2022-05-28

පිලිසකර රාශියක් සමග Chrome 102 පැමින ඇත.

Google ආයතනය විසින් Chrome 102 නිකුත්කර ඇති අතර එය security flaws මට්ටමේ පිලිසකර 32 කින් සමන්විත වනවා. එසේම new features කිහිපයකින්ද සමන්විතව පැමින තිබෙනවා. මෙම stable version නැතිනම් ස්ථාවර මට්ටමක සංස්කරනය Windows, Mac, මෙන්ම Linux පරිසරයන්ට සූදානම්ව  පැමින ඇති අතර එම සැකසුම් අතර critical මට්ටමේ සිට සාමන්‍ය මට්ටම දක්වා සැකසුම් සමග පැමින තිබෙනවා. බ්‍රවිසරයේ තැන්පත් වන තොරතුරු යම් ප්‍රමානයක් සාර්ථක අනවසර පිවිසුමක් ඔස්සේ ලබාගන්නට හැකි වීමේ සිට පහලට වන අවස්ථා පිලිබඳව මෙම සැකසුම් සමග වනවා. භාවිතාකරන්නන් සියල්ලන්ටම හැකි ඉක්මනින් මෙම සංස්කරනය සදහා පිවිසෙන්නට උපදෙස් ලැබෙන අතර විවෘත්කල Chrome බ්‍රවුසරයේ දකුනු ඉහලින් ඇති three dots ඔස්සේ පිවිස Help වලින් About Chrome දක්වා පැමින මෙම යාවත්කාලීනය ලබා ගන්නට හැකිවනු ඇත.
Pubudu Siriwansa


 

2022-05-19

Microsoft පවසන්නේ Windows 11 දැන් Windows Update ඔස්සේ සූදානම් බවයි.


Microsoft නිවේදනය කරන්නේ  windows 11 මේ වන විට broad deployment එනම් භාවිතාරන්නන්ට Windows Update ඔස්සේ download කර install කරන්නට මේ වන විට අවස්තාව වන බවයි. Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියක් මේ මට්ටමට ගෙනෙන්නේ smooth  මෙන්ම stable  ස්ථාපනයකට සූදානම් මට්ටමකට පැමිනිය  විටදීය. කෙසේ වෙතත් එම ආයතනය පවසන්නේ 2015 දී windows 10 වලදී මෙන් force-updating එකක් සදහා භාවිතාකරන්නා පොලබවන්නට කටයුතු නොකරන අතර optional ලෙසට තවදුරටත් පවතින බවයි. දැනටමත් Microsoft ආයතනය තම Windows 10 සදහා ඉදිරි වසර තුනක් සහය දක්වන බවට ප්‍රකාශ කොට තිබේ. මීට පෙර පරිදි windows 11 සදහා hardware requirements සපුරන පරිගණක සදහා මෙම උස්තල ගැන්වීම සූදානම් අතර මීට අමතරව app / driver වැනි ගැටළු හඳුනා ගත් විටකදී තාවකාලිකව උස්තල ගැනීම පමාකරන්නට කටයුතු වන බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

2022-05-18

මෙම දශකය අවසානයේ ඉන්දියාවද 6G services වෙතට.

මෙම දශකය අවසානයේ India ද  ටො  6G services වෙතට පැමිනෙන්නට සැලසුම් කරන බවට ප්‍රකාශ වේ. එරට elecom Regulatory Authority of India (TRAI) වල silver jubilee celebrations සදහා සහභාගී වෙමින් එරට අගමැති වරයා පවසා සිටි බවට වාර්ථාවන්නේ මේ සදහා අවශ්‍ය task force එකක් දැනටමත් කටයුතු අරබා ඇති බවයි. මෙම උත්සවයට සමගාමීව 5G Test Bed එකක්ද දියත් කර තිබෙනවා. කෙසේ වෙතත් චීනය 2019 වන විට 6G සදහා සූදානම් වීම අරබන්නට කටයුතු කර ඇති අතර මීට අමතරව South Korea, the USA, Japan, Europe, සහ Russia වැනි රටවල් දැනටමත් 6G සදහා කටයුතු කරමින් සිටිනවා. එලබෙන වසර මුල්භාගය වන විට ඉන්දියාවේ සාමාන්‍ය භාවිතාකරන්නන්හට  5G services වෙතට පැමිනීමේ හැකියාව ලැබෙනු ඇහි බවට බලාපොරොත්තුවෙනවා
Pubudu Siriwans


 

2022-05-17

App Store හා Play Store වලින් apps 1/3ක් ඉවත්වනු ඇත.

