Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts

2022-07-27

Android malware apps පිලිබඳව අනතුරු ඇගවීමක්.

හදාරන්නන් පවසන්නේ Google Play වල වන malicious Android apps පෙලක් ඔස්සේ adware සහ malware පැතිරවීම mobile devices සක්‍යාත්මකව 10 million ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම apps පෙනී සිටින්නේ image-editing tools, virtual keyboards, system optimizers, wallpaper changers වැනි දෛනික භාවිතාවන් සදහා බවයි. එසේ වුවත් ස්ථාපනයෙන් පසුව ඒවා අනවශ්‍ය වෙළඳ දැන්වීම් වලසිට premium services වලට subscribe කිරීම මෙන්ම social media accounts වල තොරතුරු සොරා ගැනීම වැනි තන්වයන් දක්වා හානිකර ආකාරවලට කටයුතු කරන බවයි. Dr. Web antivirus team පවසන්නේ Google මෙවන් ආසාධිත apps ඉවත්කිරීම සදහා නිරතුරුවම කටයුතු කලද තවමත් හානිකරයන් Android apps අතර තමන් දකින් බවයි. වැඩි දුරටත් හදාරන්නන් පවසන්නේ මෙම Apps බොහෝ විට permission ලබා ගැනීමේදී background වල නිරන්තරයෙන් සංක්‍රියව සිටීමට කටයුතු කරන බවක් ලබා ගෙන භාවිතාකරන්නා අදාල ඇප් එක closes කලද සංක්‍රියව සිටින බවට පවසනවා. ‘Neon Theme Keyboard,’ නම් app එක ඔස්සේ හානියට පත් භාවිතාකරන්නෙකු පවසන්නේ තමන් හට factory reset එකක් දක්වා ගොස් අදාල app එක ඉවත්කරගන්නට සිදුවූ බවයි. තවත් විටක ‘Water Reminder’ සහ ‘Yoga – For Beginner to Advanced,’ යන app වලද 100,000 සහ 50,000 downloads ලබා ගෙන ඇති හානිකර බවට හදුනාගෙන ඇති බවකි. පහත දැක්වෙන්නේ හදාරන්නන් විසින් අනතුරු අගවන එවන් apps කිහිපයකි.
Photo Editor: Beauty Filter (gb.artfilter.tenvarnist)
Photo Editor: Retouch & Cutout (de.nineergysh.quickarttwo)
Photo Editor: Art Filters (gb.painnt.moonlightingnine)
Photo Editor – Design Maker (gb.twentynine.redaktoridea)
Photo Editor & Background Eraser (de.photoground.twentysixshot)
Photo & Exif Editor (de.xnano.photoexifeditornine)
Photo Editor – Filters Effects (de.hitopgop.sixtyeightgx)
Photo Filters & Effects (de.sixtyonecollice.cameraroll)
Photo Editor : Blur Image (de.instgang.fiftyggfife)
Photo Editor : Cut, Paste (de.fiftyninecamera.rollredactor)
Emoji Keyboard: Stickers & GIF (gb.crazykey.sevenboard)
Neon Theme Keyboard (com.neonthemekeyboard.app)
Neon Theme – Android Keyboard (com.androidneonkeyboard.app)
Cashe Cleaner (com.cachecleanereasytool.app)
Fancy Charging (com.fancyanimatedbattery.app)
FastCleaner: Cashe Cleaner (com.fastcleanercashecleaner.app)
Call Skins – Caller Themes (com.rockskinthemes.app)
Funny Caller (com.funnycallercustomtheme.app)
CallMe Phone Themes (com.callercallwallpaper.app)
InCall: Contact Background (com.mycallcustomcallscrean.app)
MyCall – Call Personalization (com.mycallcallpersonalization.app)
Caller Theme (com.caller.theme.slow)
Caller Theme (com.callertheme.firstref)
Funny Wallpapers – Live Screen (com.funnywallpapaerslive.app)
4K Wallpapers Auto Changer (de.andromo.ssfiftylivesixcc)
NewScrean: 4D Wallpapers (com.newscrean4dwallpapers.app)
Stock Wallpapers & Backgrounds (de.stockeighty.onewallpapers)
Notes – reminders and lists (com.notesreminderslists.app)

Pubudu Siriwansa


 

2022-01-15

ANDROID සදහා සරල ආරක්ශක පියවර 3ක්.

ANDROID යනු බහුලතම මොබයිල් මෙහෙයුම් පද්ධති භාවිතාවයි. ඒ නිසාම එම මෙහෙයුම් පද්ධතිය සමග වන සරල සැකසුම් කිහිපයක් ඔස්සේ ඔබගේ සුරක්ෂිත බව තහවුරු කරගැනීම වැදගත් වනු ඇත. auto-sleep තේරීම සංක්‍රීයකර දුරකථනය මත ඔබගේ මෙහෙයුමක් නොලැබෙන විට ඉතා කෙටිකාලයකින් ඒ සදහා පිවිසෙන්නට සූදානම් කොට තැබීම වැදගත් වන්නේ ඔබගේ ඒ ප්‍රමාදය ඔස්සේ තවකෙකුට ඔබගේ දුරකථනය වෙතට පිවිසෙන්නට නොහැකි වන්නට එය හේතුවන බැවිනි.
  අනෙක් වැදගත් අංගයක් නම් "Notification Settings" ඔස්සේ පිවිස Silence your notifications ආකාරයට සැකසුම් තැබීමයි.ඒ ඔස්සේ අනෙකෙකුට ඔබගේ දුරකථනයෙන් එන notifications වෙතට අනවසරව පිවිසෙන්නට වන අවස්ථාව අහිමි වනු ඇති. එසේම fingerprint නැතිනම් face හැකියාවල් ඔස්සේ දුරකථනය ආරශිතව තැබීම වැදගත් වන්නේ තවකෙකුට දුරකථනය වෙතට අනවසර පිවිසීමක් වීමට අවස්ථාව නොතැබීමයි. අවසර පදයක් භාවිතාකරන්නේ නම් එය සංකීර්න මෙන්ම තවකෙකුට උපකල්පනයට අපහසු එකක් ව තැබීම වැදගත් වනු ඇති.
Pubudu Siriwansa
Parigankaya.Com


 

