2011-06-30

අල්කයිඩා ඔන් ලයින් තොරතුරු ජාලයට හැකර් ප්‍රහාරයක්......

අල්කයිඩා ඔන් ලයින් තොරතුරු ජාලයට හැකර් ප්‍රහාරයක්  ගැන තමන් වෙත තොරතුරු ලැබීඇති බවට  "එන්.බි.සි" පුවත් සේවය වාර්තාකර සිටිනවා. අල්කයිඩා සංවිධානය ඔන්ලයින් ක්‍රමයට තම චලනපට හා නිවේදනයන් නිකුත් කිරීමේදී භාවිතාකරනු ලබන මෙම ජාලය වෙත පසුගිය දින කිහිපයක් ඔස්සේ බිද වැටී පවතින බවයි සටහන් වන්නේ. මෙම ප්‍රහාරය සදහා යොදාගෙන ඇති තාක්ශනය ගැන ඔවුන් පවසන්නේ  ක්‍රමවේද රාශියක එකතුවක් ලෙස බවයි. දැනට කිසිදු අයෙක්  මෙහි වගකීම බාරගෙන නැති අතර රාජ්‍ය සබදතා සහිතව මෙය සිදුවන්නට ඇති බවට සැක කරන බවයි සටහන් වන්නේ.පසුගිය මස පලවූ වාර්ථාවකින් කියවුනේ බ්‍රිතාන්‍ය රජය විසින් ඉංග්‍රිසි බසින් ක්‍රියාත්මක අල් කයිඩා වෙබ් අඩවිය අක්‍රමනය කල බවත් එයට හේතුව ලෙස සදහන් වන්නේ අවිආයුද නිෂ්පාදනය ගැන එහි තොරතුරු පලවීම බවත් වැඩිදුරටත් එහි සටහන්ව තිබුනා.

ගූගල් ක්‍රොම් සදහා පිලිසකර යාවත්කාලීනයන් 7 නිකුත්කල බවයි

ගූගල් ක්‍රොම් සදහා පිලිසකර යාවත්කාලීනයන් 7 නිකුත්කල බවයි සටහන් වන්නේ. අවසන් වෙමින් පවතිනමෙම මස සදහා ඔවුන් නිකුත්කල දෙවන යාවත්කාලීන ගොනුව ලෙසත් මෙය සටහන්ව තිබුනා. මෙහි එක් යාවත්කාලීනයක් පමනක් ක්‍රොම් 12.0.742.112 වෙනුවෙන් පමනක් වන අතර එය "සැලකිය යුතු" මට්ටමේ  දුර්වල තාවයක් ලෙසත් නම්කර තිබුනා. මෙම දුර්වලතා අනවරනය කර ගැනීම වෙනුවෙන් ගූගල් ආයතනය පර්යෙක්ෂකයන් තිදෙනෙක් වෙනුවෙන් ඩොලර් 6000 පමන ගෙවා ඇති බවත් වාර්තාවී තිබුනා.
                                                          පසු ගිය මස වන විට ලොව භාවිතාවන වෙබ් බ්‍රවුසර් අතර 12.5 ක  භාවිතාවක් හිමිකරගෙන ඇති ගූගල් ක්‍රොම් හි මිලග සංස්කරනය ජූලි මස පසු භාගය වන විට නිකුත්කිරීමට නියමිත බවත් මෙම යාවත්කාලීනයන් ස්වංක්‍රීයව ගූගල් ක්‍රොම් වෙබ් පිරික්සනය ලබා ගනු ඇති බවටත් වැඩිදුරටත් සටහන්ව තිබුනා.

සමාජ ජාල භාවිතයට වෙනස් දැක්මක් ‍රැගෙන ගූගල්+

සමාජ ජාල භාවිතයට වෙනස් දැක්මක් ‍රැගෙන ගූගල්+  අන්තර්ජාලයට පිවිසෙමින් සිටින බවටයි සටහන් වන්නේ. ගූගල් ආයතනයේ මීට පෙර සමාජ ජාලා භාවිතාවන් දෙකක් සදහා වූ උත්සාහයන් වලට වඩා සාර්තක ප්‍රකට සමාජ ජාලාවක් වන ෆේස්බුක් සදහා විකල්පයක් ‍රැගෙන විත් ඇති බවටයි පෙර විචාරයන් වල සටහන් වී ඇත්තේ.  ඔවුන් පවසන්නේ ෆේස්බුක් වල මෙන් සියලු මිතුරන් සමානලෙස සැලකෙන යාන්ත්‍රනය මෙන් නොව සැබැ ජීවිතයේදී මෙන් ඒ ඒ සබදතා අනූව තල කිහිපයකදී සබදතානිර්මානය කර ගන්නටත් අවැසි විටදී පමනක් එකිනෙක අතර තොරතුරු බෙදා හදා ගන්නටත් හැකිවීම වඩාත් ප්‍රායෝගික බවයි. "සර්කල්" ලෙස නම් කර ඇති මෙම ක්‍රමවෙදය ෆේස්බුක් වල වු ප්‍රදානතම දුර්වලතාවයකට හොදම විසදුමක් ‍රැගෙන විත් ඇති බවයි සටහන් වන්නේ.
     මෙම සමාජ ජාලය තුල මූලික භාවිතාවන් 5ක් ලෙස දක්වා තිබෙනවා. ඒවා   Circles, Sparks, Hangouts, Instant Uploads  හා  Huddle ලෙස දක්වා තිබෙනවා. පලමු  භාවිතාවෙන් ඔබේ සබදතා ගොනු පිලිබදව කියවෙනවා. ෆේස්බුක් මෙන් පොදු එක කන්ඩායමක් වෙනුවට සබදතා අනූව ගොනු කිහිපයක් ලෙස ඔබේ සබදතා පවත්වා ගත හැකි වීම මෙහි ප්‍රධාන කරුනක් වේ. දෙවැන්නෙන් තොරතුරු පෝෂක අදහස් වනවා. මෙය ෆේස්බුක්හි "නිවුස් ෆීඩ්" ආකාරයේ ක්‍රියා කාර කමක් වෙනවා. මීලග භාවිතාව සජීවී කතාබහකට ඉඩකඩ සලසා දෙනවා.ඔවුන් පවසන්නේ 10 දෙනෙකු දක්වා පිරිසකට එකවර මේ සදහා සහභාගීවීමට හැකි වනු ඇති බවයි.මීලග භාවිතාව ඔබේඅ ජංගම උපකරන ආදීයෙන් ගනු ලබන  ඡායාරූ ආදිය ස්වංක්‍රීයව ඔබේ පෞද්ගලික ගොනුවකට එකතුවන අතර පසුව ඔබගේ කැමැත්ත අනූව අදල ගොනු සමස ඒවා බෙද හදා ගැනීමට හැකි වනු ඇත. අවසාන භාවිතාව කෙටි පනිවිඩ මගින් ජංගම දුරකතන භාවිතයෙන් එකි නෙකා අතර තොරතුරු හුවමාරුවට ඇති අවස්තාව වෙනවා. සවිස්තර ලිපියක් www.it-tutor.tk   ඔස්සේ බලාපොරොත්තුවන්න.

TDL-4

ලොව පුරා මිලියක 4කට අධික පරිගණක ප්‍රමානයක පැතිරී ඇතැයි සැක කරන TDL-4 ලෙස නම් කර ඇති බොට් ට්‍රෝජන් ආකාරයේ මෙම හානිකර මෘදුකාංගය මේ දිනවල පැතිරෙමින් ඇති භයානකම හා විනාශ කිරීම බෙහෙවින්ම අපහසු හනිකර මෘදුකාංගයක් ලෙසයි කැස්පර්ස්කි ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිටින්නේ. ස්වංආරක්ශාව අතින් ඉහල මට්ටමකට නිමවී ඇති මෙය පරිගනකයේ "මාස්ටර් බූට් රෙකෝඩ්" නොහොත් පරිගනකයේ දෘඩ තැටියේ මුලින්ම ආරම්භවන කොටස තුල රූට්කිට් ආකාරයේ සැගව ගැනීමක් කල පසු ඉවත්කිරීම අතිශය අපහසු බවයි .

මයික්‍රොසොෆ්ට් ආයතනය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා "පෙර දැක්මක්"

මයික්‍රොසොෆ්ට් ආයතනය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා "පෙර දැක්මක්"  මෘදුකාංග  සංවර්ධනය කරන්නන් වෙත මුදා හැර ඇති බවට තොරතුරු පලවෙනවා. එච්.ටී.එම්.එල් 5 සදහා වඩාත් සාර්තකව එකගවන, වඩාත් වේගවත් හා ආරක්ශව අතින් ඉදිරියෙන් සිටින ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි  බීටා සංස්කරනය ඉක්මනින්ම නිකුත්කරන්නට නියමිත බවයි සටහන් වන්නේ.මෙය වින් 8 සදහා පසුගිය කාලයේ ප්‍රසිද්ධ කරන ලද පෙරදැක්මවල දක්නට තිබූ එච්.ටී.එම්.එල් 5 යාන්ත්‍රනයට බෙහෙවින් සමාන බවයි වැඩිදුරටත් සටහන් වීතිබුනේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ මෙම බාගත කිරීම කර ගත හැකි බවයි සටහන් වුනේ.
http://go.microsoft.com/?linkid=9739661

2011-06-29

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට...

