2013-07-31

ෆේස් බුක් දෑන්වීම් නව රටාවකට සෑලසුම් ව්න හෑඩ!!!!!

     පලවන නවතම පුවතක් පවසන්නේ ප්‍රකට සමාජ ජාලාවක් වන ෆේස් බුක් හි වෙළද දැන්වීම් පල කිරීමේ වෙනසකට එම ආයතනය සූදානම් වෙමින් සිටින බවකි.මේ අනූව භාවිතාකරන්නෙකුගේ සැම පලකිරීම් 20 කට වරක් තප්පර 15ක චලන පට ආකාරයේ වෙළඳ දෑන්වීම් ඉදිරියේදී පෑමිනෙන්නට ඉඩ ඈති බවයි කිය වෙන්නේ.අධි සුපෑහෑදිලි මෙන්ම සීමිත වාර ගනනට වඩා එකම භාවිතාකරන්නෙකුට එකම දෑන්වීම නොදෑක්වීම වෑනි සිමාවන් යටතේ මෙම නව පිවිසුම සිදුවනු ඈති බවටයි අනු මානනය වන්නේ.රූපවාහිනි දෑන්වීම් ආකාරයේ මෙම පලකිරීම් සමග ඩොලර් මිලියන 2.5ක ආදායමක් දයිනිකව බලාපොරොත්තු වන බවටයි එම වාර්ථා පවසන්නේ.

ගූගල් ග්ලස් අත්හදා බෑලීම් නිකුතුව මදක් පුලුල් වේ.....

   ගූගල් ග්ලස් බොහො දෙනාගේ අවධානය දිනා ගත් මාතෘකාවකි.දත්ත අවකාශ භාවිතාව වෙතට අපූර්ව වෙනසක් ගෙන එන්නට ඈති ඉඩ පිලිබදව හදාරන්නන් බොහොඅ දෙන ගූගල් ග්ලස් වෙතට බලාපොරොත්තු තබා ඈත.එසේම මෙම නව භාවිතාවේ ඈති සියුම් හෑසිරවීමේ හැකියාව සමග ඉදිරියේ සිටින්නන්ගේ පෞද්ගලිකත්වයට විය හෑකි අභියොග පිලි බදවද උනුසුම් මතවාද පල වෙමින් ඈත.ප්‍රකට පෙලේ අවන් හල් හිමියෙකු පවසා සිටියේ තම අවන්හල තුල ගූගල් ග්ලාස් ඹාවිතයට ඉඩ නොතබන්නට තමන් තීර්නය කර ඈති බවකි. එසේම ගූගල් ආයතනයද පසුගියදා පවසා සිටියේ තම ගූගල් ග්ලාස් මත අසෑබි දර්ශන සහිත පලකිරීම් ලබා ගෑනීම අවහිර කරන්නට තමන් තීර්නය කර ඈති බවකි.
                  නෙක මතවාද අතරෙ මේ වන විට ගූගල් ග්ලාස් තම අත්හදා බෑලීමේ නිකුතුව සාර්ථකව සීමිත පිරිසක් අතරේ සිදුවෙමින් පවතින අතර පලවන නව නිවේදනය කින් පෑවසෙන්නේ එම අත්හදා බලන්නන් හට කොන්දේසි කිහිපයක් සමග නව අත්හදා බලන්නන් තවත් එක් නව අත්හදා බලන්නෙකුට ආරාධානා කිරීමේ හෑකියාව ලබා දී ඈති බවයි.වයස 18ට වෑඩි ඈමරිකාව තුල වෙසෙන්නෙකුට ආරාධනා කිරීමේ හෑකියාව මේ නෞව ඔවුනට ලෑබෙනවා.තම උපා0ගය තවකෙකු වෙතට පැවරීමේ හෑකියාව මෙම අත්හදා බෑලීමේ නිකුතුව තුලදී හිමි නොවන අතර එසේ කිරීම උපා0ගය අක්‍රීය මට්ටමට පත්කර ගෑනීමට හේතුවිය හැකි බවටයි ආයතනය පවසන්නේ.කෙසේ වෙතත් ගූගල් ග්ලශි සාමාන්‍ය නිකුතුව එලබෙන වසරේ සිදුවනු ඈති බවටයි දෑනට විස්වාසය පලවෙමින් ඈත්තේ.

අපේ අවට සමාජ පරිසරය මත තොරතුරු තාක්ශනය ගෑවසෙන යුරු.....

................තොරතුරු තාක්ශනය ගෑන හදාරන ආයතනයකින් වරක් අපිට ඈරයුමක් ලෑබුනා ප්‍රායොගිකව අපි අවට සමාජ පරිසරය තුල තොරතුරු තාක්ශනය ගෑවසෙන අයුරු ගැන හෑදෑරීමක් කරන්නට කියලා.මට අයිති වුනු කොටස උනේ පරිගණක අලුත්වෑඩියා කරන ආයතන ප්‍රමුක සාමාන්‍ය මට්ටමේ පරිගණක අධ්‍යාපනික ආයතන කියන වපසරියයි.මම සකස්කල ව‍යාපෘතිය උනේ තොරතුරු තාක්ශනය පිලිබද ප්‍රකාශන ආයතනක් සමග සම්බන්ද වෙලා ඒවා සමග මට වෙන් වුනු හෑදෑරීම් අවකාශයට ඈතුල් වීමයි.මූලිකම රීතිය වුනේ මගේ ඉලක්කය ඔවුනට හෙලි නොකල යුතු බවයි.පරිගනක අලුත් අලවිකරන හා අලුත් වෑඩියාකරන මෙන්ම හුදු වෙළඳ අරමුන සමග උවත් යම් අවබොදයකින් කටයුතු කරන කොටසක් තමයි මගේ ඉලක්කය උනේ.තම වෙළඳ අරමුනු සමග උවත් ඉහතකී විෂයේ ගෞරවය ගෑනද වගකීමක් සමග කටයුතු කල වෑදගත් මහත්වරුන් මට හමු නොවුනාම නොවේ.හෑබෑයි බොහොමයක් අත්දැකීම්නම් ඒ තරම්ම යහපත් උනේ නෑහැති බවයි අවසානයේ සටහන් කරන්න උනේ.සමහර තාක්ශන වේදීන් අතර ව්යිරස් වලුන් පිරුනු තමගේ පරිගනකය ඔස්සේ විවිධ අවශ‍යතා තමන් වෙත එන පාරිභොගිකයන්ගේ පරිගණක වලට කොපිකරන ආකාරය දැකීමම මහත් අපහසු තාවයක් උනා.සමහර තාක්ශනවේදීන් මහත් කල් ගත වුනු මෙහෙයුම් පද්ධ්හති සමග කටයුතු කරන ආකාරය දෑක්කම ඔවුනගේ තාක්ශනික දෑනිම යාවත්කර ගෑනීමට දක්වන නොසැලකිල්ල ගෑන පුදුම හිතුන වාර අන්තයි.සමහ විටකදී තමන් වෙත එන පාරිභොගිකයාට සරලව පෑහෑදිලිකොට දියයුතු සරල කාරනා පවා ඔවුනගෙන් සගවමින් තප්පර කිහිපයක සුලු වෙහසක් සදහා විශාල මුදලක් ලබා ගන්නා මහත්වරුද ඒ අතර සිටියා.
             අනිත් අතින් වෙළඳාමයි අධ්‍යාපනයයි කියන්නේ මොන තරම් එකි නෙකින් ඈඅත්ව තිබිය යුතු අවකාශයන් විය යුතු බවට පිලි ගත්තද හමු වුනු සමහර තොරතුරු තාක්ශන වෙළඳ වෙළඳ කඩ තුල සිදුවන දෑ හරිම අපහසුවට පත්වන සුලු උනා.ලබා දිය යුතු දැනුම් කොටස හෑකිම තරම් කුඩාවට කොටස්කොට වෑඩිම  මුදලකට විකුනන්නේ කෙසේද යන්නයි හමුවුනු සමහරුන්ගේ උත්සාහය වී තිබුනේ.හෑබෑයි අමතක නොකලම යුතු කාරනය තමයි මේ දෙකොටස අතරේ ගෞරවනිය ආකාරයට තම යුතුකම ඉශ්ඨකරන මහත්වරුන්ද හමුවුන බව........

