2013-07-04

ඇන්ඩ්‍රොයිඩ් වල දුර්වලතාවයක් හදුනාගැනේ!!!!

             හදාරන්නන් පිරිසකගෙන් පැවසෙන නිවේදනයක් හෙලිකරන්නේ ඔවුන් විසින් ඇන්ඩ්‍රොයිඩ් හි ප්‍රධාන මට්ටමේ දුර්වලතාවයක් තමන් විසින් හදුනාගෙන ඇති බවයි. ඔවුන් පවසන්නේ පසුගිය වසර 4ක්  පුරාවට විවෘතව තිබූ මෙම දුර්වලතාවය ඔස්සේ ලොව පුරා භාවිතාවෙමින් ඇති ඇන්ඩ්‍රොයිඩ් උපාංග මිලියන 900කට ආසන්න ප්‍රමානයක් වෙත හනිකට බවක් පැමිනීමේ හැකියාව තිබී ඇති බවයි.ඔවුන් පැහැදිලි කරන්නේ මෙම දුර්වලතාවය ඔස්සේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂනයක් එහි ඩිගිටල් ආකාරයට වන සහතිකබවට හානි නොවන සේ වෙනස් කිරීමේ හැකියාවෙන් යුත්ත වීම බවයි. හානිකරන්නෙකු මෙම දුර්වලතාවය භාවිතාකරමින් එහි අව්‍යාජ බව හගවන ආරක්ශක පියවරයන්ට හානි නොවන සේ මැල්වෙයා ආකාරයේ මෘදු කොටසක් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂනයක් වෙතට ඇතුලු කිරිමේ හැකියාව නිසා එම ඇප්ලිකේෂනයන්ගේ ව්‍යාජ බව විමසන යාන්ත්‍රන  මග හරිමින් පහසුවෙන් හානිකරයන්ට මෙම උපාංග අතර පැතිරීමේ වැඩි හැකියාවක් තිබී ඇත.
                      ගූගල් වෙතින් මෙම හානිකර බව සදහා පිලිසකකරයන් ඉක්මනින් නිකුත්වීමට නියමිත බවත් තවත් සමහර ආයතන මේ වන විටත් ආරක්ශක පියවර ‍රැගෙන ඇති බවටත් වැඩි දුරටත් පැවසෙනවා. සටහන් පෙලවල් දෙකකින් පහසුවෙන් මෙම නිරාවරනය සමනය කිරීමට හැකි වුවද ඇන්ඩ්‍රොයිඩ්වල වන බොහෝ සංස්කරන ප්‍රමානය ඔස්සේ භාවිතාකරන්නන් වෙත එම පිලිසකරයන් ලගා කරවීමේ අපහසුවක් පවතින බවටයි වැඩි දුරටත් සදහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...