Showing posts with label antivirus. Show all posts
Showing posts with label antivirus. Show all posts

2022-01-17

පරිගණකයේ වන ගොනු antivirus වලින් exceptions නොකලයුතු බව..


 තම පරිගණකයේ ස්ථාපිතව ඇති සමහර ගොනු antivirus මෘදුකාංගය සදහා අදාල නොවන ලෙසට එම මෘදුකාංග වෙත දන්වා තැබීමේ හැකියාවක් සමහර ආරක්ෂක මෘදුකාංග විසින් ලබා දී තිබෙන අවස්ථා ඇත. හදාරන්නන් පවසන්නේ මේ ඔස්සේ හානිකර සංක්‍රියවීමේ අවස්ථා දෙකක් බවයි. එනම් අදාල මෘදුකාංග කොටසේ පවතින හානිකරයක් සංක්‍රිය වීම මෙන්ම දුරස්ථ ප්‍රහාරකයෙකුට එම ස්ථාන හඳුනා ගැනීම ඔස්සේ ඒ මත තම අවශ්‍ය හානිකරය සගවා තැබීමේ අවස්ථාවයි. හදාරන්නන්  Microsoft Defender සමග කල හැදෑරීමේකිදී පෙන්වා දෙන්නේ registry ඔස්සේ මෙම ස්ථාන හඳුනා ගන්නටත් ඉන් අනතුරුව යම් හානිකර ගොනුවක් මේ තුල සගවන්නටත් අවස්ථාව ඇති බවයි.

Pubudu Siriwansa

Pariganakaya.Com

2014-06-27

නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංගයක්....

  අනාරක්ශිත තොරතුරු උපකරනයක් යනු තව දුරටත්  එම උපකරනය භාවිතාකරන්නාගේ පෞද්ගලික කාරනාවක්ම පමනක් නොවන බව වර්ථමාන පිලිගැනීමයි. විශේෂයෙන් ජාලගත වීම බහුල වෙමින් ඇති යුගයක මෙන්ම සැලකිය යුතු වේගයක් සහිත ජාල ගත වීමේ පහසුව බහුල වෙමින් ඇති යුගයක මෙම ප්‍රවනතාවය වඩාත් ඉස්මතුව පෙනෙමින් ඇති බවටයි හදාරන්නන් අවධාරනය කරන්නේ. එක් අතකින් තොරතුරු මෙසේ අවධාරනය වෙද්දී තවමත් තවත් දෙසකින් කුඩා පරිමානයකින් උවත් අකටයුතු ලෙසට සංක්‍රියකරන ලද ආරක්ශක මෘදුකාංග භාවිතාවටද අවධානය යොමුකරන්නට උත්සාහ කිරීම කොතරම් භ්‍යානක විසුලු සහගත කාරනාවක්ද යන්න තව දුරටත් පැහැහිලි කල යුතු නොවේ. මිළදී ගත යුතු ආරක්ශක මෘදුකාංග සංස්කරනයකට යා නොහැකි හැම විටම නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංග සංස්කරනයකට පිවිසීම වඩාත්ම නුවනැති කටට්යුත්තක් වමු ඇති බවටයි හදාරන්නන්ගේ උපදෙස වන්නේ.
                       අඩු බලැති පරිගණකයේදී උවත් සැහෙන දුරකට හොඳින් ක්‍රියාත්මකවන නොමිළේ ලබාගත හැකි මෘදුකාංග අතර වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ලෙසට සැලකෙන Avast ආරක්ශක මෘදුකාංගය වඩාත් දියුනු කල ආරක්ශක අංගයන් කිහිපයකින්ම සමන්විතව පැමින ඇති බවටයි නිවේදනය වන්නේ.AutoSandbox පහසුව සැලසහිත ගොනු සදහා වඩාත් සාර්ථව හඳුනා ගැනීමේ හැකියාව වැඩි දියුනු කරන ලද  cloud scanning පහසුව වෙගවත් යාවත්කාලීන නිකුත්කිරීමේ හැකියාව පමනක් නොව හානිකරයන් ඉවත්කිරීමේදී වැඩි දියුනු කරන ලද නව යාන්ත්‍රනය මෙහි ඇති කැපීපෙනෙන කාරනවලි කිහිපයක් ලෙසටයි දැක්විය හැක්කේ. මීට අමතරව web browser pluginsඔස්සේ වෙබ් සැරිය වඩාත් ආරක්ශා කර දීම  Do-Not-Track (DNT) පහසුව මෙන්ම  SafeZone ඔස්සේ අන්තර්ජාලය තුලදී වන ගනුදෙනු සදහා වඩාත් ආරක්ශිත අවකාශයක් නිර්මානය කරදීම පමනක් නොව පද්ධතිය හදිස්සි බිඳ වැටීමකදී භාවිතයට ගත හැකි Rescue disk භාවිතාකරන්නෙකුට පහසුවක් වනු ඇත. මෙම ආරක්ශක මෘදුකාංගයේ නවතම සංස්කරනයක් වන මෙහිදී හඳුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම නිවරදි කරන්නට කටයුතු කර ඇති බවටත් එම ආයතනය නිවේදනය කර සිටිනවා.(මෘදුකාංග ස්ථාපනයේදී අනවශ්‍ය අමතර මෘදුකාංග ස්ථාපනය වලකා ගැනීම සදහා කල්පනාකාරීව එහි පියවරයන් පසු කිරීම වැදගත් වනු ඇත. සමහර විට එම අනවශ්‍ය මෘදුකාංග කොටස් ස්වංක්‍රීයව ස්ථානයට හැකිවන සේ සැකසුම් වී එම පියවරයන් අතර වන බැවින් කල්පනා කාරීව සිට අනවශ්‍ය එකගවීම් (හරි ලකුනු වැනි) මග හරින්නට කටයුතු කල යුතුවේ.)

2014-06-22

දත්ත ලෝකය අවධානයෙන් පිවිසිය යුතු අපිරිමිත පහසුවකි.