2013-07-29

ශ්‍රව්‍ය සටහනකින් උපුටනයක්......

....................අපි මේ වන කොට අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි  ඔබයි මමයි  මේ මිහිතලයේ මොනතරම් දුරස් තැනක විසුවද හරිම මටසිලු‍ටු ආකාරයට එකි නෙකා යාකරන්නට සමත් තාක්ශනය පැමිනිලා ඇති බව.එපමනක් නොව ගතවන මොහොතින් මොහොත ඒ හමුවීම වඩාත් සජීවී කරන්නට මෙන්ම සරල කරන්නට මහත් පිරිසක් කටයුතු කරමින් සිටින බවත් අමතක නොකල යුතුයි. සදාචාරාත්මකව මේ අපූරු සුවපහසූන් විදගන්නට විටක අප අසමත්වීමේ චෝදනාව තාක්ශනය දෙසට එල්ල කිරීම එතරම් සාධාරන නොවන බවයි මගේ මතය වන්නේ. සමහර විටක ඔබ දන්නවා ඇති පසුගිය කාලයේ මයික්‍රසොෆ්ට් සමාගම ප්‍රමුක ආයතන කිහිපයක්ම ලමා අපචාර දසුන් මුසු සයිබර් අවකාශයන්ට පිවිසීමේදී අනතුරු අගවන්නට තම බ්‍රවුසර ඔස්සේ කටයුතු කරන බවට ප්‍රකාශ කලා.ඒවාගේම බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා තිබුනා තම රට තුල අන්තර්ජාල සේවා සපයන්නන්ට තම සේවාවන් තුල ලිංගික දර්ශන ඇතුලත් වෙබ් සටහන් වලට පිවිසීමේ හැකියාව තොරා ගැනීමට තත්වයට පත්කොට පාලනයට කටයුතු කරන්නට සිදුවන නීතිමය තත්වයක් ගෙන ඒමට තමන් කටයුතු කරන්නට සූදානම් වන බව.
                          තාක්ශනිකව ලෝකය එකම යායක් කලද මීනිසුන් අතර වන භාෂා පරතරය ඊලග කඩ ඉම ලෙසට පවතින බව දැන් දැන් වැඩි වෙන භාවිතය තුල හොදින්ම කැපී පෙනෙමින් තිබෙනවා.ගූගල් ආයතනය පසුගියදා පවසා සිටියේ real time ආකාරයේ භාෂා පරිවර්තන සහයක් සහිත උපාංගයක් නිපදවිම පිලිබදව තමන්ගේ අවධානය යොමුව ඇති බවයි.ඇත්තෙන්ම පහසු මිලක් යටතේ එම පහසුව සාමන්‍ය මිනිසුන් අතරට එන්නට සමත්වීම තොරතුරු තාක්ශනයේ මීලග විස්මිත ත්‍යාගය වනු ඇති බව මගේ හැගීමයි.අපගේ පෘතුවි නිවහන තුල අප එකම ජාතියක් පමනත් බවත් ජාතීන් ආගම් වැනි පිලි ගැනීම් මත තිබෙන සුලු වෙනස් කම් ඔස්සේ එකි නෙකාගෙන් ඇත්වනවාට වඩා ඒවා වටහා ගනිමින් අන්‍ය මතවාද වෙතට මානුශිකව සුසර වෙමින් එකි නෙකා යාකරන්නට සමත්වන ඒ අපූරු දිනය හැකි ඉක්මනින් පැමිනේවා යන්න මගේ එකම ප්‍රාර්තනාවයි.......

ගිගා බයිට 300ක ස0යුක්ත තෑටියක්!!!!!

  සොනි හා පැනසොනික් ආයතන දෙක එක්ව ස0යුක්ත තැටියේ මීලග යුගය පැමිනීමේ ප්‍රථම සටහන ස0කේතවත් කරමින් පැවසුවේ ගිගාබයිට 300ක ධාරිතාවක් ඈති ස0යුක්ත තෑටියක් සදහා කටයුතු කරමිඔන් සිටින බවයි.බොහොඅ විට මෙම ආකාරයේ නිකුතුවක් වඩාත් විශාල දත්ත පිටපතක් වෑඩි කාලයක් තබා ගැනීම සදහා වඩාත් වෑදගත් වනු ඈති බවට පවසන ඔවුන් තම ඉලක්කය වන්නේ වෘතීය මට්ටමේ හා ආයතනිකව ඹාවිතාකරන්නන් බවටයි පවසා සිටින්නේ.මෙම නව ක්‍රමවේදය රෑගෙන එන ස0යුක්ත තෑටිය 2015දී පමන වෙළඳ පොල වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවටයි නිවේදනය කර සිටින්නේ.

2013-07-27

Avira ලිනක්ස් අහිතවත් වීමට දින නියමවේ....

   ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක් වන Avira වෙතින් විවෘත මෘදුකාංග වන ලිනක්ස් වෙතට ඉකුත්වන නිවේදනයකින් පැවසෙන්නේ 2016 ජුනි 30 දායින් පසුව තම සමාගමෙන් ලිනක් මෘදුකාංග වෙත සැපයුනු ආරක්ශක මෘදුකාංග පහසුව අවසන් කර දමන්නට තමන් තීර්නය කර ඇති බවකි. සමාගම පවසන්නේ වින්ඩෝස් හා ඇපල් මෘදුකාංග වෙත භාවිතාකරන්නන් වැඩි වැඩි යෙන් ඇදී යාම තුල තව දුරටත් ලිනක් භාවිතාව පහත වැටීම තමන් මෙම තීර්නයට පැමිනෙන්නට  හේතු වූ බවයි. ඒ අනූව 2013 ජුලි මාසයේ සිට Avira ආරක්ශක මෘදුකාංග සදහා ලිනක්ස් වෙතට සහය දැවෙන සංස්කරන සදහා බල පත්‍ර නිකුත්වීම අවසන් වන බවත් දැනට නිකුත්ව ඇති බලපත්‍ර සදහා පමනක් 2016 දක්වා ආයතනයේ සහය දැක්වෙන බවටත් ඔවුන් පවසා සිටිනවා.

Citadel මෑල්වෙයාර් හානිය 88%කින් පාලනයට සමත්වේ....

  මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ ජුලි මාසයේ තමන් ඈරබූ Citadel ආකාරයේ බොට්නෙට් මෑල්වෙයාර් ක්‍රියාකාරීත්වය කින් යුත් ජාල 1400කට අධික හානිකරන්නන්ගේ පැවත්ම සියයට 88 කින් පහත දෑමීමට තමන් දෑනට සමත්ව ඈති බවයි.එනම් ඔවුනගේ සර්වරයන් ගෙන් සියයට 88ක් දෑනටමත් බිද දෑමීමට තමන් සමත්ව ඈති බවටයි ආයතනය නිවේදනය කර සිටින්නේ.එසේම මෙම මෑල්වෙයාර් සමග ආසාධනයට පත්ව තිබූ පරිගණක වලින් සියයට 40ක් පමන දැනට නිවරදි කරන්නට සමත්ව ඈති බවටත් ඉතිරියද හෑකි ඉක්මනින් නිවෑරදි තත්වයට ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවටත් පවසා සිටිනවා.වෑඩිදුරටත් ආයතනය පවසන්නේ තමන් තවත් නීතිමය ආයතනයන්ගේද සහය ඈතුව මෙම මෙහෙයුමට එලබෙන විට මෙම හානිකරන්නන් විසින් ඩොලර් මිලියන 500ක් පමන අයුතු ලෙස ලබා ගන්නට කටයුතු කරමින් සිටි බවයි.Citadel මෑල්වෙයාර් මෘදුකා0ගය විවෘත මෘදුකාxග ගනයේ හානිකරයක් බවටයි පිලි ගෑනෙන්නේ.

