2013-06-30

ස්කයිප් මොබයිල් ඇප් දෙසට වැඩි අවධානයක්......

          මයික්‍රසොෆ්ට් ආයතනය 2011 දී පමන ස්කයිප් සේවාව මිළදී ගැනීමෙන් අනතුරුව  ඒ වෙත ඇදී එමින් සිටින භාවිතකරන්නන්ගේ සංක්‍යාව බෙහෙවින් ඉහල යමින් තිබෙන බවටයි එම ආයතනය පවසන්නේ. එම බාවිතාවන් අතරින් ඩෙස්ටොප් භාවිතාකරන්නන් ගේ සංක්‍යාව කෙමෙන් ඉක්මවමින් මොබයිල් භාවිතාකරන්නන්ගේ සංක්‍යාව වැඩි වෙමින් ඇති බව පවසන ඔවුන් එල බෙන මාස කිහිපය තුලදී ස්මාර්ට් උපාංග හා ටැබ්ලට් උපාංග ඔස්සේ තම සේවාව පතන භාවිතාකරන්නන් සදහා වැඩි අවධානයක් ලබා දෙමින් ස්කයිප් හි මොබයිල් ඇප් පහසුව තුල උපරිම සේවාවක්  වෙනුවෙන් සංවර්ධනය කෙරෙමින් පවතින බවටයි ප්‍රකාශ කරන්නේ.
                            කර්යක්ශමතාවය වැඩි වඩාත් ස්ථාවර මෙන්ම බැටරි බලය සු‍රැකෙන ආකාරයේ නව සංස්කරනයන් සදහා තම අවධානය යොමුකරමින් සිටින බව පවසන ඔවුන් ෆ්ලැට්ෆෝම් වල වෙනසක් නොසැලකෙමින් සියලු හා සමාන පහසුකම් විවිධ පරිගණක තල ඔස්සේ ගලායන භාවිතාවක් සැලසෙන සෙවාවක් එලබෙන වසර අග වන විටදී ලබාදීම තම අරමුන බවටයි ප්‍රකාශ වන්නේ.

ගූගල් රීඩර් සමුගන්නට සුදානම්ය.....

ගූගල් රීඩරය සමුගැනීමට කාලය පැමින තිබේ. ගූගල් ආයතනය පවසන්නේ බහුතරයක් භාවිතාකරන්නන් සමාජ ජාලා වැනි අවකාශ ඔස්සේ මේ වන විට තමන්ට අවශ්‍ය තොරතුරු සබදතා ඔස්සේ සම්බන්දකම් පවත්වමින් අදාල තොරතුරු ලබා ගැනීමේ යෙදෙමින් සිටීම තුල තම අවසන් කිරීමට නියමිත සේවාව ඒතරම් තීරනාත්මකව බල නොපානු ඇති බවයි.සැබවින්ම මේ සදහා විකල්ප බොහොමයක් ඇති මුත් ෆ්ලැට්ෆෝර්ම් කිහිපයක් ඔස්සේ , උපාංග කිහිපයක් මත එම පහසුව බලාපොරොත්තුවන්නන් සදහා ඇති විකල්පයන් නම් ඉතා අල්ප බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ.ඔවුන් වැඩි දුරටත් පවසන පරිදි වෘතිකයන් ලෙසට මාධ්‍යවෙදීන් , සිසුන් , හදාරන්නන් වැනි අයවලුන් සදහා මෙම අහිමිවීම සරල නොවනු ඇති බවයි. දැනට මත් ගූගල් රීඩර් භාවිතාකරමින් සිටින අයෙක් නම් ඔබ හෙට දිනයට පෙර මුලින්ම කල යුත්ත වන්නේ සැබැදියාව1 වෙත ගොස් දැනට මත් එහි ඇති දත්ත පරිගණකය වෙත බාගත කර ගැනීමයි. එහි ඇති |“Create Archive”| ඔස්සේ එම දත්ත |zip| ගොනුවක් ලෙසට ඔබට ලැබෙනු ඇත.
                                     සුලු ගෙවීමක් ඔස්සේ මේ සදහා වන විකල්පයන් ඇති මුත් නොමිලේ ලබා ගත හැකි ගූගල් රීඩර් සදහා වන විකල්පයන් අතර වඩාත් ජනංප්‍රිය සේවාවක් වන්නේ http://cloud.feedly.com/ සේවාවයි. මීට අමතරව http://digg.com සේවාව වෙතටද අවධානය යොමුකොට බැලිය හැකි විකල්ප සේවාවක් වනු ඇති බවයි පිලිගැනීම වන්නේ.

2013-06-29

සෝනි වෙතින් ෆැබ්ලට් උපාංග දෙකක්!!!!

   සමහර විටක උපාංගයකට තම මූලික ස්වභාවය ‍රැක ගනිමින් තම වර්ධනයේ ගලා යාම තව දුරටත් ‍රැගත නොහැකි වන විටදී තීරනාත්මක වෙනස්කම් සදහා පෙලබේ.සර්ෆේස් උපාංගය සංකේතවත් කරන්නේ එවන්නකි. ලැප්ටොප් උපාංගයේ හැකියාවත් සමග ටැබ් උපාංගයේ සැහැල්ලු ජංගම බව එහිදී එකිනෙක හමුවීමක් සිදුව ඇති බවක් දැකිය.ප්‍රචලිත වෙමින් ඇති ඇප් භාවිතය මෘදුකාංග ලොවට ගෙනෙනුයේද එවැනි වෙනසකි.
                          තවදුරටත් ජංගම දුරකථනයට එහි මූලික ආකෘතිය ‍රැක ගනිමින් පවතිනු නොහැකි වන විටදී එය ප්‍රොසේසර් බලය වැඩි කර ගනිමින් ස්මාර්ට් මට්ටමේ සේවයක් ගෙනෙන උපංගයක් බවට පත්විය. වේගවත් වර්ධනයක් ඇති විෂයක් වූ එය ක්‍රමයෙන් ටැබ්ලට් උපාංගය හා මුසුවීම සංකේතවත් කරමින් ෆැබ්ලට් උපකරනය ලෙසට දැන් පරිනාමය වෙමින් තිබෙනු දැකිය හැක.තරමක් විශාල උපාංගයක් වූ එය භාවිතාකරන්නා හට උපාංග දෙකක සේවාව ඉ‍ටු කරදෙන ආකාරයේ විසදුමක් ගෙන විත් ඇත. සමාජීයවද එය වඩාත් නවීන හා කාර්යක්ශම දත්ත භාවිතයක් ඇති පුද්ගලයෙකු ලෙසින් එහි හිමිකරුවා වෙත සමාජ පිලිගැනීමක් ගෙනෙන සංකේතයක් ලෙසින්ද පිලි ගැනෙනු දැකිය හැකිය.
                                   ජංගමව පරිගණක හැකියා භාවිතය ඉදිරි ගමන් මග බවට පිලිගැනෙමින් සෝනි ආයතනයද නව ෆැබ්ලට් උපාංග තුනක් ඉදිරි සැප්තැම්බරයේ නිකුතු වට සැර සෙන බවට පසුගියදා ප්‍රකාශකොට සිටියාය. ඒවා අඟල් 6.3 හා 6.4 ලෙසින් විශාල තිරවලින් යුත් ක්වාර්ඩ් කෝර්, ගිගා හර්ට්ස් 2.2  ක ප්‍රොසෙසර් බලයක් ඇති ඇන්ඩ්‍රොයිඩ් 4.2  මෙහෙයුම් පද්ධතියකින් සමන්විත වනු ඇති බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ. අඩි පහක හා විනාඩි 30ක සිමාවට යටත්ව ජලය යටදී ඡායාරුවක් මෙන්ම වීඩියෝ ගත කිරීමකට පවා මෙම උපාංගය සූදානම් බවටයි සෝනි ආයතනය වැඩි දුරටත් පවසා සිටින්නේ. සිනමා පටයක් නරබන්නට  ඊ පොතක් කියවන්නට මෙනපරිගණක ක්‍රීඩා සදහාද මෙම උපාංගය සුදුසු බවටයි එම ආයතනය වැඩි දුරටත් පවසා සිටියේ.

ඉපැරනි libraries භාවිතය පැමින ඇති This pc සමග අවලංගු වෙමින් ඇත......

           වින්ඩෝස් 8.1 වෙනස්කර ඇති දෑ බොහෝය.වෙනස් කර ඇතිදෑහිද පසුමින් ඇති කරුනු කාරනා විමසා බැලීම වඩාත් අපූරත්වය ගෙනෙන සුලුය. පෙර වින්ඩෝස් සංස්කරන වලදී  My Computar යන්න Computar ලෙසට වූ වෙනස වින්ඩෝස් 8.1 මෙගා යාවත්කාලීනය සමග This PC  ලෙසට වෙනස් වීම ඉන් එක් කාරනයකි.පෙර බොහෝ අවස්ථාවලදී පවසා ඇති පරිදි ක්‍රමයෙන් හුඳු ඔබගේ භෞතික පරිගණකය තවදුරටත් ඔබගේ ඩිජිටල් අනන්‍යතාවයේ සීමව නොවන බව මෙයින් හැගවෙනු ඇත. ස්කයි ඩ්‍රයිව් ඔස්සේ එම අනන්‍යතාවය දැන් වඩාත් පහසුවෙන් ඔබගේ උපාංගයෙන් උපාංගයට ගලා යමින් හුදු භෞතික උපාංගය තව දුරටත් ඔබගේ ඩිජිටල් අනන්‍යතාවයේ දෘශ්‍ය ශ්‍රව්‍ය කර දෙන සහයකයා පමනක් වීමේ යතාර්තය වඩාත් පැහැදිලි කරමින් සිටී.
                                         XP වැනි භාවිතාවන් හිදී  libraries  යන්න වැදගත් නිතර භාවිතාවන මෙහෙයුම් පද්ධතිය ගෙනෙන ස්ථානයක්ව තිබුන මුත් වින්ඩෝස් 8.1 යාවත්කාලීන සංස්කරනය සමග එය default තත්වයෙන් ඉවතට ගෙන ගොස් ඇත.අවශ්‍ය නම් එය අවදිකරවා ගැනීමට හැකි මට්ටමට පත්කර වඩාත් වේගයෙන් වෙනස් වෙමින් ඇති භාවිතාව තුල පෙර වූ ආකාරයේ නාමකරනය තවදුරටත් වලංගු නොවන බව හෝ ක්ලවුඩ්  මට්ටමේ අවකාශයන් එනම් ස්කයිප් වැනි පොදු පහසු ගොනු රදවන සංස්කෘතිය ඉදිරියේ පැරනි ආකෘතිවල අවලංගුබව මෙයින් හැගෙන බව විචාරක මතය වෙමින් ඇත.

යාහු වෙතින් සේවාවන් කිහිපයකම අවසන් කිරීම නිවේදනය වේ.....

