2022-05-05

Windows 11 වෙතට පැමිනීමට සරල හේතු කිහිපයක්.

Windows 11 ක්‍රමයෙන් භාවිතාවට පිවිසෙන්නෙකි. පෙර සංස්කරන මෙන් නොව මෙම නව සංස්කරනය සදහා පිවිසෙන්නට දෘඩාංග මට්ටමින්ද සපුරාලිය යුතු අවශ්‍යතා වේ. එසේ මුත් හැදෑරුම් වාර්ථා පවසන්නේ ක්‍රමයෙන් windows 11 වෙතට පැමිනීම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබෙන බවයි. මේ සදහා සරල ප්‍රමුක සාධක ලෙසට new interface, better security, updated apps, මෙන්ම info widgets ඔවුන් පෙන්වා දෙමින් සිටී. 2025 දක්වා windows 10 වෙතට සහය දැක්වීමට Microsoft ආයතනය දැනට පොරොන්දුව සිටියද හදාරන්නන් පවසන්නේ ආසන්නව වසර 7 ක කාලයක් තිස්සේ මෙහෙයුම් පද්ධති ලෝකය අත්පත් කරගත් දියුනුවීම් රාශියක් අත්විඳින්නට නම් ඔබ Windows 11වෙතට පැමිනීම වැදගත් බවයි.
    හදාරන්නන් පෙන්වා දෙන්නේ වඩාත් සංයුත්තමෙන්ම නම්‍ය Interface එකක් windows 11 සමග වන බවයි. macOS / Chrome OS සමග වූ එම ප්‍රවනතා මෙවර windows 11 සමග සංයුත්තකර එවන්නට සමත්ව තිබෙනවා.දෘශ්‍ය මිත්‍ර මෙන්ම ස්පර්ෂක මිත්‍ර බව වැඩි බවක් මෙම සංස්කරනය සමග වනවා. වැඩි දියුනු කල app අතර නව   Media Player app එක,  PWA video editor, Photos app සමග බොහෝ නව දියුනු වීම් එහි වනවා. වැඩි දියුනු කල Screenshot Tool එකක් සුපුරුදු ලෙස Windows Key-Shift-S සමග අවධිකර ගන්න හැකි වන අතර වැඩි කෙටි යෙදුම් සමග නම්‍ය වේගවත් භාවිතයක් එහි වනවා. 
    Organized Desktop එක සංකීර්න භාවිතාවට මහත් සහයක් ගෙනෙන අතර දියුනු කල Widgets  සමග වඩාත් තොරතුරු ක්ශනිකව ඔබ වෙතට පැමිනෙන්නට සූදානමින් තිබෙනවා. Trusted Platform Module සමග windows 11 වලදී දෙගුනයක Malware ප්‍රථිරෝධී බවක් වන බවට පිලිගැනෙන අතර තවමත් දියුනු වෙමින් ඇති Android Apps  ධාවනය හැකියාව තවත් ආකර්ෂනීය අංගයක් ලෙසට දැක්වෙනවා.
Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...