32 බිට් මෙහෙයුම් පද්ධති වලට විසි වසරයි.....

  මයික්‍රසොෆ්ට් ආයතනය තම පූර්න 32 බිට් මෙහෙයුම් පද්ධති භාවිතාවට විසි වසරක් සමරමින් සිටින බවටයි වාඑර්ථා වන්නේ. වින්ඩොස් NT සමග ඇරබි 32 බිට් මෙහෙයුම් පද්ධ්ති භාවිතය ඔවුනගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය වන වින්8 දක්වාම පෑමින තිබේ.වර්ක්ටේෂන් හා සර්වර්ස් ඉලක්ක කරගනිමින් නිකුත්ව තිබූ එම මෙහෙයුම් පද්ධතිය ජූලි 27 වෙනි දිනක නිකුත්වූ බවටයි වාර්ථා පවසන්නේ.වින්ඩොස් සර්වර් 2003 සදහා මයික්‍රසොෆ්ට් සමාගමේ සහය දැක්වීම 2015 ජූලි 14 වන විට අවසන්වීමට නියමිතව තිබෙනවා.
                 එදා වින්ඩොඅස් -- වලදී පුද්ගලයින් හය දෙනෙකු ගෙන් සුසෑදි කන්ඩායමක් මයික්‍රසොෆ්ට් ආයතනය වෙනුවෙන් කටයුතු කල අතර වින්ඩොස් 7 වෙනු වෙන් පුද්ගලයින් 2000 කින් යුත් පිරිසක් කටයුතු කල මුත් එදා වින්ඩොස් NT වලදී යොදවුනු බොහොඅ රීතීන් අදටද පිලි ගෑනෙමින් ඈති බවටයි සටහන් වන්නේ.

2013-07-26

වින්ඩොස්7 සදහා එක්ස්ප්ලොරා11 පෙර ස0ස්කරනයක් නිකුත්වේ.....

 මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩොඅස් 7 සදහා තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බ්‍රවුසරයේ අවසන් ස0ස්කරනය වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 හි ස0වර්ධකයින් සදහා වන පෙර ස0ස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කොට තිබෙනවා.වින්ඩොස් 7 සදහා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි 10 වන සOස්කරනය නිකුත්වීමේදී සිදුවූ ප්‍රමාදය පිලිබදව එහි භාවිතාකරන්නන්ගෙන් ලැබුනු නොසතුට මුසු ප්‍රතිචාරය මෙසේ නව නව ස0ස්කරයේ පෙර නිකුතුවක් ඉක්මනින්ම පෑමිනෙන්නට හේතුවක් වන්නට ඈති බවටයි පෑවසෙන්නේ.ආයතනය පවසන්නේ නව සඔස්කරනය වින්ඩොස්8 සමග ක්‍රියාත්මකවීමේදී ගෙනෙන ක්‍රියාකාරීත්වයට සමාන බවක් වින්ඩොඅස් 7 භාවිතාකරන්නන් වෙතද රෑගෙන එන්නට සම්ත්වනු ඈති බවයි.--- වෙතට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 රෑගෙන විත් ඈති සහය ඔස්සේ වෙබ් අඩවි වෙත ත්‍රිමානීය හා ආකර්ශනීය අන්තර්ක්‍රියා හෑකියාව බොහො වෙන් අඩවි නිර්මාන කරුවන්ගේ අවධානය ලබා ගත් අ0ගයක් වූවා.

2013-07-25

XP සමු ගෑනීමට මාස 9 යයි. භාවිතය 37%යි.

 මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සමස්ත භාවිතාව තුල වින්ඩොස් XP හිමිකරගෙන ඈති බල පරාක්ක්‍රමය ඔවුනගේ වෙළඳ අරමුනු දෙසට ඉමහත් බාදාවක් වෙමින් ඈති බවටයි පෑවසෙන්නේ.ආයතනය තුල ගෙවී ගිය දිනයේ පෑවති අභ්‍යන්තර හමුවකදී බලාපොරොත්තු වූ පරිදි වින්ඩොස් 8 භාවිතයට නොපෑමිනීම පිලිබදව කනස්සල්ල පලවෙමින් ඈති බවටයි වාර්ථා පවසන්නේ.මයික්‍රසොෆ්ට් වෙතින් වින්ඩොස් XP සදහා වන සහය නිල ලෙස අවසන් වන්නට මාස නමයක් පමන වෙද්දීද එහි සමස්ත භාවිතාව සියයට තිස් හතක්ව පෑවතීම තීරනාත්මකව බලපාමින් ඈති බවටයි එම වාර්ථා වෑඩි දුරටත් සදහන් කරන්නේ.එලබෙන 2014 අප්‍රේල් 8 වන විට -- වල සමස්ත භාවිතය සියයට දහය කරා ගෙන ඒමේ ඉලක්කය දෙසට මයික්‍රසොෆ්ට් ආයතනය වඩාත් අවධානයෙන් කටයුතු කරමින් සිටින බවටයි සටහන් වන්නේ.

2013-07-24

ස්ටීව් ජොබ්ස් යනු තොරතුරු තාක්ශනික ලොකයේ වීරයෙකි!!!!!

   ස්ටීව් ජොබ්ස් යනු තොරතුරු තාක්ශනයේ සුපෑහෑදිලි පෙර ගමන් කරුවෙකි. ඔහුගේම වූ චින්තනීය වෙනස භෞතිකව ලොවට ගෙනෙන්නට සමත්වූ තාක්ශනික වීරයෙකි.මයික්‍රසොෆ්ට් සමාගම තාක්ශනයේ සෑගව ඈති අලුත් අවකාශයන් නිර්භයව ස්පර්ශකරන්නෙකුට වඩා ලබා ඈති තාක්ශනික දියුනුව සාර්තකව හා ව්‍යාපාරිකව ලොව නෙක අතට පතුරවමින් ඉමහත් සේවයක් කරන ආයතනයකි.වින්ඩොඅස් 8 කලකට ඉහතදී චින්තනීය තොරතුරු අවකාශයේ ස්ටීව් විසින් තබන ලද සටහනක භෞතික සටහන් වීමකි.සෑබවින්ම හදාරන්නෙකුට ඈපල් ආයතනය හා මයික්‍රසොෆ්ට් ආයතනය යනු එකි නෙකින් මහත් ඈත්ව පිහිටි ආයතනයන් දෙකකට වඩා තොරතුරු අවකාශයේ වේගවත් වර්ධනය වෙනුවෙන් ඉමහත් සේවයක් කරන අපූරු ගොඩනැගීම් දෙකකි.

ඔෆිස් 2013 සදහා වන අවසාන සේවා ගොනුව නිකුත්වේ

      මයික්‍රසොෆ්ට් ආයතනය තම ඔෆිස් 2010 සදහා වන සේවා ගොනුව 2 සxස්කරනය නිකුත්කිරීමට කටයුතු කොට තිබෙනවා.පසුගිය අප්‍රේල් මාසයේදී බීටා සස්කරනයක් ලෙසට නිකුත්වූ මෙම ගොනුව තුල 2013 මෑයි දක්වා නිකුත්වූ සියලු යාවත්කාලීනයන් වන බවටයි පෑවසෙන්නේ.32හා 64 බිට් ලෙසට නිකුත්ව ඈති මෙම නිකුතුව ඔෆිස් 2010 සදහා වන අවසාන සේවාගොනුව වනු ඈති බවටයි බලාපොරොත්තුව වන්නේ.කෙසේ වෙතත් 2015 නොවෑම්බර් දක්වා මයික්‍රසොෆ්ට් ආයතනය තම ඔෆිස් 2010 සදහා සහය දෑක්වීමට නියමිතව ඈති මුත් එම මෘදුකාගය අලවිය මේ වන විට නවතා ඈති බවටයි සටහන් වන්නේ.මෙම ගොනුව තුල 2013 මෑයි මාසය දක්වා වන සියලු යාවත්කාලීනයන් වන බවටයි වෑඩි දුරටත් නිවේදනය වන්නේ.

