2023-03-23

Windows 11 වල පසු යාවත්කාලීන ගැටළු.

Microsoft  වල නවතම මාසික යාවත්කාලීනයෙන් පසුව භාවිතාකරන්නන් අතරින් ගැටළු කිහිපයක් ගැන වාර්ථා වෙමින් ඇති බවට ටොරතුරු පලවෙමින් තිබෙනවා. නවතම යාවත්කාලීනය සමග  Windows 10, Windows 11 වෙතට security fixes කිහිපයක් සමග  Moment 2 feature update වෙතට පිවිසීමක් සිදුවූ අතර ඉන් පසුව NVMe SSD වල වේගයේ අඩුවක් මෙන්ම Local Security Authority (LSA)  වල ගැටළුවක් ලෙසට කරුනු වාර්ථාවීමක් සිදුවෙමින් ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. දෙවන ගැටළුව බොහෝ දුරට Defender update එකකින් පසුව අත්විඳිමින් තිබෙන්නක් ලෙසටද පැහැදිලි කෙරෙමින් ඇති අතර පරිගණකයේ TPM 2.0 වල  සංක්‍රියතත්වයක් යටතේ වුවත් එය අක්‍රිය හෝ "Standard hardware security not supported"  වැනි තත්වයක් ලෙසට පරිගණකයට හැගෙන මට්ටමක පවතින බවටයි විස්තර කෙරෙන්නේ.
Pubudu Siriuwansa


 

2023-03-22

2022දී zero-day දුර්වලතා 55ක් භාවිතා වූ බවට.

හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය වසර සැලකීමේදී zero-day ආකාරයේ ප්‍රධාන දුර්වලතා භාවිතා වීම් 55ක් තමන්ට ගනනය වූ බවකි. ඔවුන් පවසන්නේ එය 2021 හා සැසදීමේදී අඩු අගයක් එනම් 88ක සිට පහතට ඒමක් දක්නට ලැනුනද තවමත් සැලකිය යුතු මට්ටමක වන බවකි. Microsoft, Google, Apple ලෙසට ප්‍රධාන ආයතනයන් සැලකීමේදී 18,10,9 ලෙසට ගනනය වන බවත් මෙන්ම මින් සමහර දුර්වලතා තවමත් නිවැරදිව පිලිසකර නොවී ඉදිරියට යාමක් දක්නටලැබෙන බවටත් ඔවුන් පැහැදිලි කරනවා. උදාහරනයක් ලෙසට Outlook වල හඳුනා ගෙන තිබූ zero-day දුර්වලතාවයක් පිලිසකර කරන්නට පසුගිට්ය සතියේ Microsoft ආයතනය කටයුතු කරන ලද අතර එය යුරෝපියානි රජයන් මෙන්ම ආරක්ෂක අංශ ඉලක්ක කරන්නට 2022 දී hacker group භාවිතකාකරන ලද්දක් ලෙසට සටහන් වෙනවා.
Pubudu Siriwansa


 

2023-03-21

Edge මතට crypto / NFT wallet පැමිනෙනු ඇත.

නිල නොවන තොරතුරු වලට අනූව Microsoft තම Edge මතට built-in ආකාරයේ crypto wallet එකක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවට හෙලිවෙනවා.  මේ අනූව Edge  භාවිතාකරන්නන් හට අමතර භාවිතාවකින් තොරව cryptocurrencies හැසිරවන්නට ඉඩ ලැබෙන අතර එම ආයතනය crypto / NFT භාවිතයේ වගකීම තමන්ටම දරන්නට වන මුත් තොරතුරු වල රහසිගත බව ඉහලින්ම සුරකින සැලසුම් සහිතව මෙම භාවිතාව සූදානම් කරමින් සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම Microsoft Edge  wallet එක සමග transactions, connected apps, your watchlist, වනි තොරතුරු සහ Coinbase / MoonPay සංයුත්ත වීමක් පැමිනෙනු ඇති බවටයි විස්තර කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

BBC වෙතින්ද TikTok වෙතට සීමාකිරීම්.

BBC සේවක මහතුන්ට තම corporate devices ඔස්සේ එම භාවිතාව business reasons මත නොවන විටදී TikTok තහනම් කරන්නට කටයුතු කර ඇති බවට වාර්ථා වෙනවා. එසේම BBC employee  ලා යම් අවස්ථාවන් වලදී රාජකාරී කටයුතු වලට personal phone භාවිතා කරන්නේනම් තම Security team වෙතින් විශේෂ උපදෙස් ලබා ගන්නට දැනුවත් කර තිබෙනවා. මේ වන විට  UK ,  European Union, Canada, New Zealand,  US ආදී රටවල් මෙම ප්‍රකට social network එක තම රටවල government devices වලින් ඈත්කර තබන්නට නීති ගෙනැවිත් තිබෙනවා. එසේම මේ වන විට US වෙතින් ByteDance වෙතටද යම් යම් බලපෑම් එල්ල වෙමින් පවතින බවටයි වාර්ථාවන්නේ.
Pubudu Siriwansa


 

Windows 11 වල feature updates ඉක්මනින් ලබා ගන්නට.

යාවත්කාලීන ස්ථාපනයට භාවිතාකරන්නන්  පොලබවා ගැනීමද එම ආයතයන්ට  හමුවන තවත් ප්‍රධාන අභියෝගයකි. ප්‍රධානය පෙලේ යාවත්කාලීනයන් වන විට ඒවා ප්‍රමානයෙන් විශාල වීමත් වැඩිකාලයක් ලබා ගනීමත් භාවිතාකරන්නන්ස් අදහා වන ගැටළුවකි. කෙසේ වෙතත් Windows 11 සදහා Canary Channel මට්ටමින් පැමින ඇති අංගයක් වන්නේ new updates ව්සැනින් ලබා ගන්නට සැකසුම් සකසා තබන්නට භාවිතාකරන්නන් හට අවස්ථාවක් ලබා දීමය.  අමතක නොකල යුත්තක් නම් Back up වැදගත් වන්නේ සනර විටක හමුවන්නට ඉඩ ඇති crash තත්වයක් සදහා එක් විසඳුමක් එය වන නිසාවෙනි.
Pubudu Siriwansa


 

2023-03-17

Windows 10 වෙතට එන Search bar එක.

Microsoft විසින් තම  Edge 111 stable release නිකුතුවත් සමග Windows 10  සදහාද desktop search bar එක ලබාදී තිබෙනවා. මෙය මීට ප්‍රථම Windows 11 සදහා පමනක් සීමාවී තිබූ අංගයක් වූවා. මේ හැකියාව සංක්‍රිය කර ගන්නට three-dot menu> More Tools > enable ඔස්සේ හැකිවනවා කෙසේ වෙතත් හදාරන්නන් පවසන්නේ තවමත් මෙම හැකියාව තවමත් සියළු භාවිතාකරන්නන් සදහා සංක්‍රිය නොමැති අතර ක්‍රමයෙන් ලොවපුරා භාවිතාකරන්නන් සදහා පැමිනෙනු ඇති බවයි. Microsoft සමාගම මෙම හැකියාව වසරකට පමන පෙර  Dev channel ( Windows 11) ඔස්සේ මෙය හඳුන්වා දෙන්නට කටයුතු කල අතර බොහෝ භාවිතා කරන්නන් සදහා hidden මට්ටමක පැවතුන බවටයි වාර්ථා වූවේ. Windows 11 සදහා පැමීන පසුව windows 10 සදහා එක්වන එකම අංගය මෙය නොවන අතර  Virtualization-based Security (VBS) අංගයද Windows 10 සදහා පසුගියදා එක්කොට තිබෙනවා.
Pubudu Siriwansa


 

EDGE සමග Adobe Acrobat PDF reader එක්වේ.

