2021-06-26

TPM (Trusted Platform Module)

මේ වන විට windows 11 නිල ලෙසට නිවදනය වී ඇත. Microsoft ආයතනය පවසන්නේ නව මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටින දෘඩාංගමය අවශ්‍යතවයන්ට යටත්ව ඔනෑම භාවිතාකරන්නෙකුට නව මෙහෙයුම් පද්ධතිය සදහා පිවිසීමට හැකි වනු ඇත. ඒ අනූව බොහෝ විට windows 11 වල WIndows Insider සංස්කරනය එලබෙන සතියේත් එහි සාමාන්‍ය නිකුතුව ඔක්තෝබර-දෙසැම්බර අතරත් සිදුවන්නට ඉඩ ඇත.
  නව මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයේදී ඉල්ලා සිටින TPM 2.0  අවශ්‍යතාවය සැලකීමේදී පරිගනකයේ ආරක්ශිත බව සම්බන්ද වැදගත් අංගයක් ලෙසට නම් වන අතර TPM (Trusted Platform Module) සමග encryption keys, user credentials වැනි වැදගත් ආරක්ශිත අංග සදහා chip මට්ටමින් මැදිහත් වීමක් ගෙනෙන 2011 කාලයේ සිටම භාවිතයට පැමින තිබෙන මෙන්ම නවීන බොහෝ නිකුතූන් සමග වන සමහර විට ඩිසේබල් මට්ටමේ තිබිය හැකි චිප් මට්ටමේ හැකියාවකි. මීට පෙර ව්‍යාපාරික මට්ටමේ වූ මෙම හැකියාව සරල භාවිතාව සදහාද අනිවාර්ය වීම ඔස්සේ වඩාත් සුරක්ෂිත භවිතාවක් සහතික වනු ඇත. windows 10 කාලයේ සිටම Microsoft සමාගම මෙම TPM chips තම දෘඩාංහ නිමැවුමට සංයුත්ත කරන්නට OEM මට්ටමින් ඉල්ලා සිටින ලදී.
Pubudu Siriwansa


 

2021-06-18

පරිගණකයකට ...

සැබෑව නම් තව දුරටත් “පරිගණකයකට” තම ශක්‍යතාවයේ සීමා දෘඩාංග මෙන්ම මෘදුකාංග තලයන් ඔස්සේ පමනක් තීරනාත්මක ආකර්ෂණීය බවක් සදහා මෙහෙයවන්නට ඇති ඉඩ කඩ ක්‍රමයෙන් අවම වෙමින් තිබීමයි. ප්‍රොසෙසරය මෙන්ම මෙමරි හා ස්ටෝර් හැකියව පමනක් නොව input-output හැකියාවන් පසුගිය දශක කිහිපය ඔස්සේ අපමන මිනිස් මෙන්ම යාන්ත්‍රික හැකියාවන් ඔස්සේ වේගයෙන් දියුනු වීම අප මේ වන විට අත්විඳිමින් ඇත. සැබෑවනම් දැන් දැන් එහි වූ සියුම් හා එතරම් අවධාණය දිනා නොගත් අංග කෙරෙහි එම වෙළඳ සමාගම් වලට අවධානය ලබා දීමට සිදුව තිබීමය. එය මෙහෙයුම් පද්ධතියක හැසිරීමේ මූලික ව්‍යාකරනවල සිට ඉදිරියට වීම එලබෙන යුගයේ ප්‍රධාන ලක්ෂනයක් ලෙසට අපට තේරුම් ගත හැකි වනු ඇත.
pubudu siriwansa

2021-06-08

Windows 10 මීලග ප්‍රධාන සංස්කරනයේ ...