  තොරතුරු ලෝකය තුලදී සිදුවන  අපරාධ පිලිබදව කාතුලත් ඇත්තේ මහත් අවධානයකි. විටක අයෙක් තොරතුරු ලෝකය මත විස්වාසය තබන්නට පවා මෙම ගැටලු සහගත බව තීර්නාත්මක සාධකයක් කර ගන්නායුරු බොහෝ විටක දැකිය හැකිය. මුල් ස්වභාවයෙන් සැලකීමේදී මෙහි ඇති අනතුරු සහිත බව කීප ආකාරයකට පැහැදිලි කරගත හැක. තොරතුරු ලෝකය ඇසුර තවමත් ආගන්තුකව පවතින යතාර්තය තුල භාවිතාකරන්නාගෙන් ගිලිහී යාහැකි අවස්ථා ඔස්සේ ඔහු වෙතට එම අපරාධයන් පැමිනීම සැලකිය හැක. සරලව යම් අඩවියකට නැතිනම් තම පරිගණකයෙන් බැහැර වන විට තමන් විසින් අවසර පද යොදා ආරක්ශා කරගෙන ඇති අනන්‍යතාවයයෙන් බැහැර වන්නට ඔවුනට අමතක වීම සරලතම මට්ටමේ ගැටලුවකි. තවත් විටකදී ඒ සදහා යොදා ගන්නා අවසර පද ඉතාම සරල මට්ටමේ වීම නිසාම පහසුවෙන් අයෙකුට  ඒ වෙතට පිවිසෙන්නට හැකිවීම බහුල අත්දැකීමක් බව හදාරන්නන් වෙතින් නිතර පැවසෙන යෝජනාවකි.
                            මේ වන විට පරිගණක වල බොහෝ විට ආරක්ශක මෘදුකාංග ස්ථාපිතව තිබෙනු දැකිය හැකිය. එනමුත් බොහෝ විට ඒවා සංක්‍රියව තබා ගන්නට මෙන්ම විටක අනාරක්ශිත බව හමුවේ එම මෘදුකාංග විසින් වලකාලන ගොනු ස්ථාපනයට භාවිතාකරන්නාගේ කැමැත්තමත අවසර ලබා ගැනීම මෙන්ම තමන් යෙදෙන භාවිතාවට සරිලන තරමේ ආරක්ශාවක් ලබාගැනීමට කටයුතු කරනවා වෙනුවට මූලික මට්ටමේ ආරක්ශක මෘදුකාංගය ඉස්ථාපනය කිරීමෙන් පමනක් තමන් වෙත අවශ්‍ය ආරක්ශාව ලැබෙනු ඇති බවට විස්වාස කිරීම දැකිය හැක. වේගයෙන් දත්ත ලෝකය තම භාවිතාකරන්නන් වෙතට ගෙනෙන විවිධ ආකාරයේ සේවාවන් සංකීර්නවනවා සේම පැමිනෙන අනතුරුද සංකීර්න වීම ස්වභාවික වන අතර ඒවා සදහා නිකුතුවන විවිධ අංගයන්ගෙන් සමන්විත ආරක්ශක මෘදුකාංග බන්ඩලයන් තුල ඒ ඒවා සදහා වන නෙක ආකාරයේ ආරක්ශක පියවරයන් වීම තේරුම් ගැනීම වැදගත් වනු ඇත. Firewall නැතිනම් Spam Filters වැනි ප්‍රධාන හානිකරයන් හදුනා ගැනීමේ යාන්ත්‍රනයට අමතරව පැමිනෙන අංගයන් පිලිබදව දැනුවත් වෙමින් ඒවා නිසි පරිදි ක්‍රියාත්මකව තැබීම තුල පමනක් භාවිතාකරන්නා බලපොරොත්තුවන ආරක්ශාව ලැබෙන බව තේරුම් ගැනීම වැදගත්ය.
                  පසුගිය කාලයේ නිකුත්වූ වාර්ථා පැවසූ කාරනාවක් වූවේ සමහර දත්ත උපකරන නිෂ්පාදනාගාර වලින් පැමිනෙන විටදීම ඒවා හානිකරයන් ගෙන් සමන්විතව තිබීම දක්නට හැකි බවකි. විශේෂයෙන් මිලෙන් අඩු අනුකරන උපාංග සමග මේ බව බහුලව දැකිය හැකි බවට ඔවුන් පවසා සිටියේ. ජනංප්‍රිය මට්ටමේ උපාංගයන් හා සමානව පෙනුමින් වූවත් පෙලබවන සුලුමට්ටමේ ව්‍යාජ උපකරන ඉතා අඩු මිලකට පැමිනීමේදී කල්පනාකාරී වීම වැදගත් බව ඔවුන් එහිදී පැහැදිලි කොට සිටින්නට කටයුතු කර තිබිනි. තවත් විටකදී මෘදුකාංග සදහාද මේ බව පොදුවනු දැකිය හැකිය. නොමිලේ හා අඩු මිලැති ආකාරයට එන සමහර මෘදුකාංග සමගද මෙම අනතුරු සහිත බව පැමිනිය හැක. තවත් විටක ප්‍රධාන මෘදුකාංගයට අමතරව එය ස්ථාපනයේදී ස්වංක්‍රීයව ස්ථාපනය වන්නට හැකිවන ලෙසට සැකසුම්ව පැමිනෙන අමතර මෘදුකාංග මුල් ස්වභාවයෙන් අනතුරු සහිත නොවූවද ඒවායේ වන දුර්වලතාවයන් ඔස්සේ එම උපකරන වෙතට අන්තර්ජාලය ඔස්සේ හානිකරයන් පැමිනීම දැකිය හැකිය. ස්ථාපනයට පෙර එම මෘදුකාංග සමග පැමින ඇති මූලික තොරතුරුවත් විමසා බලන්නට මෙන්ම සැක සහිත විටකදී වෙනත් භාවිතාකරන්නන් විසින් ඒවා පිලිබදව දක්වා ඇති අදහස් එම වෙබ් අඩවි වලට පිවිස විමසා බලන්නටත් කටයුතු කිරීම එම හදාරන්නන් විසින් යෝජනා කරන කාරනයකි.
                           සමාජ ජාලා වැනි සමාජීය ස්වභාවයක් ඇති අඩවි වලට පිවිසීමේදී හමුවන පොලබවන සුලු ව්‍යාජ ප්‍රොෆයිල ඔස්සේ භාවිතාකරන්නා නොමග යවමින් ඔහුබේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නටත් ඒවා උපයෝගීකර ගනිමින් තොරතුරු අපරාධ වලට පිවිසෙන්නටත් කටයුතු කිරීම් බහුලව දැකිය හැකිය. විශේෂයෙන්ම භාවිතාකරන්නාගේ දුර්වලතා ඔස්සේ ඔහුගේ තොරතුරු වලට පිවිසෙන්නට ඇති ඉඩකඩ පිලිබදව කල්පනාකාරී වනවා සේම උවමනාවට වඩා කල්පනාකරී වන්නට ගොස් එවැනි අඩවි ඔස්සේ භාවිතාකරන්නෙකුට ගෙනෙන පහසුකම් අහිමිකර ගැනීමද සිදුවනු බහුලව දැකිය හැකිය.
Pubudu Siriwansa
(නිකුත්වන්නට නියමිත පරිගනක පුවත් සඟරාවේන් උපුටා ගත්තකි.)

2014-02-28

සුලඟ ඔස්සේ සේ පහසුවෙන් පැතිරෙන Wi-Fi වෛරසයක්!!!!

