2022-02-28

Google Maps ඔස්සේ Location Sharing කිරීම.

සංකීර්න හා කාර්යබහුල ලෝකය තුල තම සගයෙකුගේ  live location එක පහසුවෙන් හුවමාරු කර ගන්නට හැකි වීම ඉතා වැදගත්ය. එසේම යමෙකුගේ අවසරයකින් තොරව Tracking කිරීමද සදාචාර සම්පන්න නොවන කාරනාවක් පමනක් නොව නීතිවීරෝධී දෙයක්ද විය හැක. පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ යමෙකු සමග iPhone / iPad භාවිතාවකන් හා  Google Maps සහයෙන් Google Maps location එක බෙදා හදා ගැනිමට ගත යුතු සරල පියවරවල් කිහිපයයි. මෙම ක්‍රියවලිය සදහා පලමුව ඔබ සහ අදාල share කිරීමට බලපොරොත්තු වන අයගේ Google accounts ගූගල් Contacts යටතේ එකි නෙක යාවී තිබීම වැදගත් වේ. අනතුරුව ඔබගේ device එකේ  Google Maps විවෘත කර  profile picture හරහා Location Sharing තොරා ගැනීමට සිදුවනවා. අනතුරුව Add People ඔස්සේ අදාල අය හෝ අයවලුන් සමග your location කිරීමට බලා පොරොත්තු වන වෙලාව ‍තෝරා ගැනීම හා ඒ අදාල අය හෝ අය වලුන් තොරා ගන්නට කටයුතු කල යුතුයි. අවසානයේ permission ලබා දීමකින් එම ක්‍රියාවලිය අරබන්නට ඔබට හැකි වනු ඇත. යම් හෙයකින් Google account නොමැති අයැක් සදහා නම් ඉහතදී හමුවන Add People ඔස්සේ location link එක iMessage හෝ වෙනත් app එකක් ඔස්සේ බෙදා හදාගන්නට හැකිවනු ඇත.  Android සදහාද ඉහත ක්‍රියාවලිය වලංගුවේ.
Pubudu Siriwansa


 

2022-02-27

චීනය සියළු ප්‍රධාන පෙලේ cryptocurrencies තහනම් කරයි.

චීනය තුල සියළුම  ආකාරයේ ප්‍රධාන  cryptocurrencies සම්බන්ඳයෙන් වන  transactions එරට criminal law යටතේ තහනම් කොට ඇති බවට වාර්ථා වෙනවා. ඒ අනූව individual, business, හෝ exchange වැනි කිසිම ආකාරකට buying, selling, trading, නැතිනම් holding ලෙසට cryptocurrency tokens සමග කටයුතු කිරීම තහනම් වනවා. පසුගිය කාලයේ එරට බහුල ලෙසට cryptocurrency mining ක්‍රියාකාරකම් බහුල වූ බවට වාර්ථා වූ අතර පසුව එය තහනම් කරන්නට එරට බලධාරීන් කටයුතු කරනු ලැබුවා. ඊට පසු පියවරක් ලෙසට මෙම කටයුතු අපරාධ නීතියක් යටතේ විශාල දඩයක් මෙන්ම සිරදඩුවමකට යටත් විය හැකි ආකාරයේ වරදක් ලෙසට නම් කරන්නට එරට කටයුතු කර ඇති බවටයි වාර්ථා වෙන්නේ. චීනය ඔවුන්ගේම virtual currency යක් පවත්වාගෙන යන අතර එය  “Digital Yuan” ලෙසට නම් වන බවටද වාර්ථා වෙනවා.
Pubudu Siriwansa

 


 

යමෙක් ඔබ දෙස රහසින් බලා සිටිනවාද සවන් දෙනවාද යන වග.

ඔබගේ iPhoneය මත iOS 14 හෝ 15 සංස්කරනයන් ධාවනය වන විට ලැබෙන වාසි සහගත නවාංග අතර දුරකථනයේ microphone හෝ camera ව activated විටදී orange හෝ green dot ඒකක් දුරකථනයේ ඉහල දකුනු කෙරවලේ දිස්වේ. මෙම හැකියාව ඔබට වාසියක් හෝ යහපත් වන්නේ දුරකථනයේ වන සමහර App විසින් ඔබ නොදැනුවත්වම හෝ ඉහල කී අංගයක් සංක්‍රිය කර ඇත්නම් එය දැනගැනීමට වන හැකියාවයි. එසේම මෙම අනවසර සවන්දීමක් හෝ බලා සිටීමකට ඔබ නිරාවරනය වී ඇද්දැයි දැන ගැනීමට තවත් අවස්ථාවක් වන්නේ Control Centre වලින් පිවිස මොන  app සදහා ඔබ ඉඅහත කී අවසරය දී ඇද්දැයි පරීක්ෂාකිරීමෙන්ද  වේ. මෙම අවසරයන් සීමා කරන්නට ද මෙම Settings වලින් පිවිස app වල permissions වෙනස් කිරීමෙන් ඔබට හැකි වනු ඇත. Apple ආයතනය 2020 දී පැවසුවේ තමන් භාවිතාකරන්නන්ගේ Privacy නම් fundamental human right  සු‍රැකීමට වඩාත් අවධානය යොමුකර ඇති බවක් වූ අතර එලබේ  iOS 14 සමග ඉදිරියට ගොස් භාවිතාකරන්නන්ගේ තොරතුරු විවිධ ඇප් ඔස්සේ භාවිතාවන ආකාරය වැඩි transparency ආකාරයට සවිස්තර කරන්නට කටයුතු කරමින් සිටින බව පවසා සිටිනවා.
Pubudu Siriwansa


iPhone අනවසර භාවිතය සීමා කරන්නට.

ඔබගේ ජංගම දුරකථනය පෞද්ගලික දෙයකි. නමුත් කාලාතුරකින් හෝ එය ඔබගේ හිතවතෙකු සමග බෙද අහදාගන්නට සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එවන් අවස්ථාවකදී සීමාව ඉක්මවා එය අනෙකෙකුගේ පරිහරනයට ලක්වීම ඔබ තුල අපහසුවක් ගෙනෙන්නක් වන්නට ඉඩ ඇත. මෙවන් අවස්ථාවකදී ඔබගේ සහයට පැමිනිය හැකි දැනටමත් ඔබගේ iPhone සමග වන අංගයක් ලෙසට App Limits සමග වන හැකියාවන් දැක්විය හැක. ඒ සදහා පිවිසෙන්නට Settings > Screen Time > App Limits > Add Limit  Creativity ඔස්සේ හැකි අතර එහි වන තේරීම් අතරින් Photos ඔස්සේ පිවිස වේලා සීමාවක් දිය හැක. එසේම Screen Time page වලදී Use Screen Time Passcode  දීමෙන් passcode එක ඔස්සේ මෙම සීමා වීම ඉක්මවන්නට ඔබට හැකි වනු ඇත. Ignore Limit ඔස්සේ passcode එක සමග ඔබට මෙම සීමාව පහසුවෙන් ඉකවා යන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa 

2022-02-21

Apple තම Intel වෙතින් ඔවුගේම ARM chips වෙතට ගමන...

