Showing posts with label XP. Show all posts
Showing posts with label XP. Show all posts

2014-01-17

ලොව පුරා ATM 95% ක තවමත් XP භාවිතාවේ!!!!

  ලොවපුරා භාවිතාවන ATM යන්ත්‍රවලින් 95%කම තවමත් භාවිතාවන්නේ වින්ඩෝස් XP වීම පිලිබදව මෙම වන විට අනතුරු ඇග වෙමින් තිබන්වා. ඇමරිකාව පමනක් සැලකීමේදී ATM යන්ත්‍ර 420,000 එලබෙන අප්‍රේල් 8 දායින් තම සහය සැපයීම අවසන්වන XP භාවිතාකරිමින් තිබෙනවා. බොහෝ විට මෙම යන්ත්‍ර වඩාත් නවීනතම මෙහෙයුම් පද්ධති කරා අප්ග්‍රේඩ් කිරීම ප්‍රශ්නකාරී කාරනාවක් වෙමින් තිබෙන්නේ ඒවායේ දෘඩාංග මට්ටම නිසා වනවා. බොහෝ හිමිකරුවන්හට  මෙම ගැටලුවෙන් සාර්ථකව ගැලවීමට නම් දෘඩාංග වෙනස් කම් නැතිනම් පැරනි යන්තර වනු වට නව ATM යන්ත්‍ර කරා යාමට සිදුවනවා. ලොව බහුලතම භාවිතාවක් තාක්ශනික භාවිතාවක් වන මෙය එල බෙන අප්‍රෙල් 8 දායින් පසුව පහසුව පහර දෙන්නන්ගේ ඉලක්කයක් වීමේ අනතුරක් පිලිබදව තවමත් විධිමත් පියවර ගන්නා බවක් දක්නට නොලැබෙන බවයි විචාරකයින් පවසන්නේ. අනතුරු වෙතට නිරා වරනය වීමේ ප්‍රථිශතය වින්ඩෝස් 8 හා සැසදීමේදී හයගුනයක් ඉදිරියෙන් වන බවටයි ගනනය වන්නේ.

2014-01-09

වින්ඩෝස් XP සදහා තව දින 90කි!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට නිල ලෙසට වින්ඩෝස් XP සදහා වන සහය අවසන් කිරීමේ දින වකවානු නියම කොට අහවරය.එල බෙන අප්‍රේල්8 එනම් තවත් දින 90කින් එම ආයතනය වින්ඩෝස් XP  සදහා වන සහය වෙබ් පි‍ටුවද අවසන් කරන්න දමන්න කටයුතු කරන්නට නියමිත අතර එදිනින් පසුව ඔවුනගේ නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංගයවන Microsoft Security Essentials මෘදුකාංගයද වින්ඩෝස් XP  සදහා බාගත කරගන්නට ඇති හැකියාවද අවසන් වන බවටයි කරුනු දැක්වෙමින් තිබෙන්නේ. එක්තරා මාධ්‍ය ආයතනයකින් මයික්‍රසොෆ්ට් වෙතින් විමසා සිටියේ අප්‍රේල් 8 ට පෙර දැනට හදුනා ගෙන තිබෙන ප්‍රකට දුර්වලතා කිහිපය සදහා යාවත්කාලීන නිකුතුවට කටයුතු කරන්නට බලාපොරොත්තු වනවාදෝයි වන අතර එම ආයතන පවසා සිටින්නේ මේ සදහා පැහැදිලි පිලිතුරක්  නොලැබුනු අතර වක්‍රව ලැබුනු පිලිතුරින් පවසා සිටින්නට කටයුතු කර ඇත්තේ " නිතරම මෘදුකාංග වල නවතම සංස්කරනයන් භාවිතකිරීමත් , ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලීනව තබා ගැනීමත් වැදගත් වනු ඇති බවයි". දැනටමත් නියමිත යාවත්කාලීන නොලබමින් භාවිතාවන XP මෙහෙයුම් පද්ධති පිලිබදවද විචාරනය වන්නේ වැඩි අනාරක්ශිත බවකට පත්වීමකට ඉඩක් ඇති බවය. අප්‍රේල් 8 දායින් පසුවද බහුල භවිතයක් පෙන්වන්නට ඉඩ ඇති XP සදහා හානිකරයන් ලියන්නන්ගේ වැඩි අවදානයක් ලැබීම මත වැඩි අනාරක්ශිත බවකට ඉඩ ඇති බවටයි පිලි ගැනෙන්නේ. 