Google මෙන්ම Apple ආයතන දෙකම පසුගිය දෑවසර තුල යාවත්කාලීන නොවූ apps ඉවත්කිරීමට සූදානම් වෙමින් සිටිනවා. ආසන්නව App Store / Play Store වලින් ඉවත්වන්නට සිදුවෙනු ඇති බවටයි සැලකෙන්නේ. මෙම ආයතනයන් දෙකම එකගවී ඇති නව privacy හා security ප්‍රමිතීන් වල අවශ්‍යතාවයන් නොසැපිරෙන apps මෙසේ ඉවත් කර දමන්නට ඔවුන් තීර්නය කර ඇති අතර හැදෑරුම් ආයතනයක් අනාවැකි පල කරන්නේ නවතම  policy  සමග නොසැසදෙන Google Play Store වලින් ආසන්නව apps 869,000 ක්ද App Store වල iOS apps 650,000ක ඉවත් වනු ඇති බවයි. Google ආයතනය මීට අමතරව sideloaded apps දෙසටද තම අවධානය යොමුකර ඇති බවටයි පලවෙන්නේ. එම වාර්ථාව වැඩි දුරටත් පවසන්නේ පසුගිය දෑවසර සැලකීමේදී Google Play Store හා App Storeවල වන  apps  වලින් 68% පමනක් පසුගිය දෑවසර තුල යාවත්කාලීන ලැබී තිබෙනවා. බොහෝ විට මෙම හඳුනා ගත් apps තම store වලින් ඉවත් කරන්නටත් සෙවුම් ප්‍රථිපල වලින් ඉවත් වීමත් සිදුවන අතර දැනටමත් භාවිතාකරන්නන්හට කැමතිනම් දිගටම භාවිතයට අවස්ථාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.
Pubudu Siriwansa 


 

Digital euro 2027 වන විට...

European Central Bank පවසන්නේ එලබෙන වසර අවසානය වන විට digital euro වල කටයුතු ආරම්භ වීමට නියමිත බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ දැනට වන සැලසුම් වලට අනුව කටයුතු සිදුවුවහොත් වසර තුනකින් එනම් 2027 වන විට ජනතාව වෙතට නව භාවිතාව ගෙනෙන්නට හැකිවනු ඇති බවට බලාපොරොත්තුවන බවයි. China තම digital yuan පිලිබඳව කටයුතු 2020 ආරම්භ කරන ලදී. European Central Bank ප්‍රකකශකයාට අනූව 2023 අවසානය වනවිට digital euro පිලිබඳ අත්හදා බැලීම් ආරබන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa


 

2022-05-13

Microsoft නිල වශයෙන් Edge සදහා වන VPN ගැන පවසයි.

Microsoft ආයතනය මේ  වන විට නිල ලෙස native VPN preview එකක් Edge සදහා නිවේදනය කර සිටිනවා. දැනට preview සංස්කරන සදහා වන මෙම පහසුව ඔස්සේ IP address එක සැගවීම, encrypt data, මෙන්ම route traffic through a secure network -Cloudflare. ආකාරවලට පහසුකම් වන බවටයි පවසන්නේ . වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් මෙම VPN පහසුවේදී servers තේරීම වෙනු වට Microsoft Edge විසින්  automatically එම තේරීම සිදුකරන නිසා (your local area) ඔබට පහසුවෙන් geo-based content ලැබීම සිදුවනු ඇති බවට පවසනවා.  දැනට මෙම preview සංස්කරනය Canary channel ඔස්සේ සීමිත පිරිසක් සමග අත්හදා බැලීම් සිදුවන අතර නොමිලේ ලැබෙන 1GB දත්ත හැකියාවක් ලබා දෙමින් සිටිනවා. මෙම පහසුව අත්හදා බැලීම සදහා ඔබගේ Microsoft Account එක ඔස්සේ Microsoft Edge Canary වෙතට පිවිස download කරගන්නටත් browserයෙහි menu එකට පිවිස Secure Network පහසුව සංක්‍රිය කරගන්නට හැකි බව පවසනවා.
Pubudu Siriwansa


 

May 2022 cumulative update සමහර Windows devices සදහා ගැටළුකාරීවේ.

 

Microsoft පවසන්නේ  May 2022 cumulative update ස්ථාපනයෙන් පසුව සමහර උපාංග වල authentication bug එකක් අත්දකින්නට සිදුවෙමින් ඇති බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ භාවිතාකරන්නන් හට ඇතිවන ගැටළු අතර blue screens of death, broken Event Viewer,  .NET apps වල ගැටළු දක්නට ලැබුනු බවයි. සාමාන්‍ය පරිදිවන මෙම මාසයට අදාල cumulative update for Windows 11 හා 10  සංස්කරන සදහා මෙම නිකුතුව සිදුවූ අතර KB5013943 (Windows 11, build 22000.675) සහ KB5013942 (Windows 10, builds 19043.1706, 19042.1706, සහ 19041.1706) ලෙසට මෙම නිකුතූන් නම්ව තිබුනා. කෙසේ වෙතත් මෙම ගැටලුව  client Windows devices  වලට හා non-domain controlled Windows Servers සදහා බලපාන්නේ නැති බවටයි ආයතනය පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa


2022-05-12

Google Translate වල භාෂා පරාසය 133 දක්වා ඉහලට.