උබුන්ටු ස්මාට් දුරකථනයට දායකත්වය ලබා ගැනීම ඈරබේ....

පසුගිය ජනවාරි මාසයේදී Canonical ආයතනය නිවේදනය කර සිටියේ තමන් ලිනක්ස් මූලික උබුන්ටු මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මකවන ස්මාර්ට් දුරකථනයක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවයි.ඩොලර් මිලියන 32ක  ව්‍යාපෘතියක් වූ එය සදහා මේ වන විට එම මුදල සම්පාදනය සදහා දායක වන්නන් සොයා ගෑනීම ඇරබී ඈති බවටයි වාර්ථා පවසන්නේ.ඩොලර් 600ක දායකත්වය සපයන්නෙකුට එලබෙන 2014 වසරේ නිකුත්වීමට නියමිත තම ස්මාට් දුරකථනයක් නොමිලේ ලබාදෙන්නට තමන් කටයුතු කරන බවටයි එම ආයතනය පවසා සිටින්නේ.එය 2014 වසරේ මෑයිමාසයේදී පමන නිකුත්වීමටයි දෑනට සෑලසුම්වී ඈත්තේ.මෙම දුරකථනය අගල් 4.5ක ස්ක්‍රීනයකින් හා ගිගා බයිට හතරක රෑම් මතකයක් සමග ගිගා බයිට 128ක ස්තිර මතකයකින් මෙන්ම ක්වාර්ඩ් කොර් ප්‍රොසෙසර් හෑකියාඅවක් සහිත වනු ඈති බවටයි සදහන් වන්නේ.

2013-07-23

උපාංග අතර පහසුවෙන් දත්ත ගොනු බෙදා හදන්නෙක්....

      නිවැසක එක දත්ත උපාංගයක් භාවිතාවීම සුලබව තිබූ යුගයක්ද විය. බරපතල ඩෙස්ටොප් පරිගණකය  සියලු සාමාජිකයින් විසින් කාලවේලා බෙදා හදා ගනිමින් භාවිතාකිරීම සිරිතක්ව පැවති එම යුගය අවසන්ව බොහෝ කල්ය.අද වන විට එක් අයෙකු අඩුම තරමින් දත්ත උපාංග දෙකක් හෝ තුනක භාවිතාකරන බව සුලබවෙමින් ඇති යුගය පැමිනෙමින් ඇත.නිවැස තුල සාමාජිකයින් කිහිපදෙනෙකු වන විට ඔවුනගේ දත්ත අවකාශයන් ප්‍රමානය වඩාත් වැඩි වෙනු ඇත. එසේම නිවසේ පොදු ඩිජිටල් අත්දැකීම් බොදා හදා ගැනීමද දැන් දැන් සංකීර්න වෙමින් ඇත.තම සහභාගී වූ විනෝද චාරිකාවක , ප්‍රියසම්භාෂනයක වැනි කටයුත්තකට අදාල ඡායා රූ හෝ වීඩියෝ අත්දැකීමක් නිවසේ අනිකුන් සමග බෙදා හදා ගැනීම ඒවායෙන් කිහිපයක් විය හැක. ආයතනය උවද මීට සමාන අවශ්‍යතා මොහොතවල් බොහොමයක් වේ.
               පසුගියදා San Disk ආයතනය පැවසුවේ තමන් තමන් ඉහත කී වැනි අවස්ථාවන් සදහා විසදුම් එකක් නොව දෙකක්ම ඉදිරිපත් කරන්නට සුදානම්ව සිටින බවය. flash-based multimedia Wi-Fi drives දෙකක්  වෙළඳ  පොලට ඔවුන් නිකුත්කර තිබිනි. USB 2.0  සබදතාවයක් සහිතව පැමින ඇති මෙම උපාංග mobile multimedia hotspots ලෙසට ක්‍රියා කරමින් පහසුවෙන් මොබයිල් උපාංග සමග දත්ත හුවමාරු කරගැනීමට සමත් වනු ඇති බවටයි පවසන්නේ.  iPhone, iPad, iPod touch, Kindle Fire, හා Android devices, මෙන්ම PC හා Mac computers සමග ක්‍රියාත්මක වන මෙම උපාංග පිලිබද වැඩි විස්තර ඔවුනගේ www.sandisk.com වෙබ් අඩවියෙන් ලබා ගන්නට හැකිවනු ඇත,

ජාවා ARM processors දෙසට ...

      උපාංග හා මෘදුකාංග ආයතන මේ වන විට තම වැඩි අවධානය යොමුකර සිටින්නේ ජංගම ගතියෙන් වැඩි ශක්ති වැය අතින් අඩු වෙළඳ පොල දෙසටය. කෙමෙන් වැඩි වෙමින් ඇති මෙම ප්‍රවනතාවයට ගරුකරමින් Oracle හා ARM ආයතනයන්ද ජාවා පරිගණක භාශාවද වඩාත් ARM 32-bit තලය දෙසට හා  ARMv8 64-bit  තලය දෙසට නැබුරු වන සේ චලනය කරවීමේ  වියාපෘතියක් අරබා ඇතිබවටයි නිවේදනය වන්නේ. ඔවුනගේ අරමුන වන්නේ embedded systems හා enterprise software භාවිතාවන්ට ජාවා වඩාත් සමීප කරවීම බවටයි සටහන් වන්නේ. ජාවාහි වඩාත් පිලිගැනෙන හැකියාව වන බහු ප්ලැට්ෆෝමයන් මත හැසිරීමේ හැකියාවට අමතරව මෙම නව දියුනු කිරීම් සමග ARM multicore systems මත වඩාත් නම්‍යව හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ.

ඇපල් වෙබ් අඩවියකට පහරදීමක්....

   ඇපල් ආයතනය පවසන්නේ පසුගිය බ්‍රහස්පතින්දා සිට තම මෘදු සංවර්ධකයන් සදහා වන වෙබ් අඩවිය පහරදීමකට ලක්ව තිබූ බවයි. ආයතනය තම මෘදුසංවර්ධකයින් වෙත නිකුත්කර තිබු ඊමේලයකින් පවසා සිටින්නේ  iOS හා OS X සදහා මෘදුකාංග සංවර්ධකයින් ලියාපදිංචිය සදහා වූ වෙබ් අඩවිය වෙත මෙම පහර දීම සිදුව ඇති බවයි. එම අඩවිය භාවිතාකරන්නන්ගේ තොරතුරු encrypte මට්ටමේ පැවතීම නිසා ඔවුනගේ සංවේධී මට්ටමේ තොරතුරු සුරක්ශිතවූ නමුත්  ඔවුනගේ ඊමේල ලිපිනයන් , තැපැල් ලිපිනයන් වැනි සීමිත තොරතුරු ප්‍රමානයක් පමනක් එම පහර දෙන්නන් වෙත නිරාවරනයවීම සිදුව ඇති බවටයි ඇපල් ආයතනය වැඩි දුරටත්  පවසන්නේ. නෑවත මෙවැනි අනතුරකට ඉඩ නොතැබීම සදහා සර්වර් මට්ටමේ සිට සියලු මෘදුකාංග යාවත්කාලීන සිදුකරමින් සිටින බවටයි එම වාර්ථා වැඩි දුරටත් සදහන් කරන්නේ.

2013-07-17

ආරක්ශක මෘදුකාංගයක් අස්ථාපනයේදී අදාල මෘදු ටූලයම භාවිතකරීම හිතකරය.....