2014-11-25

Images ලෙසට එන Android Malware වක්

     Android ලොව බහුලතම භාවිතාවක් ලබන මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. මේ නිසාම පැමිනෙන අතුරු කාරනාවක් වන්නේ හානිකරන්නෙගේද වැඩි අවධානයක් මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ලැබීමය. හැදෑරුම් වාර්ථා හෙලිකරන්නේ මොබයිල් මෙහෙයුම් පද්ධති අතරින් ලොව වැඩිම හානිකරයන් සදහා ලක්වන්නේ Android මෙහෙයුම් පද්ධතිය වීමය. මෑතකදී හදාරන්නන් පිරිසක් හෙලිකර සිටියේ PNG හා JPEG ගොනු ආකරයට මෙම මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කර ගනිමින් එන malwareවක් තමන් හඳුනා ගත් බවකි. ඔවුන් හෙලිකර සිටියේ Security app පවා මෙම ස්වභාවය සමග පහසුවෙන් මග හරින්නට හැකිවනවා පමනක් නොව Play Store වලදීද Bouncer වලින්  මග හරින්නට සමත්වන බවකි.  උපාංගයේ වන Emails , Photes වැනි දත්ත පහසුවෙන් මෙම හානිකර appමෘදුකාගය ඔස්සේ පැහැරගන්නට සමත්ව ඇති බවටයි ඔවුන් පැහැදිලි කරනු ලැබුවේ.
        මෙම තොරතුරු හෙලි කරනු ලැබුවේ Google වෙතින් එම අදාල දුර්වලතාවය සදහා පිලිසකර නිකුත්කිරීමෙන් අනතුරුව වුවද නිසි පරිදි යාවත්කාලීන ලබා නොගන්නා භාවිතාකරන්නන් සදහා තවමත් මෙම අනතුරු විවෘතව ඇති අතර තමන්ගේ උපාංගයයේ යාවත්කාලීන තත්වය පරික්ශා කිරීම සදහා Setting ඔස්සේ පිවිස "About Phone" වෙතින් system Update හෝ Software Update වල Your System ia  Upto Date මට්ටම දක් වෙන්නේ දැයි විමසා බැලීම වැදගත් වනු ඇත. සමහර නිෂ්පාදකයින් හරහාද යාවත්කාලීනයන් පැමිනීමේ ප්‍රමාදය ගැන විමසිලිමත්වන ලෙසට යෝජනා කරන ඔවුන් Android 4.4.4 සංස්කරන මට්ටමේ නොමැති Android උපාංග ඔස්සේ images විවෘත කිරීමේදී කල්පනා කාරී වන ලෙසට උපදෙස් දෙනු ලබනවා.

2014-11-20

'NotCompatible' යනු වඩාත් හානිකර Android Trojanයකි!!

     'NotCompatible' වර්ගීකරනය වන්නේ Android Trojan එකක ලෙසටය. වඩාත් නම්‍ය හා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ඇති Malware එකක ලෙසට හදුනා ගන්නා මෙහි පලමුව හදුනා ගැනීම 2012 දී තරමට ඈතට දිවෙන්නෙකි. එසේම මෙය හඳුනා ගත් පලමු ආසාධිත වෙබ් අඩවි ඔස්සේ පැතිරෙන Android malware වක් ලෙසටත් පිලි ගැනේ. මෙවැනි ආසාධිත වෙබ් අඩවියක් වෙතට පිවිසෙන විටක ස්වංක්‍රීයව බාගතවීම ඇරබෙන මෙම හානිකරය Android application package එකක් ලෙසට වන අතර "unknown sources"  සදහා විවෘතව පවතින Android උපාංගයක් මතදී notifications  ඔස්සේ බාගත වීම අවසන් බවත් ස්ථාපනයට භාවිතාකරන්නාගේ මෙහෙය වීම ලබා ගැනීමට අවශ්‍ය බවටත් දැනුම් දේ. භාඅවිතාකරන්නගේ අනුමැතිය ලැබුනු වහාම ස්ථාපනය ඇරබෙන අතර peer-to-peer encrypted ඔස්සේ Botnet ආකාරයෙන් තවත් Android උපාංගයක් සමග සම්බන්දව  servers බිඳ වැටවීම දක්වා වන හානිකර ක්‍රියාත්මක වීම් සිදුකරන හැකියාවෙන් යුත්ත වේ. මීට අමතරව භාවිහාකරන්නගේ අවසරයකින් තොරව tickets මිලදී ගැනීම් ඊමේල් ලිපින සදහා spam යොමු කිරීම වැනි කටයුතු වලටද මෙම Malwareව භාවිතාවන අවස්ථා වාර්ථා වෙනවා. විටක පහර දෙන්නන් සදහා ගෙවීමකට යටත්ව මේ ආකාරයේ Botnet භාවිතවූ අවස්ථාද මේ වන විට වාර්ථා වන අතර වඩ වඩාත් නව දියුනු කිරීම් ඔස්සේ නව සංස්කරන නව හානිකර ක්‍රමවේද ‍රැගෙන පැමිනෙමින් ඇති බවටත් හදාරන්නන් පෙන්වා දෙනවා.

2014-11-12

Android L තොරතුරු කිහිපයක්...

    Android L පැමිනෙන්නේ ආසන්න ලෙසට එම මෙහෙයුම් පද්ධතිය වෙතට නවාංග 5000ක් පමන ‍රැගෙනය. මෙම මෙහෙයුම් පද්ධතිය වෙතට ආසන්නව හෝ මේ ආකාරයේ වෙනසක් ගෙනෙන්නට සමත්වූවේ Android 4.0 නම් 2011 දී නිකුත්වූ සංස්කරනය ලෙසට බවටයි පිලි ගැනෙන්නේ. මෙම වෙනස්කම් අතර ඉතා සුලු මට්ටමේ මෙන්ම භාවිතාකරන්නෙකු වෙතට දැනෙනසුලු මට්ටමේ ඒවා මෙන්ම එය භාවිතාවන Smart Phoneය වෙතට පහසුවක් වන ඒවා ද වන බවටයි පිලිගැනෙන්නේ. 
                          Project Volta යනු දුරකථනයේ බැටරි Lifeය  වඩාත් විධිමත්කර දෙන්නට හොඳින් සහය වන අංගයක් ලෙසටයි පැහැදිලි වන්නේ. ඔවුන් එය උදාහරනය කලේ Nexus 5 දුරකථනයක බැටරි ආයුකාලය විනාඩි 90කින් ඉහල දමන්නට සහය වනු ඇති බවකි. එම බව ගෙන්නට සහයවන එක් අංගයක් ලෙසට දුරකථනය නිවසේ භාවිතාවීමේදී නැවත නැවතත් Unlock කිරීමකට අවශ්‍ය නොවන මුත් නිවසින් බැහැරවන විටකදී ස්වංක්‍රීයව ඒ බව හඳුනා ගෙන එම අංගයන් සංක්‍රීයව තබන්නට සමත්ව භාවිතාකරන්නාගේ ආරක්ශිත බව තහවුරු කර දෙන්නට සමත්වීම දැක්විය හැක. පැමින ඇති තවත් අංගයක් වන Do not Disturb සමග දුරකථනයේ Notifications තාවකලිකව අවහිර කර තබන්නට හැකිවීම දැක්විය හැක.
                  Googlr ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන්නා වෙතට සුපුරුදු පෙර  සංස්කරන භාවිතාවෙන් තීරනාත්මක වෙනස් භාවිතාවකට නොම කැදවන බවයි. වෙනස්කම් පහසුවෙන් හැගෙන හා භාවිතයට නම්‍යව පැමින ඇති බවටයි පැහැදිලි කර සිටියේ.Material Design සමග වඩාත් පැහැදිලි දෘශ්‍යතාවයක් සහතික වන ඔවුන් Bubble සමග විටක පහසුවෙන් Emailයක් සටහන් කර ගන්නට හැකිවන විට "Cards" සමග පහසුවෙන් Applications සමග කටයුතු කරන්නට සහය වන බවට පෙන්වා දෙනවා. ක්‍රමයෙන් මෙම නව සංස්කරනය Android දුරකථන වෙතට මුදහැරෙමින් ඇති අතර ඉදිරිකාලයේදී බොහෝ දුරකථන සංස්කරන සදහා පැමිනෙන්නට සැලසුම් වෙමින් තිබෙන බවටයි නිවේදනය වන්නේ.