දිගු සැදැවන් උදාවන කාලය පැමින ඇත. සක්මලුවට ඔබ්බෙන් පිහිටි  කුඩා ගල් කුල මතටවී නැගෙන හිර අහස්කුස අදුරින්  පිරීයන අයුරු බලා හිදීම අපූරු භවනාවක් වැනිය. කැදලි කරා පියාබා යන නෙක පක්ශීන් ගෙන් ගැවසගත් අහස්කුස ලෝකයේ ජීව චක්‍රය ගැන අපූරු උදාහරනයක් මෙනි. බැදීම් මොනතරම් විසිතුරු ලෙස සංස්කෘතිය විසින් සරසා ඇද්දැයි සිතන විට සිතතුල නැගෙන්නේ මහත්වූ පහන් සංවේගයකි. කදුයායවල් දෙක තුනකට ඔබ්බෙන්වන නගරය මේ මොහොතේ මොනතරම් කාර්යබහුලව ඇතිදැයි සිතේ.
             වරක් ජර්මනියේදීහමුවු අපූරු තරුනියක් මතකයට නැගුනේ නිතැතිය.ඇය දර්ශනය ගැන කථිකාචාර්යවරියක් වූවාය. අගේ ප්‍රියතම විනෝදාංශයවූවේ ඇය සතුවූ කුඩා ගිටාරයත් ගෙන අප සේවය කල විශ්වවිද්‍යාලයේ පි‍ටු පසින්වූ කදු මුදුනතට නැග අදුර අපවසා ගන්නා තෙක් සියුම් ස්වර කාංඩයන් වැයීමයි. බොහෝ විට ඇය බි‍තෝවන් වැනි අපූරු නිර්මාන කරුවන්ගේ ස්වර කංඩ ‍තෝරාගන්නට කැමතිවූවාය. " වෙලවකට මට හිතෙනවා වචන කියන්නේ සංගීතය දෙව්ලොව ඉදන් පොලවට ඇදදමන ‍රැහැනක් වගේද කියලා" කිහිපවරක්ම ඇය එසේ මුමුනනු මට ඇසී තිබිනි. කදු පාමුල පිහිටි මාවත් දිගේ අදුරට කලින් නිවෙස් කරා කලබලයෙන් ඇදෙන මිනිසුන් දෙස බල සිටින්නට ඇය මහත්සේ ප්‍රිය කලය. "වෙලාවකට මට හිතෙනවා මම නතර වෙලවත්දෝ කියලා" ඇය කිහිපවිටක්ම මගෙන් ප්‍රශ්නකලා මතකය.

ෆේස්බුක් ගීතයක්

"ඇත්තෙන්ම මම ඒ ගීතය ගායනා කලේ මගේ මිතුරන් කිහිපදෙනෙක් නරබා ඔවුන් සතු‍ටුවේ යැයි බලාපොරොත්තුවෙන්. ඒත් මම බලාපොරොත්තු නොවුනු ආකාරයට  පිවිසීම් 3000,000 වඩා සටහන් වෙලා තියනවා දැක්කහම පුදුම හිතුනා." ඔස්ට්‍රෙලියානු තරුනියක  එරට ප්‍රදාන මාධ්‍යයක උදා වැඩසටහනකට සහභගී වෙමින් කියා සිටියා. ෆේස්බුක් ඇසුරෙන් ලබූ අත්දැකීමක් වන 40 හැවිරිදි අයෙකු අයව නැවත නැවතත් ෆේස්බුක් මිතුරියක් ලෙස බදවා ගන්නට ගත් උත්සාහය ගැන උපහාසාත්මක හා ෆේස්බුක්හි ස්වභාවයන් වන වේගවත් බව ආදී ස්වභාවයන් මතුවෙන අයුරින් මෙම ගීතය නිර්මානය වී තිබුනා. පහත දැක්වෙන්නේ එම ගීතයයි.
http://youtu.be/9gfg1OwAO2E

21ක් හැවරිදි "හැක් කරුවෙකු" ෆේස් බූක්හි තාවකාලික පදනම යටතේ සේවයට.......

පසුගිය "සෝනි අනවසර පිවිසීමකට" සම්බන්දයැයි සැකකෙරෙනෙ 21ක් හැවරිදි "හැක් කරුවෙකු" ෆේස් බූක්හි තාවකාලික පදනම යටතේ සේවයට බදවා ගෙන ඇතැයි තොරතුරු පලවෙනවා. ෆේස්බුක් ආයතනයේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරුකල මුත්, වැඩිපුර තොරතුරු හෙලිකිරීමෙන් වැලකී සිටි බවටත් සටහන් වෙනවා. ඔහු නමින් ජොර්ජ් හොස්ට් වන බවත් අවසන් වශයෙන් සටහන් වී තිබුනා.

ඔෆීස් 2010 සදහා පලමු යාවත්කලීන ගොනුව (සර්විස් පැක් 1)

මයික්‍රොසොෆ්ට් ආයතනය අද දින ඔෆීස් 365 දියත් කල බවත් ඔෆීස් 2010 සදහා පලමු යාවත්කලීන ගොනුව (සර්විස් පැක් 1) නිකුත්කල බවත් වාර්ථාවෙනවා. ඔවුන් පවසන්නේ ඔෆීස් 2010 යාවත්කාලීන ගොනුව දැනට වෙනමම බාගත කලහැකි ආකාරයට පවතින බවත් ස්වංක්‍රීය යාවත්කාලීනයක් ලෙසට ලබාදීමට මද කාලයක් ගතවනු ඇති බවත්ය. මෙම යවත්කාලීන ගොනුව අතර පසුගිය කාලය තුල නිකුත්කල ආරක්ශක පිලිසකරයන් ගේ එකතුවක් ද, වෑඩිදියුනු කිරීම් කිහිපයක්ද අඩංගුවන බවටත්, ඔෆීස් 360 සදහා "ගැලපවීම්"  කිහිපයකින් ද සමන් විත බවයි. නව වෙබ් පිරීක් සනය වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සදහාද "ගැලපවීම්" කිහිපයයකින් සමන් විත බවයි සටහන් වන්නේ. අනවශ්‍යයයි හැගේ නම් සම්පූර්න සේවා ගොනුවම නවත ඉවත්කිරීමේ පහසුකමද සහිත බවත් සදහන් කර තිබුනා. පහත සබැදියාව ඔස්සේ මෙම යාවත්කාලීනයන් ගොනුව ලබගත හැකිබවත් සටහන් වනවා.

http://www.microsoft.com/download/en/details.aspx?displaylang=en&id=26622

2011-06-28

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට..........

ආශ්‍රම ජීවිතයේදී හමුවූ ආදරනීයතම ටිබෙට් මිතුරා සමුගෙන ගිය පසු  ආශ්‍රම කදුමුදුනතින් බටහිර පහල කෙලවරින් ගලා බසින ගංගව දෙසට යාම මහත් අපහසුවක්  මනසට ගෙන එන කාරනාවක් වූවාය. කාලයාත් සමග මතකයන්හි මහත්බව කෙමෙන් වියකී යන අයුරු හරිම අපූරු වටහා ගැනීමකි.
                                                     එක හුස්මට බටහිර බෑවුම බැසගෙන ගියෙමි. මාකවදාත් ප්‍රිය කල ගංඉවුරු වඩාත් පුලුල් ජලය ඉතාසෙමින් ගලා බසින ඉසව්වට ලගාවීමි.දහවලේ තද හිරු‍රැස් දිය පහර විනිවිද යමින් නොගැබුරු පතුලේ වන සුදු පැහැති  විවිද හැඩගත් කුඩා ගල් කැට වලට වැදී විවිධ දිසාවලට පරිවර්තනය වෙමින් අපූරු චමත්කාර සජීවී චිත්‍රයක් මවා ඇතිවාසේය. ගංඉවුරේ විශාල ප්‍රදේශයක් පුරා විසිරී ගිය සුදු වැලි තලයේ සමහර තැන්වල විශාල තුරු ගොමු නිසා මැවෙන සිසිල් සෙවන ගැබුරු දැහැනකට කරන ආරාධනාවක් සේය.

