Showing posts with label windows RT. Show all posts
Showing posts with label windows RT. Show all posts

2014-07-01

Threshold හෝ Update 2 සමග Windows මෙහෙයුම් පද්ධතිය යලිත් දැනෙන වෙනසක් ගෙන ඒවි!!!

  Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග යාවත්කාලීනය නිකුතුවට සූදානම් වෙමින් සිටින බවටයි නොනිලව මුත් හෙලි වෙමින් ඇත්තේ. එය Threshold හෝ Update 2 ලෙසට නම් වෙමින් පැමිනේවි යැයි විස්වාස කරන අතර Desktop භවිතාකරන්නන් ගෙන් වින්ඩෝස් 8 සමගින් සිදුවූ දුරස්ථවීම මෙම සංස්කරනය සමග යලි සංසිඳවන්නට එම ආයතනය කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එ අනූව වින්ඩොව්ස් 8 සමග පැමිනි Modern UI කවුලුව default වීම මෙම සංස්කරනය සමග යලි සැකසෙනු ඇති  අතර නව සංස්කරනය Desktop භාවිතාවකට ස්ථාපනය වන විට default UI මුහුනත ලෙසට හුරු පුරුදු Desktop පරිසරය පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එසේම Modern app ධාවනයේදී Destop පරිසරයේදී තිබූ බාදක බවත් නිමවා පැමිනෙන Start මෙනුවේ සිට පහසුවෙන් ස්ථාපිතව ඇති Modern app එකක් ධාවනයට අවස්ථාව පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ. එ අනූව  modern environment එක Desktop භාවිතාවෙන් සම්පූර්නයෙන්ම අනවශ්‍ය වන අතර එය සම්පූර්නයෙන් shut off කිරීමට හැකි වනු ඇති බවට බලාපොරොත්තුවනවා. තවමත් එය සංවර්ධනය වීමේ මුල් අවස්ථාවේ තිබන මෙම සංස්කරනය දෘශ්‍යව සැලකීමේදී Windows 8.1 වලින් සම්පූර්නයෙන් වෙනස් මුහුනුවරක් ගන්නා ඇති බවට හෙලිවෙමින් තිබනවා.
                          එම තොරතුරු වැඩි දුරටත් හෙලි කර සිටින්නේ Microsoft හි  ARM-based operating systems  ධාවනය වන Windows Phone හා  Windows RT එකිනෙක යාවීම මෙම සංස්කරනය සමග සිදුවනු ඇති බවට බලාපොරොත්තු වන අතර surface pro වලදී Modern UI මෙන්ම  Desktop UI ද්විත්වයම පැමි නෙනු ඇති බවට බලාපොරොත්තුවනවා. Microsoft සමාගම windows 8 නිකුතුවේ සිටම  unified OS නිකුතුවක් පිලිබදව අවධානයෙන් සිටි අතර පසුගිය කාලයේ එ සදහා පහසුවන ලෙසට Universal app නිකුතුවක් සදහාද කටයුතු කරනු ලැබුවා.

2013-09-25

Windows RT වෙළඳ පොලතුල මයික්‍රසොෆ්ට් පමනක් තනිවේ.......

  මයික්‍රසොෆ්ට් සමගමේ වින්ඩෝස් 8 හි ARM-based සංස්කරනය වූ Windows RT මහත් අර්බුදකාරී තත්වයකට මුහුන දෙමින් සිටින බවටයි පෙනෙන්නට ඇත්තේ. එක් දෙසකින් පරිගණක භාවිතයේ අනාගත ගමන් මගේ අනාගතය ලෙසට ටැබ්ලට් උපාංගය පිලිගැනෙමින් ඇති අතර ඉදිරි වසරවලදී දෘඩාංග ආයතන බොහොමයක නිෂ්පාදන සැලසුම් PC මට්ටමමෙන් ඉවතට සැලසුම් වෙමින් පවතින අතරදී පවා මයික්‍රසොෆ්ට් වෙතින් එදෙසට තැබූ මෘදුකාංගමය පියවර Windows RT මෙන්ම Surface ලෙසට වන දෘඩාංග පියවර වෙළඳ පොලතුල අතාර්කික වීම හදාරන්නන්ගේ විමතියට කරුනක වී ඇත.කෙසේ වෙතත් මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම ARM දෙසට වන ගමන් මග මත නොසැලී සිටින බව සහතික කරමින් ඒවායේ දේවන සංස්කරනද වෙළඳ පොල වෙත නිකුත්කරන්නට කටයුතු කරන ලදී.
                                2012දී මයික්‍රසොෆ්ට් සමාගම තම Windows RT හඳුන්වාදෙන විට ඔවුන් සමග එම උපාංග වෙළඳ පොල වෙතට තවත් සමාගම් පහක් පමන පිවිසි අතර මේ වන විට ඉන් අවසාන සමාගම වන DELL සමාගමද එම වෙළ්ඳ පොලෙන් ඉවත්වන්නට කටයුතු කර තිබෙනවා. ඒ අනූව මේ වන විට එම වෙළඳ පොල තුල සිටින එකම සමාගම වන්නේ මයික්‍රසොෆ්ට් සමාගම පමනක් බවට පත්ව තිබෙනවා.පසුගිය කාලයේ Nokia ආයතනය සමග මයික්‍රසොෆ්ට් සමාගම එකගතාවයකට පිවිසි අතර ඉදිරියේදී මයික්‍රසොෆ්ට් දෘඩාංග නිෂ්පාදනයේ වැඩි වගකීමක් ඒ වෙත පැවරෙනු ඇති බවටයි විචාරකයින්ගේ මතය වෙමින් ඇත්තේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...