2023-05-27

Google Search වලටත් generative AI හැකියාව.

Google පවසන්නේ මේ වන විට තම  Search Labs සමග SGE (Search Generative Experience) අත්දැකීමේ පෙර හුරුවක් US භාවිතාකරන්නන් සදහා දැන් වූදානම් බවයි. Googl පෙහැදිලි කරන්නේ තම generative AI-powered Search සමග පහසු සෙවුම් බවක් සූදානම් බවත් සෙවුමක් සමග ගොඩ නැගෙන conversational mode එකක් ඔස්සේ පහසුවෙන් වැඩි දුර තොරතුරු සදහා පිවිසෙන්නට භාවිතාකරන්නා හට හැකිවන බවත්ය.වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙය පිවිසුමක් පමනක් බවත් වඩාත් අපූරුඅත්දැකීමක් සූදානම් වෙමින් පවතින බවත්ය. මේ වන විටත් Bing මෙන්ම Brave  ද තම සෙවුම් සදහා generative AI එක්කරගෙන භාවිතාකරන්නන් සදහා වඩාත් අපූරු හා ආකර්ෂනීය අත්දැකීමක් ගෙනෙමින් සිටින අතර ඉක්මනින්ම ලොව පුරා වන Google Search භාවිතාකරන්නන් හටද මෙවනත්ඩැකීමක් ලබා දෙන්නට  Google ද සූදානම් වෙමින් සිටින බවටයි පැහැදිලි වන්නේ.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

2023-05-26

Windows 11 සමග WinRAR සහය සංයුත්තවේ.

මෙවර Build 2023 developers conference වලදී ප්‍රකාශයට පත්වූ දෑ අතර  Windows Copilot, නවීන වන Edge browser සහ Bing Search වලට සංයුත්තවන ChatGPT වේ. මේ අතර අවධානයට පත්වන තවත් නිවේදනයක් වූවේ Windows 11 මෙහෙයුම් පද්ධතිය native ආකාරයට ප්‍රධාන archive file types කිහිපයකටම සහය වන්නටසූදානම් බවයි. ඒ අතර RAR. ආකාරයද වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ලොව පුරා මිලියන ගනනක් වන භාවිතාවක් දිනා ගත් WinRAR ආකාරය එය නිකුතුවෙන් වසර 30කට පසුව ලබා ගත් Windows පිලිගැනීම පිලිබඳව එම ආයතනය තම ප්‍රසාදය පලකර සිටිනවා. මේ අනූව මින් ඉදිරියට Windows 11 සමග archiving files වලදී ඒවා විවෘත කරන්නට මෙන්ම compress කරන්නට අමතර සහයක් අවශ්‍ය නොවුනු ඇත.
Pubudu Siriwansa - www.Pariganakaya.Tech


 

සයිබර් පුරවැසියාට ආවේනික සංස්කෘතියක් අවශ්‍යව තිබේ.

සයිබර් පුරවැසියාට ආවේනික සංස්කෘතියක් අවශ්‍යව තිබේ. එය වසර දහසක් ගනනක් තිස්සේ අප වටා ඉදිව තිබෙන සාම්ප්‍රධායික සංස්කෘතික රටාවෙන් වෙනස් වන්නට අවශ්‍ය වන්නේ ඒ සදහා පාදකව තිබූ බොහෝ සාධක අවසන් කර දමා නව ආකාරයක් එය ගොඩ නගා ඇති බැවිනි.සරල උදාහරණ නම් දුර හා කාලය පිලිබඳ සාධකයන්ය. අන්තර්ජාලයේ ශක්‍යතාවය එම සාධක අගයන් රහිත කර ඇත.එපමනක් නොවේ මාධය කරණයේ  සියලු මහා සාධක එය අභියෝගයට ලක් කර ඇති ආකාරය දෛනිකව අපි අත්විඳිමින් සිටින්නෝද වෙමු.දශක කිහිපයකට පෙර BBC, CNN වැනි මාධ්‍ය සතුව තිබූ ප්‍රචාරණ හැකියාව ඈත එපිට ගම්මානයක වන ප්‍රාථමික වැසියෙකුට විත් ඔහුගේ ග්‍රාම්‍ය ‍රැගුමකට ඉතා කෙටි කලකින් ලොවේම අවධානය ලැබුනේ කෙසේ දැයි විමසන්නට වන දිනය අප පසුකරමින් සිටී. එපමනක්ම නොවේ. බැරෑරුම්ම කොටස එන්නට නියමිතව ඇත. එනම් ක්‍රමයෙන් ප්‍රධාන අවකාශ සියල්ලම ඔස්සේ දියත්වෙමින් ඇති AI හැකියාවය.තවමත් නොපැමින ඇති  සංස්කෘතික ‍රැහැනකට එය ගැටගසන්න අවශ්‍ය බව ලොවපුරා විද්වතුන්ගෙන් මෙන්ම ප්‍රධාන පෙලේ නායකයින්ගේද අවධානයට ලක්වෙමින් තිබීම වාසනාවකි. නැතිනම් සමහර විට කලින් කලට නෙන නිර්මාණ ඔස්සේ අප කියවමින් සිටි කෘතීම බුද්ධිය මිහිමත මිනිස් සංස්කෘතියේ ආධිපත්‍යය අක්‍රමනයට කටයුතු කීරීම සරල පියවරක්ම පමනක් වනු ඇත.

Pubudu Siriwansa  =  www.Pariganakaya.Tech 

 

2023-05-25

iRecorder App එක Trojan එකක් ලෙස නම්වේ.

Android recording app එකක් වන iRecorder නම් Screen Recorder ඇප එක AhMyth ආකාරයේ හානිකරයකින් ආසාධිත බවත් එය භාවිතාකරන්නන් ගේ තොරතුරු අවසරයකින් තොරව සයිබර් අපරාධකරුවන් වෙතට ලබා දෙන්නට කටයුතු කරන බවටත් වන මාතෘකාව යලිත් කථාබහට ලක් වෙමින් තිබෙනවා. මෙය September 2021 ප්‍රථමයෙන් නිකුත් වූ එකක් බවත් කියවෙන අතර නිකුතුවෙන් කෙටිකලක් ගත වෙත්ම ආසාධිත බවක් පෙන්වමින් භාවිතාකරන්නන්ගේ තොරතුරු සෑම විනඩි 15කට වරක්ම  encrypted link එකක් ඔස්සේ අපරාධකරුවන් ගේ සර්වරයන් වෙතට යොමු කරන බවත් හඳුනා ගන්නා ලදී. ගැටළුවෙන් අනතුරුව  50,000 downloads ලබා ගෙන තිබූ මෙම ඇප් එක ගූගල් ඇප් ස්ටෝර්වෙන් ඉවත්කල මුත් තවමත් තෙවන පාර්ෂවල ස්ටෝර්වන් තුල පවතිමින් තිබෙන බවටයි අනතුරු ඇගවෙන්නේ.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

ආරක්ශිත සයිබර් සැරියකට වැදගත් කරුණු කිහිපයක්. 01

ඔබේ පරිගණකයේ ආරක්ශිත බව දෙයාකාරයකින් පැහැදිලි කරගත හැක. එනම් උපාංගයක් ලෙසට දෘඩාංග මට්ටමේ සිට මෘදුකාංග ලෙසටය. අනෙක නම් ඔබේ භාවිතාවේ ආකාර අනූවය. තරමක අභියෝගයක් වුවද දෘඩාංග මට්ටම හැකි විටම ඉහල යාවත්කාලීන මට්ටමක තබා ගැනීම වැදගත්ය. අද වන විට මෘදුකාංග මට්ටමින්ම මේ බව ඉල්ලා සිටිම බහුලව දැකිය හැකිය. නවීනතම ආරක්ශිත අංගයන් බොහොමයක් වඩාත් නවීනතම දෘඩාංග පසුබිමක් ඉල්ලා සිටීම සදහා හොඳම උදා හරනය windows 11 සමග වෙයි. එනම් windows 11 ස්ථාපනයට අනිවාර්ය අංගයන් ලෙසට පරිගණකය සමග විට යුතු අංගයන් කිහිපයක් නම් කර ඇත. එපමනක් නොව ස්මාර්ට් දුරකථන මට්ටමේදීද Biometrics ආකාර සදහා සහය වන දෘඩාංග පහසුකම් එනම් ඉහල මට්ටමක Camera එකක සිට Fingerprints වැනි ආකාර සදහා සහය දක්වන බවක් ඉලා සිටීම සිදුවේ. 
      මෘදුකංග මට්ටමේදී හැකි හැමවිටම ස්ථාපිතව ඇති මෘදුකාංග යාවත්කාලීනව තබා ගන්නට වගබලා ගැනිම ඉතා වැදගත්ය. බොහෝ විටම මෘදුකාංග සදහා යාවත්ලබා දීමේදී හේතුවන ප්‍රධාන සාධක දෙකකි. එකක් දැනටම හඳුනා ගෙන ඇති එහිවන දුර්වලතා පිලිසකර කිරීමය. අනෙක නම් එම මෘදුකාංග භාවිතාවට නවාංග ‍රැගෙන ඒමය. හැකි හැම විට මෘදුකාංග තොරා ගැනීමේදී ඒවායේ නිළ සංස්කරණ තොරා ගැනීමත්, ඒවා ස්ථාපනයේදී නිළ ආකාරවලට එනම් එම නිකුතූන් කර ඇති ආයතනයන් පවසන ආකාරයන් වලට එකගව කටයුතු කිරීම වැදගත්ය. බොහෝ විට අනීතික ලෙසට මෘදුකාංග සංක්‍රිය කිරීමේදීම හානිකරද ස්ථාපනයට අවස්ථාවක් ලබා ගැනීම බහුලව දකිය හැක. මෙවන් බොහෝ අවස්ථාවලදී ගැටළුව හඳුනා ගන්නා විට භාවිතාකරන්නා අසරණවී හමාරය. තවත් වැදගත් කාරනයක් නම් තමන් ස්ථාපණය කරන මෘදුකාංග ඉල්ලා සිටින උපාංගයේ වන පහසුකම් හැසිරවීමට ඉල්ලා සිටීම් ගැන අවධනයෙන් සිටීමය. උදාහරනයක් ලෙසට කැමරාව, ශ්‍රව්‍ය සංවේධක ඇතුළු පහසුකම් එම මෘදුකාංගය හෝ ඇප් එක ඉලා සිටීම සධාරනද යන්නත් තවත් විටක ඔබ නොදැනුවත්වම එවන් අවසර ලබා ගෙන ඇත්දැයි සැලකිලිමත්වීම වැදගත්ය.
                            ඔබ කොතරම් නවීනතම උපාංගයක් සමග වුවත්  සයිබර් අවකාශය සමග වන ගනුදෙනුවෙදී කල්පනාකාරී නොවී කටයුතු කිරීම මහත් ව්‍යසනයක් ගෙනෙන්නට කටයුතු කරනු ඇත. ඔබේ ඊමේල් ගිණුම, සමාජජාලා ගිණුම, බැංකු ගිණුම් වැනි බහුල භාවිතාවන් වලදී සයිබර් අපරාධ කරුවන් නිරන්තරයෙන් බලා සිටින්නේ ඔබගේ අතපසුවීමක්, නොසලකා හැරීමක් සිදුවෙන තෙක් විය හැක. ඒ ආකාර වලදී ඔවුන් භාවිතයට ගන්නේ මහත් සංකීර්ණ තාක්ෂණික උපංක්‍රම වෙනු වට සරල මිනිස් දුර්වලතාය, නැතිනම් නොමග යැවීම්ය. උදාහරණයක් ලෙසට ඔබගේ හොඳම මිතුරෙකු මිතුරියක ගෙන් වුවත් ලැබෙන අස්වාභාවික බවක් හැගෙන ඊමේල ගැන සැලකිලි මත් වීම වැදගත් වන්නේ ඒවා සැබැවින්ම පැමිනෙන්නේ දෘශ්‍යව අදාල ගිනුමෙන් වුවද ඒ වන විට එම ගිණුම දුරස්ථ සයිබර් අපරාධකරුවෙකුගේ ග්‍රහනයට පත්ව ඒ ඔස්සේ කරන මෙහෙයුමකින් විය හැක. තවත් විටක සමාජජාලාවකදී ඔබට හමුවන වසර ගනනාවකට පෙර සිටි හොඳ හිතවතෙකුගෙන් ලෙසට හැගෙන්නෙකු විය හැක. නැමුත් සැබෑවනම් ඒ පි‍ටුපස සිටින්නේ සයිබර් අපරාධ කරුවෙකු වන්නට වන සම්භාවිතාව ඔබ නොසලකා දැමියම යුත්තක් නොවේ. සාමාන්‍ය සමාජ භාවිතාවේදී ඔබ අනුගමනය කරන "සමාජ ඉව" මෙහිදී භාවිතයට ගැනිම ඉතා වැදගත් වන්නේ නිර්මානය වන්නට ඉඩ ඇති සයිබර් ගොදුරක් වීමේ අවස්ථාව ඒ ඔස්සේ මග හැරෙන්නට ඉහල ඉඩක් වන නිසාවෙනි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