Apple ආයතනය Intel වෙතින් ඔවුන්ගේම ARM chips වෙතට පැමිනීම ආරම්භ කරන ලද්දේ 2020 දී පමනය. ඒම සංක්‍රමනයේ අංග සම්පූර්න වීම සටහන් කරමින් මෙම වසරේදී එම ආයතනය Apple Silicon chips වලින් සමන්විත high-end Mac models පෙලක් නිකුත් කරන්නට සූදානම් බවට ඉගි පලවෙමින් තිබෙනවා. මේ වසරේදී Apple ආයතනය Mac models හතක නිකුතුවකට සූදානම් වන බවටයි බලාපොරොත්තුව වන්නේ. පහත දැක්වෙන්නේ එම මොඩලයන්ගේ තොරතුරු කිහිපයකි.
A new Mac mini with an M1 Pro chip
A 13-inch MacBook Pro with an M2 chip, to succeed the 2020 model and sit below the 14-inch and 16-inch MacBook Pro in the line
A Mac mini with an M2 chip
A 24-inch iMac with an M2 chip
A redesigned MacBook Air with an M2 chip
A larger iMac Pro with M1 Pro and M1 Max chip options
A half-sized Mac Pro, the first with Apple Silicon, with the equivalent of either two or four M1 Max chips
                                                               මීට අමතරව බොහෝ විට March event එකකදී තෙවන පරම්පරාවේ iPhone SE නිකුතුවක් සමග පස්වන පරම්පරාවේ iPad Air නිකුතුවකටද සැලසුම් වන බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Google ලාගේ Privacy Sandbox project එක app අවකාශය වෙතටත්.

Google ආයතනය මීට පෙර පවසා සිටියේ තමන් Chrome browser  ඔස්සේ භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැස් කිරීම සදහා වඩා මධ්‍යස්ථ ස්ථාවරයකට යන්නට සැලසුම් කරන බවකි. Privacy Sandbox project යටතේ කල මෙම ප්‍රකාශයට අනූව භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වයට අවම හානියක් වෙමින් වෙළඳ දැන්වීම් සදහා අවශ්‍ය දත්ත පරිසරය ඔවුන් නිර්මාණය කරන්නට කටයුතු කරන බව පැවසුනි.  ඔවුන්ගේ ප්‍රධාන තරගකරුවා වන Apple ද පසුගියදා පවසා සිටියේ තම app developers විසින් ඒවා භාවිතාකරන්නන් tracking වලට පෙර අදාල permission ලබා ගත යුතු බවකි. මේ වන විට Google ද පවසන්නේ පෙර කී තම බ්‍රවුසර සදහා ගත් භාවිතාකරන්නන්ගේ දත්ත සමග කටයුතු කල යුතු ප්‍රමිතීන් තම Apps සදහාද ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවක් වන අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ Meta වැනි ආයතනයන් සලිත කරවන්නට මෙම තීර්ණ බලපාමින් ඇති බවකි. 
   දැනට සැලසුම්ව ඇති ආකාරය අනූව 2023 වන විට browsing history වැනි දත්ත ඉලක්කවන Third-party cookies වැනි භාවිතාවන් සම්පූර්නයෙන් භාවිතයෙන් ඉවත්කරන්නට Google සුදානම් වෙමින් සිටින අතර දැනට පවතින ads privacy වලින් ඔබ්බට ගොස් නව ප්‍රමිතීන් මත කටයුතු කරන්නට සූදානම් වෙමින් සිටිනවා.
Pubudu Siriwansa

Kraken හානිකරය ගැන අනතුරු ඇගවේ.

Microsoft සමාගම තම ආරක්ෂක මෘදුකාංගය වන Window Defender වල පසුගිය කාලයේ එක් කල වෙනසක් ඔස්සේ පහර දෙන්නන් malicious payloads එකක් ඉලක්කවන පරිගණක වල ස්ථානගත කරන්නට කටයුතු කරමින් සිටින බව වාර්ථා වනවා. එම ආයතනය විසින් කල එම වෙනස් කම ඔස්සේ සමහර directories සදහා Defender scans වලදී bypass කරන්නට අවස්ථාව සලසන ලද අතර එය ප්‍රයෝජනයට ගත් Kraken නම් botnet එක තම හානිකරයන් මෙහෙයුම් පද්ධතිය මත ස්ථාන ගත කරන්නට මේ අනූව කටයුතු කරමින් සිටිනවා. මෙම හානිකරය stealer malware එකක් ලෙසට නම් වන අතර එය  cryptocurrency wallets වල තොරතුරු සොරා ගන්නට කටයුතු කල හැකි බවට පැහැදිලි කෙරෙනවා. මෑත කාලයේ අවධානයට ලක්වූ හානිකර භාවිතාවන් වූ  Microsoft Windows 11 lookalike website එක මෙන්ම  fake KMSPico Windows activator malware එක හා සමාන හැසිරීමක් මෙම හානිකරය ඔස්සේ සිදුවන බවට පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa


 

2022-02-17

Google වල logo වේ කථාව.

Google අප සිතනවාට වඩා අපගේ ජීවිතය අවට නිරතුරු වෙසෙන, නෙක ආකාරයෙන් අපගේ ජීවිත වෙතට බලපාන සගයෙකු වී හමාරය. ලෝකයේ භාවිතාවන logo අතරින් මහත් හුරුවක් නිර්මාණය කරගන්නට ඒ නිසාමදෝ මෙම ලෝගෝවට හැකිව තිබේ. 1997 සිට භාවිතයට පැමිනෙන මෙම දෘශ්‍ය අනන්‍යතාවය අද වන විට ලොව පුරා විසිර පැතිර සිටින අපමනක් මිනිසුන්ගේ දෛනික හුරුවක්ව තිබේ. 1995 පමන "Backrub." නමින් ඇරබෙන, ඊට දෑවසරකට පසුව Google ලෙසට නම් වන මෙම internet දැවන්තයාගේ  logo නිර්මාන  7ක් පමන පසුකර තිබේ. එසේ මුත් color palette ලෙසට සැලකීමේදී ඒකමිතක බවක් ගන්නා මෙහි "official" version එක 1998 සිදුවූ බවට පිලිගැනේ. 1999 සිට අද දක්වා වන භාවිතාව වඩාත් ඒක මිතක බවක් පෙන්වයි.
Pubudu Siriwansa


 

Google තම ‘Privacy Sandbox' පැහැදිලි කරයි.

එය දෙපැත්ත කැපෙන ආයුධයක් වැනිය. එක් පසකින් ඔවුනට තම භාවිතාකරන්නන් වඩ වඩාත් ඉලක්ක වන ආකාරයට වෙළඳ පොල වෙතට විවෘත කලයුතුය. අනෙක් දෙසින් භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වය  වඩ වඩාත් ‍රැක දිය යුතුව ඇත. විශේෂයෙන් බ්‍රවුසර භාවිතාව මෙහිදී වඩාත් කැපී පෙනෙන්නේ භාවිතාකරන්නන්ගේ සිතුම් පැතුම් සදහා වඩාත් සමීපවන ක්‍රියාකාරීත්වය එය බැවිනි. මේ නිසාම එම ආයතනයන් නිරන්තරයෙන් මේ දෙපස දෙසට වැඩි අවධානයක් යොමුකරන්නට කටයුතු කරමින් සිටී.
     Google ආයතනය පවසන්නේ තමන් Crome සමග කටයුතු කිරීමට දියුනු කරන ලද  ‘Privacy Sandbox’ feature එක Android operating system සමග කටයුතු කරන්නටද සූදානම් කරමින් සිටින බවයි. iOS වැනි තරග කරුවන් සමග සැසදීමේදී Android දුර්වල යැයි චෝදනා ලබන එක අංගයක් වන privacy-friendly බව  සදහා මෙම අංගය සහය වනු ඇති බවට ඔවුන් බලාපොරොත්තු පල කරනවා. තල කිහිපයක් ඔස්සේ සිදුවන දියුනු කිරීම් ඔස්සේ තම භාවිතාකරන්නන්ගේ අනන්‍යතාවයන් සර්වර වෙතට කෙලින්ම විවෘත නොකර “Advertising ID” වැනි කාංග කිරීම් ක්‍රම ඔස්සේ ඔවුන්ගේ සිතැගි වෙළඳ ලෝකය වෙතට විවෘත කිරීම ඔවුන්ගේ බලා පොරොත්තු බව පැහැදිලි කරනවා. වැඩි දුරටත් පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ  Privacy Sandbox  ඔස්සේ තම products හා platforms වලදී වඩාත් limit tracking බවක් සමග තම advertising revenue බව ඉඅහලට ගෙනෙන්නට තමන් කටයුතු කරන බවයි.
Pubudu Siriwansa


