2012-12-31

ඇමරිකාව ගුවන් මගීන් සදහා බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවය පහසු කෙරේ..




ඇමරිකානු සංනිවේදන අධිකාරියකින් පැවසෙන්නේ මින් ඉදිරියට ගුවන් මගීන් සදහා මෙතෙක් පැවති අන්තර්ජාල භාවිත සදහා වූ සීමාවන් බොහෝ දුරට ලිහිල් කෙරෙන නව රෙගුලාසි මාලාවක් පසුගිය සිකුරාදා අනුමත වූ බවයි.පෙර ක්‍රියාත්මක වූ සේවාවන් හා සසද සැසදීමේදී සියයට පනහක පමන කාර්යක්ශමතාවයක් සමග නව රෙගුලාසි යටතේ ගුවන් මගියෙකුට පහසුවන් බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවය අත්විදීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලකර සිටියේ. වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ නව රෙගුලාසි යටතේ වයි-ෆයි සබදතා ඔස්සේ ගුවන් මගියන් සදහා පහසුවෙන් බ්‍රෝඩ් බැන්ඩ් සබදතාව ලැබෙන්නට නියමිත බවයි.

ඔප්ටිකල් තැටි මිළ 50% කින් 2013 දෙවන භාගයේ ඉහලට........


පලවන පුවතකට අනූව පැවසෙන්නේ 2013 මැද භාගය වන විට ඔප්ටිකල් ඩිස්ක් වෙලඳ පොල තුල ඇතිවෙතැයි බලා පොරොත්තුවන හිගයත් සමග ඒවායේ මිලගනන් සියයට 50ක ඉහල යාමක් පිලිබදව අනතුරු ඇගවෙමින් තිබෙන  බවයි. ඔප්ටිකල් ඩිස්ක් නිෂ්පාදනයෙහි පලමු පෙල සිටින්නා වන ජපානය මෙන්ම දෙවන හා තෙවන මට්ටමේ නිෂ්පාදන රට ලෙසට සැලකෙන තායිවානය තුල නිෂ්පාදකයින්  මේවන විටත් එලබෙන වසර සදහා තම නිෂ්පාදන ප්‍රමාන අඩු කිරීම සදහා සැලසුම් කොට ඇතැයි පැවසෙන අතර ක්ලවුඩ් ආකාරයේ වැනි විකල්ප දත්ත ගබඩා පහසුකම් වැඩි වැඩියෙන් භාවිතයට පැමිනීම මේ වන විට සිදුවෙමින් පවතින බවටයි සටහන් වන්නේ.

කතෘ අයිතීන් නොසලකා හැරීම් වේගයෙන් ඉහලට....




පලවන නවතම වාර්ථාවක් පවසන්නේ ගෙවෙමින් යන වසර පුරාවට ගූගල් ආයතනය වෙත කතෘ අයිතීන් ඔස්සේ අනවසරව පලව ඇති  දෑ ඉවත් කරන මෙන් ඉල්ලා කරන ලද ඉල්ලීම් ප්‍රමානය 51,395,353 ක් ලෙසටයි . සාපේක්ශව සලකන විට පෙර වසරට වඩා සීග්‍ර වැඩිවීමක් පෙන්වන මෙම ඉල්ලීම් ප්‍රමානය සදහා ගූගල් ආයතනය උපරිම ලෙස ප්‍රථිචාරය දක්වමින් සිටින අතර දිනකට මිලියන භාගයකට ආසන්න ප්‍රමානයක  සබදතා තමන් පිරික්සමින් සිටින බවටයි ආයතනය පවසන්නේ.
         දිනකට මිලියන භාගයක පමන අනවසර පලකිරීම් සම්බන්දයෙන් පැමිනිලි ලැබෙන වෙබ් ලිපිනයන් ප්‍රමානයක් මේ වන විට තමන් සලකා බලමින් සිටින අතර වැඩිවන මෙම ඉල්ලීම් ප්‍රමානය සලකමින් ගූගල් ආයතනය මේ වන විට තමන් වෙත තම සෙයුම් ප්‍රථිපල වලින් ඉවත් කරන මෙන් කරන වෙබ් ලිපිනයන් ප්‍රසිද්ධ කරන අතර දල ලෙස මෙම වසර තුල තමන් වෙත ලද ඉල්ලීම් අතර වූ වෙබ් ලිපිනයන් භාගයක් පමන ඉවත් කරන්නට කටයුතු කර ඇති බවටයි පවසා සිටින්නේ.මේ වන විට කතෘ හිමිත්වය ඇති එකමුතුවක් විසින් තම අයිතීන් නොසලකමින් දත්ත ගොනු බෙදාහරිනු ලබන ප්‍රකට පෙලේ වෙබ් අඩවීන් ගූගල් සෙයුම් යන්ත්‍රයතුලින් සම්පූර්නයෙන් ඉඅවත් කරදමන මෙන් නැගෙන බලපෑම වැඩි වෙමින් පවතින බවටයි සටහන් වන්නේ.

 

..............උසස් අධ්‍යාපන ජීවිතයේ දෙවන දිනය සාමන්‍ය පරිදි ආරම්භවිය. ආයතනයේ බස් රථය නියමිත් වෙලාවට විනාඩියක ප්‍රමාදයක් සමග පැමුනුනි.එක් රියදුරෙකු විසින් නොසැල කිලිමත් ලෙස තම රථයේ පාලනය සියතට ගෙන  අනිසි ලෙස  තම ගමනාන්තය ලබා ගන්නට උත්සාහ කිරීම විනාඩි 6ක් තුල  නතර කරන්නට නගරයේ වාහන හැසිරවීම් අංශයේ යාන්ත්‍රික නිලධාරියෙකු කටයුතු කරන ලද අතර ඔහුගේ නොහොබිනා හැසිරීම සමස්ත නගරය වෙත ‍රැගෙන විත් තිබූ ප්‍රමාදය මිනිස් පැය 432 බවට පුවතක් ටීටාව වෙත ලැබී තිබිනි. මිනිස් වෙහෙස වැනි කාරනා නිසා යම් රියදුරෙකුට තම රථය ප්‍රධාන නගරයේ තැනින් තැන පිහිටවා ඇති විවේකාගාරයක් අසල නවහා විවේක ගැනීම නැතිනම් සම්පූර්න වාහනයේ පාලනය ස්වංක්‍රීය රියදුරාට බාර කර විවේක ගැනීමේ හැකියාව ඇති අතර තුරදී තම වෙහෙස නිමාගැනීම සදහා මාර්ග නීති නොසල කමින් තම රථය ධාවනය කිරීමේ වරදට ඔහුව අත්වඩංගුවට ගෙන ඇති බවටත් එම පුවතේ වැඩි දුරටටත් සටහන්ව තිබිනි.................

http://siriwansa.com/Dataman8.php

පැරනි වේගය හා සුමට ගලායාම පරිගණකය වෙත නැවත කැදවන්නට මෘදුකාංගයක්....


ඔබ පරිගණකය මිලදී ගත් දිනයේදී අත් විදි  වේගවත් බව හා සුමට ගලායාම නැවත ඔබගේ පරිගණකය වෙත නැවත කැදවා ගන්නට කැමති වනු ඇත.කෙමෙන් භාවිතයත් සමග පරිගණකය තුල එකතුවන තාවකාලික දත්ත ගොනු රෙජිස්ට්‍රියන්ගේ ගැටලු ආදිය පරිගණකය තුල නිර්මානය කරන අලස බව මෙන්ම දෘඩ තැටිය මත නිර්මානය වන දත්ත ගොනු  පිහිටීමේ ව්‍යාකූල බව විසින් නිර්මානය කරන අපහසු භාවයන් යම්දුරකට හෝ ඉවත්කරමින්  නෑවත පෙර පරිගණකය ඔබ වෙත ‍රැගෙන එන්නට මෙම නොමිළේ ලැබෙන  මෘදුකාංගය සහයවනු ඇති බවටයි ඔවුන් පොරොන්දු පලකරමින් සිටින්නේ.

http://siriwansa.com/SOFTWARE.php

2012-12-30

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8 වල තවත් දුරවලතාවයක් හදුනාගනී....


මයික්‍රසොෆ්ට් සමාගම ඊයේ දිනයේදී පවසා සිටියා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7,8 යන සංස්කරනයන්හි තවමත් පිලිසකර නොකරනලද  දුර්වලතාවක් පවතින බව. මෙම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට වින්ඩෝස් පරිගණකයක් තම පාලනයට යටත්කර ගැනීමේ හැකියාව පවතින බවටයි සටහන්ව තිබුනේ.ආයතනය මේවන විටත් මෙම දුර්වලතාවය  සදහා පිලිසකරයන් නිකුත්කිරීම කෙරෙහි කටයුතු කරමින් සිටින අතර මේ වන විටත් එම දුර්වලතාවය ඔස්සේ ආසාදනයට පත්ව ඇති පරිගණක සදහා තාවකාලික පිලිසකරයක් නිකුත් කර ඇති බවටත් වැඩි දුරටත් පවසා සිටියා. වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හෝ 10 වෙත තම බ්‍රවුසරය ඉහල නංවා ගැනීම හොදම ආරක්ශක පියවරක් විය හැකි බවයි.

චීනයේ අන්තර්ජාල රෙගුලාසි වෙනස් මුහුනුවරකට....