2023-05-24

Windows 11 වෙතට එන Copilot AI හැකියාව.

Microsoft වල Build 2023  හමුව මේ දිනවල පැවතෙමින් ඇති අතර එහිදී එලබෙන කාලයට ඔවුන්ගෙන් පැමිනෙන්නට නියමිත අංගයන් ගැන කථා බහ වෙමින් තිබෙනවා. මේ අතර වඩාත් අවධානය ලබා ගත් අංගයක් ලෙසට Windows 11 වෙතට AI හැකියාව එන්නට නියමිත බව හා ඒ ආකාරයන් ගැන වන තොරතුරු වනවා. ඔවුන් විස්තර කරන්නේ පසුගිය මාස 6ක සිට තම Copilot AI assistant සමග නෙක ආකාර වලට AI හැකියාවන් නිකුත් වෙමින් තිබෙන අතර Microsoft 365 Copilot යටතේ  PowerPoint, OneNote, SharePoint, වැනි භාවිතාවන් වලට වූ උස්තල ගැන්වීම් පෙන්වා දෙනවා. එපමනක් නොව  Security ආකාර උස්තල ගැන්වීමටද මෙම නව ප්‍රබෝධය භාවිතවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙවර හමුවේදී ඔවුන් පවසා සිටින්නේ Windows Copilot ඔස්සේ දැනට වන භාවිතාවන් පහසු කිරීම මෙන්ම නවාංග රාශියක පැමිනීමද සිදුවන්නට නියමිත බවයි.විශේෂයෙන් "taskbar" වෙතට එන Windows Copilot button ඔස්සේ අවධිවන personal assistant හැකියාව සමස්තයක් ලෙසට apps, programs, windows වැනි ආකාර සියල්ල ඔස්සේම සහය වනු ඇති බවට්යි -පැහැදිලි කෙරෙන්නේ. එසේම වැඩි දුරටත් පවසන්නේ Bing Chat වල සේම Windows Copilot සමගද ප්‍රශ්ණ, පිලිතුරු ආකාරයට ගනුදෙනුවක් සදහාද සූදානම් බවයි. පැමිනෙන නව අත්දැකීම කෙටියෙන් විස්තර කෙරෙන්නේ මෙම අංගය සමග සාමාන්‍ය භාවිතා කරන්නෙකු "power user" කෙනෙකු කරන්නට එය සූදානම් බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Windows 11 වල "Moment 3" යාවත්කාලීනය නිකුත්වේ.

Microsoft පවසන්නේ Windows 11 සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලිනය වන "Moment 3" එලබෙන May 24, 2023 ට සුදානම් බවයි. මෙය එහි public release එක වන අතර එය මේ වන විට මාස ගනනක් Windows Insider program වලදී අත්හදා බැලීමෙන් අනතුරුව වන නිකුතුවක් ලෙසටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් මෙම නිකුතුවට අදාල නිළ නාමයක් ප්‍රකාශයට පත්ව නැති අතර "Moment 3" යනු හදාරන්නන් වැඩිටෙන්ම ඒ සදහා යෝජනා කරන නාමය වනවා. මෙය විශාල යාවත්කාලීනයක් නොවන බවත් මුත් විශේෂිත වෙනස්කම් කිහිපයකින් මෙන්ම ආකර්ශනීය  නවාංග වලින් සමන්විතව පැමිනෙන බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.ඔබගේ windows 11 ස්ථාපිත පරිගනකයේ Settings > Windows Update ඔස්සේ පිවිස මෙම යාවත්කාලීනය ලබා ගන්නට හැකි වන අතර මීලග Patch Tuesday වන June 13, 2023 දා වන විට සියලුම භාවිතාකරන්නන් සදහා නිකුත් වනු ඇත.
Pubuud Siriwansa  -  www.Pariganakaya.Tech


 

2023-05-23

Photoshop වෙතටද generative AI tools පැමිනේ.

වසර මුලදී  Adobe නිවේදනය කර සිටියේ තමන්ගේ Creative Cloud apps සදහා generative AI tools ගෙනෙන්නට සූදානම් බවයි. අද Adobe පවසා සිටින්නේ තම Photoshop නම් ප්‍රකට  image editing app එකට beta version මට්ටමින් එය සූදානම් බවයි. ආයතනය පවසන්නේ තමන් විසින්ම පිහිටව අගත් AI Ethics rules වලට යටත්ව මෙම භාවිතාව පැමිනෙන බවත් හා Generative Fill සමග ඡායාරූ සංස්කරණයේදී add, remove, extend content වැනි පහසුකම් සදහා ඒය සහය වනු ඇති බවයි. වැඩි දුරටත් විස්තර කෙරෙන්නේ Generative Fill  සමග සාමානය භාෂාව සමග කටයුතු කරමින් අදාල මෘදුකාංගය භාවිතට අවස්ථාව සැලසෙන අතර Adobe Stock images වැනි සහයන් සමග එය සිදුකරන්නට භාවිතාකරන්නා හට අවස්ථාව ලැබෙන බවයි. ඔවුන් පවසන්නේ Generative Fill වලදී copyright restrictions වලට යටත්ව පැමින ඇති බවයි.දැනට desktop beta app මට්ටමින් පැමින ඇති එය 2023 දෙවන භාගයේදී සාමානය නිකුතුවක් ලෙසට පැමිනෙන්නට  නියමිත බවටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

WhatsApp වල පසු සංස්කරණ හැකියාව සියල්ලන්ටම විවෘත වේ.

ලොව පුරා මිනිස් සබඳතා අවකශයේ තීරනාත්මක භාවිතාවක් ලෙසට  WhatsApp සටහන් වෙමින් තිබේ. පෞද්ගලික මට්ටමේ සිට වෘතීය මෙන්ම ව්‍යාපාරික දිසාවන් දක්වාම එය දිනෙන් දින පැතිරෙමින් තිබේ. විශේෂයෙන්ම එය ‍රැගෙන එන end-to-end encrypted හැකියාව භාවිතාකරන්නන් හට වඩාත් ආරක්ශිත බවක් දනවන අතර එය විසින් තම සබදතා අතර හුවමාරුවන තොරතුරු වලට එබී බලන්නට නොහැකි කර තිබීම මහත් ප්‍රසාදයට ලක්වූ කරුනක්ව තිබේ. WhatsApp නිවේදනය කර සිටින්නේ භාවිතාකරන්නෙකු යවන ලද text message එකක් edit කිරීමේ හැකියාව මේ වන විට සියලුම භාවිතාකරන්නන් වෙතට විවෘත බවය. ඒ සදහා නවතම යාවත්කාලීන සමග සිටීම අදාල බව පවසන ඔවුන් එම පහසුව WhatsApp Web Beta හා WhatsApp Android Beta වලින් පෙරට ගෙන ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම හැකියාව  June 2022. වලදී තම Android සංස්කරණය සමග පලමුව නිවේදනය වූවක් ලෙසට පැවසේ. එම ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ යවන ලද messages එකක් එය යවා විනාඩි 15 තුලදී මෙම edit පහසුවට විවෘත බවත් අදාල පනිවිඩය මත long-press එකක් සමග එන මෙනුවෙන් ‘Edit’  තොරා ගැනීම ඔස්සේ ඉදිරියට යාහැකි බවත්ය. එසේම ඔවුන් පවසන්නේ මෙම පසු edit භාවිතාවෙන් අනතුරුව අදාල පනිවිඩය යටින් ‘edited’  ලෙසට සටහනක් එක්වන බවයි. සමස්ථයක් ලෙසට මෙම හැකියාව සමග යවන ලද පනිවිඩයක misspelling නිවැරදි කිරීමක සිට එහි කරුණු වෙනස් කිරීමකට අවශ්‍ය වීම දක්වා පහසුවක් ගෙනෙනු ඇත.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Google ගෙනෙන AI බලැති Flood Hub පහසුව තවත් පුලුල් වේ.