 

2022-02-16

Offload Unused Apps

ඔබගේ දුරකථනය දෛනික ජීවිතය සමග තදින් බැදී තිබෙන්නක් වන විට එහි වන ගබඩා ඉඩ අවමවීම බලාපොරොත්තු විය යුත්තකි. මෙම ඇහිරෙන ඉඩකඩෙහි හැම විටම ඇත්තේ ප්‍රයෝජනවතම කාරනාද නොවිය හැකිය. iPhone යක් භාවිතා කරන ඔබට මේ සදහා එහිම ස්ථාපිතව පැමිනෙන Offload Unused Apps එක සහය වනු ඇත. ඔබගේ iPhoneයේ Settings > General > iPhone Storage ඔස්සේ පිවිස එහි වන Offload Unused apps යන්න Enable කිරීමෙන් මෙම හැකියාව සංක්‍රිය කරගන්නට හැකි අතර එමගින් ඔබට මැනුවල් ආකාරයටද ඔබ භාවිතා නොකරන නමුත් ඔබගේ දුරකථනයේ Storage එකේ මහත්  ඉඩක් වෙන් කරගෙන සිටින app හෝ game වැනි දෑ ඉවත්කරගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

2022-02-12

බැටරි බලයේ යහපැවැත්මට සරල පියවර කිහිපයක්.

සමහර විටක දැනටමත් අප දන්නා සරල කාරනා පිලිබඳව නොසැලකිලිමත් බව අපගේ තොරතුරු උපාංග වෙතට තීරනාත්මක හානීන් කරන අවස්තා බොහොමය. එය ජංගම උපාංගයක් වන විට එහි වන batteryය තීරනාත්මකය. ආරෝපණයෙන් පසුව ක්‍රමානුකූලව එහි ධාරිතාවය වැයවීම එහි ස්වභාවයය. එහෙත් ආරෝපන ක්‍රියාවලියේ සිට එය භාවිතාකරන ආකාරය දක්වා නෙක කටයුතු වලදී අවධානයෙන් කටයුතු කිරීම ඔස්සේ මේ බව පාලනයට හැකිවීම හදාරන්නන් නිතර මතක් කැරදෙන කාරනයකි. එසේම විවිධ හදාරන්නන් මේ සදහා විවිධ මත දැරීමද බහුලව දැකිය හැකිය.
     ඔබ දුරක්ථනයේ ආරක්ෂාව සදහා භාවිතාකරන cases ද එම උපංග වලට ධනාත්මකව බලපාමින් කටයුතු කරන මුත් බැටරි ආරෝපන ක්‍රියාවලියේදී නම් ගැටළු සහගත විය හැකිය. එනම් ඒවා විසින් උපකරණය රත්වීමේ ක්‍රියාවලිය වේගවත් කර නිසාය. මෙම කවරවල ඝනත්වය මෙන්ම නිර්මාණයට භාවිතාකර ඇති ද්‍රව්‍ය අනූව මෙම තත්වය වෙනස් විය හැකිය. හොඳම උපදෙස වන්නේ ඔබගේ උපකරණය charge කරන විට overheat බවක් පෙන්වන්නේ නම් කවර ඉවත්කිරීම හෝ වෙනත් සුදුසු කවරයකට යාම හිතකර වනු ඇත. තවත් සරල උපදෙසක් වන්නේ "Low හෝ high-temperature පරිසරයන් පිලිබඳව අවධියෙන් සිටීමය එයද බොහෝ විට දත්ත උපාංගයට හානිකරන්නට හේතු වේ. Apple ආයතනය උපදෙස් දෙන්නේ වඩාත් හිතකර පරිසරය 16 - 22C (62 - 72F) ලෙසටයි.
   උපකරණයේ එය  low-power mode එක හැමවිටම ධනාත්මක නොවන බව ද තවත් මතයකි. මෙහිදී උපාංගය මතවන සමහර ක්‍රියාකාරකම් නැවති තිබීම ඔස්සේ එහි උපරිම ප්‍රයෝජනයට බාදා වේ. සමහර විට යාවත්කාලීන ක්‍රියාවලීන් වලට වැඩි වෙලාවක් ගැනීමද සිදුවේ. තවත් කාරණාවක් වන්නේ Auto-Brightness feature එක සක්‍රියව තැබීම ඔස්සේ අනවශ්‍ය ලෙසට බල වැය පාලනයට කටයුතු කිරීම වැදගත් වීමය.
Pubudu Siriwansa


 

2022-02-11

"windows-upgraded[.]com" නම් ව්‍යාජ Windows 11 upgrade website එක ...

Windows මෙහෙයුම් පද්ධති ලොවපුරා බහුලතම භාවිතවය. ඒ නිසාම මෙම මෙහෙයුම් පද්ධතිය සයිබර් පහර දෙන්නන්ගේ බහුල ඉලක්කයකි. xp වැනි යුග වලදී මෙම හානිකරයන් ඉතා පහසුවෙන් ලොවපුරා වපුරන්නට මෙය මාධ්‍යක්ව තිබිනි. විශේෂයෙන් නෛතික නොවන සංස්කරන හරහා මෙම කාරනාව ජයටම සිදු විනි. ඉන්පසුව පැනිමින් Microsoft සංස්කරන සමග මෙහෙයුම් පද්ධතියේ දියුනු කිරීම් සමග මෙන්ම ආරක්ෂක මෘදුකාංගයක් සංයුත්ත කිරීම පමනක් නොව භාවිතාවට පිවිසෙන්නට වන ක්‍රමවේදයේ වෙනස් කිරීම් සමග මෙම තත්වය වෙනස් විය. windows 11 සමග තත්වය වඩාත් පාලනය කරන්නට එම ආයතන ක්‍රියා කරනු දැකිය හැකි විය.
      HP Threat Research Team පවසන්නේ RedLine stealer malware ව පතුරවන වෙබ් අඩවියක් තමන් හඳුනා ගෙන ඇති බවකි. ඔවුන්පැහැදිලි කරන්නේ "windows-upgraded[.]com" නම් වෙබ් අඩවිය genuine Microsoft site එකක් ලෙසට පෙනී සිටිමින් "DOWNLOAD NOW" button ය එම අඩවියට පැමිනෙන්නන් ලවා සංක්‍රියකරවා ගැනීම සමග බාගත කරවන 1.5MB zip  ප්‍රමානයේ"Windows11InstallationAssistant.zip" ලෙසට නම් වන ගෙනුවක් තුල සැගව පැමින මෙම හානිකරය සංක්‍රිය වන්නට සූදානමින් සිටින බවයි. භාවිතාකරන්නන් ගේ සංවේධී පෞද්ගලික තොරතුරු සොරා ගැනීම මෙම හානිකරයේ ස්වභාවය බවටත් ඔවුන් පැහැදිලි කරනවා.
Pubudu Siriwansa


 

2022-02-10

Samsung වෙතින් Galaxy S22 series එක නිවේදනය වේ.