      මෘදුකාංගයක් අස්ථාපනය කිරීමේදී කල්පනාකාරීව කටයුතු නොකලවිට අනවශ්‍ය ගැටලු  සදහා දොර‍ටු විවෘත  කිරීමක් සිදුවිය හැක. එයිනිදු ආරක්ශක මෘදුකාංගයක් සමග කටයුතු කිරීමේදී තත්වය වඩාත් බරපතල වෙයි. බොහෝ විට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග එන මෘදුකාංග අස්ථාපනයට සහය දක්වන ටූලය එවැනි අවස්ථාවක් සදහා කිසිසේත් සුදුසු නොවන බවයි හදාරන්නන්ගේ අදහස වන්නේ. මේ නිසාම සියලුම ආරක්ශක මෘදුකාංග බෙදාහරින්නන්ම පාහේ තමන්ගේ ආරක්ශක මෘදුකාංගය වඩාත් නිවැරදිව භාවිතාකරන්නෙකුගේ පරිගණකයෙන් ඉවත්කිරීමට සහය දක්වන  මෘදු ටූලයන් නොමිලේම ලබා දේ.පහත දැක්වෙන්නේ බහුලව භාවිතාවන ආරක්ශක මෘදුකාංගයන් වින්ඩෝස් පරිසරය තුලදී අස්ථාපනයට අවශ්‍ය වූ විටකදී යොදා ගත හැකි ඒ ඒ ආයතනයන් විසින්ම ලබාදී ඇති මෘදු සහයන් වෙත පිවිසීමට ඇති වෙබ් ලිපිනයන්ය.
 

2013-07-16

මයික්‍රසොෆ්ට් ස්වංක්‍රීය නිවස් ව්‍යපෘතියට යලි අවධානය......

       වසර කිහිපයකට පෙර 'ස්වංක්‍රීය' නිවසක් සදහා ගොඩ නැගුනු මෙහෙයුම් පද්ධතියක් පිලිබදව දැඩි අවධානයක් තිබිනි. නිවසේ තිබෙන උපාංග බොහොමයක් එකි නෙක යාකරමින්  ස්වංක්‍රීයව ක්‍රියාත්මකව නිවැසියාට වඩාත් සුව පහසු නිවෙස් පරිසරයක් නිර්මානය කිරීම එහි අරමුන වී තිබිනි. මයික්‍රසොෆ්ට් ආයතනයද මෙම ප්‍රවනතාවය සමග එක්වූවේ HomeOS නම් මෙහෙයුම් පද්ධතිය හදුන්වා දෙමිනි. ක්‍රමයෙන් එම කටයුත්ත වෙත වූ ප්‍රමුකතාවය අඩුව කලක් ගතව ගිය මුත්  මේ වන විට නැවතත් මයික්‍රසොෆ්ට් වෙතින් ඒ පිලිබදව අවධානය යොමු කරන්නට කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු පලවන්නේ. නිවසේ පවතින උපාංග සදහා  driver හා small application නිර්මානය කරමින් එම දත්තයන් හදාරමින් වඩාත් සාර්තක ස්වංක්‍රීය නිවසක සදහා වන අත්හදා බැලීම් නැවත ඇරබී ඇති බවටයි එම සටහන් පවසන්නේ. 2012 දී නිවෙස් 12ක අත්හදා බැලීමේ මට්ටමින් මෙම ව්‍යාපෘතිය අරබන ලද අතර තවමත් ආයතනය මේ පිලිබදව වැඩි තොරතුරක් හෙලි නොකර සිටින බවටයි පැවසෙන්නේ.

2013-07-15

"Angry Birds Star Wars II" නොවැම්බරයේ නිකුත්වනු ඇත

          භාවිතාකරන්නන් අතර මහත් ප්‍රසාදයක් දිනාගත් Angry Birds Star Wars හි දෙවන නිකුතුවක් එලබෙන නොවැම්බරයේ 19 දින Angry Birds Star Wars 2 ලෙසින් නිකුත්කිරීමට Rovio හි මෘදුකාංග සංවර්දකයින් මේ වන විට ලහි ලයියේ සූදානම් වෙමින් සිටින බවටයි තොරතුරු පලවන්නේ. පසුගිය දින වල පැවති මාධ්‍ය හමුවකදී එම ආයතනය මෙම බව නිල ලෙසටත් ප්‍රකාශයට පත්කොට සිටියා. මෙම ක්‍රිඩාවේ නව සංස්කරනය තුල චරිත 30කින් සමන්විත වන්නට නියමිත අතර ක්‍රිඩාවතුලදී good හා dark side ලෙසින් ‍තෝරා ගැනීම් අවස්ථා දෙකක්භාවිතාකරන්නාට ගෙනෙනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. TELEPODS තාක්ශන සහය ඔස්සේ භාවිතාකරන්නාහට වඩාත් ‍තෝරා ගැනීමේ අවස්ථා ලැබෙනවා සේම ඔහුගේ කැමැත්ත පරිදි නව ‍තෝරා ගැනීම් අවස්ථා බොහොමයක්ද ‍රැගෙන ඒමට නිය මිත බවටයි පවසා සිටින්නේ.worldwide ඇප් ස්ටෝර්ව ඔස්සේ පැමිනෙන්නට නියමිත මෙම නව සංස්කරනය  iOS, Android, Windows Phone 8 හා  Windows 8  මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වන සංස්කරන වලින් සමන්විත වනු ඇති බවටයි සටහන් වන්නේ.

මයික්‍රසොෆ්ට් "ස්මාර්ට්" අත් ඔරලෝසුවද නිමවෙමින් තිබේ!!!!!!


      ප්‍රධාන පෙලේ නිෂ්පාදකයින් වැඩි වැඩි වශයෙන්  පැලදිය හැකි මට්ටමේ පරිගණක උපාංග නිෂ්පාදනය කෙරෙහි මෑත කාලයෙහි වැඩි අවධානයක් යොමු කරමින් සිටිනු දක්නට ලැබෙනවා. ඇපල් ආයතනය වෙතින් "ස්මාර්ට් වොච්"  නිකුතුවක් ගැන පසුගිය කාලය තිස්සේ කථාබහට ලක් වෙමින් සිටිය අතර එය බොහෝ විට එලබෙන වසරේ සිදුවනු ඇති බවටයි බලාපොරොත්‍ටු වන්නේ. ඒ අතර මයික්‍රසොෆ්ට් ආයතනයද ස්මාර් වොච් ආකාරයේ ආකෘතියක් සමග එන පරිගණක උපාංගයක් ගැන අවධානය යොමු කර ඇති බවට තොරතුරු හෙලි උන අතර එය මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රකට Xbox අංශය වෙතින් නිමවෙමින් පවතින බවට හෙලිවෙමින් පවතිනවා. එහි මුල් ව්‍යාපෘතිය  'Joule' ලෙසට නම්ව තිබූ අතර එය  හදවතෙහි ක්‍රියා කාරීත්වය නිරීක්ශනය සදහා වන සහය උපකරනයක් ලෙසටයි හෙලිව තිබුනේ.
                           මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට තම සැලසුම් වඩාත් පුලුල් මට්ටමකට ගෙනවිත් ඇති අතර එය වීදුරු මෙන් හතර ගුනයක ශක්තිමත් ඇලුමේනියම් ඔක්සයිඩ් ආකයේ පාරදෘශ්‍ය නිමාවක් ඇති මිල අධික මූල ද්‍රව්‍ය ආශ්‍රයෙන් නිමවන්නට නියමිත අතර වින්ඩෝස් 8 ආශ්‍රිත සරල මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය සමග ගිගා බයිට 6ක මතකයක් හා 4G සහය වන ගූගල් ග්ලාස් වලට වඩා පහසු හැසිරවීමකට මිත්‍රව සිත්කලු වර්න රාශියකින් සමන් විත්ව පැමිනෙනු ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ.

වින්ඩෝස් ෆෝන් 9 ස්මාර්ට් ෆෝන් හා ටැබ්ලට් එකට යා කරාවි!!!!