ඔපෙරාහී 11.50 වන සංස්කරනය


ඔපෙරාහී 11.50 වන සංස්කරනය අද අන්තර්ජාලය වෙත මුදාහරින ලද බවට තොරතුරු පලවෙනවා. මෙම සංස්කරනයේදී  HTML5, CSS  සහ JavaScript සදහා වඩාත් එකගවන ආකාරයෙන් සැකසී ඇති බවට සදහන් වන අතර වේගය හා ගැලපීමේ හැකියාව අතින් ඉහල තැනක් ගන්නා අතර වෙබ් මෘදූ උපාංග නිර්මානකරුවන් වෙතට වැඩි පහසු කමක් නිර්මානය කරදී ඇති බවයි සටහන් වන්නේ. පහත ලිපිනය ඔස්සේ වින්ඩෝස් සදහා වන සංස්කරනය ලබා ගත හැකි වනු ඇත.

http://www.opera.com/browser/

ගූගල් ආයතනය පවසන්නේ තම භාවිතාකරන්නන්ගේ හැසිරීම් දත්ත ලබා ගැනීම සදහා..

ගූගල් ආයතනය පවසන්නේ තම භාවිතාකරන්නන්ගේ හැසිරීම් දත්ත ලබා ගැනීම සදහා වැඩිපුරම ඉල්ලුම් කරනුයේ ඇමරිකානු රජය බවයි. 2010 වසරේ ජුලි-දෙසැම්බර් කාලය තුල පමනක් එම රජයෙන් ඉල්ලීම් 4601 තමන් වෙත ලැබුන බවයි. මෙම ඉල්ලීම් වලින් 94%ක්ම සම්පූර්නයෙන් හෝ හැකි පමනින් සපුරන්නට තමන් සමත්වූ බවයි සටහන් වන්නේ. මෙම කාල පරාසයතුල මෙවැනි ඉල්ලීම් කල අනෙකුත් පරධාන රටවල් ලෙස බ්‍රසීලය, ඉන්දියාව, එක්සත් රාජධානිය හා ප්‍රංශය ගැන සටහන් කර තිබුනා. චීනය එකම ඉල්ලීමක් වත් කර නොතිබූ බවයි පැවසෙන්නේ.මෙයට හේතුව වන්නට ඇත්තේ ඔවුන් ඔවුන්ගේ සියලුම අන්තර්ජාල භාවිතයන් නිරන්තර විමසීමට ලක් කරමින් ඔවුනට උවමනා දත්තයන් ඔවුන් විසින්ම සකස් කරගන්නා නිසා විය හැකි බවයි වැඩි දුරටත් සටහන් වී තිබුනේ.

මයික්‍රොසොෆ්ට් ආයතනය අද නිකුත්කල නිවේදයකින් කියවෙන්නේ........

මයික්‍රොසොෆ්ට් ආයතනය අද නිකුත්කල නිවේදයකින් කියවෙන්නේ මේදින වල පැතිරෙමින් ඇති රූට්කිට් ආකාරයේ  හානිකර මෘදුකාංගයට ගොදුරුවන  පරිගණකයක් සදහා ගතහැකි එකම පිලියම වන්නේ නැවත වරක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරීම පමනක්වන බවයි. එම ප්‍රකාශකයා කියා සිටියේ " ඔබේ පරිගණක පද්ධතියත් මෙම Trojan:Win32/Popureb.E නම් හානිකර මෘදුකාංගයෙන්  ආසාදිත වුව හොත් අප ඔබට දෙන එකම උපදෙස වන්නේ  පරිගනකයේ මාස්ටර් බූට් රෙකෝඩරය නැවත සකස් කර රීකවරි ඩිස්ක් එකක් මගින් මෙහෙයුම් පද්ධතිය නැවත පිහිටවා ගන්නා ලෙසයි". 2010 වසරේද මෙවැනි තත්වයක් උද්ගත වූ අතර අවසානයේ මයික්‍රොසොෆ්ට් ආයතනයට තම  මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන්නන්හට මෙම උපදෙසම දෙන්නට සිදුවූ බවයි සටහන් වන්නේ.ඒ "Alureon" නම් හානිකර මෘදුකාංගයට ගොදුරුවූ පරිගනක සම්බන්දයනුයී.

2011-06-27

සයිබර් ත්‍රස්තවාදීන් ගැන දැනට සටහන්වී ඇති අවසානතම පුවත........


එක් කන්ඩායමක් වැඩ නතර කරයි. තවත් කන්ඩායමක් වැඩ පටන් ගනී. සයිබර් ත්‍රස්තවාදීන් ගැන දැනට සටහන්වී ඇති අවසානතම පුවත එයයි. සෝනි ඇතුලු ප්‍රධාන පෙලේ ආයතන කිහිපයකටම සයිබර් ප්‍රහාර එල්ල කරමින් පසුගිය කාලයතුල සයිබර් ලෝකයේ නිරන්තරයෙන් තම නාමය සටහන් කරගත්  ----   කන්ඩායම පසුගිය සති අන්තයේ නිවේදනය කලේ තම කන්ඩායම නිහඩ වන්නට තීරනය කර ඇති බවයි. මෙම කන්ඩායම තම නිහඩවීමේ තීර්නය 281,870 තරම් වන ‍ටුවිටර් ලුහුබදින්නන් වෙත නිවේදයය කරමින් කියා සිටියේ තම කන්ඩායම වෙනුවට තවත් කන්ඩායමක්  නම් කරමින් එය ලුහු බදින ලෙසයි.පසුගිය පැය 24 ඇතුලත මෙම නව කන්ඩායම වෙත ‍ටුවිටර් ලුහුබදින්නන් 60,000 එකතුවී ඇති බවයි සටහන් වන්නේ. පලමු කන්ඩායමේ මෙම සමුගැනීමේ නිවේදනයතුල වැඩිදුරටත් සටන්ව තිබුනේ පසුගිය තම ක්‍රියාකාරී කාලයතුල ‍රැස්කර ගත් බොහෝ වැදගත් කරුනු කාරනා රාශියකින් සමන්විත ටොරන්ට් ෆයිලක් මේවන විටත් සයිබර් අවකාශයට මුදා හැර ඇති බවත් තම ක්‍රියා කාරී කෙටි කාලය ගැන සතුටට පත්විය හැකි බවත්ය.

යු.එස්.බී 3.0

1995 වන විට පලමු පරපුරේ ආගමනය සිදුවිය. දත්ත හුවමාරුවේගය මෙගා බයිට් 12කට සීමා විය. වසර  2000  වනවිට  තප්පරයකට මෙගා බයිට් 480 වේගයක් සහිතව  දෙවන පරපුර වෙලදපොලට අවතීර්න විය. තප්පරයට ගිගාබයිට් 5ක වේගයකින් යුතුව දැනට බිහිවී ඇති අවසන් නොහොත් තෙවන පරපුර 2008 බිහිවිය.
    තෙවන පරපුර ඊ-සාටා උපාංගයකට වඩා ඇත්තෙන්ම වේගවත්ය.එහෙත් ඔවුන් පවසනවාට වඩානම් වේගයෙන් අඩුය.සැසදීම් අත්හදාබැලීමකදී, කියවීම් වේගය යු.එස්.බී 3.0 තප්පරයට මෙගා බයිට්90 සටහන් වන විටදී ඊ-සාටා උපාංගයක් සටහන් කලේ තප්පරයට   මෙගා බයිට් 75ක වේගයකි.යු. එස්.බී 3.0  තාක්ශනික දියුනු ක්‍රමයන් නිසා ජංගම පරිගණක වල බැටරි ආයුකාලයට නම් සහනයක් දෙන බව පැහැදිලිය. සමහර විටක ඔබේ පරිගණකයට යු.එස්.බී  3.0 පෝටයක් නොමැතිනම්  පී.සී.අයි  කාඩ් එකක් ලෙස මෙම පහසුකම පරිගණකයට ලබා ගන්නට දැන් වන විට හැකිය.

පරිගනකයේ යහපැවැත්ම තහවුරු කිරීම සදහා නොමිලේ ලබාගත හැකි

Capture

පරිගනකයේ යහපැවැත්ම තහවුරු කිරීම සදහා නොමිලේ ලබාගත හැකි තවත් මෘදුකාංගයකි මෙය. ඔවුන් පවසන්නේ ඔබේ පරිගණකයේ රෙජිස්ට්‍රි පද්ධතිය දෙස දෙයාකාර විමසුමකට ලක් කර ඒ අනූව වෙන වෙනම විස්ලේෂනයක යෙදෙන්නට හා  ගැටලු හදුනා ගන්නටත් ඒවාට විසදුම් යෝජනාකරන්නටත් මෙම කුඩා මෘදුකාංගය සමත් බවයි.