චීන රජය විසින් පසුගිය සිකුරාදා පනවන ලද නවනීතිරීති අලට අනූව එරට භාවිතාකරන්නෙකුට  තම අන්තර්ජාල ක්‍රියාකාර කම් තුල ව්‍යාජ නාමයන්ගෙන් පෙනී සීටීමේ හැකියාව ඇති මුත් අදාල අන්තර්ජාල සේවාව සපයන්නා සතුව පෙරකී භාවිතාකරන්නා පිලිබදව සියලු සත්‍ය තොරතුරු සතුව තිබිය යුතු බවටයි පැවසෙන්නේ. අනවශ්‍ය ලෙස අන්තර්ජලය මත තදබදය ඇති කිරීම් වැලකීම මෙන්ම හානිකර මෘදුකංග මුදා හැරීම කාරනා මෙන්ම දේශපාලනිකව හානිකර අදහස් පැතිරවීම වැලකීම මෙම පියවරයන්හි ඉලක්කය වී ඇති බවටයි පැවසෙන්නේ.
                              අන්තර්ජාලය තුල සෙයුම් යන්ත්‍ර හා කියවෙන ප්‍රධාන ස්තාවරයක් දරන ගූගල් සමාගම හා චීන රජය අතර පසුගියකාලයේදී ගැටලු රාශියක් පැන නැගුනු අතර ගූගල් හා සම්නද වෙබ් අඩවි තහනමට ලක්කිරීම මෙන්ම එරට ප්‍රධාන පෙලේ ක්‍රියකාරීන්ගේ ජී මේල වලට අනවසර පිවිසීම් කිහිපයක් සමග මෙම තත්වය වඩාත් තීව්‍ර වී ඇති බවට පසුගිය කාලයේ වාර්ථා වුනු අතර පසුව දේපාර්ශවය අතර සමත භාවයකට පැමිනි බවක් වාර්ථා වී තිබුනා. මේ වන විට ගූගල් සෙවුම් යන්තර එරට දෙවන මට්ටමේ වැඩියෙන්ම භාවිතාවන සෙයුම් යන්ත්‍රය බවට වාර්ථ වන අතර දෛනිකව භාවිතාවන වෙබ් අඩවි අතර මුල් ප්‍රථිපල පහම තවමත් හිමිවන්නේ ගූගල් වලට  බවටයි වාර්ථා පවසන්නේ.

වින්ඩෝස් ඇප්ස් ස්ටෝර්ව ඇප්ස් 35000 දක්වා ඉහලට.....

වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධතිය වෙළඳ පොල වෙත මුදා හරින දිනය වන විට ඒ සමගම ප්‍රථම වරට මයික්‍රසොෆ්ට් ආයතනය හදුන්වා දුන් වින්ඩෝස්8 ඇප්ස් ස්ටෝර්ව සමන්විතව තිබුනේ ඇප්ස් 9000 පමනී. එකල විචාරකයින් පවසා සිටියේ වින්ඩෝස් 8 ඇපල් ආයතනය සමග තරග වැදීමේදී දුර්වල සංක්‍යාවකින් යුත් ඇප්ස් ස්ටෝව රින හේතුවක් ලෙස බලපානු ඇති බවය.පසුගිය 26 වන විට සාමන්‍ය භාවිතවට ලබා දී තෙමසක් ගතවන වින්ඩෝස්8 ඇප්ස් ස්ටෝර්ව තුල සංක්‍යාත්මකව සැලකීමේදී ඇප්ස් 35000 කට අදික ප්‍රමානයක් පවතින බවටයි බාහිර ගනනය ආයතනයකින් නිකුත්වන නවතම වාර්ථා පවසා සිටින්නේ.
                                       පරිගණක ක්‍රිඩා ආශ්‍රිත ඇප්ස් වල බහුල බාවිතයක් පවතින බව පවසන එම වාර්ථාව වැඩි දුරටත් පවසා සිටින්නේ සයිබර් ලෝකයේ ප්‍රධාන පෙලේ ආයතන කිහිපයක්ම තවමත් තම සේවාවන් සම්බන්ද නිල මට්ටමේ ඇප්ස් වින්ඩෝස්8 ඇප්ස් ස්ටෝර්ව වෙත ලබාදී නොමැති බවයි. ඒ අතර ෆේස්බුක් සමාජජාලා අඩවිය මෙන්ම  ‍ටුවිටර් ආයතනයද පවතින බවටයි සටහන් වන්නේ.

2012-12-29

එක්ස් බොක්ස් 360 ආශ්‍රිත සේවා බිඳ වැටීමක්


ගෙවිමින් යන පැය කිහිපයතුල මයික්‍රසොෆ්ට්  හි එක්ස්බොක්ස්  වලට සම්බන්දිත සමහර සේවාවන්තුල යම් යම් බිඳවැටීම් වාර්ථ වෙමින් පවතින බවටයි සටහන් වන්නේ. එක්ස්බොක්ස් 360 වල ක්ලවුඩ් ආශ්‍රිතව භාවිතකරන්නන්  රදවා තබා ඇති දත්ත ගොනු නැවත ලබා ගැනීමට උත්සාහකරන විට අක්‍රමික තාවයක් පවතින පනිවිඬයක් මේවන විත ලැබෙමින් පවතින බවටයි වාර්ථා පවසන්නේ.මයික්‍රසොෆ්ට් සමාගමේ අවධානය මෙම ගැටලුව වෙත යොමුව ඇති බවත් හැකි ඉක්මනින් තත්වය යාතා තත්වයට ගැනීමට කටයුතු කරමින් සිටින බවටත් ඔවුන් නිවේදනය කර සිටිනවා.

වින්8 ගැන තම අදහස් පලකරන්නට අවකාශ දුන් ඇප් එක ඇප් ස්ටෝවෙන් ඉවතට....



වින්ඩෝස්8 ඇප්ස් ස්ටෝවර් තුල දෛ නික ජීවිතයේ විවිධ අවශ්‍යතා ඉලක්ක කොටගත් ඇප්ස් මහත රාශියක් මේ වන විට මිළදී ගැනීමේ මෙන්ම නොමිළේ භාවිතාකිරීමේ  හැකියාවෙන් යුතුව ප්‍රදර්ශනය කරනු දක්නට හැකිය. පුවත් විනෝදාංසමය නෙක පෞද්ගලික අවශ්‍යතා ඉලක්ක කොට ගනිමිම් මෙම ඇප්ස් නිර්මානය කොට තිබෙනු දක්නට පුලුවන. වින්ඩෝස් ඇප්ස් ස්ටෝවර් මතට ඇප් මෘදුකාංගයක් නැංවීමේ ක්‍රමවේදය වන්නේ මිර්මාන කරුවා තම ඇප් නිර්මානය  ඇප්ස් වෙතට ලබාදීමෙන් අනතුරුව මයික්‍රසොෆ්ට් ආයතය විසින් එහි ප්‍රමිතීන් පිලිබදව සලකා බලා සතු‍ටු විය හැකි මට්ටමක පවතිනවා නම් පමනක් තම ස්ටෝව වෙත මුදා හැරීමයි.
                  මෑතකදී මෙම ඇප්ස් ස්ටෝව වෙත මුදා හැරුනු ඇප් එකක ක්‍රයාකාරකම වූවේ වින්ඩෝස්8 පිලිබදව භාවිතාකරන්නන්ගේ මත ප්‍රකාශකිරීමට ඉඩ සැලසීමයි. ලිඛිත මෙන්ම වාචික ලෙස මෙම මතපලකිරීමට භාවිතාකරන්නන් හට ඉඩ සැලසුන අතර ඒවා කියවන්නට මෙන්ම සවන් දෙන්නට භාවිතාකරන්නන් හට ඉඩ සලසා තිබිනි. මේ වන විට හදිස්සියේම එම ඇප් මෘදුකාංගය මයික්‍රසොෆ්ට් සමාගම විසින් තම ඇප්ස් ස්ටෝවෙන් ඉවත් කර ඇති අතර මාධ්‍ය කරුවෙකු මේ පිලිබදව සමාගමෙන් විම සිටින විටදී ඔවුන් පවසා ඇත්තේ "අදාල කොන්දේසි වලට යටත්ව ඔනෑම ඇප් මෘදුකාංගයක්  හැසිරෙනතාක් පමනක් ඒවා තම ඇප්ස් ස්ටෝව තුල ප්‍රදර්ශනය වීම සිදුවනු ඇති බවයි".

මයික්‍රසොෆ්ට් සමාගමේ ඉතිහාසගත වරදටත් වඩා අඩු වේගකින් වින්8 භාවිතයට පැමිනෙමින් තිබීම


පසුගිය නොවැම්බරයේ මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ තම වින්ඩෝස්8 හි බලපත්‍ර මිලියන 40කට වඩා අලවිකර ඇති බවකි.එනමුත් නෑතකදී පලවන වාර්තා පවසන්නේ වෙළඳ පොල වෙත නිකුත්කර සමාන කාල වකවානු සැසදීමේදී වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධතිය 2007 වසරේ නිකුත්කල විස්ටා මෙහෙයුම් පද්ධතියටත් වඩා අලවිය අතින් පහත තත්වය පවතින බවයි. ඔවුන් පවසනවා වින්ඩෝස් 8 නිකුත්ව මේ වනවිට ගතව ඇති කාලය හා විස්ටා නිකුත්ව ගතව ගිය සමාන කාලවල් සැසදීමේදී වින්8 ඔන්ලයින් ආකාරයේ හැසිරීම් 1.6ක ප්‍රථිශතයක් පෙන්වන අතර විස්ටා මෙහෙයුම් පද්ධතිය එම කාලය තුලදී 2.2ක භාවිතයක් පෙන්වූ බවකි.
                                 භාහිරදත්ත ගනනය කරන ආයතනයකින් නිකුත්ව ඇති මෙම දත්තයන් විමසීමේදී විචාරනය වන්නේ විස්ටා නොහොත් මයික්‍රසොෆ්ට් සමාගමේ ඉතිහාසගත වරදටත් වඩා අඩු වේගකින් වින්8 භාවිතයට පැමිනෙමින් තිබීම සමහර විටකදී එය ‍රැගෙන විත් ඇති ස්පර්ශ මූලික ස්ටාර්ට් ස්ක්‍රීනය ප්‍රමුක නවතාවයන් සමාජ ගතවීමට ගන්නා කාලය පිලිබද ගැටලුවක් වන්නට හැකි බවකි.

බිල්ගේට්ස් පවුලේ ඇපල් උපකරන භාවිතය තහනම් .....


