2013-12-31

අනාගත Amazon මිලදී ගැනීම octocopter drones ඔස්සේ ගුවනින් නිවසට!!!

 Amazon ආයතනයේ CEOවරයා පසුගියදා ප්‍රකට මධ්‍ය හමුවකදී පවසා සිටියේ තම ආයතනය ඉදිරියේදී තම මිලඳී ගැනීම් වැඩි වේගයකින් හා විස්වාසනීයව බෙදා හැරීම සදහා Amazon Prime Air නම් ව්‍යාපෘතිය යටතේ බාහිර සිට පාලනය වන  octocopter drones  නම් ගුවන් ක්‍රම වේදය අත්හදා බලමින් සිටින බවයි. GPS ආකාරයට මග පෙන්වීම් ලබන මෙම කුඩා ගුවන් උපකරනය ඉලෙක්ට්‍රික් ආකාරයට බලය ලබන අතර තල අටක බ්‍රමනයක් ඔස්සේ තම ඉලක්කය වෙතට පියබා යන්නට සමත්වනු ඇති බවටයි පවසා සිටියේ. තම ආයතනයේ Amazon warehouse එකක සිට විනාඩි 30ක පියාසර කාලයක් තුල වන ඉලක්ක සීමාවක් දක්වා දැනට සීමාවන මෙම සැලසුම ඉදිරි වසර පහ හය තුල ක්‍රියාත්මක වීමේ වැඩි ඉඩකඩක්  පිලිබදව එහිදී විස්වාසය පලවනු ලැබුවා.

2014 තුල තොරතුරු ලෝකයේ පෙරලි ‍රැසැක්!!!!

    එලබෙන වසර තොරතුරු ලෝකයේ වඩාත් පෙරලිකාරකම් බලපොරොත්තු විය හැකි වසරක් ලෙසට බලාපොරොත්තු විය හැක. වඩාත් නම්‍ය හා ප්‍රමානයෙන් විශාල තිර සහිත දත්ත උපාංග වෙලඳ පොලට එවීම ගැන ප්‍රධාන පෙලේ ආයතනයන් සියල්ලම පාහේ සුදානම් වෙමින් තිබෙනු දැකිය හැකියි.ස්මාර්ට් දුරකථනයත් මදක් ප්‍රමානයෙන් විශාල "පැබ්ලට්" දුරකථනයත් තරය වෙත වැඩිම අවකාශයක් ‍රැගෙන ඒමත් භාවිතයට වඩාත් පහසු නම්‍ය හැඩැති බවින් පැමිනෙන්නට සැලසුම් වෙමින් තිබෙනු දැකිය හැකියි. Samsung ආයතනය  මෙන්ම Apple ආයතනයන් වෙතින් දැනටමත් තම අනාගත සැලසුම් නිවේදනය තිබෙනු දැකිය හැකියි.
                              මෘදුකාංග අවකාශය වඩාත් ස්පර්ශක තිර මිත්‍ර බව දෙසට චලනය වෙමින් ජංගම මිත්‍ර ස්වභාවය දෙසට චලනය වීම වඩාත් තීව්‍රවීම එලබෙන වසරේ තවත් කැපී පෙනෙන අංගයක් වනු ඇති බවට බලාපොරොත්තු විය හැකියි.  Office 2013  ඩෙස්ටොප් සංස්කරනය ස්පර්ශක මිත්‍ර බවින් යුත් නව සංස්කරනයක් නිකුත් කිරීම පිලිබදව මෙවන විට කටයුතු සිදුවෙම්මින් තිබෙන බවට වාර්ථා පලකොට ඇති අතර "touch-first’ නිකුතුවක් Office apps එකක ලෙසට 2014 පැමිනීම ස්ථීර බවටයි පලවන තොරතුරු පවසන්නේ. ක්‍රමයෙන් මෙහෙයුම් පද්ධති මෘදුකාංග ප්‍රමුක මෘදුකාංග ඩෙස්ටොප් නැති නම් දුරකථන ආදිය ලෙසට වෙන් වෙන් අවකාශ වල සිරව තිබීම අවසන්වීම ආරම්භ වන වසරක් ලෙසටද නව වසරේ පෙර සලකුනු දැනටමත් ඉගි කොට තිබෙනු දකින්නට හැකියි. මයික්‍රසොෆ්ට් ආයතනය ‘Threshold’ නැතිනම් වින්ඩෝස් 8 සදහා පැමිනෙන මීලග මෙගා යාවත්කාලිනය සමග ඔවුනගේ ඇප්ස් ස්ටෝර්වන් එකම අවකාශයකට පරිවර්තනය වන්නට වන සැලසුම දැනට පලවී ඇති එක් පෙරමග සලකුනක් ලෙසට දක්නට ලැබෙනවා.
                          ගූගල් ග්ලාස් ප්‍රමුක සාම්ප්‍රධයික දත්ත උපාංග භාවිතාවෙන් පිටතට විහිදුනු නව උපාංග භාවිතයට පැමිනීම සදහාද වඩාත් තීර්නාත්මක වසරක් බවට 2014 බලපොරොත්තු විය හැකියි.ඇපල් ආයතනයෙන් එන්නට නියමිත ස්මාර්ට් ඔර ලෝසුව මෙන්ම තවත් ආයතනයන් බොහොමයකින් සමාන්තර තරගකාරී උපාංග පැමිනෙමින් එම භාවිතාවන් ස්ථාවර කරන්නට සමත් වසරක් බවට එලබෙන නව වසර සටහන් වනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකියි.

2013-12-25

අනවශ්‍ය මෘදුකාංග ස්ථාපනය වලකන මෘදුකාංගයක්.....

  බොහෝ විට මෘදුකාංහ ස්ථාපනයේදී ඔබ බලාපොරොත්තු නොවන අමතර මෘදුකාංග ඔබගේ පරිගණකය වෙත පැමිනෙනේ නොදැනුවත්වම විය හැක. ස්ථාපන ක්‍රියාවලිය තුල මුල් ස්වභාවයෙන් checkbox වල ඔබගේ එකගතාවය සදහන්ව එන මේවා මග හැරීම සදහා හැම පියවරක් කෙරෙහිම කල්පනාවෙන් අවධානය යොමු කර සිටීම ඒ සදහා වන එක් විසදුමකි. එහෙත් සමහර ස්ථාපන ක්‍රියාවලියවල් තුලදී ඔබට නොදැනුවත්වම ඒවා මග හැරීම බහුල අත්දැකීමකි. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවල් සදහා ඔබගේ සහට පැමිනිය හැකි මෘදුකාංග විසදුමකි. දැනට මෙම මෘදුකාංගය හදුනන බොහොමයක් වන ස්ථාපන ක්‍රියාවලීන් සමග පැමිනිය හැකි අනවශ්‍ය මෘදුකාංග මග හැරීම සදහා ස්වංක්‍රීයව ඉදිරිපත් වන මෙම මෘදුකාංගය සදහා ලැබෙන නව යාවත්කාලීන සදහා විවෘතව තැබීම තුලින් පහසුවෙන් නව ස්ථාපන ක්‍රියාවලීන් සදහාද සූදානමින් සිටින මෘදුකාංගයක සහය ලෙසට ලබා ගන්නට හැකි වනු ඇත
http://unchecky.com/files/unchecky_setup.exe

සාර්ථක download accelerator මෘදුකාංගයක්!!

  ඔබ වෘතීයමට්ටමේ හෝ විනෝදාත්මක නැතිනම් අධ්‍යාපනික මට්ටමේ අන්තර්ජාලය භාවිතාකරන්නෙකු වූවද සාර්ථක download accelerator මෘදුකාංගයක අවශ්‍යතාවය එකසේම පවතිනු ඇත. වඩාත් වේගවත් මෙන්ම නිවැරදි බාගත කරගැනීමට සහය වන මෘදුකාංගයක් ලෙසට multi-threaded තාක්ශනය සමග එන මෙම මෘදුකාංගය ඔබ භාවිතාකරන නෙට්වර්ක් සබදතාවය කුමක් වූවත් එකසේ සාර්ථකව ඔබගේ අවශ්‍යතාවය සපුරා ලන්නට ඉදිරිපත්වනු ඇති බවටයි පොරොන්දුව වන්නේ. මිලදී ගන්නා සමාන්තර බොහෝ මෘදුකාංග ‍රැගෙන එන පහසුකම් අඩංගුව පැමින ඇති මෙම මෘදුකාංගයේ  මෙම නව සංස්කරනය හදුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම පිලිසකර කර ඇතිව නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් ලෙසට මෙම සංස්කරනය ඔබගේ වඩාත් සිත්ගන්නා සුලු එකක් වනු ඇත.

2013-12-24

HP වෙතින් අඩු මිලැති Phablet නිකුතුවක සැලසුම්!!!!

 කලකට ඉහතදී HP ආයතනය smartphones වෙලඳ පොල වෙතට පිවිසෙන්නට ගත් උත්සාහය Pre 3 හා Veer 4G වැනි උපාංග වල අසාතකත්වයත් සමග අත්හැර දමන්නට තීර්නය කර දමන ලදී.web OS මූලිකව එම දත්ත උපාංග ඔස්සේ අසාර්ථක පිවුසුමක උත්සාහය සටහන් වූවේ 2011 වසරේදීය.පලවන නවතම වාර්ථා පවසන්නේ එම ආයතනය නැවත අඩු මිලැති  Phablet උපාංග හදුන්වාදීමක් ඔස්සේ නැවත එම වෙළඳ පොල වෙතට උත්සාහයක යෙදෙන්නට උත්සාහ කරන බවකි.අවසාන මිල ඩෝලර් 250ක් වැනි මිලකට භාවිතාකරන්නෙකු වෙතට පත්කල හැකි මට්ටමේ නිෂ්පාදනයක් ලෙසට චීනට ඉන්දියව වැනි වෙළඳ පොලවල් ඉලක්ක කර ගනිමින් මෙම නිෂ්පාදනය සැලසුම් කර ඇති බවටයි සටහන් වන්නේ. Lenovo වෙතින් නිවේදනය වී ඇති ස්මාර්ට් දුරකතනය ඉලක්ක කර ගනිමින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම නිකුතුව ලොව පුරා වේගයෙන් භාවිතාකරන්නන් වඩාත් ජංගම උපාග දෙසට වන ප්‍රවනතාවය පදනම් කොට ගෙන ඇති බවටයි  විචාරනය වෙමින් ඇත්තේ.කෙසේ වෙතත් තවමත් මේ පිලිබදව නිශ්චිත දින වකවානු සඳහකර නොමැති බවයි වාර්ථා වන්නේ.

2013-12-23

පැමිනෙන PC Plus මත Windoas 8.1 සමග Android apps ධාවනය වනු ඇත.....

  ක්‍රමයෙන් තොරතුරු ලොව භාවිතාව සාමන්‍ය ජීවිතය තුලට වැඩි වැඩියෙන් පිවිසෙන විට පැරනි භාවිතාවන් හට නව අවකාශ වෙතට පිවිසෙන්නට සිදුවීම මේ වන විටත් දැකිය හැකි සිදුවීමකි. මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම මීලග මෙහෙයුම් පද්ධතිය නිකුතුව සමග මෙහෙයුම් පද්ධති සදහා එකම ඇප් ස්ටෝර්වක් ඔස්සේ බගාත කිරීම් කර ගන්නට සිදු වන්නට ඉඩ ඇති බවය. තවත් දෙසකින් හදාරන්නන් පවසන්නේ සියලු මෙහෙයුම් පද්ධති සදහා පොදු ඇප් අවකාශයක් නිර්මානය කර ගැනීම අත්‍යාවශය වෙමින් ඇති බවකි.පොදුවේ සලකීමේදී භාවිතාකරන්නන්ගේ සංකීර්න මෙන්ම සමාන්තරව සිදුවන බහු උපකර භාවිතය ඉදිරියේ තව දුරටත් තොරතුරු උපාංග සමාගම් වෙන්ව පවතින දූපත් ලෙසට තොරතුරු අවකාශයේ පැවතීමට නොහැකි වනු ඇති බවය. ඒවාට අනිවාර්යෙන් එක් තලයකදී හමු වන්නට සිදුවීම අනිවාර්ය වනු ඇති බවය.එලබෙන මාසයේ පැවත්වීමට නියමිත Consumer Electronics Show වලදී PC Plus නමින් පැමි නෙන්නට නියමිත නව හදුන්වදීම සමග එකම පරිගණකයකදී වින්ඩෝස් 8.1 සමග  Android apps ධාවනයටද හැකි වනු ඇති බවය. සංකල්පයක් ලෙසට මෙම භාවිතාව නවතම එකක් නොවුනද භාවිතාවක් ලෙසට මෙම පිවිසුම බොහෝ දෙනාගේ අවධානය ලබා ගනු ඇති බවටයි ඔවුනගේ බලාපොරොත්තුව වන්නේ.

ඉදිරියේදී Chrome Web Storeව ඔස්සේ Toolbars ලබා නොදෙනු ඇත...

  Tool Bars පරිගණකය වෙත පැමිනීම ක්‍රම කිහිපයක් ඔස්සේ සිදුවන්නට පුලුවන. කෙසේ පැමිනියද බොහෝ විට ඒවා පරිගණකයේ වේගය මෙන්ම අනවශ්‍ය අඩවීන් වෙතට භාවිතාකරන්නාව කැදවයන්නට පෙලබීම බොහෝ දෙනාගේ පොදු අත්දැකිමකි. තවත් විටක පැහැදිලි සේවාවක් ලබා දෙන්නට පැමිනෙන  toolbars වල දුර්වලතා ඔස්සේ පහර දෙන්නන් පරිගණක වෙත අනවශය අත පෙවීම් කරන්නට පෙලබෙන අවස්ථාවන්ද දැකිය හැක.පසුගිය දිනව නිවේදනයක් නිකුත්කරමින්  ගූගල් ආයතනය පවසා සිටියේ තම  Chrome Web Store  ඔස්සේ ඉදිරියේදී toolbars බාගතකරදීම අවසන් කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. ඔවුන් පැවසුවේ එම සේවාවන් මින් ඉදිරියට extensions ලෙසට ලබා දීම ඔස්සේ භාවිතා කරන්නන් හට අවශ්‍ය අංගයන් වෙනවෙනම ලබා ගන්නට හැකිවනු ඇති බවයි. කෙසේ වෙතත් ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ දැනට භාවිතාවෙමින් ඇති දෑ සදහා 2014 ජූනි මාසය දක්වා කල් ලබා දෙන්නට තමන් කටයුතු කරන බවත් එම කාලය තුල එම සේවා ලබාදෙන මෘදුකාංග නිර්මාන කරුවන්ට තම සේවා නව කොන්දේසි වලට ගැලපෙන ලෙසට සකස්කර ගන්නට කාලය ලබා දෙන බවත්ය.

