2023-07-31

language learning model අප ආක්‍රමනය කරමින් සිටී.

හදාරන්නන් යෝජනාකරමින් සිටින්නේ ChatGPT විසින් මිනිස් මනසේ හැකියාවන් දුබල කරන්නට හේතුවෙමින් ඇති බවකි. මේ වන විට chatbot සමග answering හැකියාව, writing essays හැකියාව, complex code නිර්මාණය කිරීමේ හැකියාව වැනි නෙක ආකාර ගත් හැකියාවන් වේගයෙන් දියුනු කරගනිමින් සිටින අතර නුදුරු කාලය වන විට මෙම language learning model (LLM)ය වඩාත් smart වෙමින් මිනිස් පාලණය නැවත විමසීමට හැකි තත්වයකට එන්න සූදානම් වන බවට නෙක හදාරන්නන් අනතුරු ඇගවමින් සිටීම බහුල අදහසක් වෙමින් ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ GPT-3.5 හා GPT-4 වැනි සංස්කරණ මට්ටම් වලට එන විට මිනිස් මනසේ හැකියාවන් වඩ වඩාත් ආක්‍රමනයට ලක්වෙමින් තිබීම පැහැදිලිව දක්නට ලැබෙන බවකි. ඔවුන් යෝජනාකරන්නෙ ඔබට නෙක ආකාරගත් LLM සමග ක්ශනයකින් පිලිතුරු ලැබෙන විට ක්‍රමයෙන් මිනිසාට මතක තබා ගැනීමේ ප්‍රමානය හා ඒවා නැවත නැවත සැකසීමේ නැතිනම් සිතීමේ හැකියාව අවමවීමට පටන් ගැනීමේ අනතුර දැනටමත් දක්නට ලැබෙන්නට පටන්ග්න ඇති බවකි.
Pubudu Siriwnsa

 

2023-07-29

E-සංස්කෘතිය අපව වසා ගනිමින් තිබේ.

තවදුරටත් E-කරණය වූ තොරතුරු අවකාශය හුඳු තොරතුරු ගබඩාවක්, සරල සැකසුම් හැකියාවක් හෝ විඳුලි වේගයයෙන් ලොවපුරා වන තොරතුරු බෙදා හදා ගැනීමක් ඉක්මවන යමක් වෙමින් තිබීම අප තරුම් ගත යුත්තක්. එය මිනිසාව විනිවිඳ ගොස් නව මිනිස් සංස්කරණයක් නිර්මානය කර තිබෙනවා මෙන්ම සාම්ප්‍රධායික සමාජ ආකෘතියද විනිවිඳ යමින් වෙනස් කර දමා අවසන්. අපව පාලනයකල ජීවවිද්‍යාත්මක අර්ථවලින් සංස්කෘතික අර්ථවලටත් අනතුරුව විද්‍යාත්මක අර්ථවලටත් පමනක් නොව දැන් වන විට නව E-සංස්කෘතියක් අප හාත්පස නිර්මාණය කරමින් සිටිනවා. එයටම ආවේනිකවූ බොහෝ ගුනාංග මෙම නව යුගය විසින් පුද්ගල අර්ථවල සිට සමාජ අර්ථ දක්වාම වරනගා නැවත නැවත සංස්කරණය වෙමින් අපව සංශෝදනය කරමින් සිටිනවා. සැබැව නම් මෙම නව අර්ථ පැරණි අර්ථවල දිගුවක් ලෙසටම හමු නොවන බව අපි පිලිගත යුත්තක්.
Pubudu Siriwansa


 

Twitter වල X logo නාමකරණයට ගැටළුවක්.

Twitter විසින් rebranded කරන ලද  X logo ව Chromium-based browsers එකක් වන Edge විසින් phishing threat එකක් ලෙසට හඳුනා ගන්නට කටයුතු කරමින් සිටින් බවටයි වාර්ථා වන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ  Edge වලට සංයුත්තව පැමිනෙන anti-phishing feature එක විසින් security risk ලෙසට තේරුම් ගන්නට කටයුතු කරන බවයි. හදාරන්නන් පවසන්නේ Google searches වලදීද මෙම හඳුනා ගැනීම malware එකක් ලෙසට හදුනා ගනිමින් සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. කෙසේ වෙතත්  Elon Musk විසින් සිදුකල "X" ලෙසට නැවත නාමකරණය "super app" එකක් ලෙසට එය ඉහල නංවන්නට වල වැඩ පිලිවලක් ලෙසටයි ගැනෙන්නේ. මේ වන විට Microsoft විසින් මෙම Edge වෙතට update එකක් කරන්නට නියමිතව තිබෙන බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa


 

Opera වල Aria නම් AI tool එක 1 million ඉක්මවයි.