Google Translate පවසන්නේ තමන් මේ වන විට words, sentences, මෙන්ම සම්පූර්න websites ආකාරවලට භාෂා 133ක් සමග කටයුතු කරන්නට සූදානම් බවයි. Zero-Shot Machine Translation technique ඔස්සේ සිදුවන translate වලදී උදාහරන ඔස්සේ නො‍රැදෙමින් වඩාත් වේගවත් ආකාරයට තම කාර්ය සම්පූර්න කරන්නට හැකිවනවා. Google පවසන්නේ තම Translate හැකියාවට අලුතින් එක්කල 24 languages  ඔස්සේ අලුතින් 300 million පිරිසකට සේවාව සලසන්නට තමන් සූදානම් බවකි. අළුතින් එක්වූභාෂා අතර Sanskritද වන අතර එය පුරාතන භාෂාවක් වුවද old scriptures වල පරිවර්ථන කටයුතු වලදී Google Translate සහය දක්වන්නට සූදානම් කල බවයි.
Pubudu Siriwansa


 

Google Maps සදහා ‘Immersive Mode' නමින් නවාංගයක්.

Google Maps යනු දෛනිකව ලොව පුරා බිලියන ගනනක් භවිතාකරන්නන් වෙතට මිහිමඩලේ නෙක ස්ථාන ගැන බොහොමයක් විස්තර ගෙනෙමින් මහත් සේවයක් කරමින් සිටී. Google ආයතනය කලින් කලට නෙක නවාංගද ගෙනෙමින් මෙම අත්දැකීම් වඩාත් ඵලදායී කරන්නට කටයුතු කරමින් සිටී. එම ආයතනය පවසන්නේ “Immersive Mode” ඔස්සේද AI සහයද සහිතව aerial images  ඇසුරින් භාවිතාකරන්නන් හට neighborhood, landmark, restaurant වැනි වඩාත් ආකර්ෂනීය තොරතුරු ගෙනෙන්නට තමන් සූදානම් බවයි. සංචාරකයින්ට වඩාත් ආකර්ෂනීය වනු ඇති බවට බලාපොරොත්තුවන මෙම නව අංගය සියළුම උපංග සදහා එන්නට සූදානම් බවත් පලමුව Los Angeles, London, New York, San Francisco, Tokyo, වැනි නගර ආශ්‍රිතව ආරම්භව ක්‍රමයෙන් ලොව පුරා විසිරෙන් සේවාවක් වනු ඇති බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa


 

2022-05-11

Netflix වෙතින් with ads සමග අඩුවියදම් plan එකක්.

Netflix යනු ලෝකයේ ප්‍රමුක පෙලේ streaming සේවාවක් වන අතර බහුල භාවිතාවක්ද දිනා ගන්නට සමත්වූවකි. එම සේවාවේ ප්‍රාකශකයෙකු පසුගියදා පවසා සිටින්නේ ත්මන් වෙතින්ද අඩු වියදම් ad-subsidized සේවාවක් සදහා සූදානමක් පවතින බවකි. දැනට මෙම සේවාව ඔස්සේ බහුලව මෙන්ම හොඳම තත්වයේ streaming හැකියාවක් ගෙනෙන පැකේජයක් සදහා $15.49 ක මාසික ගාස්තුවක් අයවන අතර ඔවුන් සමග තරගකාරී සේවාවන් වන HBO Max වැනි සේවාවන් තම ad-free tier සදහා $15 අයකිරීමක් සිදුවේ. නමුත් පෙර කී Netflix ප්‍රකාශකයා පවසන්නේ මෙම වසර අවසානයේදී එක්කරන්නට බලාපොරොත්තුවන advertising සහිතව හොඳම තත්වයේ අත්දැකීමක් $10 කට ගෙනෙන්නට බලාපොරොත්තු වන බවයි. මීට අමතරව Netflix වෙතින් තම හිත මිතුරන් සමග තම අත්දැකීම් බෙදා හදා ගන්නට උදවු වන add-on memberships එකක් සමග නව සේවාවක්  added charges වලට යටත්ව ගෙනෙන්නට කටයුතු කරන බවටත් පවසනවා.
Pubudu Siriwansa


 

Android Studio Chipmunk නිකුත්වෙයි.

Google නිවේදනය කරන්නේ "Chipmunk" නැතිනම් version 2021.2.1 ලෙසට වන  Android Studio සංස්කරනය මේ වන විට නිකුත්කර ඇති බවයි.  ආයතනය පැහැදිලි කරන්නේ මෙම නව නිකුතුව එතරම් නවාංග වලින් සමන්විත නොවුනද IntelliJ වල නවතම සංස්කරනෙය්න් සංයුත්තව හා quality issues මට්ටමේ සැකසුම් 175කට වැඩියෙන් අඩංගුව පැමින ඇති බවයි. එසේම නව සංකරනය IDE actions වල දියුනු කිරීම් මෙන්ම Package Search UI වල දියුනු කිරීම්ද, project-wide analysis හැකියාවේ දියුනු කිරීම් වලින්ද සමන්විතව පැමින ඇති බවයි. පහත දැක්වෙන දිගුව ඔස්සේ පිවිස මෙම නව සංස්කරනය බාගත කර ගන්නට ඔබටද හැකිවනු ඇත.
https://developer.android.com/studio
Pubudu Siriwansa


 

2022-05-10

Windows 10 version 20H2 සේවා කාලය අවසන්වේ.

