2013-12-10

ඔබේ පරිගනකය සුරක්ශිතද 2

  වසර කිහිපයකට පෙර සැලකීමේදී ආරක්ශක මෘදුකාංගයක් යනු සරල කාරනාවකි.බොහෝ විට තනි මෘදුකාංගයකි. එලබෙමින් ඇති යුගය තවදුරටත් ආරක්ශක මෘදුකාංගයක් යනු එලෙස සරල ඒක ඉලක්කීය කාරනාවක් නොවේ. පහරදීම් තාක්ශනයන්ද වඩාත් සංස්කීර්න වෙමින් ඇති යතාර්ථය තුලදී ආරක්ශක මෘදුකාංගවල කාර්යභාර්යද වඩාත් සංකීර්න වීම බලාපොරොත්තුවිය යුතුය.හානිකරයන් හදුනාගැනීමේ හැකියාව ඇති මෘදුකාංගය සමග Firewall ලෙසට වන අනවශ්‍ය හෝ බලාපොරොත්තු නොවන සබදතාවන් ඔස්සේ පැමිනෙන දත්ත ගොනු වලකනයන් මෙන්ම අනවශ්‍ය සබදතාවලට පරිගණකය ඔස්සේ දත්ත ගොනු නිකුත්වීම වැලකීමේ තාක්ශනය මෙන්ම sandbox වැනි තාක්ශනයක් ඔස්සේ සැකසහිත මෘදුකාංගයක් ධාවනය සදහා ව්‍යාජ වාතාවරනයක් නිර්මානය කර දෙමින් එම මෘදුකාංග ධාවනයෙන් පරිගණකයට සිදුවිය හැකි හානිය වලකන්නට සහය වන පහසුකම් මේ වන විට ආරක්ශක මෘදුකාංග සමග එන ප්‍රධාන අංග බවට පත්වෙමින් ඇත. එසේම ගනු දෙනු වලදී වඩාත් ආරක්ශක සබදතාවයන් ලබා දීම සමාජ ජාලා වැනි හානිකරයන් පැතිරවීමේ වැඩි උත්සාහයක් ඇති අවකාශයන් ඇසුරු කිරීමේදී වඩාත් ආරක්ශක වාතාවරනයන්  ලබා දීම තවත් කැපී පෙනෙන නවාංග වේ එසේම හානිකරන පැතිරවීමේදී සාම්ප්‍රදායික්ල මෙන්ම අදටත් වඩාත් භවිතාවන ඊමේල සදහාද වැඩි ආරක්ශාවක් සපයන අංග සමග ආරක්ශක මෘදුකාංග සමන්විතවීම දක්නට හැක.ඊමේල සමග එන සබදතා අවදිකරවීමට පහර දෙන්නන්ගේ පහසු ක්‍රමවේදය වලකන්නට පෙරදී මෙන්ම වර්ථමානයේදීද ආරක්ශක මෘදුකාංග ආයතනයන් වැඩි ප්‍රමුකතාවක් දක්වනු දක්නට පුලුවන.
      සැම ආරක්ශක මෘදුකාංග සමගමක්ම පාහේ online ආකාරයට භාවිතාකරන්නන්ගේ පරිගණකයන් පිරික්සා ගැනීමට අවස්ථාව ලබාදීමද අනගගි අවස්ථාවකි. Dial up වැනි දුර්වල සබදා ඔස්සේ එම්න් නොව වඩාත් වේගවත් අන්තර්ජාල සබදතා බහුල වෙමින් ඇති මෙම යුගයේදී මෙම සේවාවන් වඩාත් සාර්ථක විකල්පයන්ය.වඩාත් යාවත්කාලීන හානිකරයන් පිලිබදව දත්ත්යන් ගෙන සමන් විතව එම පිරික්සීම් සිදුවීම ඔස්සේ කලකට වරක් හෝ සැක සහිත අවස්ථාවලදී තම පරිගණකය පිරික්සා ගැනීමට අවස්ථාව ලැබීම භාවිතකරන්නන් වේතට එන මහත් පහසුවකි.
              මෑතකදී පුවත්පත් සාකච්චාවකදී කියවුනු කරුනක් වූවේ ඇමරිකානු ජනාධිපතිවරයාට iPhone හෝ Android දුරකතන භාවිතය ඔහුගේ ආරක්ශක අංශ මගින් ඉඩ නොදෙන කටයුත්තක් බවය.මත පල කරන්නන් පවසා සිටින්නේ එම භාවිතාවන් වලදී app වල හැසිරීම පිලිබදව ඇති අපැහැදිලි තත්වයන් ප්‍රධාන සාධකයක්ව පවතින බවයි.එක් අතකින් නිශ්චිත ආයතනයක අධීක්ශනය යටතේ එම මෙහෙයුම් පද්ධති භාවිතාකරන්නන්වෙත අමතර පහසුකම් ලබා දෙන app පැමිනීම පහසුවක් වන නමුදු පෞද්ගලික මට්ටමෙන් පවා සිදුවන ඒවා නිර්මානයේදී සිදුවිය හැකි  අකටයුතුකම් පිලිබදව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වනු ඇති බවයි හදාරන්නන්ගේ මතය වන්නේ.අනවශ්‍ය ලෙස ඔබගේ තොරතුරු විමසන්නට එම ඇප් වලට ඇති හැකියාව මෙන්ම ඔබ නොදැනුවත්වම ඔබගේ පරිගණකයේ තොරතුරු ලබා ගන්නට ඒවාට ඇති අවස්ථාව දුර්ලභ නොවන බවටයි ඔවුන්ගේ මතය වන්නේ.

 

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...