         ගූගල් ආයතනය පසු ගිය කාලයේදී කල නිවේදනයකින් කියවූවේ තම සේවාවන් කිහිපයක්ම අවසන් කරන්නට තමන් තීර්නය කර ඇති බවකි. කාලානුරූපීව සයිබර් අවකාශයේ සිදුව ඇති නෙක වෙනස්කම් අනුව එම තීර්නය ගැනීම සදහා ක්‍රියා කලබවටයි ඔවුන් සදහන්කොට සිටියේ. යාහු ආයතනයද ගෙවීගිය පෙර දිනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තම සේවාවන් කිහිපයක් සමග අඩවීන් කිහිපයක පවත්වාගෙන යාමට තමන්ද තීර්නය කොට ඇති බවකි. මින් සමහරක් වසර 8ක දිගුකාලයක් සේවා සැපයීමේ කීර්තියක්ද සහිත වීම කැපී පෙනෙන ලක්ෂනයකි.
                             මේවා අතර 1995දී ඇරබී AltaVista search engine  සේවාව වන අතර එය එල බෙන ජූලි 8 දා වනවිට අවසන් කිරීමට නියමිත ඇති බවත්, වේගවත් වෙබ් සෙවුමක සහය වන Yahoo Axis web browser plug-in  මෘදුකාංගයද අද දින සිට අත්හැර දමනු ඇති  මුත් එහි මොබයිල් ඇප් මෘදුවක් ලෙසට කර ඇති නිකුතුව ඉදිරියට පවතිනු ඇති මුත් ආයතනය එය පවත්වාගෙන යාමේ කටයුතු අත් හැරිනු ඇති බවත් පවසා සිටිනවා. මීට අමතරව WebPlayer (closing June 30th), Yahoo RSS Alerts (closing July 1st), Yahoo Downloads Beta (closing July 31st) , Yahoo Local and Team Extraction APIs (September 28th)  වැනි සේවාවන්ගේ අවසන්කිරීම මේ වන විට සැලසුම් කර ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.

ටර්මිනේටර් සිනමා පෙලට නව එකතුවක් 2015 දී....

        තාක්ශනික පසුබිමක් මත දිවෙන අපූර්ව අත්දැකීම් සමග ප්‍රේක්ශක සිත් සතන් තුල නොමැකෙන මතකයක් ඉතිරි කරන්නට සමත්වූ සිනමා පට මාලාවක් වූ ටර්මිනේටර් හි නවතම සිනමා පටයක් එලබෙන 2015 ජුනි 16 වන විට නිකුත්වීමට සෙලසුම්  කොට ඇති බවටයි නිවේදනය වන්නේ. පෙර කථාමාලාවට සැබැදුනු කථා කොටසක් නොව වෙනම ගොඩ නැගෙන සිනමා සිතුවමක් ලෙසින් නිමා වන්නට නියමිත මෙම සිනමා පටයෙහි පෙර පෙර ඉදිරිපත් කිරීම් වලදී එහි කථා ප්‍රස්තූතයට අමතර පෞර්ෂත්වයක් ‍රැගෙන එන්නට දායක වූ Schwarzenegger  දායකත්වය ලැබීම පිලිබදව තවමත් පැහැදිලි තොරතුරක් නොමැති මුත් reboot ලෙසින් නම් වන මෙම සිනම පටය හා බැදුනු ඉදිරි සිනමා පට දෙකක් 2019 වන විට නිකුත්වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.

2013-06-28

ෆයර්ෆොක්ස් Logo වට වෙනසක් !!!

         මොසිල්ලා හි ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ලොව පුරා බාවිතාකරන්නන් බොහොමයකගේ සිත් දිනාගත් ප්‍රකට බ්‍රවුසර මෘදුකාංගයකි. මෙම සතියේ මොසිල්ලා ආයතනය පවසා සිටියේ 2009 වසරින් පසුව ප්‍රතම වතාවට තම බ්‍රවුසරයේ ලොගෝ වෙහි වෙනසක් ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවකි. " කාලය සමග ඩෙස්ටොප් බ්‍රවුසර භාවිතාව පුලුල් වී ඇත.ඇන්ඩ්‍රොයිඩ් , මැක් , ලිනක්ස් , වින්ඩෝස් වැනි මෙහෙයුම් පද්ධති බොහොමයක් පුරා මෙන්ම ඇප් හා නව මොබයිල් මෙහෙයුම් පද්ධති  වැනි විවිධ දිසාවට පැතිරුන ලෙසට එහි භාවිත වපසරිය පුලුල්වී ඇත. බ්‍රවුසර මෘදුකාංගයේ අභ්‍යන්තර දියුනු කිරීම් බොහොමයක්ම පැමින තිබුනද එහි ලෝගෝවේ හා අයිකනයේ වෙනස්වීමක් නොපැමින තිබීම සලකමින් මුත් එහි මූලික අදහස වෙනස් නොවන සේ කාලීන වෙනසක් එයට ගෙනෙන්නට අප තීර්නය කලෙමු" ලෙසට ඔවුන් පවසා සිටිනවා. එසේම ඔවුන් පවසා සිටින්නේ එම නවීකරනයේදී එලබෙමින් ඇති මොබයිල් භාවිතාව බහුල වීම තුල තම ලෝගොව හා ප්‍රොඩක්ට් අයිකනය කුඩා තිර උපාංගයකදී පවා පැවදිලිව දිස් වීම මෙන්ම අඩු තීවරතාවයක් සහිත තිරයකදී පවා පැහැදිලිව පෙනීම තම ඉලක්කය වූ බවයි. මෙම නව අංගයන් තම ෆයර් ෆොක්ස් 23 බීටා සංස්කරනය සමග මුලින්ම නිකුත් වන මුත් ඉදිරියේදී ක්‍රමත් ක්‍රමයෙන් තම අනෙකුත් සංස්කරන හා වෙබ් අඩවි වෙතට මුදා හරින බවටයි අවසාන වශයෙන් එහිදී ඔවුන් පවසා සිටියේ.

උපාංගයෙන් මිදුනු ඩිජිටල් ජීවිතය වින්8.1 වඩාත් තහවුරු කරයි.....

        මයික්‍රසොෆ්ට් සමාගම තම Visual Studio 2013 Preview හදුන්වාදෙමින් සංවර්ධකයන්ට ආරාධනා කර සිටියේ බින් යාන්ත්‍රනය තම ඇප් නිර්මාන වෙතට ගෙන එන්නට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සමග වඩාත් පහසු වන්ය් ඇති බවයි.සැබවින්ම ඔවුනට අවශ්‍ය වී ඇත්තේ තම සෙයුම් යන්ත්‍රය තව දුරටත් හුදු වෙබ් අඩවි සොයා යන්නෙකු ලෙස හෝ online චලන පටයක රසවිදීම ගෙනෙන සහයකයෙකු ලෙස නොව වඩා පුලුල්ව පැතිරුනු අවකාශයකට භාවිතාකරන්නන් ‍රැගෙන යන ෆ්ලැට්ෆෝමයක් ලෙසට ස්ථාවර වන්නට බවයි දක්නට ලැබෙන්නේ. ඔවුන් යෝජනා කරමින් සිටින්නේ ස්කයිඩ්‍රයිව් පහසුව පරිගණකයේ ‍තෝරතුරු ගබඩා පහසුව ලෙස යොදා ගනිමින් උපාංගයෙන් ඩිජිටල් අනන්‍යතාවය මුදවා ගෙන සියලු භාවිතාවන උපාංග අතරට පහසුවෙන් සරන්නට හැකි එලබෙන නව ඩිගිටල් ජීවිතයට පිවිසෙන ලෙසටයි. එපමනකුදු නොව ඇප් මෘදුකාංග සමගද පහසුවෙන් ඔබගේ පරිගණක භාවිතාව උපාංගයෙන් මුදවා ගන්නට හැකිවන අතර උදාවන හෙට දිනයේ වඩාත් නිදහස් ඩිජිටල් දිවියක් සදහා වින්ඩෝස් 8.1 තවත් ඉදිරි පියවරක් ‍රැගෙන විත් ඇති බවට ඉගි කරයි.

සෙයුම් යන්ත්‍රය මෙහෙයුම් පද්ධතිය තුලට කිදා බැස......

        එය සැබවින්ම සෙයුම් යන්ත්‍රයක් බවට පත්කොට ඇත. ඔබ සොයන්නේ ඔබගේ පරිගණකයේ දෘඩ තැටිය මතද නැතිනම් ඔබගේම පෞද්ගලික ක්ලවුඩ් අවකාශය මතද එසේත් නැතිනම් විවෘත වෙබ් අවකාශය මතද යන්න බෙදා වෙන් කර ගැනීමක් තව දුරටත් අදාල නොවේ.වින්ඩෝස් 8.1 සමග මේ අවකාශයන් සියල්ල ඔබගේ සෙවුම ඉදිරියේ සමානව පවතිනු ඇත. සාම්ප්‍රධායිකව සලකන විට වෙබ් අවකාශය මතට පමනක් දිග හැරුන සෙවුම් බලය ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සමග ඔබගේ ස්කයිප් අවකාශය මතට පමනක්ම  නොව දෘඩ තැටිය මතටද පැමින ඇත.
                                මෙයද තවත් අතකින් නියෝජනය කරනුයේ ඔබගේ ඩිජිටල් අනන්‍යතාවය උපාංගයට වඩා වැදගත් බව එලබෙමින් ඇති නව ප්‍රවනාතා පිලිගන්නා බවය. හුදු දෘඩාංග මතට සිරවුනු ඩිජිටල් අනන්‍යතාවය තව දුරටත් වලංගු නොවන යුගය එලබී ඇති බවය.සෙයුම් යන්ත්‍රය මෙහෙයුම් පද්ධතිය තුලට කිදා බැස පරිගණකයේ දෘඩ තැටිය ස්කයිඩ්‍රයිව් අවකාශය විවෘත වෙබ් අවකාශය එකම තලයක්ව වඩාත් නිවැරදි මෙන්ම ඔබට සමීප සෙයුම් ප්‍රථිපල එය ‍රැගෙන එනු ඇත.

2013-06-27

එක්ස්ප්ලොරා 11 සමග වඩාත් අපූර්ව වෙබ් සැරියකට.......