  හදාරන්නන් පිරිසක් විසින් නිකුත් කරන නවතම වාර්ථාවක්  පවසන්නේ Wi-Fi ඔස්සේ පරිගණක Virus  එකක පැතිරීම මිනිසුන් අතර ප්‍රතිශ්‍යාව පැතිරෙන්නා ආකාරයටද විය හැකි බවයි. ඔවුන් විසින් Chameleon නම් පරිගණක වෛරසය සමග කල අත්හදා බැලීමේදී හෙලිවන්නේ එය බහුලව මිනිසුන් අතර වෛරසයක් පැතිරෙන්නා සේ පහසුවෙන් හමුවන සියලු Wi-Fi මිත්‍ර උපාංග අතරට  ගමන් කරන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ WiFi AP එකක වෙතට අසාධනය වන එම වෛරසය එහි ක්‍රියාකාරීත්වයට හානියක් නොකරන මුත් එය වෙතට සම්බන්දවන Wi-Fi උපකරන ඔස්සේ අනෙකුත් Wi-Fi AP හඳුනා ගනිමින් පහසුවෙන් ඒවා වෙතට පැතිරීමට කටයුතු කරන්නේ සුලඟ ඔස්සේ පැතිරෙන මිනිස් වෛරසයක් ලෙසට බවයි. එම අත්හදා බලන්න පවසන්නේ බොහෝ විට ආරක්ශක මෘදුකාංග අන්තර්ජාලය තුල හෝ පරිගණක උපකරනය තුල හානිකරයන් හදුනා ගන්නට ක්‍රියාත්මක වන මුත් network තුල දෙසට අවධානය යොමු නොකිරීම පදනම් කොටගෙන මෙම අත්හදා බලන ආකාරයේ හානිකරය නිපදවන්නට ක්‍රියා කල බවයි. හදුනගෙන ඇති නවතම තොරතුරු ඔස්සේ මෙවන් ආකාරයේ හානිකරයක් සදහා අදාලවන ආරක්ශක උපංක්‍රම දෙසට මේ වන විට තම අවධානය යොමුවී ඇති බවටයි එම හදාරන්නන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

2014-02-17

Smart Phone සදහා security app එකක් අවශ්‍යමද????

 සාමන්‍ය භාවිතාවේදී පිලි ගැනෙන කාරනාවක් වන්නේ ඔබ Windows මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන්නේ නම් Antivirus මෘදුකාංගයක් භාවිතාකිරීම අත්‍ය අවශ්‍ය වීමයි. ප්‍රධාන මෙහෙයුම් පද්ධති අතර බහුල භාවිතාවෙන් අඩු Apple නැතිනම් open source ආකාරයේ මෙහෙයුම් පද්ධති භාවිතාවේදී එම අත්‍යාවශ්‍යකම මදක් අඩුවන්නේ තව්ත් හේතුන්න් සමග උවත් ප්‍රධාන ලෙසට ඒඅවට ඇති අඩු භාවිතාව තුල Malware සටහන් කරුවන්නේ අඩු අවධානයක් එම මෙහෙයුම් පද්ධතිවල ලැබෙන නිසාය. smart phone භාවිතාවේදී තත්වය වෙනස් වන්නේ ඔබ Android සමග වන දුරකථනයක් භාවිතයේදී Security app එකක් භාවිතාකිරීම අවශ්‍ය වීම windows හෝ  Apple ආකාරයේ Smart Phone එකක් භාවිතයට වඩා ඉහලින් පැවතීමය. එහිදීද ලොව Smart Phone භාවිතාවේදී ඩැඩි ප්‍රථිශතයක් Android සදහා ලැබී තිබීම වැදගත් වන අතරම Windows හෝ Apple වල App ලබා ගැනීම සදහා ඇති app store වලට app නිර්මාන කරුවෙතු තම App මෘදුකාංගයක් ලබා දීමේදී ඒම් ආයතනය දෙසින් දැඩි කොන්දේසි වලට යටත් කොට තිබීම හා අනිවාර්යයෙන් ඔවුනුගේ විමසා බැලීමට යටත්ව ඒවා ලබ ගැනීම සිදුවන බැවිනි. Android app සදහා ලැබී ඇති මෙම නිදහස ඔස්සේ යහපත් නිර්මාන කරුවන් ගේ මෙන්ම හානිකර ක්‍රියකාරීත්වයන්ගෙන් යුත් App ඔවුනගේ app store වෙතට දැඩි පිරික්සීමකින් තොරව ලබා දෙන්නට හැකිවීම තවත් ප්‍රධාන හේතුවක් ලෙසට පිලිගැනේ. F secure වෙතින් නිකුත්වූ වාර්ථාවක් පැවසුවේ 2013 වසරේ අවසාන කාර්තුව සැලකීමේදී හමුවූ Mobile Malware වලින් 97%ක්ම Android ඉලක්ක කරගෙන නිපදවා තිබූ ඒවා ලෙසට සටහන් වීම මේ බව සදහා හොඳම උදාහරනයකි. මීට අමතරව පෙරකී Mobile OS දෙකෙහිම භාහිර App ධාවනයේදී SandBox නැතිනම් සැබෑ මෘදු පරිසරය තුලදී වෙනුවට ව්‍යාජව නිර්මානය වන මෘදු පරිසරයක් තුල ඒවා ධාවනය වන්නට සැලැස්වීම නිසා දුරකථනයේ සැබෑ මෘදුපරිසරයට ඉන් සිදුවිය හැකි හානිය අවමව තබාගන්නට හැකිවීමද වැදගත්වේ.
       සමස්තයක් ලෙසට සැලකීමේ දිනෙන් දින වැදගත් තීරනාත්මක මට්ටමේ මෘදු ක්‍රියාකාරීත්වයෙන් යුත් භාවිතාවන් සමග තම තොරතුරු දිවියට Smart Phone භාවිතය මැදිකර ගන්නා වර්ථමානයේ මේ කිනමාකාරයේ මෙහෙයුම් පද්ධතියක් සමග වුවත් Security app එකක් භාවිතාකිරීම වැදගත් වන අතරම ඒ සදහා මෙකී සියලුම app store වල Security app නොමිළේ මෙන්ම මිළඳී ගත යුතු මට්ටමේ ඒවා තිබීම සහයක් වනු ඇත.

2014-02-05

නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංග අතර ප්‍රමුකයා!!!!