2011-06-25

"කේ කම්පියුටර් "

එය 8 කෝර් ප්‍රොසෙසර් 68,000+ සමන්විත වනු ඇත. එය නිමවනු ඇත්තේ පරිගණක රදවන 672 මත වනු ඇත. තප්පරයකදී 8 කුවාඩ්ට්‍රිලියනයක ගනනය කිරිමට හැකිවනු ඇත. තවමත් අර්ධ වශයෙන් නිමවා ඇති මෙම පරිගණකය  "කේ කම්පියුටර් " නමින් දැනට නම් කර ඇති මෙම පරිගනකය ජපානයේ කෝබේ වල කඩිනමින් නිමවෙමින් පවතින බවයි සදහන් වන්නේ. වසර 2012 වනවිට මෙහි නිමවීම් කටයුතු අවසන්වනු ඇති බවටයි සටහන්වන්නේ. දැනට ලොව පවතින වේගවත්ම පරිගණකය හා සැසදීමේදී දෙගුනයක් ඉදිරියෙන්  සිටිනු ඇති බවයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ.

ටෝනි බ්ලෙයාර් මහතාගේ පෞද්ගලික ඉලෙක්ට්‍රොනික දත්ත ගොනු වෙත අනවසර පිවිසීමක්

හිටපු බ්‍රිතාන්‍ය අගමැති වරයෙකුවූ ටෝනි බ්ලෙයාර් මහතාගේ පෞද්ගලික ඉලෙක්ට්‍රොනික දත්ත ගොනු වෙත අනවසර පිවිසීමක් කරන්නට සයිබර් පහර දෙන්නන් සමත්වී ඇති බවට සැක පහලවී තිබෙනවා. මේ වන විටත් ඉලෙක්ට්‍රොනික ලිපින පොත අන්තර්ජාලයට මුදා හැර ඇති බවට සැකකරන අතර එහි ඔහුගේ පෞද්ගලික දන්ත වෛද්‍යා වරයා , කාර්මික සහයකයා ඇතුලු බොහෝ අයගේ දත්ත ඇතුලත්ව ඇති බවයි සටහන් වන්නේ.පහර දෙන්නන් ‍ටුවිටර් හරහා නිකුත්කලේයැයි සැක කරන පනිවිඩයකින්  පැවසී ඇත්තේ ටෝනි බ්ලෙයාර් මහතා ඉරාක යුද්ධයට සහයදීමට විරුද්දව මෙම ප්‍රහාරය කල බවත් ඉහත කී යුද අපරාධයට වගකිව යුතු අයෙකු බවත් කියාය.

ෆේස්බුක් හි භාවිතා කරන්නන්ගේ සංක්‍යාව මිලියන 750 පමන වෙතැයි සටහන් වෙනවා

අද නිකුත්වූ වාර්ථාවකට අනූව ෆේස්බුක් හි භාවිතා කරන්නන්ගේ සංක්‍යාව  මිලියන 750 පමන වෙතැයි සටහන් වෙනවා. අඩුම තරමින් මාසයකට වරක් වත් ෆේස්බුක් වෙත ගොඩ වෙන්නන් මෙයට අදාල බවයි කියවෙන්නේ. බාහිර ආයතනයක වාර්ථාවක්වන මෙ පිලි බදව ෆේස්බුක් ආයතනයෙන් තවමත් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නැතැයි සටහන් වෙනවා. 2004 වසරේ ආරම්භ කරන ලද ෆේස්බුක් සමජ ජාලයේ භාවිතාකරන්නන් සංක්‍යාව පිලිබද ආයතනයෙන් නිකුත්වූ අවසාන වාර්ථාව මීට වසරකට පමන පෙර වූ අතර ඒ වන විට මිලියන 500 ලෙස දක්වා තිබුනා. මේ පිලිබදව අදහස් දක්වන්නන් පවසන්නේ සමහර විටක ෆේස්බුක් ආයතනයේ මීලග නිල ප්‍රකාශය භාවිතා කරන්නන්  බිලියනය ඉක්මවීමත් සමග නිකුත් කරන්නට බලා පොරොත්තු වනවා විය හැකි බවයි.

2011-06-24

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට.....

ඔහු ජර්මානු ජාතික මහත්මයෙකු වූවාය. අප සමග එක් වී මාස දෙක තුනක් වන්නට ඇතැයි මම විස්වාස කරමි.නගරයට ගෝස් පැමිනියදාට පසු දින සැදෑ සමාලෝචන ‍රැස්වීමේදී එතුමා ලොකු ස්වාමීන් වහන්සේගෙන් පැනයක් විමසුවාය. "ඔහු මගේ හොදම මිතුරා  කුඩාකල සිටම. අප පාසැල් පමනක් නොව විශ්වවිද්‍යාල ජීවිතය පවා ගත කලේ එකටමයි. මම නගරයට ගිය වේලේ මට ඔහු වෙත දුරකතන ඇමතුමක් නොදී සිටින්නට නොහැකි උනා. ස්වාමීන්වහන්ස, මම මෙම ආශ්‍රමයේ විස්තර ඔහුට කීවිට ඔහුටත් මෙහි එන්නට අවශ්‍යබව කීවා. විස්තර සහිත  ලිපියක් ඔහුවෙත ඉක්මනින්ම එවන්නයැයි ඉල්ලීමක් කලා. මම ඔහුට යැවිය යුතු වැදගත්ම පනිවිඩය කුමක්දැයි කරුනාකර  මට පවසනවාද?. ලොකුස්වාමීන් වහන්සේ සුපුරුදු මද සිනාවත් සමගම මෙලෙසකීවා, මහත්මයා ඔහුට පවසා යවන්න  "ඔබ මෙහි පැමිනිය යුත්තේ ඔබව හමුවීමට කැමැත්ත ඇත්නම් මිසක වෙන කිසිවෙකු හමුවීම සදහා නොවිය යුතු බව."

ඔබේ මිතුරන් ‍රැකියාව කරන ස්තානයන් පමනක් නොව ........

ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවිය ඔබේ ෆේස්බුක් පි‍ටුව සමග සහයෝගයෙන් ක්‍රියා කරමින් ඔබේ මිතුරන් ‍රැකියාව කරන ස්තානයන් පමනක් නොව ඔවුන්ගේ ‍රැකියා ස්තානවල පවත්නා පුරප්පාඩු ‍රැකියා අවස්තා ගැන ඔබ වෙත තොරතුරු ‍රැස්කර දෙන්නට සමත් වන බවයි. ඔබට ගැලපෙන්නේ යැයි හැගෙන ‍රැකියා අවස්තාගැන මිතුරන්ගෙන් වැඩිදුර තොරතුරු ‍රැස්කර ගන්නට මේ අනූව ඉඩ කඩ සැලසෙන බවයි ඔවුන් පවසන්නේ. සමාන්තරව මෙවැනි සේවා සපයන වෙබ් අඩවි වලට වඩා මෙහි ඇති විශේෂත්වයන් ලෙස ඔවුන් පවසන්නේ මෙම සේවය ලබා ගැනීමේදී ඔබේ ෆේස්බුක් පි‍ටුවතුල මෙම වෙබ් අඩවිය ගැන සටහනක් තබන්නට අවැසි නිවීමත්, ඔබ ‍රැකියාවක් ගැන විමසිලිමත් වන බවක් මිතුරන්ට දැන ගන්නට නොහැකිවීමත්, ප්‍රදේශීයව ලෙස පවා වෙන් වෙන්ව තොරතුරු සොයා බැලීමට හැකිවීමත්යැයි ඔවුන් වැඩිදුරටත් සටහන් කර තිබුනා.පහත ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවිය වෙත ඔබටත් පිවිසෙන්නට හැකි වනු ඇත.
http://www.inthedoor.com/

මයික්‍රොසොෆ්ට් Kinect motion-sensing තාක්ෂනය සෞඛ්‍යමය හිතවතෙකුද වන හැඩ..

මයික්‍රොසොෆ්ට් ආයතනය හදුවාදෙන චලන හදුනා ගැනීමේ තාක්ෂනය වෛද්‍ය සහයෙකු ලෙසද භාවිතාකරන්නට ඇති හැකියාව පසුගිය දිනක පැසිපික් සෞඛ්‍ය සමුලුවක් අමතමින් එහි නියෝජිතයෙකු පෙන්වා දෙනු ලැබිනි.දැනට රෝගීන් සහභාගීවන "ඔන් ලයින්" සැසිවලදී මෙන් සත්‍ය රූව හුවමාරුවට වඩා  රෝගීන්ගේ කාටූනමය චලන රටා තුලින් පැහැදිලිවම ඔවුන්ගේ කායික චලන රටා නිරූපනය වන බව ඔහු පැහැදිලි කල බවයි  සටහන් වන්නේ.
         සෞඛ්‍යමය සේවා වෙළදපල යනු ඩිජිටල් බලවතුන්ගේ ඉලක්කයක් ලෙස බොහෝ කලක් තිස්සේ පවතින අතර මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ තමන් වෙළද අරමුනකින් තොරව තවත් බොහෝ නව නිපැයුම් සදහා සහයවන්නට බලාපොරොත්තු වන බවයි.

