Showing posts with label Samsung. Show all posts
Showing posts with label Samsung. Show all posts

2022-01-25

Samsung වෙතින් fingerprint authentication සදහා නව IC එකක්

S3B512C fingerprint security IC (integrated circuit) යනු Samsung ආයතනය විසින් payment cards සදහා හඳුන්වා දෙන අමතර ආරක්ශිත ලේයරයක් ලෙසට පැහැහිලි කර සිටී. කාර්ඩ් පතට සංයුත්තව එන මෙම නව authentication හැකියාව විසින් බාහිර පුද්ගලයෙකුට එය භාවිතාවට බාදා ගෙනෙනවා සේම අවශ්‍ය විටකදී ඔබගේ Pin එකේ භාවිතාවට alternative එකක් වීමටද සූදානම් බවට පැහැදිලි කෙරෙනවා. එසේම වැඩි දුරටත් ඔවුන් පවසන්නේ නව security chip එක සමග fingerprint sensor, a tamper-proof Secure Element,  Secure Processor යන සියල්ල එක චිප් පතකට සංයුත්ත වීම සමග බොහෝ මේ ආශ්‍රිත සේවා සපයන ආයතනයන්ගේ කාර්ඩ්පත් සදහා අවශ්‍ය ප්‍රමිතීන් වලට අනුකූල කාර්යක්ශම ගෙනෙන බවයි. Biometric card payments සදහා මෙම නව හඳුන්වාදීම මනා සහයක් ගෙනෙන නු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පලකරනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2022-01-10

Samsung වඩාත් පරිසර හිතකාමී බවකට…

 

Samsung ආයතනය පවසන්නේ 2022 තුල වැඩි අවධානයක් පරිසර හිතකාමී බව වාගේම බලශක්ති මිත්‍ර බව තම නිපැයුම් වලදී දැඩි අවධානයකට ලක් කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ microplastics ඔස්සේ සිදුවන දැඩි පරිසර දූෂණය වැනි කාරනා ඔස්සේ අවධානය යොමු කරමින් ආයතනික යුතුකමක් ලෙසට වඩා පරිසර මිත්‍ර උපාංග හා භාවිතාවන් දෙසට තම අවධානය යොමුකරන බවයි. එම ක්‍රම වේද අතර recycled plastic වැනි භාවිතාවන් මෙන්ම වඩාත් පරිසරය සුවපත් කරවන නිපැයුම් කෙරෙහි දක්වා තම අවධානය යොමු කර ඇති බවයි. Patagonia වැනි ආයතනයන්ද සමග තම ව්‍යාපෘති සකසන ඔවුන් solar panels මත යැපෙන storage data වැනි අවධානයන් ඔස්සේ මෙන්ම වඩාත් Zero Energy Home Integration සදහා කටයුතු කරන්නට සූදානම් බවයි.
Pubudu Siriwan
sa

2014-11-20

Samsung වෙතින් පූර්න නම්‍ය තිර දුරකතනය 2015 අග එනවා...

   Samsung ආයතන මේ වන විට ස්තීරවම පවසා සිටින්නේ 2015 අවසානය වන විට සම්පූර්නයෙන්ම නම්‍ය (flexible) displays සහිත දුරකථනය පැමිනෙන්නට නියමිත බවකි. මෙම ආයතනය මීට දෑ වසරකට පෙර මෙහි prototype දැක්මක් ඉදිරිපත්කර තිබුනද තවමත් වෙළඳ පොල වෙතට නිකුත්කර ඇත්තේ සුලු නම්‍ය බවක් සහිත තිර සමග එන දුරකථනයක් පමනී. අයතනයේ විධායකයෙකු පැහැදිලි කර සිටින්නේ එලබෙන වසර අවසානය වන විට තම ආයතනයට 30,000 - 40,000 [units per month] නිෂ්පාදනය හැකියාවකට යාමට හැකිවනු ඇති බවය. ලොව වෙලඳ පොල සමග සසදත්දී මෙම ප්‍රමානය ඉතා සුලු මට්ටමක වන අතර හදාරන්නන් යෝජන කරන්නේ ආයතනය වඩාත් සුපරික්ෂාකාරීව මෙම වෙළඳ පොල වෙතට පිවිසෙන්නට කටයුතු කරමින් සිටිනවා විය යුතු බවකි. එ එසේම තම ආයතනය මෙම AMOLED පැනලයේ නිෂ්පාදන වියදම අවම කරන්නට කටයුතු කරමින් සිටින බවටත් පැහැදිලි කරනු ලැබු බවටත් වාර්ථාවනවා.

2014-06-22

Android Ware පලමු නිකුතුව Samsung වෙතින් 2014 Google I/O වලදී....