2014-10-16

Android වල මීලග මෙහෙයුම් පද්ධතිය Lollipop ලෙසට නම්වේ...

  Android වල මීලග මෙහෙයුම් පද්ධතිය මේ වන විට Lollipop ලෙසට නම්වන බවට නිල ලෙසට ප්‍රකාශයට පත්ව තිබෙනවා. "L" වන සංකේතාත්මක නමකින් පලමුව Google ආයතනය තම Android මෙහෙයුම්  පද්ධතිය හඳුන්වා දෙන්නට කටයුතු කල අතර එය සමන්විතව පැමිනෙන නව දෘශ්‍ය ස්වභාවය Material Design ලෙසට නම්කර සිටින්නට කටයුතු කරනු ලැබුවා. Lollipop ස්ථාපිතව පැමිනෙන පැමිනෙන පලමු උපාංග  වන Nexus 6, Nexus 9, Nexus Player(android TV set-top box) යනාදියද මේ වන විට නිවේදනය කර සිටින්නට කටයුතු කර තිබෙනවා. ලොව වැඩිම භාවිතාවක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන මෙම Android 5.0 සදහා වන නාමය කුමක් වේදැයි හදාරන්නන් අතර විවිද මතවාද පැවති අතර මෙම Lollipop ලෙසට වන නිවේදනයත් සමග එම ගැටලුව අවසන් වනු ඇත.

2014-07-04

Android "L" සමග බැටරී ආයුකාලය 36%කින් ඉතිරි කරනවා...

  Android ලොව බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතියවේ. නොමිළේ භවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසට Google ආයතනය විසින් නඩත්තු කරමින් සිටින මෙහි නවතම සංස්කරනයේ පෙර නිකුතුවක් Android"L" ලෙසට මේ වන විට නිකුත් කොට ඇත. පසුගිය දිනවල සිදුවූ මෙම නිකුතුවේදී බව අංගයන් කිහිපයක් පිලිබදව Google ආයතනය නිවේදනය කල අතර 'Project Volta' ඒ අතරින් එකකි. මොබයිල් උපාංගයක් ලෙසට බැටරි බලය වැයවිම වැදගත් සාධකයක් වන බැවින් මෙම අංගය ඔස්සේ එම ආයතනය නිවේදනයකර සිටියේ මෙහෙයුම් පද්ධතියේම විධිමත්කිරීම කිහිපයක් ඔස්සේ බැටරි බල වැය අවමකරන්නට තමන් ක්‍රියාකර ඇති බවකි.
                  හදාරන්නන් පිරිසක තම අත්හදා බැලීම් ඇසුරින් නිකුත්කරන වාර්ථාවක් පවසන්නේ නව සංස්කරනය සමග උපාංගයේ බැටරි ආයුකාලය 36%කින් ඉහල ගොස් ඇති බවකි. ඔවුන් Wi-Fi  සමග  Nexus 5 උපාංගය තුල වෙබ් පි‍ටුවක් අඩංගු screenය තප්පර 15කට වරක්   refresh කරමින් ලබගත දත්තවලට අනූව (KitKat, 4.4.4 හා   Android L Developer Preview සංස්කරන දෙකට එරෙහිව ) මෙම වාර්ථාව නිකුත්කර තිබෙනවා. වැඩි දුරටත් මෙම ඉතිරිය සදහා සහයවන අංගයන් පැහැදිලි කරමින් Googal ආයතනය පවසා සිටියේ JobScheduler API  වල ක්‍රියාකාරීත්වය කාර්යක්ශම කිරීම ඔස්සේ maintenance සහ  house-keeping tasks ඔස්සේ මෙම ඉතිරිය සදහා සැලකිය යුතු දායකත්වයක් ලබා ගත් බවයි. එසේම පද්ධතිය විසින් ඉල්ලා සිටින සමහර කාර්යයන් උපකරනය වෙතට නැවත විදුලි සැපයුම ලැබෙන තෙක් කල් දැමීමේ ක්‍රම උපාංයන් ඔස්සේ මෙම දියුනුව ලබා ගත් බවට පැහැදිලි කෙරෙනවා. එසේම Network සබදතාවය බිඳී ඇති විටකදී ආයාසයෙන් තම Data refresh කිරීමට උත්සාහ කිරීම වැනි අධික බල වැයක් ගෙනෙන අංග පලනය කර දැමීමටද කටයුතු කර ඇති බවට පවසා සිටිනවා. දැනට බලාපොරොත්තු වෙමින් ඇත්තේ මෙම නිකුතුව  'Material Design' වැනි නව ආකර්ශනීය අංගද සමග මෙම වසර අවසාන භාගයේදී වෙළඳ පොලට එනු ඇති බවටයි.

