2010-10-30

ඔබ මනින්නට මෙහි කවුරුත් නොමැත.ඔබව පාලනය කරන්නට නීති රීතිද නොමැත.

සමහර  අයට දහම යනු නීති රීති ගොඩක් පමනි. කන බොන සිනාසෙන කතා කරන සියල්ල පාලනය කරන්නට ආ හතුරෙකු ලෙස දැනෙයි. මේ ආශ්‍රමය තුල කිසිදිනක අන නොදෙයි. ආශ්‍රමයට අමුත්තෙකු වන පලමු මාසය තුල දීම පැහැදිලිව වටහා දෙන්නේ " ඔබ මනින්නට මෙහි කවුරුත් නොමැත.ඔබව පාලනය කරන්නට නීති රීතිද නොමැත. කරුනා කර ඔබම මෙහි සිටින අනෙකුත් ඇත්තන් දෙස බලා ඔබව පාලනය කරගත යුතු ආකාරය ගැන තක්සේරුවකට පැමිනෙන. මෙහි සිටින වාඩාත්ම සීලය ප්‍රගුන කල ඇත්තන් සිටින්නේ කදුමුදුනතටම වන්නය. ඔබට ඇවැසිනම් හෙටම ඉහලම පිහිටි කුටියකට යා හැකිය. නමුත් මම ඔබට අයාචනය කරමි. ඔබට දැරිය නොහැකිතරමේ ඔබේම පාපයට එක වර නිරාවර්නය නොවන්න. කදුමුදුනත දෙස නොව වැඩි අවදානයක් ඔබේ ඉදිරි පියවර දෙසට යොමන්න. ඔවුන් කදු මුදුනතට  ගියේ එලෙසයි." මම පිලිගනිමි. මෙය ටිකක් වෙනස් සේ ඔබට හැගුනද කරුනා කර දෙවන වරද කියවා බලන්න උත්සාහ කරන්න.

"දහමේ ගැබුර නොසයන්න, නමුත් දහම යොදා ගෙන ඔබේ ගැබුර සොයන්න"

ඊයේ පැවති සැදෑසමාලෝචන ‍රැස්වීමේදී මතුවූ අපුරු කාරනවක් සටන් කරන්නට කැමැත්තෙමි. මැතකදී අපසමග එක්වූ ඉන්දියන් ජාතික මහත්මයෙකු, ලොකු ස්වාමීන් වහන්සේ සමගවු කතාබහකදී නිතරම ගැබුරු දහම යන වචනය බර කරමින් යොදනු ඇසුනා. අවසානයේ උන්වහන්සේ පැවසුවේ, දහමේ ගැබුර සොයානවා කියන්නේ හරියට උසස් ගනිතය නැතිනම් රසායන විද්‍යාවේ සංකීර්න ගැටලු හදාරනවා වගෙ පෙනෙනවා. "දහමේ ගැබුර නොසයන්න, නමුත් දහම යොදා ගෙන ඔබේ ගැබුර සොයන්න" උන්වහන්සේගේ අවවාදය වුයේ එයයි.

2010-10-29

ආශ්‍රමය තුල කවරදාකවත් දේවතා එලි ගැන අද්භූත දර්ශන ගැන….

ආශ්‍රමය තුල කවරදාකවත් දේවතා එලි ගැන අද්භූත දර්ශන ගැන කිසිම දිනක කතා බහක් මට ඇසුනේ නැහැ. මෙහි පැමින මුල්සති දෙක තුන අවසන් වනවාත් සමග එවැනි දේගැන යම් කුතුහලයක් ඇති අය පවා එවැනි දේවල ඇති නිෂ්පල බවත් නැතිනම් වැදගත්මදේ මා දෙස බලා මාව තේරුම් ගැනීම මිස අත්භූත දේ ගැන විමසමින් කාලය වැය නොකිරීම බව තේරුම් ගන්නවා.මෙහි සිටින කිසියම් දියුනු මානසික තලයක සිටින ඇත්තන් දෙස පවා අමුතුආකාරයට බලන්න කවුරුත් පෙලබුනේ නැහැ වගේම ඒ ඇත්තන් කවදාවත් නවකයන් ඉදිරියේ “මම වෙනස්” හැසිරීමක් පෙන්නන්ට පෙලබුනෙත් නැහැ

“ඔබ මෙහි ආවේ අනුන් ලියපු කියපු දේ කියවන්නට නොව එසේ කරමින් ඔබ නිතරම සගවන්නට උත්සාහ කරන ඔබ නම් ඔබේ සැබෑ පොත කියවන්නට පමනි.”