  පරිගණකයේ ආරක්ශාව සදහා මෘදුකංගයක් බාවිතාකිරීම අත්‍යවශ්‍ය කාරනාවකි. මේ සදහා මිළදී ගත හැකි ආරක්ශක මෘදුකාංග රාශියක් ඇති අතර මිලදී ගන්නා සංස්කරනවල තරම් ආරක්ශක අංග නැති මුත් සැහෙන ප්‍රමානයකට මූලික ආරක්ශාව සපයන්නට සමත්වන නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගද රාශියක් ඇත. ඒවා අතර Avast මෘදුකාංගයට ලැබෙන්නේ ප්‍රධාන තැනකි. වාර්ෂිකව සිදුවන ආරක්ශක මෘදුකාංග සැසදීම් වලදී නොමිළේ භාවිතාකල හැකි ආරක්ශක මෘදුකාංග වලදී පලමු තැන හිමිකර ගන්නා මෘදුකාංගයක් ලෙසට වසර ගනනාවක් පුරා තම ස්ථානය ‍රැක ගැනූමට සමත් මෙම මෘදුකාංගය මිළඳී ගත හැකි සංස්කරනයකින්ද සමන්විත AVAST Software සමාගමේ නිකුතුවකි.එහි නව 2014 සදහා වන සංස්කරනයත් සමග වඩාත් නිවැරදිව දන්නා මෙන්ම සැකසහිත malware ගොනු සදහා ප්‍රතිචාර දැක්වීමට සමත් ලෙසට පිලි ගැනෙන අතර AutoSandbox මෙන්ම  dynamic binary translation ඔස්සේ එම කාර්යයන් වඩාත් සාර්ථකව පරිගණකයේ ආරක්ශාව තහවුරු කරන්නට කටයුතු කරන බවටයි පිලිගැනෙන්නේ. දියුනු කල cloud scanning හැකියාව , මෙන්ම නිරන්තරයෙන් සිදුවන streaming update ඔස්සේ දිනකට නව යාවත්කාලීනයන් 350-400 අතර සිදුවන බවටයි ප්‍රකාශ වන්නේ. මෙම නව සංස්කරනය සමග වැඩි දියුනු කල ආරක්ශන යාන්ත්‍රනය සමග වඩාත් නිවැරදිව malware පමනක් නොව rootkits අතුලු ගොනු ආසාදකයන් බෙහොමයක් වලකන්නට ක්‍රියා කරන බවටයි පිලිගැනෙන්නේ. 2014 සදහා වන නව සංස්කරනය පහත දැක්වෙන ලිපියය ඔස්සේ පිවිසීමේන් ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.
http://www.avast.com/get/XcKI3pq4

2014-01-31

Anti-Malware 2.0 වල Beta සංස්කරනයක්!!!!

  කාලයත් සමග පරිගණක භාවිතාව වඩාත් සංකීර්න වෙමින් ඇත. දෛනික ජීවිතයේ සහයකයෙකු ලෙසට මෙනම වෘතීය ජීවිතයේ සහයකයෙකු ලෙසට පමනක් නොව විනෝදාත්මක ජීවිතයට එය බොහෝ දේ ගෙනවිත් ඇතුවා සේම නවාංග බොහොමයක්ම ගෙනෙමින් ඇත. අවාසනාවට කාරනාවක් වන්නේ මෙම නවදෑ සියල්ල්ම යහත දේම නොවීමය. පරිගණකයේ පැවැත්මට හානිකරන මෙන්ම එයින් තොරතුරු සොරා ගන්නා ක්‍රමවේදද දිනෙන් දින වඩාත් සංකීර්න මුහුනුවරක් ගනිමින් ඇත. විටක වඩාත් පිලිගත් ආරක්ශක මෘදුකාංගයක් පමනක් ස්ථාපනය කරගෙන සිටීමෙන් පලක් නොවන්නේ එය නිසි පරිදි යාවත්කාලීනව පවත්වාගෙන නොයෑමෙන්ය. ඔබ අන්තර්ජාලයට සම්බන්ද නොවීමේන් පමනක් සුරක්ශිත නොවන්නේ Pen Drives වැනි මාධ්‍ය හරහා පහසුවෙන් පැමිනෙන හානිකරයන් හදුනාගන්නට එම ආරක්ශක මෘදු කාංගය සමත්නොවීම නිසා විය හැක.
                     Anti-Malware මෘදුකාංගය යනු වඩාත් සංකීර්න malware හා spyware හඳුනා ගනිමින් ඒවා ඉවත්කරන්නට සහය වන මෘදුකාංගයකි. වඩාත් කාර්යක්ශමව හානිකරයන් පිරික්සීමේ යාන්ත්‍රනය මෙන්ම ඒවා ඉවත්කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතු බවටයි පිලිගැනීම වන්නේ.එම මෘදුකාංගයේ නොමිළේ භාවිතාකල හැකි සංස්කරනයක් වාගේම මිල්;අදී ගතයුතු සංස්කරනයක්ද ලබා ගන්නට හැකි අතර පහත දැක්වෙන සබදතාවය ඔස්සේ මිලදී ගත යුතු සංස්කරනයේ බීටා නිකුතුවක් නොමිලේ භාවිතාකිරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත. මෙම සම්පූර්න සංස්කරනයේ බීටාව සමග real time ආකාරයට ආරක්ශාවද ලැබෙන අතර පෙර සැකසුම් අනූව විටින් විට ස්වංක්‍රීයව පිරික්සීමත් යාවත්කාලීන වීමත් ලබාගන්නට භාවිතාකරන්නාහට හැකිවනු ඇත. 
id: MBAM2BETA
key: 4XZHE-6ANRN-TKWCV-EV6HZ-G79PH

http://data-cdn.mbamupdates.com/v2/mbam/consumer/data/mbam-setup-consumer-2.00.0.0502.exe

