2013-12-02

XP භාවිතය අඩුවීම මෙන්ම වින් 8/8.1 භාවිතය වැඩි වීම ඉබි ගමනේය.....

  මයික්‍රසොෆ්ට් සමාගම තම 12 විය සපුරමින් සිටින මෙහෙයුම් පද්ධතියට සමුදීමට එලබෙන අප්‍රේල් මාසයේ මේ වන විට දින නියමකර අහවරය.වින්ඩෝස් 8 නිකුතුවත් සමග ඔවුන් බලාපොරොත්තු වූවේ තම මෙහෙයු පද්ධති ගමන් මග සමකාලීන ප්‍රවනතාවය වන මොබයිල් දිසාවට වඩාත් සමීප මුහුනු වරකට ගෙන ඒමය.අනතුරුව තම වින්ඩෝස් 8 සදහා 8.1 මෙගා යාවත්කාලීනයක් නිකුත් කරමින් ඒබව වඩාත් තහවුරු කරන්නට ක්‍රියා කරනු ලැබීය.
       windows XP තම ගමන් මගෙහි යෝධයෙකු මෙන් නැගී සිටින අවහිර තාවයක් ලෙසට එම සමාගමට් සලකන්නට වන හේතු කිහිපයකි.තාක්ශනිකව සැලකීමේදී දෘඩාංග මට්ටමේ මෙන්ම මෘදුකාංග මට්ටමින් අත්පත් කරගෙන ඇති ප්‍රවනතා වඩාත් නම්‍යව භාවිතාකරන්නා වෙත ගෙන යන්නට නම් උපකරනයේ ප්‍රධාන මෘදුකාංගයේ වෙනස් කම වැඩි වැඩියෙන් ඉල්ලා සිටීම නොසලකා හැරිය හැකි කාරනාවක් නොවේ.තවත් අතකින් ආරක්ශ තලය සැලකීමේදී XP වල හැකියාව අද්දරටම පැමින ඇති අභියෝග සදහා එයින් සමු ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. ඒහා තවත් හේතුන් මත ආයතනය WinXP වලින් සමු ගන්නට නියමිත කාලය වන විට එහි සමස්ත ලොව භාවිතාව 13% දක්වා අඩුකිරීම මයික්‍රසොෆ්ට් හි ඉලක්කය කරගෙන ඇත.පලවන නවතම වාර්ථා පවසන්නේ මේ වන විටත් ලොව වින්ඩෝස් XP භාවිතාව 32.22% ක ප්‍රථිශතයක් ලබමින් ලොව වැඩිම දෙවන ස්ථානයේ භාවිතාවන මෙහෙයුම් පද්ධ්තිය ලෙසට නම් වන බවය.වින්ඩෝස් 7 වැඩිම භාවිතාවක් ලබන Pc මෙහෙයුම් පද්ධතිය ලෙසට නම් වන්නේ 46.64% ක භාවිතාවක් ලබමින් බව වර්ථා වන අතර වින්ඩෝස් 8 හා 8.1 ලොවපුරා භාවිතය 9.3% ලෙසට සටහන් වෙමින් කෙමෙන් භාවිතාව වර්ධනය වන මෙහෙයුම් පද්ධතියක් ලෙසට සටහන් වෙමින් තිබෙන බවටයි පැවසෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...