Mozilla තම Firefox බ්‍රවුසරයේ default ආකාරයේ සෙයුම් යාන්ත්‍රනය ලෙසට 2004 සිට යොදා ගනු ලැබුවේ Google සෙයුම් යාන්ත්‍රනය වන අතර ඒසදහා Mozilla වෙතට වාර්ෂිකව ගූගල් වෙතින් ඩොලර් මිලියන 300 දක්වා ඉහල ගෙවීමක් ලබන ලදී. නමුත් Mozilla ආයතනය පවසන්නේ එලබෙන දෙසැම්බරයේ සිට තම Firefox බ්‍රවුසරයේ default engine ලෙසට ඉදිරි වසර පහ සදහා Yahoo සමග එකගතාවයකට පැමින ඇති බවකි. එසේම Yahoo ආයතනය 'Do Not Track' පහසුව සදහා එකග වී ඇති බවටත් පවසා සිටිනවා. සාමාන්‍යයෙන් වසරකට බිලියන 100කට වඩා Firefox සොවුම් අන්තර්ජාලයට එකවන අතර මෙම එකග වීම Yahoo වෙතට පමනක් නොව Bing සදහාද වැදගත් පියවරක් වනු ඇති බවයි. Yahoo තම කීර්තිමත් අතීතයෙන් අනතුරුව Bing සමග එකගතාවයෙන් පවත්වාගෙන යන සේවාවක් ලෙසට ක්‍රියාත්මක වෙමින් පවතී. චීනය මෙන්ම රුසියාව සදහා Firefox සදහා default search providers ලෙසට Bindu හා Yandex පවතිනු ඇති බවට ප්‍රකාශ වනවා. වැඩි දුරටත් පැවසෙන්නේ භාවිතාකරන්නාහට අවශ්‍ය නම් නැවත Google වෙතට පිවිසීමේ හැකියාව ඉදිරියේදීද ලැබෙනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label Firefox. Show all posts
Showing posts with label Firefox. Show all posts
2014-11-20
2014-02-13
Firefox මතටද වෙළඳ දැන්වීම් පැමිනීම ඇරබේ
Mozilla වෙතින් නිකුත්වන නිවේදනයක් පවසන්නේ ඔවුනගේ Firefox බ්‍රවුසරය ඔස්සේ වෙළඳ දැන්වීම් පලවීම අරබා ඇති බවයි. ඔවුන් පැහැදිලි කර සිටින්නේ බ්‍රවුසරයේ New Tab පිටුවෙහි භාවිතාකරන්නා විසින් පිවිසීම් ඔස්සේ ඒවායේ හිස් Slots ඉඩකඩ ලබා ගන්නා තුරු මෙලෙස වෙළඳ දැන්වීම් දැක්වීම සිදුවනු ඇති බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම නවාංගය ඔස්සේ ආයතනය වෙතට ආදායමක් උපදනවාට අමතරව භාවිතාකරන්නා හටද වැදගත්විය හැකි වෙබ් අඩවි පිලිබදව දැනුවත්වීමක් සිදු වනු ඇති බවයි. එසේම මෙම දැන්වීම් පලවීම් සමග පැහැදිලිව labelled කොට ඇති නිසා (adverts) භාවිතාකරන්නා අපහසුවට පත්වීමක් සිදු නොවුනු ඇති බවයි ඔවුන්ගේ බලපොරොත්තුව වන්නේ. මෙම නව භාවිතාව "Directory Tiles" ලෙසට නම් කරන ඔවුන් නව ස්ථාපනයක් සමග භාවිතාව අරබන බ්‍රවුසරය ක්‍රමයෙන් භාවිතාකරන්නාගේ වෙබ් සබදතා තොරතුරු වලින් පිරීයන විට ක්‍රමයෙන් මෙම වෙළඳ දැන්වීම් නොපෙනී යාම සිදුවන ආකාරයට ක්‍රියාත්මක බවටයි නිවේදනය කරන්නේ. එම ප්‍රකාශිකාව අවධාරනය කරමින් පැවසුවේ ආයතනයේ ලාභයට වඩා භාවිතාකරන්නාගේ පහසුව වෙතට ඇති ප්‍රමුකතාවයට තවමත් ගරුකරමින් මෙම නව අංගය පවත්වාගෙන යන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි.