        වින්ඩෝස් 8.1 ‍රැගෙන විත් ඇති දෑ අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 වෙබ් බ්‍රවුසරයට හිමිවන්නේ නොමද අවධානයකි. වඩාත් ආරක්ශිත මෙන්ම දිනෙන් දින දියුනු වන වෙබ්  තාක්ශනයන් සමග කුලුපගව හැසිරෙන්නට සමත් වෙබ් බ්‍රවුසරයකට භාවිතාකරන්නන් වඩාත් ප්‍රිය කරනුයේ නිතැතිනි. මයික්‍රසොෆ්ට් වෙතින් අද පලවුනු වාර්ථාවක් පැවසුවේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සංස්කරනය වින්ඩෝස් 7 සදහාද ඉදිරියේදී නිකුත්වීමට නියමිත බවකි.
     ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 හදුන්වා දෙමින් ඊයේ පැවති හමුවේදී ආයතනය පවසා සිටියේ අනෙකුත් බොහෝ දියුනු කිරීම සමග එක්ස්ප්ලොරා 11 ගෙනැවිත් ඇති වදත්ම කැපී පෙනෙන දෑ වනුයේ වඩාත්ම ස්පර්ශක තිර මිත්‍ර භාවිතාවක් එය සමග වීමය. මීට අමතරව භාවිතාකරන්නෙකුට තමන්ට අවශ්‍ය වෙබ් අඩවියක්  ස්ටාර්ට් ස්ක්‍රීනයට pin කිරිමේ හැකියාව පමනක් නොව එම Tiles සජීවී මට්ටමේ පවත්වාගෙන යාමට හැකිවීම පවතින බවයි පැවසුනේ. එසේම වඩාතම HTML 5  සදහා සහය දක්වන බ්‍රවුසරය බවට එය හදුන්වදීමට ඔවුන් කටයුතු කල අතර ස්පර්ශක මිත්‍ර ඇගිලි තුඩු මෙහෙයවීමම  පමනක් නොව කීබෝඩය ඔස්සේද පහසු හැසිරවීමකට අවශ්‍ය නවාංග කිහිපයක්ම නව සංස්කරනය සමග වන් බවටයි පවසා සිටියේ.
                                  එක්ස්ප්ලොරා හි විවෘත කල හැකි කවුලු ප්‍රමානය අසීමිතවී ඇති අතර වැඩි වේලාවක් තුල ක්‍රියාත්මක නොවන ටැබ් කවුලූන් වෙත අඩු අවධනයක් දෙමින් වැඩි භාවිතාවක් ඇති ටැබ් කවුලු වෙත ප්‍රමුකව පරිගණක හැකියාව ලබා දෙමින් වඩාත් නම්‍ය වෙබ් භාවිතාවකට නව සංස්කරනය සහය වනු ඇති බවටයි පවසා සිටියේ. ෆේවරිට් ගොනුවට ඔබ එකතුකරනු ලබන වෙබ් ලිපිනයන් ගොනුව ඔබගේ අනෙකුත් වින්ඩෝස් 8 උපාංග සමග synchronise කරමින් සුවපහසු භාවිතාවක් ගෙනෙන්නට එය කටයුතු කරන අතර JEPG ගොනු සදහා වඩි දියුනු කරලද උපංක්‍රම ඔස්සේ වැඩි වේගයකින් වෙබ් පි‍ටුව වෙතට එම ඡායාරූ දැක්වීමේ හැකියාව මෙන්ම  Text rendering  හැකියාව එක්ස්ප්ලොරා 10 වලට වඩා 30 ගුනයක දියුනු කිරීම් සහිත වන බවටයි වැඩි දුරටත් ඔවුන් පවස සිටියේ.

ටැබ් උපාංගය මත තවදුරටත් දැලි නොගෑ වෙනු ඇත....

              වින්ඩෝස් 8.1 මුලුතැන්ගෙහි ආහාර පිසින ගෘහනියව අමතක කර නොමැත. තම ආහාර පිසීමකදී අදාල රෙසිපියේ ඔබ මොබ ගමන් කිරීමට ස්පර්ශක තිරය මත ඇගිලි තුඩු මෙහෙයවීමේ අවශ්‍යතාවය ඔස්සේ ඔබගේ ටැබ් උපාංගය අපිරිසිදු කර ගැනීමේ අවශ්‍යතාවය තවදුරටත් ගෘහනියන්ට අදාල නොවන බවටයි වින්ඩෝස් 8.1 ‍රැගෙන විත් ඇති , ටැබ් උපකරනයේ කැමරාව ඉදිරියෙන් අතක චලනය ඔස්සේ රෙසිපි කවුලුවේ ඔබ මොබ යාමේ හැකියාව පවසා සිටින්නේ.එසේම නව සංස්කරනය සමග වඩාත් ඩෙස්ටොප් හුරුවක් ඇති භාවිතාකරන්නෙකුට සහය දක්වමින් "හොට්ස් පොට්" සංවේදී බව නවතා දමා නුහුරු චාර්ම් බරය මතුවීමේ අපහසුව වලකාලන්නටත් හැකියාව ලබාදී තිබෙනවා.එසේම උපාංගයේ කැමරව ඔස්සේ අංශක 360ක පැනරොමාවක් පහසුවෙන් නිර්මානය කර ගැනීමටද හැකි වනු ලබනවා ඇති. ස්ක්‍රීන කී බෝඩය සමග ස්පේස් බාරය මත චලනයකින් ඔෆෝ ‍ෆිල් පහසුව ‍රැගෙන විත් ඇති අතර මෙල් පහසුවේදී අවශ්‍යවන ඡායාරුවක සංස්කරනයක් පහසුවෙන් කරගැනීමේ මෙන්ම එක ස්ක්‍රීනයක් මත පහසුවෙන් ඇප්  කවුලු දෙකක් විවෘතකර ගැනීමේ හැකියාවත් කැපී පෙනෙනවා ඇති.
 

ෆේස්බුක් වෙබ් සබදතාව වඩාත් ආරක්ශිත කෙරෙන තාක්ශනික පියවරක්!!!!

    ෆේස්බුක් ආයතනය වඩාත් සුරක්ශිත අන්තර්ජාල සබදතාවයක් ඔස්සේ තම භාවිතාකරන්නන්ගේ තොරතුරු බාහිර පාර්ශවයන් වෙත නිරවරනය වීම වැලකීමට කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ. විවිධ මට්ටම් වල පුද්ගලයින් තම අඩවියේ සබදතා වෙත එබී බලමින් සිදුවන තොරතුරු පැහැර ගැනීම් හමුවේ භාවිතාකරනන්ගේ අනන්‍යතාවය සු‍රැකෙනු වස් මෙම ක්‍රියාදාමය ගන්නා බවටයි එම ආරන්චිමාර්ග පවසා සිටින්නේ. ෆෙස්බුක් හි දැනට භාවිතාවන ආරක්ශන තාක්ශනය ඔස්සේ ඇතිවන සබදතාවයේදී සිදුවන්නේ එක් MASTER KEY යුගල එකක් ඔස්සේ සියලු සබදතාවල දත්ත එන්ක්‍රිප්ට් වීම වන අතර යොදාගැනීමට බලාපොරොත්තුවන නව තාක්ශනය ඔස්සේ සබදතාවලට වෙන වෙනම නිර්මානය වන master key  ඔස්සේ වඩාත් සුරක්ශිත සබදතාවයන් ගොඩනගා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි. 1990 මුල් භාගයේ හදුන්වා දුන් මෙම තාක්ශනය තවමත් ප්‍රධාන පෙලේ ආයතන පවා භාවිතානොකරන මුත් වඩාත් සුරක්ශිත වෙබ් සබදතාවයකට සහය දක්වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.

ඔෆීස් හි පොදු ඇප් සංස්කරනයක් එනු ඇත.....

     ගෙවීගිය දිනයේදී මයික්‍රසොෆ්ට් ආයතනය තම බිල්ඩ් 2013 හමුව අරබනු ලැබුවා. වින්ඩෝස් 8.1 හි පෙර සංස්කරනය නිකුතුව එහිදී කාගේත් අවධානය දිනා ගත් කාරනාව වූ අතර එලබෙමින් ඇති යුගය සදහා වඩාත් ජංගම මුත් බලයන් අනූන දත්ත උපාංග පැමිනීම හා වින්ඩෝස්8.1 එම උපාංග සමග වඩාත් සහයෙන් ක්‍රියාත්මක වන ආකාරය එහිදී පැහැදිලි කරනු ලැබුවා.
                                එහිදී පැවසුනු කාරනා අතර මයික්‍රසොෆ්ට් හි තවත් බහුල භාවිතාවක් ඇති මෘදුකාංගයක් වන ඔෆීස් හි ස්පර්ශක තිර වඩාත් මිත්‍ර සැහැල්ලු ඇප් ආකාරයේ සංස්කරනය පැමිනීම නිවේදනය වෙනු ලැබුවා. දැනට භාවිතා වෙමින් ඇති වින්ඩොස් RT ඔෆ්‍ෆිස් ඇප් සමග මෙම නව නික්තුව සංසන්දනය කරමින් පැවසුනේ පැමිනෙන්නා දැනට භාවිතාවන පලමු පරම් පරාවේ ඔෆීස් ඇප් මෘදුකාංගය මෙන් නොව සැහැල්ලු ස්පර්ශක තිර සහය ස්වභාවයන්ම ඇති මොඩර්න් මුහුනතට වඩාත් ගැලපෙන ආකාරයේ නිමැවුමක් වනු ඇති බවයි.එසේම මෙම පැමිනෙන්නා වින්ඩෝස් RT මෙන්ම වින්ඩෝස් 8 සියලු සංස්කරන වල මොඩර්න් මුහුනත සමග සහයෙන් ක්‍රියා කරන ඇප් නිමැවුමක් වනු ඇති බවයි.එහි මිල ගනන් හෝ නිකුත්වන දින වකවානු ගැන පැහැදිලි අදහසක් නොකියවුනු නමුත් එලබෙන වසර තුල එහි නිකුත්වීම සිදුවනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.

වින්ඩෝස් 8.1 සමග ත්‍රිමානීය මුද්‍රනයට නිල පිවිසුමක් ......

        ත්‍රිමානීය මුද්‍රනය වින්ඩෝස් 8.1 සමග නිල ලත් භාවිතාවක් බවට පත්කොට ඇත. ප්‍රථම වතාවට මෙහෙයුම් පද්ධතියක් තුලට ත්‍රිමානීය මුද්‍රනීය පහසුව දැන් පැමින ඇත. තාක්ශන ක්‍රම කිහිපයක් ඔස්සේ සිදුවන මෙම ක්‍රියාවලියේදී බහුලව දක්නට ලැබෙන ක්‍රමවේදය වන්නේ පරිගණකය මත නිර්මානය කරන ත්‍රිමානීය නිමැවුන්ම් සටහනක් ත්‍රීඩී ප්‍රින්ටරයක් ඔස්සේ ප්ලාස්ටික් මිශ්‍රිත අමුද්‍රව්‍ය භාවිතාකරමින් නිර්මානය කිරීමයි.මෙම අමුද්‍රව්‍ය වල වපසරිය ප්ලාස්ටික් වල සිට විවිධ ලෝහ වර්ග දක්වා විහිදෙනු ඇත.වර්තමානයේ ක්‍රමයෙන් මෙම භවිතාව වැඩි වෙමින් ඇති අතර පලදින ආභරනයක සිට යන්ත්‍රයක කොටස් දක්වා වන පුලුල් අවකාශයක වන දෛනික අවශයතා සදහා එය සූදානමින් ඇත.මෙම මුද්‍රන ක්‍රියාවලිය සදහා ලේසර් යොදාගනිමින් අමුද්‍රව්‍යයක් වෙතින් අනවශ්‍ය කොටස් ඉවත්කර දැමීමේ ක්‍රම වේදයක්ද භාවිතා වෙමින් ඇත.

අවසානයේ වින්ඩෝස්8.1 හි පෙර සංස්කරනය කරලියට පැමින ඇත.....