2014-06-27

පැමිනෙන්නට නියමිත Android L

  Android L සංවර්ධකයන් අතට පත්වීමට නියමිත මීලග Android සංස්කරනය ලෙසට මේ වන විට නිවේදනය වී හමාරය. Google ආයතනය තම වාර්ෂිකව පවත්වනු ලබන  I/O වල 2014 හමුවේදී මේ බව නිවේදනය කරන්නට කටයුතු කර සිටියාය. මෙහිදී කථා බස් කෙරෙනු නවාංග අතර Android Wear මෙන්ම Android TV ද වනවා. Android L සමග Google ආයතනය තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අනාගතය දිශාකිහිපයකට චලනය කොට ඇති බවටයි විචාරනය වන්නේ. ඔවුන් යෝජනා කරන්නේ platform එකක් ලෙසට Android ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවයි. තවදුරටත් මෙහෙයුම් පද්ධතියක් හුදෙක් එක් උපාංගයකට සීමාව සිටීම අතාර්කික වීම ඔස්සේ සලකා බැලීමේදී Google TV හා  Google Wear සමග එය දෛනික ජීවිතය තුල වඩාත් ප්‍රායෝගික වපසරියක් හිමි කර ගන්නට උත්සාහ කරමින් සිටින බවටයි දැක්වෙන්නේ.
                    භාවිතාකරන්නන් සදහා වඩාත් සුව පහසු ආකර්ශනීය බවක් ගෙනෙමින්  Material Design සමග නව මෙහයුම් පද්ධතිය වඩාත් සුමට අත්දැකීමක් කරන්නට කටයුතු කොට තිබෙනවා. ආයතනය තම ඉදිරිපත්කිරීමේ පෙන්වා දුන්නේ භාවිතාවේදී වඩාත් චලනීය ස්වභාවයකින් එය භාවිතාකරන්නා වෙතට පැමිනීමට සූදනමින් සිටින බවකි. එසේම Cromebook වැනි හිතවත් උපාංගයක් ලග තිබෙන විටකදී එය ඔස්සේ භාවිතාකරන්නාගේ අනන්‍යතාවය හඳුනා ගන්නට කටයුතු කිරීමත් notifications වැනි දෑ එම උපකරන ඔස්සේද භාවිතකරන්නා වෙතට නිකුත්කරන්නට හැකිවීමත් එහිදී දැක්වුනු ආකර්ශනීය කාරනා වනවා. Android Auto සමග කටයුතු කිරීමේදී ඔබගේ අනන්‍යතාවය පහසුවෙන් එය සමග හුවමාරු කරගන්නටත් එහිදී ඔබගේ ප්‍රියතම සංගීත කාන්ඩ විස්තර , පැමිනෙන මෙන්ම යවන Text පනිවිඬ තොරතුරු ඇමතුම් යොමුකිරීම් ආදිය බොහෝ කරුනු වලදී නව මෙහෙයුම් පද්ධතිය වඩාත් නම්‍යව කටයුතු කරන්නට සූදානම් බවටයි දක්වූවේ. කෙටියෙන් පවසන්නේ නම් තවදුරටත් Desk Top මෙන්ම Mobile හා wearable වැනි පැරනි ආකාරයේ එකි නෙකාගෙන් වෙන්වූ අනන්‍යතාවයන් සහිත තොරතුරු භාවිතාව තවදුරටත් වලංගු නොවීමේ පනිවිඬය Android L තහවුරු කොට සිටිනවා.

2014-06-26

Android Auto සමග වඩාත් නම්‍ය ආරක්ශිත දත්ත භාවිතයක් ඔබේ රථයටත් සහතික වෙයි...

  ඔබගේ කාරයේ වන infotainment system සමග වඩාත් සාර්ථක සහජීවනයකට Android උපාංග සූදානම් කරවමින් Google ආයතනය තම Android Auto හඳුන්වා දෙන්නට ගෙවී ගිය දිනයේ පැවති Gogle I/O 2014දී කටයුතු කරන ලදී. වඩාත් පහසුවෙන් ඔබගේ Androud උපාංගය සමග එය sync වෙමින් පහසු Text හැකියාවක් , සංගීත කාංඩයකට සවන් දීමට අවස්ථාවක් , ගූගල් මැප් වැන්නක් භාවිතට හැකියාවක් එය ‍රැගෙන එන බවටයි ඔවුන් පෙන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවේ. එහිදී කැපීපෙනෙන කරනක් වූවේ මහමගදී අවශ්‍ය ආරක්ශාවට මුල් තැන දෙමින් එම ක්‍රියාකාරකම් වලදී interactive voice හැකියාවය. යැවිය යුතු මෙන්ම පැමිනි Text කියාවා දීම , ගූගල් මැප් සමග Voice ආකාරයට කටයුතු කිරීමේ හැකියාව එහිදී වඩාත් ඉස්මතුව පෙනිනි. දැනට මත මෙම නව භාවිතාව සමග කටයුතු කරන්නට වාහන නිෂ්පාදකින් ප්‍රමානයක් එකගව ඇති බවත් මෙම වසර අවසානය වන විට ඒවා වෙළඳ පොලට පැමිනෙන්නට  නියමිත බවටත් එහිදී නිවේදනය විය.

Android TV පැමිනෙයි. එය TV තිරය වඩාත් උත්කර්ෂවත් කරන බව දක්වයි!!!

  Android TV පිලිබදව කථා බහ පැවති දීර්ය කාලය අවසන් කරමින් ඊයේ පැවති Goohle I/O වලදී Google ආයතනය තම  Android TV භාවිතාව නිල ලෙසට ප්‍රකාශ කරන්නට කටයුතු කලාය. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ Android TV යනු තවත් new platform එකක නොවන අතර එය ස්මාර්ට් දුරකථනය හා ටැබ්ලට් උපකරනය ලෙසටම තිරයක ලෙසට දත්ත ජීවිතය වෙතට පැමිනෙන සහයකයෙකු බවට පත්කරවමිනි. ඔවුන් පැහැදිලි කර සිටියේ Android TV app සමග Android ware උපාංගයක් සමග , ස්මාර්ට් දුරකථනයක් සමග මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලටයක් සමග පුලුල් තිරයක අවශ්‍යතාවය ඉ‍ටුකර දෙන්නට මෙම පැමිනීම සහය වනු ඇති අතර පෙර කී උපාංග දුරස්ථ පාලකයක් මෙන් ක්‍රියාත්මක වනු ඇති බවකි.  live TV මෙන්ම on demand ලෙසට පමනක් නොව third-party apps වන  Netflix  නැතිනම් Plex වැනි භාවිතාවන්ට එය හොඳ සහයක් වනු ඇති බවකි. එය voice සෙයුම් විධාන ඔස්සේ audio හා video ප්‍රථිපල ගෙනෙන්නට කටයුතු කරන අතර සිනමා පටයක් දිනා ඇති සම්මාන නැතිනම් එහි වන නලු නිලියක පිලිබද තොරතුරු පහසුවෙන් දැකගන්නට සූදානම්ව එය පැමින ඇති බවට නිවේදනය කරන්නට ඔවුන් කටයුතු කර තිබිනි. Gaming වලට දක්වන සහය ඔස්සේ multiplayer games ඔස්සේ උපකරන දෙකක් සමග සහභාගී වීමේ හැකියාව මෙන්ම සහය දක්වන  Android උපාංගවලින්  stream content  සමග පුලුල් තිරයකදී අත්දැකීම් බෙදා ගැනීමේ හැකියාවද පෙන්වා දෙන්නට Google ආයතනය කටයුතු කර සිටියාය.

2014-06-25

Google හි 2014 I/O සදහා ඉතිරිව ඇත්තේ තව හෝරා කිහිපයකි!!!!