  මස කිහිපයකට ප්‍රථම Google වෙතින් මොබයිල් මෙහෙයුම් පද්ධතියක් වන Android Ware හඳුන්වා දෙනු ලැබීය. වඩාත් කාර්යක්ශම wearables භාවිතාවකට එය සහයවනු ඇති බවටයි ගූගල් ආයතනය එම ඉදිරිපත්කිරීමත් සමග පවසා සිටියේ. පලවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ එලබෙන Google I/O හමුවේදී මෙම මෙහෙයුම් පද්ධතිය සමග එන පලමු නිකුතුව Samsung වෙතින් Android Wear smartwatches ලෙසට සිදුවීමට නියමිතව ඇති බවකි. වැඩි දුරටත් පැහැදිලි වන්නේ උපාග දෙකක් ලෙසට පැමිනෙන මෙම නිකුතුවේදී එකක් Qualcomm processor  සහිතව එකක්ද අනෙක Samsung වල Chipපතකින්ද සමන්විතව පැමිනෙන්නට නියමිත බවකි.
                  Samsung ආයතනය නිකුත් කරන Wearable නිකුතූන් කිහිපයක්ම පසුගිය වසරේදීද සිදුවූ අතර ඒවායේදී වැඩි මනක් භාවිතාවූවේ Android වූ මුත් ඔවුන්ගේම මෙහෙයුම් පද්ධති නිකුතුවක්වූ OS Tizen පැමිනි නිකුතූන්ද විය. කෙසේ වෙතත් 2014 ජූනි 25ට නියමිතව ඇති මෙම Googel හමුවේදී පැමිනෙන්නට නියමිත මෙම නව නිකුතුව සමග Warable උපාංග සදහා නව යුගයක් පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

2014-03-03

Samsung වෙතින් premium මට්ටමේ S5 දුරකථනයක්!!!!

  Samsung ආයතනය පසුගියදා තම  Galaxy S5  නිවේදනය කරන්නට කටයුතු කල අතර එය දුරකථන ලෝලයන් අතර එතරම් ආකර්ශනිය බවක් දිනාගන්නට අසමත්වූවා. බාහිර වෙබ් අඩවියක් වාර්ථා කරන්නේ එම අඩවිය මේ වන විට Galaxy s5 වල premium මට්ටමේ දුරකථනයක් සංවර්ධනය කරමින් සිටින බවයි. නොනිල එම ආරන්චිමාර්ග පවසන්නේ එය  eight-core Exynos processor හා 2K resolution සහිත  AMOLED display සහිතව ලෝහ ආවරනයකින් සමන්විතව පැමිනෙනු ඇති බවයි. “Project F” නම් ව්‍යාපෘතියක් යටතේ සංවර්ධනය වන මෙම දුරක්ථනය Galaxy S හා Galaxy Note අතරවන අවකාශය සපුරන දිගුකාලීන භාවිතයකට ගැලපෙන උසස් නිමාවක් ‍රැගෙන එන්නක් බවටයි වාර්ථා වන්නේ. මෙම ව්‍යාපෘතියද S  හා Note නිකූතුන් නිර්මානයට දායකවූ කන්ඩායමම විසින් නිමවමින් සිටින බවටයි  සටහන් වන්නේ. වැඩි දුරටත් සදහන් වන්නේ metal ආකාරයේ බඳක් සහිතව s හා Galaxy Note ආකාරයේ විශාල ප්‍රමානයෙන් උපාංග නිකුතුවකට වන අපහසුව ද හේතුවක් ව ඇති නිසා මෙම premium  මට්ටමේ S5 දුරකථනය සීමිත ප්‍රමානයකින් නිකුත්වන්නට නියමිත බවකි.

2014-02-26

Galaxy S5 නිවේදනය වේ. අප්‍රේල් 11 සිට වෙළඳ පොලට!!!!

  මාස කිහිපයක් තිස්සේ පැතිරයමින් තිබූ නොනිල තොරතුරු හමාරකරමින් Samsung ආයතනය මේ වන විට තම මීලග දුරකථනය එනම්  Galaxy S5 නිලලෙසට මීට දින කිහිපයකට පෙරදී නිවේදනය කරන ලදී. එය  5.1" ප්‍රමානයේ AMOLED screen එකකින් සමන්විතව පැමින තිබූ අතර එය 1920x1080 resolution මට්ටමේ බලැතිව ඇති බවට සදහන් වුවා. එසේම  quad core Snapdragon 801 processor - 2.5 GHz- සමග 2GB ‍රැම් බලයක් , 150Mbps LTE සබදතා හැකියාවක් , 16MP camera( fastest auto-focus) වැනි අංග වලින් සමන්විතව තිබුනා.
                                                      Samsung ආයතනයේ දියුනු කිරීමක් වන TouchWiz UI සමග වන Android 4.4.2 සමග එම ආයතනයේම KNOX security system සමග පැමින තිබීම භාවිතාකරන්නා වෙතට පහසුවක් වනු ඇති බවටයි සදහන් වූවේ.මෙම නිකුතුව සමග හදුන්වාදෙන Ultra Power Saving Mode  සමග දුරකථනයේ බල භාවිතය අවම කරමින් අවශ්‍ය විටකදී display එක black & white ආකායට පැමින වීමේ හැකියාව හා අනවශ්‍ය  features නතර කිරීම ඔස්සේ  low battery මට්ටමේ දී පවා stand by ලෙසට 24 hours සිටීමෙ හැකියාව මෙම නිකුතුව සමග වන කැපී පෙනෙන ලක්ෂන වූවා. එසේම අඩි තුනක ජල මට්ටමක පැය තුනක් අනතුරු රහිතව තිබෙන්නට වන හැකියාව සමග වන water හා dust රෝධීබව භාවිතාකරන්නෙකුගේ සිත්ගන්නා සුලු කාරනා වනවා. මීට අමතරව දිගුකාලයක් බලාපොරොත්තුවෙන් සිටි  fingerprint scanning  හැකියාව මෙන්ම heart-rate monitor හැකියාව සමග මෙම දුරකථනය වර්ණ කිහිපයකින්ම එලබෙන අප්‍රේල් 11 සිට රවල් 150ක වෙළඳ පොලට නිකුත්වන්නට නියමිත බවටයි නිවේදනය වූවේ.