පසුගිය මාසයේ Microsoft නිවේදනය කර සිටියේ තම Edge වෙතට built-in reader යක් ලෙසට Adobe Acrobat PDF engine එක පැමිනෙන්නට නියමිත බවකි.PDF files වෙතට වඩාත් ආරක්ශිත මෙන්ම නම්‍ය භාවිතාවක් සදහා නව පැමිනීම වඩාත් සහය වනු ඇති බවත්, read-aloud narration, accurate colors වැනි අංග රාශියක් ගැන ඔවුන් එහිදී බලාපොරොත්තු පලකල අතර මේ වන විට Edge වල නවතම Stable update එක වන version 111.0.1661.44 සමග එම සංයුත්තවීම පැමින ඇති බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa


 

Google Glass අත්හැර දැමේ.

2013 දී Google Glass නිවේදනය වූවේ ජංගම දුරකථනය වෙතට ඌනනය වෙමින් ඇති දත්ත භාවිතාව දෑස් ඉදිරිපිටට වන කෙටිමගක් ලෙසට අර්ථදක්වමිනි. එසේමුත් 2015 වන විට එය අත්හැර දමන ලද ව්‍යාපෘතියක් ලෙසට නම් වූවේ අධික මිල ගනන් ඔස්සේ සාමාන්‍ය භාවිතාවට එතරම් ආකර්ශනීය නොවූ නිසා විය යුත්ය. අනතුරුව 2017 වන විට  industries  භාවිතව දෙසට එහි සංවර්ධන කටයුතු යොමුවූ අතර 2019 වන විට  Enterprise Edition 2 ද නිකුත් කෙරිනි. මේ වන විට Google පවසන්නේ තම Google Glass වෙතට සහය දැක්වීම එලබෙන සැප්තැම්බරයේ අවසන් වන්නට නියමිත බවකි. එනම් නිල ලෙසට Google Glass ව්‍යාපෘතිය අවසන් වන්නට නියමිත බවකි. එසේ වුවද Google මෙන්ම තවත් ආයතනයන් ‍රැසක් AR glasses වෙතට වන අවධානය තවදුරටත් වනු ඇති බවට බලාපොරොත්තුව පල වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

FCC විසින් scam text messages සදහා බාදක පනවයි.

Federal Communications Commission (FCC)  පවසන්නේ wireless companies විසින් smartphone වලට යොමුවන text messages වල fraudulent ආකාරයේ අංක මූලාශ්‍රයන් පිලිබඳව අවධියෙන් සිට වැලැක්වීමේ වගකීම දැරිය යුතු ආකාරයේ නව නීති ක්‍රියාත්මක බවයි. පැහැදිලි කෙරෙන්නේ එම නීති වලට invalid, unallocated, unused යන ආකාරවල දුරකථන අංක ඇතුලත් බවයි. එසේම මෙම wireless providers ලා හට මෙම scam text messages ගැන භාවිතකරන්නන්ගේ පැමිණිලිවලට සෙලකිය යුතු අවධානයක්ද දිය යුතු බවට පවසා තිබෙනවා. FCC පවසන්නේ 2015 - 2022 සැලකීමේදී පැමිණිලි 3,300 - 18,900 දක්වා ඉහල යාමක් දක්නට ලැබෙන බවයි.  එසේම වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ scam robocalls වලට වඩා text messages වලට භාවිතාකරන්නන් එලබීම වැඩි බවත් ඒ අවසරය ඔස්සේ malware download අවස්ථාද සැලකිය යුතු ලෙස ඉහල වගයක පවතින බවත්ය.
Pubudu Siriwansa


 

UK online adults 87% ක් වින්ඳිතයන් හෝ ආසන්නයන්ය.

UK වල Office of Communication (Ofcom) විසින් තම හැදෑරුම් වාර්ථාවක් ඔස්සේ පවසන්නේ UK වල වැඩිහිටියන්ගෙන් 87%ක් යම් ආකාරයක Online ආකාරයේ scams වීමක හෝ ආසන්නව සිටින බවට විස්වාස කරන බවයි. ඔවුන් මෙම හැදෑරුම වායස 18ට වැඩි 2,097 UK residents ඇසුරින් May 5-17, 2022 කාලය තුල සිදුකර තිබෙනවා. මෙම පිරිස් ආතරින් 21% ක් £1,000 හෝ වැඩි මුදල් වංචාවකට හසුව ඇති බවත් 25%ක් යම් ආකාරයක වංචාවකට හසුව ඇති බවත් පවසන බවට වාර්ථා වෙනවා. එසේම 51%ක් ව්‍යාජ උපකරන වලටත් 25%ක් යම් ආකාරයක ව්‍යාජ ආයෝජන වලටත් හසුව ඇති බවටයි එම වාර්ථා පැහැදිලි කරන්නේ. එසේම එම පිරිස අතරින් 30%ක් email ආකාරයටද 23%ක් social networks ආකායටද මෙම හසුවීමට පැමින ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

2023-03-16

Google Workspace apps සදහා AI හැකියාව.

Google පවසන්නේ AI හැකියාව Gmail, Docs සමග අනෙකුත් Google Workspace apps ගෙනෙන්නට තමන් සූදානම්  බවයි. ඔවුන් විස්තර කරන්නේ දැනට Workspace apps කිහිපයක් එනම් Google Docs, Gmail, Sheets, Slides වැනි අවකාශ වලට දැනට මෙම සංයුත්ත වීම සූදානම් බවයි. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ පැමිනෙන generative AI හැකියාව් සමග භාවිතාකරන්නන් හර්ට වඩාත් අපූරු create, connect, collaborate බවක් ලැබෙනු ඇති බවයි. ආරම්භයේදී මෙම AI capabilities පමිනෙන්නේ United States වලට වන අතර පසුව ක්‍රමයෙන් ලොවපුරා මුදාහරින්නට කටයුතු  කරන බවටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa


 

Baidu වෙතින් එන Ernie Bot එක.

Baidu නම් චීනය මූලිකව ක්‍රියාත්මක වන ප්‍රමුකයා පවසන්නේ තමන්ගේද AI-powered chatbot  නිකුතුව සූදානම් බවයි.Ernie Bot ලෙසට නම් වන එය මේ වන විට නිවේහ්ඩ්නය කර තිබෙනවා. මේ වන විට දැඩි අවධානයක් දින අගෙන ඇති ChatGPT හා සමානවම සංකීර්ණ ගැටළු සදහා සාර්ථක විසඳුම් ගෙනෙන්නට එය සමත් වන අතර මාර්තුමාසය තුලදී එය අභ්‍යන්තර අත්හදාබැලීම් අවසන්වන්නට නියමිත බවටයි පලවන්නේ. දෛනික ජීවිතය වටා වන නෙක භෂා හැකියාවන්ගෙන් සමන්විත මෙම පැමිනීම  "Enhanced Representation through Knowledge Integration" (ERNIE) නම් 2019 සිට කල දැවැන්ත දියුනු කිරීම් වලින්ද සමන්විත බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ මෙයද Google ලාගේ ChatGPT ආකාරයේ පැමිනීමක ලක්ෂණ මේ වන විටත් පෙන්වමින් සිටින අතර එය search engine සංයුත්තවීමකට අමතරව  smart cars, cloud, වැනි නෙක අවකාශ සදහා සූදානම් වන ecosystem එකක් බවට පත්කරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවමත් මෙහි  general public නිකුතුවකට අදාල දින වකවානු නිවේදනය කර නොමැත.
Pubudu Siriwasa


 

UK වලින් supercomputer සැලසුමක්.