Microsoft සමාගම පවසන්නේ තමන් October 2020 update ලෙසට නම් කොට එම වසරේ September වල නිකුත් කරන ලද  Windows 10 සංස්කරනය May 10, 2022 දින තම සේවා කාලය අවසන් කරන්නට කටයුතු කරන බවයි. මෙම සංස්කරනය සමග පැමිනි නවාංග අතර Chromium-based Edge සංස්කරනයත්, Start menu මෙන්ම Taskbar වල වෙනස්කම් මෙන්ම notifications වල දියුනු කිරීම් මෙන්ම tablet මිත්‍ර බව සදහා වූ දියුනු කිරීම් ඇති කාරනා රාශියක් වනවා. මෙම සේවය අවසන් කිරීමත් සමග සිදුවන ප්‍රධානත කාරනය වන්නේ මෙම සංස්කරනය සදහා තවදුරටත් security update නොලැබීම වනවා. ඒ අනූව ඔබත් පහත දැක්වෙන windows 10 සංස්කටන භාවිතාකරන්නෙක් නම් මේ පිලිබඳව අවධානය යොමු කර දැනට සහය දක්වන සංස්කරනයක් වෙතට තම මෙහෙයුන් පද්ධතිය update කර ගැනීම වැදගත් වනු ඇත.
Windows 10 Home, version 20H2
Windows 10 Pro, version 20H2
Windows 10 Pro Education, version 20H2
Windows 10 Pro for Workstations, version 20H2
ආයතනය වැඩි දුරටත් පවසන්නේ ඔබ Windows 10 version 20H2 වල Enterprise, Education, හෝ IoT Enterprise සංස්කරන භාවිතාරන්නේ නම් එම සංස්කරන සදහා සහය අවසන් වන්නේ May 9, 2023 වන බවයි.
Pubudu Siriwansa


 

2022-05-07

Facebook විසින් Nearby Friends සහ Weather alerts අවසන් කරන්නට සූදනම්.

Facebook  නිවේදනය කරන්නේ තම Nearby Friends සහ Weather alerts යන අංග දෙක මේ මස අග සිට සංක්‍රිය නොවන්නට නියමිත බවයි. මෙම අංග දෙක සදහාම location data  ‍රැස්කිරීමක් සිදුවන අතර ඒම දත්ත ගොනුද තම ගබඩා වලින් ඉවත් කරන්නට ආයතනය කටයුතු කරමින් සිටිනවා. මීට අමතරව  ඔබ වසින් යනෙන තැන් ඇසුරින් එකතුවන තවත් දත්ත ගොනුවක් වන "Location History"අංගයට අදාල දත්තද August 1 දක්වා download කරන්නට අවස්ථාව ලැබෙන අතර ඉන්පසුව තම සර්වරයන්ගෙන් ඉවත්කරන්නට Facebook ආයතනය සැලසුම් කොට ඇති බවට නිවේදනය වෙනවා. කෙසේ වෙතත් Facebook ආයතනය පවසන්නේ තමන් සමස්තයක් ලෙසට location data සමග කටයුතු කිරීම නැවැත්වීමක් සිදු නොවන බවත් අනෙකුත් තොරතුරු සේවා ආයතනයන් සමග යමින් ඔවුන්ගේ පියවරයන්ට සමාන්තරව කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Sriwansa


 

2022-05-06

WhatsApp සීමා පුළුල් වේ.

WhatsApp නිවේදනය කරන්නේ තම නවතම යාවත්කාලීනය සමග large file transfers හැකියාව මෙන්ම  bigger groups හැකියාව ගෙනැවිත් ඇති බවය. මීට අමතරව reactions, group chats වැනි අංගද වඩාත් සරල කරන්නට කටයුතු කර ඇති බවට පවසනවා. මීට පෙර යැවිය හැකි ගොනුවක විශලත්වය 100MB වූ මුත් දැන් එය 2GB දක්වා විශාල වන අතර  group chats වලදී නව සීමාව 512 people  දක්වා ඉහලට ගෙනැවිත් ඇති බවට පවසනවා. පසුගිය කාලයේ  Telegram වලට එක්වුනු නව ප්‍රවනතා සමග යමින් මෙම දියුනු කිරීම් පැමින ඇති අතර reactions වලදීද message  වලින් තොරව එය කරන්නට අවස්ථාව ලබා දී තිබෙනවා.
Pubudu Siriwansa


 

අවසර පදය යනු ...