ෆයර්ෆොක්ස් හි 4 වන සංස්කරනය සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීම අවසන්

ෆයර්ෆොක්ස් හි 4 වන සංස්කරනය සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීම ෆයර්ෆොක්ශි 5 වන සංස්කරනය නිකුත්වීමත් සමගම අවසන්ව ඇති බවට තොරතුරු පලවෙනවා. එසේ මුත් ෆයර් ෆොක්ස් 3.6 සදහා යාවත්කාලීනයන් ඉදිරියටත් ලබාගත හැකිවනු ඇති බවටයි කරුනු පලවෙන්නේ. සමස්ත ලෝක භාවිතාව තුල 21.74% හිමිකරගෙන ඇති ෆයර්ෆොක්ස් වෙබ් පිරික්සනයේ, පසුගිය මස වනවිට ෆයර්ෆොක්ස් 4  සංස්කරනය 10.08% හා ෆයර්ෆොක්ස් 3.6 සංස්කරනය 9.14% ක  භාවිතා ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින බවයි ගනනයවී ඇත්තේ. තම අවසන් සංස්කරනය ගැන මොසිල්ලා ආයතනය පවසන්නේ ගනනින් 1000 අධික දියුනු කිරීම් වලින්  එය සමන්විත බවයි.

"කෝර් ෆ්ලඩ්" බොට්නෙට් ආකාරයේ නීති විරෝධී පරිගනක ගොනුව......

"කෝර් ෆ්ලඩ්" බොට්නෙට් ආකාරයේ නීති විරෝධී පරිගනක ගොනුව විසුරවන්නට ඇමරිකානු ආරක්ශක අංශ සමත්ව ඇති බවට තොරතුරු පලවෙනවා. දල වශයෙන් පරිගණක මිලියන 2.3 මෙම ජාලය තුලට අයත්ව තිබෙන්නට ඇති බවයි සැක කෙරෙන්නේ. අමරිකානු අධිකරන අවසරයක් මත පසුගිය ආප්‍රේල් මැද භාගයවන විට ඇරබි මෙම මෙහෙයුම ඉහතකී නීතිවිරෝදී පරිගනක ගොනුව පවත්වාගන්නට මුල් වූ සර්වරයද අඩපන කර දමන්නට සමත්වූ බව සටහන් වනවා.

හැරී පොටර්" පොත් ගොනුව ඩිජිටල් කරනය වීමට සියල්ල සූදානම්

"හැරී පොටර්" පොත් ගොනුව ඩිජිටල් කරනය වීමට සියල්ල සූදානම් බවයි වාර්ථාවෙන්නේ. www.pottermore.com වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචිවී පොත් නමයකින් සමන්විත හැරී පොටර් පොත් පෙලෙහි ඉලෙක්ට්‍රොනික සංස්කරනය මිලදී ගත හැකි වන අතරම කතුවරයා ඇතුලු අනෙකුත් හැරී පොටර් ලොලයන් සමග සබදතා ගොඩනගා ගන්නටද පහසුවනු ඇති බවයි සටහන් වන්නේ. කාල්පනික හැරිපොටර්ගේ උපන්දිනයලෙස සැලකෙන ජූලි 31 මෙම ලියාපදිංචිය නිල වශයෙන් අරබන්නට බලා පොරොත්තුවන බවයි සටහන් වන්නේ.
     හැරිපොටර් පොත් පෙලේ පලමු පලකිරීම 1997  සිදුවූ අතර අවසාන පලකිරීම සිදුවූයේ 2007 බවයි සටහන් වන්නේ."වෝනර්" සමාගම මෙම පොත් පෙල ඇසුරින් සිනමා පට අටක් නිර්මානය කර ඇති අතර අවාසාන සිනමා පටය ජූලි 15 දින නිකුත් කරන්නට නිය මිත බවයි සටහන් වන්නේ.මේ සම්බන්ද යු ටියුබ් වීඩියෝව  ඊයේ නිකුත් කරන ලදී.

2011-06-23

ඉන්දියානු පුරවැසියන්ට ඩිජිටල් අනන්‍යතාවයක්

මේ වනවිට ඉන්දියාව එරට පුර වැසියන්ගෙන් මිලියන 9.5 කට ඩිජිටල් අනන්‍යතාවය ලබාදී අවසන් බවයි සටහන්වන්නේ. සමහර ඉතා දුප්පත් ජනතාවට නිවාස ලිපිනයක්, පාසැල් සහතිකයක් නොව අඩුම තරමින් උප්පැන්න සහතික පතක්වත් අහිමි අයවන අතර ඔවුන් සතු එකම අනන්‍යතාවය මෙම ඩිජිටල් අනන්‍යතාවය පමනක් බවට පත්ව ඇති බවයි කියවෙන්නේ. මෙම අනන්‍යතාවය ඔස්සේ "ඔන් ලයින්" ආකාරයට පුරවැසි දත්ත ගොනුව තුලින් ජංගම දුර කතනයකින් පවා තොරතුරු ලබා ගත හැකි ආකාරයට කටයුතු සකස් කර ඇති බවයි සටහන් වන්නේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙම අනන්‍යතාවය පිලිගන්නා අතර ක්‍රමයෙන් බැංකු වැනි අධිඅනන්‍යතාවයක් බලාපොරොත්තුවන ආයතනද මෙම  අනන්‍යතාවය පිලිගැනීමට ක්‍රමයෙන් පෙලබෙමින් සිටින බවට සටහන් වන අතරම මෙම ක්‍රමවේදය ඔස්සේ රජය එරට වැසියන්ගේ පුද්ගලත්වය සීමාව ඉක්මවා ආක්‍රමනය කරමින් සිටිනබවටත් චෝදනාත් නැගෙමින් පවතින බවයි වැඩිදුරටත් සටහන්ව තිබුනේ.

අන්තර්ජාලසේවා සැපයුම අහිමි කරන්නට ඉඩ සැලසෙනසේ ..........

ප්‍රකාශන අයිතීන් නොසලකාහැර ව්‍යාජ වෙබ් අඩවිවලින්  සිනමා පට හා ගීත බාගත කරන්නන්ගේ අන්තර්ජාලසේවා සැපයුම අහිමි කරන්නට  ඉඩ සැලසෙනසේ නව භාවිතාවන් අන්තර්ජාල සේවා සැපයුම් කරුවන් වෙත හදුන්වා දෙන්නට සැරසෙන බවට වාර්ථා වෙනවා. ලොව ප්‍රධානපෙලේ අන්තර්ජාල සේවා සපයන්නන් හා බුද්ධිමය දේපල නිපදවන්නන් අතර මේ සදහා සාර්තක එකගතාවයක් ඇතිවෙමින් පවතින බවයි සටහන් වන්නේ.
       මුලින්ම තම සේවා ලබන්නන් අතරින් මෙම ව්‍යාජ වෙබ් අඩවිවලින්  බාගත කරන්නන් හට අනතුරු අගවන අතර, අනතුරු ඇගවීම් කිහිපයකින් අනතුරුවත් එකී ගනුදෙනු කරුවන් එම වෙබ් අඩවි වෙත නැවත නැවත් යොමුවන්නේ නම් ඔවුන්ගේ සයිබර් අවකාශයේ සැරීමේ නිදහස  ප්‍රධාන වෙබ් අඩවි 200 කට වැනි සීමාවකට ගෙන එන්නටත් අවසාන ලෙස තම සේවාසැපයුම් ගිවිසුම අලුත් කිරීම පමා කරන්නට හෝ නොකර සිටින්නට පොලබවන්නටත් හැකිවනසේ එකගතාවයකට පැමින ඇති අතර  අවසන් එකගතාවයන්ට ලබන මස වන විට පැමිනෙන්නට හැකිවනු ඇති බවට විස්වාසය පලවන බවයි  සටහන්වන්නේ.

අමුත්තන් බිලියන 1 ක පිවිසීම් සටහන් කරගනිමින් ගූගල් වෙබ් අඩවිය ඉදිරියෙන්....

මැයි මාසයතුලදී අමුත්තන් බිලියන 1 ක පිවිසීම් සටහන්  කරගනිමින් ගූගල් වෙබ් අඩවිය ඉදිරියෙන් සිටින බවට වාර්ථා වෙනවා. මෙය එක් මසක් තුල වෙබ් අඩවියක්වෙත  වර්ථාවූ වැඩිම අමුතන් පිවිසීම ලෙසටයි සටහන් වන්නේ.මෙම පිරිස අතරින් 14.3 ඉන්දියාවෙන් හා 13.5 දකුනු අප්‍රිකාවෙන් බවත් අඩුම ප්‍රතිශතය වාර්ථාවෙන්නේ උතුරු කොරියාවෙන් හා චීනයෙන් බවත් සටහන් වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 0.7%  හා 0.8% ලෙස සටහන් වෙනවා.
  මෙම ගනනය කිරීමට අනූව මයික්‍රොසොෆ්ට් ආයතනය දෙවන තැන හිමිකර ගෙන ඇති අතර එය අමුත්තන් මිලියන 905 ලෙසයි සටහන් වන්නේ.ෆේස්බුක්  අඩවිය තෙවන තැන හිමිකරගෙන ඇත්තේ අමුත්තන් මිලියන 714ක අමුත්තන් පිවිසීමක් සටහන් කර ගනිමින් බවයි සටහන්වතිබුනේ.
      කෙසේ නමුත් අමුත්තන් වැඩිම කාලයක් ගතකර ඇති වෙබ් අඩවිය ලෙස පසුගිය මාසයේ මුල් තැන ලබා ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිය බවයි සටහන් වන්නේ. එය මිනිත්තු බිලියන 250 ලෙස සටහන් වන අතර 204 ලෙස මයික්‍රසොෆ්ට් හා 200 ගූගල් ලෙස සටහන් වෙනවා.