Apple වෙතින් 2014දී iWatch සමග සැලසුම් ‍රැසක් ගැන බලාපොරොත්තුවක්!!

  ඇපල් ආයතනයේ CEO වරයා තම ආයතනයේ සේවක මහතුන්වෙත මෙවරද සුපුරුදු  වාර්ෂික ස්තූති ලිපිය මේ වන විට නිකුත්කොට තිබෙනවා.ගෙවී යන වසර තුලදී ආයතනයේ සේවක මහතුන් වෙතින් පලවූ කැපවීම වෙනු වෙන් ස්තූතිය පලකිරීම ප්‍රධානව නිකුත්කරන මෙම ලිපිය ඔස්සේ එලබෙන වසරේ ආයතනයේ සැලසුම් පිලිබදවද ඇගවීමක් කරන්නට කටයුතු කිරීම එහිදී සිදුවන සාමාන්‍ය කටයුත්තකි.CEO වරයා එලබෙන වසරේ සිදුවන්නට නියමිත නිකූතූන් අතරට iWatch smartwatch උපාංගය පිලිබදව අගවන්නට කටයුතු කොට තිබෙනවා. පමාවකට ලක්ව ඇති මෙම නිකුතුව එලබෙන වසරට ඇති ප්‍රධාන නිකුතුවක් වනු ඇති බවටයි එහි අගවා සිටින්නේ. තම ඇප් Store මිලියන 50ක ඇප් බාගතකර ගැනීම සම්පූන කිරීම පිලිබදව සදහන් කරනවා.
                                   ඇපල් ආයතනය එලබෙන වසරේ අඟල් 4.7 හා 5.5 විශාල ප්‍රමානයේ i Phone නිකුතුවක් පිලිබදව පසුගිය කාලයේ පවසා සිටි අතර අඟල් 12 ප්‍රමානයේ iPad එකක් පිලිබදවද තොරතුරු හෙලි කොට සිටියා.මයික්‍රසොෆ්ට් සර්ෆේස් උපකරනය ඉලක්ක කර ගනිමින් පැමිනෙන්නු ඇති බවට එම iPadය පිලිබදව භාවිතාකරන්න අතර බලපොරොත්තුවක් ඇතිව තිබෙනවා.වැඩි දුරටත් එම ලිපිය ඔස්සේ ආයතනයක් ලෙසට තමන් සමාජය වෙතට සිදුකරමින් සිටින මෙහෙවර පිලිබදව සදහන් කරන ඔහු එවැනි ආයතනයක සේවය කරන්නට ලැබීම ලොව වාසනාවන්තතම මිනිසෙකුගේ හැගීම තමන් වෙත කැදවන්නක් බවටයි පවසා සිටින්නේ.

iOS7 සදහා Jailbreaks මෘදුකාංගයක් නිකුත්වේ.....

  ඇපල් ආයතනය තම iOS 7 සංස්කරනය නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවේ පැසුගිය සැප්තැම්බරයේය. lock screen  වල හමුවූ දුර්වලතාවයක් ගැන පුවතක් නිකුතුවත් සමගම ජථා බහට ලක්වූ අතර ඉක්මනින්ම  ඒ සදහා පිලිසකර යවත්කාලීනයක් නිකුත් කරන්නට ඇවප්ල් ආයතනය කටයුතු කරනු ලැබූහ. බොහෝ විට මෙහෙයුම් පද්ධතිවල සීමා වන් ඉක්මාවයන්නට බාවිතාකරන්නන් අතාර එති කැමැත්ත නිසාම ඒවා මෘදුකාංගමය ලෙසට සිදුරු කරන්නට සමත් මෘදු උපකරන නිකුත්වන අතර ඒවා භාවිතයෙන් සාමන්‍ය මෙහෙයුම් පද්ධතිය සමග නො එන හෝ එම මෙහෙයුම් පද්ධතියේ නිල app ස්ටෝර්වෙන්  පිටතින් පැමිනෙන මෘදුකාංග ස්ථාපනය සදහා අවසර නොදීම ඉක්මවා යමින් භාවිතාකරන්නන්හට අවශය ස්ථාපනයන් කර ගැනීම සාමාන්‍ය සිරිතක වෙමින් ඇත.
                          පලවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ  iOS 7 සංස්කරනයටද අදාල වන එවැනි සිදූරුකරනයක්  නොහොත් jailbreak මෘදුකාංගයක් නිකුත්ව ඇති බවකි.windows මෙන්ම Mac සදහාද භාවිතයට විවෘතව නිකුත්ව ඇති මෙම මෘදුකාංගය ඔස්සේ iPhone, iPad හා  iPod Touch products ආදියට පිවිස අවශ්‍ය වෙනස්කම් සිදු කර ගැනීමට භාවිතාකරන්නන් සදහා අවස්ථාව ලැබෙනු ඇති බවටයි එම කන්ඩායම පවසා සිටින්නේ.සාමන්‍ය මට්ටමමේ භාවිතාකරන්නන් සදහා භාවිතය පිලිබදව අනතුරු අගවමින් නිකුත්කරන ඔවුන්ගේ නිවේදය පවසන්නේ භාවිතාකරන්නාගේ වගකීම බාර ගැනීම  මත භාවිතයට එය වඩාත් සුදුසු බවටයි පැවසෙන්නේ.  battery life, security set ups ආදිය සදහා සදහා සිදුවිය හැකි හානීන් සදහා මේ මෘදුකාංග භාවිතය සදහා මේ වාන් විට අනතුරු අගවන්නට හදාරන්නන් කටයුතුකර සිටිනවා.

2013-12-20

අවසානයේ ZeroAccess Botකන්ඩායම පරාජය පිලි ගනී

  මයික්‍රසොෆ්ට් සමාගම අද පවසා නිවේදනය කර සිටින්නේ මෙම මස මුල් භාගයේ තමන් හා FBI ඇතුලු සයිබර් ආරක්ශාව පිලිබදව විමසිලිමත් වන ආයතනයන් කිහිපයක සහයෙන් ඇරබි Zeroaccess Botජාලයට එරෙහි මෙහෙයුම සර්ථකව අවසන් ව ඇති බවයි. මයික්‍රසොෆ්ට්  Digital Crimes Unit  ඇතුලු කන්ඩායම එම ජාලය සම්පුර්නයෙන් බිඳ දමන්නට කටයුතු නොකල අතර ඔවුන්ගේ ඊලග පියවර ගැන විමසිලිමත්ව සිටීමට කටයුතු කරන ලදී. එම Bot කන්ඩායම විසින් යලිත් තම ආසාධිත පරිගණක වලින් සැදි ජාලය Malware එකක සමග යලිත් යාවත්කාලීන කරන්නට උත්සාහකිරීමක් සමග ඔවුනගේ IP ලිපිනයන් ලබා ගන්නට සමත්වූ අතර අදාල බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ අවසානයේ එම කන්ඩායම තම ආසාධිත ජාලය වෙත අවසන් පනිවිඬයක් "WHITE FLAG" ලෙසින් යවන්නට කටයුතු කොට ඇති බවයි.එසේම ඔවුන් නිවේදනය කරන්නේ එහි ක්‍රියාත්මක බව අත්හැර දැමුවද ඔවුනට විරුද්දව නෛතික පියවර ගැනීම තවදුරටත් සිදු වෙමින් ඇති බවකි. මටික්‍රසොෆ්ට් සමාගම මෙවැනි හානිකර ජාල රාශියක් පසුගිය වසර කිහිපය තුලදීම බිඳ දමන්නට කටයුතු කරනු ලැබුවද ඔවුනගේ නව Digital Crimes Unit වෙතින් සිදුකල පලමු මෙහෙයුම මෙය බවයි.

2013-12-19

Bing Map එන වසරේ visual representation එකක් වැන්නක් දක්වා වර්ධනය වනු ඇත...

  මයික්‍රසොෆ්ට් ආයතනය තම Bing Map වල වින්ඩෝස් 8.1 පෙර ඇප් සංස්කරනයක් මෙවන විට නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. එම නිකුතුව  ලොවපුරා නගර 70ක අධි සුපැහැදිලි ඡායාරූ සහිතව ත්‍රිමාන ආකරයෙන් වඩාත් සජීවී ආකාරයට විද ගන්නට හැකිවන ලෙසට සකස්ව නිකුත් කෙරෙනා.මීට අමතරව ගෙවී යන වසර තුලදී නවාංග කිහිපයක්ම තම Bing Map වෙත ගෙනෙන්නට කටයුතු කොට තිබුනා.ආයතනය තම එලබෙන වසරේ සැලසුම් හෙලි කරමින් පවසා සිටින්නේ ඉදිරියේදී Bing Map යනු හුදු සිතියම් ස්වරූපයේ සිට වෙබ් අවකාශය මෙන්ම සැබෑ ලොකය වඩාත් නිරූපනය වන ආකාරයේ අත්දැකීමක් ගෙනෙන සේවාවක් ලෙසට වර්ධනය කරන බවයි.උදාහරනයක් ලෙසට ඔවුන් පවසන්නේ ගොනැගිල්ලක පිහිටි ආයතනයන් ගැන විස්තර පමනක් නොව ඒවා අභ්‍යන්තරය පවා දැක්වෙන ලෙසට සැලසුම් වන්නට නියමිත බවටයි.Digital මැප් සටහනක සිට  visual representation  ආකාරය දක්වා සිදුවන්නට නියමිත මෙම නව වෙනස්කම් සමග භාවිතාකරන්නාට වඩාත් සමීප සහයක් ගෙනෙන්නට හැකිවනු ඇති බවටයි එම ආයතනය පවසන්නේ.

මයික්‍රසොෆ්ට් භාවිතාකරන්නන්ගේ තොරතුරු සුරක්ශිත කිරීම් වේදය වෙනස්කරයි!!!!

  සියලු සයිබර් සේවා ආයතනයන්ගේ මූලික අවධානයන් අතර රාජ්‍ය ආයතන විසින් තම භාවිතාකරන්නන්ගේ තොරතුරු අයතා ලෙස ලබා ගන්නට කටයුතු කරන බවට හෙලිවී ඇති කරුනු පිලිබදව විමසිලිමත්වීම සිදු වෙමින් පවතින  යුගයක් පැමින ඇත.Yahoo මෙන්ම Google වැනි ආයතනයන් මෙන්ම මයික්‍රසොෆ්ට් සමාගමද මේ පිලිබදව ඉදිරි සැලසුම් මේ වාන විට ප්‍රකාශ කර සිටිනවා. මයික්‍රසොෆ්ට් ආයතනය මීට පෙරදී පවස සිටියේ තමන් භාවිතාකරන්නගේ දත්ත encrypt කිරීම ඔස්සේ ආරක්ශා කරන්නට සැලසුම් කරන බවකි. පලවන නවතම තොරතුරු පවසන්නේ පෙර සැලසුම් කල ආකාරයට සියලු දත්ත එකම අවසර පදයක් යටතේ සුරක්ෂිත කිරීම වෙනුවට වඩාත් සංකීර්න ආකාරයකට යාමට සැලසුම් ඇති බවයි.සමහර විටක ආයතනයෙන් පිටතට නොයැවෙන දත්ත ගොනු පවා මේ ආකරයට encrypt කිරීම සිදුවනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. සියලුම සේවා තොරතුරු වෙනවෙනම encrypt වීමට සැලසීම ඔස්සේ වඩාත් වුරක්ශිත බවක් ලබාගන්නට හැකි වනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.ආයතනය පවසන්නේ ආයතනයේ අභ්‍යන්තරිකව පැමිනිය හැකි පෙර කී ආකාරයේ ආයතන සබදතා පිලිබදවද තමන් අවධානයෙන් සිටින බවටයි.

ඉදිරියේදී මිනිසුන් බලාපොරොත්තේ වන්නේ මයික්‍රසො‍ෆ්‍රා මෘදු කාංග වනුවට "මයික්‍රසොෆ්ට් පරිගණකයි" -Ballmer-

  මයික්‍රසොෆ්ට් හි CEO Steve Ballmer මහතා පසුගියදා මාධ්‍ය වෙතට ප්‍රකශකර සිටියේ තව දුරටත් තම ආයතනයෙන් භාවිතාකරන්නන් මෘදුකාංග මිලදී ගැනීමක් සිදු නොවුනු ඇති බවයි. එහිදී ඔහු පවසා සිටියේ ඉදිරියේදී භාවිතාකරන්නන්  තම ආයතනයෙන් මිලදී ගන්නේ වින්ඩෝස් පරිගණක වනු ඇති බවයි. මුලින්ම මෙහෙයුම් පද්ධති ප්‍රමුක මෘදුකාංග සමාගමක් ලෙසට තම අනන්‍යතාවය හිමිකරගෙන සිටි මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට භාන්ඬ හා සේවා ආයතනයක් ලෙසට ප්‍රථිව්‍යුහගත වෙමින් ඇති අතර වින්ඩෝස් 8 සමග Surface නමින් tablet උපාංග මොස්තර කිහිපයක්ම වෙළඳ පොලට එවන්නට කටයුතු කර ඇත.ක්‍රමයෙන් පරිගණකයක් ලෙසට වෙළඳ පොල තුල ස්ථාවර වීමේ ක්‍රමවේදය ගතකමින් සිටින එම සමාගම තම අවකාශයේ තවත් ප්‍රධාන අංගයක් වන Xbox සදහාද නව සංස්කරනයක් නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා.පසුගියදා Nokia හි හිමිත්වයක්දාත්පත් කරගන්නට කටයුතු කල මයික්‍රසොෆ්ට් ආයතනය තවදුරටත් පවතින්නට නම් ඇපල් සමාගමෙන් බොහෝ දේ ඉගන ගැනීමට ඇති බවටත් පසුගියදා විචාරනය වෙමින් තිබුනා. වර්ථමාන CEO වරයා විශ්‍රාම ගැනීමට නියමිත බවට පෙරදී කර තිබූ දින වකවානු මෙව වන විට මද වෙනසකට ලක්ව ඇති අතර ඔහු එලබෙන 2014 මුල්භාගය තෙක් ‍රැදී සිටිනු ඇති බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ.