බ්‍රිතන්‍ය ගුවන් විදුලි සේවාවක් සමග සම්මුක සාකච්චාවකට සහභාගීවෙමින් බිල්ගේට් මහතාගේ බිරිඳ පවසා සිටියේ තම දරුවන් තිදෙනා අතර ඇපල් පරිගණක සමාගමේ නිෂ්පාදන භාවිතය තහනම් බවකි. ඇය පවසා සිටින්නේ මයික්‍රසොෆ්ට් සමාගම නිසා ලැබූ ආර්ථික ශක්තිය වැයකරමින් තමන්ගේ ආයතනයේ ප්‍රධාන තරග කරුවාගේ නිෂ්පාදන මිලදී ගැනීම එතරම් යුතු කාරනාවක් නොවන බව තමන්ගේ විස්වාසය බවයි. පසුගිය වසරේදී බිල්ගේට්ස්  ප්‍රමුක පවුලේ සාමාජිකයින් ඔස්ට්‍රේලියානු සංචාරයක යේදී සිටියදී පහලොස් හැවිරිදි දියනිය විසින් ඇපල් අයි ෆෝනයක් භාවිතාකරනු දැක්වෙන ඡායාරුවක් මාධ්‍ය තුල පලවීම පිලිබදව  බිල්ගේට්ස් මහතා තම නොසතුට පලකල බවද වාර්ථා කර තිබුනා.

2012-12-28

2013 සයිබර් පහරදීම් වල කැපී පෙනෙන ප්‍රවනතාවක්.... -මැකා‍ෆි පවසයි-


මැකාෆී ආයතනයෙන් නිකුත්වන වර්ථවක් පවසන්නේ 2013 වසරේදී සයිබර් පහරදීම් වල කැපී පෙනෙන වර්ධනයක් පිලිබදව පෙර නිගමනයකට පෙලබෙන්නට තරම් සාධක දක්නට ලැබෙන බවයි. වර්තමානය වන විට ඉන්ටෙල් ආයතනය යටතේ පාලනයවන ප්‍රකට මැකාෆී ආරක්ශක මෘදුකාංග සමාගම පවසන්නේ දැනට බිහිවී ඇති වඩාත් ආරක්ශ බවින් වැඩිම මෙහෙයුම් පද්ධතිය ලෙසට වින්ඩෝස්8 පිලිබදව තර්කයක් නොමැති වුවද එලබෙන වසරේදී පහර දෙන්නන්ගේ දැඩි අවදානයක් වින්ඩෝස් 8 වෙත යොමුවීම වලකාලනු නොහැකි වනු ඇති බවය. ඔවුන් පවසන්නේ වින්ඩෝස්7 වෙළද පොලට විත් ගතවන කාලය හා වින්ඩෝස්8 හි  ඒම සමන කාලය සලකන විට වින්ඩෝස් 8 ඉලක්ක කරගත් හානිකර මෘදුකාංග නිර්මානය වීමේ ප්‍රවනතාවය මහත් ඉහල මට්ටමක තිබෙනු දක්නට හැකි බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙහෙයුම් පද්ධතිය තුල වන දුර්වලතා ඉලක්ක කර ගැනීමට වඩා  භාවිතාකරන්නන්ගේ දුර්වලතා ඉලක්ක කරගැනීම මෙම ප්‍රවනාතාවයේ වැඩි ප්‍රථිශතයක්  වනු ඇති බවයි. HTML5 වල හා ඇප් වල පවතින දුර්වලතා ඉලක්ක කරගැනීම එලබෙන වසරේ තවත් වැඩිම ප්‍රවනතාවයක් ගන්නා පහරදීම් ක්‍රමවේදයක් වනු ඇති බවෛ ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

2012-12-27

ආසාධිත පරිගණකයට EMERGENCY KIT එකක්....


ආසාධනයවූ පරිගණකයක් සමග හමුවන සුලබ ගැටලුවක් වන්නේ අලුතින් ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනයට ඉඩ නොදීම මෙන්ම ස්ථාපනය වී ඇති ආරක්ශක මෘදුකාංගයට ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම හා යාවත්කාලීනයක් ලබා ගැනීමට ඉඩ නොදීමයි. පහත දැක්වෙන මෘදුකාංගය මෙම අවස්තාවලදී සහයට පැමිනෙන නොමිලේ භාවිතාකල හැකි එකක්වීම ඔබට සහනයක් ගෙනෙනු ඇත.මිලියන 10 කට අධික හානිකර මෘදුකාංග සදහා සාර්තකව ක්‍රියාත්මක වෙතැයි පවසන මෙම මෘදුකාංගය නවීනතම දියුනු කිරීම් වලින් සමන්විත බවටයි සටහන් වන්නේ.

http://siriwansa.com/SOFTWARE.php

මේ දිනවල පැතිර යමින්සයිබර් අනතුරු කිහිපයක්.......



හදාරන්නන් පවසනවා මේදිනවල පැතිර යමින් පවතින  අනතුරු අතර ඩී.එච් එල් සේවාව නමින් ඔබ වෙත ලැබෙන්නට ඉඩ ඇති භාරදීමට නොහැකිවූ පාර්සලයක් පිලිබදව වන ව්‍යාජ  දැන්වීම් ඊමේලයන් පිලිබදව කල්පනා කාරී වනලෙස. ඔවුන් පවසන්නේ මෙම ආයතනය එලෙස නිකුත්කරන ඊමේලයන් වලට අදාල වෙනත් ගොනුවක සබදතාවයන් නොතිබෙන අතර පෙර කී ලෙසට වෙනත් ගොනුවක් කරා යොමුකරන සබදතාවයක් දක්නට ලබුනේනම් එම ඊමේලයේ අව්‍යාජ භාවය හැන සැලකිලිමත් වන ලෙසයි.බොහෝ විම මෙම සබදතාවය ඔස්සේ ව්‍යාජ ආරක්ශක මෘදුකාංගයක් පරිගණකයේ තැන්පත්වීමට කටයුතුවන අතර උත්සවසමයේ මෙම හානිකරය බහුලවම පැතිරෙමින් තිබෙනු දක්නට ලැබෙන බවයි.
                             කැස්පර්ස්කි ආයතනය පවසන්නේ ඇඩෝබි රීඩරයේ හා ඇක්‍රොබැට් වල ඇති දුර්වලතාවයක් ඔස්සේ පහරදෙන්නන් පරිගණකයේ දත්ත ගොනු පරිහරනය කිරීමේ  අනතුරක් හදුනා ගෙන ඇති බවයි.මෙම පහර දෙන්නන් විසින් ඔබගේ පරිගණකය ඔස්සේද පී.ඩී.එෆ්  ගොනු නිර්මානය කිරීමක යෙදෙමින් ට්‍රෝජනයන් සහිත ව්‍යාජ පී.ඩී.එෆ් ගොනු නිර්මානය කරමින් අන්තර්ජාලය ඔස්සේ වෙනත් පරිගණක වෙත ඔබ නොදැනුවත්වම යොමුකිරීමේ යෙදෙන්නට ඉඩ ඇති  බැවින් එම අඩෝබි මෘදුකාංග හා පරිගණකයේ ආරක්ශක මෘදුකාංගය නිතරම යාවත්කාලීනව තබා ගැනීම ඉතාම වැද ගත් බවටයි පවසා සිටින්නේ.
                                               ඇන්ග්‍රි බර්ඩ් වල ස්ටාර් වෝ(ර්)ස් ඇන්ඩ්‍රෝයිඩ් ඇපයේ ව්‍යාජ සංස්කරනයක් මේදින වල පැතිරෙමින් පවතින බවටයි පලවන තවත් වාර්ථාවක් පවසා සිටින්නේ. නියම මෘදුකාංගයට බොහො සමාන ලෙස නිර්මානය වී ඇතැයි පැවසෙන මෙම මෘදුකාංගය තුල මැල්වෙයාර් කිහිපයක්ම සැගව තිබෙන අතර ඔබ නොදැනුවත්වම ක්‍රියාකාරී වෙමින් වෙනත් දුරකථන වෙත ටෙක්ස්ට් ආකාරයේ පනිවිඬ යවමින් අනවශ්‍ය ලෙස දුරකථන දත්ත සබදත සබදතාවයේ වැය ඉහල දැමීමට කටයුතු කරන බවටයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ වෙනත් අඩවි ඔස්සේ නොව මෙම මෘදුකාංගය ගූගල් ස්ටෝර් වෙතින්ම බාගත කර ගැනීම හිතකර වනු ඇති බවයි.

2012-12-26

තප්පර 60 ආරක්ශක මෘදුකාංගයක්

ලොව ප්‍රකට මෘදුකාංග සමාගමක වන බිට්ඩිපෙන්ඩර් ආයතනය විසින් නොමිලේ ලබාදෙන අතිවේගවත් ක්‍රියා කාරීත්වයක් ඇති මෙම මෘදුකාංගය තප්පර 60 තුල පරිගණකයේ තැන්පත්ව ඇති වෛරස ඉවත්කිරීමේලා සහයවනු ඇති බවටයි පැවසෙන්නේ. ක්ලවුඩ් මුලිකව ක්‍රියාත්මක වන මෙම මෘදුකාංගය තම පස්වන හයවන ස්කෑන් ක්‍රියාවේදි පෙර කාලවෙලාවෙන් භාගයකදි පමන තම ක්‍රියාවලිය අවසන්කරන්නට සමත් බවටයි සටහන් වන්නේ.මෙම මෘදුකාංගය තම දෙවන මට්ටමේ ආරක්ශක මෘදුකාංගය ලෙස නිශ්චිත කාලයකට වරක් භාවිතාකීරීමට යොදා ගැනීම වඩාත් සුදුසු බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ.මෙම මෘදුකාංග දැන් ප්‍රධාන වෙබ් අඩවිය ඔස්සේ ඔබටත් ලබා ගත හැක.