      අවසානයේ වින්ඩෝස්8.1 හි පෙර සංස්කරනය කරලියට පැමින ඇත.භාවිතාකරන්නා හට වඩාත් ඵලදායී මෙන්ම පහසු ජංගම භාවිතාවක් එය පෙර පොරොන්දුවූ පරිදිම ‍රැගෙන විත් ඇත. එහිදී වින්ඩෝස් 8 වඩාත් ප්‍රායෝගික , නම්‍ය මෙන්ම වැඩි භාවිතා අවකාශයකට විවර වන සංස්කරනයක් බවට පත්කොට ඇති අතර  වඩාත් පහසු මෙන්ම වැඩියෙන් ඇප් අවකාශය වෙත ම්ත්‍ර ලෙස දියුනු කොට ඇත. දෘඩාංග ක්‍රියාකාරීත්වය තීව්‍ර කරමින් අපූර්ව ත්‍රිමානීය අත්දැකීම් ඔස්සේ පරිගණක ක්‍රිඩා ප්‍රමුක ග්‍රැ‍ෆික් භාවිතවකට භාවිතාකරන්නා කැදවා ගෙන යන්නට සූදානම් බව පවසන මෙම නව සංස්කරනය ඇප් සංවර්ධකයන් වෙතටද පවසා සිටින්නේ නව වෙනස් මානයන් සහිත ඇප් නිර්මානයට කාලය පැමින ඇති බවකි.
                                                               සමස්තයක් ලෙසට ස්පර්ශක තිර මිත්‍ර බව මෙන්ම ඩෙස් ටොප් මට්ටමේ භාවිතාවට සුදානම් ජංගම ගතියෙන් වඩාත් සුසැදි වන සේ වින්ඩෝස් 8 නැවත නිර්මානය කරන්නට එහිදී හැකිව ඇත. ස්ටාර්ට් ස්ක්‍රීනය මතට වඩාත් කාර්යක්ශම  ටයිල ‍රැගෙන එන්නට කටයුතු කිරීම සමග සුපුරුදු ඩෙස්ටොප් භාවිතාවත් මොඩර්න් ස්ක්‍රීනයත් අතර පරතර වඩාත් පියවන්නට දෘශ්‍යව හෝ කටයුතු කොට ඇත.වඩාත් භාවිතාකරන්න පහසුවෙමින් ලයිව් ටයිලයන් වෙත අමතර ප්‍රමාන දෙකක් හදුන්වා දී ඇති අතර ටයිල මත වන ඡායාරූ ආදිය වෙනස් කරමින් භාවිතාකරන්නා වෙත වඩාත් මිත්‍ර භාවිතාවකට එය සූදානම්ව ඇත.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සමග වඩාත් ස්පර්ශක තිර මිත්‍ර භාවිතාව වැඩියෙන් වන මුත් දියුනු කල ආරක්ශාව  සමග වෙබ් අවකාශය තුල වඩාත් නම්‍ය පුලුල් හා වේගවත් වෙබ් සැරියක් භාවිතාකරන්නාහට යොජන කෙරෙන අතර වඩාත් වෙබ් තක්ශනයන් ප්‍රමානයකට මිත්‍රව පැමින ඇත.

2013-06-26

බිල්ඩ් 2013 පලමු දිනය (2)

      වින්8.1 සමග පහසු ත්‍රිමාන සටහන් වන හැකියාව දක්වන්නට ඔවුන් කටයුතු කල අතර ඇප් ස්ටෝර්ව වෙත ගෙනවිත් ඇති දියුනු කිරීම් සමග පහසුවෙන් නවතම ඇප් සංස්කරනය ලබා ගැනීමේ හැකියාව මෙන්ම ඇප් අලවිය පහසුවී ඇති අයුරු සමග සමස්තයක් ලෙස ඇප් ස්ටෝර්ව වෙත විත් ඇති නවතාවය විදින්නට ආරාධනා කරන ලදී. ග්‍ර‍ෆික් දෘඩාංග සමග කටයුතු කිරීමේ තාක්ශනයේ වඩි දියුනු කිරිම්  සමග පරිගණක ක්‍රිඩා වලට වින්ඩෝස් 8.1 වඩාත් මිත්‍ර බව සදහන්විනි.
       ත්‍රීඩී ප්‍රින්ටින් සදහා ස්වභාවයෙන්ම සහය වන බව වින්ඩෝස් 8.1 එය ප්‍රායෝගිකව පෙන්වන්නට කටයුතු කල අතර වයි ෆයි සබදතවයක් ඔස්සේ වින්ඩෝස් 8.1 උපාංග දෙකක් පහසුවෙන් සබද වන අයුරුද දක්වන්නට කටයුතු කරන ලදී. හදුන්වා දෙන නව ටැබ්ලට් මට්ටමේ උපාංග සමග පැමින ඇති වඩාත් වැඩි බැටරි කාලයක් මෙන්ම ප්‍රොසෙසර් හැකියාවන් ගැනද සදහන් විය.මෘදුකාංග සංවර්ධනය කරන්නන් වෙත වඩාත් දියුනු කිරීම් සහිත විසුවල් ස්‍ටුඩියෝ 2013 සහිත සර්ෆර්ස් ප්‍රො ඉදිරිපත්කරන්නටද කටයුතු කරනු දක්නට ලැබිනි.

බිල්ඩ් 2013 පලමු දිනය ඇරබි ඇත....

      බිල්ඩ් 2013 පලමු දිනය ඇරබි ඇත.පලමු දේශනය අරබමින් සදහන් වූවේ  වෙගවත් වී ඇති නව සංස්කරනයන් පැමිනීමේ ස්වභාවයයි. පී.සී ටැබ්ලට් උපාංග වල පැමිනීම සංකේතවත් කරමින් ඔහු පවසා සිටියේ ඩෙස්ටොප් හැකියාව ‍රැගෙන එන ටැබ්ලට් ස්වභාවයේ උපාංග වල එලබුමයි. වඩාත් ටච් මිත්‍ර බව එල බෙමින්  ඇති බවට පැවසූ ඔහු වෙගයෙන් වැඩි වෙමින් ඇති ඇප්ස් ප්‍රමානය හා ගුනාත්මක භාවය ඉස්මතුකොට පෙන්විය. සුපුරුදු ඩෙස්ටොප් පරිසරයට බූට් විමේ හැකියාව හා ස්ටාර්ට් බටනයේ පැමිනීම ස්තීර කරන්නටද ඔහු අමතක නොකලේය.එසේම ෆේස්බුක් ප්‍රමුක සමාජ ජාලා සදහා වඩාත් හිතවත් බවක් ‍රැගෙන එන වින්ඩෝස් 8.1 සමග විත් ඇති දියුනු කල බින් හි හැකියාව පිලිබදව සදහන් කලේය.
      අනතුරුව වින්ඩෝස් 8.1 සමග ස්ක්‍රීන් කී ඩෝඩය සමග ගෙස්චර් හැසිරවීමේ හැකියාව දක්වන ලද අතර බින් යනු තවත් දුරටත් ප්‍රථිපල සටහන්ක්ම නොව වඩාත් නම්‍යව භාවිතාකරන්නා සමග වීමේ  හැකියාව ඉස්මතුකර පෙන්විය. ලොග් ස්ක්‍රීනයේ සිටම චැටි කිරීමේ පහසුව වින්8.1 ගෙන විත් ඇති ආකාරය ප්‍රධර්ශනය කල අතර ස්ටාර්ට් ස්ක්‍රීනයේ සිට පහසුවෙන් සියලු ඇප් ස්ක්‍රීනය වෙත පිවිසීමේ හැකියාවද නව සංස්කරනය ‍රැගෙන ඇති බවට දක්වාලීය. ඡායා රුවක් එඩිට් කිරීමේදී වඩාත් පහසු ඇප් ‍රැගෙන විත් ඇති බව දක්වන්නට ක්‍රියා කල ඔවුන් මුලුතැන් ගෙහිදී ගෘහනියට වඩාත් නම්‍ය වන ඇප්ස් හැකියාවන් දක්වා සිටින්නටද කටයුතු කරනු දක්නට ලැබුනි.........

මෙහෙයුම් පද්ධති දෙදිසාවකින් චලනය වෙමින් සිටී......

       තොරතුරු අවකාශය අනෙකුත් බොහෝ විෂයන් වලට වඩා වෙනස් වේගයකින් චලනය වන්නකි. තවත් දිසාවකින් සැලකීමේදී තොරතුරු විෂය අනෙකුත් බොහෝ විෂයන් වලට වඩා දෛනික ජීවතයට බල පාන්නෙකි. සැබ වින්ම එය ඔබගේ රාජකාරී ජීවිතයට මෙන්ම විනෝදාස්වාදන ජීවිතයට මෙන්ම සමජීය මෙන්ම සෞක්‍ය ජීවිතය වැනි, ජිවිතය වටා පැතිරුනු සියලුම ස්වරූප හා සැබැදුනකි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යනුද ලොව පුරා බහුලතම භාවිතය ලබන තොරතුරු ලොකයේ එක් නියමුවෙකු ලෙසට නොසැලකීමට නොහැකි තරමේ ස්ථාවරයක් ලබා ඇති මෘදුකාංගයකි. තව හෝරා කිහිපයකින් ඇමරිකාවේ නගරයකදී සැලසුම් කර ඇති පරිදි වින්ඩෝස් 8 හි නව මෙගා යාවත්කාලීනයක බීටාව එලි දැක්වීමට සියල්ල සූදානම්ව පවතී. සැබවින්ම තොරතුරු ලෝකයේ හෙට දවස පිලිබද එය භෞතික සටහනක් වනු ඇත.
                                                      මෙහෙයුම් පද්ධති දෙදිසාවකින් චලනය වෙමින් සිටී. එක් දිසාවක් වන්නේ බරපතල ඩෙස්ටොප් භාවිතාවේ සිට සැහැල්ලු පහසු මෙන්ම ජංගම උපාංග දෙසට වන චලනයයි. තවත් දිසාවකින් එය වඩ වඩාත් ක්ලවුඩ් මූලික භාවිතාවකට ගමන් කරමින් සිටී. මයික්‍ර සොෆ්ට් සමාගම බොහෝ තාක්ශනික පරතරයන් නොසලකා මුත් සර්ෆේස් RT ඔස්සේ සැහැල්ලු ප්‍රොසෙසර් බලයක් සහිත උපාංග වෙත බරපතල ඩෙස්ටොප් භාවිතාවේ අඩුම තරමින් පිට කවරයවත් වින්ඩෝස් RT නමින් ගෙනෙන්නට තැත්කිරීම ආයතනිකව ඔවුනගේ හැදැරීම් අනුව හෙට දවස තොරතුරු උපාංග භාවිතාව පිලිබදව ඔවුනගේ දැක්ම පෙන්වන්නකි. තවත් අතකින් ක්ලවුඩ් තලය මතදී බරපතක භාවිතාවක් බොහොමයක් හමුවෙමින් උපාංගයක් ලෙසට ඉදිරියේදීත් තව තවත් ජංගම සැහැල්ලු වීමට ඇති අවශ්‍ය තාවයට ඔවුන් ගරුකරන බවට පෙන්වීමකි.

නිල ලෙස වින්ඩෝස් 8.1 දැන් දැකිය හැකිය....

මේ මොහොත වන විට සෙන් ෆැන්සිස්කෝ වල පැවතීමට සූදානමින් ඇති බිල්ඩ් 2013 සම්මන්ත්‍රනයට සමගාමීව   ප්‍රදර්ශනය කර ඇති සර්ෆේස් RT උපාංග වල වින්ඩෝස් 8.1 පෙර සංස්කරනය ප්‍රථම වරට නිල ලෙස ප්‍රශර්ශනය වෙමින් ඇති බවටයි වාර්ථා වෙන්නේ. බලපොරොත්තු වූ පරිදි ස්ටාර්ට් බටනය නැවත පැමින ඇති අයුරු මෙන්ම නවීකරනය කරලද නව ටයිල් ප්‍රමාන වලින් යුත් ස්ටාර්ට් ස්ක්‍රීනය මෙන්ම සැකසුම් වල වෙනස් කම් දක්නට ලැබෙන බවටයි වාර්ථා වන්නේ.

 
 
 

තම මව් උපාංගය වූ සාම්ප්‍රධායික පරිගණකයෙන් ස්වායන්ත වූ දත්ත ලේයරය සුලි සුලගක් මෙන්....