        පැතිරෙමින් යන නිල නොවන පුවතකින් පැවසෙන්නේ 2015 වසරේදී එලි දැක්වීමට සැලසුම්ව ඇති වින්ඩෝස් ෆෝන් 9 මෙහෙයුම් පද්ධතිය ස්මාර්ට් ෆෝන් සදහා මෙන්ම ටැබ්ලට් සදහාද එකසේ සහය දක්වන මෙහෙයුම් පද්ධතියක් වීමේ බලාපොරොත්තුවක් වන බවයි. එය දැනට භාවිතාවන වින්ඩෝස් ෆෝන් 8 හි "යුසර් ඉන්ටර්ෆේස්" ඒකට වඩා වින්ඩෝස් 8 සමග පැමින ඇති "මොඩර්න් යුසර් ඉන්ටර්ෆේස්" වලට වඩාත් සමීප ස්වරූපයක් ගනු ඇති බවටයි වැඩි දුරටත් අනුමානය වෙමින් පවතින්නේ. තවමත් සැලසුම් මට්ටමේ පවතින මෙම මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් සදහා මොබයිල් මෙහෙයුම් පද්ධති තලයක් ඔස්සේ දැනට පැමින ඇති වින්ඩෝස් RT සමග යාවීමක් සිදුවීමේ වැඩි ඉඩකඩක් ගැන මේ වන විට විචාරනය වෙමින් පවතිනවා. දැනට ඇන්ඩ්‍රොයිඩ් සමග ජංගම උපාංගවල වැඩි භාවිතාවක් පවතින වෙළඳ පොල ඉලක්ක කරගත් මෙම නිපැයුම වඩාත් වෙනසක් ගෙනෙනු ඇති බවටයි සටහන් වන්නේ.

2013-07-14

මයික්‍රසොෆ්ට් වෙතින් Skype WiFi App එකක් !!!!!

        බහුල භාවිතයක් ඇති Skype සදහා වඩාත් සාර්ථකව වින්ඩෝස් 8 වල සිට හා වින්ඩෝස් RT වල සිට පිවිසිය හැකිවන සේ නව මෙට්‍රෝ ආකාරයේ ඇප් මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා. මෙම Skype WiFi app  භාවිතාව ඔස්සේ ප්‍රසිද්ධ ස්ථානවන හෝටල් රෙස්‍ටුරන්ට් මෙන්ම දුම්රිය ස්ථාන වැනි තැන්වල ක්‍රියාත්මක hotspots ඔස්සේ පහසුවෙන් ස්කයිප් භාවිතාකරනු හැකි වන බවටයි සදහන් වන්නේ.ලොව පුරා පවතින මිලියනයකට අදික  WiFi hotspots සමග නොමිළේ මෙන්ම මුදල්ගෙවන ගිනුම යටතේ ස්කයිප් භාවිතාව මෙම පහසුව සමහ වඩාත් පහසුවක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් භාවිතාවේදී වඩාත් සැලකිලිමත්වීම වැදගත්ය....

     ඇන්ඩ්‍රොයිඩ් උපාංග වෙත පහරදීම් ප්‍රමනය බෙහෙවින් ඉහල යමින් පැවතීම ලොවපුරා භාවිතාවන හා වේගයෙන් වැඩි වෙමින් ඇති එහි භාවිතාවට පිවිසෙන්නන්ගේ ප්‍රමනය සැකලකීමේ අරුම කාරනයක් නොවේ. පසුගිය කාලයේ ප්‍රධාන පෙලේ ආරක්ශක මෘදුකාංග ආයතන දෙකක් එක්ව කල හැදෑරීමකින් පැවසුනේ ගෙවී ගිය වසරේ පමනක් මැල්වෙයාර් සහිත මොබයිල් ඇප් පැමිනීම සියයට 614කින් ඉහල ගොස් ඇති බවකි. ක්‍රමයෙන් ලොව පරිගණක භාවිතාව ඩෙස්ටොප් පරිගණකයේ සිට මොබයිල් උපාංග වෙත නැබුරුවෙමින් ඇති මෙවන් යුගයකදී දැඩි ලෙස ආර්ථික අරමුනු වලින් මෙහෙයවන මැල්වෙයාර් සටහන් කරුවන්ගේ හා එතරම් තාක්ශනික හෝ අවබෝධ හැකියාවක් නැති මුත් අන්තර්ජාලය වැනි මාධ්‍ය හරහා පහසුවෙන් ඒවා ලබා ගැනීමේ හැකියාව නිසාම මෙම පහරදීම් වෙත තම අවධානය යොමුකරන්නන්ගේ ප්‍රමානය වැඩි වෙමින් පවතින බවටයි හදාරන්නන් පවසන්නේ.
                                         ඔවුන් වැඩි දුරටත් පවසන්නේ බොහොමයක් නොමිළේ භාවිතයට පැමිනෙන මොබයිල් ඇප් ඔස්සේ භාවිතාකරන්නාගේ අනු දැනුමකින් තොරව ඔහුගේ තොරතුරු සොරාගැනීමේ ප්‍රවනතාවයද වේගයෙන් ඉහල යමින් පවතින බවයි. ඒවා අතර භාවිතාකරන්නා එම මොහොතේ සිටින ස්ථානය , ඔහුගේ සබදතා ලිපින ගොනුව මෙන්ම සේවා සපයන්නා සමග වන ගිනුම් පිලිබද තොරතුරු ද මෙම සොරා ගැනීම අතර බහුලව දක්නට ලැබෙන බවයි. විටක ඇප් ගොනුව නොමිළේ ස්ථාපනය වන මුත් එය භාවිතාවේදී අදික ගාස්තු අයකිරීමකට යටත්වීම තවත් බහුලව දක්නට ලැබෙන අවස්ථාවක් ලෙසට ඔවුන් සටහන් කර සිටිනවා.හදාරන්නන් පවසන්නේ ලොව පුරා බාහිර ආකාරයේ ඇප්ස් ස්ටෝර් වන් 500 කට වඩා ක්‍රියාත්මක වන බවත් ඒවායෙන් භාවිතයට පැමිනෙන ඇප්ස් වල ගුනාත්මක භාවය ඉතා ප්‍රශ්න කාරී බවයි.

වින්ඩෝස් 8.1 අමතර දෘඩාංග පහසුකම් බලාපොරොත්තු වේවි!!!!!

   මයික්‍රසොෆ්ට් සමාගම තම ලොවපුරා වෙසෙන වෙළඳ සහකරුවන් එකතැනට කැදවා කෙරෙන දැනුවත්වීමේ වැඩසටහන මීට දින කිහිපයකට පෙර අවසන් කරනු ලැබුවා. මෙම හමුව සම්බන්දව පැවති මාධ්‍ය ප්‍රචාරයන් තුලදී හෙලි නොවුනු කාරනා කිහිපයක් මේ වන විට හෙලි වෙමින් තිබෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 8 හදුන්වාදෙමින් පවසා සිටි පරිදි  ඔනෑම වින්7 ධාවනය වන පරිගණකය වින්8 ධාවනය කල හැකි බව පසුව සමහර පහසුකම් මත  වෙනස් විය හැකිබව පැවසුවා සේම වින්ඩෝස්8.1 සදහාද අවශ්‍ය අමතර සහයන් පිලිබදව මේ වන විට කරුනු හෙලි කොට සිටිනවා. ඒවා අතර GPU සදහා WDDM 1.3  ඩ්‍රයිවරයේ සහය අවශ්‍ය වන බවත් නව මෙහෙයුම් පද්ධතිය SATA Hybrid hard drives සදහා හොඳින් සහය දක්වන බවත් පවසා සිටිනවා.
                    මීට අමතරව NFC සදහා දෘඩාංග සහය තිබිය යුතු බවත් fingerprint readers  සදහා සහය වන දෘඩාංග පැමින තිබීමේ අවශ්‍යතාවයත් හෙලිකොට තිබෙනවා. ARM  වලදී වින්ඩෝස් 8.1 හොඳින් ධාවනය වීම සදහා  Precision Touchpads technology වල අවශයතාවය වාගේම 2014 වන විට Bluetooth wireless technology සදහා සහය දක්වන දෘඩාංග දැනුවත් කිරීමක්ද සිදුව තිබෙනවා.මීට අමතරව 2015 වන විට Trusted Platform Module 2.0  සදහා සහය දක්වන දෘඩාංග පිලිබදව සුදානම් වීමේ අවශ්‍යතාවය එහිදී හෙලි කල නමුදු 2015 වන විට පැමිනෙන්නට නියමිතව ඇත්තේ වින්ඩෝස් 8.2 හෝ වින්ඩෝස් 9 ද යන්න හෙලිකොට සිටියේ නැත.