2014-02-07
Touch Friendly "Firefox" සංස්කරනයක් වින්8 සදහා නිකුත්වේ!!!!
Mozilla තම Firefox බ්‍රවුසරය සදහා ස්පර්ශක මිත්‍ර සංස්කරනයක් ඉදිරිපත් කිරීම පිලිබදව කථා බහට දෑවසරකට ආසන්න කාලයක් ගෙවී යමින් ඇති අතරතුරු පලවන නිවේදනයක් පවසන්නේ Windows 8 සදහා වන touch friendly ෆයර්ෆොක්ස් බ්‍රවුසරයේ බීටාවක් මේ වන විට නිකුත්කරන්නට කටයුතු කර ඇති බවකි. 'Firefox Metro' නව නාමයක් යටතේ නිකුත්කරන්නට කටයුතු කෙරුනු මෙම බ්‍රවුසර සංස්කරනය වින්ඩෝස් 8 Modern UI සදහාම වැඩි දියුනු කල එකක් හැටියටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. මෙම app මෘදුකාංගය සමග පැමින ඇති නවාංග අතර එය ක්‍රියාත්මක කිරීමේදී මුලින්ම හමුවන 'Firefox start screen' එක දැක්වෙනවා. එම තිරය තුලදී Top sites , bookmarks , browsing history ආදී තොරතුරු භාවිතාකරන්නා වෙතට ගෙනෙන බවටයි දැක්වෙන්නේ. මෙම නව සංස්කරනය සමග පැමින ඇති ස්පර්ශක තිර මිත්‍ර බව පැහැදිලි කෙරෙන touch gestures අතරට pinch-to-zoom හා one-touch swipe transitions මෙන්ම Snap feature ආදිය දැක්වෙනවා. එසේම වින්ඩෝස් 8 සමග විත් ඇති 'Share' Charm වලට දක්වන සහය ඔස්සේ පහසුවෙන් වෙබ් පිටුවක් තම හිත මිතුරන් සමග බෙදා හදා ගැනීමේ හැකියාවත් දැක්වෙනවා. මෙම සංස්කරනය බීටාවක් වන අතර අවසන් සංස්කරනය මාර්තු මස 18 දාට සැලසුම්ව ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.
http://www.mozilla.org/en-US/firefox/beta/
http://www.mozilla.org/en-US/firefox/beta/
2014-02-04
Firefox මුහුනත "Australis" අප්‍රේල් අවසානයේ.....
Mozilla පසුගිය සතියේ පවසා සිටියේ තම නව UI නැතිනම් Firefox මුහුනත "Australis" අප්‍රේල් අවසානයේ නිකුත්කරන්නට සූදානම් වන බවකි. ආයතනය පෙරදී සදහන් කර සිටියාට සති 6 කට ප්‍රථම සිදුවන මෙම නිකුතුව පිලිබදව පලමු සදහන කරනු ලැබුවේ 2011 මාර්තු මාසයේදීය. ඔවුන්සගේ සංවර්ධන ක්‍රමවේදය අනූව මෙම සතියේ එම නිමැවුමේ "Aurora" මට්ටමට නැංවීම මෙම සතියේ සිදුවූ බවටයි නිවේදනය වන්නේ. ආයතනය තම නිකුතූන් Aurora, Beta හා Release versions ලෙසට පියවර කිහිපයකින් තම නිකුතුව සිදුවන අතර Aurora හා Beta අතර සති හයක කාලයක් හා Beta හා Release අතර සති හයක කාලයක් ගැනීම සිදුවෙයි. එම ගනනයන් අනූව අප්‍රේල් 28 බොහෝ භාවිතාකරන්නන් භාවිතාකරන Release channel නිකුතුව සිදු වනු ඇති බවටයි වාර්ථා වන්නේ. එසේම open-source developer වරුන් ඔස්සේ එම නිකුතුව තව දුරටත් සංවර්ධනය වීමේ අවස්ථාවද තිබෙනු ඇති බවටයි සදහන් වන්නේ. "Australis" යනු Mozilla වල වින්ඩෝස් 8 සමග වැඩි අවධානයක් ගත් all platforms සහය බව රැගෙන එන සංස්කරනය වන අතර ඩෙස්ටොප් මෙන්ම මොබයිල් ප්‍රධාන මට්ටමේ සියලු සංස්කරන සදහා නිකුත් වන බවටයි සටහන් වන්නේ.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...