     තම මව් උපාංගය වූ සාම්ප්‍රධායික පරිගණකයෙන් ස්වායන්ත වූ දත්ත ලේයරය සුලි සුලගක් මෙන් ඔබ මොබ සරයි. එයට හමුවන සියල්ල මත තම අනන්‍යතවය නොහොත් භාවිත විශේෂන නාමය වන "ස්මාර්ට්" යන්න පටබදිමින් ගලා ගෙන යයි. විටක අයෙක් විසුලු මුසු වදනින් මෙම සිදුවීම විග්‍රහ කරන්නේ "ඉද හිටක හෝ දුරකථන ඇමතුමක්ද ගත හැකි ස්මාර්ට් දුරකථන ,  අවශ්‍ය වුව හොත් වෙලාවද  බල ගැනීමටත් හැකියාව ඇති ස්මාර්ට් අත් ඔරලෝසු , තව දුරටත් පුවත්පතක් කියවන්න සිනම පටයන් නර බන්නට නැති නම් කුඩා නින්දකට යන්නට, ඒත්  නොහැකි නම් පමනක් කම්මැලි බව මග හැරවා ගන්නට වාහනයේ පාලනය සියතට ගන්නට හැකි ස්මාර්ට් වාහන" ලෙසටය.
                                         සෝනි ආයතනය ආයතනය වෙතින් ස්මාර්ට් වොච් 2 අත් ඕරලෝසුව එවැනි ස්මාර්ට් මට්ටමේ අත්දැකීමක් තම භාවිතා කරන්නා වෙත ‍රැගෙන එන්නට සැදී පැහැදුනු තවත් ස්මාර්ට් මට්ටමේ උපාංගයකි. ඇන්ඩ්‍රොයිඩ් මට්ටමේ ක්‍රියාත්මක වීමක් ඇති මෙම උපංගය ජලය කාන්දු නොවන , දහවලේදීද හොදින් නැරබිය හැකි මුහුනතක් සහිත , NFC පහසුව ඇති , මෙන්ම පැමිනෙන ද්‍රකථන ඇමතුම් ලබ ගන්නට හා ඡයාරූ සටහන් ගත හැකි උපාංගයකි.එසේම ඊමේලයක් කියවන්නට මෙන්ම ගීතයකට සවන් දෙන්නට මෙන්ම තවත් පහසුකම් ඇති මෙම උපාංගය සදහා සහය වන ඇප් 200කට අධිකව ඇති බවටයි සටහන් වන්නේ.

හානිකර වෙබ් අඩවි හඳුනාගැනීම් දෛනිකව 10,000 ඉක්මවමින් තිබේ. -ගූගල් පවසයි-

       ගූගල් ආයතනය තම වාර්තාවකින් පවසා සිටින්නේ දෛනිකව හානිකර වෙබ් අඩවීන් 10000 කට ආසන්නව හදුනා ගනිමින් සිටින  බවයි.තම "සේෆ් බ්‍රවුසින් ටෙක්නොලොජි" යාන්ත්‍රනය ඔස්සේ සිදුවන මෙම හඳුනා ගැනීම් දෙයාකාරව විග්‍රහ කරන ඔවුන් පවසන්නේ තමන් වෙත පැමිනෙන්නන් වෙත හානිකරයන් නොහොත් මැල්වෙයාර් පතුරවන වෙබ් අඩවීන් හා ව්‍යාජව හැසිරෙමින් භාවිතාකරන්නන් ගෙන් තොරතුරු සොරා ගන්නා වෙබ් අඩවීන් ලෙසට ඒවා නම්කර සිටිනවා. මෙම වසරේදී පමනක් පෙරකී තම ආරක්ශක යාන්ත්‍රනය ඔස්සේ භාවිතාකරන්නන් වෙත හානිකරයන් පිලිබද අනතෘ ඇගවීම් මිලියන 88ක් නිකුත් කොට ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
                                             තම සේෆ් බ්‍රවුසින් යාන්ත්‍රනය භාවිතාකරන්නන් බිලියන 1 ක දත්ත සටහන් අනූව සැකසුන මෙම වාර්ථාවට අනූව මෙම වසර සලකද්දී සතියකට මැල්වෙයාර් පතුරවන වෙබ් අඩවීන් 42000ක් හා තොරතුරු සොරා ගන්නා වෙබ් අඩවීන් සතුයකට 26000 පමන හදුනාගනිමින් සිටින බව පවසන ඔවුන් මෙම වසර තුලදී තම භාවිතාකරන්නන් වෙත අනතුරු ඇගවීම් මිලියන 88ක් පමන නිකුත් කරන්නට තම්න් කටයුතු කොට ඇති බවටයි පවසන්නේ.මෙම වසරේ මුල් භාගයේ පමනක් ජාවා හා ඇක්‍රොබැට් රීඩරයේ දුර්වලතා ඔස්සේ වෙබ් අඩවි වෙතින් හානිකරයන් පැමින වීමට තැත් දරන වෙන් අඩවි 7500ක් හදුනා ගත් බවටත් පවසන ඔවුන් ගෙවී ගිය අප්‍රේල් මාසයේ පමනක් කතෲ අයිතීන් නිසා දත්ත ඉවත්කිරීම් සදහා වන ඉල්ලීම් 2000කට අධිකව ලැබුනු බවටත් පවසා සිටිනවා.

වින්ඩෝස් 9 එලබෙන වසරේ නොවැම්බරයේ???????

       නොනිල මට්ටමේ වුවද පැතිරෙමින් ඇති නවතම තොරතුරු පවසමින් සිටින්නේ වින්ඩෝස් 9 හෝ මයික්‍රසොෆ්ට් සමාගමේ මීලග මෙහෙයුම් පදධතිය එලබෙන වසරේ එනම් 2014 නොවැම්බරයේ නිකුත්වීමට ඉඩ ඇති බවයි. එහෙත් තවමත් ස්තීරවී නැති ස්ථාවරයක පවතින මෙම තීර්නය වින්ඩෝස්8  සදහා තවත් යාවත්කාලීනයක් ‍රැගෙන ඒමේ (වින්ඩෝස් 8.2) තීර්නයක් සමග වෙනස්වීමේ ඉඩකඩ තවමත් විවෘතව පවතින බවටයි හෙලිකර සිටින්නේ.සමහර විටක වින්ඩෝස් 8.1 සදහා තවත් යාවත්කාලීනයක් සමගම එම වසරේදීම එනම් 2014 වසරේදීම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සදහා මීලග සංස්කරනයද පැමිනීමේ ඉඩ කඩද බැහැර කල නොහැකි බවයි සමහර විචාරක මතය වෙමින් ඇත්තේ.
                 කෙසේ වෙතතත් මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස වින්ඩෝස් 8.1 නැතිනම් බ්ලූ සංස්කරනය සමග ස්ටාර්ය් බටනය නැවත පැමිනීම ත්යහවුරු කොට සිටිනවා. පැමිනෙන්නට නියමිත ස්ටාර්ට් බටනය "පවර් ඔප්ෂන්" ඔස්සේ ගොස් අවදිකරවා ගන්නට භාවිතකරන්නා හට හැකි වන අතර ස්ටාට් බටනය මත රයිට් ක්ලික් කොට මතුවන ගොනුව ඔස්සේ පරිගණකය ශට් ඩවුන් හෝ රී ස්ටාර්ට් වැනි තේරීම අවස්ථාද පැමිනෙනු ඇතිබවටයි බලපොරොත්තු වෙමින් ඇත්තේ.

2013-06-25

වින්ඩෝස් 8.1 පෙර සංස්කරනයට වින්ඩෝස් ලයිව් ගිනුමක් අනිවාර්යයි...

      ඔබ වින්ඩෝස් 8.1 පෙර සංස්කරනය භාවිතාකරන්නට සුදානම් වන්නේ නම් ඔබගේ වින්ඩෝස් ලයිව් ගිනුම අත්‍යාවශ්‍ය වනු ඇති බවටයි හෙලි වෙමින් ඇති තොරතුරු පවසන්නේ. පිටව ඇති නිල නොවන එම සටහනට අනූව වින්ඩෝස් 8.1 හෝ බ්ලූ සංස්කරනය අන්තර්ජාලයෙන් බැහැරව භාවිතාකිරිමට බලාපොරොත්තු වන්නේ නම් එහි අවසාන සංස්කරනය නිකුත්වන තෙක් පමා වන්නට සිදුවනු ඇති බවටයි එම තොරතුරු හෙලි කරන්නේ.එහි හෙලිවන තොරතුරුවලට අනූව වින්ඩෝස් 8.1 පෙර සංස්කරනය වෙනම "සෙට් අප්" ගොනුවක් සහිතව පැමිනියද අවසන් සංස්කරනය යාවත්කාලීනයක් ලෙසට පැමිනීමට ඉඩ ඇති බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ. එසේම වින්ඩෝස් RT 8.1 සදහා ගිග බයිට 10ක අමතර අවකාශයක් අවශ්‍ය වන බවට වන තොරතුර සැලකීමේදී ගිගාබටිට 32 තොරතුරු ගබඩා හැකියාවක් සහිත ටැබ් උපාංගයක් භවිතාකරන්නේකුට  තම ඇප්ස් සදහා ඉතිරිවන්නේ ගිගා බයිට 5ක අවකාශයක් විම හදාරන්නන් විමතිය පලකරමින් සිටිනවා. එසේම දැනට වින්ඩෝස් 8  භාවිතාවන උපකරනයට වෙනස් භාෂා තේරීමක් සහිතව නව යාවත්කාලීනය ස්ථාපනය කලහොත් පෙර භාවිතාවූ සියලු ඇප්ස් හා සැකසුම් අහිමිවිමේ අවදානමක් ගැනත් තොරතුරු හෙලි වෙමින් පවතිනවා. මිට අමතරව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සමග පැමිනෙන්නට නියමිත නවාංග අතර "ක්ලික් ‍ටු කෝල්" අංගය දැකිය හැකියි. මෙම පහසුවත් සමග එක්ස්ප්ලොරා 11 බ්‍රවුසරය මත දිග හැරෙන වෙබ් අඩවියක වන දුරකථන අංකයක් සදහා බ්‍රවුසර කවුලුව තුල සිටම ඇමතුමක් ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ.

වින්ඩෝස් 8.1 සමගද Betta fish සහිත පසුබිම් මුහුනතක්!!!!!

       වින්ඩෝස් 7 පෙර සංස්කරනයත් සමග මයික්‍රසොෆ්ට් ආයතනය භාවිතාකරන්නන් වෙත බොහෝ වෙනස්දැ ගෙනෙන්නට පියවර ගෙන තිබිනි. වින්ඩෝස් 7 පෙර සංස්කරනයත් සමග ඇරබුනු තවත් මයික්‍රසොෆ්ට් සම්ප්‍රදායක් වූවේ මාලුවෙකුගේ රූසටහනක් තම බීටා සංස්කරන වලදී ප්‍රධාන මුහුනතෙහි දක්වා ලීමයි. වින්ඩෝස් 7 පෙර සංස්කරන වලදී මෙන්ම වින්ඩෝස් 8 පෙර සංස්කරන වලදීත් මේ බව දක්නට ලැබුනි.මේ වන විට නිකුත්ව ඇති වින්ඩෝස් සර්වර් බ්ලූ සස්කරනයේදිත් මේ හා සමාන ප්‍රධාන තිර පසු බිමක් දක්නට ඇති අතර පැමිනීමට නියමිත වින්ඩෝස් 8.1 පෙර සංස්කරනය සමගද මෙවැනී චායාසටහනකින් සැරසුනු පසුබිමක් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකිවනවා.