UK  වෙතින් පැවසෙන්නේ ත්මන් £900 million වැයක් සමග supercomputer හා ආශිත AI Research  දෙසට කටයුතු කරන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ වඩ වඩාත් වැඩි වෙමින් ඇති processing බලයේ අවශ්‍යතාවය ඔස්සේ වඩාත් සංකීර්න ගැටළු දෙසට කටයුතු කරන්නට තමන් තීර්නය කර ඇති බවයි. වැඩි දියුනු කරන medicines, climate  ගැටළු, වැනි දෑ සදහා වෙන් වෙන මෙම ව්‍යාපෘතිය සදහා මෙම වසරේ සිට මුදල් යොදවන්නට තමන් සූදානම් බවටයි වැඩිදුරටත් පැහැදිල් කෙරෙන්නේ. ඉතා සංකීර්න ඇල්ගොරිතමයන් සදහා අවශ්‍යවන quantum computing හැකියාව මත දිවෙන economy  යක් සදහා 2023 වන විට ඉලක්ක වන ලෙසට මෙම සැලසුම් දිවෙන්නට නියමිත අතර £2.5 billion ක සමස්ථ වැයක් ඒ සදහා සැලසුම් වෙමින් ඇති බවටයි පැවසෙන්නේ. UK දැනට 28 වන මට්ටමින් supercomputer හැකියාවක් දරන අතර 1948 දී ලොව පලමු stored-program computer නිර්මාණය කිරීමේ ගෞරවය දිනාගත් Manchester විශ්ව විද්‍යාලය හිමි රට ලෙසටද නම්වෙනවා.
Pubudu Siriwansa



 

2023-03-15

YouTube TV වලට multiview screen හැකියාව.

මේ වනවිට YouTube TV  භාවිතාකරන්නන් සදහා කාලයක සිට බලාපොරොත්තුව තිබූ අංගයක් වන multiview feature ආකාරය පෙර නිකුතුවක් ලෙසට අත්හදාබලන මට්ටමින් සීමිත පිරිසක් වෙතට නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. මේ අනූව CBS, TBS, TNT, TruTV  චැනල් හතරම එකවර screen වෙතට කැබ්බ්දවා ගන්නට භාවිතාකරන්නන්හට අවස්ථාව ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම multiview feature එක අනාගතයේදී standard YouTube service  වෙතටද පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa


 

Microsoft වල SmartScreen දුර්වලතාවයක් පිලිසකර කෙරේ.

Google නිවේදනය කරන්නේ තමන් Microsoft' වල SmartScreen security දුර්වලතාවයක් භාවිතාකරමින් ransomware bypassing හැකියාවක් හදුනාගත් බවත්ය . එසේම ඔවුන් පවසනවා Microsoft  විසින් මෙවර  Patch Tuesday update ඔස්සේ ගැටළුවට පිලිසකට නිකුත්කර ඇති බවත්ය. Google හදාරන්නන් පවසන්නේ තමන් මේ සදහා භාවිතාවූ MSI files  ගොනු බාගත වීම් 100,000 වඩා January 2023 කාලය තුල දු‍ටුබවත් අති බහුතරයක් Europe වල බහුලව සිදුව ඇති බවත්ය.
Pubudu Siriwansa


 

සිතනවාට වඩා ඔබ අනාරක්ෂිතය.

ප්‍රකට Cybersecurity ආයතනයක් පවසන්නේ 2022 සැලකීමේදී පෞද්ගලිකත්වයන් නිරාවරනය වීම්721.5 million ලෙසට තමන් ගනනය කරමින් සිටින බවයි. ඉන් 50%ක්ම පැමිනෙන්නේ botnets නැතිනම් ආසාධිත පරිගණක පද්ධති වලින් බවටයි ඔවුන් පවසන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ  data breach එකකදී වඩාත්ම සවේධීවන තොරතුරු වන්නේ passwords බවත් බොහෝ විට අපරාධ කරුවන් මෙම තොරතුරු dark web වෙතට අළවිය සදහා මුදා හරින බවත්ය. එසේම තත්වයේ බැරෑරුම් බව පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මෙම නිරාවරනවීම් වලින් 72%ක්ම භාවිතාකරමින් සිටින බවයි.  වැඩි දුරටත් එම නිරාවරනයන් පැහැදිලි කරන ඔවුන්පවසන්නේ 1.4 billion ක් භාවිතාකරන්නන්ගේ සම්පූර්න නාමයන් බවත්, 332 million  ක්ම national IDs/full Social Security numbers හා 67 millionක්ම credit card numbers වන බවත්ය. භාවිතාකරන්නන් හට උපදෙස් දෙමින් තිබෙන්නේ අවසර පදය පෙර නිගමනයට අපහසු අංකීර්න සංයුතුයකින් සමන්විත කරවන ලෙසත් හැකි හැමවිටම multifactor authentication සංක්‍රිය කර තබන්නට කටයුතු කරන ලෙසත්ය.
Pubudu Siriwansa


 

2023-03-12

Windows 12 වල බීටාවක් මාර්තුවේ??

Windows 12 ගැන අවධානය ක්‍රමයෙන් දැඩි වෙමින් ඇත. Microsoft සමාගම තම මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව ගැන නිල ප්‍රකාශයක් නොකලද මේ වන විට ලොව පුරා නෙක හදාරන්නන් තොරතුරු වාර්ථාකරමින් සිටිනු පෙනේ. Windows 12 කෙබඳු වේද යන්නට කෙටියෙන් දැනට විත එති තොරතුරු හෙලි කරන්නේ එය 2024 වන විට නිකුතුවට සූදානම් වනු ඇති බවයි. එනම් සාමාන්‍ය පිලිවලට තෙවසරකට පසු එනම් Windows 11 වලින් තෙවසරකට පසු එම පැමිනීම සිදුවෙනු ඇති බවයි. එසේම බොහෝ විට Windows 12 වල පෙර බීටා සංස්කරණයක් 2023 මාර්තු වන විට නිකුතුවට සූදානම් ද වනු ඇති බවයි. නව  user interface එකක්, floating taskbar වලට සංයුත්තවන status bar එකක්, මෙහෙයුම් පද්ධතියට වඩාත් ගැබුරින් වන AI Integration බවක් මෙන්ම වඩාත් දියුනු කල Windows Explorer / Notepad හැකියාවක් පිලිබන්දව මේ වන විටත් හදාරන්නන්ගේ අවධානයට ලක්වෙමින් තිබෙනවා. SYSTEM REQUIREMENTS වල මද චලනයක් පමනක් සමග Android සමග වැඩි මිත්‍ර බවක්ද හදාරන්නන් windows 12 සමග බලාපොරොත්තු වෙමින් සිටිනවා.
Pubudu Siriwansa


 

ප්‍රකට නාමයන් යටතේ ව්‍යාජ Email අනතුරු ඇගවීමක්.

