2022-02-06

තොරතුරු උපාංගය Reset කිරීම.

ඔබගේ තොරතුරු උපාංගය පෞද්ගලික මෙන්ම වෘතිමය ආකාරයට ඔබ ගැන අපමනක් තොරතුරු ‍රැස්වන ස්ථානයකි. එය Smart Phone එකක්, Tab එකක්, Lap එකක් පමනක් නොව Desktop එකක් වුවත් ඒවා සමග වන මෙහෙයුම් පද්ධති ‍රැගෙන එන reset නම් පහසුව වැදගත් වන්නේ මේ නිසාවෙනි.  උපකරණය හෝ එහි මෙහෙයුම් පද්ධතිය කුමක් වුවත් එහිදී සිදුවන්නේ මුල් සැකසුමට ඔබ්බෙන් එහි තැන්පත්වන සියළු තොරතුරු මකා දමා මූලික ස්වභාවයට නැවත පත් වීමය. 
    මෙම reset ක්‍රියාවලිය කිහිප ආකාරයකින් සිදු කරන්නට හැකිය. Factory reset වීමකදී උපාංගය නිෂ්පාදනාගාරයෙන් නිකුත් වීමට සමාන මට්ටමකට ආපසු ගෙන යන අතර සමහර සාමාන්‍ය reset එකකදී එහි මෙමෙයුම් පද්ධතිය මෙන්ම එහි අද දක්වා වූ යාවත්කාලීනයන් පමනක් නොව පසුව ඒ මත ස්ථාපිත කරන ලද මෘදුකාංග ඉතිරි වන මුත් ඒවා භාවිතාව ඔස්සේ ඉතිරිවන සියළුම දත්ත මකා දමන්නට කටයුතු කරනු ඇත. 
    මේ නිසාම backup යන්න සියළුම පාහේ උපාංග හෝ මෙහෙයුම් පද්ධති සමග ලැබෙන අමතර පහසුව වැදගත් වේ. උදාහරනයක් ලෙසට ඔබගේ Android දුරකථනකයේ ක්‍රියාකාරීත්වය ඉතා අවුල් සහගත වන විට හා සරල මට්ටමින් එනම් අවසන් වරට ස්ථාපනය කරන ලද app එක අස්ථාපනය කිරීම නැතිනම් දුරකථනය restart කිරීම වැනි ක්‍රමයක් ඔස්සේ සාමාන්‍ය තත්වයට පැමිනීම සිදුනොවන විට reset කර ගැටළුවට පෙර අවස්ථාවකදී ගෙන  තැබූ restore එකකට යාම සාර්ථක පිලියමක් වනු ඇත.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...