Google පවසන්නේ තම  Flood Hub නම් AI-powered හැකියාව ලොව පුරා රටවල් 80ක් දක්වා පුලුල් කරන්නට මෙන්ම පෙර පැවති 48-hour forecasts මට්ටමේ සිට 7-day forecasts මට්ටමට ද ගෙනෙන්ට තමන් කටයුතු කර ඇති බවකි.  ඒ අනූව මෙම  Flood Hub ඔස්සේ ලොවපුරා වෙසෙන පුද්ගලයිඔන් 460 million කට කාලගුන වෙනස් කම් ඔස්සේ ගංවතුර මෙන්ම මුහුදු ජල මට්ටම් වල වෙනස් කම් පිලිබඳව  පෙර දැනුම් දීම් ගෙනෙන්නට සමත් වනු ඇත, එය දැන් Africa, the Asia-Pacific, Europe, South - Central America දක්වා රටවල් වලට ව්‍යාප්තව සිටින අතර ඔවුන් පැහැදිලි කරන්නේ මෙහිදී ආකාර දෙකකට හැදෑරීම් සිදුවන බවත්Hydrologic Model ඔස්සේ ගංඟාවක ගලා යන ජල මට්ටම පිලිබඳව අනාවැකියන් මෙන්ම Inundation Model ඔස්සේ පැමිනෙන්නට නියමිත ජලප්‍රමානයෙන් ඉල්ලා සිටින භූමි ප්‍රාමානය මෙන්ම ජල ප්‍රමානය ගැන අනාවැකි පල කරන්නට සමත් වන බවයි.  Google විසින් පවත්වා ගෙන යන Crisis Response work ව්‍යාපෘති වලින් එකක් ලෙසට මෙය ගැනෙන අතර  එම වයාපෘතිය යටතේ wildfires ගැන මෙන්ම  earthquakes පිලිබඳව පෙර දැනුම් දීම් සදහා කටයුතු කරනු ලබනවා.
Pubudu Siriwansa


 

2023-05-22

Facebook වලට $1.3 billion දඩයක් පැනවේ.

Meta යනු Facebook වල මව් සමාගම වේ. පැමිනෙන නවතම පුවතක් පවසන්නේ Meta වෙතට European Union වල European Data Protection Board  විසින් €1.2 billion ($1.3 billion) දඩයක් පනවා ඇති බවකි. ඒ සදහා හේතුව වන්නේ European citizens ලාගේ පෞද්ගලික දත්ත Facebook වල US මූලික servers වල තැන්පත් කරන්නට කටයුතු කිරීම ලෙසට පැහැදිලි කෙරෙමින් තිබේ. මේ වන විට ලෝකය පුරා රටවල් කිහිපයකින්ම තම පුරවැසියන්ගේ දත්ත තොරතුරු තාක්ෂණ ආයතනයන් විසින් හසුරවන ආකාරය හා භාවිතා වන ආකාරය පිලිබඳව අවධානයෙන් සිටීම සිදුකෙරෙමින් සිටීම විටින් විට හෙලිවෙමින් ඇති අතර බොහෝ රටවල් රාජ්‍ය මට්ටමින්ම ඒවා සදහා අවශ්‍ය නීතිරීති සම්පාදනයට කටයුතු කරමින් සිටී.EU  ව මෙම පියවරට ගොස් ඇත්තේ GDPR agreement වලට පිටින් කටයුතු කිරීම කරණ කොට ගෙන වන අතර Facebook පවසන්නේ තමන් මේම තීර්නයට එරෙහිව appeal කිරීමකට යාමට සූදානම් බවකි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

China හා US සීතල තාක්ෂණික යුද්ධයක.

China වලින්ද ප්‍රථම වරට US මූලික chipmaker නිපැයුමක් තම  රට තුල තහනම් කරන්නට පියවර ගෙන ඇති බවට වාර්ථාවේ. US මූලික ආයතනයක් වන Micron වෙතට මෙම තහනම පනවා ඇති අතර එම තීරණයට පදනම ලෙසට සලකා ඇති කාරනය " major security risk" ලෙසට පැහැදිලි කරමින් සිටී. එරට Cyberspace Administration විසින් පසුගිය මාර්තුවේ සිට මෙම සලකා බැලීම සිදුකොට ඇති අතර මේ වන විට එම චෝදනාව තහවුරු කරගෙන මෙම තීර්නයට පිවිස ඇති බවටයි නිවේදනය වන්නේ.එම හැදෑරීමේදී මෙම භාවිතාවන් අවසානයේ චීනයේ national security මට්ටමට බලපෑමක් වන්නට ඉඩ ඇති බවටයි තීර්නය කර ඇත්තේ. කෙසේ වෙතත් මේ ගැන US දෙසින් පැවසෙන්නේ පදනමකින් තොර චෝදනාවක් බවකි. මේ වන විටත් US විසින්ද චීනයේ Semiconductor Manufacturing International Corporation (SMIC)  වල නිපැයුම් එරටට තහනම් කරන්නට කටයුතු කර ඇති අතර හදාරන්නන් පවසන්නේ "සීතල තාක්ෂණික යුද්ධයක" සේයාවක් තමන් දකිමින් සිටින බවකි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

2023-05-19

IBM වල jobs අවස්ථා artificial intelligence දෙසට.

ලොව ප්‍රකට පෙලේ හදාරන්නෙකු මේ වසර මුලදී පවසා සිටියේ AI විසින් ලොවපුරා ‍රැකියා අවස්ථා 300 million සියතට ගන්නය නියමිත බවකි. එහිදී අනවෑකි පලකලේ  18%ක්  පරිගණක ගත වීම් ඔස්සේ අවසන් වන්නට නියමිත බවයි. පසුගියදා IBM වල උසස් නිළධාරියෙකු පවසා සිටියේ තම ආයතනයේ සේවක ධාරිතාව වන 26,000 යෙන් සියයට තිහක් එනම් 7800 ක් (non-customer-facing jobs) මේ ආකාරයට අවසන් වන්නට නියමිත බවකි. එහිදී පැහැදිලි වූවේ  IBM වල දැනටමත් AI භාවිතාව  humanresources department. වල සංක්‍රිය බවයි. එහිදී පැහැදිලි වූවේ HR-related work සදහා බාවිතාවූ 700 professionals සහය 50 දක්වා අඩුකරන්නට හැකි බවයි. එහිදී වැඩි දුරටත් පවසා තිබුනේ නිර්මානය වන අතිරිත්තයෙන් බහුතරයක් අතිරේක කාරනා සදහා යොදවන්නට හැකි බවයි.Administrative  ආකාරයේ සිට lawyers දක්වා බහුතරයක් මෙම අනතුර දෙසට සිටින බවටයි පැහැදිලි වූවේ.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Chrome desktop වලට එන URL autocorrect හැකියාව.

Google පවසන්නේ Chrome desktop වෙතටද autocorrect typos හැකියාව URL වෙතටද ගෙනෙන්නට සූදානම් බවයි. එසේම ඔවුන් පවසනවා තම mobile වෙතටද ඉදිරි මාස කිහිපය තුල ගෙනෙන්නට සූදානම් බවයි. Google පැහැදිලි කරන්නේ ඔබ URL bar සදහා මෙම typo හැකියාව සංක්‍රිය කල පසු Chrome ඔස්සේ suggestions ලබා දීමට කටයුතු කරනු ඇති බවයි. වැඩි දුරටත් එම ආයතනයව් පවසන්නේ Global Accessibility Awareness Day නිමිති කොටගෙන මෙම නිකුතුව සිදුවුවද සෑම භවිතාකරන්නෙකුටම සහයක් වීමට ඉඩ කඩ ඇති බවයි. එසේම ඔවුන් පවසන්නේ Google Maps  වෙතටද wheelchair icon  එකක් ඔස්සේ Accessible Places පෙන්වන්නට කටයුතු කර ඇති බවයි.
Pubudu Siriwansa - www.Pariganakaya.Tech


 

Google වල අක්‍රිය ගිනුම් මකා දැමීම.

Google  දින කිහිපයකට පෙර නිවේදනය කර සිටියේ වසර දෙකක් තිස්සේ භාවිත නොවී ඇති personal accounts මකා දමන්නට තමන් කටයුතු කරන බවකි. ඔවුන් පැහැදිලි කර තිබුනේ account හා contents යන දෙයාකාරයටම මෙම මකා දැමීම සදහා අදාල වන බවකි. මෙහිදී ඔවුන් Google Workspace (Gmail, Docs, Drive, Meet, Calendar), YouTube, Google Photos ආදී සියල්ල ගැන සඳහන් කර තිබිනි. මේ වන විට Google පවසන්නේ YouTube videos සහිත අවස්ථාවලදී මෙම තීරණය බල නොපාන බවකි.
    පෙර තීරනය සමග Google පවසා සිටියේ inactive accounts ඔස්සේ ආරක්ශිත බවට වන තර්ජනයද තමන් සලකමින් සිටින බවකි. බොහෝ විට අත්හැර දමන ලද ගිනුම් වල අවසර පද compromised ව තිබීමත්, ඒවා සදහා two-factor authentication වැනි ආරක්ෂක ක්‍රම භාවිතානොවීමත් පෙන්වා දී තිබුනා. ආයතනය වැඩි දුරටත් පවසා තිබුනේ මෙම අක්‍රිය ගිණුම් මකා දැමීම  December 2023 වල සිට සිදුකරන්නට සැලසුම් කර ඇති බවත්, ඊට පෙර account email වලට මෙන්ම recovery email address වලට දැනිම් දීම් කරන්නට සැලසුම්ව ඇති බවත්ය. යම් අයෙකුට මෙම පියවර මග හරින්නට අවශ්‍ය නම් තම ගිණුමට පිවිස යම් ක්‍රියාකාරකමක් ගිනුම තුල සිදුකිරීම වැදගත් බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa -  www.Pariganakaya.Tech


 

Apple විසින් iOS / iPadOS 16.5 නිකුත් කරයි

Apple විසින් තම iPhone, iPod, සහ iPad සදහා Version 16.5 ලෙසට software updates නිකුත් කර තිබෙනවා. මෙහිදී නව wallpaper, improvements, fixes ආදියෙන් සමන්විතව මෙම නව නිකුතුව පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පවසන්නේ iOS 16.5 සංස්කරණය  iOS 16 ධාවනය වන සියළුම උපාංග සදහා සූදානම් බවත් එම උපාංග ඔස්සේ Settings > General > Software Update ලෙසට පිවිස එම යාවත්කාලීනය ලබා ගන්නට හැකි බවත්ය. මෙම සංස්කරණය සමග විශේෂයෙන්ම unresponsive Spotlight ගැටළුව, Screen Time setting reset / sync සදහා විසඳුම් සැකසුම් ඇති බවටත් ඔවුන් පවසනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

2023-05-18

Google වල AI හැකියාව ඔවුන්ගේ ads වලට.

