2022-02-05

වඩාත් ආරශිත WhatsApp භාවිතාවකට

ලොවපුරා සැලකූවිට 2billion භාවිතාකරන්නන් සිටින WhatsApp මොබයිල් මූලිකව ක්‍රියාත්මක වන PC සදහාද සූදානම්ව ඇති භාවිතාවකි. හදාරන්නන් පවසන්නේ මෙම බහුල භාවිතාව නිසාම බොහෝ hackers ලාගේ පහසු ඉලක්කයක්ව ඇත. විශේෂයෙන් පසුගිය pandemic කාලයේදී මේ තත්වය වඩාත් ඉහල මට්ටමකට පැමිනීම දක්නට ලැබුනු බවකි. Scammers නැතිනම් hackersලාගේ වඩ වඩාත් අලුත් වන උපංක්‍රම ඔස්සේ නව ගොදුරුවන්නන් සොයා යන්නට ඔවුන් නිතරම පෙලබෙන බව පෙනෙන්නට ඇත. පහත දැක්වෙන්නේ මෙම පහර දෙන්නන් නැතිනම් සොරාගන්නන්ගෙන් ඔබගේ ගිණුම සුරක්ෂිත කරගන්නට ඉවහල් විය හැකි සැරල භාවිතාවන් කිහිපයකි.

          නන්නාදුනන numbers සදහා ප්‍රථිචාර නොදැක්වීම ඉතාම වැදගත් හා බහුලව ගොදුරුවීම් වලදී හේතුවන කාරනයක් බව පෙන්වා දෙනු ලැබේ. සමහර විට ඉතා හැගුම් බර ආකාරයට හිතවතෙකුගේ අකරතැබ්බයක් බව පවසමින් තම ඉලක්ක වෙතට  භාවිතාකරන්නන් කැදවා ගන්නට ඔවුන් කටයුතු කරයි. විටක මුදල් ඉල්ලා කටයුතු කරන බව දක්නට ලැබේ. වඩාත් කල්පනාකාරීව තත්වය හඳුනා ගන්නට කටයුතු කිරීම වැදගත් වන අතර පහර දෙන්නන්ගේ උපංක්‍රමශීලී බව ගැන අවධානයෙන් සිටීම වැදගත් වේ.

           තවත් විටක වඩාත් ආකර්ෂනීය offer ආදිය ගැන පවසමින් random links ඔබ ලවා අවධිකරව අගන්නට ඔවුන් කටයුතු කරනු ඇත. ඒවායේ සවිස්තර වන ආකර්ෂණීය බව නිසාම scam වලට හසුව දෑ අහිමි කරගන්නන් බොහෝ බව පෙනේ. හැම විටම එම Link පිලිබඳව අවධානය යොමු කරමින් ඒවා සැබෑ වෙබ් අඩවි වලට සම්බන්දද යන්න දැන ගැනීමත් නැතිනම් අදාල ආයතනයන් ගෙන් විමසන්නට හැකි විටක විමසා සිටීමත් වැදගත් බව කිව යුතුය.

      WhatsApp මෙන්ම ඔබගේ සියළුම භාවිතාවන් පාහේ නිතරම යාවත්කාලීනව තබා ගැනීම ඉතා වැදගත්ය. බොහෝ විට එම ආයතනයන් මෙම යාවත්කාලීන ඔස්සේ දැනට හඳුනාගෙන ඇති දුර්වලතා පිලිසකර කරන අතර සමහර විට වඩාත් ආරෂිත මෙන්ම ආකර්ෂනීය අංග එක්කරන්නට කටයුතු කරයි.

Pubudu Siriwansa

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...