හදාරන්නන් ලොවපුරා Gmail භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පවසන්නේ UPS, Amazon, Netflix යන ප්‍රකට වෙළඳ නාමයන් තුන යටතේ ලැබී ඇති Email පිලිබඳව සැලකිලිමත් වන ලෙසටයි. ඔවුන් පැහැදිලි කරන්නේ personal details පැහැර ගැනීමේ අදහසින් මෙම නම් වලින් ව්‍යජ Email ලොවපුරා සංසරණය වන බවක් තමන් දකිමින් සිටින බවයි. වරක්Netflix වලින් පැමිනි බවක් දැක්වෙන ඊමේලයක් පවසා සිටින්නේ  "unusual account activity." දක්නට ලැබෙන නිසා තොරතුරු තහවුරුවක් සදහා නැවත තොරතුරු ලබා ගන්නට ව්‍යාජ වෙබ් අඩවියකට කැඳවා ගෙන තොරතුරු සොරා ගැනීමේ තැතක් තමන් දු‍ටු බවකි.තවත් විටක Amazon Prime සදහා payment information යාවත්කාලීනයකට යැයි පවසමින් ඔබගේ තොරතුරු සොරා ගැනීමක උත්සාහයක් මෙන්ම තවත් විටක Amazon account වල locked වීමක් ගැන පවසමින් SMS / email ඔස්සේ තොරතුරු විමසීමක් ගැන ඔවුන් පවසා සිටිනවා.
Pubudu Siriwansa


 

2023-03-11

ආරක්ශිතබව / එන්ක්‍රිප්ටඩ් හැකියාව / අපරාධ

WhatsApp පවසන්නේ encrypted-messaging system ආරක්ශිත බවින් ඉවත් වන්නට තම සූදානම් නැති බවකි. නමුත් UK රජය පවසන්නේ privacy / child safety දෙයාකාරයම ‍රැකගෙන scan messages හැකියාව ලැබිය යුතු බවකි. එසේම WhatsApp යනු UK වලදී වැඩිහිටියන් 10 දෙනෙකු සලකන විට 7 දෙනෙකුගේම භාවිතයලබන ජනංප්‍රියම messaging platform එකක්ද වන්නේය. මෙහි වන End-to-end encryption හැකියාව ඔස්සේ එම ආයතනයටද තම සේවාව ඔස්සේ හුවමාරුවන දෑ වෙතට එබී බලන්නට හැකියාවක් නොවන අතර රජයට තම Safety Bill ඔසේ අවශ්‍ය වන්නේ child-abuse material වැනි දෑ වන්නේ නම් ඒව ඉවත්කරන්නට කටයුතු කිරීමේ හැකියාවකි. එපමනක් නොව WhatsApp පවසන්නේ තම භාවිතාවෙන් 98%ක්ම UK වලින් පිට භාවිතාකරන්නන් වන නිසා ඔවුන්ගේ පෞද්ගලිකත්වය අනතුරේ හෙල්ලන්නට තමන්ට නොහැකි බවකි.
Pubudu Siriwansa


 

IceFire නම් ransomwareව Linux දෙසට.

 ransomware හනීන් ගැන වැඩිපුරම අවධානය ලැබී තිබුනේ  encrypting Windows systems දෙසටය. නවතම තොරතුරු පවසන්නේ Linux devices  දෙසටද මෙම ප්‍රවනතා දිගහැරෙමින් තිබෙන බවය. SentinelLabs පවසන්නේ ලොවපුරා වෙන්ම තැනින් තැන වන Linux versions භාවිතාවන රාශියකින් මෙම නව ප්‍රවනතාවය වාර්ථාවීම වැඩි වෙමින් තිබෙන බවයි. හදාරන්නන් පෙනවා දෙන්නේ ransomware අපරාධකරුවන්ගේ අවධානය IBM Aspera Faspex file-sharing software වල වන deserialization vulnerability වල වන දුර්වලතාවය දෙසට ටොමුව ඇති බවකි. ආසාධිතයන්ගේ system වලට පිවිසීමෙන් පසුව IceFire ransomware ආකාරය ක්‍රියාත්නක කරමින් encrypt data බවට පත්කර ඒවායේ extension වල නාමය '.ifire' ලෙසට වෙනස් කරන්නටත් අවසානයේ ransomware වල tracks මකාදමන්නටත් කටයුතු කරන බවය. කෙසේ වෙතත් IceFire වලට සමස්ථ ගොනු පද්ධතිය encrypt නොකරන බවත් critical parts අසාථිනය නොවීම ඔස්සේ සාමාන්‍ය ලෙසට ක්‍රියාත්මක නොවන බවටත් පෙන්වා දෙනවා. මෙම අපරාධකරුවන් data encryption ක්‍රියාවලිය අවසන්කල පසුව ransom note එකක් දින පහක සහන කාලයක් සමග ලැබෙන් බවටයි පෙන්ව දෙන්නේ.
Pubudu Siriwansa


 

GM ද ChatGPT සමග මිතුරුවේ.

General Motors (GM) පවසන්නේ ඔවුන්ගේ manuals සදහා ChatGPT වෙතට පැමිනීමට අවධානය යොමුකර ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය  ChatGPT භාවිතයේදී පදනම් වන keyboard සමග interact වීම වෙනු වට AI voice ස්වභාවයන් ප්‍රමුක කරන්නට කටයුතු කරන බවයි. Microsoft සමග Azure cloud service ආශ්‍රිතව තම සේවාව දියුනු කරන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ හුඳු voice commands ප්ර්මුක වීම වැනි සරල ප්‍රමුක තාවයකට වඩා සමස්ථයක් ලෙසට future vehicles  සදහා පරිවර්ථනයක් ගෙනෙනට තමන් කටයුතු කරන බවකි. GM යනු Chevrolet, Cadillac, Buick, GMC වැනි ප්‍රමුක ප්‍රමුක නිශ්පාදන සදහා පදනම් වන ආයතනය වන අතර ඔවුන් මේ ඔස්සේ safe භාවිතාවකට සහය වීමේ සිට repair shop එකක book car-related appointments දක්වා පුළුල් භාවිතාවක් ගොඩ නගන්නට කටයුතු කරමින් සිටින බවට වාර්ථා වෙනවා.ඉදිරියේදී  GM විසින් තම artificial intelligence system තොරතුරු හෙලි කරනු ඇති බවට බලාපොරොත්තුවෙමින් සිටිනවා.
Pubudu Siriwansa


 

2023-03-10

TikTok මතට අමතර ආරක්ශක ලේයරයක්

TikTok විසින් නව security measures තම සේවාව ව්තට සංයුත්ත කරන්නට කරයුතු කර ඇති බවයි වර්ථා වන්නේ. එය user data වලට එබී බැලීම China දෙසට යම් සීමාවක් ගෙනෙන එකක් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එහිදී TikTok වෙතට individual users ලෙසට Data වෙතට හඳුනා ගන්නට අපහසුවීම සිදුවෙන බවටයි වැඩි දුරටත් පවසන්නේ. මෙහිදී නව ආරක්ශිත ලේයරය "Security gateways" එකක් ලෙසට ක්‍රියාත්මක වෙමින් European user  භාවිතාකරන්නන්ගේ ඩ්information / data සුරක්ශිත බවකට කැඳවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ වන විටත් European Commission විසින් සමහර උපාංග සදහා තහනම් කොට තිබෙනවා. එසේම European භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැඳ වීම සදහා data centres දෙකක් මේ වන විටත් ඉදිකිරීමට කටයුතු කරමින් සිටින බවටත් නිවේදනය වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Business email compromise එකක් සදහා හෝරා දෙකකි.