Samsung සමාගම මේ වන විට තම  Galaxy S22  නිකුතූන් පෙල නිල ලෙසට නිවේදනය කර තිබෙනවා. මෙය flagship smartphones පෙලක් වන අතර S22, S22 Plus සහ S22 Ultra ලෙසට ඒවා නම් කර තිබෙනවා. මෙම නිකුතූන් පෙල ඔවුන්ගේම   Exynos 2200 SoC හෝ Qualcomm Snapdragon 8 Gen 1 SoC සැකසුම් හැකියාවකින් බල ගැන්වෙන අතර Snapdragon SoC සමග Adreno 730 හා Exynos වලදී AMD's RDNA2-based Xclipse 920 ලෙසට වන GPU හැකියාවකින් බල ගැන්වෙනවා. එම ආයතනය මීට පෙර කටයුතු කල ආකාරයට එනම් Galaxy S-series devices වලදී කටයුතු කල ආකාරයට Snapdragon සීමිත වෙළඳ පොලක් වෙත්ට නිකුත් කරන බවටයි  දැක්වෙන්නේ.
    මෙම S22 හා S22 Plus  වලදී 120Hz refresh rate එකක් සමග 12MP Ultra-wide camera,  50MP Wide camera , 10MP Telephoto camera සමග 3x Optical zoom පසු කැමරා හැකියාවකින්ද, පෙර කැමරාව සහහා 10MP හැකියාවක්ද වන අතර 8GB RAM තොරා ගත හැකි පරිදි 128 or 256GB storage හැකියාවක්ද S22 waladhii 3,700mAh battery එකක් හා S22 Plus වලට 4,500mAh battery හැකියාවක්ද සමන්විත කර තිබෙනවා. මෙම දුරකතන මොස්තර දෙක සදහාම Wireless charging / Wireless PowerShare හැකියාවද, S22 වලදී 25W හා S22 Plus වලදී 45W දක්වා වන බල ගැන්වුම් හැකියාවක්ද වනවා.
     Galaxy S22 Ultra වලදී  6.8-inch QHD+ display එකක් සමග 12MP Wide camera, 108MP Wide camera, 10MP Telephoto camera ( 3x Optical zoom) , 10MP Telephoto camera (10x Optical camera) සමග පෙර කැමරව සදහා  40MP හැකියාවක්ද සංයුත්ත කර තිබෙන අතර 8GB+128GB, 12GB+256GB, 12GB+512GB , 12GB+1TB  ලෙසට වන මතක හා ගබඩා හැකියා තොරා ගැනීමේ අවස්ථාවක්ද 45W charging හැකියාවක් සමග 5,000mAh battery එකකින් සමන්විත වනවා. ඊට අමතරව මෙම මොස්තරයද 15W wireless charging හා Wireless PowerShare හැකියාවක්ද ‍රැගෙන විත් තිබෙනවා.
Pubudu Siriwansa

සමහර Samsung උපාංග සදහා වැඩිකාලයක් One UI හා Android upgrades ලබා දේ.


Samsung  ආයතනය  පවසනවා තම තොරාගත්   Galaxy devices සදහා වසර හතරක් ඉදිරියට One UI and Android upgrades වසර හතරක් ඉදිරියටත් security updates සදහා වසර පහක් ඉදිරියටත් ලබා දෙන්නට තමන් කටයුතු කරන බව. Apple ආයතනයද තම iOS සදහා අදාල updates එම උපාංග නිකුතුවේ සිට වසර පහක් දක්වා ලබා දෙන අතර ලොව බහුලතම භාවිතයක් ලබන Samsung ආයතනයේ Android One සදහාද එම සහය ලබා දෙන්නට කටයුතු කරමින් සිටිනවා. මෙම සහය ලබන උපාංග කාංඩ පහත දැක් වෙනවා.

Galaxy S Series: Galaxy S22, S22+, S22 Ultra as well as Galaxy S21, S21+, S21 Ultra, S21 FE and upcoming S series devices

Galaxy Z Series: Galaxy Z Fold3, Galaxy Z Flip3 and upcoming Z series devices

Galaxy A Series: upcoming select A series devices

Galaxy Tablets: Galaxy Tab S8, S8+, S8 Ultra and upcoming Tab S series devices


Galaxy Watch: Galaxy Watch4, Galaxy Watch4 Classic and upcoming Galaxy Watch series devices

 ඒනූව ඉහත කාංගවල උපාංග භාවිතාකරන්නේකුට වැඩිපුර කාලයක් තම භාවිතාවන්ස් සමග ආරක්ශිතව වැඩිකාලයක් සිටින්නට හැකි වනු ඇත.

Pubudu Siriwansa

2022-02-09

Microsoft Defender Preview Microsoft Store හා Google Play වලට පැමිනීම ඇරබේ.

Windows Defender පිලිබඳව මෑතකාලීන වාර්ථා පවසන්නේ එය Paid සංස්කරනයන් මෙන්ම premium මට්ටමේ ආරක්ශක මෘදුකාංගයක ප්‍රමිතීන් වල සිටින බවකි. ලොව ප්‍රධාන පෙලේ හැදෑරුම් ආයතන වල වාර්ථා කිහිපයක් මේ බව තහවුරු කරමින් සිටී.  දැනටමත් Windows 10 හා Windows 11 වලට සංයුත්තව පැමිනෙන මෙම ආරක්ෂක මෘදුකාංගය Microsoft Defender Preview නම් app එකක් ලෙසට Android smartphones සදහාද සූදානම්ව තිබෙනවා.ඒ අනූව Microsoft Defender Preview සංස්කරනය Windows devices සදහා  Microsoft Store වලත්  Google Play Store වල Android devices සදහාත් සූදානම්ව තිබෙනවා. හදාරන්නන් පෙනවා දෙන්නේ Android devices වලදී Microsoft Defender Preview සංස්කරනය වඩාත් දෘශ්‍ය තොරතුරු ගෙනෙන අතර බාගත කිරීම් වල මූලාංශ්‍ර පිලිබඳව භාවිතාකරන්නා වෙතට notification ඔස්සේ අනතුරු අගවන්නට ක්‍රියාකිරීම වැනි බොහෝ දේ වන බවටයි පවසන්නේ. Microsoft Defender Preview සූදනම්ව ඇති always-on service එකක් ලෙසට ක්‍රියාත්මක වන්නට “Accessibility Services” permission ද බලාපොරොත්තු වන අතර battery life වලට සිදුවන බල පෑම ගැනද අවධානයෙන් සිටින්නට සූදානම්ව සිටින බවට වාර්ථා වෙනවා. තවමත මෙම Windows Defender Preview සංස්කරනය US වල Windows 11 / Android සදහා සූදානම්ව ඇති අතර ක්‍රමයෙන් අනෙකුත් රටවලට විවෘත වනු ඇති බවට බලාපොරොත්තු වෙනවා,
Pubudu Siriwansa


 

2-step verification (2SV) සමග ආරක්ෂා වෙමු.

ආරක්ශිත වෙබ් සැරියක් බොහෝ දෙනාගේ බලාපොරොත්තුවය. ඒ සදහා අවසර පදයක පමනක් සහය මේ වන විට මදක් පැරණි කාරනයක් වන්නේ  ආකාර කිහිපයකටම ඒ සදහා ලබා වීමට සයිබර් පහර දෙන්නන් කටයුතු කල හැකි බැවිනි. සමහර විටක මේ සංකීර්න අවසරපදයක් යනු ඒ සදහා ලගා  වන්නට අවශ්‍ය කාලය පිලිබඳව පමනක් ප්‍රශ්ණයක් ලෙසට අර්ත දැක්වීමද හදාරන්නන් පෙලබෙන්නේ මේ නිසා විය හැක. මේ නිසාම අවසර පදයට අමතරව තවත් ආරක්ෂක ලේයරයක් ඔවුන් යෝජනා කිරීම නිතරම සිදුවේ. මේ සදහා  authenticator apps එකක් හරහා multi-factor verification නැතිනම් Google ලාගේ  2-step verification (2SV) වැන්නක් ඔවුන් යෝජනා කරති. ගූගල් පවසන්නේ ඔවුනගේ 2SV  භාවිතය ගිනුම් ගොදුරුවීමේ ප්‍රවනතාවය 50% කින් පමන පහත හෙලන්නට සමත්ව ඇති බවයි. ඔවුන් යෝජනා කරන්නේ  Security Checkup,  Password Manager මෙන්ම 2SV වල භාවිතාව භාවිතාකරන්නන් වෙත ආරක්ෂාව සම්බන්දයෙන් මහත් සහයක් ගෙනෙන්නට සමත්ව ඇති බවකි.
Pubudu Siriwansa


 

2022-02-08

online civility තත්වය ක්‍රමයෙන් ඉහලට.