  Google හි ප්‍රකට වාර්ෂික හමුවේ 2014 I/O සදහා ඉතිරව ඇත්තේ හෝරා කිහිපයක් පමනී. මෙම හමුවේදී සිදුවන්නට නියමිත බොහෝ දෑ අතර ඔවුනගේ බහුලතම භාවිතාවක් දිනා ගෙන ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන Andrid වල මීලග සංස්කරනයේ නිකුතුව සිදුවන්නට නියමිත බවටයි බලපොරොත්තු පලවෙමින් ඇත්තේ. මෙම නිකුතුව සදහා යෙදෙන නාමය පිලිබදව තවමත් තොරතුරක් නිකුත් නොවුනද සුපුරුදු ලෙසට dessert-themed පෙලෙහි තවත් නාමයක් වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. දැනටමත් මෙම Android 5.0 හි ස්ක්‍රීන ඡාරාරූ දෙකක් යම් අතපසු වීමක් ඔස්සේ අන්තර්ජාලය වෙතට නිකුතුව තිබීමක් සටහන් වන අතර ඒවා හැදෑරීමෙන් තහවුරුව ඇත්තේ නව Android සංස්කරනය සමග තීර්නාත්මක ලෙසට UI වල වෙනසක් ‍රැගෙන එන්නට එම ආයතනය කටයුතු කරනු ඇති බවකි. එම ඡායා සටහන් වලට අනුව නව icons දෙකක් ප්‍රධාන ස්ක්‍රීනය මතින් හදුනා ගන්නා අතර "L" ලෙසට දැක් වෙන icon එක ඔස්සේ වැදගත්ම  notifications වෙතට පිවිසීමේ හැකියාව ඒ අතර කැපී පෙනෙනවා. ක්‍රෝම් බ්‍රවුසරයේ නව පෙනුමැති පැමිනීම මීට අමතරව හඳුනා ගන්නා අතර ෆ්ලැට් ආකාරයේ නව  Google account login කවුලුව ගැනද සදහන් වනවා. මීට අමතරව Android ware පිලිබදව ඇතුලු තව බොහෝ දේ පිලිබදව නිල ලෙසට තව හොරා කිහිපයකින් ඇරබෙන හමුව ඔස්සේ නිල ලෙසටම දැන ගැනීමට හැකිවනු ඇත.

2014-06-20

Google තම Android ware ගැන කථා කරයි..

  ඔබගේ දත්ත ජීවිතය වඩාත් උත්කෂවත් කරන්නට නිෂ්පාදකයින් අතර ඇත්තේ ඉමහත් තරගයකි. වේගවත් , පහසු මෙන්ම වඩාත් ප්‍රායෝගික ලෙසට තොරතුරු ලෝකය වෙතට පිවිසීමේ දොර‍ටුව තමන් සතු බව සනාත කරන්නට ඔවුන් නිරන්තරයෙන් මෘදුකාංග ආකාරයට මෙන්ම මෘදුකාංග ආකාරයට තරග වදිමින් සිටිනු දැකිය හැකිය. Android Ware එම තරගට මැතකදී එක්වූ නවතම සගයෙකි. ගූගල් ආයතනය ලගදී නිකුත්කල වීඩියෝවක් ඔස්සේ තම ඉදිරිපත්කිරීම ගැන විස්තර කරමින් පවසන්නේ ස්මාර්ට් දුරකථනයකට වඩා තම Android Ware සමග එන ස්මාර්ට් ඔරලෝසුව භාවිතාකරන්නා වෙතට හැම අතින්ම ඉදිරියෙන් බව. තොරතුරු අවශ්‍යතාවයකදී භාවිතාකරන්නෙකු තම ස්මාර්ට් දුරකතනය වෙතට පිවිසීමග හා එය හැසිරවීමට ගන්නා කාලය සැලකීමේදී Android Ware සමග භාවිතාකරන්නෙකුට වාචිකව එය මෙහෙයවීමේ හැකියාව , ශ්‍රව්‍ය ආකාරයට එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව , ඇප් අයිකනයන් රාශියක් ඇති දුරකථන උහුනත මෙන් නොව වෙන් වෙන්ව ඇප්ලිකේෂනයන් සදහාවන මුහුනත් සමග කටයුතු කිරීමේ හැකියාව ආදිය සමග මෙන්ම Notifications සමග පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාවත් දක්ව සිටිනවා. මීට අමතරව වන බොහෝ පහසුකම් සමග පැමිනෙන Android Ware පිලිබදව වැඩි දුර තොරතුරු Google I/O 2014 වලදී හෙලිවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-04-26

Android app සමග අනවසරව Bitcoins Mining අවස්ථා කිහිපයක් හමුවේ!!!

  සාමාන්‍යය සමාජයේ කැඩපතක් බදු අන්තර්ජලය මතද සාමන්‍ය සමාජීය ස්වභාවයන් ක්‍රියාත්මක වීම ස්වාභාවික කාරනාවකි. Android app මතට ඒවායේ මුල් කාරනාවට අමතරව භාවිතාකරන්නාහට හානිකර ලෙසට ක්‍රියා ‍රැගත් අමතර මෘදු කොටස් පැමිනීම පිලිබදව චෝදනා පැමිනීම මෙවන විට බහුලව දක්නට ලැබෙන අතර ඒවා අතර භාවිතාකරන්නාගේ අවසරයෙන් තොරව ඔහුගේ දත්ත ලබා ගැනීම සුලබව වාර්ථා වනවා. එසේම අන්තර්ජාලය තුල බහුල වෙමින් ඇති තවත් අනවසර ක්‍රියාවක් වන්නේ භාවිතාකරන්නාගේ දැනුමකින් තොරව ඔහුගේ පරිගණකයේ හැකියාව Bitcoins නිර්මානය කර ගැනීම සදහා දුරස්ථව යොදා ගැනීමයි. පැමින ඇති අලුත්ම වාර්ථාවක් පවසන්නේ අන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙසට පැමිනෙන CoinKrypt නම් wallpaper භාවිතාවට වඩාත් වර්නවත් බවක් ගෙනෙන මෘදු සහය සමග මෙම හානිකරය Android උපාංග කරා පැමිනෙන බවයි. දැනට හඳුනාගෙන ඇති එවැනි හානිකර ඇප්ස් Google Play store වෙතින් මේ වන විටත් ඉවත් කරන්නට කටයුතු කර ඇති අතර භාවිතා කරන්නන් වෙතට උපදෙස් ලැබෙන්නේ අපෙහැදිලි අනන්‍යතා සමග පැමිනෙන ඇප් භාවිතාවට නොපෙලබෙන ලෙසටත් භාවිතාවන ඇප් සමග වෙනත් බාගතවීම් සදහා අවස්ථාව ලබා ගන්නා සැකසුම් සදහා unchecked කිරීමට කලපනාකාරී වන ලෙසටත්ය.

2014-04-13

Android සුරකින්නට නව නව සේවාවක්!!!!