ෆේස්බුක් අඩවිය නිර්මානයවීමේදී තම සංකල්පයන් අනවසර.........

ෆේස්බුක් අඩවිය නිර්මානයවීමේදී තම සංකල්පයන් අනවසර ලෙස භාවිතාකරනලදැයි කියමින් ෆේස්බුක් හිමි කරුගේ උසස් අධ්‍යාපනික යුගයේ මිතුරන් විසින් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන එනු ලැබූ නීතිමය ක්‍රියාදාමය ඩොලර් මිලියන 65 ක එකගතාවය මත අවසන්කරන්නට එකගවූ බවට පුවතක් පලවෙනවා. ෆේස්බුක් වෙබ් අඩවියේ වර්තමාන වටිනාකම ඩොලර් බිලියන 100 අධික බවයි පැවසෙන්නේ.

පරිගණක වෙත "කඩාවදින" දැන්වීමක් හරහා .........

මොවුන්ගෙන් එක් කන්ඩායමක් විසින් ආසාදිත තත්වයට පත්කල පරිගණක ගනන 960,000 ලෙස ගනන් ගැනේ. අයුතුලෙස උපයයාගෙන ඇති මුදල ඇමරිකානු ඩෝලර්මිලියන 72 ලෙස සැලකේ. අනෙත් කන්ඩායම මිලියන දෙකකට ආසන්න මුදලක් උපයා ඇතැයි සැලකේ. ඇමරිකානු ආරක්ශක අංශ දෙවන කන්ඩායමට අයත් 22 හා 23 හැවිරිදි තරුනයන් දෙදෙනෙකු අත්වඩංගුවට ගැනීමත් සමග මෙම තොරතුරු හෙලිවන්නට පටන්ගෙන තිබේ.
     පරිගණක වෙත "කඩාවදින" දැන්වීමක් හරහා භාවිතාකරන්නන් බියට පත්කරනුයේ "ඔබේ පරිගණකය දරුනු ආසාදිත තත්වයකට" පත්ව ඇතිබවයි. ඩොලර් 100 කට අධික මුදලක් අයකර ගැනීමෙන් අනතුරුව ඔවුන් කරනුයේ තම අනවසර හා ව්‍යාජ දැන්වීම අදාල පරිගණකයෙන් ඉවත්කිරීම පමනක් වන අතර ඔවුන් අතට පත්වන නයවර කාඩ්පත් තොරතුරු නිසා හානිය වඩාත් අධික විය හැක. වැඩිදුර පරීක්ෂන වල ප්‍රතිපලයක් ලෙස එක්සත්ජනපදය , ජර්මනිය ඇතුලු රටවල් කිහිපයකින් ඔවුනට සහයවීම සදහා යොදාගත් පරිගනක 50කට අදික සංක්‍යාවක් අත්වඩංගුවට පත්කර ගැනීමට සමත්වූ බවයි වැඩිදුරටත් සටහන් වන්නේ.

2011-06-22

බ්‍රසීල රජයට අයත් ප්‍රධානතම වෙබ් අඩවි දෙකක් වෙත පහරදී........


මැතකාලයේ ප්‍රධානපෙලේ සයිබර් පහරදීම් කිහිපයකටම වගකිවයුතුයැයි සැලකෙන LulzSec හැකර් කන්ඩායම විසින්  බ්‍රසීල රජයට අයත් ප්‍රධානතම වෙබ් අඩවි දෙකක් වෙත පහරදී මේ මොහොත වනවිටත් ඒවාට පිවිසීම අවහිර කර ඇති බවට වාර්ථාවෙනවා.
     පසුගියදා අත්වඩංගුවට පත් 19 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුනයා තම කන්ඩායමට අයත් අයෙකුලෙස සැක පලකරමින් පලවූ වාර්ථා තමන් ප්‍රතික්ෂේප කරන බවකුත් ඉහතකී කන්ඩායම අද නිකුත් කල "‍ටුවිටර්" සටහනකින් කියවී තිබුනා.

ෆයර් ෆොක්ස්හි 5වන සංස්කරනය


වෙබ් පිරික්සනයන් අතර තරගය දිනෙන් දින තියුනු වෙමින් පවතී. ෆයර් ෆොක්ස් හි හතරවන සංස්කරනය නිකුත්වී තෙමසක් ගෙවී යනවාත් සමගම තම 5වන සංස්කරනය නිකුත්කරන්නට තීර්නය කර ඇත. එච්,ටී.එම්.එල් 5 හා සී එස් එස් ඇනිමේශන් සදහා ඉතා හොද සහයක් සපයන දියුනු කිරීම් රාශියකින් සමන්විත නව සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ලබාගත හැකි බවයි සටහන් වන්නේ. මීලග සංස්කරනය අගෝස්තු මස පලමු භාගයතුලදී නිකුත්කරන්නට තමන් බලාපොරොත්තුවන බවත් වැඩිදුරටත් සටහන්ව තිබුනා.

http://www.mozilla.com/en-US/firefox/new/

ලෝකය පුරාවට දිගහැරුන මේ අපූරු නිදහස් අවකාශය............

.... හොදයි, මට වැටහෙන විදිහට මම ඒක ගැන මෙහෙම පැහැදිලි කරන්නට උත්සාහා කරන්නම්. වෙබ් එක ඇතුලේ තවමත් ගැවසෙන්නන්ගේ අනන්‍යතාවය ගැන විශාල නිදහසක් ඉතිරිවෙලා තියනවා. අනිත් අතින් කිව්වොත් ඔබ වෙබ් එක ඇතුලේ කරන කියන වැරදි වලට ඔබේ සැබෑ සම්බන්දය සොයන්න තවමත් ලොකු වෙහෙසක් දරන්නට සිදුවෙන එක ඇතුලේ ඔබට නිදහස්  ඉඩකඩක් ඉතිරිවෙලා තියනවා. ඔබ ඇතුලේ සැගවිලා ඉන්න පහත් මිනිසා මුදා හරින්නට ඔබ ප්‍රයෝජනයට ගන්නේ මෙම ඉඩ කඩයි. හැබැයි අමතක කරන්න එපා සිදුවීමෙන් සිදුවීමට නිතීය සුරකින්නන්ට සිදුවෙනවා මේ ඉඩකඩ අහුරලා දන්නට.මේ සිදුවීම ගැන මගේ සිතේ ඇදෙන චිත්‍රය පැහැදිලි කලොත්, හරියට බොහොම ප්‍රාතමික මිනිස් ඉතිහාසයේදී අයෙකුට වනාන්තරයතුල නිදහසේ සරන්නට ඉඩ ලැබුනා වගේ.සීමා මායිම් වලින් තොරව.ක්‍රමයෙන් ගෝත්‍ර හරි මොනවාහරි කන්ඩායම් වෙන්නට පටන් ගන්නවාට සමාන්තරවම මේ නිදහසත් අහිමි වෙනවා. හැබැයි දැන් අපි ජීවත් වෙන්නේ දියුනු සමාජයක.ලෝකය පුරාවට දිගහැරුන මේ අපූරු නිදහස් අවකාශය දූෂනය කරන්නන්  තමයි වගකියන්න ඔනේ ක්‍රමයෙන් මේක තුල ඉදිවෙන වැට කඩොලු තුලින් අර සොදුරු අවකාශය සීමා වීමට............

අද පුවත්......

මෑත කාලයේ පැතිරගිය පරිගනක පහරදීම් ‍රැල්ලට සම්බන්ද කල්ලියක සමාජිකයෙකු බවට සැක කරන 19 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුනයෙකු පරිගණක අපහරනය යටතේ අත්වඩංගුවට ගන්නට සමත්වූ බවක් එරට පොලීසිය නිවේදනය කර සිටිනවා.

2011-06-21

නවතම ෆේස්බුක් ආරක්ශක මෘදු උපාංගයක්........