Microsoft තම නවතම හැදෑරුමකට අනූව අන්තර්ජාලය මත civility පිලිබඳ ක්‍රමානුකූලව වර්ධනයක් දක්නට ලැබෙන බවයි. ඔවුන්පැහැදිලි කරනවා පසුගිය pandemic කාලයේදී මේ ස්වභාවයන් ඉක්මවවින් වැඩිපුරම භාවිතාකරන්නන් අතින් සෙවීම් සිදුවු නව coronavirus ප්‍රබේදයන් පිලිබඳව මෙන්ම restrictions හා curfews තත්වයන් හා අදාල වන regions පිලිබඳව වූ මුත් දැන් වන විට ක්‍රමයෙන් සාමාන්‍ය දෛනික කටයුතු වලට මුල් තැන ලැබීම සිදුවෙමින් ඇති බවයි. 
      පෙර කී civility තත්ව්ය පිලිබඳව Microsoft ආයතනය ප්‍රමිතීන් හතරක් පිලිබඳව සැලකිලි මත් වූ අතර ඒවා අතර එකිනෙකා කෙරෙහි කාරුනිකව හා කාරුනික ලෙසට හැසිරීමත්, වෙනස් බව හරු කිරීමත්, අකමැත්ත නැති නම් එකගනොවීම පලකිරීමේදී වඩාත් සැලකිලිමට් වෙමින් කටයුතු කිරීමත්,  online abuse තත්වයන් වලදී අනෙකා වෙනුවෙන් පෙනී සිටීමත් වැනි කරුනු විය.2021 සැලකීමේදී කාන්තාවන් හා දරුවන් පිලිබඳව වූ තත්වයන් වලද යම් ප්‍රගතියක් ලබමින් සිටින බවට ඔවුන් පැහැදිලි කර සිටිනවා.
Pubudu Siriwansa


 

Apple Health app වල Walking Steadiness අංගය.

ඔබ  Apple Health app වල Walking Steadiness අංගය භාවිතකරන්නෙක් නම් ඉදිරියේ වන "disease හෝ injury" අවස්තාවන් පිලිබඳව අනාවැකියක් පලකරන්නට සමත් බවටයි පැහැදිලි කරන්නේ. Apple ආයතනය දියුනු කරන ලද මෙම app එක ඔස්සේ සිදුවන්නේ ඔබ walking වලදී  ඇති Steadiness පිලිබඳව දත්ත ‍රැස්කර ඒවා විස්ලේෂනය කොට ඉදිරි වසර තුලදී ඔබ රෝගී තත්ව්යක් හෝ අනතුරක් අභියස සිටිනවා විය හැකි බවටයි. ඔවුන් පැහැදිලි කරන්නේ ඔබ ඔබගේ iPhone දුරකථනය pocket වල හෝ waist ආශ්‍රිතව රඳවා තබා ගනිමින් දෛනික කටයුතු වල යෙදෙන විට හා notifications සංක්‍රියව තබා ඇති විට ලැබෙන්නට ඉඩ ඇති  low steadiness  බව කිය වෙන alert එක ඔබට වෛද්‍යවරයෙකු හමුවන්නට මුල් හෝඩුවාවක් විය හැකි බව ඔවුන් යෝජනා කරනවා. එපමනක් නොව walking asymmetry ඔස්සේ ඔබගේ walking pattern එක හදාරමින් පියවරවල් අතර පරතරය, පියවරවල් වල වේගය ඇතුළු තවට් තොරතුරු හදාරමින් ඔබගේ සෞක්‍ය සදහා සහයක් ගෙනෙනට සූදානම් බව පවසනවා.
Pubudu Siriwansa


 

Samsung පරිසරකාමී පියවරකට.

Samsung පරිසරකාමී පියවFood and Agriculture Organization of the United Nations වලට අනූව වාර්ෂිකව fishing nets මුහුද මත අත්හැර දමන ප්‍රමානය 640,000 tonnes කි. මෙම අත්හැර දැමීම් වසර සිය ගනනක් පුරා ස්වභාවික මුහුදු පරිසරයේ පෑවැත්මට හානිකරමින් පවතී. Samsung පවසන්නේ මෙම ocean plastic pollution ගැටළුවට යම් විසඳුමක්ද වෙමින් තම අනාගත නිෂ්පාදන සදහා පෙර කී discarded fishing nets ආශ්‍රිතව නිපදවන new material එකක් භාවිතා කරන්නට සූදානම් බවයි. ඔවුන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය ඔස්සේ less carbon-intensive විසන්දුමක් ලෙසට මෙන්ම පරිසරයට හිතැති හෙට දවසකට සහය වන්නට තමන් සූදනම් බවකි.

Pubudu Siriwansa

 

2022-02-07

Facebook යම් පසුබෑමක????


 Facebook නැතිනම් මේ වන විට Meta පිලිබඳව මේ වන විට යම් පසු බෑමක තොරතුරු පලවෙමින් තිබෙනවා. පසුගිය කාලයේ Facebook වෙතට චෝදනා රාශියක් එල්ල වුනු අතර ඒව අතර වැරදි තොරතුරු සමාජගත කරන්නට ප්‍රමුඛ කාර්යයක් ඉ‍ටුකරන බවට වූ චෝදනාව මෙන්ම ළමා මනසට හානිකර මට්ටමක විවෘත බව පිලිබඳව ද චෝදනා විය. එපමනක් නොව high-profile users සදහා ඔවුනගේ rules වල වෙනසක් දැක්වීම මෙන්ම භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වය සීමාව ඉක්මවා විනිවිදයාම ආදී බොහොමයක් විය. Yahoo විසින් සෑම දෙසැම්බරයකම පවත්වන “Company of the Year”ගනනය කිරීමකදී “Worst Company of the Year” ලෙසට නම් වීමක්ද දක්නට ලැබිනි.

Pubudu Siriwansa

2FA Authenticator නම් Malicious app එකක්...

හදාරන්නන් පවසන්නේ Google Play වෙතින් තම Android උපංගය වෙතට බාගත කරගන්නා 2FA Authenticator නම් ව්‍යාජ App එකක් හරහා පහර දෙන්නන් trojan-dropper එකක කාර්යභාරය ඉ‍ටුකරගනිමින් සිටිනු දක්නට ලැබුනු බවයි. භවිතාකරන්නන්හට නොදැනීම ඔවුන්ගේ mobile devices වෙතට ස්ථාපනය වන මෙම  malware එක හරහා ඔවුන්ගේ banking information සොරාගන්නට කටයුතු සිදුවන බවට පැහැදිලි කරන අතර  දැනට මේ සම්බඳයෙන් ලැබෙන අවසාන යාවත්කාලීනයෙන් කියවෙන්නේ January 27th වන විට මෙම App එක අදාල App Store එකෙන් ඉවත්කර ඇති බව හා එය දින 15ක් Google Play වල තිබූ එකක් බැවින් දැනටමත් තම උපාංග වෙත ස්ථාපනය කරගෙන ඇති භාවිතාකරන්නක් සිටිනවා නම් ඒ පිලිබඳව සැලකිලි මත් වීම වැදගත් වන බැවිනි.
Pubudu Siriwansa


 

2022-02-06

තොරතුරු උපාංගය Reset කිරීම.