අවසර පදය යනු අන්තර්ජාලය මත පොදු අවකාශයෙන් ඔබගේ පෞද්ගලික අවකාශය වෙන්කර තබන අගුලයි. ඒ නිසාම එය ආරක්ශාකාරී පෙර නිගමනයට අපහසු එකක් වීම අත්‍යාවශ්‍යය. තවත් දෙසකින් අද වන විට අන්තර්ජාලයමතදී ඔබගේ පෞද්ගලිකත්වය අවසරය මතම යැපීම ඉක්මවා ඇත. විටක එය ඔබගේ දෙවන උපාංගයක් වෙතට ලැබෙන දෙවන අවසර පදයකින් තහවුරු කරන්නට සිදුවිය හැක. නැතිනම් දෙවන උපාංගයට ස්ථාපිත කර ඇති app එකක් ඔස්සේ ලබා ගන්නා දෙවන අවසර පදයකින් තහවුරු කරන්නට සිදුවේ.තවත් විටක බාහිර මතක උපාංගයක රදවා ඇති දත්ත පෙලක් ලබා දෙන්නට එය USB වැනි මගක් හරහා ප්‍රධාන උපාංගයට සම්බන්ද කරන්න සිදුවේ. කෙසේ වෙතත් තවමත් ප්‍රධාන ආරක්ශක අගුල අවසරපදයක් වීම බොහෝ විට තාමත් වලංගුය.
     කරුණු එසේ වන විට සාර්ථක අවසර පදයක ස්වභාවය හඳුනාගෙන භාවිතා කරමින් සිටීම අත්‍යාවශ්‍යවේ. හදාරන්නන් නිතරම දෙන, එනමුත් තවමත් බොහෝ විට මග හැරීම ඔස්සේ ගැටළු ඇති කරගන්නා අවසර පදයකට අදාල කරගත යුතු වැදගත් කරුනු කිහිපයකි. "'12345' Is Really Bad" ඔවුන් පලමුව යෝජනා කරයි. කිසිවිටකත් සරල පහසු භාවිතාවන් අවසර පදය ලෙසට නොගත යුතුය. බොහෝ අවසර පද බිඳින්නන් තම ක්‍රියාන්විතයේ පලමු පියවර වන්නේ සරල මෙන්ම බහුල සමාජ භාවිතාවන් යොදා බැලීමයි.
   දෙවන වැදගත් පියවර වන්නේ ඔබේ පෞද්ගලික ලෝකයේ වන භාවිතාවන් අවසර පදයක් ලෙසට යොදා නොගැනීමයි. ඔබගේ උපන්දිනය, භාවිතාකරන වාහනයේ අංකය නැතිනම් දුරකථනය වැනි තොරතුරු  අවසර පදය ලෙසට යොදා නොගැනීම මෙයින් අදහස් කෙරේ. ඉලක්ක සහගතව ඔබගේ පෞද්ගලිකත්වයට පහර දෙන්නට උත්සාහ කරන සයිබ අපරාධකරුවන් පලමු කොටම ඔබගේ පෞද්ගලික තොරතුරු හැකි පමන ‍රැස්කොට ඒවා යොදා බැලීම බහුලව සිදුවන්නකි.
Pubudu Siriwansa


 

2022-05-05

Google වෙතට Raxium යාවෙයි.

Google පවසන්නේ තමන් Raxium මිළදී ගත් බවයි. පසුගිය වසර 5 සැලකීමේදී MicroLED display technologies නිපදවන්නට පුරෝගාමී සේවාවක් කරන  next-gen technology ආයතනයක් වන අතර miniaturized, cost-effective මෙන්ම energy efficient high-resolution මට්ටමේ displays නිපදවන ආයතනයක් ලෙසට පිලිගැනෙනවා. මේ අනූව Raxium ආයතනය Google ලාගේ Devices & Services team එක සමග එකව කටයුතු කරමින් Google hardware වෙතට තීරනාත්මක සේවයක් කරනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. Microsoft, Apple, Meta, Snap වැනි ප්‍රධාන පෙලේ ආයතනයන් සියල්ලම පාහේ augmented reality device ගැන කටයුතු කරමින් සිටින අතර නව එක්වීමත් සමග Google ආයතනයද තම ඉදිරි නිකුතූන් පෙලෙහි නව පොලාපැනීමකට සූදානම් වෙමින් සිටින බවට බලාපොරොත්තුවෙනවා.
Pubudu Siriwansa


 

Windows 11 වෙතට පැමිනීමට සරල හේතු කිහිපයක්.