   ඇන්ඩ්‍රොයිඩ් බහුලතම භාවිතාවක් ඇති මොබයිල් මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් වනවා සේම අනාරක්ශිත බවක් පිලිබදව හැගීමක් ‍රැගෙන එන භාවිතාවක් ලෙසටද පිලිගැනීමක් කෙමෙන් නිර්මානය වෙමින් තිබේ. එහි වන පහසු භාවිතාවට සහය වන විවෘත බවම මෙම අනාරක්ශිත බවටත් හේතුවෙමින් ඇති බවටයි හදාරන්නන්ගේ පිලිගැනීම වන්නේ. ගූගල් ආයතනය මේ සදහා නව විසදුමක් ඉදිරිපත්කරමින් පවසන්නේ Google play වෙතින් ලබා  ගන්නට හැකි වන on-device monitoring හදුන්වාදීමක් ඔස්සේ මෙම අනාරක්ශිත බවට විසදුමක් ‍රැගෙන එනු ඇති බවය. යම් app මෘදුකාංගයක් ස්ථාපනයට පෙර සේම ස්ථාපනයෙන් පසුවද හැසිරීම හදාරමින් භාවිතාකරන්නාගේ සුරක්ශිත බව තහවුරු කිරීම එහි ක්‍රියාකාරීත්වය වේ. නිෂ්පාදකයා හේ සේවා සපයන්නාගෙන් ස්වායන්තව ක්‍රියාත්මක වන මෙම මෘදුආරක්ශකයා Gingerbread (2.3) සංස්කරනයෙන් ඉහල සියලුම සංස්කරන සදහා සහය දක්වන බවටයි එම ආයතනය නිවේදනය කර සිටින්නේ. ආයතනය වෙඩි දුරටත් පවසන්නේ සියලුම ආකාරයේ හානිකරයන් පිලිබදව මෙම අරක්ශකයා ප්‍රතිචාර නොදක්වන නමුත් verify applications service ඔස්සේ යම් app මෘදුකාංගයක් ස්ථපනයට පෙර මෙන්ම භාවිතාවේදීද අනවශ්‍ය ආකාරයේ හැසිරිමක් පිලිබදව අවධානයෙන් සිටිමින් භාවිතාකරන්නා සුරකින්නට එය සමත්වනු ඇති බවය.

2014-03-06

Android phones සමග පෙර ස්ථාපිතව පැමිනෙන හානිකරයන් හදුන ගැනේ!!!!

  හදාරන්නන් පිරිසක නිකුත්කරන නව වාර්ථාවකට අනූව නිෂ්පදනාගාර මට්ටමේදීම හානිකරයන් ස්ථාපිතව පැමිනෙන Android phones පිලිබදව අනතුරු අගවා සිටිනවා. ඔවුන් පවසන්නේ ව්ය්‍යාජ Netflix සංස්කරනයක් ස්ථාපිතව පැමිනෙන මෙම දුරකථන ඔස්සේ භාවිතාකරන්නාගේ තොරතුරු Russia  පිරිසකට යොමුවන  බවක් තමන් හඳුනා ගෙන ඇති බවයි. iOS හා Android වලදී මෙම හානිකරයන් හැසිරීම හැදෑරූ ඔවුන් පවසන්නේ iOS වලදී අදාල app භාවිතාව හානිකර ලෙසට හැසිරෙන්නට තැත්කලද නැවත නැවත් සිදුවන හදුනගැනීම් හා අදාල app වල හැසිරීම හදාරමින් අදාල ගොනු යොමුවන  ස්ථානයන් පිලිබදව අවදියෙන් සිටින යාන්ත්‍රනයන් ඔස්සේ එම තත්වය පාලනයක් සිදු වුනද Android ඔස්සේ වැඩි නිදහසක් සමග මෙසේ භාවිතාකරන්නාගේ තොරතුරු අනවසරව යොමුවීම සිදුවන බවය.
         පසුගිය කාලයේදීද China නිෂ්පාදනාගාරවලදී මෙලෙස හානිකරයන් ඇතුලුවීමේ අනතුර හදුනා ගැනීමක් සිදුවූ අතර අඩු සැලකිලි මට්ටමක සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය තුලදී එසේ හානිකරයන් ඇතුලුවීමක් සිදුවනු ඇති බවටයි අනුමානය වූවේ. හදාරන්නන් අනතුරු අගවමින් පවසන්නේ බාහිර app soresවලින් app ලබා නොගන්නටත් , app ස්ථාපනයේදී එය විසින් දුරකථනයේ අනෙකුත් තොරතුරු භාවිතාවට අවසර ඉල්ලීම් ගැන කලපනාකාරී වන ලෙසත් , අදාල app මෘදුකාංගය ක්‍රියාත්මක වීමේදීද කලපනාකාරීව සිටීමත් වැදගත් වනු ඇති බවත්ය.