ෆේස්බූක් වචනය බොහෝ අයවලුන්ගේ මනසට ගෙන එන්නේ බොහෝ පරිස්සමින් ගැවසිය යුතු අනතුරු අධික සයිබර් ප්‍රදේශයක් ලෙසයි. සමහරුන් තම කාර්යාලයේ ආසන්නම මේසවල රාජකාරී කරන තුන් හතර දෙනෙකු හැරෙන්නට  කිසිවෙකු තම ෆේස්බුක් මිතුරන් නොකරගන්නට තීර්නය කර ඇත්තේ මේනිසාම විය හැකිය.කලින කලට මේ ගැටලුවට පිලිතුරු නිර්මානය නොවෙනවාම නොවේ.පසුගිය දිනවලදි කැලිෆෝනියානු සරසවියක සිසුන් පිරිසක් නවතම ෆේස්බුක් ආරක්ශක මෘදු උපාංගයක් හදුන්වා දෙන ලදී. ෆේස්බුක් "ඇප්ලිකේෂනයක්"  ලෙස සටහන් වන මෙම සේවාව නොමිලේ ලබා ගතහැකි සේවාවක් ලෙස හදුන්වාදී ඇත. පහත ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් මෙම සේවාව ලබා ගත හැකි වනු ඇත.
https://apps.facebook.com/mypagekeeper/

අනන්තය තෙක් පෙනෙන විසල් කදු................

ගතවගිය පුන්සද දිනට පෙර පුන්සද දිනය ගතවී දින දෙක හෝ තුනක් වන විට ලොකුස්වාමීන් වහන්සේගෙන් හදිසි කැදවීමක් ලැබිනි. ගැබුරු මනස තුලට මනස තුලට චාරිකාවකට වහා සූදානම් වන්න, හෙට දිනයේ අලුයමින්ම අප පිටත්විය යුතුයි. සාමාන්‍යයෙන් උන්වහන්සේ අන නොකරයි. පසු දින හවස් භාගයවනවිට ගැබුරු වනයතුල කදුහෙල් තුන හතරක් පසුකල පාගමනකින් පසුව කදු මුදුනකට අසන්නයේවූ විශාල ස්වභාවික භාවනා කුටියකට ලගාවන්නට අපට හැකිවිය. මීට දින දෙක තුනකට පෙර අප සමග එක්වූ සිල් ඇත්තෙකු මදසිනාවකින් අපව පිලි ගත්තාය. මද වෙහෙස නිවා ගැනීමකින් අනතුරුව ලොකු ස්වාමීන්වහන්සේ මට මෙසේ කීවාය, අප පසුකල දුර කතර හරිම අපිලිවෙලයි කියා සිතනවා නේද? මොනතරම් දුෂ්කර බාදක අප පසුකලාද යැයි ඔබ සිතනවා ඇති නේද? ඔබවිසින්ම නිර්මානය කරගෙන ඇති ඔබේ සිත තුලින් පවත්වාගෙන යමින් සිටින මීටත්වඩා සියදහස් ගුනයක මායා බාදක ඉක්මවමින් අර සිල් ඇත්තා සිටින තැනට එන්නට ඔබ මහත්සේ ආසාවෙන් සිටිනවා යැයි මම දන්නවා. අපි මීලග පුන්සද දිනය තෙක් ඔබට ඔබේ ගැබුරු මනසේ කිමිද ඔබව තේරුම් ගන්නට කාලය තිබෙනවා...........

ඩොමේන නාමයන්ගේ සීමාව පුලුල්වේ......................

ඩොමේන නාමයන්ගේ සීමාව සැලකියයුතු මට්ටමකින් ඉවත්වන බවට තොරතුරු පලවෙනවා. ඊයේ ‍රැස්වූ ICANN කන්ඩායමේ හමුවකදී මෙම තීරනය ගත් බවයි සටහන් වන්නේ. ඩොලර් 185,000 ගාස්තුවකට යටත්ව නව ඩොමේනයක් සදහා ඉල්ලුම් කල හැකි ලෙසට සටහන්ව තිබුනා. ලොව ප්‍රධානපෙලේ සමාගම් විශාල ප්‍රමානයක් තම වෙලද අනන්‍යතාවය අන්තර්ජාලයතුල වඩාත් තහවුරුකරගනුවස් මෙම අවස්තාව ප්‍රයෝජනයට ගනු ඇති බවට විස්වාසය පලවී තිබුනා.කැනොන්  ආයතන මෙන්ම යුනිසෙප් ආයතනය මේවන විටත් තම ඩොමේනයන් සදහා මේවන විටත් ඉල්ලුම් කර ඇති බවටත් සටහන්ව තිබුනා.

2011-06-19

විනාඩි දහයක ආයුකාලයක් සහිත ඊමේල් ලිපිනයක්.......

අන්තර්ජාලය තුල ඊමේල් ලිපිනයක් යනු සාමාන්‍ය සමාජයේදී හැදුනුම් පතක් වගෙ දෙයක්.කිසියම් අඩවියකදී ඔබේ අනන්‍යතාවය හා පසුකාලීනවත් සබදතාවය උවමනා විටකදී හැමවිටකදීම ඔබේ ඊමේල් ලිපිනය ඉල්ලාසිටීම සිදුවෙනවා.අනිත් අතින් නිරවුල් ඊමේල් ගිනුමක් දිගුකාලීනව පවත්වාගෙන යාමත් අපහසු කටයුත්තක් වන්නේ නිරන්තරයෙන් ලැබෙන්නට ගන්නා අනවශ්‍ය ඊමේල වලින් පැමිනෙන ලිපි ගොනුව නිතරම පිරෙන්නට පටන් ගැනීම නිසයි. මෙසේ සැක සහිත හෝ වෙබ් අඩවියක ලියා පදිංචිය සදහා පමනක් ඊමේල් ලිපිනයක් උවමනා විටකදී , විනාඩි දහයක ආයුකාලයක් සහිත ඊමේල් ලිපිනයක් තිබීම සමහර විට ප්‍රයෝජනවත් වන්නට ඉඩ තිබෙනවා. පහත ලිපිනය ඔස්සේ පිවිස විනාඩි දහයකට සීමාවූ ඊමේල් ලිපිනයක් ලබා ගත හැකියි.

2011-06-18

අතිමහත් දේශපාලකයින් අන්තර්ජාලයට අකමැතිවෙන එක හරිම ස්වභාවිකයි

.......  ඔව් ඔබ කියන එක නිවැරදියී.සමාජවාදීවේවා ධනවාදීවේවා, මම කියන්නේ මොනවාදී හරි අතිමහත් දේශපාලකයින් අන්තර්ජාලයට අකමැතිවෙන එක හරිම ස්වභාවිකයි. ඒගොල්ලන්ට දරාගන්න බැරි තරම් මෙතැනදී භාවිතාකරන්නන් සමාන වෙනවා. සිවිල් සමාජයේදී මෙන් සංකේත කිහිපයක් භාවිතයෙන් පහසුවෙන් අනිකාව ඉක් මවන්න අපහසුවෙනවාට ඒගොල්ලෝ ලෙහෙසියෙන් කැමති වෙන එකක් නැහැ. මේක හරිම සුන්දර දේශපාලනික  ආකෘතියක්. අද නැතත් කවදාහරි මේ අපූරු තාක්ශනික ආකෘතිය දේශපාලනයට ගලපාගන්නට  සිදුවෙන එක ගැන නම් මට කිසිම සැකයක් නැහැ.ඔබේ දෙවැනි ප්‍රශ්නයට මම මෙහෙම...................

මොසිල්ලා වෙබ් පිරික්සනයට ඈදුනු පීඩීඑෆ් කියවනයක් ....

මුලින්ම වෙබ් පිරික්සනයකට ඈදුනු පීඩීඑෆ් කියවනයක් ලබාදෙමින් භාවිතාකරන්නන්ට පහසුව ගෙන ආවේ ගූගල් වෙබ් පිරික්සනය බව සමහර විටක ඔබට අමතකව නැතුවා වන්නට ඉඩ ඇත. වසරකට අධික කාලයක් තිස්සේ එම පහසුකම ලබාදුන්නේ ගූගල්ක්‍රොම් පමනක් බවයි  කියවෙන්නේ. මොසිල්ලා වෙබ් පිරික්සනයත්  එච්.ටි.එම්.එල් 5 සහ ජවා ස්ක්‍රිප්ට්  වලින් නිපදවන ලද ආකාරයේ  පීඩීඑෆ් කියවනයක් තම වෙබ් පිරික්සනයට සම්බන්දකර නිකුත්කරන්නට කටයුතු යොදමින් සිටින බවයි සටහන් වන්නේ.ඉදිරි තෙමස තුල මෙය ඉදිරිපත් කරන්නට තමන් බලා පොරොත්තු වන බවයි කියවෙන්නේ.