Windows 11 ක්‍රමයෙන් භාවිතාවට පිවිසෙන්නෙකි. පෙර සංස්කරන මෙන් නොව මෙම නව සංස්කරනය සදහා පිවිසෙන්නට දෘඩාංග මට්ටමින්ද සපුරාලිය යුතු අවශ්‍යතා වේ. එසේ මුත් හැදෑරුම් වාර්ථා පවසන්නේ ක්‍රමයෙන් windows 11 වෙතට පැමිනීම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙන බවයි. මේ සදහා සරල ප්‍රමුක සාධක ලෙසට new interface, better security, updated apps, මෙන්ම info widgets ඔවුන් පෙන්වා දෙමින් සිටී. 2025 දක්වා windows 10 වෙතට සහය දැක්වීමට Microsoft ආයතනය දැනට පොරොන්දුව සිටියද හදාරන්නන් පවසන්නේ ආසන්නව වසර 7 ක කාලයක් තිස්සේ මෙහෙයුම් පද්ධති ලෝකය අත්පත් කරගත් දියුනුවීම් රාශියක් අත්විඳින්නට නම් ඔබ Windows 11වෙතට පැමිනීම වැදගත් බවයි.
    හදාරන්නන් පෙන්වා දෙන්නේ වඩාත් සංයුත්තමෙන්ම නම්‍ය Interface එකක් windows 11 සමග වන බවයි. macOS / Chrome OS සමග වූ එම ප්‍රවනතා මෙවර windows 11 සමග සංයුත්තකර එවන්නට සමත්ව තිබෙනවා.දෘශ්‍ය මිත්‍ර මෙන්ම ස්පර්ෂක මිත්‍ර බව වැඩි බවක් මෙම සංස්කරනය සමග වනවා. වැඩි දියුනු කල app අතර නව   Media Player app එක,  PWA video editor, Photos app සමග බොහෝ නව දියුනු වීම් එහි වනවා. වැඩි දියුනු කල Screenshot Tool එකක් සුපුරුදු ලෙස Windows Key-Shift-S සමග අවධිකර ගන්න හැකි වන අතර වැඩි කෙටි යෙදුම් සමග නම්‍ය වේගවත් භාවිතයක් එහි වනවා. 
    Organized Desktop එක සංකීර්න භාවිතාවට මහත් සහයක් ගෙනෙන අතර දියුනු කල Widgets  සමග වඩාත් තොරතුරු ක්ශනිකව ඔබ වෙතට පැමිනෙන්නට සූදානමින් තිබෙනවා. Trusted Platform Module සමග windows 11 වලදී දෙගුනයක Malware ප්‍රථිරෝධී බවක් වන බවට පිලිගැනෙන අතර තවමත් දියුනු වෙමින් ඇති Android Apps  ධාවනය හැකියාව තවත් ආකර්ෂනීය අංගයක් ලෙසට දැක්වෙනවා.
Pubudu Siriwansa

ඉන්දියාව VPN තොරතුරු ගබඩාකර අවශ්‍යවිට ලබාදීම අනිවාර්ය කරයි.

ඉන්දියාව VPN providers වෙතට නිකුත්කරන නිවේදනයකින් පවසා සිටින්නේ තම සේවාව ලබන්නන් පිලිබන්දව වසර පහක තොරතුරු ගබඩා කර තබා ගන්නත් අවශ්‍ය විටක ඒවා රජය සමග බෙදාහදාගන්නට සූදානම් විය යුතු බවකි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මෙම නියමය VPN providers  ලා ප්‍රමුකව Data Centres, Virtual Private Server (VPS) මෙන්ම Cloud Service providers යන සියල්ලන්ටම පොඳු බවකි. එසේම පවසන්නේ මෙම නියමයන් අනුගමනය නොකරන අයෙකු වසරක සිර දඩුවමකය යටත් වන්නට සිදුවන බවකි. එම  ‍රැස්විය යුතු තොරතුරු අතර Name, email address, phone number, IP addresses, dates වන බවට වාර්ථාවේ. බොහෝ VPN providers ලා ලොග් තොරතුරු රදවා නොගන්නා හා අන්සතු නොකරන බවට පොරොන්දුවන අතර එය එම සේවාව සදහා වන ප්‍රධාන ආකර්ෂනයක් වේ.
Pubudu Siriwansa


 

2022-05-04

Twitter Circle සමග 'Choose Audience' එකක්.

Twitter ලොව බහුල භාවිතාවක් ඇති සමාජජාලාවකි. සීමිත වචන ගනනකින් එය භාවිතාකරන්නෙකුට තම අදහස අනෙකා සමග බෙදා හදා ගන්නට අවස්ථාව එහි වේ. එම ආයතනය පවසන්නේ තමන් මේ දිනවල අත්හදා බලමින් සිටින “Twitter Circle” අංගය ඔස්සේ භාවිතාකරන්නෙකුට  150 සීමාවක් යටතේ chosen audience එකකට තම Twitter යවන්නට අවස්ථාව ඇති බවයි. ලොව ප්‍රකටතම micro-blogging network එය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ එය තම “Communities” අංගයටද වඩා වෙනස් අතර followers මෙන්ම non-followers ලා ගෙන් සමන්විත පිරිසක් වෙතට මෙම යොමුකිරීම කල හැකි බවයි. මීට අමතරව ඔවුන් පැහැදිලි කරන්නේ share හැකියාවද මෙම අංගයේදී නොලැබෙන බවයි. ඊට අමතරව තොරා ගත්තෙකුට තමන් විසින් ඉවත්වන්නට නොහැකි මුත් mute හැකියාව ලැබෙන බවයි.
Pubudu Siriwansa


 

Metaverse Headsets හතරක්..