2013-12-18

Cromebook 11 chargers නැවත කැදවේ.දැනට අලවිව ඇති උපාංග වලට නව උපාංග !!!!

  මේ වන විට HP මෙන්ම Google ආයතන විසින් Cromebook 11 සමග පැමිනි Charger වල දක්නට ලැබුන අධික රත්වීම හා melt වීමේ පැමිනිලි නිසාම ඒවා වෙළඳ පොලෙන් ආපසු කැදවන්නට තීර්නය කොට ඇති බවටයි සටහන් වන්නේ.දැනට ඒවා මිලදී ගෙන භාවිතාකරන්නන් සදහා උපදෙස් දෙමින් පවසා සිටින්නේ  විකල්ප ලෙස micro-USB chargers භාවිතයට ගන්නා ලෙසයි. ඇමරිකානු පාරිභෝගිකයන්ගේ සුබ සෙත පිලිබදව ක්‍රියාත්මක වන ආයතනයක් තම වෙබ් අඩවියේ පල කොට සිටියේ මේ පිලිබදව තමන් වෙත මෙම දුර්වලතාවය පිලිබදව සඳහන්  තොරතුරු 145000ක් පමන ලැබී ඇති බවකි. Google ආයතනය පවසන්නේ හානියට පත්ව ඇති chargers සදහා ආයතනයෙන් නිකුත්වන නව chargers සදහා HP ආයතනය නොව ගූගල් ආයතනය අමතන්නට කටයුතු කරන ලෙසයි. දැනට ලැබී ඇති තොරතුරු අනූව මෙම දුර්වලතාවය සමග සිදුව ඇති වැඩිම අලාබය pillow වකට හානි සිදුවීමක් බවයි. ඉදිරියට මෙම උපාංග අලවිය පිලිබදව තවමත් නිස්චිත අදහසක් මෙම ආයතන දෙක වෙතින්ම නිකුත්ව නැති නමුත් බොහෝ විට දැනට අලවියව ඇති එම උපාංග සියල්ල සදහා නව උපාංග නිකුතුවෙන් පසුව යලිත් ඇරබීම සිදුවන්නට ඉඩ ඇති බවටයි විස්වාසය වන්නේ.

Google Glass වෙත වසරේ අවසාන යාවත්කාලීනය...

  Google Glass එලබෙන යුගයේ තොරතුරු භාවිතාව පිලිබදව තීරනාත්මක සටහනක් වනු ඇති බව අවිවාදාත්මක පිලිගැනීමකි. තවමත් අත්හදාබැලීමේ මට්ටමින් තිබෙන මෙම භාවිතාව පිලිබදව සමහ ආයතන වලින් දැනටමත් යහපත් මෙන්ම අයහපත් ප්‍රථිචාර පලවෙමින් තිබීම තුලම එය තිර්ර්නාත්මක බවට සාක්ෂි සපයමින් සිටී.ආයතනය මේ වන විට තම උපංගය වෙත ට 2013 වසරට ගෙනෙන්නට නියමිත අවසන් යාවත්කාලීනය නිකුත්කොට ඇති අතර ඒයත් සමග ආරක්ශක ටූලයන් , Hangouts , You tube ආදී අංග වන බවටයි නිවේදනය වන්නේ.එම නවංග පැහැදිලි කරමින් ආයතනය පවසන්නේ Google Glass ලොක් කිරීමේ හැකියාව සමග Lap Top නැතිනම් ස්මාර්ට් දුරකථනයක් ලෙසට ලබා දී ඇති අවසර පදය ඔස්සේ පමනක් එය නැවත ක්‍රියාත්මක කරන්නට සිදුවන අතර handshake ආකාරයේ එකක් වනු ඇති බවටයි හෙලි වන්නේ.එලෙසම වඩාත් වැදගත් වෙනු ඇති බවට බලාපොරොත්තුවන වීඩියෝවන් පහසුවෙන් යු ටියුබ් වෙතට අප්ලෝඩ් කිරීමේ පහසුවත් මෙම නවාංග අතර පැමිනෙනවා.

Microsoft මීලග CEO නම් කිරීම එලබෙන 2014 මුල්භාගයේ....

  මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රධාන මට්ටමේ විධයකයෙකුගේ ප්‍රකාශයකින් පැවසුනේ තම ආයතනයේ මීලග CEO සදහා නම් කිරීම 2014 පලමු කාලයේ සිදු වන්නේ නියමිත බවකි.ඔහු පැහැදිලි කර සිටින්නේ තමන් විසින් විශාල වපසරියක් තුල ලොව ප්‍රධනතම තොරතුරු තාක්ශන ආයතනයේ මීලග CEO වරයා තොරා ගැනීමේ කටයුත්තට තොරතුරු විම සමින් සිටින බවයි.විවිධ හැකියා මට්ටම් ඔස්සේ කල විමසීම් වලින් අනතුරුව 100 දෙනෙකු පමන ප්‍රධාන තොරා ගැනීම සමග වූ බවත් මේ වන විට ඉනිදු 20 දෙනෙකු පමන වඩාත් සමීප හැදැරීමට ලක්ව ඇති බවයි.
                 ආයතනය පසුගිය අගෝස්තු මාසයේ පව්සා සිටියේ දැනට තනතුරෙහි සිටින CEO වරයා වන  Ballmer මහතාගේ ධූරකාලය ඉදිරි මාස 12ක් දක්වා වන බවත් වන අතර බොහොමයක් මාධය ඔස්සේ මේ පිලිබදව විවිධ මත පලවෙමින් තිබුනා.එතුමාගේ ධූර කාලය තුල වින්ඩෝස් විස්ටා වැනි අසාර්ථක වීම් වලට චෝදනා මෙන්ම සමස්ථ ආයතනයේ මුල් ව්‍යුහයේ වෙනස්කම් සමග පැමිනි මෘදුකාංග සමාගමක් ලෙසට සිට සේව හා භාන්ඩ සමගමක් ලෙසට නම් වීම වැනි තීර්නතාත්මක වෙනස් කම් මෙන්ම සාර්ථක වූ වින්ඩෝස් 7 මෙන්ම ආන්දෝලාත්මක වෙනසක් ‍රැගෙන ආ වින්ඩෝස් 8 පිලිබදවද සමග තවත් සාර්ථකවූ ව්‍යාපෘති රාශියක් ගැනද සදහන් වනවා.

Android වෙතට පැමිනි App Ops ගැටලුවක්වීම....

  App භාවිතාව පිලිබදව ඇති ප්‍රධාන ගැටලුවක වන්නේ ඒවා විසින් භාවිතාකරන්නන්ගේ පෞද්ගලික තොරතුරු අනවශය පරිදි ලබා ගැනීම බව හදාරන්නන් බොහෝ දෙනාගේ අදහසයි.ගූගල් තම Android 4.3 නිකුතුව සමග ‍රැගෙන ආ ආරක්ශක පියවරක් වූවේ එලෙස යම් App මෘදුකාංගයක් ඔස්ස්සේ භාවිතාකරන්නන්ගේ තොරතුරු අනවශය ලෙස ලබ ගැනීම වැලැක්වීමයි.app ops ලෙසට නම්ව පැමිනි මෙම පහසුව භාවිතාකරන්නන් තුල තම තොරතුරු වල සුරක්ශිත බව යම් දුරකට හෝ තහවුරු කරන්නට සමත්ව තිබූ බවටයි හදාරන්නන් පිලිගනිමින් තිබුනේ.කෙසේ වෙතත් ගූගල් ආයතනය Android 4.4.2 නිකුතුව සමග එමපහසුව ඉවත්කර ඇති බවටයි මේ වන විට චෝදානාත්මකව කථා බහට ලක්වෙමින් ඇත්තේ.ගූගල් ආයතනය මේ පිලිබදව එකිනෙකට වෙනස් මතවාද පල කරන්නට පටන්ගෙන ඇති අතර පලමුව පැවසුනේ එම නිකුතුව සිදුවූවේ වැරදීමකින් බවයි පසුව පැවසුවේ තමන් එම App මෘදුකාංගය වඩාත් දියුනු කරමින් සිටින බවයි.
https://play.google.com/store/apps/details?id=com.schurich.android.tools.appopsstarter&hl=en

2013-12-17

Bing සෙයුම් යන්ත්‍රය වසරින් වසර දෙගුනයක භාවිතාව වැඩි වෙමින් සිටින බව....

  සමහර විචාරකයන්ට අනූව Bing සෙයුම් යන්ත්‍රය මයික්‍රසොෆ්ට් වෙතට බරක් වෙමින් ඇති බවත් එය ආයතනයෙන් ඉවත්කිරීම ඔස්සේ ආයතනයට ඇති අනවශ්‍ය වගකීමක් අවසන් කරන්න හැකි වනු ඇති බවටයි සටහන් වන්නේ. ආයතනය දෙසින් පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය තම Bing සේවාව ගැන සැලකිලි බවත් ගෙවී ගිය වසර සැලකීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ඒය අත්පත්කර ගෙන සිටින බවයි. සංක්‍යාත්මකව තොරතුරු හෙලි නොකරද ඔවුන් පවසන්නේ Bing ඔස්සේ සොයා බලන video සදහා එක් කරන ලද නව හැකියා ඔස්සේ වඩාත් සුපැහැදිලි video ගෙනෙන්නට කටයුතු කර ඇති අතර එය භාවිතාකරන්නන්ගේ සැඩි ප්‍රසාදයට පත්ව ඇති බවයි. උදහාරනය ලෙස ආයතනය පවසන්නේ තමන් දිනකට Twitter පලකිරීම් මිලියන 500ක් මෙන්ම Facebook පලකිරීම් බිලියන දෙකක් තම Bing වෙතට එකතුකරමින් සිටින බවයි. සති කිහිපයකට පෙර  මයික්‍රසොෆ්ට් ආයතනය තමන් හා Twitter අතර වූ සෙයුම් යන්ත්‍ර සබදතාවය නැවත කටයුතු කර ඇති බවටයි වාර්ථාවන් පවසා සිටියේ.

Facebook වෙතට Video ads පැමිනීම මෙම සතියේ සිට....

  පලවන නවතම වාර්ථා පවසන්නේ Facebook මීට පෙර නිවේදනය කර සිටි video ads මෙම සතියේ එලබෙන දින කිහිපය තුලදී ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තුවන බවකි. භාවිතාකරන්නන්ගේ News feeds අතරට පැමිනෙන්නට නියමිත මෙම දැන්වීම්  තප්පර 15කට සීමා වනු ඇති බවටයි නිවේදනය වන්නේ. මීට පෙර අවස්තාවල් කිහිපයකදීඑම ආයතනය මෙම දැන්වීම් පලකිරීම් ගෙනෙන්නට සැලසුම් කලද අවසානයේ කල්දමන්නට තීර්නය කල අතර අවසානයේ මෙම සතිය තුලට එය යොදවන්නට තීර්නය කර ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. දැන්වීම් කරුවන් මෙන්ම එම ආයතනයද මෙම උත්සව සමයේ එම නව "Feature" සමග වඩාත් ආකර්ශනීයව භාවිතාකරන්නන්හට සමීපවන්නට බලපොරොත්තුව සමග සි‍ටුනු ඇති බවටයි අනුමානය කරන්නේ. තවමත් මෙම දැන්වීම් වල ස්වභාවය පිලිබදව නිශ්චිත අදහසක් පලව නැති අතර අනුමානය කරන සමහරුන් පවසන්නේ මවුසය ඒවා මතට පැමිනි සැනින් ස්වංක්‍රීයව හා නිහඬව ඒවා ධාවනය සදහා සැකසී තිබෙන්නට නියමිත වනු ඇති බවයි. කෙසේ වෙතත් දැනටමත් අත්හදා බැලීමේ මට්ටමින් තොරා ගත් ගිනුම් සමග මෙම පලකිරීම් පසිගිය සති කිහිපය තුල සිදුව ඇති බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.

Yahoo emails ලහිලහියේ පිලිසකර වෙමින් ඇත!!!

  පලවන වාර්ථා පවසන්නේ yahoo mail තුල උද්ගතව ඇති ගැටලුව තවමත් සම්පූර්න ලෙසට විසදා ගන්නට නොහැකිව ඇති බවකි. සතියකට ආසන්න කාලයක් තිස්සේ පවතින මෙම  ගැටලුකාරී බව තොරතුරු ලෝකයේ ආයතනයකින් දු‍ටු වඩාත්ම කල්පැවති දුර්වලතාවයක් ලෙසට දකින බවටයි සමහර විචාරකයින් පවසන්නේ.ගතව දිනෙන් දින භාවිතාකරන්නන්ගේ අවධානයෙන් ගිලිහෙමින් යන ආයතනයක් බවට පත්වන yahoo ආයතනය පිලිබදව ඔවුනගේ කනස්සල්ල පලවෙමින් තිබෙනවා.ආයතනය නිවේදනය කරන්නේ තම සේවක මන්ඩලය ලහි ලහියේ උද්ගතව ඇති තත්වය පාලනය සදහා කටයුතු කරමින් සිටින බවත් හැකි ඉක්මනින් තත්වය යතාබවට ගෙන එන්නට තමන්ට හැකි වනු ඇති බවයි. වැඩි දුරටත් හෙලි වන කරුනු පවසන්නේ සංකීර්න restoration ක්‍රියවලියක් සිදුවෙමින් පවතින අතර භාවිතාකරන්න වෙත ඉදිරි කාලයේ තම messages සුපුරුදු ලෙස ලබා ගන්නට හැකි වනු ඇති බවත්ය.

Windows Phone 8.1 සමග නවාංග කිහිපයක්ම එනු ඇත.....