2013-12-02

XP භාවිතය අඩුවීම මෙන්ම වින් 8/8.1 භාවිතය වැඩි වීම ඉබි ගමනේය.....

  මයික්‍රසොෆ්ට් සමාගම තම 12 විය සපුරමින් සිටින මෙහෙයුම් පද්ධතියට සමුදීමට එලබෙන අප්‍රේල් මාසයේ මේ වන විට දින නියමකර අහවරය.වින්ඩෝස් 8 නිකුතුවත් සමග ඔවුන් බලාපොරොත්තු වූවේ තම මෙහෙයු පද්ධති ගමන් මග සමකාලීන ප්‍රවනතාවය වන මොබයිල් දිසාවට වඩාත් සමීප මුහුනු වරකට ගෙන ඒමය.අනතුරුව තම වින්ඩෝස් 8 සදහා 8.1 මෙගා යාවත්කාලීනයක් නිකුත් කරමින් ඒබව වඩාත් තහවුරු කරන්නට ක්‍රියා කරනු ලැබීය.
       windows XP තම ගමන් මගෙහි යෝධයෙකු මෙන් නැගී සිටින අවහිර තාවයක් ලෙසට එම සමාගමට් සලකන්නට වන හේතු කිහිපයකි.තාක්ශනිකව සැලකීමේදී දෘඩාංග මට්ටමේ මෙන්ම මෘදුකාංග මට්ටමින් අත්පත් කරගෙන ඇති ප්‍රවනතා වඩාත් නම්‍යව භාවිතාකරන්නා වෙත ගෙන යන්නට නම් උපකරනයේ ප්‍රධාන මෘදුකාංගයේ වෙනස් කම වැඩි වැඩියෙන් ඉල්ලා සිටීම නොසලකා හැරිය හැකි කාරනාවක් නොවේ.තවත් අතකින් ආරක්ශ තලය සැලකීමේදී XP වල හැකියාව අද්දරටම පැමින ඇති අභියෝග සදහා එයින් සමු ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. ඒහා තවත් හේතුන් මත ආයතනය WinXP වලින් සමු ගන්නට නියමිත කාලය වන විට එහි සමස්ත ලොව භාවිතාව 13% දක්වා අඩුකිරීම මයික්‍රසොෆ්ට් හි ඉලක්කය කරගෙන ඇත.පලවන නවතම වාර්ථා පවසන්නේ මේ වන විටත් ලොව වින්ඩෝස් XP භාවිතාව 32.22% ක ප්‍රථිශතයක් ලබමින් ලොව වැඩිම දෙවන ස්ථානයේ භාවිතාවන මෙහෙයුම් පද්ධ්තිය ලෙසට නම් වන බවය.වින්ඩෝස් 7 වැඩිම භාවිතාවක් ලබන Pc මෙහෙයුම් පද්ධතිය ලෙසට නම් වන්නේ 46.64% ක භාවිතාවක් ලබමින් බව වර්ථා වන අතර වින්ඩෝස් 8 හා 8.1 ලොවපුරා භාවිතය 9.3% ලෙසට සටහන් වෙමින් කෙමෙන් භාවිතාව වර්ධනය වන මෙහෙයුම් පද්ධතියක් ලෙසට සටහන් වෙමින් තිබෙන බවටයි පැවසෙන්නේ.

