Showing posts with label LG. Show all posts
Showing posts with label LG. Show all posts

2021-12-30

LG වෙතින් OLED.EX සූදානම්...

LG  පවසන්නේ තමන්ගේ නවතම OLED TV technologyය වන OLED.EX නිකුතුවට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව තාක්ෂණය සමග  picture quality ය සියයට 30 කින් (magnifying brightness) ඉහලට ගෙනෙන්නට සමත්ව සිටින බවයි. වඩාත් වේගවත් response time එකක් සමග perfect black සමග නිවැරදිම වර්ණ රටා ගෙනෙන්නට නව නිකුතුව සූදානම් බවයි. එසේම OLED.EX වලදී organic light-emitting diode සමග වඩාත් නිවැරදි මෙන්ම කාර්යක්ෂම picture accuracy එකක් ගෙනෙනු ඇති බවයි. ගෙවී යන වසරේදී ලොවපුරා රූපවාහිණී අලවිය සියයට 12ක පසු බෑමක් දක්නට ලැබුනද OLED  සදහ ඓල්ලුම සියයට 70 කින් ඉහල යාමක් දක්නට ලැබුනු බවයි. එසේම ඔවුන් පැහැදිලි කරන්නේ වඩාත් කුඩා bezel thickness එකක් සමග තවත් නරබන්නන්ගේ අත්දැකීම අපූරු කරවන තවත් බොහෝ අංගයන් සමග 2022 වල second quarter වලදී නව පැමිනීම දැනට සැලසුම්ව ඇති බවයි.
Pubudu Siriwansa


 

2014-02-14

LG වෙතින් එන G Pro 2 නව smart දුරකථනය

  Smartphone ලෝකය මහත්සේ වේගවත්ව වෙනස් වන්නකි. විටක නව තාක්ශනික අංගයක පැමිනීමකි. තවත් විටක විශාලතම තිරයක් නැතිනම් නවතම හැඩයක් පැමිනීමකි. පැමිනීම කුමක් වූවත් ඒවයේ පැමිනීමේ වේගවත් බවත් එකිනෙකින් වෙනස් වීමේ වේගවත් බවත් භාවිතකරන්නා නිරන්තරයෙන් අවදිව තබන්නට සමත් බවක් නම් පැහැදිව පෙන්වමින් සිටී. නවතම නිකුතුවක් වන්නේ LG ආයතනය නිවේදනය කර සිටින G Pro 2 දුරකථනයයි.Android KitKat 4.4  සමග එන මෙම දුරකථනය අඟල් 5.9ක ස්ක්‍රීනයකින් සමන්විතවන අතර වඩාත් සිහින් කැමරාව සමග ඉදිරි මුහුනතින් සියයට 77ක් තම ස්ක්‍රීනය සදහා ලබා ගන්නට සමත්ව තිබෙනවා. ear-piercing ආකාරයේ watt එකක speaker system සමග පෙර භාවිතාවන්ට වඩා 33% ක වැඩි හඩක් ගෙනෙන්නට සමත්ව තිබෙනවා. 2.26GHZ quad-core Snapdragon ප්‍රොසෙසරය සමග 3 GB RAM , මෙන්ම 13- megapixel කැමරාව සමග පැමිනෙන අතර එය 16හෝ 32 GB ලෙසට තොරා ගැනීමේ අවස්ථාව සමග වනවා. 2014 සදහා smartphone වලට නව ප්‍රමිතියක් ගෙනෙන්නට ක්‍රියාකර ඇති මෙම නිකුතුව සමග වන වඩාත් නවාංගයන් අතර “Knock Code” ලෙසට වන දියුනුකල ආරක්ශක තාක්ශනය වනවා. භාවිතාකරන්නෙකුට තම දුරකථනය unlock  කර ගැනීම සදහා pin number හෝ  pass code වෙනුවට series of taps යොදාගන්නට දියුනු කර ඇති algorithm හා  advanced hardware සමග හැකිව තිබෙනවා. එම පහසුව සමග Display එක on/off මොන මට්ටමක වූවත් තිරයමත ඔනෑම තැනකට යොදන දෙකේ සිට අට දක්වා වන knock pattern සමග එය අවදිකරවා ගැනීමේ හැකි වනවා. මෙම නව නිකුතුව එලබෙන පෙබරවාරි අවසානයේ දකුනු කොරියාවේදී නිකුත්වනු ඇති බවටයි දැනට බලාපොරොත්තුව වන්නේ

2013-10-28

LG වෙතින් G Flex curved දුරකථනය නිවේදනය වේ....

  LG ආයතනය මේ වන විට තම G Flex curved  දුරකතනය නිල ලෙසට නිවේදනය කොට තිබෙනවා.මීට සති දෙකකට ප්‍රතම මෙම දුරකථනය පිලිබදව පලමුව නොනිල තොරතුරු පලවන්නට වූ අතර එම ආයතනය පවසන්නේ එලබෙන මාසයේදී South Korea  තුලදී පලමු වරට මෙම දුරකථනය ලබා ගන්නට හැකි වනු ඇති බවටයි.P-OLED  ඩිස්ප්ලේ එකක සමග (අඟල් 6ක හා 720p) ගිගා බයිට 2ක ‍රැම් මතකයක් හා 32 ගිගා බයිට දුරකථනය සමග එන ස්තීර මතකයකින් සමන්විත වන්නට නියමිත අතර පික්සල 13ක ඉදිරි කැමරාවකින් හා  2.1 මෙගා පික්සල පසු කැමරාවකින්ද සමන්විත වනු ඇති බවට එම ආයතනය පවසා සිටිනවා.177 grams සැහැල්ලුවකින් සමග 3,500mAh  බැටරියක් සහිත මෙන්ම 4.2.2 Jelly Bean ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකින් මෙන්ම LTE-A  සබදතාවයකින්ද සමන්විත වනු ඇති බවටත් පැවසෙනවා.ඔක්තෝබර මුලදී නිකුත්වූ Samsung Galaxy Round දුරකථනය සමග තරගකාරීව පැමිනෙනු ඇති බවට බලපොරොත්තුවන මෙම දුරකථනය උඩ සිට පහලට වන ආකාරයට වක්‍ර හැඩයකින් සම්න්විතව පැමි නෙන්නට නියමිත බවටයි දැක්වෙන්නේ.තවමත් මෙහි මිල ගනන් පිලිබදව තොරතුරු නිකුත්ව නැති බවටයි දක්නට ලැබෙන්නේ.

2013-10-15

LG වෙතිනුත් වක්‍ර දුරකතනයක්!!!!

  මේ වන විට Samsung වෙතින් වක්‍ර හැඩැති දුරකථනයක් Galaxy Round නමින් නිවේදනය වී ඇත. මේ වන විට LG වෙතින්ද නම්‍ය හා වක්‍ර හැඩැති දුරකථනයක් පිලිබදව තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.Samsung වලදී මෙන් දෙපසින් වක්‍ර වනවා වෙනුවට LG වෙතින් පැමිනෙන දුරකථනය ඉහල සිට පහල දක්වා වන ආකාරයට තම වක්‍රබව ගන්නා ආකාරයට පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ.අඟල් 6ක ඩිස්ප්ලේ එකක සමග පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම දුරකථනය සමග පැමිනෙන මෙහෙයුම් පද්ධතිය පිලිබදව තවමත් තොරතුරු හෙලි වන්නේ නැත.නොවැම්බර් මාසයට නියමිත Nexus 5 නිකුතුවෙන් අනතුරුව පැමි නෙන්නට නියමිත මෙම දුරකථනය G Flex ලෙසට නම් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...