www.siriwansa.com

ක්‍රෝම් 25 සමග ස්වංක්‍රීය ඇඩෝන ස්ථාපනය වලකනු ඇත



කාලයකදී බ්‍රවුසරයන් වෙත ඇඩෝනයන් ලෙසට අමතර මෘදුකාංග කොටස් අවශ්‍ය වන විටදී නියමිත ලෙස ඒවා බ්‍රවුසරය මත ස්ථාපනයවී නොතිබීම මහත් අපහසුවක්ව පැවති කලයක් විය. සමහර වෙබ් ක්‍රියාකාරකම් සාර්තකව බ්‍රවුසරයමතට කැදවා ගන්නට මෙම ඇඩෝනයන් අවශ්‍ය වූ අතර භාවිතාකරන්නන් විසින් ඒවා ආයාසයකින් ස්ථාපනය කරගන්නට සිදුවන කාලය විය එය. මෙම අපහසුව සැලකූ මොසිල්ලා , ක්‍රෝම් වැනි බ්‍රවුසර ඉදිරිපත් කරන්නන් තම පසු සංස්කරන වලදී එලස අවශ්‍ය වන ඇඩෝනයන් අවශ්‍ය විටකදී භාවිතාකරන්නන්ගේ මැදිහත් වීමකින් තොරව ස්වංක්‍රීයව ස්ථාපනය වන ලෙසට බ්‍රවුසරයන් නිමකර ඉදිරිපත් කරන්නට විය.
                        මීට වසරකට පමන පෙර මොසිල්ලා ආයතනය පවසා සිටියේ මෙලෙස භාවිතාකරන්නාගේ අනුදැනුමෙන් තොරව මෘදු කොටස් බ්‍රවුසරය වෙත ස්ථාපනය වන්නට ඉඩ හැරීම සමහර මෘදුකාංග කරුවන් විසින් අනිසි ලෙස භාවිත කරමින් පරිගණකය වෙත අපහසුතාවයන් කැදවන බැවින් ඉදිරි සංස්කරනවලදී  මෙම ඉඩකඩ අහුරන්නට තමන් ක්‍රියා කල බවයි. ඒ අනූව 2011 අගෝස්තුවේ නිකුත් කල ෆයර්ෆොක්ස් 8 සංස්කරනය සමග පෙරකී ලෙසට භාවිතාකරන්නාගේ දැනුමකින් තොරව ඇඩෝනයන් ෆයර් ෆොක්ස් වෙත ස්ථාපනය වීම වලකා ලන ලදී. එක් උදා හරනයක් ලෙසට ඔවුන් පැවසුවේ ස්කයිප් ඇඩෝනයක් ලෙසට ෆයෆොක්ස් මත ක්‍රියාත්මක වෙමින් තිබියදී 2011 ජනවාරි මාසයේදී එක් සතියයක් තුල පමනක්  ක්‍රැෂ් වීම්  40000 අදිකව වාර්තා වූ බවයි.
                                මේ වන විට ගූගල් ආයතනයද පවසා සිටින්නේ එල බෙන වසරේ පෙබරවාරී මාසයේ නිකුත්වීමට නියමිත ගූගල් ක්‍රෝම් හි 25  සංස්කරන සමග තමන්ද මෙලෙස ස්වංක්‍රීය ලෙස බ්‍රවුසරය මත මෘදුකාංග ස්ථාපනය වීමට ලබාදී තිබූ ඉඩකඩ අහුරාලන්නට තමන් තීර්නය කර ඇති බවයි.

ගෙවීයන වසරේ දත්ත ලොකයේ සටහන්වීම්


ගෙවී යමින් පවතින වසරේ සයිබර් අවකාශය ආශ්‍රිතව ප්‍රධාන සිදුවීම්  තුනක් කැපී පෙනෙන ලෙසට සටහන් වනු දකනට පුලුවන්. වසරේ මුල්ම භාගයේ සටහන්වූ  අප්ලෝඩ් අඩවිය වසාදැමීමට ඇමරිකානු බලධාරීන් කට්යුතු කිරීම ආන්දෝලනාත්මක කාරනාවක් උනා. අන්තර්ජාලය නිදහස් තැනක් වියයුතු බවත් භාවිතාකරන්නන් හට රිසි සේ එහි ඇති දෑ භුක්තිවිදීමේ අවස්ථාව ලැබිය යුතු බවටත් එක් පාර්ශවයක් යෝජනා කල අතර අනෙක් පාර්ශවයේ අදහසවූවේ ඩෝලර් මිලියන ගනනක කතෘ හිමිත්වයන් ම්හීලෙස අයතුලෙස භාවිතය ඔවුන්ගේ දෙසින් වන මහත් අසාධාරනයක් වන බවයි....

මෙම ලිපිය ඇතුලු නොමිලේ මෘදුකාංග හා තවත් බොහෝ දේ සදහා ප්‍රධාන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
.
www.siriwansa.com

2012-12-22

ෆේස්බුක් "පෝක්" උපාංගය අලුත් වෙයි....



ෆේස්බුක් ආයතනය පවසනවා 2004 වසරේ සිට ක්‍රියාත්මක තම උපාංගයක් වූ "පෝක්" හි නව මොබයිල් අංගයක් මේ වන විට නිකුත්කර ඇති බව.මෙම මෘදු උපාංගය ඔස්සේ තම හිත මිතුරෙකුගේ අවධානය ලබා ගැනීම සිදුවන අතර මෙම නව මෘදු උපාංගය ඔස්සේ තම හිත මිතුරෙකු වෙත ඡායාරුවක් වීඩියෝවක් හෝ  පනිවිදයක් යැවිය හැකි වන අතර එය එක් පුද්ගලයෙකුට මෙන්ම පිරිසක් වෙත එක වර යොමු කිරීමේ හැකියාව පවතින බවටයි  සටහන් වන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම පිලිබද වැඩිදුර තොරතුරු ලබා ගත ක්හැකිවනු ඇත.

https://itunes.apple.com/app/id588594730

වින්ඩෝස්8 පෙර සංස්කරන ජනවාරි 15 දක්වා පමනයි...



මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටිනවා වින්ඩෝස්8 සදහා නිකුත්කර ඇති සියලුම පෙර සංස්කරනයන්  එලබෙන වසරේ ජනවාරි මස 15 වන විට කලිකුත්වීමේ තත්වයට පත්වන්නට නියමිත බව.මේ අනූව ජනවාරි පලමු වෙනිදා සිට ඒ සදහා වන අනතුරු ඇගවීම් සියලුම වින්ඩෝස්8 පෙර සංස්කරන සදහා දැක් වෙනු ඇති බවයි. දැනට නිකුත්ව ඇති පෙර සංස්කරන 3ම සදහා මෙම තත්වය බලපානු ඇති අතර ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ජනවාරි 15 වන දිනෙන් පසුව එම මෘදුකාංගය භාවිතය නිති විරෝධී කටයුත්තක්  වනු ඇති බවයි. මෙදිනින් පසුව මෙම සංස්කරන භාවිතාවන පරිගණක සැම පැයකට වරක්ම නැවත "රීස්ටාර්ට්" වීමේ ක්‍රියා වලියකට යටත් වන අතර එලබෙන මාසයේ  මුල් දෙසතිය තුල මුදල් ගෙවා නෛතික සංස්කරනයක් වෙත තම මෙහෙයුම් පද්ධතිය ඉහලනංවා ගැනීම හිතකර වනු ඇති බවටයි පවසා සිටින්නේ.

උත්සව අසිරිය බ්‍රවුසරය මත සිට සමරමු....



එලබ ඇති උත්සව සමයේ තම භාවිතකරන්නන් වෙත වඩාත් අපූරු අත්දැකීම් ගෙන එමින් තම සේවාවන් වෙත ඇද බැද තබා ගන්නට අන්තර්ජාල සේවා සපයන්නන් උත්සාහ කරමින් සිටී, ගූගල් ආයතනය පසුගියදා පවස සිටියේ තම සර්ච් බාරය මත " let it snow " යන්න සටහන් කල විට  භාවිතාකරන්නන් වෙත අපූරු අත්දැකීමක් ‍රැගෙන එනු ඇති බවයි. මයික්‍රසොෆ්ට් සමාගමද තම සෙවුම් යන්ත්‍රය ආශ්‍රිතව නිකුත්කර ඇති නවාංගය භාවිතාකරමින් තම බ්‍රවුසරයේ ක්‍රියාකාරීත්වය පිලිබද අවබෝදයක් විනෝදයක්ද සමගින් ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා. වෙබ් අඩවියක් වන මෙම නවාංගය භාවිතාකරමින් අනෙකුත් සෙවුම් යන්ත්‍ර හා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි නව තාක්ශනයන් සමග ක්‍රියාකාරීත්වයේ වෙනස පිලිබද හැගීමක් ලබා ගත හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ.

http://ie.microsoft.com/testdrive/Performance/PenguinMark/

2012-12-20

වින්8 ස්කයිප් ඇප් සමග වෙනත් ඇප් ක්‍රියාකාරකම්ද බෙදා හදා ගැනීමට හැකිවනු ඇත.....



මයික්‍රසොෆ්ට් ආයතනය ස්කයිප් වෙත වින්8 ඇප් සහයක් නිකුත්කරනු ලැබුවේ වින්ඩෝස්8 නිල ලෙස එලිදක්වනු සමගමය. නොවැම්,බරයේ නිකුත්කරනු ලැබූ යවත්කාලීනයක් සමග මැසෙන්ජර් සේවාව සමග පහසුවෙන් කටයුතුකිරීමේ හැකියාව ලබා දෙමින් මැසෙන්ජර් සබදතා සමග ස්කයිප් සහය ලබා දෙන ලදී.
                       මයික්‍රසොෆ්ට් වෙතින් නිකුත්කර ඇති නවතම වින්8  ස්කයිප් ඇප් යාවත්කාලීනය සමග ලැබෙන නව පහසුකම් අතර එම මොහොතේ විවෘතව ඇති වෙනත් ඇප් එකක්ද ස්කයිප් සමග බෙද හදා ගැනීමේ හැකියාව ලැබෙන බවයි. හදුනා ගෙන ඇති දුර්වලතා කිහිපයක් සදහා සැකසීම් සමග වඩාත් සාර්තකව ක්‍රියත්මක වීමට අදාල යාවත්කාලීනයන් කිහිපයකින්ද නව යාවත්කාලීන ගොනුව සමන්විත බවටයි පැවසෙන්නේ.

වින්8 කුඩා දරුවෙකුට පවා හැසිරවිය හැකි මෙහෙයුම් පද්ධතියකි......



මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස්8  මෘදුකාංගය සමගවිත් ඇති වෙනස නව භාවිතාකරන්නන් සදහා අපහසුවක් කැදවා  නොයෙන බව සනාත කිරීම සදහා මහත් කැපවීමක්  කරමින් සිටී. මෑතකදී ආයතනය වින්8 කුඩා දරුවෙකුට පවා මහත් පහසුවෙන් භාවිතාකලහැකි සරල නිමවුමක් සහිත බව ඉස්මතුවන ආකාරයේ වෙළද වීඩියෝවක් නිකුත් කරන ලද අතර වෙළද ආයතනයට පැමිනි නව පාරිභෝගිකයෙකුට වින්ඩෝස්8 හැසිරවීම ගැන හදුන්වාදීමට කැදවා සිටියේ කුඩා දරුවෙකු බවත් ඔහු ඉතා පහසුවෙන් වින්8  සවිස්තරකර  දෙන්නට සමත් බවත් එම වීඩියෝව ඔස්සේ දක්වා සිටිනු ලැබුවා.

ජාවා 6 එලබෙන පෙබරවාරියේ විශ්‍රාම යාමට නියමිතය...



එලබෙන වසරේ පෙබරවාරි මසයේදී ජවා හි හයවන සංස්කරනය සදහාවන සාමාන්‍ය මට්ටමේ  යාවත්කාලීනයන්  නිකුත්කිරීම අවසන් කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ. මේ නෞඋව එලබෙන පෙබරවාරි 19 සිට ඔරකල් වෙතින් ජාවා 6 සදහා අරක්ශක යාවත්කාලීනයන් පමනක් පෙර ගිවිසගත් ආයතනය සදහා පමනක් නිකුත්කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ. මේ අනූව හදාරන්නන් පවසන්නේ ජාවා 6 භාවිතාකරන්නන් මෙදිනට පෙර තම ජාවා මෘදුකාංගය 7 වන සංස්කරනය වෙත නංවා ගැනීම වඩාත් සුදුසු වන බවයි.

2012-12-15

ජී මේලයන්ගේ බිඳවැටීම් පෙලක්ම පසුගිය දෙසතිය පුරා........



ගතව ගිය සතියකට මදක් වැඩි කාලයක අතරතුර ගූගල් සේවා අතරට පැමිනි හතරවන තාක්ශනික බිදවැටීම සිකුරාදා දිනයේ විනාඩි 35ක කාලයක් පුරා සිදුවූ බවටයි තොරතුරු පලවන්නේ. ඔවුන් පවසන පරිදි මෙම කාලයතුල ජීමේල ඔස්සේ දත්ත ගොනු දවටා යැවීමේ සේවාව බිද වැටී තිබුනු බවටයි සටහන් වන්නේ. මීට දින කිහිපයකට පෙර ජීමේල ලැබීමේ පමාවක් පැය තුනකට ආසන්න කාලයක් පුරා සිදුව තිබූ අතර පසුව එය නැවත යතා තත්වයට පත්වූ බවට සදහන් වුනු අතර මෙම සිදුවීම් දෙක නිසා අපහසුතාවයට පත්වූ භාවිතාකරන්නන් ගැන කිසිදු තොරතුරක් මේ වන තෙක් ප්‍රකාශයට පත්ව නැත. ගතව ගිය සදුදා දිනයේදීද භාවිතාකරන්නන් වෙත ජී මේල භාවිතාවේදී දැඩි ලෙස වේගය අඩුවීමක්ද අත්විදින්නට සිදුවූ බවටත් වාර්ථා වී තිබුනා.

මයික්‍රසොෆ්ට් වින්ඩෝස් අංශයෙහි නව ප්‍රධානී වින්8 ගැන මෙසේ පවසයි....



මයික්‍රසොෆ්ට් හි වින්ඩෝස් අංශයෙහි නව ප්‍රධානීතුමිය තම තම රාජකාරී අරබා මේ වන විට මාසයක් පමන ගත වෙමින් ඇත. පසුගියදා ඇය ප්‍රථම වතාවට ප්‍රධාන මාධ්‍ය හමුවකට සහභාගී විය. ඇය එහිදී වින්ඩෝස් 8 ගැනද තම අදහස් පලකරන්නට විය.
                                  ඇය පැවසුවේ වින්ඩෝස් 8 යනු 25 වසරක ස්තිතික වින්ඩෝස් ඉන්ටර්ෆේසය පවතින භාවිත පරිසරයට ගැලපෙන ලෙසට නම්‍ය කරන්නට නව මොඩර්න් ඉන්ටර්ෆේසය සමත්ව ඇති බවයි. වේගයෙන් නව වින්ඩෝවන් විවෘත කරමින් ඒවා අතර පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව මෙන්ම සජීවීව යවත්කාලීන වන ටයිලයන් සමග එක මොහොතකදී පරිගණකය සමග ඇති සියලු ඇප්ලිකේශනයන් සමග අවසන් මොහොත දක්වා වන තොරතුරු දැන ගැනීමේ හැකියාව ඇය තම අදහස් දැක්වීම තුල ඉස්මතුකොට දැක්වූ බවටයි වාර්ථා පවසන්නේ. ස්පර්ශක තිර භාවිතය ස්ථීරවම අනාගත පරිගණක භාවිතයේ ප්‍රධාන ක්‍රමවේදය වනු ඇති බවට පවසන ඇය වින්ඩෝස් 8 ඉන්ටර්ෆේසය වෙතට වන ප්‍රථිචාරයන් ගැන අවසන් තීර්නයකට එන්නට තවමත් කාලය මදි බවත් එලබෙන කාලය තුලදී භාවිතාකරන්නන් අතර නව ඉන්ටර්ෆේසය වඩාත් ප්‍රචලිතවිම අනිවාර්ය වනු ඇති බවටයි බලාපොරොත්තු පලකරනු ලැබුවේ.

2012-12-14

ගූගල් , ඇඩෝබි මයික්‍රසොෆ්ට් සමග එක යාවත්කාලීන අඟහරුවාදාවකට.....



මයික්‍රසොෆ්ට් ආයතනය තම මෘදුකාංග සදහා යාවත්කාලීනයන් නිකුත් කරනුයේ සෑම මසකම දෙවන අඟහරුවාදා වීම සාමන්‍ය ක්‍රමවේදයයි.ඇඩෝබි ආයතනයද මෙම සැලසුමට එක්වෙමින් පසුගිය මාසයේ සිට දෙවන අඟහරුවාදා තම මෘදුකාංග සදහා යාවත්කාලීන නිකුත්කිරීමට තීර්නය කරන ලදී. බොහෝ විට එම තීර්නයට ප්‍රධාන හේතුව වන්නට ඇතැයි සැලකෙන්නේ  මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරනය වන වින්8 සමග පෙර තීර්නය වෙනස් කොට ඇඩෝබි හි ප්ලෑෂ් ප්ලේයරයද එකතුකරන්නට තීර්නය කිරිම වන්නට ඉඩ ඇත.
                      පලවන නවතම වාර්ථා පවසන්නේ ගූගල් ආයතනයද තම ක්‍රෝම් බ්‍රවුසරය සදහා යාවත්කාලීනයන් නිකුත් කිරීමේ ක්‍රමවේදය ඉහත කී රටාවට එකගවෙමින් සෑම මසකම දෙවන අඟහරුවාදා බවට තීර්නය කොට ඇති බවයි. විචාරක මතය වන්නේ ප්‍රධාන මෘදුකාංග හිමිකරුවන් මෙලෙස නිශ්චිත දිනයකදී තම මෘදුකාංග සදහා යාවත්කාලීන නිකුත්කරන්නට තීර්නය කිරීම භාවිතාකරුවන් වෙත ලැබෙන මහත් පහසුවක් වනු ඇති බවයි.

චීනය තුල ව්‍යාජ මෙහෙයුම් පද්ධති භාවිතය ඉහල මට්ටමක.......



මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ චීනය තුල පවතින ව්‍යාජ මෙහෙයුම් පද්ධති භාවිතය ඉතා ඉහල තත්වයක පවතින බවයි. සොයා බැලීමක් යටතේ ඔවුන් විසින් චීනයෙන් මිලදී ගන්නා ලද පරිගණක 169කම  ස්ථාපනය කර තිබුනේ ව්‍යාජ මෙහෙයුම් පද්ධති වන අතරම ඉන් සියයට 91 කම හානිකර මෘදුකාංගද අඩංගුව තිබෙනු දක්නට ලැබෙන බවයි.  ආයතනය පවසන්නේ මෙම තත්වය වෙළද පොල මට්ටමේ පමනක් නොව පරිගණකවල ආරක්ශාව පිලිබදවද කාරනයක් වන බවයි.
                                                                  තවත් ආයතනයක හැදෑරීමකට අනූව ගෙවී ගිය වසරේ චීනය තුල මෘදුකාංග වෙළදපොල තුල අව්‍යාජ මෘදුකාංග අලවිය ඩොලර් බිලියන 2.7 වන විට ව්‍යාජ මෘදුකාංග අලවිය ඩොලර් බිලියන  9ක් තරම්ව පැවති බවයි.මයික්‍රසොෆ්ට් ආයතනය විසින් මිලදී ගන්නාලද පෙර කී පරිගණක 169 හැදෑරීමේදී ඉන් සියයට 59කම හානිකර මෘදුකාංග සංක්‍රීය මට්ටමේ පැවති බවත් බ්‍රවුසරයන් ගෙන සියයට 72ක් ඔස්සේ භාවිතාකරන්නන්ගේ අන්තර්ජාල හැසිරීම් පිලිබද තොරතුරු පහසුවෙන් භාහිර අයවලුන්ට ලබා ගැනීමේ හැකියාව ඉහල මට්ටමක පැවති බවයි.

"බින් ඩෙස්ටොප්" නව සංස්කරනයක් නිකුත්වේ.........