  Windows Phone 8.1 මයික්‍රසොෆ්ට් ආයතනයේ මොබයිල් දුරකථන මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන යාවත්කාලීනය සමග භාවිතාකරන්නන් බොහෝ කලක් බලාපොරොත්තුවෙන් සිට අංග කිහිපයකින් සමන්විතව පැමිනෙනු ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. 2014 BUILT වලදී නිල ලෙස තොරතුරු හෙලිකරනු ඇති බවට විස්වාස කරන මෙම virtal assistant මෘදුකාංගය දැනට සංකේත නාමය වන Cortana ලෙසට නම්ව ඇති බවටයි පැවසෙන්නේ. මෙම අංගය දැනට භාවිතාවන Google Now නැති නම් iOS වල siri වලට සමාන වනු ඇති අතර භාවිතාකරන්නාගේ වාචික උපදෙස් අනූව ක්‍රියාත්මක වන අංගයක් වනු ඇති බවටයි හෙලි වන්නේ. ඉදිරියේදී මෙහි සංස්කරන windows මෙන්ම Xbox  සදහාද නිකුත්වනු ඇති බවටත් බලාපොරොත්තු පලවනවා.වින්ඩෝස් ෆොන් වලදී මෙම අංගය Bing search හා සැබැදිව ක්‍රියාත්මක වනු ඇති බවට බලාපොරොත්තු පලවන අතර search බටනය ක්‍රියාත්මක කිරීමත් සමග මෙම අංගයද ස්වංක්‍රීයව ක්‍රියාත්මක වනු ඇත.
               notification center අංගය ඔස්සේ පහසුවෙන් app වෙතින් එන සියලු දැනුම්දීම් එක් පියවරකදී දැක ගන්නට හැකි වන අතර භාවිතාකරන්නන් අතර වඩාත් අවධානයක් දිනා ගත් බලාපොරොත්තුවක් ලෙසට කාලයක් තිස්සේ පැවතියකි. දුරකථන තිරයේ ඉහල සිට පහලට long-swipe කිරීමක් ඔස්සේ අවදි කර ගත හැකි වන මෙම පහසුවට අමතරව short-swipe කිරීමක් ඔස්සේ quick setting menu වකට පිවිසීමේ හැකියාවද වනු ඇති බවටයි තොරතුරු පලවන්නේ.මීට අමතරව දුරකථනයේ විවිධ භාවිතාවන් සදහා වෙන් වූ volume control පහසුවක් සමග Bing smart search හැකියාවද ඇතුලු බොහොමයක් අංග පැමිනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.

2013-12-16

ගූගල් භාවිතාකරන්නන්ගේ දත්ත එකතුකිරීම වෙත Dutch අවධානය!!

  Dutch බලධාරීන් පවසන්නේ ගූගල් විසින් ඔවුනගේ සේවාවන් සියල්ල එක් සේවා ජාලයක් ලෙසට එක් කිරීම සමග භාවිතාකරන්නන්හට අහිත කර විය හැකි ආකාරයේ ඔවුනගේ දත්ත ජාලවක්  නිහඬවම ගොඩනැගෙමින් පවතින බවයි. එම බලධාරීන් පවසන්නේ එරට නිතියට අනූව එම ස්වභාවයේ දත්ත ගොඩ නැගීමක් භාවිතාකරන්නා හට නොහැගෙන පරිදි ගොඩ නැගීම නීති විරෝධී කටයුත්තක් වන බවයි. google search , You tube , Gmail ආදී සේවාවන් පසුගිය වසරේ සිට ඒකාබද්ද කරන්නට කටයුතු කල අතර ඒවා අතර භාවිතාකරන්නන්ගේ දත්ත හුවමාරු වීමට හැකිවන පරිදි එම ගිනුම් එකම අවසර පදයක් යටතට ගෙනෙන ලදී.
                          Dutch බලධාරීන් මේ සම්බන්දයෙන් ගූගල් ආයතනයට කතා බහකට කැදවා ඇති අතර නීතිමය දඩුවමකට පෙර එය විසදා ගන්නට බලාපොරොත්තුවෙන බවටයි නිවේදනය වන්නේ. මීට පෙර බ්‍රිතාන්‍ය වෙතින්ද මෙවැනි චෝදනාවක් එල්ල වූ අතර එහිදීද ගූගල් ආයතනයෙන් විමස සිටියේ භාවිතාකරන්නන්ගේ මොන ආකාරයේ දත්ත එකතුකරනවාද යන්නත් ඒවා මින ආකාරයේ කටයුතු සදහා යොදනවාද යන්න ගූගල් ආයතනය හෙලිකලයුතු බවයි.මීට අමතරව යුරෝපියානු රටවල් හතරකින්ද මේ පිලිබදව අවධානය යොමු කරමින් සිටින බවයි වාර්ථා පවසන්නේ. ගූගල් එහිදී නිවේදනය කර සිටියේ තමන් යුරෝ නීතියට අනූව කටයුතු කරන බවටත් භාවිතාකරන්නා හට සරල මෙන්ම කාර්යක්ශම සේවාවන් ලබාදෙන්නට කටයුතු කරන බවයි.

වින්ඩෝස් 8.2 සමග එන Start මෙනුව......

  මේ දිනවල කථා බහට ලක්ව ඇති කාරනා අතර වින්ඩෝස් 8.2 සමග එනු ඇතැයි දැනට ප්‍රකාශ වී ඇති නව UI මුහුනත කෙබදු ආකාරයේ විය හැකිය දන්න කැපී පෙනෙන මාතෘකාවකි.සමහරුන්ට අනූව එය පෙර START මෙනුව ආකාරයේ වනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබුනද තවත සමහර හදාරන්නන් පවසන්නේ එය කිසිසේත්ම පැරනි start මෙනුව ආකාරය නොගත යුතු බවකි. මයික්‍රසොෆ්ට් ආයතනය දෙසින් නොනිලව දැනටමත් පලව ඇති නව මොඩර්න් ඇප්ස් වල සබදතා පවා Destop මුහුනතට ගෙන ඒමේදී එය පැරනි icon වලට ගැලපෙන ආකාරයටවූ මුහුනතට වඩා නවීන පෙනුමකට මෙන්ම ක්‍රියාකාරකමකට නොයෑම දුර්වලතාවයක් ලෙසට සටහන් වනු ඇති බවටයි ඔවුනගේ අදහස වන්නේ.
           මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 8 සමග ගෙනා දෘශ්‍ය වෙනස වින්ඩෝස් 7 වලින් සරල ද්ව්මානී ස්වරූපයක් දෙසට චලනයක් ලෙසට පිලි ගැනෙන අතර එම දෘශ්‍ය බව මතට පැරනි වින්ඩෝස් ස්ටාර්ට් මෙනුව ගෙන ඒම සමස්ථයක් ලෙස මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය ඒකමිතික බවට හානියක් ලෙසට යෝජනා කරමින් සිටින ඔවුන් පවසන්නේ Live Tiles වැනි නව් ප්‍රවනාවන් ඉස්මතුවන මට්ටමේ දෘශ්‍ය මෙන්ම ක්‍රියාකාරීත්වයක් සමග එය පැමිනීම වඩාත් භාවිතාකරන්නන්ගේ සිත්ගන්නා සුලු වනු ඇති බවයි.

ජීමේල් තුල ඇති images ස්වංක්‍රීය විවෘත වීම ඇරබේ!!!!

  වෙබ් අවකාශය තුල ඊමේල් සදහා හිමිවන්නේ ප්‍රධානතම ස්ථනයකි. මුල යුගයවන විට අන්තර්ජාල සදහා පිවිසුනන්ගේ වැඩි ප්‍රථිශතයක් වෙබ් අවකාශය වෙතට ‍රැගෙන එන්නට මූලික වූවේද මෙම ඊමේල භාවිතාව විනි. සෑම යහපත්දේයක් සමගම අයපතක්ද පැමිනීමට ඉඩ ඇති බවට වන අවස්ථාව තහවුරු කරමින් අයහපත් මෘදුකාංග පැතිරීමේදීද ඊමේල් වෙතට වැඩි චෝදනාවක් ලැබිනි. හානිකරයන්ගේ සිට වෙබ් අවකාශය අනවශ්‍ය තදබදයක් කැදවන "ස්පෑම්" භාවිතාව දක්වා වන බොහෝ චෝදනා වෙත ඊමේල් සේවාවන් විවරව ඇතත් එයින් ලැබෙන පහසුව හමුවේ අදටද එම සේවාවන් භාවිතාකරන්නන් අතර ඉහලම භාවිතාවක් හිමි කරගන්නට සමත්ව සිටී.
              ඊමේල් සමග එන සැබැදියාවන්(Link) අවදි කිරීම හානිය පැමිනීමේ අවස්ථාව වඩාත් තීව්‍ර කරන්නකි. ඊමේලයක් ඔස්සේ ඔබව පිලිතුරු සැපයීමට පොලබා ගනිමින් එය සංක්‍රීය බව හදුනා ගන්නා සයිබර් දූෂකයන් "ස්පෑම්" ආකාරයේ අනවශ්‍ය ඊමේල ධාරාවකට ඔබව ගොදුරු කරගන්නවා විය හැකිවා මෙන්ම අනවශ්‍ය විස්වාසකිරීමකට ඔබව පොලබවා ගනිමින් අපහසුතාවයන් වෙතට ඔබව කැදවා ගෙන යන්නටද කටයුතු කල හැකිව ඇත. නමුත් පෙරකී සබදතාවයන්(Link) අවදෛකරවා ගැනීම ඔස්සේ වඩාත් හානිකර අවස්ථාවකට ගෙන යන්නට මෙම පහර දෙන්නන්ට හැකි වන්නේ ඒ ඔස්සේ ඔබව එම ඊමේල් සේවාව සපයන ආයතනයේ සර්වරයෙන් පිටත ඇති සර්වරයක් වෙත යොමු කිරීමට කටයුතු වන අතර හානිකර මෘදුකංග පරිගණකය වෙතට පැමිනීම සදහා එය පහසු අවස්ථාවක් වනු ඇත.
           ගූගල් ආයතනය තම ඊමේල් සේවා තුල ඉමේජ ස්වංක්‍රීයව විවෘත වීමට මේ වන විට කටයුතු කොට ඇති අතර හදාරන්නන් මේ පිලිබදව අදහස් පලකරමින් සිටින දැකිය හැකියි. සාමාන්‍යයෙන් ඊමේල් සේවා සපයන ආයතන ඊමේලයන් ඔස්සේ එන සබදතා(Link) මෙන්ම images ස්වංක්‍රීයව විවෘත වීම වලකා ඇති අතර භාවිතාකරන්නා හට ඒ සදහා අවස්ථාව ලබා දෙන්නේ වඩාත් විස්වාසනීය ඒවා පමනක් විවෘත කරගැනීම ඔස්සේ තමන්ට විය හැකි හානිය අවමතත්වයේ පවත්වාගෙන යාමට සහය වනු පිනිසය. කෙසේ වෙතත් ගූගල් සමාගම පවසන්නේ තම ජීමේල ඔස්සේ පැමිනෙන images ඩෙස්ටොප් පරිගණක ඔස්සේ අවදිවීමේ අවස්ථාව මෙම සතියේ සිට ක්‍රියාත්මක අතර iOS හා Android සදාහා 2014 මුල් භාගයේ සිදුවනු ඇති බවත්ය.ගූගල් ආයතනය සැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ මෙසේ ඊමේල් ඔස්සේ පමිනෙන images තම secure proxy servers ඔස්සේ පැමිනීම සිදුවන බැවින්  භාවිතාකරන්නන් එයින් විය හැකි අනතුරු පිලිබදව බිය කැදවා ගැනීමක් අනවශ්‍ය බවත් අමතර මැදිහත්වීමකින් තොරව ඊමේලයක් සැම්පූර්නයෙන් විවෘත වීම තුලින් ලැබෙන පහසුව හොදින් අත්විඳින්නට අවස්තාවක් ලබා ගත යුතු බවත්ය.කෙසේ වෙතත් මෙම ආරක්ශක පියවරයන් ඔස්සේද භාවිතාකරන්නෙකු තමන් එවූ ඊමේලයන් සංක්‍රීය ගිනිමකට පැමින ඇති බවට එම ඊමේලයන් එවූ පහර දෙන්නන්හට දැන ගැනීම අවස්ථාව ඇති බැවින් අවශ්‍ය අයෙකුට තම ජීමේල් ගිනුම තුල එය අක්‍රිය කර ගන්නට පහත දැක්වෙන පියවරයන් ඔස්සේ හැකි වනු ඇත.
1.Open Gmail.
2.Click the gear icon in the top right.
3.Select Settings.
4.Stay in the General tab.
5.Scroll down to the Images section.
6.Choose "Ask before displaying external images".
7.Click Save Changes at the bottom of the page.

Twitter ඔස්සේ Nearby අත්හදා බැලේ....

  තොරතුරු ලෝකයේ භාවිතාව වඩ වඩාත් නම්‍ය වෙමින් භාවිතාකරන්නාගේ ජීවිත්යේ වඩ වඩාත් අභ්‍යන්තරයට පිවිසෙන්නට කටයුතු කරමින් සිටී. ඒ ඔස්සේ වැඩි සුව පහසුවක් භාවිතා කරන්නා වෙතට ගෙන ඒම සිදුවෙමින් තිබුනද  එල්ලවෙමින් ඇති චෝදනාවක වන්නේ එම ක්‍රියා කාරකම් ඔස්සේ භාවිතාකරන්නන් ගේ තොරතුරු අනවශ්‍යව ලබා ගැනීම සිදුවෙමින් ඇති බවකි.කෙසේ වෙතත් මෘදුකාංග නිර්මානය කරන්නන් අතර වඩාත් ස්වංපාලනයක් මෙන්ම නීතිමය මැදිහත්වීමක් සමග වඩාත් විනයවත් තොරතුරු ලෝකයක් භාවිතාකරන්නන්ගේ බහුතරයකගේ බලාපොරොත්තුව වනු ඇත.
                     Twitter ආයතනය මේ වන විට තම හදුන්වාදෙන  සේවාවක් ලෙසට නම්වන Nearby පහසුව මේ වන විට අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් ගිනුම් ඔස්සේ භාවිතාකරන්නන් වෙතට ලබාදෙමින් සිටින බවටයි නිවේදනය වන්නේ.එම නවසේවාව ඔස්සේ Twitter භාවිතාකරන්නෙකුට තම් ප්‍රදේශයේම වෙසෙන තවත් භාවිතාකරන්නන් පලකිරීම් පිලිබදව යෝජනා වීම සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. සැබැදි ගිනුමක් නොවූවද යෝජනා කිරිමක් ස්වංක්‍රීයව සිදු වීම එහි ස්වභාවයවනු ඇති බවටයි පැවසෙන්නේ.දැනටමත් සමහර භාවිතාකරන්නන් තෙවන පාර්ශවයක මෘදුකාංග පහසුවක් ඇසුරින් අත්විදි මින් ඇති මෙවැනි පහසුවක් ඇති අතර මෙම නව හදුන්වාදීම ඔස්සේ භාවිතාකරන්නෙකුට වඩාත් පහසුවක් ඇති වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පාරිසරික මෙන්ම සමාජීය පොදු ගැටලු අවස්ථාවකදී වඩාත් ප්‍රයෝජන විය හැකි මෙවන් සේවාවක් ඔස්සේ පෞද්ගලිකත්වයේ ගැටලුවක් ගැනද හදාරන්නන්ගේ මතවාද පලවෙමින් තිබෙන බවටයි වැඩි දුරටත් පෙනෙමින් ඇත්තේ.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැටලුව ව්‍යසනයක් විය හැක!!!

  ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙසට මූලිකව ගැනෙන්නේ phones, televisions, laptops හා computers වැනි දෑය. ලොව වේගයෙන් භාවිතයට පැමිනෙමින් ඇති මෙවැනි උපාංග භාවිතය වැඩි වීමත් සමග නිසි ක්‍රම වේදයක් ඔස්සේ ඒවා පාලනයක් සිදු නොවුන හොත් ඉදිරියේදී වඩාත් දරුනු පාරිසරික ප්‍රශනයක් බවට එය පත්වනු ඇති බවකි.එම වාර්ථා පෙනවා දෙන්නේ 2012 වසර සැලකීමේදී ඇමරිකාව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 9.4ක් පරිසරයට එක් කර ඇති බවයි.එය ලෝක මට්ටමේදී පුද්ගලයෙකු ගේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කිරීම් ප්‍රමානය වන 7Kg සමග සැලකීමේදී මහත් වැඩි අගයකි එනම් 30Kg ප්‍රමානයකි.චීනයට පමනක් දෙවැනි වන මෙම පද්‍රව්‍ය බැහැරකිරීම පිලිබදව අවධානය නොකල හොත් 2017 වන විට එය 65.4 ටොන් මිලියන දක්වා ඉඅහලට යනු ඇති බවටයි ගනය වන්නේ.මෙම  බැහැරයන් අතර සංනිවේදන උපකරන හැරුන විට වෛද්‍ය උපකරන , රෙදි සෝදන යන්ත්‍ර මෙන්ම ඉලෙක්ට්‍රොනික ක්‍රිඩා උපාංගද වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.

අසැබි වෙබ් අඩවි පෙරන බ්‍රිතාන්‍ය අගමැති තීර්නය ක්‍රමයෙන් ක්‍රියාවට....

  බ්‍රිතන්‍ය අගමැතිතුමන්ගේ අදහසක් වූවේ අසැබි වෙබ් අඩවි කුඩා දරුවන් සදහා පහසුවෙන් විවෘතව තිබීම පාලනය කිරීම අන්තර්ජාල සේවා සපයන්නන්ගේ (ISP) මට්ටමින් පාලනයට කටයුතු කිරීම වඩාත් වැදගත් වනු ඇති බවයි. එතුමන් ඉල්ලා සිටියේ අන්තර්ජාල සේවා සපයන්නන් තත්වය තේරුම් ගැනීමෙන් මෙම තත්වය පාලනය සදහා ඉදිරි පත්වන්නේනම් එය අනගි කාරනයක් වනු ඇති බවයි. නො ඒසේනම් නීතිමය මැදිහත්වීමක් සූදානම් වන බවයි. පලවන නවතම වාර්ථා පවසන්නේ එරට ප්‍රධාන සේවා සපයන්නන් ක්‍රමයෙන් එම මැදිහත්වීමට කටයුතු කරන්නට සැරසෙමින් සිටින බවයි.BT Broadband සමාගම පවස සිටින්නේ නව සබදතා ලබා ගන්නන් සදහා ඔවුනගේ සම්බන්දතාවය පලමු වරට ක්‍රියාත්මක කිරීමේදීම මුල් ස්වභාවයෙන් අසැබි වෙබ් අඩවි වලක්වමින් ක්‍රියාත්මක වන පෙරනය තවදුරටත් පවත්වාගෙන යනවාද නැතිනම් ක්‍රියාවිරහිත කරනවාද යන්න තීර්නය කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. එම ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ එම පෙරනයන් Strict, Moderate හා Light  ලෙසට වන තේරීම් අවස්ථා තුනකින් වන බවත් එම අවස්ථා තවදුරටත් දවසේ කාල වේලාවන් අනූව සකසා ගත හැකි බවත්ය.වැඩි දුරටත් එම සැකසුම් වල වෙනසක් ඇති වන විට ඊමේලයක් නිකුත්වන ආකාරයට පවා සකසා ගනිමින් මෙම ක්‍රියාත්මක කිරීම වඩාත්සංවේදී මට්ටමකින් පවතවාගෙන යන්නට තමන් කටයුතු කොට ඇති බවටයි පවසා සිටින්නේ.

2013-12-14

Steam OS වල පලමු බීටාව නිකුත්වෙයි!!

  පසුගිය දිනවල පොරොන්දු වූ පරිදි Valve ආයතනය මේ වන විට Steam OS හි පලමු Public Beta සංස්කරනය නිකුත්කොට ඇති බවටයි නිවේදනය වන්නේ. භාවිතාකරන්නාගේ නිවසේ විසිත්ත කාබරය ඉලක්ක කොට ගෙන නිකුත්වන Linux මූලික පරිගණක ක්‍රීඩා සදහා මිත්‍ර මෙම මෙහෙයුම් පද්ධතිය විවෘත ගනයේ එකක් ලෙසටයි ශ්‍රේනිගතව ඇත්තේ. Debian Linux software මූලිකව නිර්මානය කර ඇති මෙම මෘදුකාංගය  Linux-based Steam games ධාවනයට අමතරව  Linux applications සදහාද සහය දක්වනු ඇති බවටයි පැවසෙන්නේ. මෙහි ධාවනය සදහා intel හා AMD වල 64bit ප්‍රොසෙසරයක් සමග 4GB තාවකාලික මතකයක්, 500GB ගබඩා හැකියාවක් USB සබදතාවයක් මූලිකව අවශ්‍ය වනු ඇති බවටයි සටහන් වන්නේ. කෙසේ වෙතත් එම ආයතනය අවධාරනය කරන්නේ මෙම පලමු සංස්කරනය ස්ථාපනය සදහා වඩාත් පලපුරුදු භවිතාකරන්නන් සදහා වඩාත් උචිතවනු ඇති බවයි. මෙහි අවසන් සංස්කරනයක් එලබෙන වසර තුලදී පැමිනීමට ඉඩ ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ.

වෙබ් භාවිතාවෙන් 61.5%ක් සැබෑ මිනිසුන් නොවේ!!!!

 වෙබ් අවකාශය තුල වැඩි භාවිතාවක් වන්නේ සැබෑ මිනිසුන්ට වඩා "Bot" ආකාරයේ නැතිනම් ආසාධිත පරිගණකක වලින් සුසැදී ජාල ඔස්සේ ක්‍රියාත්මක වන යාන්ත්‍රන වන බවටයි පලවන නවතම වාර්ථා පවස සිටින්නේ. එම වාර්ථා වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ 2011 වසරේ මාර්තු වන විට 51%ක් ව පැවති එම Bot ආකාරයේ ජාලවිසින් අන්තර්ජාලය මත හැසිරීම මේ වන විට 61.5% තරම් ඉහල අගයකට පැමින ඇති බවයි.තවත්වය වඩාත් පැහැදිලි කරනවා නම්  2012 වසර වන විට වෙබ් අඩවි වෙත යන එන සැබෑ මිනිස් භාවිතකරන්නන් සංක්‍යාව 49% ක ප්‍රථිශතයක් තිබුනද මෙවන විට එය 38.5% වඩාත් අඩු තත්වයකට අවමව පවතින බවයි.ඔවුන්ගේ මෙම හැදෑරීමට වෙබ් අඩවි 20000ක් දින 90ක් තිස්සේ යොදා ගත් බවටයි පවසා සිටින්නේ.වෙබ් සැරීම් අවකාශයේ 31% පමනක් Google ,Bing හා අනෙකුත් යහපත් මට්ටමේ භාවිතාවන් ගෙන් සිදුවන බවට හා 30.5% හානිකර පැතිරවීමේ , භාවිතාකරන්නන්ගේ තොරතුරු පැහැර ගැනීම වැනි හානිකර Bot ජාලා ක්‍රියාකාරකම් වමින් පිරී ඇති බවටයි ඒ අනූව පිලිගැනෙන්නේ.කෙසේ වෙතත් Spam ආකාරයේ අන්තර්ජාල මතවූ භාවිතාව 75% කින් අඩුව පවතින බවත් ගූගල් ඇල්ගොරිතමයන් තුල ස්වංක්‍රීයව ක්‍රියත්මක වන සබදතා අවම වන ලෙසට සැකසුම් පැමිනීම එයට හේතුව විය හැකි බවටයි ඔවුන් පෙනවා දෙන්නේ.

2013-12-13

ස්ටීව් ජොබ්ස් නම් සිදුවීම හා නාට්‍ය වෙදිකාවක් වගේ අතිමානනීය උපකරනයක අවශ්‍ය බව.....

  'ඒක ටිකක් සංකීර්න කාරනාවක්. මම කැමතියි ඒ අපූර්ව සිදුවීම මේ විදිහට පැහැදිලි කරන්න. ජීවවිද්‍යාත්මක පෙකනිවැල සමාජවිද්‍යත්මකව සිදුවෙන අසම්මත විච්ඡේදනය මිනිසෙකු තුල ඇති කරන වියරුමය මුත් නිර්මණාත්මක මානසික සුලිසුලග සමාජය මත්තෙන් ධනාත්මකව ගලායාමේ  විරල මුත් තවත් එක් අපූරු සිද්දියක ප්‍රථිපලයක්  මිහිමත මිනිස් වර්ගයාගේ කථාන්දරයේ දිලිසෙන ලෙසට සටහන් වීම ඇපල් නොහොත් ස්ටීව් ජොබ්ස් කියල අර්ථ දක්වන්න.ඈතක ඉදල අපිට පුලුවන්නම් ඒ සමස්ථ සිද්ධිය දකින්න ඒක හරියට අකුනක් නැතිනම් සුලි කුනා‍ටුවක් වගේ සියල්ල උඩු යටිකුරු කරපු සටහනක්. ඇත්තට හරිම අමාරුයි ඒ සිද්ධිය මිනිස් වචන වලින් නැවත ප්‍රථිනිර්මානය කරන්න. කෙනෙකුට ටිකක් හරි වඩාත් පැහැදිලිව ඒක ප්‍රථිනිර්මානය කරල පෙන්නන්නම් අනිවාර්යෙන්ම හුරුපුරුදුකල වින්දනයක් ඇති ප්‍රේක්ශක පිරිසක් සමග නාට්‍ය වේදිකාවක් වගේ අතිමානනිය උපකරනයක් අවශ්‍ය වේවි'

2014 World Cup පහර දෙන්නන්ගේ ප්‍රධාන ඉලක්කයක් වේවි!!!

  ඇතිවන තද බදය  සැබෑ ලෝකයේදීද් අකටයුතුකම් කරන්නන්ගේ පහසු අවකාශයක් වීම අප අත් දකින්නකි. මයික්‍රසොෆ්ට් සමාගම එලබෙන වසරේ ඇතිවිය හැකි සයිබර් පහරදීම් පිලිබදව නිකුත්කරන පෙර වාර්ථාවේදීද 2014 World Cup පිලිබදව වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඒ නිසා විය යුතුය.ඔවුන් පවසන්නේ දැනටමත ඒ සදහා ටිකට් පත් අලවිය ඇරබී ඇති අතර පහර දෙන්නන්ද ව්‍යාජ අඩවි අන්තර්ජාලයට් මුදා හරිමින් එම ලොලයන්ගේ පෞද්ගලික තොරතුරු ‍රැස් කර ගැනීම සදහා ක්‍රියාත්මක වෙමින් සිටින බවයි. භාවිතාකරන්නන්ගේ තොරතුරු ලබා ගැනීම මගින්  theft හා bank fraud ආකාරයේ පහරදීම් මෙන්ම මැල්වෙයාර් එම පරිගණකවලට ස්ථාපනයට ඔවුන් තැත්දරමින් සිටිනු හැකි බවට අනතුරු අගවා සිටිනවා.එසේම එලබෙන 2014 කාලය "ransomware" ආකාරයේ පහර දීම් වල බහුල වීමක් පිලිබදවද අනතුරු අගවන්නට කටයුතු කරනවා. පරිගණකයක හානිකරයන් රදවා ඒවා ඉවත්කිරීම සදහා හිමිකරුවන්ගෙන් මුදල් ඉල්ලා සිටීම එහිදී සිදුවන අතර එම පරිගණක්යේ මෘදුකාංග පහසුකම් වලින් කොටසක් හෝ සම්පූර්නයෙන් භාවිතයට් අවහිර කිරීම් ඉවත්කිරීම් සදහා මෙම තර්ජනය පහදෙන්නන් විසින් කරනු ලබනවා. බොහෝ විටම එම පහදෙන්නන් වෙත මුදල් ගෙව්වද නොගෙවා සිටියද පරිගණකයය ප්‍රකෘතිතත්වයට පත්නොවීම එහිදී බහුලව අසන්නට ලැබෙන අත්දැකීම වනවා.සුපුරුදු ලෙසටම ඔවුන් භාවිතාකරන්නන් සදහා උපදෙස් දෙන්නේ නිතරම තම මෘදුකාංග යාවත්කාලීනව තබා ගැනීමත් මෘදුකාංග නිර්මාන කරන්නන් වඩාත් ඒවායේ ආරක්ශාව පිලිබදව සැලකීමත් වැදගත් වනු ඇති බවකි.