2014-02-19

Fingerprint sensor සමග එන Samsung වල Galaxy s5

  Samsung ආයතනය තම මීලග smart phone නිකුතුව වන Galaxy s5 සමග  fingerprint sensor අංගයක පැමිනීමක් පිලිබදව නොනිල අරංචියක් පසුගිය දිනවල පැතිරෙමින් තිබුනු අතර මේ වන විට ඒ පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඒ වනූව Samsung ආයතනය තම  fingerprint sensor අංගය එම දුරකථනයේ  home button වෙතට embedded ආකාරයෙන් එවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එය Apple වල iPhone 5s අල ආකාරය ගනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. භාවිතාකරන්නා තම ඇගිල්ල මෙම sensor මත ඉහල සිට පහලට චලනය කිරීම තුල එම හඳුන ගැනීම සිදුවීමට නියමිත අතර moist හෝ wet ආකාරයේ ඇගිලිතුඩු සමග එය ක්‍රියා නොකරන අතර එවිට  error නිවේදනයක් නිකුත් වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙය real-time ආකාරයේ ක්‍රියාවලියක් ලෙසටත් ඔවුන් පැහැදිලි කර සිටිනවා.
                     මීට අමතරව දුරකථනය සමග වන භාවිතාකරන්නගේ අනන්‍යතාවය අවශ්‍ය කරන වෙනත් app සදහාද මෙම අංගය භාවිතාවට ඉඩ සැලසෙන අතර මෙසේ fingerprints අටක් දක්වා ඒයට මතක තබා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවටයි වාර්ථා වන්නේ. දුරකථනය සමන්විතව පැමිනෙන  Personal Folder හෝ Private Mode අවදිකරවා ගැනීමට PIN අංකය හෝ මෙම fingerprint භාවිතාකරන්නට හැකිවන අයුරින් පැමිනීම සිදුවනු ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ. මෙම ආකාරයේ  fingerprint sensor භාවිතාව මේ වන විටත් Apple හා HTC සමග නිකුත්ව ඇති අතර එතරම් කැපීපෙනෙන ආකර්ශයක් භාවිතාකරන්නන් වෙතින් දිනා ගෙන නොමැති බවට දැක්නට ලැබෙන අතර එලබෙන  ෆෙබරවාරි 23ට නියමිත මෙම Samsung නිකුතුවත් සමග එන sensor භාවිතාව ගෙනෙන වෙනස පිලිබදව විචාරක අවධානය යොමුව තිබෙනවා.

2014-02-07

Android ධාවනය වන Apple දුරකථනයක්????

  Samsung ආයතනය ලොව ප්‍රධානතම smart phone නිපදවන්නා බවට පත්වෙමින් සිටියද Apple ආයතනය තම අනන්‍යතාවයස් සමග තවමත් තම වෙළඳ පොල තුල හොඳින් ලාබ ලාබ ලබමින් සිටින සමාගමක් ලෙසටයි පිලි ගැන්නෙන්නේ. එනමුත් Apple ආයතනයේ සමනිර්මාතෲ වරයෙකු වන Steve Wozniak මහතා පවසා සිටින්නේ තම ආයතනය වෙතින්ද Android දුරකථන වෙළඳ පොල වෙතට පිවිසීමක් කලයුතු බවකි. ඔහු පවසන්නේ එසේ නොකිරීම තම ආයතනයට පවතින අවස්ථාවක් අහිමිකර ගැනීමක් වන බවයි. ඇපල් ආකාරයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වෙතට භාවිතාකරන්නන් කැමත්ත ගැන ඔහු විස්වාසය පලකරමින් ඔහු එහිදී අදහස් දක්වන්නට කටයුතු කල බවයි වාර්ථා වන්නේ. එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවස සිටියේ ස්ටීව් ජොබ්ස්ද එදා සෝනි  Vaio notebooks මත තම මෙහෙයුම් පද්ධතිය ධාවනය වනවාට කැමැත්තෙන් සිටීම සිහිපත්කරමින් තම මෙහෙයුම් පද්ධති පිටස්තර ආයතනයක දෘඩාංග මත ධවනය වීම වාගේම බාහිර මෙහෙයුම් පද්ධතියක් තම දෘඩාංග මත ධාවනය වීම ගැටලුවක් නොවන බවට අදහස් පලකරමින් සිටියා.