මයික්‍රසොෆ්ට්  ආයතනය ගත්ව ගිය අප්‍රේල් මාසයේ දී ප්‍රථම වරට ඩෙස්ටොප් එක මතට බින් සර්ච් බාරය කැදවමින්  "බින් ඩෙස්ටොප්" හි පලමු බීටා සංස්කරනය නිකුත්කරනු ලදී. මේ වන විට එම ආයතනය බින් ඩෙස්ටොප් හි ප්‍රථම සංස්කරනය  නිකුත්කොට ඇති බවටයි පැවසෙන්නේ. පෙර සංස්කරනයේදී මෙන් දෛනිකව  වෝල් පේපරය වෙනස් කිරීම මෙන්ම වින්ඩෝස් විස්ටා හා එක්ස්.පී සදහා සහය දැක්වීම මෙන්ම  භාෂා කිහිපයකට සහය දැක්වන ලෙස නිමැවී තිබීම නව සංස්කරනයේ එකතුවී ඇති නව අංග ලෙසට ඔවුන් පවසා සිටිනවා.

http://www.bing.com/explore/error

2012-12-13

යාහූ ඊමේල සේවාවද වින්8 ඇප් එකක් ලෙසට.....



යාහු ආයතනයේ ප්‍රමුක සේවාවක් ලෙසට සැලකෙන්නේ වෙබ් මුලික ඊමේල පහසුවයි. මැතකදී සිදුකල ගනනයකට අනූව මිලියන 298ක භාවිතාකරන්නන් පිරිසක් යාහු ඊමේල සේවාව වටා රොක්ව සිටින බවටයි වාර්ථා පවසන්නේ. මැතකදී යාහු ආයතනයද තම ඊමේල සේවාවට අදාල වින්8 "මොඩර්න් යුසර් ඉන්ටර්ෆේසය" මිත්‍ර ඇප් මෘදුකාංගයක් නිකුත්කරන්නට කටයුතු කරනු ලැබුවා.  ස්ටාර්ට් ස්ක්‍රීනය මතදී තම ඇප් එක සමග නව ඉමේල් ලැබී ඇති ප්‍රමානය වැනි තොරතුරු ‍රැගෙන එන  පහසුව  ඇතුලු නව පහසුකම් කිහිපයක්  ලබා ගත හැකි බවට පවසන යාහු ආයතනය අයි පොඩ් හා අයි පෑඩ් සදහා මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් සදහාද නව ඇප් මෘදුකාංග හදුන්වාදී ඇති බවටයි පවසන්නේ.

http://apps.microsoft.com/windows/en-US/app/yahoo-mail/f90f38b5-101d-4efd-ab04-9d89cf0784dd

ෆේස්බුක් නිල නොවන ඇප් එකක් නිකුත්වේ....



ෆේස්බුක් ආයතනය වෙතින් මේ වන තෙක් වින්8 ඇප් ස්ටෝර්ව වෙත නිල  ඇප් මෘදුකාංගයක් නිකුත්කොට නැතිවා පමනක් නොව ඒ පිලිබදව විමසා සිටින් නන් හට පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනැන් විමසන ලෙස වන අතර මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ එය ෆේස් බුක් ආයතනයෙන් විමසිය යුතු බවයි. මේ අතර මේ වන විට බාහිර මෘදුකාංග සංවර්ධකයින් වෙතින් ෆේස්බුක් නාමය හා ලෝගෝව යටතේ ෆේස්බුක් ඇප් මෘදුකාංගයක් නිකුත්වී ඇති අතර හදාරන්නන් පවසන්නේ බැලූ බැල්මට එම මෘදුකාංගය හොද මට්ටමක පවතින බවයි.කෙසේ වෙතත් මෙම ඇප් මෘදුකාංගය පිලිබදව ෆේස්බුක් ආයතනයෙන් හෝ මයික්‍රසොෆ්ට් ආයතනයෙන් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත්ව නැති බවටයි පැවසෙන්නේ.

http://apps.microsoft.com/windows/en-US/app/facebook/744f3a12-e3f8-424e-a334-4159797f04c1

ඇඩෝබි රීඩරය වින්8 ඇප් එකක් ලෙසට නිකුත්වේ...


වින්ඩෝස් 8 හිමෙතෙක් කල් ඇඩෝබි රීඩරය සමග ගොනුවක් විවෘත කරගැනීමේදී වින්ඩෝස්8 මතට ඇඩෝබි රීඩරය පිහිටවා එම මෘදුකාංගය විවෘත කර ගැනීමට සිදුවූයේ වින්8 හි සාම්ප්‍රධායික ඩෙස්ටොප් එක මතවීම ඇඩෝබි ආයතනය විසින් මුදාහැර තිබෙන නව වින්8 ඇප් එක සමග වෙනස් වන බවටයි සටහන් වන්නේ. ඉදිරියේදී වින්ඩෝස්8 මතට මෙම නව ඇප් මෘදුකාංගය ස්ථාපනය කරගන්නා අයෙකුට වින්8 හි "මොඩර්න් යුසර් ඉන්ටර්ෆේසය" මතදීම ඇඩෝබි රීඩරය සමග "පී.ඩී.එෆ්" ගොනුවක් විවෘත කර ගැනීමට හැකි වන බවටයි ඇඩෝබි ආයතනය පවසා සිටින්නේ. මෙම මෘදුකාංගය ඔස්සේ පරිගණකය මත පිහිටවා ඇති පමනක් නොව වෙබ් ස්ථානයක ඇති පී.ඩී.එෆ් ගොනුවක් පමනක් නොව ඊමේලයක් ඔස්සේ ලැබෙන එම ගොනුවක් පවා පහසුවෙන් විවෘත කර ගැනීමට ලැබෙන බවටයි සටහන් වන්නේ. නොමිලේ භාවිතාකල හැකි මෙම ඇප් මෘකාංගය ස්පර්ශක මිත්‍ර හා වැඩි දියුනු කිරීම් කිහිපයකින්ද සමන් විත වන බව්ටයි වැඩි දුරටත් පැවසෙන්නේ.

http://apps.microsoft.com/windows/en-US/app/adobe-reader/162a2931-8ee6-4a56-9570-53282525d7a3

වින්8 සාර්ථක ඉදිරිගමනක.... -"ඩෙල්" නිර්මාතෘ පවසයි-




ඩෙල් ආයතනයේ නිර්මාතෲ තම ආයතනයේ වාර්ෂික හමුවකට සහබාගී වෙමින් පවසා සිටිනේ වින්ඩෝස්8 පැහැදිලි ඉදිරි ගමනක සිටින බවයි. වින්ඩෝස්8 කෙරෙහි පලවන විවිධ මතවාද අතරට එකතුවන මෙම අදහස පලකරමින් ඔහු පවසා සිටින්නේ වින්ඩෝස් 8 කෙරෙහි ඇති අවදානය ඉහහල මට්ටමක පවතෛන බවත් ව්‍යාපාරික මට්ටමේ භාවිතාකරන්නන්ගේද සැලකිය යුතු මට්ටමක අවධානයක් දිනා ගැනීමට වින්8 සමත්ව ඇති බවයි. ඒලබෙන මාස කිහිපය තුල වින්ඩෝස්8 භාවිතය සැලකිය යුතු මට්ටමින් ඉහලයනු ඇති බව තම බලාපොරොත්තුව බවයි ඔහු පවසා සිටින්නේ.

2012-12-11

CCleaner මෘකාංගය බාගත කරගැනීම් බිලියනය ඉක්මවයි.....


පරිගණකය නිරෝගීව පවත්වාගෙන යාමට සහයවන මෘදුකාංග අතර CCleaner මෘදුකාංගය වෙත හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. ආයතනය පවසන්නේ ලොවපුරා රටවල් 200කට අදික ප්‍රමානයක් වෙත භාෂා 45කින් පමන මේවන විට තම සේවය සපයමින් සිටින මෙම මෘදුකාංගය දස වසරක  සේවා කාලයක් මේ වන විට සපුරමින් සිටින බවයි. මුදල් ගෙවා මෙන්ම නොමිලේ භාවිතාකල හැකි සංස්කරන ලෙසට සේවය ලබා ගත හැකි මෙම මෘදුකාංගය මේ වන විට බිලියනයක බාගත කරගැනීමේ කඩයිම පසුකරමින් සිටින බවටයි සටහන් වන්නේ.

වින්8 ආශ්‍රිත නිෂ්පාදන සදහා එක්සත් රාජධානිය පුරා යෝධ ප්‍රචාරක වැඩපිලිවලක්...



ගෙවෙමින් යන වසර මයික්‍රසොෆ්ට් ආයතනයට නව නිෂ්පාදන නිකුත්කිරීම සදහාම කාර්ය බහුලවූ වසරක් ලෙසටයි සටහන් වන්නේ.වින්ඩෝස් 8 ආශ්‍රිතව මෙහෙයුම් පද්ධතියක් , දුරකථන  , සර්ෆේස් පරිගනකය ආදී නව ඉදිරිපත් කිරීම් රාශියකින් මෙම වසර පිරී ගොස් තිබුනා. මේ වන විට ආයතනය යෝධ මට්ටමේ ප්‍රචාරක කටයුතු වෙත වැඩි අවාධානයකින් කටයුතු කරමින් සිටින බවටයි හෙලි වන්නේ. "ස්ටාර්ට් ස්ක්‍රීනය" මූලික කරගනිමින් එලිමහන් යෝධ දැන්වීම් එක්සත් රාජ ධානියේ සාප්පු සංකීර්න හා සිනමාහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් පවතින බවටත් , නරබන්නන්ගේ වැඩි අවධානයක්  ලබා ගැනීම සදහා මෙම සංක්‍රීය දැන්වීම් පුවරු වෙත තම ඡායාරූ හා නම් ලබා දෙමින් වඩාත් පෞද්ගලික භාවිතාවකට වින් 8 සහය වනයුරු පිලිබද හැගීමක් ලබා ගැනීමේ හැකියාව ආයතනය විසින් ලබා දෙමින් සිටින බවටයි සටහන් වන්නේ.

OUTLOOK.COM වෙත වැඩි ආරක්ශාවක්.....