වඩාත් සංකීර්න ඇල්ගෝරිතමයන් නිර්මානය කිරීමට වඩා ඒවා තුලට මිනිස් ස්වභාවයන් එන්නත් කිරීම

..........කාලය විටක මහත්සේ සෙමින් ද තවත් විටක නෙතු පියන් සලන වේගයකින්ද ගලා ගොස් තිබිනි. දෑවසරක් හමාරව තෙවන වසර මාගේ අධ්‍යාපනික දිවියට පැමින තිබිනි.හදාරන විෂයන්ගේ සාමන්‍ය භාවිතාව කොටස් පසුකරමින් ඒවායේ තීවර කොටස් දෙසට අපව ‍රැගෙන යමින් තිබිනි. අධිතාර්කික කාරනා වැඩියෙන්ම ටීටාව වැනි පරිගණක හැකියාවෙන් වැඩි උපකරන වෙතට භාරවෙමින් තිබුන අතර තොරතුරු තාක්ශනය මතට වඩාත් මිනිස්  ස්වභාවයන් ‍රැගෙන එන්නට උත්සාහ කිරිම දෙසට හැදෑරෙන සියලු කාරනවල ඉලක්කය යොමුව ඇති බවක් අප වෙත වැටහෙමින් තිබිනි. පෙර කාලයේ දී සිදුවී ඇතුවාක් මෙන් මේ වන විට උසස් අධ්‍යාපන ආයතනයේ ගොඩ නැගිලි මත හෝ වටා ඇති තාප්ප මත තබන ආවේශීලි හෝ උපහාසතමක සටහන් සංකෘතිය අවසන්ව තිබු මුත් දත්ත අවකාශය තුල ඒ සදහා ඉඩක් ලැබි තිබුන අතර ඒවා පාලනය කිරීමෙහි ලා මෙන්ම සටහන් කිරීමෙහිලා ද දියුනු අවබෝධයක් ඇතිවී තිබිනි. එක් සිසුවෙකු තබා තිබූ සටහනකින් පෙර කී තත්වය අපූරුවට සටහන්ව තිබිනි. " අප පසුකරමින් සිටින කාලය වන්නේ වඩාත් සංකීර්න ඇල්ගෝරිතමයන් නිර්මානය කිරීමට වඩා ඒවා තුලට මිනිස් ස්වභාවයන් එන්නත් කිරීම වඩාත් වැදගත් ලෙසට සලකන කාලයයි.".........

වින්ඩෝස් ක්ලවුඩ් තලයේදීත් ඔරකල් මෘදුකාංග ධාවන පහසුව!!!!

     මයික්‍රසොෆ්ට් යනු තොරතුරු ලෝකයේ දැවැන්තයෙකි. ඔරකල් ආයතනයද තොරතුරු ලෝකය තුල මග හැරිය නොහැකි දැවැන්තයෙකි. ගෙවී ගිය සතු කිහිපය තුල මෙම අයතනදෙකිම එකාබද්ධව කෙරෙන නිවේදනයක් පිලිබදව පෙර දැනුම් දීමක් කර තිබුනි.පසුගියදා එම නිවේදනය සෑබෑවක් කරමින් එම මාධ්‍ය හමුව සිදුවුනු අතර එහිදී ප්‍රකාශවූවේ ඔරකල ආයතනයේ සමහර මෘදුකංග මයික්‍රසොෆ්ට් හි සර්වර් මට්ටමේ සේවාව මත ක්‍රියාත්මක කිරිමේ හැකියාව ලැබෙනු ඇති බවය. ප්‍රධාන ලෙස මයික්‍රසොෆ්ට් සේවාවන් දෙකක් වන Windows Server Hyper-V හා  Windows Azure වල මෙම පහසුව ලැබෙනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ. ඒ අනූව මින් ඉදිරියේදී මයික්‍රසොෆ්ට් තලයේදී "ජාවා , ඔරකල් ඩේටා බේස්,ඔරකල් වෙබ් ලොගික් සර්වර් ආදිය ධාවනයට හැකිවන අතර ඉදිරියේදී ඔරකල් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියද මෙම භාවිතාවට පැමිනෙනු ඇති බවටත් වැඩි දුරටත් ප්‍රකාශ වුනා.
                 මෙහිදී මයික්‍රසොෆ්ට් ආයතනය වෙනුවෙන් ප්‍රකශයක් කල එහ්හි ප්‍රධාන විධායක මහතෙකු පැවසුවේ  වින්ඩොස් අවකාශය වඩාත් නම්‍ය හා පුලුල් වපසරියක් ඔස්සේ පැතිරුනු සේවාවන් බා දීමට හැකිවන බවත්  ක්ලවුඩ් මට්ටමේදී වන මෙම හමුව වඩාත් පලදායී වනු ඇති බවත්ය.

වින්8.1 වඩාත් සමීප වේවි/ බින් සෙයුම් යන්ත්‍රය පාසැල් සංස්කරනයක්!!

                තොරතුරු හදාරන්නන් පවසන්නේ වින්ඩෝස්8 කෙරෙහි අකමැත්ත පලකල බොහෝ පිරිස් සදහා වින්ඩෝස් 8.1 නැවත සිතා බැලීමේ අවස්ථවක් ‍රැගෙන එනු ඇති බවයි. ස්ටාර්ට් බටනය නැවත පැමිනීම ස්පර්ශක තිර භාවිතා නොවන   පරිගණක සදහා කෙලින්ම සුපුරුදු ඩෙස්ටොප් මුහුනතට පැමිනීමේ හැකියාව ඇතුලු වෙනස්කම්  රාශියක් සමග පැම්නිනෙන මෙම යාවත්කාලීන සංස්කරනයට භාවිතාකරන්නන් වෙතින් ලබන ප්‍රථිචාරය වඩාත් තීර්නාත්මක වනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු පල කරන්නේ.
                              මයික්‍රසොෆ්ට් ආයතනය තම බින් සෙයුම් යන්ත්‍රය පාසැල් සදහා වන නව හඳුන්වාදිමක් පිලිබදව තොරතුරු පල කර සිටිනවා.ඔවුන් පවසන්නේ තම සෙයුම් යන්ත්‍රයේ හැකියාව පාසැල් වෙතට ලබා දීමේදී වෙළඳ දැන්වීම් වලින් තොරවීම මෙන්ම වැඩිහිටි ප්‍රථිපල පෙරාදැමීම වැනි සුරක්ශිත කිරීම වලින් සමන් විත වනු ඇති බවයි. එසේම "ඩිගිටල් ලිටරසි" වැනි තොරතුරු අවකාශයට පිවිසීමට අදාල දැනුම වඩවන වැඩසටහන් වලින්ද සම්න්විත කිරීමට තමන් තීර්නය කර ඇති බවටයි පවසා සිටින්නේ.වැඩි දුරටත් ඔවුන් පවසන්නේ පාසැල් පද්ධති වල පවතින තොරතුරු ජාලයන්ද මෙම බින් ප්‍රතිපල වලට ඇතුලත්වීමේ අවස්ථාවද මෙයත් සමග වන බවයි.

සැම්සොන් සමාගම ඩෙස්ටොප් පරිගණක නිෂ්පාදනයෙන් සමු ගැනීමට තීර්නයක්!!!

      වින්ඩෝස් 8.1 පෙර සංස්කරනය පැමිනීමට ඇත්තේ හෝරා කිහිපයක් පමනී.  දැනට නිකුත්ව ඇති තොරතුරු වලට අනූව වින්ඩෝස් 8.1 එහි පෙර සංස්කරනයටත් වඩා කුඩා මොබයිල් පරිගණක වෙතට සමීප බවක් ‍රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තු පල වන්නේ. සමස්තයක් ලෙසට ලොව වැඩිම භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතිය මෙසේ කෙමෙන් ඩෙස්ටොප් ආකෘතියෙන් කෙමෙන් ඉවත්වෙමින් පවතිද්දී එම සමු ගැනීම වඩාත් තහවුරු කෙරෙන පුවතක් සැම්සොන්  සමාගමෙන් නිකුත්වෙමින් තිබෙනවා.
                                ඔවුන් පවසන්නේ තම ආයතනය මින් ඉදිරියට ඩෙස් ටොප් ආකරයේ පරිගණක නිෂ්පාදනයෙන් ඉවත්වීමට තීර්නය කර ඇති බවකි. ඒසේ මුත් නෝට්බුක් හා ටැබ්ලට් මෙන්ම  ඔල් ඉන් වන් ආකාරයේ මෙන්ම හයිබ්‍රයිඩ් ආකාරයේ පරිගණක ඉදිරියටද නිකුත්වෙනු ඇති බවටයි පවසා සිටින්නේ. ආයතනය ගෙවී ගිය සතියේ නිවේදනය කර සිටියේ වින්ඩෝස් 8 හා ඇඩ්‍රොයිඩ් භාවිතාකල හැකි ආකාරයේ නෝට් බුක් හා නෝට් බුක් හයිඩ්බ්‍රයිඩ්  පරිගණක මෝස්තර3 නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

2013-06-23

පහසු ඩවුන්ලෝඩර් මෘදුකාංගයක්!!

     ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් යනු ඔබගේ පරිගණක භාවිතය කිනම් දිශාවකට විහිදුනද මග හැරිය නොහැකි අවශ්‍යතාවයකි. මේ සදහා මිලදී ගත යුතු මෘදුකාංග වෙනස් කිරිම් සමග එන හානිකර අඩංගු ස්ථාපනයන්ට තම පරිගණකය විවෘත කරදී අපහසුවන්ට ලක්වූවන්ගේ සිට ඇඩ් වෙයාර් හා වෙනත් කරදරකාරී මෘදුකාංග වලට එකග වීමෙන් අපහසුවට පත්වූ අය බොහෝය. නොමිළේ භාවිතා කල හැකි මුත් පෙර කී ආකාරයේ අපහසුවන්ට ලක් නොවීමේ සහතිකය මෙම මෘදුකාංගයේ නිමාතෘවරුන් ලබා දිම මෙහිදී වැදගත් වේ.පහත දැක්වෙන මෘදුකාංගය ගැන එහි නිමැවුම් කරුවන් පවසන්නේ  බහුල භවිතාවක් ඇති සියලුම පාහේ ප්‍රොටකෝලයන්ට සහය දක්වන ඩවුලෝඩ් හැකියාව දස ගුනයක් දක්වා වැඩි කර දෙන මෙන්ම පරිගණකයේ ආරක්ශක මෘදුකාංග සමග පහසුවෙන් කටයුතු කරමින් බාගත කර ගන්නා ගොනු වල හානිකරබව ගැන සැලකිලිමත් වන පහසු හැසිරවීමක් සහිත මෘදුකාංගයක් බවයි.

වඩාත් හොඳම බ්‍රවුසරය කුමක්ද යන්න ගැටලු සහිත කාරනාවකි......