Microsoft පවසන්නේ මේ වන විට business email compromise (BEC)  එකක් සදහා ගත වන සමස්ථ වේලාව හොරා කිහිපයක් පමනක් විය හැකි බවය. බොහෝ විට ගොදුරු වන්නා හට මේ පිලිබඳව සබුද්ධික වන්නට ඇති අවස්ථාද ඉතා අල්ප බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. BEC වලදී සයිබර් අපරාධකරුවා ආයතනයක ඉහල නිලධාරියෙකු ලෙසට Email ඔස්සේ පෙනී සිටිමින් ආයතනයේ තොරතුරු සොරා ගැනීම නැතිනම් මුදල් තැන්පත්කරවා ගැනීමක් වැනි අපරාධවල වෙගයෙන් ඉහලයාමක් හා එවන් සිදුවීම් අපරාධලෙසට නීතියට තහවුරු වීම් අඩු සංකාථමක අගයක පවතින බවටත් පැහැදිලි කෙරෙනවා. එම ආයතනය වැඩි දුරටත් පවසන්නේ එක් හැදෑරීමට ලක්වූ සිදුවීමකදී  adversary-in-the-middle attack  ආකාරයට ඉලක්ක වන්නාගේ සංවාදයක cookie පැහැරගෙන ඒ ඔස්සේ multifactor authentication එකක් මගහැර email conversations එකක් පෙර පරිදිම මෙන් ඉදිරියට මෙහෙයවා ගොදුරු වන්නාව නොමග යවා දමන්නට සමත්ව තිබූ බවයි. ඔවුන් යෝජනා කරන්නේ ආරක්ෂක මෘදුකාංගයක් සංක්‍රියව තබා ගැනීමත්, සමස්ථ භාවිතාව ගැන අවධිමතව සිටීමත් ඉතා වැදගත් බවකි.
Pubudu Siriwansa


 

Google වෙතින් Universal Language AI-Model එකක්.

 Google තම  Universal Speech Module එක පිලිබඳව හඳුන්වාදීම් කරමින් සිටිනවා. Google පවසන්නේ තම developing  මට්ටමේ ඇති මෙම language model  එක භාෂා 1000 කට වඩා හැඑසිරවීමේ හැකියාව වන බවයි. වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ මෙම USM එක 2 billion විහිදුම් ඔස්සේ 12 million hours ගත කරමින් 28 billion words සමග 300 languages කින් වන අත්දැකීම් වලින් පෝශිත බවයි. එපමනක් නොව ඔවුන් පැහැදිලි කරන්නේ තම USM එක YouTube වල captioning වැනි කටයුතු වල සිට පුලුල් පරාසයක භාවිතාවට සූදානම් වන බවත් එය වඩාත් AI features වලින් සයුත්ත කරවන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි.අනෙක් අතින් වාර්ථාවන්නේ ChatGPT AI platform එක මාස කිහිපයක් තුල 200 million භාවිතාකරන්නන් කැඳව ගන්නට සමත්ව ඇති බවකි.
Pubudu Siriwansa


 

AI ආකාරයේ doctors / lawyers ??

OpenAI වල CEO වරයා පවසන්නේ artificial intelligence apps සදහා පදනම් කර ගත හැකි APIs සදහා platform එකක් සදහා  කටයුතු කරන කටයුතු කරමින් සිටින බවයි. ChatGPT වල සාර්ථකත්වය සමග ඉදිරියට යන්නට තමන් සුදානම් බවටයි Reuters වෙතට පවසා  ඇත්තේ. Coca-Cola වැනි සමහර ආයතනයන් දැනටමත් OpenAI සමග කටයුතු කරමින් සිටින අතර වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ ආයතනික මට්ටමින් සේම පුද්ගල මට්ටමින්ද ChatGPT හැකියාව දියුනු කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවත් නුදුරු අනාගතයේදීම තමන්ගේ phone මතට එන AI  බල ගැන්වුනු applications ඔස්සේ AI doctors / lawyers වැනි සහයක්ද බලාපොරොත්තුවිය හැකි බවකි. දැනටමත් AI මූලික වන දියුනු කිරීම් කෙරෙහි ආයතනයන් රාශියකගේම අවධානය යොමුව තිබෙන බවටයි වාර්ථාවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa


 

Apple වඩාත් India දෙසට.

Apple  තම අවධානය india වෙතට වැඩි වැඩියෙන් යොමුකරමින් සිටින බවටයි පැහැදිලි වන්නේ. සක්‍යාතමකව iPhone shipments සැලකීමේදී 2018දී 1.7 million ව තිබූ එම සංක්‍යාව 2022 වන විට 6 million  දක්වා ඉහල පැමින ඇති බවටයි වාර්ථා වන්නේ. එය Americas region වලින් පසුව  Apple වෙතට ඉහලම ආදායමක් ගෙනෙන වෙළඳ පොලක් වෙමින් ඇති බවට හදාරන්නන් පෙන්වා දෙනවා. එසේම හදාරන්නන් පවසන්නේ India  හ Apple අතර සම්බන්ඳතාවය manufacturing ආකාරයෙන් සැලකීමේදීද Chaina වලට China වලට විකල්පයක් වෙමින් සිටින බවත්  Foxconn විසින්  $700 million ආයෝජනයක් සමග 300-acre factory විශාල කර්මාන්ත ශාලවක් Bengaluru City වල ඉදිවෙමින් තිබෙන බවටත් මේ වන විට නිවේදනය වී තිබෙනවා.
Pubudu Siriwansa


 

Google Chrome Cleanup Tool එක අවසන් කෙරේ.

Google Chrome සමග පැමින තිබූ Cleanup Tool  එකෙහි අරමුණ ව තිබුනේ Google Chrome වල ක්‍රියාකාරීත්වයට බාදා වෙමින් ක්‍රියාත්මක වන unwanted software (UwS)  එනම් unwanted programs, malware, adware extensions එනම් advertisements  වලට මෙන්ම  unexpected settings වෙනස් කම් නිර්මාණයට කටයුතු කරන මෘදුකාංග කොටස් scan සදහා වන අතර Chrome version 111 වල සිට පැමින තිබෙන්නක් විය. 2015 නිකුත්වූ මෙම මෘදු ටූලය Google පවසන ආකාරයට 80 million cleanup සිදුකර ඇති අතර පාර්ශව ගනනකගේ ඉල්ලීම පරිදි තවදුරටත් ක්‍රියත්මක නොවන බවත් Google Safe Browsing ඔස්සේ තව දුරටත් යම් ආරක්ශක සහයක් ලබා ගන්නට හැකි වන බවත් ඔවුන් පවසා සිටිනවා.
Pubudu Siriwansa


 

2023-03-09

Microsoft Bing දනික භාවිතාව මිලියන 100 ඉක්මවයි.