Google වල ප්‍රමුක ආදායම ගෙනෙන්නේ වෙළ්න්නද දැන්වීම් වලින් බව පැහැදිලි කරුනකි, ඔවුන් තම Search engine වලින් ඉපදෙන තොරතුරු මත මෙන්ම YouTube ප්‍රමුක අනෙකුත්  සේවාවලින් ඉපදෙන තොරතුරු මත තම ads ඉලක්ක කරනු ලබයි. මේ වාන් විට ඔවුන් තම  Bard chatbot සහ PaLM 2 large language model වැනි AI හැකියාවන් මේ දෙසට ද නැබුරුකරමින් ව්‍යාපෘති ආරම්භ කර ඇති බවට වාර්ථා වෙමින් තිබෙනවා. මේ අනූව නුදුරේදීම ඔවුන්ගේ generative AI හැකියාවෙන් බලගැන්වෙන  automate ads පැමිනීම සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. මේ පිලිබඳව වැඩි දුර තොරතුරු  May 23 ට නියමිත  Google Marketing Live online event වලදී බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

2023-05-11

අප වඩ වඩාත් කුඩා දත්ත අංශු වෙමින්

අප වඩ වඩාත් කුඩා දත්ත අංශු වෙමින් ලොව පුරා සර්වර ගත වීම මේ යුගයේ ප්‍රමුක සිදුවීමකි. ඔබව බිඳ දමා ඔවුනට අවැසි "ඔබව" නිර්මාණය කිරීම ඔවුන්ගේ න්‍යායික අරමුක වනවා විය යුතුය. ඉන්  අනතුරුව එන්නේ ඔබගේ රුචි අරුචි කම් ඔබටත් වඩා සාර්ථකව දන්නා "ඔබ" නම් අනෙකෙක් ඔවුන් සතුව සිටීමය. මිහිමතදීම ජිවවිද්‍යාත්මක  ඔබව පරයන  දත්ත විද්‍යාත්මක ඔබ ඉදිරියේ අසරණ නොවන්නට මහත් උත්සාහයක් අපට ගන්නට සිදුවනු ඇත. මේ අරගලයට නිශ්චිත නමක් තවම අප තබා නොමැති වුවද, ඒ වෙතට අප වෙගයෙන් ගමන් කරමින් සිටීමනම් ස්ථීරය.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Google වෙතින් About This Image අංගය.

මෙවර Google වාර්ෂික හමුවේදී කථාබහට ලක් කල තවත් අංගයක් ලෙසට "About This Image" අංගය සැලකිය හැක.  එය පැහැදිලි වූවේ image එකක background information ඔස්සේ එහි සැබෑ ආකාරය පිලිබඳව අවබෝධයකට යාම මේ වන විට සංකීර්න වෙමින් තිබෙන පරිසරයකදී  නිවැරදි භාවයක් ඒ වෙතට ගෙනෙන්නට මෙම අංගය සහය වනු ඇති බවයි. එලබෙමින් සිටින යුගයේදී AI-generated සහය ඇතිව වඩාත් ව්‍යාජ තොරතුරු මවන්නට වන හැකියාව පාලනයට මෙවන් ටූලයක් මහත් සහයක් බවටයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ. මෙහිදී Google විසින්  image එකක first indexed වීමත් එහි original appearance site එකත් Other online platforms වල එම පලවීම නැවත වන අකාරයත් අයන තොරතුරු ඔස්සේ භාවිතාකරන්නාහට වඩාත් නිවැරදි අවබෝධයක් ගෙනෙන්නට සහය වන අතර වැඩි දුරටත් පැවසෙන්නෙ Google Images results මෙන්ම Google Lens ඇතුළු බොහෝ ආකාරවලදී මෙම ටූලය සමග කටයුතු කරන්නට හැකි වන බවයි. නුදුරු කාලයේදී මෙම ටූලය US වල සිට ක්‍රමයෙන් භාවිතයට මුද අහරින බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa


 

Facial movements ඔස්සේ control PC හැකියාවක්.

ගෙවී ගිය දිනයේ පැවති Google I/O 2023 developer keynote වලදී ප්‍රකාශ වූ බොහෝ දෑ අතර තවත් ආකර්ෂනීය අංගයක් වූවේ Project GameFace නම් open source project‍ටුවයි. මෙය facial reading software එකක් වන අතර open source project ලෙසටද නම් වෙනවා. Project GameFace පැහැදිලි කෙරෙන්නේ facial expressions ආකාරයට PC accessories මෙහෙය වන්නට හැකිවීමයි. මෙම මෘදුකාංග සමග භාවිතාකරන්නෙකුට තම නම පවා virtually sign කරන්නට තම normal webcam එක ඔස්සේ හැකි වන බවටයි ඔවුන් පැහැදිලි කර සිටියේ. 
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Youtube වල blocking ad වලට තහංචියක්.

Google පවසන්නේ YouTube වල blocking ad හැකියාවක් සංක්‍රියව පවතින විට එය නිෂ්ක්‍රීය කරන්නට භාවිතාකරන්නා හට දැන්වීම හෝ YouTube Premium වෙතට පිවිසෙන්නට යන අවස්තා තොරා ගන්නට භාවිතාකරන්නා හට සිදුවීමට නියමිත බවයි. ලොව ප්‍රධානතම වීඩියෝ අඩංගු වෙබ් අඩවිය You Tube වන අතර දෛනිකව ලොව පුරා අපමන භාවිතාකරන්නන් පිරිසකගේ පැමිනීම ලබා ගන්නා අඩවියක් වේ. ඔවුනගේ ප්‍රධානතම ආදායම වන්නේ මෙම වීඩියෝ අතර ප්‍රචාරය වන දැන්වීම් වන අතර පෙර කී වීඩියෝ නිර්මාණ කරුවන්ටද ඒ ඔස්සේ ආදායමක් ලබන්නට අවස්ථාව ලබා දීම Google වෙතින් සිදුවේ. පෙරකී  ad blockers ඔස්සේ මෙම adverts වලට බාදා කිරීම සිදුවන අතර එය එම වෙබ් අවකාශයේ ආදායම වලකන්නට කටයුතු කරයි. කෙසේ වෙතත් Google ආයතනය පවසා ඇත්තේ තවමත් අත්හද අබැලෙන මට්ටමින් මෙම අංගය නිකුත් කරන්නට සූදානම් බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

2023-05-10

ඔබට වඩා ඔබ වන වර්චුවල් ඔබ හෙට එනු ඇත.

ඔබව හැකි සෑම අයුරින්ම තොරතුරු අංශු බවට පත් කරමින් ඒවා උරා ගැනීම බොහොමයක් තොරතුරු තක්ෂණ ආයතනයෙන්ගේ ප්‍රධාන අරමුනවේ. ඔබ ගැන තොරතුරු වැඩියෙන්ම ‍රැස්වීමට සමත්වීම ඔවුන්ගේ ධනයවේ. ඔබගේ නම, ගම , ලිපිනය වැනි සරළ තොරතුරු වල සිට ඔබගේ මනෝභාවයන් දක්වා සංකීර්ණ තොරතුරු කරවීමක් ඔවුන් කරමින් සිටී. එපමනක් නොවේ ඒවා විඳුලි වේගයෙන් අපමන ආකාරවලට නැවත නැවත සකස් කරමින් ඔබ සදහා මොඩලයන් සකස් කිරීමද දැනටමත් සිදුවෙමින් පවතින අතර  ඔබව ඉක්මවන ඔබ නියෝජනය වන වචුවල් මොඩලය හෙට සිට ඔබට මග කියන්නට සූදානම් වනු ඇත.ඔබට වඩා ඔබව දන්නා එය එතැන් සිට ඔබට මග කියනු ඇත.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

WhatsApp වල messages edit හැකියාව.

WhatsApp වල නවතම Web beta නිකුතුව සමග භාවිතකරන්නෙකුට තමන් විසින්  sent කරනලද messages වල විනාඩි 15ක් තුල  edit කිරීමේ හැකියාවක් සංයුත්ත කර තිබෙනවා. මෙම අංගය individual / group chats සදහා ලබා දී ඇති අතර ඔවුන් පැහැදිලි කරන්නේ යවන ලද පනිවිඬයක වන minor errors සැකසීමට අවස්ථාවදීම මෙහි අරමුන බවයි. දැනට WhatsApp Web වලට සීමා වන මෙම හැකියාව ඉදිරියේදී Android / iOS සදහාද නිකුතුවන්නට සූදානම් වන බවටයි පැහැදිලි කර සිටින්නේ. එසේම ඔවුන් පවසන්නේ වරක් edite කරන ලද විට original message එක තවදුරටත් නොපවතින අතර 15-minute window තුලදී මෙම edit කිරීම කිහිප විටක් වුවත් කරන්නට හැකි වනවා. මීට අමතරව WhatsApp  හැකියාව WearOS smartwatches සදහාද අත්හද අබලන මට්ටමින් නිකුත්ව ඇති අතර නව Poll features සේම තවත් අංගයන් කිහිපයක් භාවිතකරන්නන්ගේ අවධානයට යොමුව තිබෙනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

WhatsApp වල අනවසර mic සංක්‍රියවීම්???

පසුගියදා  Twitter engineer වරයෙකු පවසා සිටියේ තමන් තම WhatsApp වලින් අනවසර microphone භාවිතාවක් හඳුනාගත් බවකි. Meta හිමිත්වය දරන WhatsApp යනු ඉතා ආරක්ශිත භාවිතාවක් සහතික කරන සේවාවක් ලෙසට ගැනෙන අතර මෙම චෝදනාව වෙතට පිලිතුරු දෙමින් Meta පවසන්නේ එය Android bug එකක් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන්නේ Privacy Dashboard වල සිදුවන අතපසුවීමක ප්‍රතිඵලයක් බවයි. එසේම ඔවුන් නැවත වරක් සහතික වෙන්නේ WhatsApp විසින් mic භාවිතාකරන්නේ call, recording (voice note), video යන අවස්ථාවලදී පමනක් බවයි. මේ අතර  හදාරන්නන් පවසන්නේ මෙම ආකාරයේ අනවසර සංක්‍රියවීම් ගැන මිට පෙරද අවස්ථා කිහිපයකදී භවිතාකරන්නන් විසින් චෝදනා කිරීම් සිදුවූ බවයි.
Pubudu Siriwansa


 

Twitter වලට encrypted DMs 1.0 නිකුත්වේ.