2013-12-10

ඔබේ පරිගනකය සුරක්ශිතද 2

  වසර කිහිපයකට පෙර සැලකීමේදී ආරක්ශක මෘදුකාංගයක් යනු සරල කාරනාවකි.බොහෝ විට තනි මෘදුකාංගයකි. එලබෙමින් ඇති යුගය තවදුරටත් ආරක්ශක මෘදුකාංගයක් යනු එලෙස සරල ඒක ඉලක්කීය කාරනාවක් නොවේ. පහරදීම් තාක්ශනයන්ද වඩාත් සංස්කීර්න වෙමින් ඇති යතාර්ථය තුලදී ආරක්ශක මෘදුකාංගවල කාර්යභාර්යද වඩාත් සංකීර්න වීම බලාපොරොත්තුවිය යුතුය.හානිකරයන් හදුනාගැනීමේ හැකියාව ඇති මෘදුකාංගය සමග Firewall ලෙසට වන අනවශ්‍ය හෝ බලාපොරොත්තු නොවන සබදතාවන් ඔස්සේ පැමිනෙන දත්ත ගොනු වලකනයන් මෙන්ම අනවශ්‍ය සබදතාවලට පරිගණකය ඔස්සේ දත්ත ගොනු නිකුත්වීම වැලකීමේ තාක්ශනය මෙන්ම sandbox වැනි තාක්ශනයක් ඔස්සේ සැකසහිත මෘදුකාංගයක් ධාවනය සදහා ව්‍යාජ වාතාවරනයක් නිර්මානය කර දෙමින් එම මෘදුකාංග ධාවනයෙන් පරිගණකයට සිදුවිය හැකි හානිය වලකන්නට සහය වන පහසුකම් මේ වන විට ආරක්ශක මෘදුකාංග සමග එන ප්‍රධාන අංග බවට පත්වෙමින් ඇත. එසේම ගනු දෙනු වලදී වඩාත් ආරක්ශක සබදතාවයන් ලබා දීම සමාජ ජාලා වැනි හානිකරයන් පැතිරවීමේ වැඩි උත්සාහයක් ඇති අවකාශයන් ඇසුරු කිරීමේදී වඩාත් ආරක්ශක වාතාවරනයන්  ලබා දීම තවත් කැපී පෙනෙන නවාංග වේ එසේම හානිකරන පැතිරවීමේදී සාම්ප්‍රදායික්ල මෙන්ම අදටත් වඩාත් භවිතාවන ඊමේල සදහාද වැඩි ආරක්ශාවක් සපයන අංග සමග ආරක්ශක මෘදුකාංග සමන්විතවීම දක්නට හැක.ඊමේල සමග එන සබදතා අවදිකරවීමට පහර දෙන්නන්ගේ පහසු ක්‍රමවේදය වලකන්නට පෙරදී මෙන්ම වර්ථමානයේදීද ආරක්ශක මෘදුකාංග ආයතනයන් වැඩි ප්‍රමුකතාවක් දක්වනු දක්නට පුලුවන.
      සැම ආරක්ශක මෘදුකාංග සමගමක්ම පාහේ online ආකාරයට භාවිතාකරන්නන්ගේ පරිගණකයන් පිරික්සා ගැනීමට අවස්ථාව ලබාදීමද අනගගි අවස්ථාවකි. Dial up වැනි දුර්වල සබදා ඔස්සේ එම්න් නොව වඩාත් වේගවත් අන්තර්ජාල සබදතා බහුල වෙමින් ඇති මෙම යුගයේදී මෙම සේවාවන් වඩාත් සාර්ථක විකල්පයන්ය.වඩාත් යාවත්කාලීන හානිකරයන් පිලිබදව දත්ත්යන් ගෙන සමන් විතව එම පිරික්සීම් සිදුවීම ඔස්සේ කලකට වරක් හෝ සැක සහිත අවස්ථාවලදී තම පරිගණකය පිරික්සා ගැනීමට අවස්ථාව ලැබීම භාවිතකරන්නන් වේතට එන මහත් පහසුවකි.
              මෑතකදී පුවත්පත් සාකච්චාවකදී කියවුනු කරුනක් වූවේ ඇමරිකානු ජනාධිපතිවරයාට iPhone හෝ Android දුරකතන භාවිතය ඔහුගේ ආරක්ශක අංශ මගින් ඉඩ නොදෙන කටයුත්තක් බවය.මත පල කරන්නන් පවසා සිටින්නේ එම භාවිතාවන් වලදී app වල හැසිරීම පිලිබදව ඇති අපැහැදිලි තත්වයන් ප්‍රධාන සාධකයක්ව පවතින බවයි.එක් අතකින් නිශ්චිත ආයතනයක අධීක්ශනය යටතේ එම මෙහෙයුම් පද්ධති භාවිතාකරන්නන්වෙත අමතර පහසුකම් ලබා දෙන app පැමිනීම පහසුවක් වන නමුදු පෞද්ගලික මට්ටමෙන් පවා සිදුවන ඒවා නිර්මානයේදී සිදුවිය හැකි  අකටයුතුකම් පිලිබදව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇති බවයි හදාරන්නන්ගේ මතය වන්නේ.අනවශ්‍ය ලෙස ඔබගේ තොරතුරු විමසන්නට එම ඇප් වලට ඇති හැකියාව මෙන්ම ඔබ නොදැනුවත්වම ඔබගේ පරිගණකයේ තොරතුරු ලබා ගන්නට ඒවාට ඇති අවස්ථාව දුර්ලභ නොවන බවටයි ඔවුන්ගේ මතය වන්නේ.

 

2013-12-09

ඔබගේ පරිගණකය සුරක්ශිතද??

  බොහෝ විට ඔබ පරිගණකයේ සුරක්ශිතභාවය සදහා ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය කල පමනින් තවදුරටත් පරිගණකයේ ආරක්ශාව පිලිබදව සැලකිලිමත්වීමට යමක් ඉතිරිව නැති බවට හැගීමක් ඇතිකර ගැනීම සුලබව දක්නට ලැබෙන අත්දැකීමකි.විටක එම ආරක්ශක මෘදුකාංගය කල් ඉකුත්වූ එකක් තත්වයට පත්වන තුරු ඒ පිලිබදව අවධානයක් යොමු නොකරන්නට කටයුතු කරනු දක්නට පුලුවන.පලමු සරල කාරනාවනම් ආරක්ශාව යනු අවසන් නොවන කාරනාවකි. පහර දෙන්නන් වඩාත් සංකීර්න ක්‍රමවේද භාවිතයට පිවිසෙන්නා සේම ආරක්ශක මෘදුකාංග සමාගම්ද ඒව සදහා ප්‍රථිආරක්ශක මෘදු විසදුම් නිර්මානය කරයි.එවිට පහදෙන්නා වඩ වඩාත් සංකීර්න ක්‍රමවේද වලට පිවිසෙයි.
                       සමහර විටකදී ඔබ නොදැනුවත්වම ඔබගේ ආරක්ශක මෘදුකාංග වල ක්‍රියාකාරීත්වය අක්‍රියකරන්නට පහර දෙන්නා සමත්වන්නට පුලුවන.තවත් විටක යාවත්කාලීනවීම නතරවී ඔබගේ මැදිහත්වීමක් අවශව එම මෘදුකාංගය පවතිනවා වන්නට පුලුවන. නිශ්චිත කාලසීමාවකට වරක් පරිගණකයේ නිවැරදි පැවත්ම පිලිබදව ඕබගේ අවධානය යොමු කිරීමේ පුරුද්ද එහිදී වැදගත්වනු ඇත.සතියකට වරක වත් ඩෙස්ටොප් මුහුනතහි පවතින අනවශ්‍ය ගොනු ඉවත්කර දැමීම අවශ්‍ය ගොනු අදාල ස්ථානයන් වෙතට ගෙන ගොස් දැමීම වැඩි භාවිතයක් ඇති ඔබ සදහානම් අත්‍යාවශ්‍ය කාරනාවකි.පරිගණකයේ යහ පැවත්ම සදහා සහය වීමට මෙහෙයුම් පද්ධති සමග පැමින ඇති මෘදු සහයන් භාවිතාකිරීම හෝ වැඩි පහසුකම් ඇතිව ලබා ගන්නට හැකි නොමිළේ හෝ මුදල්ගෙවා ලබා ගත හැකි එවැනි බාහිර මෘදුකාංගයක් තොරා ගෙන ස්ථාපනය කොට කලකට වරක් ඒවා ස්වංක්‍රීයව ක්‍රියාත්මක වීමට සලස්වාතැබීම වැදගත්වේ.වැදගත්ම කාරනාවක් වන්නේ ඒවා ස්වංක්‍රියව ක්‍රියාත්මක වීමට සැලස්වීමෙන් පමනක් සැහීමකට පත්නොවී ඉද හිටක හෝ  ඒවා නිවැරදිව ක්‍රියාත්මක වන බවට සැලකිලිමත්වීමත් වේ.
              තවත් පසකින් සැලකීමේදී එකවර ආරක්ශක මෘදුකාංග කිහිපයක් ස්ථාපනය කොට තැබූ පමනින්ම ඔබගේ පරිගණකය වඩාත් සුරක්ශිත තත්වයේ පවතින බවට වැරදි නිගමනයකට එලබීමද දැක්විය හැක. පලමුව දෙවනුව ස්ථාපනය කරන ආරක්ශක මෘදුකාංගය දැනටමත් එහි පවතින මෘදුකාංගයත් සමග සහයොගයෙන් කටයුතු කරන බවට් ස්ථාවර කර ගැනීම වැදගත්වේ. වඩාත් නිවැරදි ක්‍රම වේදය ලෙසට පිලිගැනෙන්නේ වඩාත් හොදින් ක්‍රියාත්මක වන ආරක්ශක මෘදුකාංගයක් නිවැරදිව ස්ථපනය කොට ගෙන ඒය නිවැරදිව යාවත්කාලීන වෙමින් පවතින්නට කටයුතු කර තිබීම වේ. කාලයකට වරක් අවශ්‍යනම් බොහොමයක් ආරක්ශක මෘදුකාංග ආයතන විසින් කලකට වරක් නිකුත් කරන Stand alone මෘදු ටූලයක් භාවිතාකිරීම වේ.මයික්‍රසොෆ්ට් සමාගමෙන් පවා මෙවැනි මෘදු ටූලයන් කලකට වරක් නිකුත්කරන අතර යාවත්කාලීන සම්පූර්නයෙන් විවෘතව තැබීම ඔස්සේ හෝ කලකට වරක් ඒවා පිලිබදව විමසා බැලීමෙන් මෙම පහසුකම් ලබා ගන්නට හැකි වනු ඇත.