2013-11-11

IE 7,8,9,10 ට බල පාන නව ආරක්ශක දුර්වලතාවයක්

  හෙටට නියමිත මාසික යාවත්කාලීන නිකුතුවත් සමග දැනට හදුනා ගෙන ඇති ආරක්ශක දුර්වලතා කිහිපයක් සදහාම පිලිසකර ගෙන ඒමට මයික්‍රසොෆ්ට් ආයතනය සූදානම් වෙමින් සිටියදී ආරක්ශක මෘදුකාංග පිලිබදව කටයුතු කරන අයතනයක් පවසන්නේ තමන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා(IE) හි 7,8,9, හා 10 සංස්කරන සියල්ලම සදහා බලපාන ආකාරයේ බ්‍රවුසර දුර්වලතාවයක් හදුනා ගෙන ඇති බවකි.වින්ඩෝස් XP මෙන්ම 7 මෙහෙයුම් පද්ධති දෙකම සදහා විවෘත මෙම දුර්වලතා දෙයාකාරයකට ක්‍රියා කරමින් PC memory  වෙත අනවසරයෙන් පිවිසෙන්නට මෙන්ම අනෙක් දුර්වලතාවය සමග පරිගණකයේ system information පැහැර ගැනීමට සමත්වනු ඇති බවටයි හෙලිකර සිටින්නේ.
         දැනටමත් පහර දෙන්නන් විසින් භාවිතාකරමින් සිටින බවට සැලකෙන මෙම zero-day ආකාරයේ දුර්වලතා පිලිගත්මට්ටමේ වෙන් අඩවි කිහිපයක් ඔස්සේ භාවිතාකරන්නන් වෙතට මුදා හරින්නට ඔවුන් උත්සාහ කරමින් සිටින බවටයි පැවසෙන්නේ.දැනට හදුනාගෙන ඇති දුර්වලතාවලට වඩා වෙනස් ආකාරයේ දුර්වලතාවයන් ලෙසට හෙලිවන මෙම නව හෙලිකිරීම් පිලිබදව තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස කිසිවක් හෙලිකොට නැත.

2013-10-29

ෆයර් ෆොක්ස්ද XP වෙත සහය දැක්වීම එලබෙන අප්‍රේල් වලින් පසුවත්!!!!

  පසුගියදා ගූගල් ආයතනය පවසා සිටියේ තමන් තම ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරය XP වෙත සහය දැක්වීම එලබෙන අප්‍රේල් වල මයික්‍රසොෆ්ට් ආයතනය එම මෙහෙයුම් පද්ධතිය සහය දැක්වීම අත්හැර දැමීමෙන් පසුවද ඉදිරියට (වසරක කාලයක්) පවත්වාගෙන යන්නට අදහස් කරන බවකි. හදාරන්නන් එලබෙන අප්‍රේල් වලින් පසුව XP වඩාත් හානිකරයන් වෙත විවරවීමේ අවදානම අවධාරනය කරමින් සිටින අතර තවමත් ලෝකය පුරාවට XP භාවිතය සැලකිය යුතු ප්‍රතිශතයක පැවතීම මයික්‍රසොෆ්ට් ආයතනයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.මේ අතර මොසිල්ලා ආයතනය පවසන්නේ තමන් ද XP වෙත සහය දැක්වීම එලබෙන අප්‍රේල් වලින් පසුවද සීමිතකාලයකට පවතවගෙන යන්නට කටයුතු කරන බවකි. මේ අනූව තම මෙහෙයුම් පද්ධති භාවිතාව XP වලින් ඉහලට ගෙන නොගිය භාවිතාකරන්නන් සදහා යාවත්කාලීන  ලබන බ්‍රවුසර දෙකක සහය සමග සීමිතකාලයක් ඉදිරියට භාවිතයට ඉඩ ලැබෙන අතර මෙහෙයුම් පද්ධතියක් ලෙසට XP වෙත එල්ලවන අනතුරුදායක බව මෙසේ යාවත්කාලීන වන බ්‍රවුසර ඔස්සේ යම්තාක්දුරට හෝ සුරක්ශිතවන බවටයි හදාරන්නන් බලාපොරොත්තුවන්නේ.

2013-10-17

Google ක්‍රෝම් XP වෙතට සහය දැක්වීම 2015 අප්‍රේල් දක්වා!!!!