Musk පවසන්නේ නුදුරේදීම Twitter වෙතට  voice / video chat  පහසුකම එන්නට නියමිත බවකි. එසේම Direct Messages සදහා encrypted DMs 1.0 නිකුතුව නිකුත් වෙමින් තිබෙන බවකි. එපමනක් නොව නිකුත්වන  emoji picker එකක් සමග භාවිතාකරන්නා හට වඩාත් විසිතුරු සංනිවේදනයකට අවස්ථාව ලැබෙන බවට හගවමින් සිටිනවා. කාලයක් බලාසිටි encrypted DMs හැකියාව භාවිතා කරන්නන්ගේ මහත් අවධානයට ලක්වෙනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තුවෙමින් සිටින්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ WhatsApp, Instagram, iMessage වල ආකාරයට භාවිතාකරන්නා හට තම පිලිතුරු හැකියාව ලැබෙනු ඇති බවයි. එසේම දින කිහිපයකට පෙර Musk පවසා සිටියේ වසර කිහිපයක් තිස්සේ අක්‍රියව ඇති ගිණුම් වසා දමන්නට ද Twitter සැලසුම් කරමින් සිටින බවයි.
Pubudu Siriwansa


 

ImageBind යනු වඩාත් human-centric AI model එකකි -META

Meta පවසන්නේ තම  ImageBind නම්  open-source ආකාරයේ  AI model  එක data ආකාර හයක් සමග කටයුතු කරන්නට සූදානම් multimodal AI එකක් වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ text, audio, video, 3D, thermal, motion යන ආකාර වලින් මෙම විවිධත්වය සමන්විත වන බවයි. උදාහරණයක් ලෙසට වෙරළ ඡයාරූපයක් සදහා රළ බි‍ඳෙන හඬක් සොයා ගන්නට එයට හැකි වන බවයි. Meta CEO Mark Zuckerberg පැහැදිලි කරන්නේ ක්‍රමයෙන් AI අවකාශයද මිනිසුන් තම අවට ලෝකය සමග ගනුදෙනු කරන ආකාරයට වෙතට පිවිසෙමින් සිටින බවයි. Meta පැහැදිලි කරන්නේ නුදුරේදීම  මිනිසා තම බහු සංවේදන හැකියවල් ඔස්සේ ලෝකය හඳුනා ගන්නා ලෙසටම සහය data modes ඔස්සේ  touch, speech, smell, brain fMRI signals සමග කටයුතු කරන්නට සූදානම් වීම වඩාත් දියුනු  human-centric AI models එකක් වෙතට ගමනක් වනු ඇති බවයි. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ අද භාවිතාවන බොහොමයක් AI models වලදී text / images මූලික බවක් ගන්නා බවත් ImageBind ඉන් ඉදිරියට යන්නට කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

2023-05-09

හඳුනන මූලංශ්‍රවලින්ද හානිකර Email පැමිනිය හැක.

නන්නාදුනන Email මූලාංශ්‍රයන් ගෙන් පැමිනෙන Email පිලිබඳව මේ වන විට භාවිතාකරන්නෙකු ලෙසට අවබෝධයක් ඇතුවා විය යුතුය. ඒවා විවෘත නොකරම spam කර දැමීම සාමාන්‍ය පුරුද්දක්ව ඔබවෙතට  පැමින තිබෙන්නට සාධාරන කාලය පැමින තිබේ. බැලූ බැල්මටම මේවා පිලිබඳව සාර්ථක තීන්දුවකට යන්නට තරම් ඔබ මුහුකුරා ගොස් ඇත්තෙකු හෝ ඇත්තියක්ව සිටිනවා විය යුතුය. Google වැඩි දුරටත් ඔබට මේ ආකාර ගැන උපදෙස් දෙන්නට කටයුතු කර මින් සිටී. එනම්, දන්නා හඳුනන Email මූලාංශ්‍රයකින් වුවද පැමිනෙන Email ගැන සධාරන සැකයකින් බැලීම කලාතුරකින් හෝ ඔබට පලදායී පියවරක් වනු ඇති බවයි ඒ. එනම් ඔබගේ විස්වාසනීය Email මූලාංශ්‍රය සමහර විටක hack වීමකට ලක්ව තිබෙනවා විය හැක. දුරස්ථව සිටන සයිබර් පහර දෙන්නෙකු අදාල Email ගිණුම සියතට ‍රැගෙන ඔබ වෙතට හානිකර Email යක් එවනවා වන්නට ඉඩ ඇත. ඔවුන් උපදෙස් දෙන්නේ හඳුනන Email මූලාංශ්‍රයකින් උවද පැමිනෙන ආගන්තුක සේරූපයක් ගන්නා ඊමේල් ගැන කල්පනාකාරී වන ලෙසත් ඒවා ‍රැගෙන එන Links විවෘත කිරීමට නම් නොපෙලබෙන ලෙසත්ය.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Google වල I/O 2023 සදහා දින කිහිපයකි.

Google I/O වෙතට ඇත්තේ දින කිහිපයකි.  මේ වන විට හදාරන්නන් විසින් මෙයට නියමිත එලිදැක්වීම් පිලිබඳව තොරතුරු අනුමාන කරමින් සිටී. සමස්ථයක් ලෙසට මෙවර හමුවේදී AI දෙසට වඩා චලනයන් දක්නට ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර ඉන් කැපී පෙනෙන අංගයක් ලෙසට  PaLM LLM එනම් Google වල Bard chatbot සදහා දැනට භාවිතාවීමේ දෙවන සංස්කරණය PaLM 2 නම්  large language model  එක නිවේදනය වීමේ අනුමානයක් පල වෙමින් තිබෙනවා. PaLM 2 යනු 100 languages සහය දක්වන වඩාත් පුලුල් coding සහ  math  හැකියාවක් ගෙනෙන “Unified Language Model.” නම් අභ්‍යන්තර නාමයෙන් ආයතනය සංවර්ධනය වූ නිකුතුවක් වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. Bard යනු Google විසින් සංවර්ධනය කරන ලද conversational generative artificial intelligence chatbot  එකක් වන අතර එහි දෙවන අධියරක් මේ වන විට සූදානම් වෙමින් පවතින අතර Google වඩාත් AI features තම සේවා අතරට ගෙනෙන්නට කටයුතු කරමින් සිටින අතර මෙවර හමුවේදී දෘඩාංග මට්ටමේ නිකුතූන් කිහිපයක් පිලිබන්දවද බලාපොරොත්තුව පල වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Truecaller ද WhatsApp සමග එනු ඇත.

Truecaller ඔබවෙතට එන ව්‍යාජ ඇමතුම මෙන්ම පනිවිඬ සදහා හොඳ බාදකයකි. එය විසින් ඔබ වෙතට spam වලකමින් පහසු භාවිතාවක් ගෙනෙනු ඇත.  මේ වන විට Truecaller නිවේදනය කරසිටින්නේ ඉදිරියේදී WhatsApp වැනි messaging apps සමග කටයුතු කරන්නට සූදානම් බවකි. එහි උසස් නිළධාරියෙකු පවසන්නේ දැනටම්ත් Beta මට්ටමේ ඇති අත්හදා බැලීම් සංස්කරණය මේ මාසය තුලදී ලොව පුරා භාවිතාකරන්නන් වෙතට මුදාහරින්නට සූදානම් වෙමින් ඇති බවයි. Truecaller පවසන්නේ India වල දැනටමත් ඔවුන්ගේ භාවිතාකරන්නන් 250 million සිටින බවකි. එසේම සමස්ථයක් ලෙසට ලොව පුරා භාවිතාකරන්නන් 350 million සිටින අතර බලාපොරොත්තුව වන්නේ 2024 වන විට බලාපොරොත්තුවන  pre-installed ආකාරයත් සමග තවත්  pre-installed භාවිතාවක් ලැබෙනු ඇති බවකි.
Pubudu Siriwnsa  =  www.Pariganakaya.Tech


 

2023-05-08

Microsoft තම MFA වලට number matching බලකෙරේ.

MFA නොහොත් Multifactor authentication ආරක්ශිත උපංක්‍රමයකි. සැහේන දුරකට ආරක්ශිත උපංක්‍රමයක් වූවද සයිබර් පහර දෙන්නන් එය මග හැර යන්නට නෙක ක්‍රමවේද භාවිතාව ක්‍රමයෙන් කරලියට එන්නට විය. ඒ අතර phishing attack ආකාරයේ මෙන්ම brute forcing passwords ආකාරයන් විය. එපමනක් නොව bombing attacks ආකාර කිහිපයක්ම පැමිනුනි. August of 2022 වන විට මේ ආකරයන්ගේ පැමිනීම සටන් වන්නට විය.  Microsoft පැවසුවේ "number matching"  සමග Multi-Factor Authentication (MFA) ශක්තිමත් කර ගන්නට හැකි වනු ඇති බවයි. May 8, 2023 වන විට එම ආයතනය පවසා සිටින්නේ "number matching" සියළු භාවිතාකරන්නන් වෙතට අනිවාර්ය බවයි. මේ අනූව මින් ඉදිරියට Authenticator app එකට number match හැකියාව සංක්‍රියකර ගන්නට භාවිතකරන සියල්ලන්හටම යෝජනා වෙනු ඇත.
Pubudu Sirriwansa  -  www.Pariganakaya.Tech

 


 

Shout Down / Sleep Mode / Hibernate mode

ඔබේ PC එක සමග ගනුදෙනුවේදී shut down කිරීම ප්‍රධාන භාවිතාවකි. එසේම මීට සමාන්තරව එන තවත් තොරා ගැනීම් අවස්ථාවන් දෙකක් වේ. එනම් sleep mode වෙතට ගෙන යාම හෝ Hibernate mode වෙතට ගෙන යාම වේ.  හදාරන්නන් මේවා ගැන විවිධ අදහස් පලකරමින් සිටී. සරලව ඔවුන් යෝජනා කරන පිලිවල නම් ඉතා කෙටි කාලයක් සදහා ඔබ ඔබගේ පරිගණක යන්ත්‍රයෙන් ඉවත්වන්නේ නම් Sleep mood වෙතට එය ගෙනැවිත් තැබීම වඩාත් උචිත බවයි.එහිදී පරිගණකයේ Ram මතකය මත ඔබ අවසාන වරට පරිගණකය සමග සිටි තත්වය  Save වන අතර එය පවත්වාගෙන යාම සදහා කුඩා බලයක් උපංගයේ බැටරියෙන් හෝ ප්‍රධාන බල සැපයුමෙන් බලාපොරොත්තුවේ. ඔබට යම් විටක වැඩිකාලයක් PC එක බලවිරහිත කර තබන්නට අවශ්‍ය මුත් අන්තිම මොහොත වන විට එය තිබූ ආකාරයට නැවත පිවිසෙන්නට අවශ්‍ය නම් දෙවන විසඳුම වන Hibernate mode තොරා ගැනීම වඩාත් සුදුසු බව පවසා සිටී. එහිදී පරිගණකයේ ස්ථාවර මතකයේ නොහොත් hard drive වල එම තොරතුරු තැන්පත් වන අතර සම්පූර්ණයෙන් උපකරනය බල විරහිත කිරීමක් සිදුවේ. එසේමුත් නැවත බල ගැන්වීමේදී පහසුවෙන් ඔබ උපකරණය සමග අවසන් වරට සිටි තත්වයට පහසුවෙන් පැමිනෙන්නට  එය ඉඩ සලසයි. අවසානයේ දිගු කලකට පරිගණකය භාවිතාවෙන් ඉවත්ව තැබීමට ඔබගේ අවශ්‍යතාවය වන විට සුදුසුතම ආකාරය එය shout down කර තැබීම බව පැවසිය යුතුය. එහිදී සාමාන්‍ය ආකාරයට මුල සිට පරිගණකයක් පන ගැන්වුමකට එය යනු ඇත.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Android වල Nearby Share හැකියාව.