2013-11-28

Ransomware පහර දීමක් ගැන අනතුරු ඇගවේ!!!!

  Ransomware ආකාරයේ පහර දීමක් ඔස්සේ ලොව පුරා පරිගණක මිලියන ගනනක ආසාධිත වීමක් වාර්ථා වෙමින් පවතිනවා. හදාරන්නන් පවසන්නේ ඊමේලයක සබැදියාවක් ඔස්සේ පැමිනෙන මෙම CryptoLocker මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය වීමේන් අනතුරුව පරිගණකයේ ගබඩා වී ඇති ගොනු එන්ක්‍රිප්ට් වීම සිදුවන අතර පෙර සැලසුම් කර ඇති වේලාවකින් අනතුරුව පහර දෙන්නා විසින් එම ගොනු ඩීක්‍රිප්ට් කිරීම සදහා යතුරු ගොනුව ලබා දීමට මුදල් ඉල්ලා සිටීම කෙරෙන අතර ආසාධිත පරිගණක හිමිකරුවා මුදල් ලබා දුන්නද බොහෝ විට එම ගොනු නැවත ප්‍රකෘතිවීමක් සිදු නොවන බවටයි වාර්ථා වන්නේ.බොහෝ විට ආරක්ශිත මෘදුකාංග ඔස්සේ මෙම මෙම මෘදුකාංගය ඉවත්වීමක් සිදු නොවන අතර එසේ සිදුකිරීමේදිද එම හානිකර මෘදුකාංගය ඉවත් වුවද එන්ක්‍රිප්ට් වන ලද ගොනු එලෙසම පවතින බවටයි ආසාධිතයන්ගේ අත්දැකීම වී ඇත්තේ.ඔබගේ බැංකු කටයුතු සම්ම්බන්දිත ඊමේල වැනි වැදගත් යැයි හැගවෙන ඊමේල ඔස්සේ මෙම හානිකරයේ සබැදියාව පැමිනෙන අතර එසේ පැමිනෙන ඊමේල වල සබදතාවයන් අවදිකිරීමේදී කල්පනා කාරීවිම වැදගහ් වනු ඇති බවටයි හදාරන්නන් අනතුරු අගවන්නේ.

2013-10-12

Facebook වෙතින් “Who can look up your Timeline by name" අංගය ඉවතට..

  facebook ආයතනය පවසන්නේ තමන් තම අඩවිය සම්බන්දයෙන් වන Privacy Policyය වෙනස් කරන්නට තීර්නය කර ඇති බවකි.ඔවුන්පවසන්නේ මින් ඉදිරියට යම් භාවිතාකරන්නෙකුට තම තොරතුරු search results වලින් සගවා තබන්නට වන හැකියාව ඉවත්කරන්නට තීර්නය කර ඇති බවකි.ආයතන පැහැදිලි කරන්නේ මෙම අංගය සමග තම අඩවියේ සර්ච් යාන්ත්‍රනය අපහසුතාවයට පත්වන අවස්ථා දකින්නට හැකි වන බවයි. විටක වෙනත් භාවිතාකරන්නන් පැමිනිලි කරමින් පවසා සිටින්නේ තමන්ගේ හිතවතුකු facebook අඩවිය ඔස්සේ සොයාගන්නට නොහැකි වන්නේ කිසිදු සාදාරන හේතුවක් සමග නොවන බවට බවයි පැමිනිලිකර සිටින්නේයැයි ඔවුන් පවසනවා.මේ අනූව මෙම “Who can look up your Timeline by name" දැනට භාවිතා කරමින්  සිටින්නන්හට ඉදිරියේදී එම අංගය තවදුරටත් භාවිතා නොවන බවට දැනුම් දීමක් ලැබෙනු ඇති බවටයි සදහන් කර සිටින්නේ.