Microsoft වල Bing search engine දෛනික භවිතය 100 million  සීමාව වෙතට පැමිනෙන්නට සමත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම සාර්ථකත්වය AI-powered Bing Search වල නිකුතුවෙන් මාසයක් සම්පූර්න වන විට වාර්ථාවෙමින් තිබෙන අතර Bing වල නිකුතුවේ 13 වන වසර කාලයේදී ලත් ඉහලම භාවිතාව ලෙසටත් පැහැහිලි කෙරෙනවා. OpenAI පදනම්ව ශක්තිමත් වන Bing වල Chat හැකියාවේ සිට playing chess හැකියාව දක්වා දිගු වපසරියක නවතා මේ වන විට සටහන් කරමින් සිටින අතර නව Chromium-based Edge නිකුතුව මෙම පොලා පැනීම සදහා තවත් ප්‍රධාන සාධකයක් ලෙසටද පිලිගැනෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Google One plans සමග VPN හා dark web monitoring reports

Google පවසන්නේ තම  Google One සියළුම plans සමග VPN access හැකියාව ලබා දෙන්නට සූදානම් බවයි. එපමනක් නොව dark web reports ඔස්සේ භාවිතා කරන්නෙකුට personal information වැනිදෑ dark web වලට විවෘතව ඇතිදැයි විමසා දැනගන්නටද හැකිවන ලෙසට පහසුකම් සලසන්නට සූදානම් බවටත් පවසනවා. ආයතනය පැහැදිලි කරන්නේ Google One VPN හැකියාව දැනට රටවල් 22 සදහා සූදානම් බවත් dark web monitoring reports හැකියාව United States සදහා පමනක් දැනට සූදානම් බවත්ය. 
Pubudu Siriwansa


 

2023-03-08

Acer ආයතනය පවසන්නේ පසුගිය data breach එකක් ඔස්සේ තම document servers වලින් යම් දත්ත පැහැර ගැනීමක් සිදුව ඇති බවත් එය ආසන්නව 160GB ක තොරතුරු ප්‍රමානයක් බවත් එය ගොනු 2,869 ක ගොනු ප්‍රමානයක් බවත්ය.  "Kernelware" නමින් හඳුනවන සයිබර් අපරාධ කන්ඩායමක් විසින් පැහැර ගත් මෙම දත්ත අළවියට යොමු කර ඇති බවට හෙලි වීමත් සමග මෙම පිලිගැනීම සිදුව ඇති බවටයි සටහන් වන්නේ. සයිබර් අපරාධ කරුවන් තම පැහැර ගැනීම තහවුරු කිරීම සදහා screenshots  ද ප්‍රසිද්ධියට පත්කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.Acer වෙතින් තොරතුරු පැහැරගැනීමකට ලක්වන පලමු අවස්ථාව මෙය නොවන අතර 2021 මාර්තුවේද ransomware attack  එකක් හරහා $50,000,000 ransom ඉල්ලීමකට ලක්වන ලදී එහිදී 60GB දත්ත පැහැරගැනීමකට ලක්වූ බවටද පසුව හෙලිවුනි.
Pubudu Siriwansa


 

Facebook දෛනික භාවිතාව බිලියන දෙක ඉක්මවනවා.

Meta  පවසන්නේ Facebook වල දෛනික භාවිතාව බිලියන දෙකක් ලෙසට තමන්ට ගනනය වෙමින් තිබෙන බවයි.  මෙම ප්‍රකට සමාජජාලාව මියයමින් හෝ මියයන්නට නියමිත අවකාශයක් ලෙසට වන මතයට පිලිතුරු සපයමින් ඔවුන් පවසන්නේ තම Messenger හැකියාව වඩ වඩාත් Facebook සමග සංයුත්තව තිබිම භාවිතාකරන්නන් හට මහත් පහසුවක්ව ව්මින් තිබෙන බවයි. ඔවුන් පවසන්නේ Facebook භාවිතාකරන්නන් හට දෑ තම මිතුරන් සමග බෙදා හදා ගන්නට වන පහසුව ඔස්සේ වැඩි අවධානයක් ලබමින් ඇති බවත්, මෙම සංයුත්තබව අත්හදා බැලිමේ මට්ටමින් ඉදිරියට ගෙනෙන්නට තම බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ දෛනිකව 140 billion ක messages ඔබ මොබ චලනයක් දෛනිකව තමන්  හට ගනනය වෙමින් තිබෙන බවයි. එසේම Instagram ගැන පවසන ඔවුන් පෙන්වා දෙන්නේ දෛනිකව බිලියන ගනනක භාවිතාවක් එය සටහන් කරමින් සිටින බවයි. මෙම වසරේ සැලසුම් ගැන ඔවුන් පවසන්නේ තම messaging services හැකියාවන් වඩ වඩාත් Facebook සමග සංයුත්ත කිරීම ඔස්සේ connecting හා sharing හැකියාව ඉහලට ගෙනෙන්නට තම කටයුතු කරන බවයි.
Pubudu Siriwansa


 

2023-03-07

Meta තවත් සේවක අවමකිරීමකට.

 Google, Microsoft, Amazon, IBM ඇතුළු බොහොමයක් තොරතුරු තාක්ෂණ ආයතනයන් තම ශ්‍රම බලකාය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්නක කරමින් සිටීම පොදුවේ දැකිය හැකි කාරණයකි. එක් අතකින් ලොව පුරා විහිදයන ඇකිලෙන ආර්ථිකය මෙන්ම සේවා මොඩලයන්ගේ තීර්නාත්මක වෙනස් කම් මෙම තත්වය නිර්මාණය කරමින් ඇති බව බහුතර විචාරක මතය වෙමින් ඇත. Meta විසින් පසුගිය November සිදුකල 11000 ක සේවක අවම කිරීමට අමතරව මේ වන විට පැමිනෙන වාර්ථා පවසන්නේ තවත් දහස් ගනනක සේවක අවමකිරීමකට සූදානම් වෙන බවයි. 
Pubudu Siriwansa


 

Google සෙවුම පරයන Bing සෙවුම??

හදාරන්නන් යෝජනා කරන්නේ Microsoft විසින් දශක දෙකක Google ආධිපත්‍ය විමසන්නට සමත්ව සිටින බවකි. නව  වල හැඩය සාම්ප්‍රධායික සෙවුම් සංස්කෘතිය ඉක්මවන්නකි. වඩාත් සරල හා මිනිස් මිත්‍ර ආකාරයකට සෙවුම් යන්තරයක් සමග කටයුතු කරන්නට මෙන්ම, ලැබෙන ප්‍රථිපල සමන්විත කරවන්නට නව ප්‍රවනතා හොඳින්ම සමත්වෙමින් ඇත යන්න ඔවුන් බොහෝ දෙනෙකුගේ මතයයි. නව Edge බ්‍රවුසරය සමග නව AI-powered Bing සෙවුම් යන්ත්‍රය නව ආරම්භයක්  ගෙනැවිත් ඇති බව පිලිගැනීමයි. සරල සෙවුම් ප්‍රථිපලයක සිට ‘conversation’ ආකාරයේ දිගු විසඳුමක් සැලසුමක් ගෙනෙන්නට එය වෙගයෙන් සූදානම් වෙමින් සිටී යන්න එම ආයතනයේ පැහැදිලි කිරීම වෙමින් ඇත. සමහර විටක ව්‍යාජ Google දැන්වීම් හා නොමග යැවීම් වලින් ක්‍රමයෙන් පිරෙමින් ඇති ගූගල් සෙවුම් යන්ත්‍රයේ දිදුලන සමය අවසන් වීමේ ආරම්භය මෙය විය හැක.
Pubudu Siriwansa


 

MacGPT / watchGPT පැමිනෙන app දෙකකි.