අප බොහෝ විට ප්‍රායෝගිකව නිවනේ සිට පිටතට ගව්ගනන් ඇදෙන මගවල් ‍තෝරා ගන්නා අතර න්‍යායාත්මකව මුහුන ලස්සන, කට පුන්චි, නැතිනම් ගීතවත් කට හඩක් ඇති හා ආශ්චර්යාත්මක තැන්වල නිවන සොයමින් නිකරුනේ රස්තියාදුවෙයි.අප ආශ්‍රමයට පැමිනෙන විටම අපට පි‍ටුහතරක පොත් පින්චක් ලැබෙන අතර එහි සරලව මූලික උපදෙස් ලබා දෙන අතර, ඉහත දැක්වුවේ එහි පසු පිටෙහි අන්තිමට සටහකරතිබු සටහනකි. දර්ම පුස්තකාල මෙහි නොමැත. වරක් මේ ගැන විමසූ විට ලොකු ස්වාමීන් වහන්සේ පැවසුවේ “ඔබ මෙහි ආවේ අනුන් ලියපු කියපු දේ කියවන්නට නොව එසේ කරමින් ඔබ නිතරම සගවන්නට උත්සාහ කරන ඔබ නම් ඔබේ සැබෑ පොත කියවන්නට පමනි.”

ඉස්සර දහම ලෙස විස්වාස කලේ විශාල පොත් පත් අසීරුවෙන් කටපාඩම් කරගත් බරපතල ගාථා වැනි දේ මෙන්ම

වරක් අප සමග එක්වූ ප්‍රංශ ජාතික මහත්මයෙකු දිගු කාලයක් අපසමග ගතකර නික්මෙන්නට ප්‍රතම සැදෑ සමාලොචනයකදී තමන් ගැනම පුන්චි විග්‍රහයක යෙදුනා. මම ඉස්සර දහම ලෙස විස්වාස කලේ විශාල පොත් පත් අසීරුවෙන් කටපාඩම් කරගත් බරපතල ගාථා වැනි දේ මෙන්ම දහම සොයාගෙන ගියේ අඩුතරමින් උපාධි තුන හතරක් වත් තිබු විද්වතුන් ගාවටයි. මට ලැබුනේ අමාරු ශබ්ද සහිත පාඨ මෙන්ම කවරදාකවත් ඔවුන් වත් ප්‍රායෝගිකව අනුගමනය නොකල අවවාද පමනයි. අද මම ඒ අසරනයින් ගැන අනුකම්පා කරනවා………

කදු පංතියේ දකුනු පැත්තට වන්නට වන ගැබුරු වන අරනතුල

පුරා දින දාහතරක කාලයක් කදු පංතියේ දකුනු පැත්තට වන්නට වන ගැබුරු වන අරනතුල ස්වාභාවික ගල් ලෙනක්තුල ගතව ගිය කාලය අපූරු අත්දැකීමකි. අවට වනයෙන් සොයා ගන්නා පලතුරක් පමනක් බුදිමින් රාත්‍රී කුඩා ගිනි මැලය සදහා දර ටිකක් ‍රැස් කරන්නට හැරුනුවිට  මදක් දුරින්වූ ජලපහරින් ජලය ‍රැගෙන  ඒමට ගිය විට හැරෙන්නට මුලු කාලයම භාවනාව සදහා යොදවමින් ගත වු කාලය ජීවිතයේ හමුවූ සුන්දරම කාලය ලෙස මට සිතේ. වසර හතරක් සම්පූර්න කරන ඔනැම යෝගියෙකු මෙම අත්දැකීම සදහා සුදුසු ලෙස ලොකු ස්වාමීන් වහන්සේ යොජනා කරන අතර අවශ්‍ය පමනට  දිරිය ඇති අයට ආශ්‍රමයෙන් ලැබෙන උපදෙස් අනූව හුදකලාව ගොස්  මෙම අත්දැකීමලබන්නට අනගි අවස්තාවක් උදා වෙයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...