2014-01-29

Galaxy Glass සැප්තැම්බරයේ IFA වලට පැමිනේවි!!!

  smart glass ඉදිරි වසර 5-10 වන තෙක් භාවිතාකරන්නන් අතර ප්‍රධාන දත්ත උපාංගයක් බවට පත් නොවුනු ඇති බවට අනාවැකි පලවෙමින් ඇති මුත් samsung ආයතනයෙන් නොනිලව පලවන තොරතුරු හෙලි කරන්නේ බොහෝ විට ඔවුනගේ Galaxy Glass නිකුතුව එලබෙන සැප්තැම්බරයේ IFA වෙළඳ ප්‍රදර්ශනය වෙතට ඉදිරිපත් කරන්නට බෙහෙයින් ඉඩ ඇති ඇති බවකි. Samsong ආයතනය කොරියානු රජය යටතේ "sports glasses" ලෙසට  පේටන්ට් බල පත්‍රය හිමිකර ගෙන ඇති මෙම නිපැයුම සදහා යැයි සැක කෙරෙන අතර එය smart phone සමග සම්බන්දව දුරකථන ඇමතුම් වලට සම්බන්දවීමේ හැකියාව හා USB සබදතාවයක් සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ඔවුනගේ Galaxy Gear smartwatch නිකුතුවද තවමත් වෙළඳ පොල තුල එතරම් සාර්ථකත්වයක් හිමි නොකරගෙන සිටින මුත් ආයතනයක් ලෙසට නව නිපැයුම් කරුවෙකු ලෙසට වන කීර්තියද මෙම නිකුතුව සමග බලාපොරොත්තුවන වා ඇති බවටයි විචාරක මතය වන්නේ. google glass පිලිබදව පලවන මත අතර එය වඩාත් සංකීර්න හා මිළ අදික උපකරනයක් වීම සැලකීමේදී Samsung ආයතනයට යම් බලපොරොත්තුවක් තබා ගැනීමේ හැකියාව පලකරන හදාරන්නන් වඩාත් භාවිතාකරන්න මිත්‍ර නිකුතුවක් ඔස්සේ එය ජනංප්‍රියතාවයක් හිමි කරගනු ඇති බවටයි විස්වාසය පලවෙමින් ඇත්තේ. එලබෙන අනාගතයේදී හිස ආශ්‍රිත පලදින පරිගණක උපකරන ලෙසට glass මෙන්ම හෙල්මට් වැනි උපාංග පරිගණක ක්‍රිඩා කරන්නන්, කාර්මිකයන්  මෙන්ම හමුදා භාවිතාවන් වලදී වැඩි ජනංප්‍රියතවයක් හිමි කරගනු ඇති බවටයි වැඩි දුරටත් නිගමනය වෙමින් ඇත්තේ.

2014-01-28

Samsung වෙතින් Galaxy Glass එනු ඇත....

  පලවන නොනිල ආරන්චි මාර්ග පවසන්නේ Samsung ආයතනයද එලබෙන සැප්තැම්බර මාසයේ බර්ලින් වල පැවැත්වෙන IFA 2014 සදහා Galaxy Glass ලෙසට Google Glass සදහා තරග කරුවෙකු ගෙනෙන්නට සූදානමක් ඇති බවකි. Sony වෙතින්ද මේ වන විටත් පලව ඇති පුවතක් පැවසා සිටියේ තමන්ද smart eyeglass නිපැයුමක් CES 2014 සදහා සුදානම් කරමින් සිටින බවකි. මෙම වසරේ පලඳින ආකාරයේ පරිගණක උපාංග පිලිබදව පවතින මෙම ප්‍රවනතාවය වෙතට සියලුම පාහේ ප්‍රධාන පරිගණක උපාංග නිපදවන්නන් තමාවධානය යොමුවකර ඇති බවට මෙම පුවත් වඩාත් තහවුරු කර සිටී.
                      පැමිනෙන දුරකථන ඇමතුම් ලබා ගැනීම, පනිවිඬ යැවීම , ඡායාරූ ගැනීම මෙන්ම , සංගීතය සවන්දීම වැනි හැකියවන් ‍රැගෙන එනු ඇති බවට සැලකෙන මෙම උපකරනය Galaxy Gear මෙන්ම භාවිතාකරන්නාගේ ස්මාර්ට් දුරකථනය මූලිකව ක්‍රියාත්මක වනු ලබන ආකාරයක් ගනු ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. තොරතුරු හදාරන්නන් දැනට මත් බලාපොරොත්තු පල කොට ඇත්තේ පලදින ආකාරයේ පරිගණක වෙළඳ පොල ඉදිරියේදී විශාල වර්ධනයක් අත්පත් කරගනු ඇති බවයි.

2014-01-27

Samsung හා Google අතර ඉදිරි දසවසරක patent එකගතාවක්

  ඉදිරි දස වසරට බලපාන ලෙසට Samsung හා Google අතර patent භාවිතය පිලිබදව එකගතවයකට එකග ඇති බවට නිවේදනය වන්නේ. Samsung ආයතනය මේ බව නිවේදනය කරමින් පවසා සිටියේ ඉදිරි දස වසර තුලදී දැනට පවතින හා ඉදිරියේදී පැමිනෙන patent ගැටලුවකින් තොරව දෙයාතනවලටම යොදා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවයි. පසුගිය කාලයේ පැතිර ගිය ආරන්චි පවසා සිටියේ Korea අභ්‍යන්තරව සංවර්ධනය වූ මෙහෙයුම් පද්ධතියක් වන Tizen මෙහෙයුම් පද්ධතිය වෙතට ඉදිරි නිෂ්පාදන වලදී ප්‍රමුකථාවයක් ලබෙන්නට ඉඩ ඇති බවකි. ජපන් ආයතනයක්ද පවසා සිටියේ ඉදිරි නිපැයුම් සදහා  Tizen යොදා ගන්නට තම සැලසුමක් ඇති බවකි. මයික්‍රසොෆ්ට් සමාගමද තම වින්ඩෝස් ෆෝන් 9 සදහා නව UI එකක් නිර්මානය කිරීමේ කටයුත්තට මේ වන විට අවධානය යොමුකර ඇති බවටයි පසුගියදා පැවසුනේ.