2014-03-01

Android ද නැතිනම් iOS ද යන්න විමසන්නට සහය සටහනක්

 වෙළඳ පොල තුලදී ස්මාර්ට් මට්ටමේ දුරකථනයක් තොරාගන්නට යාමේදී හමුව ගැටලු අතර iOS ද නැතිනම් Android ද යන්න සුලබව හමුවන ගැටලුවකි. මිළ පිලිබදව සාධකය නොසලකමින් උපාංගයේ භාවිතාවන මෙහෙයුම් පද්ධතිය පිලිබදව විමසන විටදී වැදගත්විය හැකි කාරනා කිහිපයක් සලකා බලන්නට මෙම සටහනේදී උත්සාහ කරමු. 2007දී iPhone සමග හදුනවා දුන් iOS මෙහෙයුම් පද්ධතිය  මේ වන විට Apple ආයතනයේ iPod , iPhone , iPad පමනක් නොව Apple TV සමගද භාවිතයට පැමින ඇත. දෘශ්‍යව මෙන්ම ක්‍රියාකාරකම් අතින්ද වන දියුනු කිරීම් රාශියක් සමග සිත්ගනා සුලු iOS 7 සංස්කරනය මේ වන විට භාවිතාවේ ඇති නවතම සංස්කරනය වේ.
                       Linux මත පදනම්ව නිර්මානය වන Android මෙහෙයුම් පද්ධතිය Google යටතේ සංවර්ධනය වෙමින් ලොව වැඩිම භාවිතයක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට ඇති අතර නොමිලේ භාවිතාකල හැකි වඩාත් විවෘත ආකාරයේ මොබයිල් මෙහෙයුම් පද්ධතියක්ව එය පැමින ඇත. Android 4.4 නැතිනම්  Kit-Kat එහි නවතම සංස්කරනය නම් වන අතර Samsung , HTC වැනි මොබයිල් දුරකථන සමාගම් බොහොමයක් තම නිෂ්පාදන සදහ මෙම මෙහෙයුම් පද්ධතිය යොදා ගනිමින් සිටී.
                       සාමන්‍ය භාවිතාවේදී iOS සරල පහසු භාවිතාවකට සූදානම් මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනෙන අතර වැඩි තාක්ශනික දැනුමකින් තොර භාවිතා කරන්නන් සදහා උවත් අපහසුවකින් තොරව භාවිතාකිරීමේ හැකියාව එහි කැපී පෙනෙන ලක්ෂනයකි. Android සැලකීමේදී සාමාන්‍ය මට්ටමේ භාවිතාකරන්නන් සදහාද මිත්‍රබව  නොවඩුව පැවතුනද සමහර සැකසුම් සදහා වඩාත් දැනුමැති භාවිතාකරන්නෙකු අවශ්‍යවීම දැකිය හැකි බව පිලිගැනීමකි. මෙම මෙහෙයුම් පද්ධතීන් දෙක සදහාම මූලික මෙහෙයුම් පද්ධතිය සමග එන පහසුකම් වලට අමතරව හැකියවන් එකතුකර ගැනීමේදී අදාල app store වෙතට පිවිසෙන්නට වන අතර ඒවායේදී මිලදී ගත යුතු හා නොමිළේ වන app ලබා ගැනීම ඔස්සේ දුරකථනයේ මෘදු හැකියාව වඩාත් දියුනු කර ගැනීමෙ අහැකියාව භාවිතාකරන්නා හට ලැබේ. සමස්තයක් ලෙසට සැලකිමේදී මෙම මෙහෙයුම් පද්ධති දෙකම icon මූලිකව ක්‍රියාත්මක වන touch මිත්‍ර මුහුනතකින් සමන්විතව පැමින ඇත. මෙම මොබයිල් මෙහෙයුම් පද්ධති දෙක සමගම මූලික මට්ටමේ භාවිතාවන් පැමින ඇති අතර සමහර විටක පමනක් ඒ දෙකෙහි වෙනස් ආකාරයේ පහසුකම් හැකිය. screencast වැනි පහසුවක් සදහා Android වලදී USB කේබලය පමනක් සෑහුනද iOS වලදී Adaptors දෘඩාංගයක් අවශ්‍යවීම වැනි සමහර අවශ්‍යතාවයන් සදහා වෙනස්කම් දැකිය හැකිය. තවත් විටක iOS වලදී offline ආකාරයේ Command ලබාදෙන්නට හැකි වුනද Android වලදී අන්තර්ජාල සබදතාවය අවශ්‍යවීම දැකිය හැකිය. තවද Kit-Kat වලදී Hangouts වැනි භාවිතාව්කදී Google ගිනුම් සමගද ක්‍රියාත්මක වීමේදී අනවශ්‍ය ප්‍රමානයට පෞද්ගලික තොරතුරු හෙලිවන බවට වන චෝදනාව වන නමුත් iOS වලදී එවැන්නක් සිදුනොවන ප්‍රාථමික ආකාරයේ Messaging හැකියාවක් ලැබ්නු ඇත. smartphone භාවිතාවේදී Email සදහා වැඩි අවධානයක් ඇති අතර මෙම මෙහෙයුම් පද්ධති දෙක තුලම කැපී පෙනෙන ආකාරයේ වෙනස්කම් දක්නට නොවුනද iOS වලදී auto-fill හැකියාව වැඩි පහසුවක් ගෙනෙනු දැකිය හැකිය එසේම එහි වන  unified mailbox සමග වඩාත් පහසු ඉමේල් භවිතාවක් ලැබෙනු ඇත
        ආරක්ශිත බව සැලකීමේදී Android වල වන open බව හානිකරන්නන්ගේ වැඩි අවධානයක් ලබන්නට අවස්ථාවක් වී ඇති අතර  බාහිර app ස්ථාපනයට iOS වල වන අපහසු වාතාවරනය වැඩි ආරක්ශක බවක් ගෙනෙනු දැකිය හැක. සරලව පිලිගැනීම වන Android සදහා security app එකක අත්‍යවශ්‍ය බව iOS සදහා එතරම් තදින්ම නොවීමට පෙර කී හේතූන්වල අමතරව Android වල බහුල භාවිතාවද හේතුවකි. Apple ආයතනය තම app store වලට පැමිනෙන app සදහා තරමක දැඩි පිරිස්සුමකින් අනතුරුව අවසර ලබාදෙන මුත් පිලිගැනීම වන්නේ Android වලදී එතරම්ම සැලකිලි මත් නොවන බවකි. මෙහෙයුම් පද්ධති දෙක සදහාම මේ වන විට උපාංග අස්ථානගත වීමකදී ඒවා නැවත සොයා ගන්නට සහයවන app පහසුවක් ලැබී ඇත.
          දෘඩාංග මට්ටම සැලකීමේදී iOS වල වැඩි සහයක් ලැබෙන්නේ අභ්‍යන්තර කොටස් එකිනෙක වඩාත් සුමටව ක්‍රියත්මක වන සේ නීමවා තිබීම ලෙසට සැලකෙන අතර Android වලදී විවිධා නිෂ්පාදකයන් ඔස්සේ පැමිනෙන විට සමහර විටකදී ඔවුනගේ අභිමතය අනූව මුල් මෙහෙයුම් පද්ධතිය සංස්කරනයවීම වැනි තත්වයන් ඔස්සේ මෙහෙයුම් පද්ධතියේ ඒකමිතික බව සැලකීමේදී iOS ඉදිරියෙන් සිටිනු දැකිය හැකිය. උදාහරනයක් ලෙසට iOS සදහා එන නව සංස්කරනයක් පෙර දුරකථන සදහාද පහසුවෙන් වලංගුවන අතර Android වලදී විවිධ නිෂ්පාදකයින්ගේ අතර මැදිවීම්ද අවශ්‍ය නිසා කල්ගතවනු දැකිය හැකිය. මේ බව පැහැදිලි කෙරෙන හොඳම උදාහරනය වන්නේ මේ වන විට iOS උපාංග අතරින් සියයට 80ක් එහි නවතම සංස්කරනය භාවිතාවන මුත් Android සැලකීමේදී තවමත් එම උපාංගවලින් සියයට 5ක් පමනක් එහි නවතම සංස්කරනය වන Kit-Kat භාවිතාකරමින් සිටීමය.