වෙබ්ජීඑ අනතුරුදායකලු

වෙබ්ජීඑල් ගැන ගූගල් ක්‍රොම් මෙන්ම ෆයර්ෆොක්ස් පවසන්නේ ත්‍රිමාන අංගයක් වෙබ් පි‍ටුවක් මතට ගෙන එන්නට දැනට ඇති අපූරුතම  තාක්ෂනයක් බවයි. පසුගියදා ඔවුන් ප්‍රකාශකර සිටියේද මෙම තාක්ශනය දියුනු කරන්නට තමන් උනන්දුකරවන බවයි.නමුත් මයික්‍රොසොෆ්ට් ආයතන පසුගියදා ප්‍රකාශකර සිටියේ මෙම තාක්ශනය ඉතාම අනතුරු දායක බවයි. වින්ඩෝස් සදහා අනතුරු දායක වියහැකි දේ ගැන සොයා බලන තම අයතනයේ කන්ඩායම විසින් මෙම බව තහවුරු කර ගෙන ඇති බවට වැඩිදුරටත් පලවී තිබුනා.
     මෙම තාක්ශනය යටතේ පරිගනකයේ දෘඩාංග පාලනය පිටස්තරයකු අතට පත්වීමේ අවදානම ඉතා අධික බයි ඔවුන් ප්‍රකාශකර සිටියේ.

අලුත්ම මෘදුකාංග පහරදෙන්නෙන්ගේ ඉලක්කය....

ප්‍රකට ක්‍රීඩා මෘහුකාංග සමගමක්වන "සෙගා" ආයතනය අලුත්ම මෘදුකාංග පහරදෙන්නෙන්ගේ ඉලක්කයවීඇති බවට කරුනු පලවෙනවා. තවමත් තම සේවාවන් යතාතත්වයට ගෙනෙන දිනයක් සදහන් කල නොහැකි බව පවසන මෙම ආයතනය පවසන්නේ තම පාරිභෝගිකයන්ගේ ඊමේල් ලිපිනයන්, උපන්දිනයන්, අවසර පද හා තම ආයතනය අතර සිදුවූ ගනුදෙනු පිලිබද තොරතුරු සුරක්ෂිත බවයි. පවසන්නේ. මේ අතර පසුගිය දිනවල බෙහෙවින් කතා බහට ලක්වූ සයිබර් පහර දෙන්නන් කන්ඩයමක් තම ‍ටුවිටර් තුලින් පවසා ඇත්තේ  මෙම පහරදීමට අදාල පහරදෙන්නන් විනාශකරන්නට තමන් සහය දෙන බවකි.

මයික්‍රොසොෆ්ට් "ඔටෝරන්" ගනයේ හානිකර මෘදුකාංග ජයගත් බවට......

මයික්‍රොසොෆ්ට් ආයතනය "ඔටෝරන්" ගනයේ හානිකර මෘදුකාංග ජයගත් බවට කියවෙනවා. 2010 අග භාගය වන විට ඇරබි මෙම මෙහෙයුම මේ වන විට බෙහෙවින් සාර්තක වී ඇති බවයි කියවෙන්නේ. වෙනදා මෙන්  වෙනත් ආරක්ශක මෘදුකාංග සමගමක ආරක්ෂාව පැතීම වෙනුවට මෙවර මයික්‍රොසොෆ්ට් ආයතනය ක්‍රමයෙන් වින්ඩෝස් පරිගණකවල ධාවනය වන "ඔටෝරන්" බොහොමයක් අඩපනකර දමන්නට උවමනා යාවත්කාලීනයන් නිකුත් කරන ලදී. මයික්‍රොසොෆ්ට් ආයතනයට අනූව තවමත් අවදානම අඩුම මෙහෙයුම් පද්දතිය ලෙස තවමත් වින්ඩෝස් 7 ඉදිරියෙන් සිටී.

2011-06-16

අද පුවත්

සී.අයි.ඒ සංවිධානයේ වෙබ් අඩවිය වෙත ඊයේ දිනයේ හවස් භාගය වන විට පිවිසෙන්නට නොහැකි වනසේ තමන් සාර්තක පහරදීමක් කලබවට සයිබර් පහර දෙන්නන් කන්ඩායමක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඊයේ රාත්‍රියේ සිදුවූ සදු හිරු හා පොලව අතර සිදුවීම සජීවීව ලොවපුරා දැක බලා ගන්නට ගූගල් ආයතනය පහසුකම් ලබාදුන් ට තොරතුරු සටහන් වනවා. යු-ටියුබ් හි ගූගල් නාලිකාව ඔස්සේ මෙම විසිරුවාහැරීම සිදුවූ බවයි සටහන් වන්නේ.

එක්සත් රාජධානියෙන් කියවෙන පුවතකට අනූව දැනට විභාගවෙමින් පවතින නඩු කටයුත්තක ජූරි සභිකයෙකු අදාල විත්තිකරුවෙකු සමග ෆේස්බුක් ඔස්සේ යෙදුනු කෙටි කතාබහක් හෙලිවීමත් සමගම දඩුවම් ලබන්නට සිදුවීමක් සටහන් වෙනවා. මෙම නඩුකටයුත්ත මත්ද්‍රව්‍ය හා සම්බන්දිත එකක් බවත් සටහන්ව තිබුනා.

ජීමේල් ආරක්ෂාව වැඩිවේ....

ගූගල්හි ජිමේල්ගිනුම් වෙත වෙත අනවසර පිවිසීමකට චීන උත්සාහය ගැන කරුනු හෙලිවීමත්  සමග තම වෙබ් පිරික්සනය නොහොත් ක්‍රෝම් බ්‍රවුසර් මෘදුකාංගය නවීකරනය කල බවට පවසා සිටිනවා. මින්පසු ක්‍රොම් හරහා තම ඊමේල් සේවාව ලැබීමේදී සබදතාවය එන්ක්‍රිප්ට් තත්වයේ පවතිනු ඇති බවයි ගුගල් ආයතනය පවසා සිටින්නේ.

2011-06-15

"ගූගල් වොයිස් සර්ච්"

"ගූගල් වොයිස් සර්ච්"  විසින් පරිගණකය හා භාවිතාකරන්නා අතර වූ පරතරය අවම කිරීමේ උත්සාහයට තවත් පියවරක් ‍රැගෙනවිත් ඇත.  ගූගල් ආයතනය පවසන්නේ ඔවුන් ස්මාට් දුරකතනයට හදුන්වාදුන් අංගයට බෙහෙවින් සමාන ලෙස මෙම නව හදුන්වාදීම සකස්ව ඇති බවයි. දැනට ඇමරිකානු ඉංග්‍රීසි භාෂාවෙන් පමනක් ක්‍රියාත්මක මෙම නවාංගය භාවිතා කිරීම සදහා ගූගල් ච්‍රොම් වෙබ් පිරික්සුම් මෘදුකාංගයත් හා පරිගණකයට සම්බන්දිත මයික්‍රෆොනයක් මූලික අවශ්‍යතා ලෙස හදුන්වාදී තිබුනා.ක්‍රමයෙන් මෙම පහසුකම භාවිතා කරන්නන් අතරට මුදා හරින්නට කටයුතු යොද ඇති බවත් සටහන් වෙනවා.

2011-06-14

අද පුවත්.....


ස්පාඤ්ඤයේ ආරක්ශක ආයතන පසුගියදා , ලොව මෑතකදී සටහන්වූ දරුනුතම සයිබර් පහරදීම් කිහිපයකට වගකිව යුත්තන් ලෙස සැලකෙන  කිහිප දෙනෙකුම අත්වඩංගුවට ගත් බවට කරුනු පලවුනා. පසුගිය සති අන්තයේ එරට  පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තාවකාලික අඩපන කිරීමට සයිබර් පහර දෙන්නන් උත්සාහ කිරීම එයට දුන් පිලිතුරක් දැයි සැක කරන බවයි සටහන් වන්නේ.

අද මයික්‍රොසොට් ආයතනය නිකුත් කරන්නට නියමිත යාවකාලීනයන් ගනන 16 බවයි සටහන් වන්නේ. මෙයින් 9ක්ම  අතිශය සැලකියයුතු මට්ටමේ දුර්වලතා ඉලක්ක කොටගෙන ඇති බව පැවසෙන අතර මින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන එක් යාවත්කාලීනයක්ද ආශ්‍රිත  මෘදුකාංග සදහා ඉතිරිය ඉලක්කකොටගෙන ඇති බවත් සටහන් වෙනවා.පරිගණක පද්ධති භාවිතා කරන්නන් සදහා ඔවුන් නිවේදනය කර සිටින්නේ ,පද්ධතිය නැවත ආරම්භකිරීමක් අත්‍යවශ්‍ය වන බවයි. දැනට හදුනා ගෙන ඇති දුර්වලතා 34 සමනය කිරීමට මෙම යාවත්කාලීනයන් සමත් වනු ඇති බවයි පැවසෙන්නේ.

 ගූගල් ආයතනයෙන් නව ආරක සෙවුම් තාක්ශනයක් හදුන්වාදීමට සූදානම් වන බවක් පලවෙනවා. වෙබ් පිරික්සුම් කරනයේ යෝධයෙකු ලෙස ගැනෙන ගූගල් ආයතනය විසින් හෙට දිනයේ මෙම එලිදැක්වීම සිදුකරන්නට නියමිත බවයි කියවෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...