2013-10-07

SPAM කරදරය

  සාමානය ජීවිතයේ මෙන්ම අන්තර්ජාල ජීවිතයේත් කරදරකාරයන් නැතුවාම නොවේ.අන්තර්ජාලයේදී සුලබව හමුවන එවන් කරදරකාරයෙකු වන්නේ spam වීමය. ඔබ යම් කටයුත්තකදී වෙබ් අඩවියක් වෙත ඔබගේ ඊමේල් ලිපිනය ලබාදීමක් සමග මෙම අපහසුවක් කැදවන ක්‍රියාවලිය ඇරබෙන්නට පුලුවන.සරලව පවසනවා නම් ඔබ බලාපොරොත්තු නොවන දෑ ගැන කියවෙන ඊමේල ඔබගේ  ඊමේල් ලිපිනය ඔස්සේ තොග පිටින් ඔබගේ inbox එකවෙත පැමිනෙන්නට පටන් ගැනීමය. හදාරන්නන්ට අනූව මෙම කරදරය ක්‍රම දෙකක් ඔස්සේ ඇරබෙන්නට පුලුවන .එනම් ඔබ යම් අඩවියක යම් කාරනාවක් සදහා ලියාපදිංචි වීමේදී අනාගතයේ එම අඩවිය හා ඔබ අතර සම්බන්දතාවය පවත්වාගෙන යාමට ඔවුනට ඔබගේ ඊමෙල් ලිපිනය අවශ්‍ය වේ. එහෙත් එම අව්‍යාජ අවශයතාවයට ඔබ්බෙන් ඔබ බලාපොරොත්තු නොවන පරිදි එසේ ‍රැස්වන ඊමේල් ලිපින තොගයක් ලෙසට වෙනත් පාර්ශවයකට හෝ ඔවුන්ගේම වෙනත් අවශ්‍යතාවයක් සදහා ගොදා ගන්නට කටයුතු කල හැක. බොහෝ විට එම කටයුත්ත වන්නේ වෙළඳ ප්‍රචාරනය සදහා ඒවා යොදා ගැනීමයි.ප්‍රතිපලය වන්නේ ඔබ කිසිසේත් බලපොරොත්තු නොවන දෑ ගැන පැවසෙන ඊමේල් ඔබගේ inbox එක පිරීයාමයි.මීට අමතරව මෘදුමය යාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේද ඔබගේ ඊමේල් ලිපිනයන් blog අඩවි නැති නම් එවන් සයිබර් අවකාශය මත ප්‍රසිද්ධියේ සටහන් ව ඇති තැන්වලින් ලබා ගන්න්ට ඔවුනට කටයුතු කල හැක.
                                          පලමු spam ඊමේලය 1978දී යැවුනු බවටයි වාර්ථාවන්නේ. එහෙත් 1990 දශකය වන විට මෙම අවභාවිතාව කරදරකාරීමට්ටමකින් ක්‍රියාත්මක වන්නට ඇරබි බවටයි සදහන් වන්නේ.වර්ථමානය සැලකීමේදී දෛනික්ව බ්ලියන 200කට අදික ඊමේල් ප්‍රමානයක් අන්තර්ජාලය තුල හුවමාරු වන බවටයි සටහන් වන්නේ.හදාරන්නන් පවසන්නේ එසේ හුවමාරුවන spam ඊමේල් සංස්ක්‍යවෙන් 80%ක්ම ඇමරුකාව,චීනය, යුක්ක්‍රේනය , තායිවානය, ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් ස්ථාන 200ක් වැනි ප්‍රමානයකින් ඇරබෙන බවත්ය.මෙවුන් බොහෝ විට මෙවැනි ක්‍රියාකාරීත්වයක් පිලිබද කිසිවක් නොදන්නා ලොවපුරා වෙසෙන භවිතාකරන්නන්ගේ ආසාධිත පරිගණක භාවිතාකරමින් මෙම අවක්‍රියාව ක්‍රියාත්මක කරමින් සිටින බවටයි දැක්වෙන්නේ ප්‍රධාන පෙලේ ඊමේල් සේවා සපයන්නන් හැම අයෙකුම පාහේ මෙම ස්පෑම් වලක්වා ගැනීමට කටයුතු කරන මුත් ව්ය 100% සාර්ථක කරගන්නට නම් භාවිතාකරන්නන් වෙතට මහත් වගකීමක් පැවරේ.අනවශ්‍යව ඊමේල ලිපිනයන් ලබා නොදීම , මග හැරිය නොහැකි මුත් සැක සහිත අවස්ථාවලදී තාවකාලික ඊමේල් ලිපින ලබාදීම මෙන්ම අනවශව පැමිනෙන ඊමේල් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඒවා spam ලෙසට නම්කොට දැමීම එම ප්‍රතිචාර අතර ඉහලින්ම දැක්වේ.

2013-10-04

ප්‍රකට Kaspersky ගැන තොරතුරු බිඳක්......

  පරිගණක භාවිතාකරන්නන් අතර Kaspersky නාමය අසා නැත්තන් වේනම් ඒ ඉතා අල්ප වශයෙනි. ලොව ආරක්ශක මෘදුකාංග නිෂ්පාදනය කරන සමාගම් අතර එයට හිමි වන්නේ ඉමහත් පිලිගැනීමකි.1997දී පිහිටවෙන මෙම ආයතනය සදහා මූලිකවන්නේ eugene Kaspersky හා nataliya kasparski  යන දෙපොල වේ. මෙම යුවල පලමුවෙන් හමුවන්නේ ඊට දස වසකට පෙර ගනිත සිසුවන් ලෙසට වන අතර එම අධ්‍යාපනයෙන් අනතුරුව eugene Kaspersky ආරක්ශක අංශයට සම්බන්ද වන අතර nataliya kasparski වෙළඳ සමාගමක ‍රැකියාවට පිවිසෙයි. 1989 Cascade virus හානිකරය හැදෑරීමට පිවිසෙන eugene Kaspersky තුල මැල්වෙයාර් පිලිබදව හැදෑරීමට වැඩියෙන් සිත් යොමුවන අතර සමහර අවස්ථවලදී හෝරා 20 කට අදිකව එකම තැනක අසුන් ගෙන තම හැදෑරීම කරගෙන යන්නට තරම් කැපවීමක් සහිත කටයුතු කරන්නට පටන් ගනී.
                                   1997දි තම පලමු නිෂ්පාදනය නිකුත් කිරීමෙන් අනතුරුව eugene Kaspersky ආයතනයේ පරිගණක වෛරස පිලිබදව දත්ත ගබඩාව වේගයෙන් වර්ධනය කැපවෙන අතර  nataliya kasparski වැඩි යෙන්ම යොමු වන්නේ අලවිකරනය දෙසටයි.ඇය ආයතනයේ CEO තනතුරට පත්වන අතර 1998 දෙදෙනගේ විවාහ දිවිය අවසන් වෙයි.  eugene Kaspersky ගේ දෛනික හැදෑරීම් දිනකට මැල්වෙයාර් 300 තරම් දක්වා වන තරමට කැපවීමක් සමග ආයතනය වඩවඩාත් කීර්තිමත් ආරක්ශක මෘදුකාංග සමාගමක් ලෙසට වඩ වඩාත් භාවිතාකරන්නන් අතර තහවුරුවීම ඇරබේ.පරිගණකයක හානිකරයන් වඩාත්ම හොඳින් හදුනා ගන්නා මෙන්ම ඒවා ඉවත්කිරීමට වඩාත් සාර්ථකව කටයුතු කරන ආරක්ශක මෘදුකාංගය බවට Kaspersky පත්වන්නේ පරිගණකයේ මෙන්ම භාවිතාකරන්නාගේ ආරක්ශාවට අදාල වන තවත් අංගයන් එම නිෂ්පාදනයට සංයුත්ත කරගනිමිනි.2007දී පමන ඇය ආයතනයෙන් ඉවත්වන අතර ඔහුසමාගම වඩාත් කාර්යක්ශම ඉදිරියට ගෙන යාමේ වගකීම භාරගනී.මේ වන විට Kaspersky Lab රටවල් තිහක් පුරා පැතිර ඇති අතර ලොව පුරා භාවිතාකරනන් මිලියන 300කට ආරක්ශිත පරිගණක භාවිතාවක් ලබා දෙන ආයතනයක් ලෙසට පිලිගැනේ.