2013-12-12

Yahoo.mail අපහසුතාවය වේගයෙන් විසදමි සිටින බවට යාහූ ආයතනය පවසයි!!!!

  යාහු පවසන්නේ සමහර භාවිතාකරන්නන් වෙත බල පාමින් ඇති Yahoo Mail භාවිතයට අපහසු වීමේ ගැටලුව කෙරෙහි තම ආයතනයේ දැඩි අවධානයට ලක්ව ඇති බවත් දැනට හදුනා ගෙන ඇති ආකාරයට දෘඩාංගමය ගැටලුව තාක්ශනවේදීන් අතින් සැකසෙමින්ද ඇති බවයි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ දින කිහිපයකට පෙර ගැටලුව ආරම්භයේදී අපහසුතාවයට පත්ව සිටි භාවිතාකරන්නන්ගෙන් සැහෙන පිරිසක් සදහා මේ වන විට තම සේවය භාවිතාකිරීමේ හැකියාව ඇති මුත් තවමත් ගැටලුව බල පැවැත්වෙමින් ඇති භාවිතාකරන්නන් වෙනුවෙන් කටයුතු කරමින් ඇති බවකි.කලකට ඉහතදී ඊමේල භාවිතාවේ යෝධ කාර්යභාරයක් ඉ‍ටුකරමින් සිටි යාහූ ආයතනය මේ වන විට මහත් පසු බෑවුමකට ලක්ව ඇති අතර Outlook හා Google වෙතට අවධානය දිනා ගෙන සිටින තම භාවිතා නැවත කැදවා ගැනීම සදහා විශාල උත්සාහයක සි‍ටුනු දක්නට හැකිය.තම අභ්‍යන්තර සේවක පිරිස වෙතට පවා තවමත් ආයතනයේ ඊමේල් සේවාව ගැන ගිලිහී ගොස් ඇති විස්වාසය සතු‍ටු විය හැකි මට්ටමකට ගෙන ඒමට නොහැකි වී ඇති බවටයි පලවන වාර්ථා පවසා සිටින්නේ.

මයික්‍රසොෆ්ට් Outlook වෙතට Gmail වෙතින් පැමිනෙන්නන්ට වඩාත් පහසු කරයි!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම හා ගූග්ල ආයතයතයන් අතර e-Mail සේවාවන් වෙත භාවිතාකරන්නන් කැදවා ගැනීම සදහා ඇත්තේ මහත් තරගයකි. මයික්‍රසොෆ්ට් සමාගම Gmail වෙතට කරන බරපතලම චෝදනාවක් වන්නේ ඔවුන් තම භාවිතාකරන්නන්ගේ ඊමේල වෙතට අනවසර එබී බැලීම් කරන බවටයි. මයික්‍රසොෆ්ට් ආයතනය මීට අමතරව Gmail වෙතින් තම Outlook.com ඊමේල් සේවාව වෙත එන්නන් සදහා වඩාත් පහසුවෙන් පිවිසීමට පහසුකම් සහිත බවක් නිකුත්කරනු ලැබුවා.මිලියන 400යක භාවිතාකරන්නන් පිරිසක් තමන්ගේ සේවාව වෙත සිටින බව පවසන මයික්‍රසොෆ්ට් සමාගම නැවත වරක් පවසා සිටින්නේ Gmail වෙතින් තම Outlook.com වෙතට පැමිනෙන්නන් සදහා දැන් වඩාත් පහසුකම් ලබා දෙන්නට තමන් සූදානම් බවකි. තම Outlook ගිනුම සදහා Gmail ගිනුමෙන් දැන් පහසුවෙන් ඊමේල පිටපත් කරගන්න හැකිවන අතර ඉදිරියේ gmail වෙට එන ඊමේල් පවා Outlook වෙතට ස්වංක්‍රීයව ලබා ගන්න අවශ්‍ය සැකසුම්ද දැන් පහසුවෙන් ලබා ගන්නට හැකි වන බවටයි ඔවුන් ඔරකාශ කර සිටින්නේ.දැනටමත් Outlook ගිනුමක් ඇති අය සදහා start හෝ go to තේරීම ඔස්සේ එම ක්‍රියාවලීන් ඇරබිය හැකි වන අතර පියවරෙන් පියවර ඒ සදහා සහය ලැබෙනු ඇති බවටයි මයික්‍රසොෆ්ට් පවසන්නේ.

XboxOne අළවිය මිලියන 2 ඉක්මවයි!!

  මයික්‍රසොෆ්ට් සමාගම පවසා සිටින්නේ තමන් තම නව නිකුතුවක් වන XboxOne උකකරනයේ අළවි ප්‍රගතිය  ඉතා හොඳ මට්ටමක පවතින බවකි. නිකුතුව සිදුවී දින 18 තුලදී උපකරන මිලියන දෙකක් ඉක්මවා ඇති බවටයි ඔවුන් හෙලි කොට සිටින්නේ.මයික්‍රසොෆ්ට් ආයතනය තම නව කොන්සෝල සංස්කරනය වඩාත් නම්‍ය පරිගණක ක්‍රීඩා ආශ්‍රිත නොවන පහසුකම් වලින්ද සමන්විත කරවන්නට කටයුතු කොට තිබූ අතර ඒවා ව්තර Kinect  මෙන්ම රූපවාහිනී හැකියාව වෙබ් අවකාශයට පිවිසීමේ හැකියාව ආදිය කැපී පෙනිනි.Amazon වෙතින්ද පැවසෙන්නේ සැම විනාඩියකදීම මෙම Consoles අලවිය දහස ඉක්මවමින් ඇති බවයි. ඩොලර් 499ක මිලැති මෙම අලවි වේගය ගැන එම ආයතනයද තම ප්‍රසාධය පල කොට සිටිනවා. සෝනි ආයතනයද තම ගේම් කොන්සෝලය නිකුත්කරන්නට කටයුතු කල අතර මේ වන විට එම ආයතනයන් දෙකම තම අලවීන් අතර කරට කර සිටින බවටයි ගනනය වෙමින් ඇත්තේ.

"Windows vista මා අතින් සිදුවූ විශාලතම දුර්වලතාවයයි" Steve Ballmer පවසයි

  Steve Ballmer විසින් මයික්‍රසොෆ්ට් ආයතනයේ CEO ලෙසට පැවැත්වෙන අවසාන මාධ්‍ය හමුව ලෙසට විස්වාස කෙරෙන හමුවක් පසුගියදා පැවති අතර එහිදී තම අදහස් දක්වමින් සමුගැනීමට දින නියමව සිටින එම මහතාපවසා සිටියේ තමන්ගේ නිලකාලය තුල තනි සිදුවීමක් ලෙසට සැලකෙන සිදුවීම් අතරින් වින්ඩෝස් XP වලට පසුව 2007 සිදුවූ Vista නිකුතුව විශාලතම වැරදීම ලෙසට තමන් සලකන බවකි. එහිදී ඔහු පවසා සිටියේ එය වසර පහක, හයක  කැපවීමක නිර්මානයක් වූ  බවත් අනතුරුව එහි වූ දුර්වලතා නැවත සකස් කිරීමක් සිදු කරන්නට කටයුතු කල අතර එම සැකසීම් වල අවසාන ප්‍රථිපලය වින්ඩෝස් 7 ලෙසට නම් වන බවත්ය.
                             මීට අමතරව  Xbox  පිලිබදවද අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ එම අංශයේ වූ වෙළඳ පොලෙන් සිදුවෙමින් තිබූ අනවධානය යම් ප්‍රමානයකට  XboxOne ඔස්සේ විසදා ගන්නට තම ආයතනයට හැකිව ඇති බවත් ඒ පිලිබදව තමන් සතුටට පත්වන බවත්ය.2008දී සිදුවූ Yahoo වෙබ් අඩවිය හා සම්බන්ද කාරනාවේදී එම ආයතනය මිලඳී නොගන්නට තමන් ගත් තීර්නය වඩාත් නිවැරදි බවට අදවන විට ඔප්පුවී ඇති බවත්ය.

Facebook නව වෙනස්කම් සාර්ථක බව පවසයි!!!

  Facebook පවසා සිටින්නේ තමන් විසින් පසුගිය නොවැම්බරයේ පවසා සිටි පරිදි තම අඩවිය මතවන ගිනුමක සම්බන්දයෙන් යම් වෙබ් අඩවියක වන "Like" හා "Share" කිරීම් සදහා ලබ දුන් බටනයන්ගේ නව පෙනුමක් සහිත හදුන්වාදීම මේ වන විට සියලුම භාවිතා කරන්නන් වෙත මුදා හැරීම සිදුව අවසන් බවයි. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ නව පෙනුම ඔස්සේ වැඩි අවධානයක් එම බටනයන් වෙතට ලැබි ඇති බවට තමන් දකින බවත් වෙබ් අඩවි වෙත යනෙන්නන් අතරින් එම බටනයන් භාවිතය වැඩි වීමක් දක්නට ඇති බවත්ය. මීට අමතරව එම ආයතනය පසු ගිය කාලයේ සිට මුදා හල තවත් පහසුවක් වූ "embedded posts" පහසුව සදහාද වැඩි දියුනු කිරීමක් නිකුත්කොට ඇති අතර ඒ අනූව භාවිතාකරන්නෙකුට pixels 330 සිට 750 දක්වා වැඩි පරාසයකදී තම පල කිරීම් වෙබ් අඩවියක් මත embed කිරීමට හැකි වනු ඇති බවයි.  ෆේස්බුක් ආයතනය වැඩි දුරටත් පවසන්නේ තම අඩවියෙන් භාහිර අඩවි වෙතට යන්නන් පසුගිය මාසය ගැන පමනක් සැලකීමේදී පවා 47%ක ඉහල යාමක් දක්නට හැකිවූ  බවය. එම සංක්‍යාව සාමන්‍යයෙන් වසරින් වසර 170%ක ඉහල යාමක දක්නට ලැබෙන බවටයි එහිදී වැඩි දිරටර්ග් එම ආයතනය පවසා සිටින්නේ.

2013-12-11

නුදුරු අනාගතයේදීම ඇපල් හා මයික්‍රසොෆ්ට් එකි නෙක යාවනු ඇත.(හදාරන්නෙක් පවසයි)

  සාමන්‍ය අර්ථයේදී ව්‍යාපාරිකයා අර්ථ දැක්වෙන්නේ මද අඩු අර්ථයකින් වීම සුලබව සිදුවන්නෙකි. ලාභය පලමු අරමුන දෙවන අරමුන ලෙසට නොව සම්පූර්න අරමුන ලෙසට වන විට ඔහු දෙස එවැනි අර්ථයක් ලැබීම අරුමක්ද නොවනු ඇත. ඉදහිට ව්‍යාපාරික පදනම මත වුවද ක්‍රියාත්මක වෙමින් මිනිස් වර්ගයාගේ ජීවන රටාව සැලකිය යුතු ලෙසට වෙනස් කරන්නට සමත් ව්‍යාපාරිකයන්ද නැතිවාම නොවේ. ඔවූහු ලබන ලාබය නැවත නැවතත් වඩ වඩාත් කාර්යක්ශම සිත්ගන්නා සුලු නිෂ්පාදනයන් සදහා යෙදවන අර්ථමත ක්‍රියාත්මක වෙමින් නැවත නැවතත් සමාජය මතටම එවීම ඔවුනගේ ව්‍යාපාරික දැක්මවීම ඒවායේ කැපී පෙනෙන ලක්ෂන වන්නේය. ස්ටීව් ජොබ්ස් , බිල් ගේට්ස් එවනි මෑත කාලීනව අප දකින මිනිසුන්ය. ඔවූහු හුදු ධන කුවේරයන් වනවාට වඩා  අර්ථයකින් තම ව්‍යාපාර දකින්නෝ වූ බව හදාරන්නන්ගේ මතයයි.
                                                 ඇපල් ආයතනය මෙන්ම මයික්‍රසොෆ්ට් ආයතනය අප ජීවිත වලට ගෙන එනු ලැබූ වෙනස සුලු ප‍ටු නොවන බව පිලිගත් මට්ටමේ හදාරන්නන් පවා කොන්දේසි විරහිතව එකග වන කාරනයකි.කාලයත් සමග මයික්‍රසොෆ්ට් සමාගම තමන් මෘදුකාංග සමාගමක් ලෙසට පමනක් වූ සීමාව ඉක්මවා යමින් සේවා හා භාන්ඩ සමාගමක් දෙසට චලනය වීම මේ වන විට ඇරබී ඇත. වඩාත් හුරුබුහුටි වෙමින් ඇති තොරතුරු ලෝකයේ භාවිතාවන් සමග සමාන්තරව ගමන් කරන්නට නම් එවැනි වේනස් කමක් අත්‍ය අවශ්‍ය බව ඔවුන් පිලි ගනිමින් සිටී.ආරම්භයේදී අන්‍ය ඔන්‍ය සහයෝගයෙන් ඇරබි ගමන්මග පසු කාලීනව වෙන වෙනම යන්නක් බවට පත්වුවද දෙවන තලයේ මද විරසකයන් පලවන අවස්ථාවද විරලම නොවූ ගමන් මගක එම ආයතන දෙක ගමන් කරමින් සිටියද පදනම් තලයේදී වෙන කිසිම සමගම් සමග වූවාට වඩා සමීප බවක් හදාරන්නන් පෙන්වා දෙමින් සිටී.
              හදාරන්නෙක් මෑතකාලීනව පලකල මතයක් වූවේ ඉදිරි වසර පහ හෝ හය ඇතුලත මෙම අයතන දෙක එකි නෙක යාවීම සිදුවනු ඇති බවය. ඔහු යෝජනා කරන්නේ Google, Android, facebook වැනි සේවා ඔස්සේ ගොඩ නැගෙමින් ඇති නව අවකාශයේ තම ස්ථාවර ‍රැක ගන්නට මෙම පියවර අත්‍ය අවශ්‍ය වනු ඇති බවය.ඔවුන්ගේ උපාංග හා මෘදුකාංග තලයන්ගේ යාවීම ඔස්සේ වඩාත් ආරක්ශිත, පුලුල් දත්ත අවකාශයක් භාවිතාකරන්නා වෙතට පැමිනීම භාවිතාකරන්නන් දෙසින් ලබන ඉමහත් සහනයක් වනු ඇති බවටයි එම හදාරන්නා  පවසා සිටින්නේ.

