Showing posts with label iOS15. Show all posts
Showing posts with label iOS15. Show all posts

2022-01-22

iOS 15 හා watchOS 8 කරායාම වැදගත් බවට අවධාරනය කෙරේ.

iPhone භාවිතා කරන්නන් තම උපාංග නවතම  iOS සංස්කරනය කරා ගෙනයාමේ අවශ්‍යතාවය අවධාරනය වෙමින් තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ නවතම iOS සංස්කරනය ඔස්සේ පිලිසකර වන ප්‍රධානතම දුර්වලතා දෙක අතරින් එකක් වන්නේ malicious application එකක් සමග භාවිතාකරන්නන්ගේ Apple ID information හා recent in-app searches තොරතුරු ලබා ගන්නට හැකිවීමය. අනෙක වන්නේ iPhones and iPads පමනක් නොව  Apple Watch සදහාද බලපාන past privacy preferences තොරතුරු ලබා ගන්නට හැකියාවක් third-party app වලට ලබා දෙන දුර්වලතාවයකි. ඒ අනූව ඔවුන් උපදෙස් දෙන්නේ watchOS 8 කරා යාමද වැදගත් වන බවයි. ලොවපුරා භාවිතාවන iPhone වලින් විශාල ප්‍රමානයක් තවමත් iOS 15 වෙතට නොගොස් සිටීම මෙම හානිකර අවස්ථා සදහා විවෘතව තිබීමක් ලෙසට පැහැදිලි වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

2022-01-21

Critical security patches සදහා නම් iOS 15 මත සිටිය යුතුමය.

Apple පවසන්නේ iOS 15 වෙතට පිවිසීම ඉතා වැදගත් බවයි. ලොව පුරා භාවිතාවන millions ගනනක් වන iPhones භාවිතාකරන්නන් වෙතට නිකුත්වන මෙම නිවේදනයට අනූව ඔවුන් පවසන්නේ තවදුරටත් iOS 14 වෙතට කලින් කලට නිකුත්වන යාවත්කාලීන ලැබුනද critical security patches සදහා නම්  iOS 15 වෙට්නට පිවිස සිටීම වැදගත් වන බවයි. Apple ආයතනය තම iOS 15 සංස්කරනය පසුගිය September යේ නිකුත් කරන ලද අතර iOS 14.8.1 සදහා අවසන් යාවත්කාලීනය පසුගිය October නිකුත් කරන්නට කටයුතු කරනු ලැබුවා. ලොවපුරා බිලියන ගනනක් වන iPhones භාවිතාව අතරින් සියයට 36ක් තවමත් iOS 14 භාවිතාකරමින් සිටින බවයි. පසුගිය December 2021වලදී iOS 15.2 නිකුත් කරන ලද අතර එම සංස්කරනය iPhone 6S සිට හා 7th generation iPod touch උපාග සදහා සූදානම් බවට පැහැදිලි කෙරුනා. ඔබ මෙම නව update එක වෙතට පිවිසෙන්නට නම් "General" > "Software Update" වෙතට පිවිසීමේදී උපකරනය නව සංස්කරනය සදහා සූදානම් නම් "Install Now" දිස්වන අතර ඒ ඔස්සේ ඉදිරියට යන්නට හැකි වනවා ඇත.
Pubudu Siriwansa
Pariganakaya.Com


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...