ChatGPT යනු OpenAI වලින් පැමිනෙන artificial intelligence හැකියාවෙන් යුත් conversational chatbot එකක් ලෙසට තේරුම් ගැනීම වඩාත් පහසු වනු ඇත. පසුගිය November නිකුත්වූ මෙය ලොවපුරා ප්‍රචලිත භවිතාවක් බවට වේගයෙන් පත්වෙමින් තිබේ. ඔබටත් ChatGPT අත්දැකීමක් සදහා  chat.openai.com ඔස්සේ පිවිසෙන්නට හැකිවනු ඇත.  Jordi Bruin පවසන්නේ MacGPT ලෙසට macOS සදහා වන app එකක් ද නිකුත්කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. මෙම MacGPT ඔස්සේ පහසුවෙන් ගා වේගයෙන් ChatGPT වල web browser interface  වෙතට පිවිසෙන්නට හැකි වන අතර keyboard shortcut ඔස්සේද මෙම පහසුව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව Apple Watch සදහාද watchGPT නමින් app එකක් පැමින තිබෙනවා.තවමත් අත්හදා බලන මට්ටමේ ඇති මෙය ඉදිරි කාලයේ සාමාන්‍ය භාවිතාවට නිකුත්වන්නට නියමිතයි.
Pubudu Siriwansa


 

Twitter බිඳ වැටීම අවසන්.

 

Twitter පවසන්නේ තම සේවාව මත සිදුවෙමින් තිබූ තාවකාලික බිඳ වැටීම මේ වන විට යතාතත්වයට පත්ව ඇති බවයි. ඊයේ දිනයේදී මෙම ප්‍රකට social network වල සමහර භාවිතාකරන්නන්හට හදිස්සි බිඳ වටීමක් අත්විඳින්නට සිදුවූ අතර බොහෝ භාවිතාකරන්නන් මේ බව වාර්ථාකරන්නටද කටයුතු කර තිබුනා. මෙය APIs වල ගැටළුවක් ලෙසට වාර්ථා වූ අතර posts වල සබඳතා ක්‍රියානොකිරීම images නොපැමිනීම වැනි දුර්වලතා දක්කට විනි. Twitter මේ පිලිබඳව වැඩි දුරට කරුනු පැහැදිලි නොකල අතර මේ වන විට ගැටළුව විසඳී ඇති බව නිවේදනය කර සිටිනවා.
Pubudu Siriwansa


Edge මතට නව mouse gestures පෙලක්.

 Microsoft ආයතනය තම Edge මතට mouse gestures රාශියක් ‍රැගෙන ඒමේ අනුමාන හෝඩුවාවක් පලවූ අතර මේ වන විට Dev Channel වල Edge testers අතරට මේවා අත්හදා බැලීමේ මට්ටමින් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. පැමිනෙන screenshot වලට අනූව 14 custom ආකාරයේ mouse gestures එහි වන බවටයි පැහැදිලි වන්නේ. චීන වෙබ් අඩවියකට අනූව මෙම සෑම gesture එකක්ම භාවිතාකරන්නාට customiz හකියාවෙන් සමන්විත වන අතර උදාහරනයක් ලෙසට right-click button එකක් සමග L-shaped gesture එකක් වැනි ආකාර එහි වන බවටයි පැහැදිලි කෙරෙරෙන්නේ. ඉදිරි කලයේදී තවත් දියුනු කිරීම් සමග මෙම අංගයන් සාමානය භාවිතාවට නිකුත් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pbudu Siriwansa


 

2023-03-06

WhatsApp spam calls වලට වැටක්.

WhatsApp භාවිතාකරන්නන්හට මහත් හිසරදයක් වන scam calls සදහා විසඳුමක් ගෙනෙන්නට Meta තම instant chat messenger සේවාවට "Silence unknown callers" අංගයක් එක් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. එහිදී unknown numbers වලින් එන ඇමතුමක් සදහා silence calls සංක්‍රියකර තබන්නට භාවිතාකරන්නාහට හැකි අතර ඇමතුම දෙන්න්නා හට සාමානය ආකාරයට තම ඇමතුම් උත්සාහය ගැන හැගෙන මුත් WhatsApp  වෙතට ලබා දෙන granting permissions ඔස්සේ නොදන්නා ඇමතුමක් සදහා ස්වංක්‍රීයවම silence calls අංගය සංක්‍රිය වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් අවසන්නේ "Silence unknown callers" ඔස්සේ තොරතුරු සොරා ගැනීම් වලට බාදාවක් ගෙනෙන්නට තමන් කටයුතු කරන බව පවසන අතර දැනට මෙම අංගය අභ්‍යන්තරව අත්හද අබලමින් ඇති බවත් අනතුරුව WhatsApp beta testers වෙතට විවෘත කරන්නට බලාපොරොත්තු වන බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa


 

Samsung ද තමගේම CPU වෙතට.

2027 වන විට Samsung ආයතනය තමන්ගේම  CPU එකකින් තම Galaxy Book Windows notebook මෙන්ම Galaxy smartphones නිකුතූන් සංයුත්ත කරන්නට සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ. මේ වන විටත් එම ආයතනය CPU core development කන්ඩායමක් ද්යත් කොට ඇති බවත් 2025 වන විට අදාල Galaxy Chip නිකුතුව සිදුවෙනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.Samsung දැනටමත් ARM ආකාරයේ Exynox processor පෙලක් නිකුත් කර ඇති අතර සැලසුම් වන නව ව්‍යාපෘතිය සදහා හිටපු AMD CPU developer කිහිපදෙනෙකුගේම සහයෙන් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

TikTok භාවිතාව US වල තහනම් වන ලකුනු.

TikTok යනු මේ වන විට මහත් අවධානය ලබා ගන්නේ භාවිතාවක් ලෙසට එයට ප්‍රිය කිරීම නිසාම පමනක් නොව රාජ්‍ය මට්ටමින් එම App එල වෙතට එල්ල වෙමින් ඇති චෝදනා මෙන්ම පාලනය කිරීම් ක්‍රමයෙන් භාවිතයට පැමිනෙමින් ඇති නිසාය. United States වල මෙන්ම Canadian වලදී national security threat එකක් ලෙසට සලකා යම් මට්ටමින්  භාවිතාව සීමා කරන්නට මේ වන විට කටයුතු කර ඇත. නවතම තොරතුරු පවසන්නේ එම රජයන්ගේ ඉහලම මටාමින් TikTok තහනම් කරන්නටද අවධානය යොමුව ඇති බවයි. දෛනිකව මිලියන 100 කට අධික ඇමරිකානුවන්ගේ අවධානයක් ලබමින් සිටින මෙම ඇප් භාවිතාව වෙතට ඒන චෝදනාව වෙමින් ඇත්තේ අනවශ්‍ය ලෙසට භාවිතාකරන්නන්ගේ දත්ත ලබා ගැනීමත් ඒවා නිසි ආරක්ශාවකින් තොරව තබා ගැනීමත්ය.
Pubudu Siriwansa


 

Bing Chat වලට chess හැකියාවත්.

