Showing posts with label Broadband . News. Show all posts
Showing posts with label Broadband . News. Show all posts

2014-08-02

5Tbps දත්ත වෙගයක් සාර්ථකව අත්හදා බැලේ...

 Technical University of Denmark (DTU) නිවේදනය කරන්නනේ තම පවතින තාක්ශනික තත්වයන් මතම තප්පරයකට ටෙරා බයිට පහක වේගයක් සහිත දත්ත සබදතාවයක් අත්හදා බලන්නට සමත්ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ fiber optic cable හා laser transmitter වලින් සමන්විතව තමන් කල අත්හදාබැලීම් සාර්තක බවයි.  සාමාන්‍ය භාවිතාකරන්නෙකු සදහා නම් අනවශ්‍ය වේගයක් සහිත වනු  ඇති බවට බලාපොරොත්තු වන මෙම සාර්ථකත්වය 43 Tbps දක්වා දියුනු කිරීමේ හැකියාවක් වන බවටයි වැඩි දුරටත් පැහැදිලි වන්නේ.  ISPවරුන් සදහා නම් වැඩි සබදතා ප්‍රමානයක් සැපයිය හැකි වැඩි දත්ත ප්‍රමානයක් ලබා දිය හැකි මෙම දියුනු කිරීම ප්‍රයෝජනවත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ක්‍රමයෙන් වැඩි වෙමින් ඇති දත්ත භාවිතාව සංසිඳවන්නට පහසුවක් වනු ඇති බවට බලාපොරොත්තුවන මෙම පැමිනීම තොරතුරු භාවිතාව පැතිරීමට පැහැදිලි සහයක් වනු ඇති බවට බලාපොරොත්තු වනවා.

2014-07-29

2020 වන විට London නුවරට 5G හැකියාව-නගරාධිපතිවරයා පවසයි-

  වඩාත් වේගවත් සංනිවේදන හැකියාවක් අත්පත්කර ගැනීම ව්‍යාපාරික මෙන්ම සමාජිය පරිසරයේ වර්ධනාත්මක බවට වැදගත් සාධකයක් ලෙසට පිලි ගැනේ. London වල නගරාධිපති වරයා පවසන්නේ 2020 වන විට 5G network හැකියාවක් තම නගරය වෙතට ගෙනෙන්නට තමන් සැලසුම් කරමින් සිටින බවකි. සිද්ධාන්තමය ලෙස සැලකීමේදී 10Gbps දක්වා දත්ත හුවමාරු වේගයක් ‍රැගෙන එන මෙම නව තාක්ශන ඉදිරි පියවර සදහා අනාගත සැලසුම් වල සිටින තවත් රක් ලෙසට ගැනෙන්නේ ජපානයයි. South Korea  සමග සහයෝගයෙන් කටයුතු කරමින් අත්පත් කරගන්නට බලපොරොත්‍ටුවන  මෙම අනාගත පියවරයන් ඔස්සේ London නුවර කෙරෙහි වැඩි ආකර්ෂනයක් ලැබෙමින් එහි වැසියෙකුවීමට වැඩි ඉල්ලුමක් නිර්මනය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. 

2014-02-20

Google තම Fiber ඔස්සේ වන 1 Gbps සබදතාවය තවත් නගර සදහා....

  Google ආයතනය ISP, TV හා phone service වෙතට පිවිසීම සිදුවූවේ 2012 නොවැම්බර් කාලයේදීය. පලමුව Kansas City සීමාවේ Fiber සබදතා ඔස්සේ තප්පරයකට ගිගා බයිට එකක සබදතාවයක් (downloads and uploads) ඇමරිකානු ඩෝලර් 70ක මාසික ගාස්තුවක් යටතේ ලබා දෙන්නට කටයුතු කරන ලදී. පලවන නවතම නිවේදනයක් පවසන්නේ Google ආයතනය මේ වන විට තම සේවාව එරට වෙනත් ප්‍රදේශ සදහාද ව්‍යාප්ත කරන්නට කටයුතු කරමින් සිටින බවකි. බොහෝ දුරට 2014 වසර තුලදී එම සේවාවන්  Provo, Utah and Austin, Texas වැනි නගර සදහාද ලබා දෙන්නට හැකිවනු ඇති බවටයි එහිදී සදහන් වන්නේ. ආයතනය පවසා සිටින්නේ තම සේවාව ව්‍යාප්ත කිරීම සදහා එම ප්‍රදේශවල භූපිහිටීම, ජන සංයුතිය පැතිර ඇති ආකාරය හා ඔවුනගේ අවශ්‍යතාව වැනි බොහෝ කරුනු ඔස්සේ තම හැදෑරීම් මේ වන විට සිදුවෙමින් පවතින බවයි. ඔවුන් පැහැදිලි කර සිටින්නේ ඉදිරි සැලසුම් වල නගර 9ක් (Portland, Oregon; San Jose, California; Salt Lake City, Utah; Phoenix, Arizona; San Antonio, Texas; Nashville, Tennessee; Atlanta, Georgia;  Charlotte හා  Raleigh-Durham, North Carolina ) ආවරනය විමට නියමිත බවයි.

2014-02-06

ධාවනය වන වාහනයක සිටත් සුපිරි බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක් ලගදීම -බ්‍රිතානය පුවතක්-

  තවමත් ධාවනය වෙමින් ඇති වාහනයක සිට අන්තර්ජාලය ඇසුරු කිරීම වේගය අතින් ඉතා අඩු සබදතාවයක් ඔස්සේ කරන්නට සිදුව තිබීම මහත් අපහසුතාවයන් කැදවන්නකි. එම කටයුත්ත වාහනයකදී වන විට Mobile Dongle එකක හෝ ගුවන්යානාවකදී නම් entertainment console වැනි විටක මිළ අධික භාවිතාවක් මත යැපීමක් බවට පත්වෙයි. හදාරන්නන් පවසන්නේ සැතපුම් 22,300ක් ඉහල අහසෙයි රදවන ලද සැටලයිට් එකක ආධරයෙන් සාමාන්‍යයෙන් භාවිතාකරන්නා නිවසේදී අන්තර්ජාලය ඇසුරුකරන බ්‍රෝඩ්බෑන්ඩ් වේගය අත්විදීමේ හැකියාව 2014 අවසානය වන විට භාවිතාවට පැමිනෙනු ඇති බවටයි. බ්‍රිතාන්‍ය ආයතනයක් පවසන්නේ on board Wi-Wi සබ්දතාවක් ඔස්සේ ධාවනය වන වාහනයක සිට භාවිතාකරන්නෙකුට 10Mbps වෙගයක් සහිත අන්තර්ජාල සේවාවක් ලබා දීම ලගදීම සිදු කරන්නට සූදානම් බවයි. එසේම බ්‍රිතන්‍ය ආයතනයක් පවසන්නේ දුම්රිය මග සවිවන ආධාරක ඔස්සේ ධාවනය වන දුම්රියේ ඇති signal Boosters සමග සර්ථක බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවක් එහි මගියාට ගෙන එන්නට වන වියාපෘතියක් මේ වන විට ඇරබෙමින් ඇති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...