2014-01-26

දකුනු කොරියාව 5G සදහා කඩිනමින් සූදානම් වෙමින් ඇත....

  දකුනු කොරියාවෙන් වාර්ථාවන්නේ මොබයිල් සබදතාවේ මීලය යුගයට පිවිසෙන්නට තමන් සූදානම් බවකි. පස්වන පරම්පරාවේ(5G) ජංගම සබදතා යුගය ගැන කථාකරන ඔවුන් ඩොලර් බිලියන 1.7 ක ඉදිරි සැලසුමක් මේ වන විට සූදානම් කර ඇති බවටයි හෙලි කර සිටින්නේ. සරලව 5G හැකියාව පැහැදිලි කරන්නට නම් පූර්න සිනමාපටයන් තප්පරයකදී බාගතකර ගැනීමේ හැකියාව උදාහරනයක් වනවා. මොබයිල් සබදතා තාක්ශනයේ අතීතය පැහැදිලි කරන ඔවුන් 1990 දී 2G , 2000 දී 3G , 2010 දී 4G ලෙසට දක්වන අතර මේ වන විට 5G යුගය සදහා පිවිසෙමින් සිටින බවටයි පැහැදිලි කර සිටින්නේ. 2017 වන විට 5G භාවිතාව ආරම්භ වීමටත් 2020 වන විට එය වෙළඳ පොලට නිකුත්කරන්නටත් සැලසුම් ව ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කර සිටින්නේ. එරට සැම්සොන් ආයතනය ලොව මොබයිල් උපාංග භාවිතාවෙන් 30%ක භාවිතාවක් හිමිකර ගෙන ඇති අතර  Huawei 26% ලෙසට සටහන් කරන්නට 2012දී සමත්ව තිබෙනවා.
                 Samsung පසුගිය වසරේ  ගිගා බයිට් එකක වේගයකින් දත්ත හුවමාරු වේගයක් කිලෝමීටර 2ක් තුල සම්ප්‍රේක්ශනයක් කරමින් සර්ථක අත්හදා බැලීමක නිරතවූ අතර 4G ඔස්සේ තප්පර 40ක් ගන්නා මෙගී බයිට්800ක ගොනුවක් 5G ඔස්සේ තප්පරයකදී හුවමාරුවට හැකිවීම ඔස්සේ තොරතුරු ලෝකය වෙනත්ම හැඩයක් ගන්නා බවටයි බලාපොරොත්තුව පලවෙමින් ඇත්තේ.

2014-01-01

තිර මූලික ලෝකය බිහිවෙමින් ඇත.....

  Samsung ආයතනය පසුගියදාක නිකුත්කර තිබූ වීඩියෝවක් විස්තරකර සිටින්නේ අනාගත තිර මූලික ලෝකය වෙත ලෝකය පිවිසෙමින් ඇති බවකි. ඔබ සමග ලෝකය බෙදා ගන්නට ඉදිරිපත්වන මෙම නව තිර මූලික භාවිතාව කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාත් , උදැසන සිට රාත්‍රිය දක්වාත් , විනෝදාස්වාදන ජීවිතයේ සිට වෘතිමය ජීවිතය දක්වාත් ජීවිතයේ සරල සිනාවේ සිට වඩාත් තීර්නාත්මක මොහොතවල් දක්වාත් , ඔබව බලා ගන්නටත් , ඔබ සමග සිටින්නටත් සමත් ලෝකය පැමිනෙමින් ඇති බවකි.
                                          හෙට දිනයේ වඩාත් ජීවිතයට සමීප වන මෙම භාවිතාවන් ඉදිරි වසර 10 අවසන් වන විට නිවසේ අභ්‍යන්තර බිත්තියක සිට වාහනයේ පැති වීදුරුව දක්වාත් තොරතුරු සමග ඔබට සමග වන අන්තර් ක්‍රියාත්කාරකම් දක්වන නම්‍ය බවින් යුත් උපාංග ලෙසට ජීවිතය වෙතට එන බවටයි දක්වා ලන්නට උත්සාහ කර තිබෙන්නේ.වේගයෙන් දියුනු වෙමින් ඇති තොරතුරු තාක්ශනය උපකරනයේ තිරය මූලික දෘඩාංග වඩාත් සැගවුන භාවිතාව අනාගතය වනු ඇති බවටයි යෝජනා කර සිටින්නේ.

http://youtu.be/Iz6KvO-Gvcc

2013-12-31

2014 තුල තොරතුරු ලෝකයේ පෙරලි ‍රැසැක්!!!!