  වින්ඩෝස් XP නිල සමුගැනීමට ඉතිරිව ඇත්තේ අඩ වසරකට ආසන්න කාලයකි. ගූගල් ආයතනය අද පවසා සිටියේ තම ක්‍රෝම් බ්‍රවුසරය වින්ඩෝස් XP වෙත සහය දැක්වීම තවත් වසරක් ඉදිරියට පැවැත් වෙන බවය. එනම් 2015 අප්‍රේල් මාසය පමන වන තෙක් ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය වින්ඩෝස් XP වෙත සහය දැක්වීම සිදුවනු ඇති බවකි. දැනට මයික්‍රසොෆ්ට් ආයතනය් පවසා සිටින්නේ අප්‍රේල් 8 දා දක්වා තෙක් තම නිල සහය වින්ඩෝස් XP වෙත ලබා දෙන්නේ වින්ඩෝස් ඉතිහාසයේ වැඩිම කලක් එකම මෙහෙයුම් පද්ධතියක් වෙත සහය දැක්වූ අවස්ථාව ලෙසට වන අතර වින්ඩෝස් විස්ටාහි අසාර්ථක වීම එයට ප්‍රධාන හේතුව ලෙසට සදහන් කරමින් වන අතර ගූගල් ආයතනය පවසන්නේ තවමත් වින්ඩෝස් XP වෙත ඇති භාවිතාකරන්නන් මිලියන සියගනනක් සැලකීමේදී ඔවුන් වඩාත් නවීන මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතියක් වෙතට පැමිනෙන්නට වසරක කාලයක් තමන් ලබා දෙන්නට තීර්නය කර ඇති බවකි. එම කාලය තුලදී XP වෙතට දැනට පලවී ඇති සයිබැර් පහර දීම් අනතුරු සදහා තම් බ්‍රවුසරය වෙත නොකඩා ආරක්ශක යාවත්කාලීනයන් නිකුත් කරන්නට තමන් බලාපොරොත්තුවන බවකි.මයික්‍රසොෆ්ට් සමාගමේ බලා පොරොත්තුව වන්නේ තම නිල සහය අවසන් වන කාලය වන විට වින්ඩෝස් XP වල සමස්ත ලොව භාවිතය 13% දක්වා  අවම කර ගැනීම වන අතර මේ වන විට එහි සමස්ථ ලොව භාවිතය 30% ක බව ගනන ආයතන වාර්ථා පවසමින් සිටිනවා.

2013-10-08

වසර 12ක් සමග සමුගන්නට යන XP සමග තවමත් දුර්වලතා තිබෙන බවට!!!!


  වින්ඩෝස් XP 12 වසරක සේවාවකකින් අනතුරුව නිල විශ්‍රාම ගන්වන්නට මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට දින නියම කොට හමාරය. එහෙත් තවමත් එම මෙහෙයුම් පද්ධතිය සමග වන දුර්වලතා පිලිබදව භාවිතාකරන්නන්ගෙන් ලැබෙන පැමිනිලි අවසන්ව නොමැත.මෑතකදී කථාබහට පැමිනි එක් ගැටලුවක් වූවේ xp හි sp3 සංස්කරනය නව ස්ථාපනයක කින් පසුව පවා update කිරීමට උත්සාහ කිරීමේදී cpu භාවිතාව 100% දක්වා ඉහල යමින් පරිගණකය අසාමනය ලෙස වේගය අඩුවීම පිලිබද චෝදනවයි. භාවිතාකරනන් පවසන්නේ නව පිරිසිදු ස්ථාපනයකදී  පැමිනෙන මෙම SVCHOST.exe ගැටලුව සදහා මැල්වෙයාර් ආකාරයේ පදනමක් ඇතැයි විස්වාස කල නොහැකි වන අතර හදාරන්නන් යොජනා කරන විසදුම් දෙකක් ප්‍රධන වශයෙන් යෝජනා වනවා.ඒ අතර වින්ඩෝස් යාවත්කාලීන තාවකව නතර කර දැමීම එකක් වනවා.මයික්‍රසොෆ්ට් ආයතනය මේහා සමාන ගැටලුවකට 2007දී පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර ඇතැත් එය XP  sp3 සදහා වලංගු නොවන බවටයි දක්නට ලැබෙන්නේ.

2013-10-01

xp භාවිතය සැප්තැම්බරයේ 2%කින් පහතට, වින්. 7 තවමත් ඉදිරියෙන්...