2013-10-01

ZeroAccess නම් botnet ජාලයේ පරිගණක දහස් ගනනක් මුදාගනී...-Symantec-

  Symantec ආයතනය පවසන්නේ තමන් විශාලතම botnets එකකවන  ZeroAccess හි පාලනය යටතේ වූ ආසාධිත පරිගනක ප්‍රමානයෙන් හතරෙන් එකක් පමන ඔවුන්ගේ පාලනයෙන් මුදවා ගන්නට සමත්ව ඇති බවකි.එම ආයතනය පවසන්නේ ලොව පුරා ඇති පරිගණක මිලියන1.9 පමන මෙම ජාලය යටතේ පාලනවෙමින්  fraud හා Bitcoin mining සදා යෙදවෙන අතර දෛනිකව ඩොලර් මිලියන ගනනාවක් අයතා ලෙස උපයා ගන්නට භාවිතාවෙමින් ඇති බවකි.peer-to-peerආකාරයට ක්‍රියාත්මක වන සේ ගොඩ නැගී ඇති මෙම ජාලය ඔස්සේ පරිගණකයෙන් පරිගණකයට උපදෙස් ලබාදීමේ හැකියාව ඔස්සේ එහි මෙහෙයවන්නන් තම ඉලක්ක සපුරා ගන්නා බවටයි දැක්වෙන්නේ.ඉහත කී ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගම ZeroAccess හි ගෙඩැනැගීමේ වන දුර්වලතාවයක් ඔස්සේ මෙම මුදවා ගැනීම සිදුකොට ඇති බවටයි ප්‍රකාශ කොට තිබෙන්නේ. විමසිල්ලෙන් සිටි එම ආයතනය පසිගිය ජූනි මාසයේදී මෙම පහර දෙන්නන් තම ජාලාව වෙතට හානිකරයන්ගේ නව සංස්කරනයක් මුදා හරින්නට කටයුතු කරනවාත් සමග ක්‍රියාත්මක වෙමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කල බවටයි එම ආයතනය වැඩි දුරටත් පවසා සිටින්නේ.

2013-09-28

Avast හි මීලග පෙර සංස්කරනයක් නිකුත්වේ(2014 RC1 Build 9.0.2003)

 මෘදුකාංගයක නව සංස්කරනය නිකුත්වීම යනු සමහරුන් විස්වාස කරන පරිදි හුදු වෙළඳ හෝ වෙනයම් පරිභාහිර කාරනාවක්ම ලෙසට හැම විටම නොසැලකිය යුතුය.විශේෂයෙන් ආරක්ශක මෘදුකාංගයකදී මෙම තත්වය වඩාත් වැදගත්වේ.ලොව පුරා නිරන්තරෙන් හානිකරයන් බිහිවෙමින් තිබේ. භාවිතාකරන්නාගේ ආරක්ශාව තහවුරු කරන්නට නම් එම ආරක්ශක මෘදුකාංග සමාගම්ද නිටන්තරයෙන් කටයුතු කරන්නට සිදුවේ. ඔවුන් සතු දැනට පවතින මෘදුකාංග ‍රැගෙන එන තාක්ශනික රටා ඉක්මවන නව හානිකරයන් බිහිවෙද්දී වඩාත් නවීනතම සංස්කරන වලට යන්නට ඔවුන සිදුවීම මෙම නව සංස්කරන පැමිනීමේලා එක හේතුවක්ද වේ. Avast ආයතනය මෙලෙස  භාවිතාකරන්නන් අතර විස්වාශය දිනගත් ආරක්ශක මෘදුකාංග සමාගමක් වන අතර ඔවුනගේ Avast Free සංකරන ලොව පුරා පරිගණක දහස් ගනනක භාවිතාවන ආරක්ශක මෘදුකාංගයක් ලෙසට පිලි ගැනේ.
  ඔවුනගේ මීලගට නිකුත්වීමට නියමිත නව සංස්කරනයක බීටාවක් මේ වන විට Free Antivirus 2014 Beta 1 ලෙසට නිකුත්ව ඇති අතර  එහි පැමින ඇති නවාංග අතර DeepScreen technology සදහන් වේ. එය්දැනට භාවිතාවන AutoSandbox තාක්ශනයේ දියුනු කරන ලද යාන්ත්‍රනයක් ලෙසට පැවසේ.වැඩි දියුනු කරන ලද streaming update ඔස්සේ අන්තිම තප්පරය දක්වාම ඔබගේ ආරක්ශක මෘදුකාංගය සූදානම්ව තැබීමට වගබලා ගන්නා බවට ඔවුන්පොරොන්දුවේ.එසේම මෙමනව සංස්කරනයත් සමග පැමිනෙන SafeZone සමග බෑංකු කටයුතු වැනි අති ආරක්ශක කටයුත්තකදී ඔබගේ සහට එන අංගයක් ලෙසට හැදින්වේ.තවත් නවාංග කිහිපයක් සමග පෙර සංස්කරන වලදී හදුනා ගත් දුරවලතා කිහිපයක්ම සකසා පැමින ඇති මෙම සංස්කරනය බීට සංස්කරනයක් බැවින් ස්තීර සංස්කරනයන් නොවන මුත් හදාරන්නන් සදහා මෙන්ම අත්හදා බලන්නට ප්‍රිය කරන්නන් සදහ වඩාත් යෝග්‍ය වනු ඇති බව අමතක නොකල යුතුය.

2013-09-27

AVG නව සංස්කරනයක් නිකුත්වේ......

  ආරක්ශක මෘදුකාංගය වර්ථමාන පරිගණක භාවිතයේදී මෙහෙයුම් පද්ධතිය තරමටම වැදගත් අවශ්‍යතාවයකි.සාමන්‍ය මට්ටමේ පරිගණක භාවිතාවක් ඇති ඔබ සදහා හොඳ මට්ටමක නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංග සංස්කරනයක් සෑහෙන බව හදාරන්නන්ගේ මතයයි. මිලදී ගන්නා සංස්කරනයක් සමග එන සමහර ආරක්ශක අංගයන් ගෙන් තොරව වුවත් භාවිතාකරන්නන් අතර ප්‍රසාදය දිනා ගත් නොමිලේ ලැබෙන මෘදුකාංග අතර  AVG හොඳ පිලිගැනීමක් දක්නට හැක. මේ වන විට AVG ආයතනය තම නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංග සංස්කරනයේ නව සංස්කරනයක් නිකුත් කොට තිබෙනවා.
             එම ආයතනය පවසන්නේ නව සංස්කරනයත් සමග වැඩි දියුනු කල  privacy protection පහසුව හා New File Shredder සමග සංවේධී ගොනුවක් මැකීමේදී නැවත recover කිරීම වඩාත් අපහසු වන සේ කරන ලද දියුනු කිරීම් මෙන්ම ක්ලවුඩ් සමග ක්‍රියාත්මක වන නව යාන්ත්‍රනය ඔස්සේ වඩාත් ආරක්ශාකාරීව භාවිතාකරන්නාගේ පෞද්ගලිකත්වය මෙන්ම පරිගණකයේ ආරක්ශාව ‍රැගෙන එන බවටයි ඔවුන් පවසන්නේ.
http://download.avgfree.com/filedir/inst/avg_free_stb_all_2014_4142_free.exe
http://download.avgfree.com/filedir/inst/avg_free_x86_all_2014_4142a6696.exe
http://download.avgfree.com/filedir/inst/avg_free_x64_all_2014_4142a6696.exe

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...