    එලබෙන වසර තොරතුරු ලෝකයේ වඩාත් පෙරලිකාරකම් බලපොරොත්තු විය හැකි වසරක් ලෙසට බලාපොරොත්තු විය හැක. වඩාත් නම්‍ය හා ප්‍රමානයෙන් විශාල තිර සහිත දත්ත උපාංග වෙලඳ පොලට එවීම ගැන ප්‍රධාන පෙලේ ආයතනයන් සියල්ලම පාහේ සුදානම් වෙමින් තිබෙනු දැකිය හැකියි.ස්මාර්ට් දුරකථනයත් මදක් ප්‍රමානයෙන් විශාල "පැබ්ලට්" දුරකථනයත් තරය වෙත වැඩිම අවකාශයක් ‍රැගෙන ඒමත් භාවිතයට වඩාත් පහසු නම්‍ය හැඩැති බවින් පැමිනෙන්නට සැලසුම් වෙමින් තිබෙනු දැකිය හැකියි. Samsung ආයතනය  මෙන්ම Apple ආයතනයන් වෙතින් දැනටමත් තම අනාගත සැලසුම් නිවේදනය තිබෙනු දැකිය හැකියි.
                              මෘදුකාංග අවකාශය වඩාත් ස්පර්ශක තිර මිත්‍ර බව දෙසට චලනය වෙමින් ජංගම මිත්‍ර ස්වභාවය දෙසට චලනය වීම වඩාත් තීව්‍රවීම එලබෙන වසරේ තවත් කැපී පෙනෙන අංගයක් වනු ඇති බවට බලාපොරොත්තු විය හැකියි.  Office 2013  ඩෙස්ටොප් සංස්කරනය ස්පර්ශක මිත්‍ර බවින් යුත් නව සංස්කරනයක් නිකුත් කිරීම පිලිබදව මෙවන විට කටයුතු සිදුවෙම්මින් තිබෙන බවට වාර්ථා පලකොට ඇති අතර "touch-first’ නිකුතුවක් Office apps එකක ලෙසට 2014 පැමිනීම ස්ථීර බවටයි පලවන තොරතුරු පවසන්නේ. ක්‍රමයෙන් මෙහෙයුම් පද්ධති මෘදුකාංග ප්‍රමුක මෘදුකාංග ඩෙස්ටොප් නැති නම් දුරකථන ආදිය ලෙසට වෙන් වෙන් අවකාශ වල සිරව තිබීම අවසන්වීම ආරම්භ වන වසරක් ලෙසටද නව වසරේ පෙර සලකුනු දැනටමත් ඉගි කොට තිබෙනු දකින්නට හැකියි. මයික්‍රසොෆ්ට් ආයතනය ‘Threshold’ නැතිනම් වින්ඩෝස් 8 සදහා පැමිනෙන මීලග මෙගා යාවත්කාලිනය සමග ඔවුනගේ ඇප්ස් ස්ටෝර්වන් එකම අවකාශයකට පරිවර්තනය වන්නට වන සැලසුම දැනට පලවී ඇති එක් පෙරමග සලකුනක් ලෙසට දක්නට ලැබෙනවා.
                          ගූගල් ග්ලාස් ප්‍රමුක සාම්ප්‍රධයික දත්ත උපාංග භාවිතාවෙන් පිටතට විහිදුනු නව උපාංග භාවිතයට පැමිනීම සදහාද වඩාත් තීර්නාත්මක වසරක් බවට 2014 බලපොරොත්තු විය හැකියි.ඇපල් ආයතනයෙන් එන්නට නියමිත ස්මාර්ට් ඔර ලෝසුව මෙන්ම තවත් ආයතනයන් බොහොමයකින් සමාන්තර තරගකාරී උපාංග පැමිනෙමින් එම භාවිතාවන් ස්ථාවර කරන්නට සමත් වසරක් බවට එලබෙන නව වසර සටහන් වනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකියි.

2013-12-08

Galaxy S4 ගිනිගැනීමේ තොරතුර වීඩියෝ සිද්ධියට SAMSUNG අයහපත් ප්‍රතිචාර.....

  දින කිහිපයකට ප්‍රථම භාවිතාකරන්නෙකු විසින් UTube වෙතට මුදා හරින ලද වීඩියෝවක දැක්වුනේ තම Galaxy S4 දුරකථනය හදිස්සි ගිනි ගැනීමකට භාජනය වූ බව වන අතර එය චාජරය සමග සම්බන්දව තිබූ අවස්ථාවකදී එම අනතුර සිදුවූ බවටයි පවසා සිටියේ. බැටරිය පුපුරා යාමකට භාජනය නොවීම වාසනාවක් වුවද samsung ආයතනය ඔහු වෙතට යොමු කර ඇති ලිපියක තම දුර්වලතාවය පිලිබදව එතරම් සැලකීමක් නොදක්වමින් ප්‍රථිශාර දක්වා ඇති බවටයි එම භාවිතා කරන්නා අන්තර්ජාලය වෙත නැවත මුදා හරින ලද සටහනක දැක්වන්නේ. ඔහු විසින් UTUBE මුදා හරිනලද වීඩියෝව ඉවත්කරන්නේනම් පමනක් හානිවූ උපාංගය සදහා නව උපාංගයක් ලබා දෙන්නට කැමැත්ත පලකරමින් නිකුත්ව තිබූ එම ලිපිය ලබෙන විට ලොපුරා 277000ක පිරිසක් එම වීඩියෝව නරබා තිබුනු බවටයි සටහන් වන්නේ.
http://www.youtube.com/watch?v=2QHd-_qncEU

2013-12-07

SAMSUNG තම ජනංප්‍රිය උපාංග වල Lite සංස්කරන...

