෙම ආකාරයට වන විදුලි සැරක ඔස්සේ ස්මාර්ට් දුරකථනයක් නැවත විද්‍යුත් රෝපනය කරන්නට හැකිදයන්න පිලිබදව මේ දිනවල පර්යේක්ෂනය කරමින් සිටින බවටයි .එම ආයතනය University of Southampton  සමග එක්ව කරනු ලබන මෙම අත්හදා බැලීම ඔස්සේ 200,000 volts විදුලි සැරයක් නිපදවා එය  transformer ඔස්සේ charging circuit එකක වෙතට යොමුකරන අතර අවසානයේ Nokia Lumia 925 ස්මාර්ට් දුරකථනයකට එම ශක්තිය ලබා ගන්නට හැකිවන ලෙසට යොමු කිරීම සිදුකරන බවටය් වාර්ථා පවසන්නේ.තවමත් ප්‍රාතමික මට්ටමක පවතින මෙම අත්හදා බැලීම් ඔස්සේ අනාගතයේ දියුනු මට්ටමේ මෙවැනි තාක්ශනයක් කාරා යන්නට හැකි වනු ඇති බවට ඔවුන් විවාසය පලකර සිටිනවා.

2013-09-10

shingled magnetic recording (SMR) සමග HDD, 5TB 2014දී හා 20TB 2020දී ...

  Seagate Technology plc ආයතනය පවසන්නේ තමන් නව ආකාරයක තාක්ශනයක් ඔස්සේ වන වැඩි දත්ත ගබඩා පහසුවක් ‍රැගෙන එන shingled  magnetic recording (SMR) සමග වන Hard disk වල 5TB ගබඩා පහසුවක් සහිත උපාංග එලබෙන වසරේ වෙළ්ඳ පිලට නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවකි. සාමානයයෙන් බිලියන හතක් පවම භාවිතාකරන්නන්විසින් වර්ෂයකට 2.7 Zettabytes දත්ත ප්‍රමානයක් නිර්මානය කරමින් සිටින අතර ඒවායේ ගබඩා පහසුව සදහා වඩාත් කාර්යක්ශම තාක්ශනයක අවශ්‍යතාවය වඩාත් දැනෙමින් පවතින බවයි. මෙම නව තාක්ශනයය සමග සාමානය දත්ත ගබඩා කිරීමේ හැකියාව සියට 25කින් ඉහල දමන්නට තම්න්ට හැකිවන බවත් එය ගිගාබයිටයකට වඩාත් අඩු වැයක් යටතේ 5TB හෝ ඉහල ප්‍රමානයක දත්ත ‍රැදවීම  දක්වා පහසුවෙන් සිදුකල හැකි වන බවත්ය.
                 ඔවුන් පවසන්නේ දත්ත ලිවීම හා කියවීම සදහා වන තාක්ශනයේ දියුනු කිරීම් ඔස්සේ තමන් මෙම නව හැකියාව ලබා ගන්නා අතර වැඩි දියුනුකල track density හා aerial density ඔස්සේ එය සිදුකල බවත්ය.වැඩ් ආරක්ශාවක් සමග දියුනුකරන නව තාස්ජනය සමග ටෙරාබයිට 20ක දෘඩ තැටියක් 2020 පමන වන විට තමන්ට නිකුත්කිරීමට හැකිවනු ඇති බවයි ඔවුන් බලපොරොත්තු පල කරන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...