Firefox 26.0

  මොසිල්ලා ෆයර් ෆොක්ස් යනු වඩාත්ම සම්පූර්න  අංගයන්ගෙන් සමන්විත වෙබ් බ්‍රවුසරයක් ලෙසට පිලිගැනේ. Pop-up මෙනු බාදාකර දැමීමේ හැකියාව , ටැබ් බ්‍රවුසින් සේම ගූගල් සර්ච් පහසුව අඩංගුව පැමිනීම පමනක් නොව භාවිතාකරන්නෙකුට වඩාත් වැදගත් විය හැකි Privacy Control හැකියාව වඩාත් පහසු වෙන් සකසා ගැනීමේ හැකියාව භාවිතාකරන් නන්ගේ සිත් ගත් අංගයන් ලෙසට දැක්වේ.එයට අමතරවද ඔබගේ Online භාවිතාවන් වඩාත් කාර්යක්ශම කර ගන්නට සහය වන අංග බොහොමයකින් සමන්විත වන අතර ඒවා අතර  smart location bar , Gecko platform වැනි පහසුකම් සමග වඩාත් වේගවත් මෙන්ම වඩාත් පෞද්ගලික සෙයුම් ප්‍රථිපල ගෙන ඒමේ හැකියාවද වැඩි දියුනු කර ඇති ආරක්ශක පහසුකම් ඔස්සේ ලබාගන්නට පමනක් නොව භාවිතාකරන්නාගේ රුචි අරුචිකම් සමග අමතරව එක් කරගත හැකි add-ons 5000ක් වන බවටයි පැවසෙන්නේ.මෙම සංස්කරනය එම මෘදුකාංගයේ නවීනතම සංස්කරනයයි.

VLC Media Player 2.1.2

  VLC ප්ලේයරය යනු භාවිතාකරන්නන් අතර තවත් ජනංප්‍රියතම මීඩියා මෘදුකාංගයක් ලෙසට පිලිගැනෙන ප්ලේයර මෘදුකංගයකි. Audio මෙන්ම Video වල බොහොමයක් Format සමග සහයෝගයෙන් කටයුතු කරන්නට හැකි මෙම  මෘදුකාංගය  streaming protocols හැකියාවෙන්ද යුක්ත බවටයි ප්‍රකාශ වන්නේ.මෘදුකාංගය සමග පැමිනෙන පහසුකම් වලට අමතරව අවශ්‍ය අයෙකුට අමතර codecs ස්ථාපනය කර ගැනීම ඔස්සේ අමතර ගොනු වර්ග සදහා සහය දැක්වීම්ද ලබාගන්නට හැකි වන පහසුකම්ද සහිතව පැමිනෙන අතර සමහර ප්‍රකට මීඩියා මෘදුකාංග සමග නොමැති අමතර පහසුකම්ද සමග හදුනා ගෙන තිබූ දුර්වලතා පිලිසකර කිරීම්  මෙන්ම නව පහසුකම්ද සමග මෙම නව සංස්කරනය නිකුත්කොට ඇති බවටයි නිවේදනය වන්නේ.

මයික්‍රසොෆ්ට් සමග නව ආකාරයේ panoramic අත් දැකීමකට..

  මයික්‍රසොෆ්ට් සමාගම තම Photosynth ආකාරයේ අත්දැකීමක් භාවිතාකරන්නන් හට ලබදෙන්නට සමත් මෘදුකාංගයක් දියුනු කිරීමේ ක්‍රියාවලියේ තවත් නිකුතුවක් මේ වන විට සිදුකොට තිබෙනවා. 2D ආකාරයේ ඡායාරූ කිහිපයක් ඇසුරින් වඩාත් අපූරු panoramic අත් දැකීමක් ගෙනෙන්නට සමත් මෙම මෘදුකාංගයේ තෙවන පරම්පරාවේ පෙර සංස්කරනයක් නව අංග කිහිපයක් සමග නිකුත්කොට ඇති බවටයි නිවේදනය වන්නේ.
                       ආයතනය පවසන්නේ සාමන්‍ය අක්ශක 360ක් පුරා දිවෙන සාමාන්‍ය panorama mode අත්දැකීමට අමතරව නරබන්නා ඡායාරූ අතරින් ඇවිදයන විට ලැබෙනවාට සමාන අත්දැකීමක් මෙන්ම නරබන්නාට sliding  ආකාරයේ අත්දැකීමක් ගෙනෙන ආකාරයට වන නව දියුනු කිරීම් කිහිපයකින්ද සමන්විත වන බවටයි පවසා සිටින්නේ.ආයතනය පවසන්නේ එම වෙබ් අඩවිය වෙතට ඡායාරූ upload කිරීමෙන් එම අත්දැකීම ලැබෙන නිමැවුමක් ලබා ගන්නට හැකි අතර එම නිමැවුම Facebook , Twitter  මෙන්ම වෙබ් අඩවියක් ඔස්සේද අනෙකුන් සමග බෙදා හදා ගැනීමේ හැකියාව පවතින බවටයි පවසා සිටින්නේ.

Phone 8 Skype app සදහා නව සංස්කරනයක්!!

  මයික්‍රසොෆ්ට් සමාගම තම Skype සදහාවන වින්ඩෝස් ෆෝන් 8 app මෘදුකාංගයේ නව සංස්කරනයක් නිකුත්කරන්නට මේ වන විට කටයුතු කොට තිබෙනවා. නව අංග කිහිපයක්ද සහිතව එන මෙම නව සංස්කරනය 2.13 ලෙසට දැක්වෙනු ඇති බවටයි  නිවේදනය වන්නේ. ඒව අතර chat maessage වල copy and paste  හැකියාව , මෘදුකාංගය වෙගයෙන් අවදිවීමේ හා ක්‍රියාත්මක වීම මෙන්ම වැඩි සුපැහැදිලි බව දක්වා සිටිනවා.ආයතනය් වින්ඩෝස් ෆෝන් 7 සදහා වන ඇප් සංස්කරනය වෙත සහය දැක්වීම මේ වන විට අවසන් කොට ඇති අතර වින්ඩෝස් ෆෝන් 8.1 සංස්කරනය 2014ට නියමිතව ඇති අතර එහිදී වඩාත් සිත් ගන්නා සුලු නවාංග කිහිපයක් සමග එනු ඇති බවටයි බලාපොරොත්තු පලකොට සිටින්නේ.

Windows 8.2 යාවත්කාලීනයක් 2014දී????

  මයික්‍රසොෆ්ට් සමාගම ප්‍රධාන මට්ටමේ කිසිදු නිකුතුවකට 2014 තුලට සැලසුමක් නොමැති බවටයි වින්ඩෝස් 8.1 නිකුතුවත් සමග පලවන වාර්ථා පවසා සිටියේ. මෑතකදී පලවන තොරතුරු වලින් පැහැදිලි කර සිටියේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන යාවත්කලීනය 2015 දී සිදුවනු ඇති බවත් එය මේ වන විට ආයතනය තුල “Threshold” නම් සංකේථ නාමයෙන් සංවර්ධනය වෙමින් ඇති බවකි.එම නොනිල තොරතුරු අතරට  එක්වන නවතම තොරතුරක් පවසන්නේ වින්ඩෝස් සදහා වන මීලග ප්‍රධාන යාවත්කාලීනය 2014 තුලට මේ වන විට සැලසුම් වෙමින් ඇති බවකි.වින්ඩෝස් 8.2 ලෙසට නම්ව වේගවත් කර ඇති මයික්‍රසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා යාවත්කාලීන නිකුත්කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ සිදුවනු ඇති බවටයි එම තොරතුර පවසා සිටින්නේ.එම යාවත්කාලීනයත් සමග හිරි පුරුදු සම්පූර්න Start බටනයේ නැවත පැමීනීම හා Modern app පැරනි හුරු පුරුදු ඩෙස්ටොප් මුහුනත මතද ධාවනය වීමේ හැකියාව ඇතුලු අංග කිහිපයකින් සමන්විත වනු ඇති බවටයි වැඩි දුරටත් සදහන් වන්නේ. Windows Phone අදහා Blue සංස්කරනය පැමිනීමද 2014ට නියමිතව ඇති අතර එය සදහා වන වින්ඩෝස් Threshold නිකුතුව 2015 දී පමන බලාපොරොත්තුවිය හැකි බවටයි වැඩි දුරටත් සදහන් වන්නේ.

2013-12-10

so.cl සමාජ ජාලය සදහා iOS හා Android සදහා app නිකුත්වේ!!!!

  නෙක ආකාර ගත් සමාජ ජාලා බොහොමයක් ඇත.ඒවා අතරින් Facebook,Google Plus, Twitter, LinkedIn, Pinterest, Instagram  බෙහෙවින්ම සදහන් වන සමාජ ජාලාවන් ලෙසට පිලිගැනේ. මයික්‍රසොෆ්ට් සමාගමද 2011 දී පමන තම සමාජජාලාවක් හදුන්වා දෙන්නට කටයුතු කරන ලදී.එම ප්‍රසිද්ධ නිකුතුවත් සමග එය සො.ච්ල් ලෙසට නම් වූ අතර  එය මයික්‍රසොෆ්ට්  පර්යේක්ෂන අංශය යටතේ එන FUSE Labs  වෙතින් සිදුවූ නිකුතුවක් ලෙසටයි නිවේදනය වූවේ. මෙතෙක් එම සමාජ ජාලය භාවිතාව සදහා බ්‍රවුසරයක් ඔස්සේ පමනක් ඉඩ තිබුනු අතර මයික්‍රසොෆ්ට් වෙතින් වන නිවේදයක් පවසන්නේ මේ වන විට එම සේවාව ios හා Android app ලෙසට භාවිතාකරන්නට හැකිවන බවයි.Bing යාන්ත්‍රනය සතුව ඇති තොරතුරු භාවිතාකරන්නන් අතර විවිධ හැඩ තල යටතේ යලි යලිත් විසුරවාලීම මූලික කරගත් අරමුනකින් ක්‍රියාත්මක වන මෙම සමාජ ජාලය වෙත මේ වන විට සම්බන්දව ඇති භාවිතාකරන්නන් ප්‍රමානය තවමත් මයික්‍රසොෆ්ට් සමාගම හෙලි කොට නැති වුවද නව පියවරත් සමග නව භාවිතාකරන්නන් විශාල පිරිසකගේ අවධානය එම සමාජ ජාලය වෙතට ලැබෙනු ඇති බවටයි ඔවුනගේ බලපොරොත්තුව වන්නේ.

Flash Player වල නවතම සංස්කරනයක් නිකුත්වේ!!!!

  ඔබගේ පරිගණකයේ වඩාත්ම යාවත්කාලීනව තබා ගත යුතු මෘදුකාංග අතර Flash Player මෘදුකාංගයට ලැබෙන්නේ ඉහලම තැනකි. මෘදුකාංග පහර දෙන්නන්ගේ පලමු තේරීම් අතර ඇති බහුලතම භාවිතාවක් සහිත මෘදුකාංගයක් ලෙසට සැලකෙන මෙය සියලුම පාහේ මෙහෙයුම් පද්ධති සමග මෙන්ම මොබයිල් හා ඩිවයිස් අතරද අනිවාර්යෙන්ම භාවිතාවන්නන්ලෙසට සැලකිය හැකි තරම්ය.ලොව පුරා මිලියන 750ක් පමන අන්තර්ජාලයට සම්බන්දිත දත්ත උපාංග අතර භාවිතාවක් ඇති මෙය භාවිතකරන්නාගේ Digital ජීවිතය වඩාත් වර්නවත් කරන්නට නිරන්තරයෙන් සහභාගී වන්නකි.එම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන සබදතා ඔස්සේ ඔබටද බාගතකර ගැනීමේ හැකියාව ඇත.
(Firefox, Safari, Opera)
(Internet Explorer)

Google Map වෙතට ඔබගේම street view එකතුකිරීමට දැන් හැකිය!!

 අති සරල මට්ටමින් සැලකීමේදී පවා ගූගල් මැප් යනු Digital භාවිතාව තුල භාවිතාකරන්නෙකු සදහා ගෙනෙන සහය අසීමිතය. සේවාවක් වඩාත් සාර්ථක වන්නට නම් වඩ වඩාත් භාවිතාකරන්නෙකුට සමීප සේවාවක් බවට එය පත්කල යුතුය.ගූගල් ආයතනය නිවේදනය කරන්නේ තම Google Map සේවාව තුල භාවිතාකරන්නෙකුටද street view  එකක නිර්මානය කර ගැනීමේ පහසුවක් ලබා දෙන්නට කටයුතු කර මින් සිටින බවකි.සංකීර්න තාක්ශනික සහයක් සමග ගොඩ නැගෙන එම street view අංගය භාවිතාකරන්නෙකුට අපහසු අත්දැකීමක් ලෙසට බැලූ බැල්මට හැගෙන මුත් ගූගල් ආයතනය පවසන්නේ https://www.google.com/maps/views/?gl=us අඩවිය ඔස්සේ ලැබෙන පහසුකම් භාවිතාකරමින් සාමන්‍ය භාවිතාකරන්නෙකුට පවා තම ඡායාරූ භාවිතාකරමින් 360º virtual tours  එකක් නිර්මානය කර ගැනීම පහසුවනු ඇති බවය. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරසිටින්නේ  ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඔස්සේ පවා පලමුව සැලසුම් කර ගන්නා රටාවකට ඡායාරූ ලබා දීම හැරුනු විට ආයතනය් විසින් ලබා දෙන පහසූන් ඔස්සේ ඉතා සරල පියවරවල් ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන්ගේම street view එකක් නිර්මානය කර ගැනීමේ හැකියාව තිබෙන බවයි.

