2013-12-10

Microsoft නව ආරක්ශක ක්‍රමවේද හදුන්වාදෙන්නට කටයුතු කරයි!!!!

  භාවිතාකරන්නන්ගේ තොරතුරු වල සුරක්ශිත බව ප්‍රධාන පෙලේ තොරතුරු සේවා සපයන ආයතන වල වැඩිම අවධානයක් ලබා ගෙන ඇති කාරනාවක් බවට පත්ව තිබෙනවා. ඔවුන් පවසමින් සිටින්නේ රාජ්‍යමට්ටමින් සිදුවන බවට හෙලි වෙමින් ඇති තොරතුරු වලට අනවසර එබී බැලීම් ඔස්සේ භාවිතාකරන්නන්ගේ විස්වාශය බිද වැටීම තිර්ර්නාත්මකව තොරතුරු ලෝකයේ හෙට දවස කෙරෙහි බලපානු ඇති බවයි.ගතව කිය මෑත කාලය තුලදී ප්‍රධාන ආයතනය අටක සහභාගීත්වයෙන් සකස්වූ ඉල්ලීමක් පවා ඇමරිකානු රජය වෙතට ඉදිරිපත් කරන්නට මෙම ආයතන කටයුතු කොට තිබුනා.
                           මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට තම භාවිතාකරන්නන්ගේ සුරක්ශිත බව තහවුරු කරනු වස් තවත් පියවර කිහිපයක් හදුන්වාදෙන්නට කටයුතු කොට ඇති බවටයි පවසා සිටින්නේ.ඒවා අතර තම ගිනුමට පිවිසෙන භාවිතා කරන්නෙකුට මෑතකදී තම ගිනිම සම්බන්දයෙන් සිදුව ඇති ක්‍රියාකාරකම් පිලිබදව විස්තරයක් ලබා දෙමින් එම සිදුවීම් සදහා තමන්ගේ දැනුවත් බව හෝ නොදැනුවත් බව දක්වන්නට අවස්ථාවක් ලබාදීම සිදුව තිබෙනවා.එසේම තම තොරතුරු එන්ක්‍රිප්ට් මට්ටමමින් ආරක්ශා කරන්නට ආයතනය කටයුතු කරමින් සිටින අතර  මෑතක සිට ගිනුව්මකට පිවිසෙන්නන්හට ද්විත්ව ‍රැකවරන ක්‍රමවේදය(Two step verification) ලබා දෙන්නටද ආයතනය කටයුතු කොට තිබුනා.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...