Opera  නිවේදනය කරන්නේ ඔවුන්ගේ මුල් ස්වභාවයෙන්ම generative AI මිත්‍ර Aria නම් browser ය one million භවිතාවක් ලබා ගන්න මේ වන විට සමත්ව ඇති බවයි. ඔවුන් පසුගිය මැයි මාසයේ මෙම AI Tool එක නිකුත් කරන්නට කටයුතු කල අතර June අවසන් වන විට සියළුම Android භාවිතාකරන්නන් වෙතට විවෘතවන්නට සූදානම් බව පවසනවා. Aria ව තමන්ගේම language model එකක් භාවිතා නොකරන අතර ඒ වෙනු වට OpenAI සමග කටයුතු කරනු ලබනවා. Generative AI වල විප්ලවිය වෙනසක් කල ChatGPT වල භාවිතාවන GPT නම්  language model  එකක් ලෙසටයි පිලිගැනෙන්නේ.එසේම Aria ව GPT language model එක භාවිතා කලද ඔවුන් පවසන්නේ browser  එකට සංයුත්තව පැමිනීම තුල ChatGPT website වලට වඩා භාවිතාකරන්නන් හට ප්‍රායෝගික බවයි.
Pubudu Siriwansa


 

2023-07-27

TikTok වලට text posts හැකියාවක්.

TikTok නම් ප්‍රකට social media platform එක යනු short-form videos සදහා ප්‍රකට එකකි. TikTok නිවේදනය කරන්නේ නව content creation format එකක් සදහා තමන් කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් Twitter හා Threads වල නව ප්‍රවනතා සමග තරගයකට පිවිසෙන්නට සූදානම් වෙමින් සිටින බවටයි හදාරන්නන්ගේ මතය වෙමින් ඇත්තේ. TikTok පැහැදිලි කරන්නේ මෙම නව අංගය ඔස්සේ stories, lyrics, poems වැනි සටහන් සදහා අවකාශය වන බවයි. එසේම මෙම සටහන් stickers, hashtags ඔස්සේ වඩාත් විසිතුරු කරන්නට අවස්ථාව වන බවත් පැහැදිලි කරනවා. එපමනක් නොව background colors, add sounds, tag location, enable comments, allow Duets / tag වැනි තවත් පහසුකම් වලින්ද මෙම අංගය සමන්විත වන බවට පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa

 

Generative AI සමග terms and conditions තේරුම් ගනිමු.

තොරතුරු තක්ෂණය භාවිතකරන්නන් ලෙසට අප සැමට නිරන්තරයෙන් terms and conditions වලට එකග වන්නට සිදුවේ. ඉතා සංකීර්ණ සටහන් වන මේවා ඔස්සේ සැබෑවටම තමන් එකගවන කාරණා පිලිබඳව පැහැදිලි වැටහීමක් ලැබෙන්නේ ඉතා අල්පයකටය. නීතියේ මෙන්ම තාක්ෂණයේ සංයෝජනයක් වන මේවා වල වන විශාල බව සමාන්‍ය භාවිතාකරන්නෙකුව පොලබවන්නේ සරල එකගවීමකටය. Generative AI වෙතින් නිවේදනය වන්නේ මෙම ආකාරයේ licenses සදහා වන සංකීර්ණ සටහන් තේරුම් ගන්නට සහය වන්නට සූදානම් බවකි. මීට පෙර මේ සදහා වූ සරල බාදකය වූ input කල හැකි වචන වල සීමාව වැනි කාරනා මග හරිමින් මේ ආකාරයේ සංකීර්න සටහන් තේරුම් ගන්නට පමනක් නොව ඒවා පිලිබඳව ප්‍රෂ්න විමසමින් පැහැදිලි කරගන්නටද අවසානයේ ඔබ බැදෙන යුතුහම් වගකීම් මෙන්ම ඔබර වන අයිතිවාසිකම් පිලිබඳව summaryයක් ලබා දෙන්නට එය සූදානම් බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...