  පලවන නවතම වාර්ථා පවසන්නේ Samsung ආයතනය තම ජනංප්‍රිය ඇන්ඩ්‍රොයිඩ් devices වල සරල සංස්කරන නිකුතුවන් සදහා මේ දිනවල තම අවධානය යොමුකර ඇති බවයි. ඒවා අතර Galaxy Note 3 , Galaxy Grand මෙන්ම Galaxy Tab 3 උපකරනවල සරල සංස්කරන වන බවටයි පවසා සිටින්නේ. එල බෙන වසරේ නිකුතුවට සැලසුම්ව ඇති මෙම උපාංග Galaxy Note 3 Lite , Galaxy Grand Lite ආදී නම් වලින් වන බවටයි දක්වා සිටින්නේ.එම ආයතනය මේ පිලිබදව වන ප්‍රථම නිල දැක්වීම එලබෙන පෙබරවාරියට යෙදී ඇති Mobile Wrold Congress හමුවේදී සිදුකරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.Led screen එකකින් මෙන්ම අඩු බලැති කැමරාවකින්(Lower resolution) ආදී ලෙසට මෙම උපාංග ඒවායේ මුල් උපාංගවලින් අඩු බලැති (downgrade) වනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ. උදා හරනයක් ලෙසට Grand Lite උපාංගය අඟල් 5ක LCD තිරයකින් 1.2GHz quad core ප්‍රොසෙසරයකින්  හා 1GB ‍රැම් මතකයකින් මෙන්ම 8GB ස්තීර මතකයක් සහිතව මෙගා පික්සල 5ක පසු කැමරාවකින් සමන්විතව පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.කෙසේ වෙතත් Tab 3 Lite සංස්කරනය එලබෙන ජනවාරිය අවසානය වන විට යුරෝ 100ක මිලැතිව WiFi හා 3G සමග පැමිනීමේ ඉඩකඩක් පිලිබදවද මේ වන විට නොනිලව පැවසෙමින් තිබෙනවා.

2013-11-20

Galaxy S3 වෙතට වූ Android 4.3 යාවත්කාලීනය තාවකාලිකව නවතා දැමේ!!

  Samsung ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ තම Galaxy S3  භාවිතාකරන්නන් සදහා 4.2 සංස්කරනය මග හරිමින් Android 4.3 සංස්කරනය වෙතට යාවත්කාලීන වීමේ අවස්ථාව භාවිතාකරන්නන් ගෙන් ලැබෙන පැමිනිලි මත තාවකාලිකව නවතා දමන්නට තමන් කටයුතු කර ඇති බවකි. එම ආයතනය පවසන්නේ එම පැමිනිලි අතර අනපේක්ශිතව හමුවන ප්‍රතිචාර නොදැක්වීමේ අවස්ථාවන් ‍රැම් පතෙහි ඇතිවන තත්වයක් සමග හමුවන multitasking වලදී දුර්වල හැසිරීම මෙන්ම බැටරිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම වන බවටයි පවසා සිටින්නේ. එම යාවත්කාලීනයත් සමහ දුරකථනය Galaxy S4 හා සමාන අත්දැකීමක්  ‍රැගෙන එන්නට සමත්වන මට්ටමකට පැමිනෙන්නට සැලසුම් තිබුන බව පවසන එම ආයතනය නවාංග අතර ඇපල් ආයතනයේ Siri හා සමාන S-Voice  මෙන්ම සමහර ඇප් සමග පූර්න තිර පහසුව දක්වා සිටිනවා.

2013-11-07

පූර්න නම්‍ය දත්ත උපාංග 2016 වන විට!!!!

