2024-05-18

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී මේ බව පවසමින් ඔවුන්  පැහැදිලි කර සිටින්නේ එපමනක් නොව නව ටූලය developers වෙතටද හානිකර පිලිබඳව අනතුරු අගවමින් සහය දක්වන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවකි. Google දැනටමත් පවසා ඇත්තේ Android 15 සමග ආරක්ශිත බව ඉහල නංවන අංග කිහිපයක්ම සංයුත්තව එවන්නට තමන් කටයුතු කරන බවකි. විශේෂයෙන් banking trojans, spyware වැනි හානිකර අංග පිලිබඳව මෙහිදී අවධාරනය කර ඇත. දුරකථන වෙතට පැමිනෙන  messages / notifications වලින් තොරතුරු සොරා ගැනීම බහුල අවධානයක් දිනා ඇති ක්‍රමයක් වන අතර සමහර Android malware සමගින් Google Authenticator වලින්ද MFA codes සොර ගැනීම් වාර්ථා වෙමින් තිබේ. මීට අමතරව භාවිතා කරන්නන් නොමග යවමින් ලබා ගන්නා   permissions  සදහාද බධා   පමුනවන්නට ද එම අයතනය වැඩි පියවර ගනිමින් සිටී. නව අංගයක් වන Google Play Protect live threat detection ඔස්සේ AI  මූලික සහයක්ද ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa
www.pariganakaya.tech


 

2023 දී Google විසින් 2.28m risky apps වලකා ඇත.

Google පවසන්නේ තමන් 2023 වසර තුලදී 2.28 million ක් වන apps ප්‍රමානයක් තම Play Store වලින් block කරන්නට කටයුතු කර ඇති බවකි. එය 2022 වසරේදී  1.5 million ක ව පැවතුන බවටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. මේව අතර හඳුනා ගත් හානිකර බව සේම සැකසහිත හානිකර බව පදනම්ව මෙම පියවර ගත් බවට ඔවුන් පැහැදිලි කරනවා. ඔවුන් තව දුරටත් පවසන්නේ මෙම හානිකර බව පතුරවන apps මෙන්ම තම්  policy ඉක්මවන බවට හඳුනා ගත් නිකුතූන් කල ගිණුම් 333,000 පමන වූ බවත් මෙන්ම ස්ථාපනයේදී unnecessary  permissions ඉල්ලා   සිටින අවස්ථාද විශාල ප්‍රමානයක් වූ බවටයි පැවසෙන්නේ. Google මෙම පිරික්සුම් සදහා වඩාත් නවීනතම Tools රාශියක් භාවිතාකරන බව පවසන අතර විශේෂයෙන් VPN apps පිලිබඳව වැඩි අවධානයක් දක්වන බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa
www.pariganakaya.tech


 

Twitter.com වලින් X.com වලට පැමිනීම...

Twitter යනු ප්‍රකටතම හා  තීරනාත්මකම  සාමජජාලාවක්ව තිබිනි. එම ප්‍රකට නාමය මෙන්ම Logo ව සමග  October 2022 වන විට එය නව හිමිත්වයකට පත්විය ඒ multi-billionaire ලොව ධනවත්ම අයෙක්වූ අතර ඉන් අනතුරුව වසර දෙකක් ගත වන විට එම අවකාශයේ  social media platform අනන්‍යතාවය මෙතරම් official rebranding  එකකට මුහුන දෙනු ඇති බවට සිහිනෙන්වත් අනුමාන නොකෙරිනි. කෙසේ වෙතත් අවසානයේ එය "X" ලෙසට නම් වූ අතර නව Logo වක්ද සමග විය. අවසානයේ මව් ආයතනය X Pro, ලෙසටද ගෙවීමක් සමග වන සේවාව became X Premium ලෙසටද නම් කෙරිනි. නව හිමිත්වය දරන Elon Musk පවසන්නේ මේ වන විට එහි සියලුම Core systems වල URL වලට  X.com වලට සංක්‍රමනය වී අවසාන බවයි. වසරක් පමන කාලයක සිට සිදුවූ පරිවර්ථනයක එක් අවස්ථාවක් ලෙසට මෙය සැලකෙන අතර නව හිමිත්වය කලකට ඉහතදී  X.com නමින් නව හිමිත්වයට හිමි online bank එකක් පිලිබඳවද තොරතුරු පල වෙමින් තිබේ. 
Pubudu Siriwnsa
www.pariganakaya.tech


 

2024-05-10

AI මූලික Search Engines

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති අතර OpenAI විසින් නිකුතුවට සූදානම් වන  search engine එකක්  මේ වන විට නිවේදනය වී ඇති අතර එය Google Search මෙන්ම Bing search වලට ප්‍රබල අභියෝගෞයක් වනු ඇති බවට අනුමාන වෙමින් තිබෙනවා. එපමනක් නොව Perplexity නම් AI-based search startup වලටද අභියෝගයක් වන්නට සූදානම් බවටයි තොරතුරු හෙලි වන්නේ. එපමනක් නොව Google ද තමන්ගේම AI-based search engine එකක් SGE (Search Generative Experience) නමින් ඔවුන්ගේ Search Labs වල නිමවෙමින් ඇති බවට පැවසෙනවා. එසේම  OpenAI විසින් පසුගිය දා   පවසා   සිටියේ  AI මූලිකව නිමවෙන Images හඳුනා ගත හැකි "deepfake" detector ටූලය සාර්ථකව අත්හදා   බැලෙමින් තිබෙන බවකි.
Pubudu Siriwansa


 

WhatsApp සමාජජාලා ප්‍රමුකයා වෙමින් ඇත.

 

සමාජ ජාලා   යුගය නෙක අයුරින් අපව හසුකර ගනිමින් සිටී. Facebook වල තිබූ ප්‍රමුක බව ක්‍රමයෙන් WhatsApp වලට ගොනු වෙමින් තිබීම හදාරන්නන් ගේ අවධානය ලබා   ගනිමින්  තිබේ.  ආරම්භයේදී  WhatsApp ප්‍රමුක වූවේ person-to-person සංනිවේදනයේ සහයකයෙකු ලෙසට වුවත් 2022 දී  හඳුන්වාදුන්  Communities feature එක සමග Whatsapp භාවිතාකරන්නෙකුට groups / subgroups අකාරවලට එය පුළුල් කර ගන්නට හැකිවිය. 2023 වන විට පැමිනි Channels feature එක ඔස්සේ භවිතාකරන්නන් හට Brand ආකාරයට තම අවධානය  ඉදිරියට ගෙනියන්නට  හැකිව තිබේ. හදාරන්නන් පවසන්නේ අනිකුත් තරගකාරී අවකාශ නෙක පසුබෑම් මත පවතින විටක Whatsapp වල මෙම ප්‍රගතිය හෙට දවසේ ප්‍රමුකයෙකු වීම සදහා   ප්‍රධාන සාධකයක් වෙමින් ඇති බවකි.
Pubudu Siriwansa


වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...