MARK Zuckerberg ගේ උත්සාහය වන්නේ "metaverse headsets" ඔස්සේ භාවිතාකරන්නා වඩ වඩාත් virtual world එකක් වෙතට ගෙනයාමය. පලවන නවතම වාර්ථා පවසන්නේ ඔවුන්ගේ මීලග නිකුතුවක් "Meta goggles" ලෙසට වන්නට නියමිත බවය. Meta (පැරණි Facebook) සදහා ඩොලර් බිලියන ගනනක් වැය කරමින් ඉදිවන අවකාශය metaverse වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ එකි නෙකට යාවුනු virtual worlds රාශියක භාවිතාකරන්නන්හට වැඩ කරන්නට,ජීවත්වන්නට අවස්තාව ලැබෙනු ඇති බවයි. Meta ආයතනය දැනටමත්  Meta Quest  virtual reality headset නිකුතුවක් ඔස්සේ metaverse පරිහරනයට අවස්ථාව ලබා දී ඇත. 2024 වන විට headsets හතරක් නිකුත්කරන්නට බලා පොරොත්තුවන බවට ද වාර්ථා වනවා.
Pubudu Siriwansa


 

2022-05-03

දත්ත උපකරන ‘infected’ අවස්ථාවකදී.

සාර්ථකව ඔබගේ දත්ත උපංගය hack වීම යනු එය ක්‍රියාත්මක නොවීම, ආරක්ශක මෘදුකාංග විසින් එය හඳුනා ගැනීම වැනි සරල ප්‍රතික්ක්‍රියාවකින් හදුනා ගන්නට ඉඩ නොලැබෙනු ඇත. මක්නිසාද අද වන විට බොහෝ සයිබර් ප්‍රහාර වල ප්‍රධාන ලක්ශනයක් වන්නේ භාවිතාකරන්නාට නොහැගෙන පරිදි ක්‍රමානුකූලව ඔහුගේ තොරතුරු ලබා ගන්නට උත්සාහ කිරීම වන බැවිනි. මේ නිසාම බොහෝ හදාරන්නන් iPhone / Android device භාවිතාකරන්නන් හට යෝජනා කරන්නේ උපාංගයේ ක්‍රියාකාරීතවය පිලිබඳව වඩාත් සංවේධීව සිටීම සාර්ථක විය හැකි බවයි. ඔවුන් දෙන සරල උපදෙස් කිහිපයක් මෙසේ දැක් විය හැක.
1. උපකරණයේ performance නැතිනම් ක්‍රියාකාරීත්වයේ ස්වභාවය ගැන සැලකිලිමත් වීම නැතිනම් අස්වාභාවික ලෙසට වේගය අඩුවීම මෙන්ම app crashes නැතිනම් ඇප් වල ක්‍රියාකාරීතවය බිඳ වැටීම් පිලිබඳව අවධියෙන් සිටිම වැද ගත්විය හැකි බවයි.
2. උපකරනයේ Battery draining  වල අස්වාභාවික වෙනසක් තවත් හොඳ ලක්ෂනයකි. බොහෝ විට උපකරනේ background වල malware ක්‍රියාත්මවකව තිබීම මේ සදහා හේතුවක් විය හැක. 
3. සාමාන්‍ය ආකාරයට වඩා Data භාවිතාව ඉහල ගොස් ඇති නම් නතිනම් මාසික බිල්පත අස්වාභාවිකව වැඩි ඊ ඇත්නම් කල්පනාකරී වීම වැදගත්ය. ඔබ නොදැනුවත්වම malware වන් සක්‍රියවී අන්තර්ජාලය ඔස්සේ සංනිවේදනය කරගන්නා බවට මෙය හොඳ ලක්ෂණයක්ද විය හැක.
4. නිතරම Pop-ups  පැමිනීමද සැලකිය යුතු කරුනකි. විශේෂයෙන් බොහෝ විට හානිකර ආකාරයේ adware වල සංක්‍රියවීමක් මෙම ලක්ෂණ පෙන්වන්නට කටයුතු කරයි.
5. උපකරණය overheats වීමද තවත් ලක්ෂණයක් විය හැක. පසුබිමින් ධාවනය වන හානිකරයන් විසින් මේ තත්වය නිර්මාණය කරනවා විය හැක.
                                                ඔබේ දුරකථනය  virus, malware වැන්නකින් ආසාධනය වී ඇතැයි සැක සිතෙන අවස්ථාවකදී පලමු පියවර විය හැක්කේ ඔබගේ මෙහෙයුම් පද්ධතියට අදාල වන app store වකින් antivirus app එකක් download කර ස්ථාපනය කර ගැනීම ය, ඉන් අනතුරුව එය හොඳින් යාවත්කාලීන කර පූර්ණ උපකරනයම Scan කිරීමකට ලක්කිරීමය. ගැටළුව නොවිස‍ඳෙන්නේ නම් යා හැකි අවසන් පිලිට්යමක් වන්නේ උපකරණය factory reset එකකට ගෙන යාමය. එය සියළුම මෙහෙයුම් පද්ධතීත් සමග එන එය කර්මාන්තශාලාවෙන් නිකුත්වන  විට ඇති මට්ටමට ආපසු ගෙනයන , ඔබ මිළඳී ගැනීමෙන් පසුව සිදුකල සියළුම වෙනස්කම් නැවත reset වන පියවරකි, ඒනිසා  එම පියවරට පෙර ඔබගේ වටිනා ගොනු සියල්ල Backup කර ගැනීම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa


 

2022-05-02

Microsoft Edge භාවිතය ඉහලට.