Microsoft ආයතනයේ CEO වරයා පවසන්නේ මෙමස 24 නියමිත virtual event වලදී තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රවනතා හඳුන්වා දෙන්නට නියමිත බවයි. Windows 10 මෙහෙයුම් පද්ධතියේ දෘශ්‍ය හැඩයේ සිට එහි වඩාත් සුනම්‍ය ක්‍රියාකාරීතවය මෙන්ම වඩාත් පුලුල් වන හැකියා වපසරිය දක්වා දියුනු කිරීම් රාශියක් මෙම නව පැමිනීම තුල සමන්විත වන්නට සූදානම් බවටයි ඔහු පවසන්නේ. 2021 දේවන භාගයේදී පමන Windows 10 වල මීලග ප්‍රධාන සංස්කරනයක පැමිනීම නියමිත අතර Sun Valley සංකේථ නාමය යටතේ එහි මූලික සංස්කරනයන් ආයතනය තුල අංවර්ධය වෙමින් පවතින බවටයි නොනිල ආරන්චි පවසා සිටින්නේ. හදාරන්නන්ගේ අවධානය දිනාගත් Windows 10X ව්‍යාපෘතිය මේ වන විට Microsoft ආයතනය නවතා දමා ඇති අතර එහි වූ විශේෂිතතා ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග සමන්විතව පැමිනෙන්නට නියමිත බවටයි බලා පොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa


 

ස්මාර්ට් මොබයිල් උපාංග ...


ස්මාර්ට් මොබයිල් උපාංග සදහා ඇත්තේ ඉහලම ඉල්ලුමකි. ඒ නිසාම එහි යම් තැනක් දිනා ගැනීම සදහා තරග කරන්නෝද බොහෝය. ඒසේ වෙන වට එකි නෙක තරග කරුවාගේ අනන්‍යතාවය ඉහලින් තබා ගැනීම සදහා යෝදා ගන්නා උපංක්‍රමද විවිධය. මෙයින් ඉහලින්ම වන්නේ තම උපාංගයේ නිමැවුම මෙන්ම අඩංගු තාක්ෂණයන් ඔස්සේ ඔවුන් තරග කිරීම බව සදහා උදාහරන බොහෝය. සමස්ථ නිමැවුම නැතිනම් උපාංගයේ හැඩය මෙන්ම වර්ණ පිලිබඳව දැඩි අවධානයක් තිබීම දැකිය හැක. ප්‍රීමියම් ලුක් එකක් ලෙසට මේ අංග වල සමස්ථය ගොනුකල හැක. එසේ පමනක් නොව උපාංගයේ බර මෙන්ම අතැගිලි අතරට දැනෙන ආකාරය විචාරය වනු පෙනේ. වැදගත්ම අංගයක් ලෙසට උපකරණයේ තිරයේ ප්‍රමානය, එහි පැහැදිලි බව ඉතා වැදගත් වේ.
දෙවන තලයේදී හොඳ මට්ටමක ප්‍රොසෙසරයක්, චිප් සෙට් එකක් සමග ‍රැම් බලයක්ද ස්ටෝර් හැකියාවක්ද කථා බහට ලක් වේ. උපකරණයේ කැමරාව තවත් ප්‍රදේශයකි. නිශ්චල මෙන්ම වීඩියෝවන් සදහා කැමරාව සූදානම් මට්ටම බොහෝ සේ උපාංග විචාරයේදී ප්‍රධාන තැනක් ගනී. වැඩි සුපැහදිලි කමක් සහිත මෙන්ම වර්ණ සංයුතිය, විෂය වස්තුවල ගැබුර හා පිලිවල මනව ග්‍රහනය කර ගැනීම අවධාණයට ලක්වන තවත් ප්‍රධාන දෑ කිහිපයකි.
මේ සියල්ල අතරින් සැබෑවටම අවධානයට ලක් කල යුත්තේ මිලඳී ගන්නාගේ අවශ්‍යතාවයේ සීමාවය. බොහෝ විට අප මුදල් ගෙවන්නේ අපගේ සැබෑ අවශ්‍යතවයන් සදහා නොව වෙළඳ පොල විසින් නිර්මාණය කර දෙන මෝස්තරයන් සදහා බවද අමතක නොකල යුතුය.
pubudu siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...