  දෘඩාංග නිපදවන්නන්ගේ අවධානය නිරන්තරයෙන්ම යොමුව ඇත්තේ මීලග තීරනාත්මක දත්ත උපාංගය වෙළඳ පොල වෙතට එවීමයි. ඒ අතර Googal Glass හා Samsung Galaxy Round වැනි උපාංග ඔස්සේ භාවිතාකරන්නන් අතර අවධානයක් දිනා ගත් උපාංග බොහොමයකි. මෑතකදී වැඩි අවධානයක් ලබා ගත් curved screens සහිත උපාංග පිලිබදව දෘඩාංග නිපදවන්නන් අතර අවධානයක් දිනා ගැන ඇති අතර සම්පූර්නයෙන් නම්‍ය දත්ත උපාංගයක් පිලිබදව අත්හදා බැලීම් වැඩි ප්‍රවනතාවයක් ඔස්සේ කෙරෙමින් ඇති බවටයි පලවන්නේ.තවමත් විද්‍යාත්මක ප්‍රබන්ද ලෙසට පමනක් රූපවහිනී , චිත්‍රපට හා මුද්‍රන ආශ්‍රිතව පැමිනෙන මෙම අත්දැකීම් නුදුරේදීම වෙළඳ පොල ඔස්සේ භාවිතාකරන්නන් වෙත පැමීනීම ගැන විස්වාසය තැබිය හැකි නුදුරු දිනයක් ගැන හදාරන්නන් විස්වාසය පලකරමින් සිටිනවා.
                          Samsung ආයතනය පවසන්නේ 2015 වසරේ අවසාන භාගයේ හෝ 2016 වසරේ පලමු භාගයේදී සම්පූර්නයෙන් නම්‍ය බව ‍රැගත් දත්ත උපාංගයක් වෙළඳ පොලට ගෙන එන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ආයතනය මේ වන විටත් prototypes මට්ටමින්  මෙවැනි නිපදවීම් ඉදිරිපත් කරන්නට කටයුතු කර ඇති මුත් සාමාන්‍ය නිෂ්පාදනය සදහා "තාක්ශනික සීමා" ජය ගැනීමට තිබන බවයි.

2013-10-27

තම නිෂ්පාදන අධිතක්සේරුවට තැත්කිරීමට Samsung වෙත දඩ නියමවේ!!!!!

  පසුගියදා තායි අධිකරනයක විසින් Samsung ආයතනය වෙත සැලකිය යුතු මට්ටමක දඩ මුදලක්  සදහා තීන්දුවක් ලබා දෙනු ලැබුවේ එම ආයතනය විසින් තම නිෂ්පාදනය සදහා සුබදායී හා තම තරග කරුවන් ගේ නිෂ්පාදනය සදහා අසාදාරන ආකාරයේ චෝදනාත්මක කරුනු අඩංගුව තම ආයතනය විසින් මිලදී ගත්  සේවාවක් ඔස්සේ අන්තර්ජාලය වෙතට comments එක්කිරීමේ චෝදනාව සදහාය.පලවන වාර්ථා පවසසන්නේ එම ඩ්දඩ මුදල $341,037 වන අතර එම අධිකරනය මෙම දඩමුදල නියම කරමින් පවසා ඇත්තේ සුලබව සිදුවන මෙම ආකාරයේ පාරිභෝගිකයන් නොමග යැවීම් වලට පෙලබීම අධෛරයට පත්කිරීමේ අරමුනින් මෙම දඩුවම ලබා දෙන්නට කටයුතු කල බවයි.මේ පිලිබදව එම ආයතනය පවසා සිටින්නේ මෙම අසාධරන තීර්නය ඔස්සේ තම ආයතනය අපහසුතාවයට පත්ව ඇති බවත් ආයතනයේ කීර්තිය ‍රැක ගැනීම සදහා තමන් ඉදිරි පියවර ගන්නට කටයුතු කරමින් සිටින බවකි.මෙලෙස චෝදනා එල්ල වීම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවට පවසන හදාරන්නන් මතක් කර දෙන්නේ පසිගිය කාලයේ මයිල්රසොෆ්ට් ආයතනය වෙතද ඔවුනගේ Xbox One console සදහා මෙවැනිම චෝදනාවක් එල්ලවූ බව වන අතර එම ආයතනය එම චෝදනාව ප්‍රතික්ශේප කරන්නට කටයුතු කල බවයි.

2013-10-18

Samsung වලින් එන Galaxy S5 සමග eye scanning තාක්ශනය

  පලවන නිල නොවන පුවතකින් කියවෙන්නේ Samsung ආයතනය තම Galaxy S5 දුරකථනය සමග එහි ආරක්ශාව සදහා eye scanning තාක්ශනය හඳුන්වාදීමේ ඉඩකඩක් පවතින බවකි.දුරකථනය "Unlock" කිරීමේදී භාවිතාකරන්නා වෙත වැඩි ආරක්ශාවක් ගෙන ඒම මූලික කර ගත් විවිධ තාක්ශනයන් හදුන්වා දෙන්නට නිෂ්පාදකයින් කටයුතු කරන අතරතුර මෙම  eye scannin තාක්ශනය ප්‍රතම වතාවට ස්මාර්ට් දුරකථන වෙත ගෙන එන්නට ඔවුන් කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ.මෙම දුරකථනය එලබෙන වසරේ පලමු කාලය තුල පැවතෙන හමුවකදී මුලින්ම නිවේදනය වනු ඇති බවට බලාපොරොත්තුවන අතර මීට පෙර හදුන්වා දෙන්නට බලාපොරොත්තුවූ 'face scanning' තාක්ශනය ආරක්ශාව අතින් එතරම් තහවුරුකල හැකි මට්ටමක නොවන බැවින් ප්‍රතික්ෂේප වීමත් සමග මෙම නව ප්‍රවනාතාවය දෙසට ඔවුනගේ අවධනය යොමුව ඇති බවටයි සටහන් වන්නේ. එසේම මෙම S5 දුරකථනය සමග iPhone 5s වලදී මෙන්ම  HTC One Max- සමග පැමිනි  fingerprint scanner තාක්ශනයද පැමිනෙන්නට සැඩි ඉඩකඩක් ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...