මයික්‍රසොෆ්ට් ආයතනය තම OUTLOK.COM සේවාව මුලින්ම මුදාහරිනු ලැබුවේ පසුගිය ජූලි මාසයේදීය.මිලියන 25ක භාවිතාකරන්නන් පිරිසකගෙන් සමන්විත මෙම ඔන් ලයින් ඊමේල සේවාව සදහා වඩාත් ආරක්ශක උපංක්‍රම එක් කිරීම සදහා තමන් කටයුතු කැරමින් සිටින බවටයි මෑතක දී නිකුත්වූ නිවේදනයකින් ආයතනය විසින් පවසා සිටින්නේ.
     ඊමේල යොමුකරන්නා තම අනන්‍යතාවය කියවෙන ලෝගෝවක් තම ඉමේල වෙත එකතුකොට නිකුත්කිරීම හැකිවන සේ ලබා දීමට බලාපොරොත්තු වන මෙම එක් උපංක්‍රමයක් තුලින් විවිද ආයතන නමින් පෙනී සිටිමින් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරාගැනීමේ හැකියාව අවම කිරීමට බලාපොරොත්තු වන බවටයි සටහන් වන්නේ.එසේම ඊමේල යක් තුල සටහන්ව ඇති වෙබ් අඩවි සබදතාවන් ඔස්සේ පිවිසෙන්නේ අව්‍යාජ වෙබ් අඩවියකට බව සහතික වන ලෙසට ක්‍රියාත්මක වන්නට නියමිත අනකුත් ආරක්ශක ක්‍රමවේදය පහරදෙන්නන් බහුලව භාවිතාකරන උපංක්‍රමයන් සදහා පිලිතුරක් වනු ඇති බවටයි ආයතනය පවසා සිටින්නේ.එසේම වැඩි දුරටත් ඔවුන් පවසනවා. ඔවුන්ගේ ස්කයි ඩ්‍රයිව් වෙතටද වැඩි ආරක්ශාවක් එකතුකිරීමට මෙම දිනවල කටයුතු කරමින් සිටින බවයි.
-------- වෙත වැඩි ආරක්ශාවක්..... 

2012-12-07

ගූගල්+ වෙත නව අංගයක් එක්වේ...


ගූගල්+ දෙස ආරම්භයේ බොහෝ දෙනාගේ දැක්ම වූවේ අසාර්තක උත්සාහයක් වනු ඇති බවයි.ගූගල් ආයතනය මේ වන විට පවසා සිටින්නේ තම ගූගල්+ අඩවිය මිලියන 500 කට අධික පිරිසකට සමාජ ජාලා සහය ලබා දෙමින් සිටින බවයි. ඒ අතරින් මිලියන 235කට අධික පිරිසක් ගූගල් හි මූලික සේවාවන් භාවිතාකරන  සංක්‍රිය මට්ටමේ ගූගල්+ භාවිතාකරන්නන් පිරිසක් වන බවයි.ඒ අතරින් මිලියන 135 පමන අති සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන් පිරිසක් වන බවටයි පවසා සිටින්නේ.
                                    ගූගල්+ වෙත එක්වන නවතම අංගයක් වන කොමියුනිටි උපාංගයසමග භාවිතාකරන්නාගේ ප්‍රියතාවයන් හා සමාන ප්‍රියතාවයන්  දක්වන්නන් අතර පහසුවෙන් තොරතුරු හුවමාරුව ලැබෙනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු පලකරමින් සිටින්නේ.


 

2012-12-06

මැකා‍ෆි නිර්මාතෘ අත්වඩංගුවට පත්වේ....



ලොවප්‍රකටතම මෘදුකාංග සමාගමක් වන මැකා‍ෆිහි නිර්මාතෘ සතිතුනක ලුහුබැදීමකින් අනතුරුව අත්වඩංගුවට පත්ව ඇති බවටයි වාර්ථා වෙමින් ඇත්තේ. ගෝතමාලාවේ ආරක්ශක අංශ විසින් මෙම අත්වඩංගුවට ගත්බව වාර්ථා කරන අතර ඔහුව සිය රටවෙත භාරදීමට කටයුතු කරමින් සිටින බවටයි සටහන් වන්නේ.තම අසල්වැසි මිතුරෙකු හා හටගත් ආරවුලකට පසුව ඔහු වෙත වෙඩි තැබීයැයි මොහු වෙත චෝදනා එල්ලවී ඇති අතර තම 20 හැවරිදි පෙම් වතිය සමග ගෝතමාලාව වෙත පලාවිත් සිටියදී අත්වඩංගුවට පත්වූ බවටයි වාර්ථා පලවමින් ඇත්තේ.

ලගදීම ස්කයිප් ඔස්සේ වීඩියෝ පනිවිඬද යැවිය හැක.....



මයික්‍රසොෆ්ට් ආයතනය ඉදිරියේදී තම ස්කයිප් සේවාව ඔස්සේ වීඩියෝ ආකාරයේ පනිවිඩ හුවමාරුකර ගැනීමේ හැකියාව ලබා දෙන්නට කටයුතු කරනු ඇති බවටයි සටහන් වන්නේ.මුදල්ගෙවා ලබා ගන්නා ස්කයිප් ගිනුමක් යටතේ අසීමිත ලෙස පනිවිඬ යොමු කිරීමේ හැකියාව මෙන්ම අවශ්‍යතරම් කාලයක් ඒවා තබා ගැනීමේ හැකියාව ලැබෙන බවට මෙන්ම  නොමිලේ ලබන සේවාව ඔස්සේ සීමිත පනිවිඬ ප්‍රමනයක් සීමිතකාලයකට පමනක් රදව තැබීමේ හැකියාව ලෙසට මෙම සේවාව ක්‍රියාත්මකවනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.බොහෝ විට මෙම සීමිත කාලය දින 90කට සීමා වනු ඇති බවටත් සදහන් වනවා. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ ස්කයිප් සේවාව 2013 වසරේදී තම ලයිව් සේවාවන් සමග එකා බද්දවනු ඇති බවටත් මෘදුකාංග මට්ටමේ මෙන්ම දෘඩාංග මට්ටමේ වැඩි දියුනු කිරීම්  කිහිපයක් පිලි බදව තම අවධානය යොමුවී ඇති බවත්ය.

2012-12-05

මයික්‍රසොෆ්ට් ආයතනය ඇපල් සමාගමේ ගමන් මගට නැබුරුවක්....



මයික්‍රසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායකමහතෙකු තම සමාගමේ කොටස් කරුවන් වෙත යොනුකර තිබූ ලිපියක් උපුටාදක්වමින් පලවන වාර්ථවකින් පැවසෙන්නේ ඉදිරියේදී තම සමාගම ප්‍රධාන ලෙස මෘදුකාංග සමාගමක් ලෙස හා දෙවනුව ඉදහිටක දෘඩාංග නිපදවන ආයතනයක් වනවාට වඩා මෘදුකාංග හා දෘඩාංග එකසේ නිෂ්පාදනය කරමින් වෙලද පොලතුල තම අනන්‍යතාවය තහවුරු කරගන්නා ආයතනයක් ලෙසට ඉදිරි සැලසුම් නිමවීම බොහෝ දුරට ඉඩ ඇති බවයි. ඔහු පවසා තිබුනේ ගෙවීයමින් තිබෙන වසර ආයතනය තම ඉලක්ක වෙත  ලගාවීමේ මද අඩුපාදු තත්වයක් තුල තම වාර්ශික පාරි‍තෝෂිතයන් පවා අවමවීම් වලට ලක්ව තිබූ බවයි. සර්ෆේස් ටැ උපකරනය වෙත හා එක්ස්බොක්ස් 360 ක්‍රිඩා ගැන වඩාත් බලාපොරොත්තු පලකරමින් සටහන්ව තිබූ ලිපියට අනූව ඇපල් ආයතනයේ ගමන් මගෙහි කුඩා සෙවනැල්ලක් දක්නට ලැබෙන බවටයි එම වාර්ථාව පවසා සිටින්නේ.1982 මවුසයක් නිපදවමින් දෘඩාංග වෙළද පොල වෙත වරින් වර  පැමිනි මයික්‍රසොෆ්ට් ආයතනය ඉදිරියේදී තම මෘදුකාංග වල ඔනෑම පරිගණකයක ධවනය වීමේ හැකියාව ‍රැක ගනිමින් එම මෘදුකාංග සදහා වඩාත් සුදුසු දෘඩාංග නිර්මානය කිරීමේ කාර්ය කෙරෙහි දැනට වඩා දැඩි අවදානයක් යොමු කරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

ඔබගේ ඡායාරුව මතට අනන්‍යතාවයේ සටහනක් තබන්නට මෘදුකාංගයක්....


ඔබ අන්තර්ජාලය වෙතට මුදා හරින යම් ඡායාරුවක් මතට ඔබගේ අනන්‍යතාවය සටහන් කිරීමේ අවශ්‍යතාවය බොහෝ විට හමුවනවා වන්නට පුලුවන.පහත දැක්වෙන මෘදුකාංගය එවන් අවශ්‍යතාවයකදී ඔබගේ සහයට පැමිනෙන්නේ නොමිලේම වීම වඩාත් අකර්ශනීය කාරනාවක් වනු ඇත.මෙම මෘදුකාංගයේ නිමැවුම්කරුවන් පවසන්නේ ඔබ කැමති කාරයේ අකුරු මෝස්තරයක්, වර්නයක්  මෙන්ම විශාලත්වයකින් මෙම මෘදුකාංගය හරහා ඔබගේ ඡායාරූපයේ අවශ්‍යතැනකට ඔබගේ අනන්‍යතා සටහන  තබන්නට හැකිවීම මෙහි ඇති විශේෂත්වය වනු ඇති බවයි.පහත දැක්වෙන සබැදියාව ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

http://www.myportablesoftware.com/mywatermark.aspx

2012-12-04

බ්‍රවුසරයේ තැන්පත්ව ඇති කුකීස් පිලිබදව තොරතුරු ලබා දෙන මෘදුකාංගයක්......