රුසියාව නැවත "ටයිප් රයිටර" යුගයට??????

  පලවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ රුසියාව නැවත තම ලේඛන කටයුතු වලදී පැරනි ටයිප් රයිටරය දෙසට වැඩි අවධානයක් යොමුලිරීම කෙරෙහි නැවත සලකා බලමින් සිටින බවයි. එම තොරතුරු වැඩි දුරටත් හෙලිකරන්නේ  ඩිජිටල් උපකරන හා සැසදීමේදී වඩාත් ආරක්ශිතබව පැරනි ටයිප් රයිටරය පිලිබදව මෙම අවධානයට ප්‍රධාන හේතුව වන බවයි. කෙමෙන් ගැටලුවක් වෙමින් පවතින තොරතුරු අනවසරයෙන් හෙලිවීම වැලකීමේදී මෙම ක්‍රම උපාය වැදගත් වනු ඇති බවටයි ඔවුනගේ විස්වාසය වී ඇත්තේ. එසේම වැඩි වැයක් ඩිජිටල් මට්ටමේ උපකර සදහා කරන්නට සිදුවීමද ඔවුන් සදහන් කරනවා.
                     පැරනි ටයිප් රයිටරයන් සැලකීමේදී බොහෝ විට ඒව එකි නෙකට වෙනස් වන රටාවන් සලකමින් යම් ලියවිල්ලක් අනවසර පිටවීමේකදී එම සිදුවීම් පි‍ටුපස සිටින වගකිව යුත්තන් හදුනා ගැනීමේදී වැදගත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. කෙසේ වෙතත් තවමත් මෙම පුවත නිල ලෙස තහවුරුව නැති බවයි වැඩි දුරටත් පැවසෙන්නේ.

2013-07-11

නොකියා වෙතින් Lumia 1020 වින්ඩෝස් දුරකථනයේ නිල නිකුතුව සිදුවේ....

        පසුගිය ජනවාරියේ සිට කථාබහට ලක්වෙමින් තිබූ නොකියා වෙතින් එලි දැක්වෙමු ඇති බවට බලාපොරොත්තුවූ Lumiya 1020 වින්ඩෝස් දුරකතනය මේ වන විට නිල ලෙස එම ආයතනය විසින් නිකුත් කොට තිබෙනවා. මෙගා පික්සල 41ක කැමරාවකින් යුත් මෙම දුරකථනය ගිගා හර්ට්ස් 1.5ක ඩුවෙල්කෝර් ප්‍රොසෙසරයකින් හා ගිගා බයිට 2ක ‍රැම් මතකයකින් යුක්ත බවටයි ප්‍රකාශ වන්නේ. එසේම microSD card  සමග වැඩිකර ගැනීමේ හැකියාව සහිතව ගිගා බයිට 32ක මතක හැකියාවක් සමග අඟල් 4.5ක අධි සුපැහැදිලි තිරය Gorilla Glass 3 සමග සුරක්ශිත කර තිබෙනවා. ග්‍රැම් 158ක සැහැල්ලුවක් සහිත මෙම උපාංගය මිලිමීටර් 10.4ක ඝනත්වයකින් යුක්ත බවටත් ‍රැහැන් රහිත ආරෝපන හැකියාවකින් යුක්ත බවට පවසන ඔවුන් LED ප්ලැෂ් සමගින් ඡායාරුවක් හෝ වීඩියෝවක් ලබා ගැනීමේදී භාවිතාකරන්නාගේ හැසිරවීමේදී වන අනවශ්‍ය සෙලවීමක් සමග පවා පැහැදිලි ලබා ගැනීමක් සදහාවන තාක්ශනයෙන් සමන්විත වන බවටයි සටහන් වන්නේ. එසේම 'reinvented zoom' සමග සාමන්‍ය දැසකින් දකිනවාට වඩා සවිස්තරාත්මක ඡායා සටහනකට මෙම උපාංගය සූදානම් බවටත් ඔවු පවසා සිටිනවා.

XP අයිකනයන් හා වින්8 ටයිලයන් ගේ වෙනස මයික්‍රසොෆ්ට් ආයතනයේ ව්‍යුහයතුලටත්!!!!!!!

          මයික්‍රසොෆ්ට් ආයතනය යනු බොහෝ දෙනෙකුට හුදු තවත් වෙළඳ ආයතනයකි. තවත් පිරිසකට තම පාරිභෝගිකයන් හුරා කමින් සිටින අන්තවාදී වෙළඳ ආයතනයකි. තවත් හදාරන්නන් පිරිසකට ලොව පරිගණක භාවිතාව වෙනස් කල තම වෙළඳ අරමුනු ඔස්සේ  මුත් තම භාවිතාකරන්නන්ගේ භාවිතාවන් උත්කර්ෂවත් කරන ලොව නන් දෙසින් බිහිවන තොරතුරු තාක්ශනයට සම්බන්දිත මිනිස් බුද්ධිය ක්‍රමානුකූලව හවුල්කර ගන්නා අපූරු ආයතනයකි.ලොව පුරා විසිර ඇති රාශියක් වන තම පර්යේක්ෂනාගාරවලදී නෙක මට්ටමේ තම අත්හදා බැලීම් නිරන්තරයෙන් පවත්වාගෙන යන මෙම ආයතනයේ ව්‍යුහය එලබෙන ලෝකයට ආශර්ශනයක් සපයමින් සිටින බවටයි ඔවුනගේ මතය වන්නේ.
                     මෑතකදී පැතිර යමින් තිබූ මයික්‍රසොෆ්ට් ආයතනයේ ව්‍යුහයේ බරපතල වෙනස්කම් පැමිනීමේ කටකථාවට යම් සත්‍යයක් එක් කරමින් අද දිනයේ ඔවුන් පවසා සිටියේ තම ආයතනයේ අංශයන්ගේ හා ඒවායේ වෙනස් ප්‍රධානීන්ගේ වෙනස්කම් කිහිපයක්ම නිල ලෙස ප්‍රකාශ කරන බවකි."Today, we are announcing a far-reaching realignment of the company that will enable us to innovate with greater speed, efficiency and capability in a fast changing world" ආයතනයේ පෙර අතීතය සටහන් වන්නේ මෘදුකාංග ප්‍රධානී ලෙසට උවත් එලබෙන යුගය "උපාංග හා සේවාවන් " ප්‍රමුක ආයතනයක් ලෙසට වෙනස්වීමේ තීර්නය මෙම ප්‍රකාශයන් වල කැපී පෙනෙන සදහනක් වනවා.සමස්තයක් ලෙසට ආයතනයේ වෙනස සංකේතාත්මකව පවසන්නේ නම් "Windows XP වල අයිකනයන්ගේ හැසිරීම හා වින්ඩෝස් 8 හි ටයිලයන්ගේ හැසිරීම් ව්‍යුහ වල වෙනස " මයික්‍රසොෆ්ට් ආයතනය තුලටද ‍රැගෙන විත් ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.

2013-07-06

ඔනෑම මතුපිටක් touchscreen කරන්නට WorldKit සුදානම්ලු....