ඔබේ පරිගනකය සුරක්ශිතද 2

  වසර කිහිපයකට පෙර සැලකීමේදී ආරක්ශක මෘදුකාංගයක් යනු සරල කාරනාවකි.බොහෝ විට තනි මෘදුකාංගයකි. එලබෙමින් ඇති යුගය තවදුරටත් ආරක්ශක මෘදුකාංගයක් යනු එලෙස සරල ඒක ඉලක්කීය කාරනාවක් නොවේ. පහරදීම් තාක්ශනයන්ද වඩාත් සංස්කීර්න වෙමින් ඇති යතාර්ථය තුලදී ආරක්ශක මෘදුකාංගවල කාර්යභාර්යද වඩාත් සංකීර්න වීම බලාපොරොත්තුවිය යුතුය.හානිකරයන් හදුනාගැනීමේ හැකියාව ඇති මෘදුකාංගය සමග Firewall ලෙසට වන අනවශ්‍ය හෝ බලාපොරොත්තු නොවන සබදතාවන් ඔස්සේ පැමිනෙන දත්ත ගොනු වලකනයන් මෙන්ම අනවශ්‍ය සබදතාවලට පරිගණකය ඔස්සේ දත්ත ගොනු නිකුත්වීම වැලකීමේ තාක්ශනය මෙන්ම sandbox වැනි තාක්ශනයක් ඔස්සේ සැකසහිත මෘදුකාංගයක් ධාවනය සදහා ව්‍යාජ වාතාවරනයක් නිර්මානය කර දෙමින් එම මෘදුකාංග ධාවනයෙන් පරිගණකයට සිදුවිය හැකි හානිය වලකන්නට සහය වන පහසුකම් මේ වන විට ආරක්ශක මෘදුකාංග සමග එන ප්‍රධාන අංග බවට පත්වෙමින් ඇත. එසේම ගනු දෙනු වලදී වඩාත් ආරක්ශක සබදතාවයන් ලබා දීම සමාජ ජාලා වැනි හානිකරයන් පැතිරවීමේ වැඩි උත්සාහයක් ඇති අවකාශයන් ඇසුරු කිරීමේදී වඩාත් ආරක්ශක වාතාවරනයන්  ලබා දීම තවත් කැපී පෙනෙන නවාංග වේ එසේම හානිකරන පැතිරවීමේදී සාම්ප්‍රදායික්ල මෙන්ම අදටත් වඩාත් භවිතාවන ඊමේල සදහාද වැඩි ආරක්ශාවක් සපයන අංග සමග ආරක්ශක මෘදුකාංග සමන්විතවීම දක්නට හැක.ඊමේල සමග එන සබදතා අවදිකරවීමට පහර දෙන්නන්ගේ පහසු ක්‍රමවේදය වලකන්නට පෙරදී මෙන්ම වර්ථමානයේදීද ආරක්ශක මෘදුකාංග ආයතනයන් වැඩි ප්‍රමුකතාවක් දක්වනු දක්නට පුලුවන.
      සැම ආරක්ශක මෘදුකාංග සමගමක්ම පාහේ online ආකාරයට භාවිතාකරන්නන්ගේ පරිගණකයන් පිරික්සා ගැනීමට අවස්ථාව ලබාදීමද අනගගි අවස්ථාවකි. Dial up වැනි දුර්වල සබදා ඔස්සේ එම්න් නොව වඩාත් වේගවත් අන්තර්ජාල සබදතා බහුල වෙමින් ඇති මෙම යුගයේදී මෙම සේවාවන් වඩාත් සාර්ථක විකල්පයන්ය.වඩාත් යාවත්කාලීන හානිකරයන් පිලිබදව දත්ත්යන් ගෙන සමන් විතව එම පිරික්සීම් සිදුවීම ඔස්සේ කලකට වරක් හෝ සැක සහිත අවස්ථාවලදී තම පරිගණකය පිරික්සා ගැනීමට අවස්ථාව ලැබීම භාවිතකරන්නන් වේතට එන මහත් පහසුවකි.
              මෑතකදී පුවත්පත් සාකච්චාවකදී කියවුනු කරුනක් වූවේ ඇමරිකානු ජනාධිපතිවරයාට iPhone හෝ Android දුරකතන භාවිතය ඔහුගේ ආරක්ශක අංශ මගින් ඉඩ නොදෙන කටයුත්තක් බවය.මත පල කරන්නන් පවසා සිටින්නේ එම භාවිතාවන් වලදී app වල හැසිරීම පිලිබදව ඇති අපැහැදිලි තත්වයන් ප්‍රධාන සාධකයක්ව පවතින බවයි.එක් අතකින් නිශ්චිත ආයතනයක අධීක්ශනය යටතේ එම මෙහෙයුම් පද්ධති භාවිතාකරන්නන්වෙත අමතර පහසුකම් ලබා දෙන app පැමිනීම පහසුවක් වන නමුදු පෞද්ගලික මට්ටමෙන් පවා සිදුවන ඒවා නිර්මානයේදී සිදුවිය හැකි  අකටයුතුකම් පිලිබදව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇති බවයි හදාරන්නන්ගේ මතය වන්නේ.අනවශ්‍ය ලෙස ඔබගේ තොරතුරු විමසන්නට එම ඇප් වලට ඇති හැකියාව මෙන්ම ඔබ නොදැනුවත්වම ඔබගේ පරිගණකයේ තොරතුරු ලබා ගන්නට ඒවාට ඇති අවස්ථාව දුර්ලභ නොවන බවටයි ඔවුන්ගේ මතය වන්නේ.

 

දවසේ මෘදුකංගය 2....

  GOM Media Player  යනු ලොව වැඩිම භාවිතාවක් ඇති ප්ලේයරයක් ලෙසට නම් වන්නකි.නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයක් ලෙසට පැමිනෙන මෙය video මෙන්ම Audio බොහොමයක් ෆෝමැට් සදහා සහය දක්වන්නකි.ලොව පුරා රටවල් සියගනනක භාවිතාකරන්නන් ලක්ෂ ගනනකගේ පේසාදය දිනා ගෙන ඇති මෙම ප්ලේයරය සමග පහසුවෙන් භාවිතාකල හැකි  A-B repeat, screen capture, audio capture, playback speed control,හා video effects වැනි අංගයන් වීම වඩාත් සිත් ගන්නා සුලු කාරනාවක් වනු ඇත.එසේම භාවිතාකරන්නාගේ කැමැත්ත පරිදි ප්‍රධාන මුහුනතෙහි සිට බොහො අංගයන් වෙනස් කර ගැනීමේ නම්‍යතාවයක් ‍රැගෙන එන මෙම මෙම මෘදුකාංගයේ හදුනා ගෙන තිබූ දුර්වලතාවයන් කිහිපයක් සැකසීමට මෙන්ම නවාංග කිහිපයක් එක්කරන්නටත් මෙම මෙම නව සංස්කරනයේදී කටයුතු කොට ඇති බවටයි පවසා සිටින්නේ.
http://app.gomlab.com/eng/gom/GOMPLAYERENSETUP.EXE

Microsoft නව ආරක්ශක ක්‍රමවේද හදුන්වාදෙන්නට කටයුතු කරයි!!!!

  භාවිතාකරන්නන්ගේ තොරතුරු වල සුරක්ශිත බව ප්‍රධාන පෙලේ තොරතුරු සේවා සපයන ආයතන වල වැඩිම අවධානයක් ලබා ගෙන ඇති කාරනාවක් බවට පත්ව තිබෙනවා. ඔවුන් පවසමින් සිටින්නේ රාජ්‍යමට්ටමින් සිදුවන බවට හෙලි වෙමින් ඇති තොරතුරු වලට අනවසර එබී බැලීම් ඔස්සේ භාවිතාකරන්නන්ගේ විස්වාශය බිද වැටීම තිර්ර්නාත්මකව තොරතුරු ලෝකයේ හෙට දවස කෙරෙහි බලපානු ඇති බවයි.ගතව කිය මෑත කාලය තුලදී ප්‍රධාන ආයතනය අටක සහභාගීත්වයෙන් සකස්වූ ඉල්ලීමක් පවා ඇමරිකානු රජය වෙතට ඉදිරිපත් කරන්නට මෙම ආයතන කටයුතු කොට තිබුනා.
                           මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට තම භාවිතාකරන්නන්ගේ සුරක්ශිත බව තහවුරු කරනු වස් තවත් පියවර කිහිපයක් හදුන්වාදෙන්නට කටයුතු කොට ඇති බවටයි පවසා සිටින්නේ.ඒවා අතර තම ගිනුමට පිවිසෙන භාවිතා කරන්නෙකුට මෑතකදී තම ගිනිම සම්බන්දයෙන් සිදුව ඇති ක්‍රියාකාරකම් පිලිබදව විස්තරයක් ලබා දෙමින් එම සිදුවීම් සදහා තමන්ගේ දැනුවත් බව හෝ නොදැනුවත් බව දක්වන්නට අවස්ථාවක් ලබාදීම සිදුව තිබෙනවා.එසේම තම තොරතුරු එන්ක්‍රිප්ට් මට්ටමමින් ආරක්ශා කරන්නට ආයතනය කටයුතු කරමින් සිටින අතර  මෑතක සිට ගිනුව්මකට පිවිසෙන්නන්හට ද්විත්ව ‍රැකවරන ක්‍රමවේදය(Two step verification) ලබා දෙන්නටද ආයතනය කටයුතු කොට තිබුනා.

windows මීලග මෙහෙයුම් පද්ධතිය

  නොනිල මට්ටමින් මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය පිලිබදව තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. Threshold ලෙසට නොනිල නාමයක් ඔස්සේ පැමිනෙන්නට නියමිත යැයි පැවසෙන මීලග මෙහෙයුම් පද්ධතිය පිලිබදව තොරතුරු අතර එය වින්ඩෝස් 7 හා ඊට පෙර පැමිනි මෙහෙයුම් පද්ධති සමග වූ Start මෙනුව ඒ ආකාරයෙන්ම පැමිනීමේ අවස්ථවක් ගැන මේ වන තොරතුරු හෙලි වෙමින් පවතින වා.වින්ඩෝස් 8 සමග සම්පූර්නයෙන් ඉවත්ව තිබූ මෙම පහසුව වින්ඩෝස් 8.1 සමග හුදු බටනයක් ලෙසට පමනක් පැමින තිබූ අතර එය Modern Desktop එක වෙතට යොමුකරන්නන් ලෙසට පමනක් භාවිතව පවතිනවා.මීට අමතරව එම නොනිල ආරන්චි මාර්ග පවසන්නේ Modern app වල ක්‍රියාකාරීත්වය සාම්ප්‍රධායික Desktop එක මතටත් පැමිනීමේ අවස්ථාවක්ද ඇති බවයි.විචාරකයින් පවසන්නේ වින්ඩෝස් වෙත භාවිතාකරන්නන්ගේ ප්‍රතිචාර මෙම වෙනස්කම් ගෙන ඒමට ප්‍රධාන සාධකයක්ව ඇති බවට විස්වාසකල හැකි බවත් එක් අන්තයකදී මෙහෙයුම් පද්ධතිය වඩාත් නවීන තලයකට එනම් මොබයිල් මට්ටම හා ඩෙස්ටොප් මට්ටම යාවන්නට තීර්නය වන අතරම තවත් අතකින් හුරු පුරුදු භාවිතාවම හෝ ඊට සමාන මට්ටමක භාවිතාවක් ඔස්සේ පැරනි භාවිතාකරන්නන් වෙතටද අවධානය යොමු කිරීම Microsoft කීර්තිය ‍රැක ගන්නට හොද සහයක් වනු ඇති බවයි.

2013-12-09

FBI අවශ්‍ය විටදී ඔබගේ වෙබ් කැමරාවද විවෘතකරන්නට හැකිය.(හිටපු FBI උසස් නිලධාරියෙකු පවසයි)

  පසුගිය වසරේදී ඇමරිකානු ආරක්ශක අංශ වෙතට එල්ලවූ තර්ජන අතර Mo නැමැත්තෙකුගෙන් ලැබුනු තර්ජනාතමක පනිවිඩ විශේෂ තැනක් ගන්න ලදී. එනම් ඔහුගේ තර්ජනයන් වූවේ තමන් ඇමරිකානු අධ්‍යාපනුක ආයතන මෙන්ම ගුවන්යානා තො‍ටුපොලවල් වෙතට බෝම්බ ප්‍රහාර මාලවක් සදහා සූදානම් වන බවයි.එම තර්ජන හමුවේ FBI ආයතනය තම Hacker Team  වෙතට භාරවූ ඉලක්කයක් වූවේ ඔහුට නොදැනී ඔහුගේ පරිගණකය වෙත පිවිස එම පරිගණකය ගැන තොරතුරු මෙන්ම ඔහු යන එන වෙබ් අඩවි ගැන තොරතුරු දැනගන්නට කටයුතු කිරීමයි.එම කන්ඩායම විසින් නිපදවන ලද කුඩා මෘදුකාංගය Yahoo මේල් සේවාව ඔස්සේ එම පරිගණකයේ තැන්පත්කරන්නට සමත්වූ අතර ඔහු ගැන විශාල ප්‍රමානයක තොරතුරු ‍රැස්කර ගන්නට එහිදී සමත් විය.කෙසේ නමුත් මෙම Mo නැමැත්තාට එරහිව පියවරක් ගන්නට FBI ආයතනයට නොහැකිවූවේ ඔහු ඉරානයට පලායන්නට සමත්වූ බැවිනි.
                                        මෙම තොරතුරු හෙලිකරමින් හිටපු ඇමරිකානු FBI උසස් නිලධාරියෙකු පුවත්පත් පත් සාකච්චාවකදී පවසා සිටියේ තම ආයතනය් සතුව ඔනෑම පරිගණකයකට අනවසරයෙන් පමනක් නොව භාවිතාකරන්න කිසිසේත් නොදැනෙන අයුරින් ඇතුලුව ඔහු කියන කරන දෑ පිලිබදව විමසන්නට අවශ්‍ය කරන තාක්ශනය තිබෙන බවයි. අවශ්‍ය විටකදී භාවිතාකරන්නාට නොදැනෙන ලෙසට ඔහුගේ webcam  එක විවෘත කොට ඔහුගේ හැසිරීම් නිරීක්ශනය කිරීමේ හැකියාවෙන් පවා එම ආයතනය සන්නද්ද බවටයි හෙලි කොට සිටියේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...