ඔබගේ තොරතුරු උපාංගය පෞද්ගලික මෙන්ම වෘතිමය ආකාරයට ඔබ ගැන අපමනක් තොරතුරු ‍රැස්වන ස්ථානයකි. එය Smart Phone එකක්, Tab එකක්, Lap එකක් පමනක් නොව Desktop එකක් වුවත් ඒවා සමග වන මෙහෙයුම් පද්ධති ‍රැගෙන එන reset නම් පහසුව වැදගත් වන්නේ මේ නිසාවෙනි.  උපකරණය හෝ එහි මෙහෙයුම් පද්ධතිය කුමක් වුවත් එහිදී සිදුවන්නේ මුල් සැකසුමට ඔබ්බෙන් එහි තැන්පත්වන සියළු තොරතුරු මකා දමා මූලික ස්වභාවයට නැවත පත් වීමය. 
    මෙම reset ක්‍රියාවලිය කිහිප ආකාරයකින් සිදු කරන්නට හැකිය. Factory reset වීමකදී උපාංගය නිෂ්පාදනාගාරයෙන් නිකුත් වීමට සමාන මට්ටමකට ආපසු ගෙන යන අතර සමහර සාමාන්‍ය reset එකකදී එහි මෙමෙයුම් පද්ධතිය මෙන්ම එහි අද දක්වා වූ යාවත්කාලීනයන් පමනක් නොව පසුව ඒ මත ස්ථාපිත කරන ලද මෘදුකාංග ඉතිරි වන මුත් ඒවා භාවිතාව ඔස්සේ ඉතිරිවන සියළුම දත්ත මකා දමන්නට කටයුතු කරනු ඇත. 
    මේ නිසාම backup යන්න සියළුම පාහේ උපාංග හෝ මෙහෙයුම් පද්ධති සමග ලැබෙන අමතර පහසුව වැදගත් වේ. උදාහරනයක් ලෙසට ඔබගේ Android දුරකථනකයේ ක්‍රියාකාරීත්වය ඉතා අවුල් සහගත වන විට හා සරල මට්ටමින් එනම් අවසන් වරට ස්ථාපනය කරන ලද app එක අස්ථාපනය කිරීම නැතිනම් දුරකථනය restart කිරීම වැනි ක්‍රමයක් ඔස්සේ සාමාන්‍ය තත්වයට පැමිනීම සිදුනොවන විට reset කර ගැටළුවට පෙර අවස්ථාවකදී ගෙන  තැබූ restore එකකට යාම සාර්ථක පිලියමක් වනු ඇත.
Pubudu Siriwansa


 

2022-02-05

වඩාත් ආරශිත WhatsApp භාවිතාවකට

ලොවපුරා සැලකූවිට 2billion භාවිතාකරන්නන් සිටින WhatsApp මොබයිල් මූලිකව ක්‍රියාත්මක වන PC සදහාද සූදානම්ව ඇති භාවිතාවකි. හදාරන්නන් පවසන්නේ මෙම බහුල භාවිතාව නිසාම බොහෝ hackers ලාගේ පහසු ඉලක්කයක්ව ඇත. විශේෂයෙන් පසුගිය pandemic කාලයේදී මේ තත්වය වඩාත් ඉහල මට්ටමකට පැමිනීම දක්නට ලැබුනු බවකි. Scammers නැතිනම් hackersලාගේ වඩ වඩාත් අලුත් වන උපංක්‍රම ඔස්සේ නව ගොදුරුවන්නන් සොයා යන්නට ඔවුන් නිතරම පෙලබෙන බව පෙනෙන්නට ඇත. පහත දැක්වෙන්නේ මෙම පහර දෙන්නන් නැතිනම් සොරාගන්නන්ගෙන් ඔබගේ ගිණුම සුරක්ෂිත කරගන්නට ඉවහල් විය හැකි සැරල භාවිතාවන් කිහිපයකි.

          නන්නාදුනන numbers සදහා ප්‍රථිචාර නොදැක්වීම ඉතාම වැදගත් හා බහුලව ගොදුරුවීම් වලදී හේතුවන කාරනයක් බව පෙන්වා දෙනු ලැබේ. සමහර විට ඉතා හැගුම් බර ආකාරයට හිතවතෙකුගේ අකරතැබ්බයක් බව පවසමින් තම ඉලක්ක වෙතට  භාවිතාකරන්නන් කැදවා ගන්නට ඔවුන් කටයුතු කරයි. විටක මුදල් ඉල්ලා කටයුතු කරන බව දක්නට ලැබේ. වඩාත් කල්පනාකාරීව තත්වය හඳුනා ගන්නට කටයුතු කිරීම වැදගත් වන අතර පහර දෙන්නන්ගේ උපංක්‍රමශීලී බව ගැන අවධානයෙන් සිටීම වැදගත් වේ.

           තවත් විටක වඩාත් ආකර්ෂනීය offer ආදිය ගැන පවසමින් random links ඔබ ලවා අවධිකරව අගන්නට ඔවුන් කටයුතු කරනු ඇත. ඒවායේ සවිස්තර වන ආකර්ෂණීය බව නිසාම scam වලට හසුව දෑ අහිමි කරගන්නන් බොහෝ බව පෙනේ. හැම විටම එම Link පිලිබඳව අවධානය යොමු කරමින් ඒවා සැබෑ වෙබ් අඩවි වලට සම්බන්දද යන්න දැන ගැනීමත් නැතිනම් අදාල ආයතනයන් ගෙන් විමසන්නට හැකි විටක විමසා සිටීමත් වැදගත් බව කිව යුතුය.

      WhatsApp මෙන්ම ඔබගේ සියළුම භාවිතාවන් පාහේ නිතරම යාවත්කාලීනව තබා ගැනීම ඉතා වැදගත්ය. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීන ඔස්සේ දැනට හඳුනාගෙන ඇති දුර්වලතා පිලිසකර කරන අතර සමහර විට වඩාත් ආරෂිත මෙන්ම ආකර්ෂනීය අංග එක්කරන්නට කටයුතු කරයි.

Pubudu Siriwansa

 

"Require Attention for Face ID" ඔස්සේ iPhoneයේ ආරක්ෂාව වැඩිකරගමු.

Apple ආයතනය 2017 දී Face ID සමග ඔබගේ භාවිතාව වඩාත් ස්ය්රක්ෂිත කරන්නට කටයුතු කරන ලදී. ඒත් සමග Apple ලාගේ facial recognition system සමග ඔබගේ iPhoneය  unlocking ක්‍රියාවලිය වඩාත් සුරක්ෂිත මෙන්ම කාර්යක්ෂම කරන ලදී. එහිදී එහිවන scanning tech සමග ඔබගේ මුහුන 3D ආකාරයට "one-in-a-million" තරම් ඉහල වැරදීමට ඇති අවස්ථවකින් යුතුව හඳුනා ගන්නට සූදානම් බව කියවේ. කරුණු එසේ මුත් සයිබර් අපරාධකරුවන්ට එහි විය හැකි සරල අවස්ථාවක් ලෙසට හඳුනා ගැනුනේ ඔබගේ අනු දැනුමකින් තොරව එනම් sleeping වැනි අවස්ථාවකදී  scanning  වෙමින් ඉදිරියට යාමට හැකි වීමයි. මේ සදහා වඩාත් ආකර්ෂනීය විසඳුමක් වූවේ eyes are open හා ඔබගේ අවධාණය දුරකථනය වෙතට ඇති බව තහවුරු කර ගැනීමයි. මෙම හැකියාව ඔවුන් "Require Attention for Face ID"  ලෙසට නම් කරන ලද අතර  මේ සදහා TrueDepth camera හැකියාව සමග artificial intelligence-powered face-scanning tech ඔවුන් භාවිතාකරන ලදී. මෙම හැකියාව අවදිකර ගැනීම සදහා Settings > Face ID & Passcode ඔස්සේ පිවිස Require Attention for Face ID යන්න සංක්‍රිය කිරීම අවශ්‍ය වේ.
Pubudu Siriwansa


 

Apple SE නිකුතුවක් April.වල...