    "දැන් දැන් අපට තේරෙන දෙයක් තමයි තොරතුරු තාක්ශනයට වඩ වඩාත් අපගේ ජීවිත ඇතුලට යන්නට යතුරු පුවරුව බාදාවක් වෙමින් තියනවා කියන එක.පරිගණකය භාවිතාවේදී ඒක ලොකු කාරනාවක් නොවුනත් පරිගණක බව සංයුත්ත වෙච්ච උපාංග භාවිතාව තව දුරටත් සරල ජීවිත රටාවල් තුල වලංගු වන්නට නම් යතුරු පුවරුව වගේ හැසිරවීමට වැඩි අවධානයක් ඉල්ලා සිටින සහය උපකරනයක වඩා සරල පහසු ක්‍රමවේදයක අවශ්‍යතාවය මේ වන විට හැම දිසාවකින්ම පාහේ ඉල්ලා සිටින බවක් දකින්නට පුලුවන්.ස්පර්ශක තිර භාවිතය කෙමෙන් පරිගණක උපාංග සමග බහුල වෙමින් තිබෙන්නේ එහි ප්‍රතිපලයක් ලෙසටයි. හැබැයි සමීපව හදාරන කොට වැටහෙනවා ස්පර්ශක තිර භාවිතය වැනි භාවිතාවන් හැබෑ වටම උත්සාහ කරන්නේ අපේ සාම්ප්‍රධායික පරිගණක භාවිතය උත්කර්ශවත් කරනවාට වඩා තමන්ව සිරකරගෙන ඉන්න සීමාවල් කඩා බිද දමමින් දෛනික ජීවිත වටා තියෙන නෙක උපකරන වල සැගවෙමින් තමන්ගේ හැකියා වපසරිය පුලුල් කර ගැනීම බව.
                                                 ස්පර්ශක තිර මිල අදික බව එක් දිසාවකින් සටහන් වෙන කොට තව දිසාවකින් එවැනි පහසු භාවිතාවක් අත්‍යවශ්‍ය බවයි ඉල්ලා සිටින්නේ. ලෝකයේ විවිධ හදරන්නන් දැඩි අවධානයක් මේදෙසට එල්ල කර ඇති ඇති බව දකින්නට පුලුවන්.මෑතකදී එක් පිරිසක් පැවසුවේ තමන්ට ප්‍රොජෙක්ටරයක් හා කැමරාවක් ඔස්සේ භාවිතාකරන්නාට අවශ්‍ය ඔනෑම මතුපිටක් ස්පර්ශක තිරයක් බවට පත්කිරීමට හැකි බවයි. එහිදී ප්‍රොජෙක්ටරය ඔස්සේ ඔනෑම මතුපිටක ස්පර්ශක සංවේදී අවකාශයක් නිර්මානය කර ගැනීමේ හැකියාව භාවිතාකරන්නාට ලැබෙන අතර පෙර නිර්මානය කරගත් එම මතු පිට දෑතින් කරන චලනයන් කැමරාව ඔස්සේ හදුනාගනිමින් අදාල අනදීම් හදුනා ගන්නටත් සාර්තකව ඒවාට ප්‍රතිචාර දක්වමින් පුලුල් සංකීර්න භාවිතාවකට සුදුසු ක්‍රමවේදයක්  තමන් ගොඩ නගමින් සිටින බවයි...."

2013-07-04

මවුසයේ නිර්මාතෘ ජීවිතයෙන් සමුගනී.......

       පැමිනි සියල්ලොවම නවත ආපසු යායුතු බව කිසිවෙකුටත් මග හැරිය නොහැකි යතකි. බොහෝ අයවුලුන් පැමිනිය නිසා පමනක් ආපසු යාම හැරෙන්නට යමක් තම ජීවිත සංචාරක සටහනේ තබා යාම අවාසනාවකි. වඩාත් අවාසනාවන්තතම කාරනාව වන්නේ තවත් අයවලුන්ගේ  ජීවන සටහන පසුව හදාරන්නෙකුට ඔහු නොපැමින සිටියා නම් මොන තරම් හොද දැයි සිතන්නට වන තරමේ සටහන් එහි වන නිසාය. මෙවැනි නෙක ආකාරයේ සටහන් අතර මිනිස් ජීවිත මහත්සේ ධනාත්මකව වෙනස්කල අයවලුන්ද නැතිවාම නොවේ.
                                             පසුගිය විසි වසර සැලකීමේදී පරිගණකය භාවිතාකල සියල්ලන්ටම එහි හැසිරවීම සුව පහසුකල උපාංගයක් වූවේ "මවුසය"යි. පරිගණකය හුදු තාක්ශනික භාවිතාකරන්නන්ගේ සිට සමාන්‍ය භාවිතාකරන්නන් වෙත දෛනික ජීවිතයේ සහකරුවෙකු කරන්නට මවුසය ගෙන එන සහය අපමනය. මෙම මවුසය මුලින්ම නිර්මානය කරමින් හදුන්වාදූන්  Douglas Engelbart ගේ ජීවිතයෙන් සමුගැනීම තම නිවසේදී සිදුව ඇති බවටයි නිවේදනය වන්නේ.තම නිර්මානය වෙනුවෙන් ඔහු තබා තිබූ නාමය වී ඇත්තේ x-y position indicator ලෙසටයි වාර්ථා වී ඇත්තේ. පසුව තවත් නිපැයුම් කරුවෙකු "මවුසය " ලෙසට වන හිමිකමක් ඔස්සේ ලෙඛන ගත කොට ඇති බවටයි වැඩි දුරටත් එම තොරතුරු පවසන්නේ. මෙතුමා මෙම සොයාගැනීමට අමතරව  ARPANET සදහාද සහය වී ඇත්තෙකු ලෙසට සටහන් වන අතර මීට අමතරව display editing, multiple windows, context-sensitive  වැනි කාරනා ඔස්සේද තම දායකත්වය සැපයූවෙකු ලෙසටයි පිලි ගැනෙන්නේ. අවසාන කාලයේ මෙතුමා තම බිරිඳ හා දරුවන් හතර දෙනා සමග තම කාලය ගතකර ඇති බව කිය වෙන අතර විචාරකයින් ලොවට පහසු භාවිතාවක් ‍රැගෙන ආ මෙතුමාගේ  ජීවිතයේ අවසාන කාලය ගෙවුනුයුරු ගැන තම කනගා‍ටුව පලකරනු දක්නට ලැබෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් වල දුර්වලතාවයක් හදුනාගැනේ!!!!

             හදාරන්නන් පිරිසකගෙන් පැවසෙන නිවේදනයක් හෙලිකරන්නේ ඔවුන් විසින් ඇන්ඩ්‍රොයිඩ් හි ප්‍රධාන මට්ටමේ දුර්වලතාවයක් තමන් විසින් හදුනාගෙන ඇති බවයි. ඔවුන් පවසන්නේ පසුගිය වසර 4ක්  පුරාවට විවෘතව තිබූ මෙම දුර්වලතාවය ඔස්සේ ලොව පුරා භාවිතාවෙමින් ඇති ඇන්ඩ්‍රොයිඩ් උපාංග මිලියන 900කට ආසන්න ප්‍රමානයක් වෙත හනිකට බවක් පැමිනීමේ හැකියාව තිබී ඇති බවයි.ඔවුන් පැහැදිලි කරන්නේ මෙම දුර්වලතාවය ඔස්සේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂනයක් එහි ඩිගිටල් ආකාරයට වන සහතිකබවට හානි නොවන සේ වෙනස් කිරීමේ හැකියාවෙන් යුත්ත වීම බවයි. හානිකරන්නෙකු මෙම දුර්වලතාවය භාවිතාකරමින් එහි අව්‍යාජ බව හගවන ආරක්ශක පියවරයන්ට හානි නොවන සේ මැල්වෙයා ආකාරයේ මෘදු කොටසක් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂනයක් වෙතට ඇතුලු කිරිමේ හැකියාව නිසා එම ඇප්ලිකේෂනයන්ගේ ව්‍යාජ බව විමසන යාන්ත්‍රන  මග හරිමින් පහසුවෙන් හානිකරයන්ට මෙම උපාංග අතර පැතිරීමේ වැඩි හැකියාවක් තිබී ඇත.
                      ගූගල් වෙතින් මෙම හානිකර බව සදහා පිලිසකකරයන් ඉක්මනින් නිකුත්වීමට නියමිත බවත් තවත් සමහර ආයතන මේ වන විටත් ආරක්ශක පියවර ‍රැගෙන ඇති බවටත් වැඩි දුරටත් පැවසෙනවා. සටහන් පෙලවල් දෙකකින් පහසුවෙන් මෙම නිරාවරනය සමනය කිරීමට හැකි වුවද ඇන්ඩ්‍රොයිඩ්වල වන බොහෝ සංස්කරන ප්‍රමානය ඔස්සේ භාවිතාකරන්නන් වෙත එම පිලිසකරයන් ලගා කරවීමේ අපහසුවක් පවතින බවටයි වැඩි දුරටත් සදහන් වන්නේ.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...