 
 
 
වෙබ් බ්‍රවුසර භවිතාවේදී කුකීස් යනු මග හැරිය නොහැකි සාධකයක් වන අතරම නිතර කථා බහටද ලක්වන කාරනයකි. කාරනා කිහිපයක් ඉ‍ටුකර දෙමින් භාවිතාකරන්නාට සේවාවක් ලබා දෙනවා සේම තවත් කොටසකට අනවසරව භාවිතාකරන්නාගේ දත්ත ‍රැස්කර දෙමින් යම් හානිකර තත්වයක් නිර්මානය කර දෙන්නට ක්‍රියත්මක වන බව හදාරන්නන්ගේ මතයයි. බ්‍රවුසරයට වේගවත් බව නැවත නැවත අවසර පද ආදිය සටහන් කරන්නට සිදුනොවීම මෙන්ම සමහර විට ආරක්ශක බවක් වෙබ් සැරියට ගෙන ඒමට කටයුතු කරන  ඔබ පරිගණකයේ තන්පත්ව ඇති  කුකීස් පිලිබද  බොහෝතොරතුරු ලබා ගැනීමේ හැකියාව මෙම මෘදුකාංගය ඔස්සේ ඔබ වෙත ලැබෙනු ඇත.

http://www.cookiespy.com/WhatIsNew.aspx#.UL2B-oe6Zdg

විසිවසක් පිරුනු text messaging සේවාව.....



බ්‍රිතාන්‍ය මෘදුකාංග ඉන්ජිනේරුවරයෙකු විසින් 1992 දී පමන ප්‍රථම ටෙක්ස්ට් මැසේජය යවන ලද බවටයි සටහන් වන්නේ. ඉංග්‍රීසි භාෂාවෙන් "සුබ නත්තලක්" ලෙසට සටහන්ව යවනු ලැබූ එම පනිවිඩයෙන් ඇරබුනු එම තාක්ශනය ෆේජින් ඔස්සේ දියුනුවීම අරබන ලද බවටයි සටහන්ව ඇත්තේ. අදවන විට මිතුරෙකු වෙත යොමු කරන සරල විසුලු සහගත වචන පෙලක සිට අතිශය තීර්නාත්මක තොරතුරු දක්වා වන පරාසයක් තුල මෙම භාවිතය සිදුවෙමින් පවතින බවයි පිලිගැනෙන්නේ.
                                විද්‍යුත් මට්ටමේ සංනිවේදනයන් තුල තවමත් අතිශය වැදගත් මට්ටමේ භාවිතාවක් ඇති මෙම සොයාගැනීම සමාජ ජාලා වැනි වඩාත් සංකීර්න ලෙස සබදතා පවත්වාගෙන යාමට සහය වන සේවාවල් තුල පවා වැදගත් උප අංගයක් ලෙස භාවිතාවීමෙන් ඔප්පු වන බවටයි හදාරන්නන්ගේ අදහස වන්නේ.

සමාවන්න......

ගතව ගිය දිනය තුල මද පමාවක් ඔස්සේ අන්සතුවූ මාගේ පරිගණකයක් යොදාගනිමින් සමාජ ජාලා හා අනෙකුත් සබදතා ඔස්සේ මාගේ සයිබර් සබදතා වෙත විවිධ ලෙස අපහසුතාවයන් ඇතිවන අයුරින් කටයුතු සිදුවීම  පිලිබදව මෙලෙස සමාව ඉල්ලා සිටිමි.

2012-12-03

ෆේස්බුක් ආරක්ශාවට බිට්ඩිෆෙන්ඩර් ඇප් එකක්....


බිට්ඩිෆෙන්ඩර් වෙතින් පලවන නිවේදනයකින් පැවසෙන්නේ ඔවුන් විසින් ක්‍රෝම් බ්‍රවුසරයේ ඇඩෝනයක් ලෙසට ක්‍රියාත්මක වන මෘදුකාංගයක් මගින් ෆේස්බුක් භාවිතාකරන්නන්හට තම ෆේස්බුක් ගිනුම් පි‍ටුවේ වර්නය වෙනස් කිරීමට එකගකරවා ගෙන ඒ මගින් ලොගීන තොරතුරු ලබා ගන්නා අතර ඔබගේ ඊමේලය භාවිතාවෙමින් නිර්මානය වන බ්ලොග් අඩවියක් නිර්මානයකර එය ඔබගේ ෆේස්බුක් පි‍ටුවට සම්බන්දකරමින් අනවශ්‍ය බාදාවන් ඔබගේ ෆේස්බුක් ප්‍රොෆයිලය වෙතට පැමිනවීමේ හානිකර ක්‍රියාවලියක් ඔවුන් හදුනාගෙන ඇති බවයි. නොමිලේ භාවිතාකලහැකි කුඩා මෘදුකාංගයක් භාවිතාකරමින් මෙම හා වෙනත් බොහෝ සමාජජාල වෙත තර්ජනයවන හානිකර මෘදුකාංග වැලැක්විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ.

https://www.facebook.com/bitdefender.safego

2012-12-02

බ්‍රවුසර තරගයේ නවතම තොරතුරු කිහිපයක්...



බ්‍රවුසරයන් අතර තරගය අන්තර්ජාලය තුල සදාතනිකව පවතින්නක වනු ඇති බව විචාරක මතයකි. ආයතනයන්ගේ පෞර්ෂත්වය  මෙන්ම ආදායම් උපයාදීම ප්‍රධාන කාරනා කිහිපයක් නිසා මෙම තරගය වඩ වඩාත් තීව්‍ර වෙමින් පවතින අතර භාවිතාකරන්නන් දෙසින් බලන විට වඩාත් වේගවත් හා ආරක්ශාකාරී වෙබ් සැරියකට වඩාත් සුදුසු වන්නේ තමන් වීම සදහා එම ආයතන නිරන්තරයෙන් වෙහෙසෙමින් සිටිනු දැකිය හැකිය.
                                 වින්ඩෝස්8 සදහාම නිමවූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය මුලින් පවසා සිටිලෙසට වින්8 සදහා පමනක් සීමා කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනය ගෙන තිබූ තීර්නය වෙනස් කරමින් වින්7 සදහාද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කරන ලද අතර මේ වනවිට එහි අත්හදා බැලීමේ සංස්කරනයක් ලබාදී තිබෙනවා. හදාරන්නන් මැතකදී නිකුත්කල ගනනයන් වලට අනූව මේ වන විට එක්ස්ප්ලොරා 10 හි භාවිතාව සමස්තයෙන් සියයට0.51 ලෙසට පවතින බවටයි කියවෙන්නේ. එක්ස්ප්ලොරාහි 8 වන සංස්කරනය සියයට 24.49 හා එක්ස්ප්ලොරා 9 සංස්කරනය සියයට 20.8 ලෙසටත් ෆයර්ෆොක්ස් 16 සමග  මොසිල්ලා ආයතනය සියයට 12.93ක භාවිතාවක් ලබාගනිමින්  තෙවැනි   හා ක්‍රෝම් 23  භාවිතාවෙන් සියයට 12.93ක්  ලබා ගනිමින් සමස්ත බ්‍රවුසර භාවිතාව තුල හතරවන තැනට පත්ව ඇති බවටයි සටහන් වන්නේ.

බොට්නෙට් ජාලයන් ඉදිරි දෙවසර සදහා මයික්‍රසොෆ්ට් යටතට.....



ගෙවී ගිය මාර්තු මසයේදී මයික්‍රසොෆ්ට් ආයතනය එරට අධිකරනයෙන් ඉල්ලා සිටියේ  ආසාධිත පරිගණක රාශියකින් නිමවී තිබූ බොට්නෙට් ආකාරයේ ජාලයන් දෙකක් වටලා නීතිය යටතට ගන්නා ලෙසට වූවාය. ආසාධිත පරිගණක දහස් ගනනකින් සෑදී තිබූ මෙම ජාලයන් දෙක ප්‍රමුක සර්වරයන් දෙක ඩොමේනයන් 800ක් ඔස්සේ ඇමරිකාවේ නගර දෙකක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් කීලොගර් නොහොත් භාවිතාකරන්නන්ගේ යතුරුපුවරු හැසිරවීම් රහසිගතව ලබා ගැනීම් ඔස්සේ ඔවුනගේ යුසර්නේම් හා පාස්වර්ඩ් සොරාගැනීමේ යෙදී සිටින ලදී.
                      පසුගියදා මයික්‍රසොෆ්ට් ආයතනය ඇමරිකානු අධිකරනයෙන් ඉල්ලා සිටිනු ලැබුයේ ඉහතකී සර්වරයන් දෙක වැටලීමෙන් අනතුරුව ආසාධිත පරිගණකයන්ට හානියක් නොවන ලෙසට පවත්වා ගෙන යමින් එම ආසාධයන් යතා තත්වයට පත්කිරීම සදහා ක්‍රියාත්මක වීමට ඉදිරි වසර දෙක සදහා අවසර ඉල්ලා සිටීම වන අතර එම අධිකරනය ඒ සදහා අවසර ලබාදුන් බවටයි සටහන් වන්නේ.

වින්8 සමස්ත භාවිතයතුල මද පසුබෑමක.....

 

හදාරන්නන්ගේ වාර්ථා පවසන්නේ මේ වන විට ලොව පුරා භාවිතාවන සමස්ථ PC යන්ත්‍රයන්ගෙන් සියයට 1.09 පමන වින්8 භාවිතාකරමින් සිටින බවකි. එහි දක්වන්නේ සමස්ත භාවිතාවෙන් සියයට 0.02 පමන ස්පර්ශක තිර මූලික වින්ඩෝස් RT වලට හිමිව ඇති බවයි. ඔක්තෝබරයේ  සියයට 44.69 ක භාවිතාවක් හිමිකර ගෙන සිටි වින්ඩෝස් 7  මෙහෙයුම් පද්ධතිය මේ වන විට සියයට 44.71 දක්වා වර්ධනය වී ඇති බවටයි සටහන් වන්නේ.එසේම ඔක්තෝබරයේ 40.66 ක ප්‍රථිශතයක් හිමිකරගෙන සිටි XP මෙහෙයුම් පද්ධතිය මේ වන විට 39.82 දක්වා පහතට පැමින ඇති මුත් තවමත් ලොව දෙවන මට්ටමේ භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතිය ලෙසට සටහන් වන බවයි පැවසෙන්නේ.ලිනක්ස් 1.25ක ප්‍රථිශතයක් හිමිකරගනිමින් වින්8 වලට වඩා ඉදිරියෙන් සිටින අතර නුදුරේදීම වින්8 ලිනක්ස් භාවිතය පසුකරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...