Microsoft වල Bing Chat AI වඩාත් විශාල වපසරියක තම හැකියාවපර්හුරවන්නට කටයුතු කරමින් සිටී. chatbot AI  වල නව වපසරිය අතර ASCII artwork හැකියාව, chess ක්‍රීඩාවේ යෙදීමේ හැකියාව ඇතුළු නවාංග රාශියක් සූදානම් වෙමින් ඇති බවටයි හෙලි වන්නේ. Microsoft ආයතනය තම Bing  වෙතටාට සංයුත්තව පැමිනෙන chatbot AI හැකියාව සරල භාෂා ගනුදෙනුවක සිට සංකීර්න නව බ්‍රවුසර අත්දැකීමක් දක්වා ගෙනෙන්නටත් ඒ ඔස්සේ තම Bing සෙවුම් යෙදුම වෙතට වූ උපහාසාත්මක චෝදනාවක් වූ අතිබහුතරයක් අය Bing භාවිතාකරන්නේ Google වෙතට පිවිසීම සදහා පමනක්ය යන්න වෙනස් කරන්නට කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa


 

නව M3 සංයුත්තව එන iMacs නිකුතුවක්.

නව M3 system-on-a-chip (SoC) වලින් සමන්විත iMacs නිකුතුවකට සූදානම් වන බවකි පලවන්නේ. Apple ආයතනය මීලග පරම්පරාවේ  iMacs නිකුතුවට සංයුත්ත වන්නට නියමිත  M3 system-on-a-chip (SoC) වල engineering validation testing මට්ටම පසුකර production tests  මට්ටමේ ඇති බවටයි කරුණු දැක්වෙන්නේ. නව සංයුත්තවීම උපාංගයේ performance මෙන්ම power efficiency වල සැලකිය යුතු දියුනු වක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. 
Pubudu Siriwansa


 

2023-03-04

Horizon Worlds වලින් දරුවන් ඈත්කොට තබන්න.

Meta වල Horizon Worlds පැහැදිලි කෙරෙන්නේ “cumulative set of immersive virtual reality experiences” ගෙනෙන්නක් ලෙසටය. එහිදී virtual events වල කොටසක් වන්නටත්, games වල යෙදෙන්නටත්, අනෙකුන් සමග communicate කරන්නටත් සහය දෙනවා සේම වඩාත් හෙට දවස දෙසට යොමුවුන  අවකාශයක් ගෙනෙනට කටයුතු කරමින් සිටින්නකි. මේ වන විට ඇමරිකානු රජයේ ඉහල මට්ටමින් උපදෙස් ලැබෙමින් තිබෙන්නේ තරුණ දරුවන් Horizon Worlds වලින් ඉවත්ව තබන්නට බවයි කියවෙන්නේ. වැඩි දුරටත් කියවෙන්නේ මෙම නව ප්‍රවනතාවන් විසින් කායික මෙන්ම මානසිකව දරුවන් තුල සිදුකරන්නට හැකි බලපෑම පිලිබඳව එහිදී අවධානයට ලක්ව ඇති බවයි. එක් හැදෑරුම් වාර්ථාවකට අනූව තරුන දැරියන්ගෙන් 32%ක් තුල තමන් පිලිබඳව අසතුටක් නිර්මණය කරන්නට Instagram භාවිතාව හේතුව ඇති බවටයි වාර්ථා වෙමින් ඇත්තේ.
Pubuud Siriwansa


 

Microsoft වෙතින් Video Super Resolution (VSR)

Microsoft නිවේදනය කරන්නේ තම browser වෙතට වඩාත් ඉහල video අත්දැකීමකට සහය වන දියුනු කිරීමක් එක්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. Video Super Resolution (VSR)  ලෙසට නම්ව එන මෙම අංගය සමග AI technologyය සමග low-quality videos සදහා upscaler බවක් මුසු කරන්නට තමන් සූදානම් බවර්ටයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තම Edgeදී සංක්‍රියවන videos වලින් තුනෙන් එකක්ම 480p හෝ පහල මට්ටමේ වන බවත් එසේ වන්නේ network bandwidth මෙන්ම  poor video quality නිසා විය හැකි බවත්ය. දැනට Canary Channel. වල අත්හදා බැලෙමින් තිබෙන මෙම අංගය වැඩි දියුනු කිරීම් සමග සාමානය භවිතාවට ඉදිරියේදී පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwnsa


 

2023-03-02

TikTok වෙතට වෙනස්කම් ‍රැසක්.

 TikTok වෙතට ගතවන කාලය මහත් ගැටළුකාරීව තිබේ. ලොවපුරා රජයන් රාශියක් නෙක ආකාරයේ බාදක ඔවුන් වෙතට පනවන්නට කටයුතු කරමින් සිටී. එම රජයන් විශේෂයෙන් government-owned devices සදහා security concerns. මත මෙම සීමා ගෙනෙන්නට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ අතර  TikTok පවසන්නේ දරුවන් viral videos වෙතට දැඩි බැඳීම අවම කරන්නට තම නව අංගයන් සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින බවකි. ඉදිරි සති කිහිපය තුලදී පැමිනෙන්නට සැලසුම් වන මෙම අංගයන් සමග බාලවයන් කරුවන් සදහා 60-minute screen limit එකක් default මට්ටමින් පැමිනෙන අතර නැවහ ලබා දෙන්නට වන passcode එකක් හරහා මෙම කාලය දීර්ගකරගන්නට සිදුවීමත්, වයස 13ට අඩු දරුවන්ට parent / guardian අවසරය මත පමනක් ඉදිරියට යන්නට සිදුවිමත් එහිදී සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම Parents ලා සදහා Pairing section එකක් ඔස්සේ own screen time limits හැකියාවක්ද පැමිනෙන බවට පැහැදිලි කෙරෙනවා.එපමනක් නොව මෙම app එක විවෘත කරන්නට හැකි වාර ගනන සීමා කරන්නටත් දරුවන්ස් අදහා පැමිනෙන notifications පාලනයටත් අවස්ථාව වන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

Windows 12 පැමිනීම 2024 දෙවන භාගයේ.

Microsoft ආයතනය නැවත සුපුරුදු තෙවසර මෙහෙයුම් පද්ධති නිකුතු රටාවකට පිවිස ඇති බවටයි පසුගිය දිනවලදී හදාරන්නන් පෙන්වා දෙමින් සිටියේ. ඒ අනූව Windows 12 පිලිබඳවද නිළ නොවන නෙක තොරතුරු පලවෙමින් තිබුනා. Intel වෙතින්ද නොනිළ නිකුතුවක මෙමනව මෙහෙයුම් පද්ධතිය පිලිබඳව තොරතුරු හෙලිවූ මුත් ඒ පිලිබඳව නිහඬ වීමක් දක්නට ලැබුනි.  Microsoft සමාගම මේ වන විටත්  Windows 11 වෙතට AI සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින අතර එහි අත්හදා බැලීම් සිදුවෙමින් තිබෙන බවටයි තොරතුරු හෙලි වන්නේ.Windows 12 වලදී Intel, AMD, Qualcomm වැනි සමාගම් සමග ලගින් කටයුතු කරමින් AI හැකියාව දෘඩාංග මට්ටමින්ම තම මෙහෙයුම් පද්ධතියටසංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින අතර සාම්ප්‍රධායික දියුනු කිරීම් ව්ලින් ඔබ්බට වන නව දිශාවන් රාශියකින් සමන්විතව Windows 12 පැමිනීමක් හදාරන්නන් බලාපොරොත්තුවෙමින් සිටිනවා. නිළ නොවන තොරතුරු වලට අනූව 2024 දෙවන භාගයේ නව මෙහෙයුම් පද්ධතියේ පැමිනීමක් මේ වන විට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...