Apple ආයතනය  තම SE සංස්කරනයක් මුලින්ම නිකුත්කරන ලද්දේ 2016දි විය. Special Edition ලෙසට SE යන්න පැහැදිලි කෙරෙන අතර එය ඔවුන්ගේ සාමාන්‍ය මිලෙන් අඩු නිකුතූන් ලෙසට වෙළඳ පොලට පැමිනෙන ලදී. එම පලමු නිකුතුව ඔවුන්ගේ iPhone 6S හා 6S Plus වලට සමාන්තරව සිදුවෙන ලදී. 2020 දී iPhone SE 2 නිකුතුව සිදුවෙනලද අතර එය iPhone 11 නිකුතුවට සමාන්තරව  iPhone 8 මෝස්තරයට කිට්‍ටු ආකාරයට මුත් components අතින් ඊට ඉහල මට්ටමකින් නිමවා නිකුත් කරන ලදී. මේ වන විට ඔවුනගේ iPhone SE වල මීලග සංස්කරනයක් පිලිබඳව මෙන්ම Apple ලාගේ මීලග නිකුතුව එය වන්නට වන ඉඩ කඩ පිලිබඳව කථා බහ සිදුවෙමින් ඇත.  පසුගිය January වන විට එහි නිෂ්පාදන කටයුතු ඇරබුන බවත්  ඔවුන්ගේ සුපුරුදු නව iPhone models නිකුත් කරන September වලින් පිට එනම් March / April වලදී සිදුවන්නට කටයුතු යෙදෙමින් ඇති බවට තොරතුරු හෙලි වෙන ලදී. බොහෝ විට online හමුවක දී සිදුවන්නට නියමිත මෙම නිකුතුව සමග 4.7-inch display හා Touch ID button වලින් සමන්විතව නමුත් ඉහල තාක්ෂණික දෘඩාංග වලින් ස්මන්විතව 5G හැකියාවද සමග එනු ඇති බවට මේ වන විට බලාපොරොත්තු වෙමින් ඇත,
Pubudu Siriwansa


 

2022-02-04

AirTags මිතුරෙකු සේම හතුරෙකුද විය හැකි බවට...

AirTags තවත් අපූරු සගයෙක් වන්නේ දෛනික ජිවිතයේ ඔබ වටා ඇති සමහර බහුල භාවිතාවක් ගන්නා උපකරණ නිතැතින්ම ඔබගේ දෘශ්‍ය ශ්‍රව්‍ය මානයට ගෙනෙන්නට සමත්වන නිසාය. විශේෂයෙන් keys වැනි කුඩා වැදගත් අංග  සදහා එය වැදගත් වන්නේ ඒවා සමග මෙම AirTags දවටා තැබු විට හා ඒවා සොයා ගන්නට අපහසුවක් ඇති වන විට ඕබේ ස්මාර්ට් දුරකථනය වැනි සහයෙකයෙකු ඇසුරින් පහසුවෙන් ඇති තැන් හඳුනාගන්නට හැකි නිසාය. එසේම හදාරන්නන් පවසන්නේ මේවා iPhone මෙන්ම Android භාවිතාකරන්නන් සමග ඔබමොබ නිරන්තරයෙන් යමින් ඔවුන් ගැන දෛනික තොරතුරු ‍රැස් කරන්නෙකුගේ චරිතයටද පහසුවෙන් පිවිසෙමින් සිටින බවයි. ඔවුන් පෙනවා දෙන්නේ මේවායේ වන internal speaker එකක් මගින් beep හඬක් සමග අදාල අංගය ඔබගේ අවධානයට ගෙනෙනවා සේම එම සේවා සපයන ආයතන වලටද ඔබගේ චර්යාවන් ගැන බොහෝ තොරතුරු පවසන්නට කටයුතු කරනවා විය හැකි බවයි. තවත් විටක එම වැදගත් අංගයන් පැහැරගන්නට තැත් කරන කෙනෙකුටද ඔබ සගවා ඇති තැන් වලින් ඒවා ලබ ගන්නට ඇති ඉඩ කඩද නොසැලකියම හැකි බවයි.
Pubudu Siriwansa

2022-02-03

iPhone SE 3 සූදානම් වෙමින් ඇත.

නිල නොවන වාර්ථා පවසන්නේ iPhone SE 2020න් පසුව එන්නට නියමිත මීලග සංස්කරනය වන iPhone SE 3 මේ වන විට testing මට්ටමින් India වලට මුදා හැර ඇති බවයි. Apple ආයතනයේ මීලග budget iPhoneය වන මෙම නිකුතුව SE 2020 සංස්කරනයට වඩ මිළෙන් අඩුවන අතර බොහෝ විට එලබෙන March / April අතර කාලසීමාවේදී නිකුත් වන්නට සූදානම් බවක් පල වනවා. iPhone SE  වල next-gen වන මෙම නිකුතුව A2595, A2783, හා A2784 ලෙසට වන model numbers වලින් පැමිනෙන බවට බලාපොරොත්තු වනවා. 91Mobiles පවසන්නේ මෙම නිකුතුව ඉන්දියාවට පැමිනෙන විට $300  මිළක් වන අතර එය iPhone SE 2020 වල මිල වූ $399 වලට වඩා පහලින් සිටිනු ඇති බවයි. 4.7-inch display සහිතව මෙන්ම 5G හැකියාව සහිතව මෙම නව නිකුතුව ඒනු ඇති බවට බලාපොරොත්තු පලවනවා.
Pubudu Siriwansa


 

LibreOffice 7.3 සූදානම්...

The Document Foundation පවසන්නේ මේ වන විට  LibreOffice 7.3. නිකුත්ව ඇති බවයි. July / August, සහ January / February ලෙසට සෑම මාස හයකට වරක්ම තම නව සංස්කරනයක් නිකුත් කිරීම ඔවුන්ගේ සාමානය පිලිවල වන අතර නව සංස්කරනය සැලකීමේදී Microsoft Office කෙරෙහි වඩාත් compatibility බවක් ගෙන එන්නට කටයුතු කර ඇති බවටයි පවසන්නේ.  ඔවුන් පවසන්නේ මේ ප්‍රධාන භාවිතාවන් දෙක තුලම පහසුවෙන් ගොන්ය් වලට කටයුතු කරන්නට හැකි වනු ඇති බවයි. වඩාත් දියුනු කල security / robustness බවකින් නව සංස්කරනය පැමින ඇති අතර Apple අවකාශය සදහාද සූදානම්ව පැමින තිබෙනවා. මෙම නව LibreOffice 7.3 සංස්කරනය පහත දැක්වෙන බැදියාව ඔස්සේ ඔබට බාගත කරගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

"සයිබර් අපරාධකරුවන්" ගෙන් ගැලවී සිටින්නට.