නෙක මෙහෙයුම් පද්ධති අතර මෙන්ම දෘඩාංග කලාප අතර පොදු ගොණු ආකාර බෙද අහදා ගැනීම මෙන්ම ක්‍රියාකාරකම් බෙදා හදා ගැනීමට හැකිවීම අද වන විට ප්‍රමුක අවශ්‍යතාවයකි. බහුල භාවිතාවක් වන Android විසින් මේ සදහා යෝජනා කර සිටින  Windows සමග වන Nearby Share හැකියාව මහත් පහසුවකි. Google නිවේදනය කරන්නේ මේ වන විට තම Nearby Share හැකියාව ලොවපුරා සියළුම රටවලට පාහේ සූදානම් බවයි.  මෙහිදී භාවිතාකරන්නෙකුගේ PC යන්ත්‍රය desktop හෝ  laptop වැනි මොන ආකාර ගත්තද wireless ආකාරයට Android  සමග ගොණු හුවමාරුවකට අවස්ථාව හිමි වෙනවා. එසේම මෙම හැකියාව ගැන බහුතර මතය වෙමිනැත්තේ වෙගවත් මෙන්ම විස්වාසනිය භාවිතාවක් එය ගෙනැවිත් ඇති  බවකි. එය තවමත් beta මට්ටමේ එනම් අත්හදා  බැලෙන මට්ටමේ සංස්කරණයක් වූවද ඉහල මට්ටමක සේවාවක් ගෙනෙන බව පිලිගැනීමයි.
Pubudu Siriwansa


 

Western Digital වෙතට වූ සයිබර් ප්‍රහාරය.

Western Digital  වෙතට සිදුවූ සයිබර් පහර දීම පිලිබඳව මේ වන විට වැඩි දුර තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ අනවසර තෙවන පාර්ශවයක් තම network එක වෙතට පිවිසීමක් කර ඇති බවත් ඔවුන් විසින් කල database පරිහරණය ඔස්සේ තම පාරිභෝගිකයන්ගේ names, billing, shipping addresses, email addresses, telephone numbers ලබා ගෙන ඇති බවත්ය. මීට අමතරව encrypted  මට්ටමේ වූ තොරතුරු වන (hashed / salted) passwords, partial credit card numbers ආදියද වන බවත් ආයතනය මේ පිලිබඳව අදාල ගනුදෙනු කරුවන් සමග මේ වන විට දැනුවත් කිරීම් සිදුකරමින් සිටින බවත්ය. එසේම පහර දෙන්නන් විසින් අනතුරු අගවා ඇති  code-signing certificate නිරාවරණ හැකියාව පිලිබඳව තමන් හදාරමින් සිටින බවත් ය. මේ වන විට ඔවුන්ගේ My Cloud online storage services මෙන්ම  online store ව Down ව ඇති බවත් ඉදිරි දින කිහිපයතුල මේවා online වීමට නියමිතව ඇති බවත්ය.
Pubudu Siriwansa


 

WhatsApp code ලබා නොදෙන්න.

WhatsApp යනු ඉතා බහුල භාවිතාවකි. මේ නිසා සයිබර් අපරාධ කරුවන්ගේද නිරන්තර අවධානයට ලක්වන්නක් ලෙසට WhatsApp ගැනේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ ඕබගේ දුරකථන අංකයට ඔවුන් ලියාපදිංචි කරන වෙනත් WhatsApp ගිනුමක් සදහා වයාජව මිතුරෙකු ලෙසට පෙනී සිටිමින් ඔබවෙතට එන WhatsApp code එක ඔබ වෙතින්ම ලබා ගෙන අදාල ගිනුම සංක්‍රියකරගැනීම ඔස්සේ ඔබගේ අව්‍යාජ ගිණුම වසා දමන්නට කටයුතු කිරීම බහුලව දැකිය හැකි බවකි.  ඔවුන් පෙන්වා දෙන්නේ ඔබගේ contacts list වල සිට නන්නාදුනන පිරිස් පිලිබන්දව විමසිලිමත් වීමත්, ඔවුන් සමග තොරතුරු හුවමාරුවේදී අවධානයෙන් සිටින ලෙසත්,  ඔබ වෙතට එන Whats app codes කිසිවිටකත් තව කෙකු සමග හුවමාරු කර නොගන්නා ලෙසත් ය. එපමනක් නොව සැකසහිත තත්වයකදී  ‘Report and Block’ පියවරට යාමට පසුබට නොවන ලෙස පමනක් නොව WhatsApp වල two-factor authentication ආරක්ෂක පියවර සංක්‍රිය කිරීම වැදගත් බවත්ය.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech

 

2023-05-07

Google Search වෙනසකට සූදානම්

නොනිළ Google ආරන්චි මාර්ග පවසන්නේ Google Result රටාව වඩාත් තරුන සෙවුම් රටාවන් සමග සසඳන්නට කටයුතු කරමින් සිටින බවකි. එනම් Google වලට සාම්ප්‍රධායික සෙවුම් ප්‍රථිපළ වලින් මිදී තම සෙවුමකට වඩාත් short videos මෙන්ම, social media  සටහන්, TikTok , Instagram ආදිය ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බව පැවසෙනවා. Google වල උසස් නිලධාරියෙකු පැහැදිලි කර සිටින්නේ තරුන පරපුර් 40% පමන තම දෛනික අවශ්‍යතා සෙවුම් සදහා භාවිතාවකරන බව තමන් ගනනය කරමින් සිටින බවයි. එසේම Google ආයතනය තම සෙවුම් ප්‍රථිඵල වලට online forum discussions මෙන්ම  chatbot AI features සම්බඳ කරන්නට කටයුතු කරන බවටද පැවසෙනවා. එය Bing search engine වලට  Bing Chat ගෙන ආවාට සමාන ආකාරයක් ගනු ඇති බවටයි විස්තර කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

2023-05-06

Apple වල "i" පලමු නිකුතුව iMac G3 වලට වසර 25කි.

May 6, 1998 තොරතුරු ලෝකයේ අපූරුතම සටහනක් තැබුනු දවසක් විය. එනම් Apple ආයතනය විසින් iMac නම් all-in-one computer යේ නිවේදනය කිරීමත් සමගය. Apple ආයතනයේ "i" prefix ඒලින්පැමිනි පලමු නිකුතුවෙන් අනතුරුව iTunes, iPod, iBook, iPhone, iPad, iCloud ... ආදී නිකුතූන් පෙලකට ආරම්භය විය. පසුකලක Apple co-founder Steve Jobs පැවසුවේ  individual, instruct, inform, and inspire වැනි අදහසක් ගන්නා බවයි. පසුව හෙලිවූවේ මෙය Jobs වෙතට යෝජනා කලේ  Ken Segall ව්සින් බවත් මුකදී අකමැත්තක් දැක්වුවද පසුව Jobs ඒ සදහා එකගවූ බවය. iMac G3 වල සමන්විතය වූවේ 233MHz PowerPC G3 processor සමග 4GB IDE hard drive, 32MB SDRAM, / built-in 15-inch 1024 x 768 pixels CRT display වැනි කොටස්ය. එසේම USB ports දෙකක් සමග 24x CD-ROM drive, a built-in 33 Kbps modem, dual stereo headphone jacks, 100Mbps Ethernet port වලින් එය සමන්විත විය. $1,299 ක මිළක් නියමව තිබූ iMac  වල නිකුතුව  August 1998 වල සිදුවිය.  iMac වල පලමු නිකුතු සංස්කරණය 2003 දී අවසන් වූ අතර ඉන් අනතුරුව iMac G4 නිකුත්විය.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Starlink තම 1.5 million subscribers සීමාව ඉක්මවයි.

SpaceX පවසන්නේ තම Starlink ව්‍යාපෘතිය යටතේ ලොවපුරා 1.5 million ගනුදෙනු කරුවන් පිරිසක් සිටින බවයි. මීට මාස 5කට පමන පෙර ඔවුන් පවසා සිටියේ පලවන මිලියනයක සේවාව ලබන්නන් සංක්‍යාව තමන් පසුකල බවයි. 2015දී පමන පිහිටවනු ලැබූ මෙම ආයතනය 2019 වන විට තම low-orbit satellites සේවාව ඇරබූ අතර Starlink වල ඉලක්කය වන්නේ 12,000 ක satellites ඔස්සේ ලොවපුරා විසිරුනු අන්තර්ජාල සේවාවක් ලබාදීම වනවා. වාර්ථා වන්නේ ඔවුන් දැනටමත් 4,000 Starlink satellites ගුවන්ගත කොට ඇති බවයි. මේ වන විට ඔවුන්ගේ සේවාව සදහා එක්වරක් ගෙවන $599 ක මූදලක් සමග $120/mo ගෙවීමක් යටතේ 100Mbps වේගයක් සහිත අන්තර්ජාල සේවාවක් ලබා ගන්නට හැකි අතර ස්ථාවර සබන්දතා මෙන්ම commercial flights මෙන්ම large moving vehicles  සදහාද අන්තර්ජාල සේවාව ලබා දෙන්නට කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Android වලට AI සමග Smart Reply හැකියාවක්.

Google වලට AI හැකියාවෙන් තම සියළුම අංගයන් උස්තල ගන්වන්නට අවශ්‍යව තිබෙනවා විය යුතුය. මෙවර පැවසෙන්නේ ඔවුන්ගේ RCS messaging app වෙතටද එහි settings options වලින් තොරා ගතහැකි ලෙසට Smart Reply හැකියාව ගෙනෙන බවයි. එසේම Google ආයතනය  මේ වන විට "Magic Compose" ලෙසට AI-powered typing assistant හැකියාවක් යටතේ conversation වෙතට වඩාත් personalized replies ආකාරයක් ගෙනෙන්නට සූදානම් වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ දැනට නිකුත්ව ඇති නොනිල screenshots වලට අනූව භාවිතාකරන්නෙකුට තම replies සදහා  lyrical format, formal, chill, short replies ලෙසට තොරා ගන්නටත් ඒසදහා සහය samples ආකාර ගෙනෙන්නටත් කටයුතු කරන බව හෙලිවෙනවා. මෙම අංගය තවමත් "Experiment" ලේබලය යටතේ වන බවත් මෙන්ම මෙම conversation නිර්මාණය වන්නේ Google severs වල වුවත් පෞද්ගලිකත්වය ‍රැකෙන ආකාරයට එය සිදුවන බවත්ය.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Gmail වල Inbox වෙතටම වෙළඳ දැන්වීම්.

