2023-05-24

Windows 11 වෙතට එන Copilot AI හැකියාව.

Microsoft වල Build 2023  හමුව මේ දිනවල පැවතෙමින් ඇති අතර එහිදී එලබෙන කාලයට ඔවුන්ගෙන් පැමිනෙන්නට නියමිත අංගයන් ගැන කථා බහ වෙමින් තිබෙනවා. මේ අතර වඩාත් අවධානය ලබා ගත් අංගයක් ලෙසට Windows 11 වෙතට AI හැකියාව එන්නට නියමිත බව හා ඒ ආකාරයන් ගැන වන තොරතුරු වනවා. ඔවුන් විස්තර කරන්නේ පසුගිය මාස 6ක සිට තම Copilot AI assistant සමග නෙක ආකාර වලට AI හැකියාවන් නිකුත් වෙමින් තිබෙන අතර Microsoft 365 Copilot යටතේ  PowerPoint, OneNote, SharePoint, වැනි භාවිතාවන් වලට වූ උස්තල ගැන්වීම් පෙන්වා දෙනවා. එපමනක් නොව  Security ආකාර උස්තල ගැන්වීමටද මෙම නව ප්‍රබෝධය භාවිතවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙවර හමුවේදී ඔවුන් පවසා සිටින්නේ Windows Copilot ඔස්සේ දැනට වන භාවිතාවන් පහසු කිරීම මෙන්ම නවාංග රාශියක පැමිනීමද සිදුවන්නට නියමිත බවයි.විශේෂයෙන් "taskbar" වෙතට එන Windows Copilot button ඔස්සේ අවධිවන personal assistant හැකියාව සමස්තයක් ලෙසට apps, programs, windows වැනි ආකාර සියල්ල ඔස්සේම සහය වනු ඇති බවට්යි -පැහැදිලි කෙරෙන්නේ. එසේම වැඩි දුරටත් පවසන්නේ Bing Chat වල සේම Windows Copilot සමගද ප්‍රශ්ණ, පිලිතුරු ආකාරයට ගනුදෙනුවක් සදහාද සූදානම් බවයි. පැමිනෙන නව අත්දැකීම කෙටියෙන් විස්තර කෙරෙන්නේ මෙම අංගය සමග සාමාන්‍ය භාවිතා කරන්නෙකු "power user" කෙනෙකු කරන්නට එය සූදානම් බවයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...