සයිබර් අපරාධකරුවන්ගෙන් ඔබගේ අනන්‍යතාවය සඟවා තබා ගැනීම නැතිනම් නිරාවරනයෙන් තොරව තබා ගැනීම ඉතා වැදගත් වන්නේ ඒ ඔස්සේ ඔබගේ සයිබර් අනන්‍යතාවයට අනවසර පිවිසීමකට ඉඩ කඩ පහසුවෙන් ලැබෙන්නට ඉඩ ඇති නිසාය. හදාරන්නන් පවසන්නේ සරල භාවිතාවන් කිහිපයක් ඔස්සේ ඔබගේ ආරශිත බව තහවුරු කරගන්නට හැකි වන්නට නියමිත වන්නේ එම දුර්වලතා සයිබර් අපරාධකරුවන් තම ව්‍යාපෘති සදහා බහුලව යොදා ගන්නා බවට දක්නට ලැබෙනු නිසාය.
        Keep your social media accounts private ඔබව ඉලක්ක කරගන්නා හෝ ඉලක්ක කරගන්නට පහසු මූලාංශ්‍ර මේ තුල වන්නට හැකියාව ඉතාඉහල නිසා මේ උපදෙස ඉතා වැදගත් විය හැක. සමහර විට ඔබ නොසිතන තොරතුරු පදනම් කරගනිමින් අපරාධ කරුවන්ට ඔබව ලුහුබඳින්නට අවස්ථාව ලැබෙන බව උදාහරන බොහොමය.
       Deactivate and delete old social media profiles තවත් වැදගත් උපදෙසක් වන්නේ ඔබගේ අවධානයෙන් ගිලිහුනු මුත් ඔබගේ පෞද්ගලිකත්වයන් ‍රැසක් එහි වන්නට හැකි බැවිනි. විටක තොරතුරු ලබා ගන්නට පමනක් නොව එම ගිනුමට අනවසර පිවිසුමකට පවා උත්සාහයකට එම ගිණුම් භාවිතා විය හැකිව අපමනක් නොව කාලාන්තරයක උත්සාහයකට ලක් වන්නට පහසු වන්නේ ඔබගේ අවධානයෙන්ද ඒවා ගිලිහී ඇති බැවිනි.
         Password protect your devices පමනක් නොව එම අවසර පද complex මට්ටමක තබා ගැනීම වැදගත්ය. පලමුව ඔබගේ සරල දෛනික භාවිතාවන් වන දුරක්ථන අංකය , වාහනයේ අංකය වැන්නක සිට සරල සම්මත වචන නැතිනම් යෙදුම් මග හැරිය යුතුවාක් පමනක් නොව අහබු අකුරු පෙලක් symbols, numbers හා capitals ආකාරයට අතර මැදිව යොදා ගනිමින් සංකීර්න කර තබා ගැනීම වැදහත්ය.
      Install anti-virus software on your laptop and personal devices and keep it up to date වැදගත් වන්නේ එක අන්තයකින් ඕබේ ආරක්ෂාව සදහා පමනක් නොව ඔබගේ අලුත්ම උපකරනය පවා යලි පිලිසකර කල නොහැකි තරමේ හානිකරයන් ගෙන් ගලවා තබා ගැනීම සදහාය. මේ සදහා නොමිළේ මෙන්ම මිළඳී ගත හැකි ආරක්ෂක මෘතුකාංග රාශියක් ඇත. ඕබේ භාවිතාවේ ප්‍රමානයට සාපේක්ෂව මේ තොරා ගැනීම නුවණට හුරු වනු ඇත.
     Take care on public Wi-F වැදගත් වන්නේ ලොව පුරා මේ දුර්වලතා සොයමින් සරන්නන්ගෙන් අඩුවක් නොවන බැවිනි. විශේෂයෙන් වඩාත් sensitive apps එනම් mobile banking වැනි භාවිතාවන් මෙවන් වාතාවරනයන් තුලදී විවෘත නොකර සිටීම ඉතා වැදගත් විය හැක. එසේම අනවශ්‍ය ලෙසට විවෘත තබා ගැනීම වඩාත් හානිකර වන්නට ඉඩ ඇත.
Pubudu Siriwansa


 

Netflix භාවිතාවට පහසුවන වෙනසක්.

Netflix යනු ලොව බහුලතම subscription-based streaming service එකකි. මෙම භාවිතාවේදී ඔබට internet-connected device හරහා TV shows මෙන්ම movies නරබන්නට හැකිවේ. එසේම ප්බගේ iOS, Android,මෙන්ම Windows 10 device වලට එම TV shows හා movies අවශ්‍ය විටකදී download කරන්නටටත් පසුව  internet connection. එකකින් තොරව නරබන්නටත් අවස්ථාව ලැබේ. 
    The Verge පවසන්නේ ඔබ නරබමින් සිට අතරමග නතර කරන ලද "award-winning movies", "trending now" නැතිනම් "comedies" වැන්නක් පහසුවෙන් your queue වෙතින් ඉවත් කිරීමේ හැකියාව මේ වන විට US හා UK වෙතට ලබා දී ඇති බවයි. Netflix’s web, mobile, TV apps සදහා බලපාන ලෙසට මෙම හැකියාව දැනට සීමිතව ලබා දී ඇති අතර බොහෝ භාවිතාකරන්නන්ගේ ප්‍රසාධයට එය ලක්ව ඇති බවට වාර්ථා වනවා.
Pubudu Siriwansa

Raspberry Pi OS වල 64-bit download සූදානම්.

තොරතුරු තාක්ෂණය දෙසට වඩාත් ප්‍රායෝගිකව පැමිනෙන්නන්ගේ සිත් ගන්නා භවිතාවක් ලෙසට Raspberry Pi Foundation (RPF) ගෙනෙන Raspberry Pi OS එක හැඳින්විය හැක. එම ආයතනය පවසන්නේ මෙතෙක් කල් තම මෙහෙයුම් පද්ධතිය සීමාවූ 32-bit වලින් ඉදිරියට යමින් 64-bit සංස්කරනයක් හඳුන්වා දෙන්නට කටයුතු කර ඇති බවකි. මෙම 64-bit සංස්කරණයත් සමග 4GB - RAM හා වැඩි හැකියාවක් සමග කටයුතු කරන්නට හැකි වනු ඇත. ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරන්නේ Raspberry Pi computers සැලකීමේදී Pi 1, Pi 2, මෙන්ම Zero මට්ටමේදී 32-bit operating systems  මට්ටමට සහය දක්වන අතර Zero 2, Pi 3, මෙන්ම Pi 4  වලදී 64-bit operating systems මට්ටමට සහය දක්වනු ඇති බවයි. සමහර තාක්ෂණික දුර්වලතා කිහිපයක් වන මුත් නව පැමිනීම බොහෝ භාවිතකරන්නන්ගේ ප්‍රසාධයට ලක්වනු ඇති බවට බලාපොරොත්තු පල වෙමින් තිබෙනවා
Pubudu Siriwansa


 

2022-02-02

Microsoft Defender ඉහල සාර්ථකත්වයක් පෙන්වයි.

Germany මූලිකව ක්‍රියාත්මක වන IT Security research institute වෙතින් Windows 10 home users ඉලක්කකොට December 2021 ට අදාල  best anti-virus programs assessment report එක පවසන්නේ Windows Defender හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවයි. anti-malware programs 20ක් ඇසුරෙන් කරන ලද මෙම ඇගයීමේදී පූර්ණ අගය වන 18න් 17.5 points වාර්ථාකරන්නට එය සමත්ව ඇති බවටයි ඔවුන් වාර්ථාකරන්නේ. ඔවුන් පැහැදිලි කරන්නේ Protection, Performance, Usability යන අංග 3ක් යටතේ මෙම හැදෑරීම සිදුවන අතර එම ආයතනයේ October 2021 වාර්ථාවට අනූව ද Microsoft's Windows Defender ඉහල කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව වාර්ථාවූවා.
Pubudu Siriwansa


 

2022-02-01

Gmail වෙතට නව user interface එකක්

Gmail යනු ලොව බහුලතම email භාවිතාවය. එසේ මුත් පසුගිය වසර කිහිපය පුරාම Google ආයතනය විසින් Gmail වෙතට ප්‍රධාන ගනයේ updates නිකුතුවක් නොකරන ලදී. එසේ මුත් google පවසන්නේ තමන් Gmail වෙතට නව user interface එකක් ගෙනෙන්නට සූදානම් බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ නව interface එක ඔස්සේ පහසුවෙන් applications අතර ගමන් කරන්නට හැකි වන බවයි. පලමුව මෙම නව පැමිනීම  optionally වන අතර එය දැනට February 8 වල සිට opt-in banner ආකාරයට පැමිනෙන බවට පවසනවා. අනතුරුව April වල සිට එය Gmail වල සාමාන්‍ය UI එක වන අතර අවශ්‍යනම් classic interface වලට roll back  අවස්ථාව ගෙනෙන බවටද අවසානයේ Q2 2022 වන විට ඒය standard UI එක වීම හා අනිවාර්ය භාවිතාව වන්නට නියමිතයි. නව පැමිනීම Microsoft වල Outlook හා සාමන බවක් ගන්නා අතර Email වඩාත් පහසුවෙන් සංවිධානය කරගන්නට හැකිවීමත් Chat නැතිනම් Meets වැනි පහසුකම් සදහා එකම browser window වලටම ගොනුවීමත් Notification bubbles ඔස්සේ භාවිතය වඩාත් පහසු කිරීමත් ඇතුලු තවත් පහසු කම් සමග Google පොරොන්දු වෙන්නේ unified search experience එකක් ගෙනෙන්නට තමන් සූදානම් බවයි.

Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...