2013-07-04

මවුසයේ නිර්මාතෘ ජීවිතයෙන් සමුගනී.......

       පැමිනි සියල්ලොවම නවත ආපසු යායුතු බව කිසිවෙකුටත් මග හැරිය නොහැකි යතකි. බොහෝ අයවුලුන් පැමිනිය නිසා පමනක් ආපසු යාම හැරෙන්නට යමක් තම ජීවිත සංචාරක සටහනේ තබා යාම අවාසනාවකි. වඩාත් අවාසනාවන්තතම කාරනාව වන්නේ තවත් අයවලුන්ගේ  ජීවන සටහන පසුව හදාරන්නෙකුට ඔහු නොපැමින සිටියා නම් මොන තරම් හොද දැයි සිතන්නට වන තරමේ සටහන් එහි වන නිසාය. මෙවැනි නෙක ආකාරයේ සටහන් අතර මිනිස් ජීවිත මහත්සේ ධනාත්මකව වෙනස්කල අයවලුන්ද නැතිවාම නොවේ.
                                             පසුගිය විසි වසර සැලකීමේදී පරිගණකය භාවිතාකල සියල්ලන්ටම එහි හැසිරවීම සුව පහසුකල උපාංගයක් වූවේ "මවුසය"යි. පරිගණකය හුදු තාක්ශනික භාවිතාකරන්නන්ගේ සිට සමාන්‍ය භාවිතාකරන්නන් වෙත දෛනික ජීවිතයේ සහකරුවෙකු කරන්නට මවුසය ගෙන එන සහය අපමනය. මෙම මවුසය මුලින්ම නිර්මානය කරමින් හදුන්වාදූන්  Douglas Engelbart ගේ ජීවිතයෙන් සමුගැනීම තම නිවසේදී සිදුව ඇති බවටයි නිවේදනය වන්නේ.තම නිර්මානය වෙනුවෙන් ඔහු තබා තිබූ නාමය වී ඇත්තේ x-y position indicator ලෙසටයි වාර්ථා වී ඇත්තේ. පසුව තවත් නිපැයුම් කරුවෙකු "මවුසය " ලෙසට වන හිමිකමක් ඔස්සේ ලෙඛන ගත කොට ඇති බවටයි වැඩි දුරටත් එම තොරතුරු පවසන්නේ. මෙතුමා මෙම සොයාගැනීමට අමතරව  ARPANET සදහාද සහය වී ඇත්තෙකු ලෙසට සටහන් වන අතර මීට අමතරව display editing, multiple windows, context-sensitive  වැනි කාරනා ඔස්සේද තම දායකත්වය සැපයූවෙකු ලෙසටයි පිලි ගැනෙන්නේ. අවසාන කාලයේ මෙතුමා තම බිරිඳ හා දරුවන් හතර දෙනා සමග තම කාලය ගතකර ඇති බව කිය වෙන අතර විචාරකයින් ලොවට පහසු භාවිතාවක් ‍රැගෙන ආ මෙතුමාගේ  ජීවිතයේ අවසාන කාලය ගෙවුනුයුරු ගැන තම කනගා‍ටුව පලකරනු දක්නට ලැබෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...