Google වල ප්‍රකට Email  සේවාව වන Gmail පිලිබඳව නැවත සංවාදයක් නිර්මාණය වෙමින් තිබේ. එනම් Google ආයතනය තම Gmail වල Inbox එක දක්වාම තම වෙළඳ දැන්වීම් ගෙනෙන්නට කටයුතු කරමින් සිටීමය. සමහර භාවිතාකරන්නන් පවසන්නේ තමන්ට තම අව්‍යාජ Email හා වෙළඳ මය දැන්වීම් සදහා පැමිනෙන Email අතර  පැටලිලි ස්වභාවයක් අත්විඳිමින් සිටින බවයි.එම ආයතනය පසුගිය කාලයේ සිට ක්‍රමයෙන් තම වෙළඳ දැන්වීම් Gmail වල නොමිළේ වන සංස්කරනය භාවිතා කරන්නන් සදහා ඉලක්ක කර තිබුනද මේ වන විට වඩාත් සංකීර්ණ ලෙසට කෙලින්ම Inbox එක වෙතට Email ආකාරයට සමානව පැමින තිබීම ගැන නොසතුට පලකරමින් සිටින බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa

 


 

2023-05-05

LinkedIn 20 වසර සපුරයි.

 LinkedIn හඳුනා ගන්නේ වෘතීය මට්ටමේ social network එකක් ලෙසටය. එහි නිළ ආරම්භක දවස ලෙසට සටහන්වන්නේ May 5, 2003 දාය. ලොවපුරා භාවිතකරන්නන් මිලියන 950ක් රටවල් 200කට වඩා වැඩි ප්‍රමානයකින්  මෙහි යනෙන්නන් වන බවට ගනනය වන මෙම ප්‍රකට සමාජ ජාලාවට ඒ අනූව වසර 20ක් සපිරෙන දිනය අද වේ. 1994 වන විට  Apple ආයතනයේ සේවය කරමින් සිටි Hoffman විසින් eWorld ලෙසට හා 1997 වන විට SocialNet.com ලෙසට අත්හදා බැලීම් වලින් අනතුරුව කල මෙම දියත්කිරීම වෙතට 2004 වෙද්දී 1.2 million ක කැඳවා ගන්නට සමත්වූ බවටයි වාර්ථාවන්නේ. අනෙකුත් professional networks හා සැසදීමේදී සමස්ථ භාවිතාකරන්නන්ගෙන් 73% මේ වෙතට කඳවා ගන්නට සමත්ව සිටින බවට ගනනය වේ. 2016 දී  $26.2 billion කට Microsoft ආයතනය මෙය මිළඳී ගන්නට කටයුතු කරන ලදී.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Artificial Intelligence (AI)?

ඔනෑම පොදු භාවිතාවක් සමාජය මතට පැමිනීම යම් සීමාවක් වන තෙක් එහි එතෙක් පැවති සමාජ එකගතා  නොහොත් එතික් සමග එකග වනු ඇත. එහෙත් යම් සීමාවක් ඉක්මවන තැන එය ස්වධීන වන්නට පටන් ගනී. තම ආවේනික එතිකල් සීමාවන් අවශ්‍ය වන්නට පටන් ගනී.සමාජජාලා යුගය අප පසුරමින් සිටින එවන්නකි.  එය සමාජ ආකෘතියට පැමිනි වෙනස් සංස්කරණයක් ලෙස ගත හැක. එහෙත් කෘතීම බුද්ධියුගය නොහොත් AI යුගය ආශ්‍රිතවන්නේ මිනිස් වර්ගයාගේ දැණුම් ආකෘතියටය. එය මිනිස් වර්ගයාගේ වඩාත් සංවේධී මෙන්ම තීරනාත්මක ඇසුරුකරන්නට නියමිතය. අප වඩාත් කල්පනාකාරී විය යුත්තේ එබැවිනි. එය සමාජ සබඳතා ආකෘතිය වෙනස් කලාට වඩා තීරනාත්මකව අපට බලාන්නට සූදානම් වෙමින් සිටී. සමහර විටක අපගෙන් දැණුම් ආකෘතිය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමේ අනතුර නැතුවාම නොවන බව හදාරන්නන්ගේ මතයයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech

 

 


 

Search engines හා targeted advertising

Search engines යනු විශාල ඉපයීමක් ගෙනෙන ක්‍රියාකාර කමකි. ලොවපුරා භාවිතාකරන්නන් බ්‍රවුසරයක් හරහා සෙවුම් යන්ත්‍රයකින් සෙවුමක් කරන විට එම සෙවුම් යන්ත්‍රය එම සෙවුමට අදාල වෙබ් අඩවි පිලිබඳව තොරතුරු ගෙනෙනවාට අමතරව අදාල වෙළඳ දැන්විම්ද ගෙනෙන්නට කටයුතු කරයි. එපමනක්ම නොවේ. නෙක භාවිතාකරන්නන්ගේ සෙවුම් රටා  හා දෑ ගබඩා කරගනිමින් වඩාත් ඉලක්ක වන වෙළඳ දැන්වීම් ඔවුන් වෙතට ගෙනෙන්නට කටයුතු කරයි. අදාල වෙළඳ දැන්වීම් හිමියාගෙන් අයකරන්නේ කුඩා මුදලක් වුවද දෛනිකව අපමන වෙවුම් ප්‍රථිපළය සමග මුසුනරන දැන්වීම් ප්‍රමානය වෙන්ම අනෙකුත් තරගකාරී ආකාරවලට වඩා ඉලක්ක ගතව වෙළඳ දැන්වීම් යොමුකිරිමේ හැකියාව මෙය මහත් පලදායී ආකාරයක් බව පිලිගැනීමයි.
     හදාරන්නන් පවසන්නේ Search engines විසින් එම තොරතුරු ‍රැස් කිරීම සදහා cookies, IP address tracking, device / browser fingerprinting, ඇතුළු  ක්‍රම භාවිතාකරන බවයි. පෙර කී තොරතුරු profile ලෙසට ගොනු කරගනිමින් targeting advertisements ක්‍රමවේදය පහසු කරගන්නට ඔවුන් කටයුතු කරයි. අනෙකු මාධ්‍ය  හා සැසදීමේදී වයස් කාන්ඩ, ස්ත්‍රී පුරුෂ බව ප්‍රමුකව scheduling, geotargeting, device targeting  වැනි බොහෝ ආකරවලට තම වෙළඳ දැන්වීම් ඉලක්ක කරන්නට අවස්ථාව දෙන්නට මොවුනට හැකිවේ.
Pubudu Siriwansa

 

Google Chrome 114 Beta

මේ වන විට Chrome 114 පෙර සංස්කරණය නිකුත්ව තිබෙනවා. එය ගෙනැවිත් ඇති නවතා අතර බොහෝ විට භාවිතාකරන්නන් හට හිසරදයක් වන captchas භාවිතය සදහා විකල්පයක් ලෙසට Auto-verify හැකියාවක්  වනවා. ඔබට Settings → Privacy and security → Site settings → Additional content settings → Auto-verify ඔස්සේ මෙම සැකසුම් අවධිකරගන්නට හැකි වන අතර එය විසින් කිසියම් කුඩා දත්ත ප්‍රමානයයක් රදවා ගැනීම ඔස්සේ නැවත වෙබ් අඩවියක් වෙතට පිවිසීමේදී පහසු කරවන්නට සූදානම් බවට පැහැදිලි කෙරෙනවා. මීට අමතරව සියළුම එහෙයුම් පද්ධති විසින් අන්තර්ජාලයට සම්බඳ වීමේදී ආරක්ෂිත සඹඳතාවයක්ස් අදහා අවශ්‍යවන සහතික වීම ලබා ගන්නට භාවිතාකරන built-in Root Stores සදහා විකල්පයක් ලෙසට තමන්ගේම Root Store වක්  වෙතට ගෙනැවිත් තිබෙනවා. එසේම ඔවුන් Google Password Manager භාවිතවද පෙරට ගෙනැවිත් එය පහසු භාවිතාවකට සූදානම් කර තිබෙනවා.
Pubudu Siriwansa  -  Pariganakaya.Tech

2023-05-04

keyloggers බහුල හානිකර ආකාරයකි.

Keyloggers බහුල ආකාරයේ හානිකරයකි. මෙය spyware ආකාරයේ හැසිරීමක් දක්වන අතර computer, phone, tablet වැනි ඕඒම උපාංගයක ස්ථාපනය වන්නට කටයුතු කරයි. ඉන් පසුව ඔබගේ යතුරු පුවරු හැසිරීම මෙන්ම ටච්පෑඩයේ හැසිරීම පමනක් නොව සමහර සංස්කරණ විසින් mouse movements, screen images, clicked website links, user input actions ආදී තොරතුරු පවා ‍රැස්කරගන්නට කටයුතු කර පසුව ඒවා තම මෙහෙය වන්නා වෙතට යවන්නට කටයුතු කරයි. ඒ අනූව සංක්‍රීය keylogger වක් විසින්  passwords, account information, personal emails, website searches ආදී සියළු තොරතුරු ත්වකෙකු සතු කරන්නට කටයුතු කරයි.හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම ආකාරයේ හානිකර විටක ඔබගේ ආදරවන්තයා විසින් මෙන්ම වෛරක්කරුවා විසින් තැන්පත් කරන්නට කටයුතු කරනු ඇති බවයි. එසේම Keylogging හැමවිටම illegal නොවන්නේ ඔබගේ සේවාස්ථානයේ ස්වාමියා විසින් තම සේවකයන්ගේ කාර්යාල හැසිරීම හැදෑරීමට මේවා භාවිතා කරන්නටද වැනි අවස්ථාද ඇති බැවිනි. එසේම මෙම keyloggers software / hardware යන දෙයාකාරයටම  වේ. Hardware keyloggers පහසුවෙන් හඳුනා ගන්නට හැකි වන්නේ අමතරව සවිකරන ලද දෘඩාංග කොටසක් ඔස්සේ පැමිනෙන බැවිනි විටක USB ආකාරයට මේවා පැමින තිබෙනවා විය හැක. 
       software keylogger ආකාරය හඳුනා ගැනීමට Task Manager වල අමතර Processes ඇත්දැයි විපරමින්, installed software list වල අමතර Apps ඇත්දැයි සොයා බැලීමෙන් මෙන්ම  අනවශ්‍ය ලෙස උපාංගයේ ක්‍රියාකාරීත්වය අඩුවීමෙන් අසාමාන්‍ය හැසිරීම් පෙන්වීමෙන් ආදිය පිලිබඳව සැලකිලිමත් වීමෙන් හැකි වනු ඇත.මේවා ඉවත් කිරීමට ස්ථාපිත මෘදුකාංග වල අමතර මෘදුකාංග ඇත්නම් ඒවා ඉවත්කිරීමෙන්, full / deep scan කිරීමෙන් මෙන්ම Temporary Files folder ය කලකට සැරයක් හිස්කිරීම වැදගත් වේ. අමතරව සුපුරුදු පරිදි මෘදුකාංග ස්ථාපනයේදී සැලකිලි මත්වීම, මෘදුකාංග නිතරම යාවත්කාලීනව තබා ගැනීම, ආරක්ෂක මෘදුකාංගයක් ස්ථාපනය කොට යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වනු ඇත,
Pubudu Siriwnsa  -  www.Pariganakaya.Tech