             බ්‍රවුසර තරගය නිහඬ යුද්ධයකි. ලොව බහුලතම භාවිතයක් ඇති මෘදු කොටස් අතර අන්තර්ජාලය සදහා පිවිසීමේදී අනිවාර්ය මැදිහත් කරුවා වන බ්‍රවුසරය යනු අමතක කල නොහැකිතම සාධකයකි. භාවිතාවන බ්‍රවුසර වර්ග බොහොමයක් තිබුනද ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා, ගූගල් ක්‍රෝම් හා මොසිල්ලා ෆයර් ෆොක්ස් ඉහලින්ම සටහන් වන බ්‍රවුසරයන් වන්නේ ලොව වැඩිම භාවිතාවක් ලබන මෙමෘදුකාංග කොටස් ලෙසටය.අප පරිගණකයට වින්ඩෝස් වල ඔනෑම සංස්කරනයක් ස්ථපනය කර ගන්නා විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි යම් සංස්කරනයක්ද ස්ථාපනය වන්නේ ස්වංක්‍රීයවමය. මේ වන විට වින්ඩෝස් 8 සමග පැමින ඇති මයික්‍රසොෆ්ට් බ්‍රවුසරය වන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනයයි.
                            පරිගණකයේ ස්ථාපිතව ඇති අනෙකුත් මෘදුකාංග හා සැලකීමේදී බ්‍රවුසරය වඩාත් විදිමත්ව පවත්වාගෙන යාමේ වගකීම භාවිතාකරන්නා හට පැවරෙන්නේ එහි වන දුරවලතවයක් ඔස්සේ පහසුවෙන් භාහිර පහර දෙන්නෙකුට අපගේ පරිගණකයට පිවිසීමේ අවස්ථාව ලැබෙන නිසාය. මේ වන විට බ්‍රවුසරයක් යනු හුදු අන්තර්ජාල සබදතාවය ඔස්සේ පැමිනෙන ගොනු ශ්‍රව්‍ය දෘශ්‍ය බවට පත්කර අපවෙත ගෙනෙන්නට සහය වන මෘදුකාංගයක් ලෙසට පමනක් නොව ඒවා සමග පැමිනිය හැනි බොහෝ හානීන් වලකන බොහෝ උපාංගද අඩ්ංගුව පැමිනීම දැකිය හැකිය. ඊට අමතරව බාහිරවද එවැනි පහසුකම් සලසන මෘදු කොටස් අවශය පරිදි බ්‍රවුසරයට ඈදෑ ගැනීමේ හැකියාව පවතී. අප කිනම් නාමයක් යටතේ පැමිනෙන බ්‍රවුසරයක් පරිහරනය කලද එහි වඩාත්ම අලුත් සංස්කරනය භාවිතාකරන්නටත් අප යොදා ගන්නා කාරනවට අනූව බ්‍රවුසරය සමග පැමින ඇති සැකසුම් වෙතින් ලැබෙන සහය ලබා ගැනීමත් පරිගණකයේ යහ පැවත්මට හිතැති වනු ඇත.
                                           වඩාත් හොඳම බ්‍රවුසරය කුමක්ද යන්න ගැටලු සහිත කාරනාවකි. මූලිකව ප්‍රධාන මට්ටමේ ඇති බ්‍රවුසරයන් එකිනෙක නොදෙවනි වනසේ පවත්වාගෙන යාමට සෑම විටම අදාල ආයතන පියවර ගැනීම ස්වභාවයයි. එහෙත් කාලානුරූපව වෙනස් වන පහර දෙන්නන්ගේ තාක්ශනයන් හා එම බ්‍රවුසරයන් නිමවාවීමේදී භාවිතාවන තාක්ශනයන් අතර වන පරතරයන් ඔස්සේ තාවකාලිකව වඩාත් හොඳ බ්‍රවුසරයන් මෙය යැයි මතයන් ඇතිවේ. කලාතුරකින් ආයතනද මේ සදහා වගකිව යුත්තන් බවට පත්වන්නේ තම බ්‍රවුසරයන් ගේ යහ පැවත්මට අදාල යාවත්කාලීනයන් නිකුත් කිරීමේදී සමහරුන් වඩාත් ක්‍රියාකාරී වන අතර තවත් ආයතන මාසිකවද විටක ඊටත් වඩා කාල පරතරයන් භාවිතා කිරීමය.

ගනන හැකියාව හා මතක හැකියාව වේගයෙන් මිනිස් සිරුර මතට සවිවෙමින් තිබේ........

       ගනන හැකියාව හා මතක හැකියාව වේගයෙන් මිනිස් සිරුර මතට සවිවෙමින් තිබේ.එය හුදු ඔබගේ ශීතකරනයේ තාක්ශනය හෝ වතුර මෝටරයේ තාක්ශනයට වඩා වෙනස්ය.එය මිනිස් මනසේ තාක්ශනයේ දිගුවකි.එයට ස්වාධීනව පැවතිය නොහැක. මිනිස් සිරුර ප්‍රමුක දෛනික උපාංග මතට සැග වෙමින් ඒවා ස්මාර්ට් කිරීම එයට ඇති එකම හැකියාවයි.තමා බැදෙන උපාංගයේ ගනන හැකියාව හා මතක හැකියාව වැඩිකරලමින් එම උපාංගය උත්කර්ෂවත් කිරීම එයට ඇති හා හැකි එකම කාරනාව වේ.
                                අනෙකුත් බොහෝ විෂයන් හා සැසදීමේදී මෙම විෂය මහත් අපූරත්වයක් පෙන්වයි. එහි සීමාව දෙපසකින් සටහන් වේ.එක් අගකදී තමන්ව නිර්මානය කරන්නට යොදා ගන්නා ලෝහ ද්‍රව්‍යයන් වල හැකියා සීමාවය.අනෙත් කෙරවල මිනිස් මනසක නිර්මාන ශීලීත්වයේ සීමාව කරගත් ඇල්ගොරිතමයන් පදනම් වන ක්‍රම ලේඛන පවතී. දෙදිසාවෙන්ම එය නිරන්තරයෙන් වර්ධනය වෙමින් පවතී. වඩාත් නම්‍ය චලන හැකියාවක් ඇති ලෝහ ද්‍රව්‍ය සොයා යන එක් අන්තයක් ඉන් පසුව ජීව විද්‍යාත්මක අමුද්‍රව්‍ය වැනි වෙනත් වැඩි චලන හැකියාවක් ලබා දෙන විෂයක් මතට පැමිනෙනු ඇත. අනෙත් කෙරවල සීමාව ඔබගේ මනස සතු නිර්මානශීලීත්වයේ සීමාවාවය.එය අනන්තය අප්‍රමානය.

2013-06-22

වින්ඩෝස් 8.1 ඩෙස්ටොප් හි නොනිල සටහනක්...

      මයික්‍රසොෆ්ට් ආයතනයේ වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධතිය වෙත නිකුත්වන ප්‍රධාන යාවත්කාලීනයක් ලෙසට නම් වන වින්ඩෝස් 8.1 හෝ වින්ඩෝස් බ්ලූ*පෙර සංස්කරනය නිකුතුව සදහා ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි.මෙම මස අගදී පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙලේ හමුවක අතරතුරදී මෙම නිකුතුව සිදුවීමට නියමිත බවටයි මේ වන විට ප්‍රකාශවී ඇත්තේ. දැනට මෙම නිකුතුවට අදාලව නොනිල ලෙස අන්තර්ජාලයට නිකුත්ව ඇති ඡායාසටහනක මෙම නව නිකුතුවේ ඩෙස්ටොප් මුහුනත දැක්වෙන අතර එහි "Milestone Preview" ලෙසට සදහන්ව තිබීම තවත් කැපී පෙනෙන කාරනාවක් ලෙසටයි සටහන් වන්නේ. බිල්ඩ් 9428 ලෙසට සදහන් වන මෙම සංස්කරනයේ පෙර සංස්කරනය මෙමස 26 දා නිකුත්වනු ඇති බවටයි  බලාපොරොත්තුව වන්නේ.

ෆේස්බුක් අඩවියේ අනවසරව තොරතුරු නිරාවරනය වීමේ දුර්වලතාවයක් සමනය කෙරේ!!!!

    ෆේස්බුක් ආයතනය පවසා සිටින්නේ වසරක කාලයක් තිස්සේ තම අඩවියෙන් අනවසර ලෙස දත්ත ලබාගන්නට හැකියාව ලබාදෙමින් පැවති දුර්වලතාවයක් පිලිසකර කරන්නට පසුගිය සතියේ තමන් කටයුතු කල බවයි. යම් භාවිතාකරන්නෙකුට තම මිතුරන්ගේ සබදතා තොරතුරු ලබා ගැනීමේදී එම මිතුරන් ලබාදෙන්නට අකමැති විය හැකි දුරකථන අංක හෝ ලිපිනයන් වැනි තොරතුරුද මෙම දුර්වලතාවය ඔස්සේ පෙර කී භාවිතාකරන්නා හට ලබා ගැනීමේ හැකියාව පැවති බවයි.2012 වසරේ සිට පැවති මෙම දුර්වලතාවය පිලිබදව කිසිදු පැමිනිල්ලක් තන් වෙත නොලැබුනු බවටයි ආයතනය වැඩි දුරටත් පවසන්නේ.ෆේස්බුක් ආයතනයේ තම අඩවියේ ආරක්ශාව පිලිබද කටයුතු කරන කන්ඩායමක් විසින් පසුගිය සතියේ මෙම දුර්වලතාවය හදුනා ගත් බවත් එසේ හදුනා ගෙන පැය 24ක් තුල එය සමනය කරන්නට කටයුතු කල බවටයි වැඩි දුරටත් නිවේදනය වන්නේ.ආයතනය වැඩි දුරටත් පවසන්නේ හම භාවිතාකරන්නන් මිලියන හයකට අධික පිරිසක් මෙම අනතුරට විවෘතව සිටි බවයි.

අයි ෆෝන් චාජරය ඔස්සේද හානියක් පැමිනිය හැකියි....

      දත්ත උපාංගයන් ගෙන් තොරතුරු සොරා ගැනීම නවතම කාරනයක් නොවේ. නමුත් එසේ දත්ත සොරා ගැනීම සදහා යොදා ගන්නා ක්‍රම වේදයන්ගේ නම් කලින් කලට වෙනස් මුහුනු වරවල් ගනී. හදාරන්නන් පිරිසක් මෑතකදී හෙලිකල කාරනාවකින් පැවසුනේ අයි ෆෝන් සදහා යොදා ගන්නා චාජරයන් වෙනස් කිරීමක් තුලින් එයට සම්බන්ද කරන අයි ෆෝන් උපාංගයේ දත්ත ගොනු සොරා  ගැනීමේ අවධානමක් පවතින බවයි.ඔවුන් පවසන්නේ පොදු ස්ථාන වල ඇති චාජරයන් භාවිතයේදී මෙන්ම අඩු මිලට ලබාදෙන චාජරයන් භාවිතයේදී වඩාත් කල්පනාකාරී වීම ඉතා වැදගත් බවයි.
                     වෙනස් කරන ලද මෙවැනි චාජරයන් සාමාන්‍ය ඒවා අතරට එක් කොට පහර දෙන්නා බලා සිටින අතර යමෙකු එව භාවිතයට ගැනීමත් සමග ක්‍රියාතමකව අදාල උපාංගයේ දත්ත පැහැර ගැනීමට මෙන්ම ඒවා වෙතට හානිකර මැල්වෙයා මුදා හැරීමට කටයුතු කිරීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතින බැවින් සාමාන්‍ය පිලි ගැනීම වන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන මෙන් නොව අයි ෆෝන් වඩාත් සුරක්ශිතය යන අධි විස්වාසය මත සිටිමින් නොසැලකිලිමත්වීම අනතුරු කැදවන්නක් බව තේරුගැනීම වැදගත් බවයි පැවසෙන්නේ.