  මයික්‍රසොෆ්ට් සමාගම මහත් ආයාසයක් ගන්න කාරන අතර එලබෙන වසරේ අප්‍රේල් 8දාට පෙර ලොව  පුරා XPභාවිතාව හැකිතාක් අවම කරගන්නට උත්සාහය ඉහලින්ම සදහන් වේ. ගනන හැදෑරීම් වාර්ථාවක් පවසන්නේ ගෙවීගිය සැප්තැම්බර් මාසය සැලකීමේදී ලොව Xp භාවිතාව සියයට දෙකකින් පහත වැටී ඇති බවකි.එම වාර්ථාව පවසන්නේ මේ වන විට ලොව XP භාවිතාව  31.41% ලෙසට සටහන් වෙමින් සිටින්නේ වින්ඩෝස් 7වල භාවිතාව වන 46.43% වන ලොව වින්ඩෝස් භාවිතාවේ දේවන තැනට සටහන් වෙමිනි. වින්ඩෝස් 8 භාවිතාව 8.02%ක් ලෙසට සටහන් වෙමින් ලොව තෙවන තැනට භාවිතාවන මෙහෙයුම් පද්ධතිය බවට පත්ව ඇත්තේ වින්ඩෝස් විස්ටා හි භාවිතාව වන 3.98%  හතරවන තැනට පත් කරමින්ය. එම වාර්ථාවට අනූව වින්ඩෝස් 7 හි අගෝස්තු මාසයට සපේක්ශව දශන ප්‍රමානයකින් භාවිතය පහලටද වින්ඩෝස් 8 භාවිතාව අගෝස්තු මාසයට සාපේක්ශව දශම  ගනනක ඉහලයාමද පෙන්වන බව පැවසෙනවා.

2013-09-28

වින්ඩෝස් 7 වෙත XP වලටමෙන් දීග කාලීන සහය දැක්වීමක් නැත..

  මයික්‍රසොෆ්ට් වෙතින් පලවන තොරතුරු වලට අනූව කියවෙන්නේ ඔවුනට වින්ඩෝස් 7 සදහා XP ආකාරයට දීර්ග කාලීන සහය දැක්වීමක් සිදුකරන්නට බලාපොරොත්තු වන බවකි. XP සදහා වසර 12ක දීර්ග සහය දැක්වීමක් නිමා කරමින් 2014 වසරේ අප්‍රේල් 8 දා වන විට තම නිල සහය දැක්වීම අවසන් කරන්නට මෙ වන විට තිර්ර්නය වී තිබෙනවා.එහිදී පලවූ අදහස් වලට අනූව මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් XP සදහා මෙතරම් දිගු කාලයක් සහය දැක්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වින්ඩෝස් විස්ටා වල අසාර්ථ වීම බවයි දක්වා සිටින්නේ. භාවිතාකරන්නන් අතර වූ බලාපොරොත්තුවක් වූවේ වින්ඩෝස් 8 වලට භාවිතාකරන්නන් පිවිසීම දුර්වල මට්ටමක පැවතීම නිසා මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 7 සදහා දීර්ගකාලයක් සහය ලබාදෙනු ඇති බව වූ මුත් ආයතනය පවසා සිටින්නේ එලබෙන ඔක්තෝබරයේ වින්ඩෝස් 8.1 පැමිනීමෙන් පසු තම නව මෙහෙයුම් පද්ධතිය වෙත පිවිසෙන්නට භාවිතාකරන්නන් තුලවූ පැකිලීම බොහෝ දුරකට සමනය වනු ඇති බවකි. ආයතනය පවසා සිටින්නේ වින්ඩෝස් 8.1 සමග වඩාත් දියුනු කිරීම් රාශියක් පැමිනෙන බවත් ආයතනික මට්ටමේ භාවිතාවන් සදහාද එම නව සංස්කරනය වඩාත් ගැලපෙනු ඇති බවත්ය.වින්ඩෝස් 7 2009 නොවැම්බරයේ මයික්‍රසොෆ්ට් විසින් නිල ලෙස නිකුත්කල අතර ඒය සදහා ආයතනය නිල ලෙස සහය දැක්වීම 2015 ජමවාරි 15වන විට අවසන් වන්නට නියමිතව තිබෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...