Google Now දැන් Play Store වල ඔබේ "Ok Google" විධානය බලාපොරොත්තුවෙන්

  Google Now පහසුව මුලින්ම පැමිනියේ Android 4.4 KitKat සමගNexus 5 සදහා පමනක් වුවද මේ වන විට එම පහසුව Google Play Store ඔස්සේ අනෙකුත් සහය දක්වන උපාංග සදහාද විවෘතව ඇති බවටයි දැක්වෙන්නේ. භාවිතාකරන්නන් අතර ප්‍රසාදයට පත් අංගයක් ලෙසට voice ආකාරයේ සෙයුමකට “Ok Google” ලෙසට වන සරල යෙදුමකින් අරබන්නට සහය වන මෙම අංගය ඔස්සේ home screen මත දිවෙන කුඩා සරල ස්පර්ශක චලනයකින් weather, sports scores, trafficමෙන්ම reminder cards වැනි පෙර සකස්කර ගත් බොහොමයක් පහසූන් අත්විඳින්නට හැකිවනු ඇත. මෙම පැමිනුම සමග wallpapers වැනි අමතර අංග කිහිපයක්ම වන අතර built-in home screen වෙනස් කරගන්නට පවා දුරකථනය සහය දක්වන්නේනම් හැකිවනු ඇත.
https://play.google.com/store/apps/details?id=com.google.android.launcher

2014-02-23

Google Play වල apps 12.3%ක්ම හානිකර සහිතයි!!!!-හැදෑරීම් වාර්ථාවක් පවසයි-

  Google වල ප්‍රධානතම විධායකයෙකු පවසා සිටියේ තම Google Play වල ඇති apps ඇපල්හි iOS apps වලට වඩා ආරක්ශිත බවින් වැඩි බවකි. එහෙත් හදාරන්නන් පිරිසක් වෙතින් පලවන නවතම වාර්ථාවකට අනූව පසුගිය දැවසර සැලකීමේදී Google Play store  වල වන හානිකර සහිත බව තීරනාත්මකව වැඩිවී ඇති බවකි සටහන් වන්නේ. ඔවුනගේ වාර්ථා හෙලි කරන්නේ 2011 වසර සැලකිමේදී Google Play store වල හානිකර සහිත apps 11000 හදුනා ගන්නට හැකිවූ අතර 2013 වාන් විට හැදෑරීමේදී එම ප්‍රමානය 42000 තරම් වන ලෙසට ඉහල ගොස් ඇති බවකි. එසේම ඔවුන් හෙලි කරන්නේ Google ආයතනයට මෙම හානිකරයන් ගෙන් 60%ක් 2011දී ඉවත්කරන්නට හැකි වුවද 2013 වන විට එම ප්‍රමානය 23% දක්වා අඩු ප්‍රථිශතයක් දක්වා වාන් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. එම වාර්ථාවට අනූව සමස්තයක් ලෙසට Google play වල වන apps වලින් 12.3 ක්ම හානිකර බව සහිත බවටයි හෙලි වන්නේ.

2014-02-21

ඩොලර් 6950ක Android කොෆී ටේබලය

  Microsoft සමාගම තම Windows 8 සැලසුම් කරන විටදී එලබසිටි තක්සේරු අතර සාම්ප්‍රධායික පරිගණක මේසයෙන් මිදුනු භාවිතාවක අවශ්‍යතාවය මෙන්ම දවසේ නෙක අවස්ථාවල් වලට ගැලපෙන දෘඩාංග වෙනස ගැටලුවක් නොවී පහසුවෙන් තම කාරනා ඉ‍ටුකර ගෙන යාමේ හැකියාව භාවිතාකරන්නාගේ අවශ්‍යතාවය ලෙසට නිගමනය කල වියහැක.විටක එය පලඳනාවක් ලෙසට දෛනික ජීවිතයට සරලවන අතරම තවත් විටක තරමින් විශාල බහු භවිතාකරන්නන් පිරිසකට එක්ව භාවිතාකල හැකි ආකාරයට එය පැමිනීමේ අවශ්‍යතාවයද මේ වන විට ක්‍රමයෙන් තොරතුරු ලෝකය පිලි ගනිමින් තිබේ. පලවන නවතම තොරතුරක් පවසන්නේ 3M හා Ideum එක්ව යලිත් පරිගණක මේසයක් නිමවා ඇති බවකි.
                            එය 3.7GHz බලැති Core i7  ප්‍රොසෙසරයක් හා Blu-Ray combo drive එකකින් සමන්විතව 1080p display සමග පැමින ඇති අතර අඟල් 32 හා 46 ලෙසට ප්‍රමාන දෙකකින් වන බවටයි ප්‍රකාශ වන්නේ. එම 32 ප්‍රමානයේ පරිගණකය සමග එකවර touchpoints 40 ක් හා 46 මොඩලය සමග 60 touchpoints හැකියාවක් වන බවටයි නිවේදනය වන්නේ. එසේම මෙම 40 මොඩලය 500GB දෘඩතැටියකින් හා 16GB වන DDR3 RAM සම්න්විත බවට පවසන එම ආයතනය 32 මොඩලය එම හැකියාවන්ගෙන් භාගයක බැලැති බවටයි සටහන් වන්නේ. මෙම පරිගණක මේසයේ Android සංස්කරනයක් 2014 අවසානය වන වන විට වෙළඳ පොලට නිකුත්කරන්නට ඔවුන් බලාපොරොත්තුවන අතර එය Android 4.1 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විතව පැමිනෙනු ඇති බවටයි  නිවේදනය වන්නේ. ජල රෝධී නිමැවුමකින් පැමිනෙන එය Android apps සදහා සහය දක්වන ආයතනික මට්ටමේ භාවිතාවට වඩාත් ගැලපෙන ලෙසට නිමව පැමිනෙනු ඇති බවත් පවසා සිටිනවා.

2014-02-17

Nokia සමග Android මුසුවීම Nokia X නමින් එලබෙන සතියේ නිවේදනය වීමේ ඉඩක්????

 Nokiaආයතනය විසින්ද Android මූලික දුරකථනයක් නිකුත් කිරීමේ තොරතුර වඩාත් සනාත කරමින් මේ වන විට Nokia X හි වෙළඳ ප්‍රවර්ධනය සදහා යොදා ගන්නට සැලසුම්ව ඇති බවට විස්වාස කල හැකි image එකක් අන්තර්ජාල වෙතට පැමින  ඇති බවට වාර්ථා වෙනවා. මෙම සටහන අනූව Nokia X  හි logo වද දක්නට ලැබෙනවා. දැනට පලවී ඇති තොරතුරු පවසන්නේ මෙම Android දුරකථනය සදහා වෙනම UI එකක් භාවිතාවන්නට සැලසුම් ව ඇති අතර ඒය Google Play වැනි අමතර සර්වරයන් සදහා සම්බන්ද නොවන්නට නියමිතව ඇති බවටයි වාර්ථා වන්නේ. අඟල් හතරක ස්ක්‍රීනයක් සමග පැමිනෙන එය 1GHz Qualcomm Snapdragon ප්‍රොසෙසරයක්( dual-core)  සමග මෙගා බයිට 512ක ‍රැම් පතක් සමග පැමිනෙන්නට නියමිත බවටයි සැලවන්නේ. budget-priced smartphone එකක් ලෙසට සැලකෙනමෙම නිකුතුව පිලිබදව නිල නිවේදනය එලබෙන සතියට නියමිත සමුවකශී සිදුවනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...