 

Online සිටීමේදී අදෘශ්‍ය වීම

Online සිටීමේදී අදෘශ්‍ය වීම නැතිනම් Invisible බව වැදගත් සාධකයකි යන්න වඩ වඩාත් වැදගත් වෙමින් තිබේ. සමහර Online ආකාරයේ සේවා ඔබට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ වූවද ඔබ නොදැනුවත්වම ඔබගේ දත්ත ප්‍රමාණයක් ‍රැස් කරගන්නා බව මේ වන විට ඉතා පැහැදිලිය. එසේම සමහර රටවල් මේ වන විටත් තම පුරවැසියන්ගේ දත්ත ‍රැස්කරගැනීම මෙන්ම ගබඩාකර ගැනීම මෙන්ම භාවිතය පිලිබඳව නෙක ආකාරයේ සීමාවන් පනවමින් සිටීම දක්නට හැක. VPN මේ සදහා පැහැදිලි විසදුමක් ලෙසට ගැනේ. ඔබගේ WiFi සඹඳතාවයේ සිටම ISP දක්වාම තොරතුරු දෘශ්‍යවීමකින් තොරව මග හැර යන්නට එය සහවේ. හදාරන්නන් යෝජනා කරන්නේ personal information වල රහස්‍ය බව සදහා ඔබේ PC එකේ සිටම privacy සැකසුම් ඉහලින් තබා තැබීමද වදගත් බවයි. මේ සදහා එක පියවරක් වනු වේ Private-browsing mode එක සංක්‍රියව තැබීමය. අද වන විට සෑම බ්‍රවුසරයක් වගේම මෙම සැකසුම් ‍රැගෙන විත් තිබේ. ඔබට ඇත්තේ එය සංක්‍රියව තබා ගැනීමය. අවශ්‍යනම් Brave browser වැනි භාවිතාවක් සමග  IP address එක සැගවීම දක්වා සංකීර්න තත්වයකට ඔබට යන්නට හැකිවනු ඇත. තවත් ආකාරයක් වන්නේ Blocking cookiesය. මෙහිදීද උපාංගයේ ඔබගේ භාවිතාවට අදාලව ගබඩා වබ තොරතුරු ප්‍රමානයක් වලකා ලන්නට ඔබට සහය වේ. DNS-over-HTTPS නොහොත් (DoH) තවත් නව privacy feature එකකි. මෙහිදී න්‍යායිකව පවසන ආකාරයට DNS තොරතුරු encryption වීමක් සිදුවනු මුත් බලාපොරොත්තුවන තරම් තොරතුරු මගහැරවා ගැනීමක් සිදු නොවන බව හදාරන්නන්ගේ මතයවේ.
Pubudu Siriwansa  www.Pariganakaya.Tech


 

Email සමග එන "encrypted attachment"

"encrypted attachment" ආරක්ෂිත පියවරකි. එහෙත් එය හානිකර වන්නේ scanned විමකට සූදානම් නැති වීම ඔස්සේ විය හැක. Google පවසන්නේ තම Gmail ඝාවිතයේදී විස්වාස නොවන මූලාංශ්‍රවලින් එන Email වල attachment ලෙසට ලැබෙන මේ ආකාරයේ ගොනු පිලිබඳව සැලකිලිමත්වීම වැදගත් බවයි. සයිබර් අපරාධකරුවන් තම හානිකර පැතිරීම සදහා මෙම ආකාරයට malicious attachment බහුලව email සමග දවටා එවීම  මෙන්ම ඒවා ආරක්ශක  පදයකින් සුරක්ෂිත කිරීම ඔස්සේ scanned වීම මග හැරීම පිලිබඳව මෙම පැහැදිලි කිරීම කරන්නට කටයුතු කරයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම ආකාරයේ සැක සහිත email  ලැබුන විටකදී ඒවා විවෘත නොකිරීම මෙන්ම ඒවා spam / phishing ලෙසට report කිරීම වැදගත් බවටත්ය.
Pubudu Siriwansa   -  www.Pariganakaya.Tech


 

2023-05-03

Google account සදහාද passkey හැකියාව සූදානම්.

Google ආයතනය passkey හැකියාව නිවේදනය කරනු ලැබුවේ October 2022 වලදීය. අද එනම් World Password Day වලට දිනකට පෙර පවසා සිටින්නේ එම passkey සහය Google account වලට signing  වීමටද සූදානම් බවයි. ආයතනය පැහැදිලි කරන්නේ passwords වලට වඩා ආරක්ෂිත මෙන්ම පහසු මෙම භාවිතාව ඔස්සේ fingerprint, a face scan, screen lock PIN. වැනි භාවිතාවකට යාහැකි වන අතර එය SMS one-time codes වැනි භාවිතාවකටද වඩා ආරක්ෂිත බවටයි .මෙම Passkey සහය option එකක් වන අතර එය Google Accounts සදහා passwords හා 2-step verification වලට අමතරව භාවිතාකරන්නට හැකි වනු ඇත. මෙහිදී  passkey ගබඩා වන්නේ භාවිතාකරන උපාංගයේ  මිස serverයේ නොවන බව වඩාත් ආරක්ෂිත බවක් ගෙනෙන අතර එම උපාංග අස්ථානගත වීමකදී  Google account settings ඔස්සේ revoke කිරීමක් සදහා recovery phone / email හැකියාවක් ගිණුමට සම්බඳ කර තබන්නට උපදෙස් දෙමින් සිටිනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

iOS 17 සමග mood-tracking app එකක්.

පලවෙමින් ඇති ඉගි අතර iOS 17  සමග mood-tracking app එකක් පිලිබඳවද කරුනු දැක්වෙනවා. මීට අමතරව  journaling app එකක් සමග ඔවුන්ගේ නවතම virtual reality headset එක සමග වඩාත් මිත්‍ර හැකියාවක් සමග තවත් නවාංග රාශියක් ගැන මේ වන විට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඔවුනගේ ජූනි 5 ට නියමිත World Wide Developer Conference (WWDC) වලදී නිකුත්වෙතැයි බලා පොරොත්තුවන මෙම නිකුතුව සමග Mac, iPad, Apple Watch, Apple TV. ආදිය සදහාද මෙහෙයුම් පද්ධතිවල මීලග සංස්කරණයේ පැමිනීම බලාපොරොත්තු වෙමින් තිබෙනවා. හදාරන්නන්ගේ මහත් අවධානයක් දිනා ගෙන ඇති Mood Tracker හැකියාව  Health app වලට සංයුත්ත්ව පැමිනෙන්නටත් ඊට අමතරව social media apps වලටද සංයුත්තව භාවිතාකරන්නාගේ මනෝභාවයන් හදාරන්නටත් කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තුවෙමින් සිටිනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

සයිබර් අපරාධ මගහරිමු.

බොහෝ සයිබර් අපරාධවල පදනම වන්නේ ඔබගේම දුර්වලතාවයන්වේ. එක් දෙසකින් ඔබගේ පෞද්ගලික අවකාශ සදහා නිසි සුරක්ෂිත බවක් නොතැබීම එහි මුලින්ම වන වරදයි. එනම් වඩාත් පොදු අවසර පද නැතිනම් අවසර පද සදහා පොදු හා බහුල යෙදුම් තබා තැබීම දැකිය හැක. අනෙක නම් ඔබට ආවේනික වූ පොදු භාවිතාවන් එනම් ඔබගේ දුරකථන අංකය , උපන්දිනය, වාහන අංකය භාවිතා කිරීම ගත හැක. තවත් විටක දෙවන පෙල ආරක්ෂක පියවරයන් අවධිකර නොතැබීම ගත හැක. එසේ එම පියවර අවධිකර තැබීම ඔස්සේ ඔබගේ ඔන්ලයින් අවකාශයකට පිවිසීමේදී අවසර පදයට අමතරව ඔබේ පෙර එකගවී ඇති ඔබගේ දුරකථන අංකයට එන යෙදුමක් හෝ දුරකථනයේ ඇප් එකක් ආශ්‍රයෙන්  ලබා ගන්නා යෙදුමක්  ඔස්සේ අදාල අවකාශයට පිවිසෙන්නට භාවිතාකරන්නට සිදුවීම ගත හැක.ඔබ අතින් සිදුවිය හැකි අනෙකුත්  අතපසුවීම නම් එකම අවසරය පදය විවිධ අවකාශ සදහා භාවිතාකර තැබීම වනු ඇත. එවිට යම් දුර්වලතාවයක් ඔස්සේ එම අවසරය පද නිරාවරනය වූ විට එම අපරාධකරුවන්ට පහසුවෙන් ඔබගේ අනෙකුත් ගිණුම් වෙතට එබී බලන්නට පහසු වනු ඇත.
Pubudu Siriwansa        www.Pariganakaya.Tech


 

LinkedIn වලටත් එන AI හැකියාව.

LinkedIn  නම්  ප්‍රකට business social network වෙතින් ප්‍රකාශ වෙන්නේ AI සහය තම භාවිතාකරන්නන් සදහාද ‍රැගෙන එන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ job seekers ලා හට තම බලාපොරොත්තුවන hiring managers වෙතට message ස්වයංක්‍රීයවම ඔවුන්ගේ profile එක අනූව හා ඉලක්ක කරන job position එකට වඩාත් ගැලපෙන ලෙසට නිර්මාණය කරන්නට සූදානම් බවයි. දැනට paid LinkedIn Premium subscription වලට සීමාවන මෙම හැකියාව "Let AI draft a message to the hiring team" තේරීම ඔස්සේ අවධි කරගන්නට  හැකිවනු ඇති බවයි පැහැදිලි කෙරෙන්නේ. දැනටමත්  emails, documents, spreadsheets, වැනි දෑ AI ඔස්සේ නිමවා ගැනීම Microsoft 365 වලදී අත්හදා  බැලෙමින් තිබෙනවා,
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...