2012-12-27

මේ දිනවල පැතිර යමින්සයිබර් අනතුරු කිහිපයක්.......



හදාරන්නන් පවසනවා මේදිනවල පැතිර යමින් පවතින  අනතුරු අතර ඩී.එච් එල් සේවාව නමින් ඔබ වෙත ලැබෙන්නට ඉඩ ඇති භාරදීමට නොහැකිවූ පාර්සලයක් පිලිබදව වන ව්‍යාජ  දැන්වීම් ඊමේලයන් පිලිබදව කල්පනා කාරී වනලෙස. ඔවුන් පවසන්නේ මෙම ආයතනය එලෙස නිකුත්කරන ඊමේලයන් වලට අදාල වෙනත් ගොනුවක සබදතාවයන් නොතිබෙන අතර පෙර කී ලෙසට වෙනත් ගොනුවක් කරා යොමුකරන සබදතාවයක් දක්නට ලබුනේනම් එම ඊමේලයේ අව්‍යාජ භාවය හැන සැලකිලිමත් වන ලෙසයි.බොහෝ විම මෙම සබදතාවය ඔස්සේ ව්‍යාජ ආරක්ශක මෘදුකාංගයක් පරිගණකයේ තැන්පත්වීමට කටයුතුවන අතර උත්සවසමයේ මෙම හානිකරය බහුලවම පැතිරෙමින් තිබෙනු දක්නට ලැබෙන බවයි.
                             කැස්පර්ස්කි ආයතනය පවසන්නේ ඇඩෝබි රීඩරයේ හා ඇක්‍රොබැට් වල ඇති දුර්වලතාවයක් ඔස්සේ පහරදෙන්නන් පරිගණකයේ දත්ත ගොනු පරිහරනය කිරීමේ  අනතුරක් හදුනා ගෙන ඇති බවයි.මෙම පහර දෙන්නන් විසින් ඔබගේ පරිගණකය ඔස්සේද පී.ඩී.එෆ්  ගොනු නිර්මානය කිරීමක යෙදෙමින් ට්‍රෝජනයන් සහිත ව්‍යාජ පී.ඩී.එෆ් ගොනු නිර්මානය කරමින් අන්තර්ජාලය ඔස්සේ වෙනත් පරිගණක වෙත ඔබ නොදැනුවත්වම යොමුකිරීමේ යෙදෙන්නට ඉඩ ඇති  බැවින් එම අඩෝබි මෘදුකාංග හා පරිගණකයේ ආරක්ශක මෘදුකාංගය නිතරම යාවත්කාලීනව තබා ගැනීම ඉතාම වැද ගත් බවටයි පවසා සිටින්නේ.
                                               ඇන්ග්‍රි බර්ඩ් වල ස්ටාර් වෝ(ර්)ස් ඇන්ඩ්‍රෝයිඩ් ඇපයේ ව්‍යාජ සංස්කරනයක් මේදින වල පැතිරෙමින් පවතින බවටයි පලවන තවත් වාර්ථාවක් පවසා සිටින්නේ. නියම මෘදුකාංගයට බොහො සමාන ලෙස නිර්මානය වී ඇතැයි පැවසෙන මෙම මෘදුකාංගය තුල මැල්වෙයාර් කිහිපයක්ම සැගව තිබෙන අතර ඔබ නොදැනුවත්වම ක්‍රියාකාරී වෙමින් වෙනත් දුරකථන වෙත ටෙක්ස්ට් ආකාරයේ පනිවිඬ යවමින් අනවශ්‍ය ලෙස දුරකථන දත්ත සබදත සබදතාවයේ වැය ඉහල දැමීමට කටයුතු කරන බවටයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ වෙනත් අඩවි ඔස්සේ නොව මෙම මෘදුකාංගය ගූගල් ස්ටෝර් වෙතින්ම බාගත කර ගැනීම හිතකර වනු ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...