Desktop browser අතර ඇත්තේ විසල් තරගයකි. Microsoft  ආයතනය තම Edge සමග පෙරදී දරුනු ලෙසට මග හැරී තිබූ  desktop browser තරගය වෙතට ක්‍රමයෙන් පිවිසෙමින් ඇති බවටයි වාර්ථා වෙන්නේ.  2019 දී එම ආයතනය ගත් තීරනාත්මක හැරවුම වූ Chromium වෙතට පැමිනීම සමග මෙම ප්‍රබෝධය ක්‍රමයෙන් වැඩෙමින් තිබෙන අතර මේ වන විට StatCounter වල දත්ත වලට අනූව පැවසෙන්නේ April 2022 වන විට desktop browser භාවිතයෙන් 10% ක් අත්පත් කරගෙන ඇති බවට වාර්ථා වනවා. පහත දැක්වෙන්නේ දැනට Desktop Browser තරගයේ තරග කරුවන්ගේ පෙල ගැස්ව්මයි.
Google Chrome - 66.64% (-0.65)
Microsoft Edge - 10.07% (+0.42)
Apple Safari - 9.61% (+0.05)
Mozilla Firefox - 7.86% (+0.29)
Opera - 2.43% (-0.38)
මේ අතර mobile browser භාවිතාවේදී ඒ ඒ Browserයන් ලබා ගෙන ඇති ස්ථානයන් පිලිබදව April 2022 ට අදාලව පහත දැක්වෙනවා.
Google Chrome - 63.57% (-0.02)
Apple Safari - 24.82% (-0.01)
Samsung Internet - 4.90% (+0.00)
Opera - 1.88% (+0.00)
UC Browser - 1.41% (+0.00)
Pubudu Siriwansa


 

130inch virtual TV අත්දැකීමක් ගෙනෙන ‘smart glasses’ එක.

පසුගිය කාලයේ SMART glasses පිලිබන්දව අවධානය මද අඩුවි තිබුනද පැමිනෙන නවතම පුවතක් යලි අවධානය දිනා ගනිමින් සිටිනවා. මෙම Air Casting mode ය ඔස්සේ 6 meters දුරින් ලෙසට 130-inch HD virtual display එකක අත්දැකීම ගෙනෙන්නට සූදානම් බවට පැවසෙනවා. විටක 3D space අත්දැකීමකටද සූදානම් මෙම නිකුතුව open-ear speakers වලින් සමන්විත වන්නට නියමිත බවටයි දැක්වෙන්නේ. Nreal Air පවසන්නේ භාවිතාකරන්නටා අවශ්‍ය වන ආකාරයටද prescription lenses සදහා ද  පැමිනෙන්නට සූදානම් බවයි. තවමත් මිළ ගනනන් ප්‍රකාශව නැති මෙම නිකුතුව ගැන පවසන Nreal Air AR glasses වැඩි දුරටත් පවසන්නේ 5Gද සූදානම්ව ඇති මෙය භාවිතාකරන්නන් හට වෙනස්ම අත්දැකීමක් ගෙනෙන්නට සූදානම් බවයි.
Pubudu Siriwansa


 

2022-05-01

Magniber ransomware හානිකරය නැවත සංක්‍රියවේ.

හදාරන්නන් පෙන්වා දෙන්නේ Magniber ransomware හානිකරය නැවත ලොවපුරා පැතිරෙන්නට කටයුතු කරමින් සිටින බවකි.  2021 දී මේ හානිකරය පිලිබඳව වැඩි පුර කථාබහට ලක්වූ අතර fake Windows 10 updates ලෙසට පැමින තිබිනි. මෙම වසරෙ මුල් මාසයදී වාර්ථාවූවේ  Microsoft Edge සහ Chrome ඔස්සේ එය පැතිරෙමින් සිටින බවකි. හදාරන්නන් පවසන්නේ යලිත් malicious updates එකක් ලෙසට මෙම හානිකරය පැමිනෙමින් ඇති අතර fake knowledge base (KB) ID එකක් ද සහිතව වඩාත් විස්වාසනීය ලෙසට එම හානිකරය භාවිතාකරන්නා නොමග යවන්නට උත්සාහ කරමින් සිටින බවකි. මෙම හානිකරය පැතිරෙන්නේ warez සහ piracy websites ඔස්සේ වන අතර හදාරන්නන් උපදෙස් දෙන්නේ යාවත්කාලීනයන් සදහා unofficial sources මග හැරීම ඉතා වැදගත් බවයි. Windows updates සදහා settings ඔස්සේ ගොස් official ආකාරයට ලබා ගැනීම වැදගත් බව පවානවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...