2013-06-21

වින්ඩෝස් 8.1 වඩාත් ජංගම පරිගණක වෙත හිතැති වනු ඇති බවට.....

..............වින්ඩෝස් 8 කියන්නේ ඔබගේ පරිගණකය ඩෙස්ටොප් ආකෘතියේ ඉදලා ටැබ් පරිගණක වැනි ජංගම ගතියෙන් වැඩි සැහැල්ලු උපාංග වෙතට කරන ලද මෘදුමය චලනයේ ආරම්භය ලෙසටයි අපිට පිලිගන්නට වෙන්නේ. එලබෙන ලෝකයට තවදුරටත් ඔබගේ දත්ත ජීවිතය බරපතල උපාංගයකට හිරකර තියන්නට බැරිවෙන බව තීර්නය වෙලා ඉවර බවයි මෙයින් හැගෙන්නේ. වින්ඩෝස් 8 වලදී හුරුපුරුදු ඩෙස්ටොප් එක තවත් මොඩර්න් ස්ක්‍රීනය මත තියන ඇප් අතරින් එකක් බවයි ඇත්තම කාරනාව වන්නේ.මට හිතෙනවා වින්ඩෝස් 8 නිර්මානය වෙනකොටම එහි නිර්මාතෲන්ට අවශ්‍ය වෙනව හෙට දවසක් නොපෙනෙන සාම්ප්‍රධායික ඩෙස්ටොප් එකෙන් මිදිලා මොබයිල් ගතිය වැඩි උපාංග වල වඩාත් ගැලපෙන ලෙසට මෙහෙයුම් පද්ධතිය නිර්මානය කරන්නට.ඒ හරියට හුරු පුරුදු භාශාවෙන් කිව්වොත් මයික්‍රසොෆ්ට් වල වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවලට ඔනේ වෙලා තියනවා ඉස්සර ලොකුම යාලුවා වෙලා හිටපු ඩෙස්ටොප් එකට තම මෙහෙයුම් පද්ධතියේ හදවතේ හිමි වෙලා තිබුනු ප්‍රධාන තැන ටැබ් පරිගණකයට දෙන්න. ඒ භාෂාවෙන්ම සිද්ධිය වැඩි දුරටත් පැහැදිලි කලොත් තවදුරටත් තමන්ගේ මෙහෙයුම් පද්ධති අතරේ තියෙන ආධිපත්‍ය ‍රැක ගන්නට නම්  එහෙම කරන්නම වෙනවා.
                                  තාමත් නොපැමිනි ඒත් ලගදීම එන්නට නියමිත වින්ඩෝස් 8.1 ගැන විම සිල්ලෙන් ඉන්න හදාරන්නන් පවසන්නේ ඔවුනට දැනට ලැබිල තියෙන තොරතුරු අනූව වින්ඩෝස්8 මෙහෙයුම් පද්ධතිය සමග ඇරබුනු ගමන ජංගමවීමේ ගමන්මගට වින්ඩෝස් 8.1 වඩාත් ලංවෙමින් සිටින බවයි. ඒ ගොල්ලෝ එහෙම කියන්නේ වින්ඩෝස් 8.1 අඟල් 7,8 ප්‍රමානයේ තිර සහිත උපාංග වෙත වඩාත් ගැලපෙන්නට උත්සාහ කරන බව පෙනෙන්නට ඇති බවයි.මේ බව පැහැදිලි කරන පැමිනෙන්නට නියමිත ඇප්ස්ටෝර් වේ ඇප් එකක් ගැනත් මේ දිනවල කථ බහ කෙරෙමින් තිබෙනවා............
 

ගූගල් ග්ලාස් වෙතින් පරිගණක හැකියාව ඉවත්කල යුතු බව කොටසකගේ මතයයි!!!!

         ගූගල් ග්ලාස් ප්‍රමුක පලදින ආකාරයේ පරිගණක උපාංග වෙත සාමාන්‍ය සමාජ අවධානය යොමුවෙත්ම ඒවා පිලිබදව නෙක ආකාරයේ සමාජ කථිකා ගොඩ නැගෙන්නට පටන් ගනිමින් තිබේ.සමාජ ජීවිතය වෙත එය තවත් හුදු දත්ත උපාංගයක් ලෙසට වඩා වැඩි යමක් ලෙස දැනෙමින් පවතින බවට හොදම සාධකය වන්නේ මෑතකදී බ්‍රිතාන්‍ය පුරවැසියන් අතරින් කල මත විමසුමකදී එයට සහභාගීවූ පිරිසගෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් පවසා සිටි මතයන් දෙස බැලීමෙන් තහවුරුවේ. ඔවුන් පවසා සිටියේ සමාජය තුල ගූගල් ග්ලස් භාවිතය සදහා පැහැදිලි නීතිමය මැතිහත් වීමක් අවශ්‍ය බවයි.දරුනුතම තත්වය වන්නේ එම පිරිස අතරින් පහෙන් එකක් පවසා සිටියේ ගූගල් ග්ලස් තහනම් කිරීම බව සලකීමේදී අපට පහසුවෙන් වටහා ගත හැක.
                      ගූගල් ග්ලාස් යනු ඔබගේ දෙනෙත ඉදිරියට පැමිනෙන පරිගණක මෙවලමයි.මිනිස් නිමැවුම සතු අපුරුතම මෙන්ම සියුම්තම ඓන්ද්‍රිය ලෙස ගැනෙන එම උපාංගයේ වඩාත් අපූරුතම හැකියාව වන්නේ එය මෙහෙය වීමේ හැකියාව ඔබගේ නෙතේ චලනයට හැකි වීමයි.අන්තර්ජාලය වෙත සම්බන්දිත මෙම උපාංගය සමග පැමිනෙනේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පමනක්ම නොවේ.එයට ඡායාරූ හා වීඩියෝ ලබා ගැනිමේ හැකියාව මෙන්ම එම හැකියාව ඉදිරියේ සිටින අයෙකුට නොහැගෙන ලෙසට කුඩා නෙත් චලනයකින් හැකිවීම මෙම විරෝදතාවයන් ලා වඩාත් බලපාමින් තිබේ.ව්‍යාජ අනන්‍යතා සමග අන්තර්ජාලය භාවිතාවේ හැකියාව සමග මෙම තත්වය වඩාත් දරුනු වනු ඇති බවටයි ඔවුන් පවසමින් සිටින්නේ.
                   ගූගල් ආයතනය දැනටමත් කෙනෙකුගේ මුහුනුවර ඔස්සේ ඔහුගේ අනන්‍යතාවය ලබා ගැනිමට ඉඩ දෙන ෆේශියල් රෙකොග්නීශන් හැකියාව ලබදෙන මෘදුකාංගය ගූගල් ග්ලස් වෙතින් ඉවත්කර ඇති අතර වැඩිහිටි දර්ශන ඇතුලත් ඡායාරු හා විඩියෝ භාවිතයද ඉවත්කර තිබෙනවා.දැනට සංවර්ධනය කරන්නන් වෙත නිකුත්කර ඇති මෙම උපාංගය ඉදිරියේදී සාමන්‍ය භාවිතය නිකුත්කරන්නට පෙර බොහෝ සීමාකිරීම් වෙතට ලක්විමේ අවධානමද සහිතව සූදානමින් සිටින අතර සෞක්‍ය , පහසු තොරතුරු හැකියාව ප්‍රමුක තොරතුරු ලේයරය වඩාත් මිනිස් ජීවිතය තුලට පැමිනෙන නව මානයක් සමග මිනිස් වර්ගයාගේ භාවිතයට පැමිනීම නුදුරේම සිදුවෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
                                                                                       by pubudu siriwansa

ඔෆීස් වෙබ් ඇප් වඩාත් සජීවී අත්දැකීමක් ‍රැගෙන එන්නට සූදානම්!!!!

                              හුදු තොරතුරු ගලායාම ඔස්සේ ලොවම එක යායකට ගෙනෙන්නට සමත්වූ වෙබ් අවකාශයට ක්ලවුඩ් තාක්ශනය ගෙන ආවේ ත්‍රිමානීය බවකි. උපකරනයකට සිරව තිබූ ඔබගේ අනන්‍යතාවය ලොව සිව් කොනේ කොතැනක සිට උවද අපහසුවකින් තොරව හසුරවන්නට හැකිවන සේ ඔබව නිදහස් කරන්න එය මැදිහත්විය. තොරතුරු අවකාශයේ මේ අපූරු මැදිහත් වීමට නව මානයක් ගෙනෙමින් මයික්‍රසොෆ්ට් ආයතනය දැන් පවසා සිටින්නේ නුදුරේ එලි දැක්වීමට නියමිත නවාංගයක් සමග "ඔෆීස් වෙබ් ඇප්" භාවිතකරන්නෙකුට පවර් පොයින්ට් නැතිනම් එක්සෙල් වැනි භාවිතාවකදී සජීවීව  දුර බැහැරක වෙසෙන තවකෙකු සමග සංස්කරන මට්ටමේ හමුවකට පහසුව ගෙන එන්නට තමන් සූදානම් බවකි.ඔවුන් පවසන්නේ තම විකල්ප මෘදුකාංග මේ හා සමානව ‍රැගෙන විත් ඇති වර්ඩ් වැනි ලිපියක සජීවී සංස්කරනකට එකතුවීමකට වඩා මෙම නව හදුන්වාදීම ඔස්සේ එක්සෙල් වලදී   සෙල් මට්ටමේ සංස්කරනයක් නැති නම් පවර් පොයින්ට් වලදී ටූල් කිහිපයක් යොදා බැලීම දක්වා ගැබුරට විහිදුනු එකක් වනු ඇති බවයි.ඔබ භාවිතාකරන මෙහෙයුම් පද්ධති ෆ්ලැට්ෆෝමයේ සීමාව ඉක්මවමින් වින්ඩෝස්, අයි.ඔ.එස්, ඇන්ඩ්‍රොයිඩ් සමග එකසේ මෙම හැකියාව පැමිනීම එය වඩාත්  ප්‍රයෝජනාත්මක වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.

ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රැම් වෙත වීඩියෝ හැකියාවද එක්වන බවයි......

            ෆේස්බුක් ආයතනය ඊයේ පැවති හමුවකදී ප්‍රකශකර සිටියේ තම ඉන්ස්ටර්ග්‍රාම් ඔස්සේ ඡායාරූවලට අමතරව කුඩා වීඩියෝවන් බෙදා හදා ගැනීමේ හැකියාව භාවිහාකරන්නන් වෙත ගෙන එන්නට කටයුතු කොට ඇති බවයි. තම තරග කරුවෙකු වන ‍ටුවිටර් ඔස්සේද පසුගියකාලයේ වීඩියෝවන් බෙදා හදා ගැනීමේ හැකියාව ලබාදීමට කටයුතු කරන ලද අතර ෆේස්බුක් ආයතනයෙන් පසුගිය සති කිහිපයේදීම නව හදුන්වාදීමක් පිලිබදව පැවති කථා බහ මෙම හදුන්වාදීමත් සමග පැහැදිලි වන ලදී.මීට පෙර ඉන්ස්ටර්ග්‍රැම් වෙත කරන ලද හදුන්වාදීම වූවේ ඡායාරුවක් මතට තම හිතවතුන් පිලිබදව ටැග් කිරිමේ පහසුවයි.
                          ආයතනය පවසන්නේ තප්පර 15කට අඩු වීඩියෝවන් මෙම නව හදුන්වාදීම ඔස්සේ බෙදා හදා ගන්නට හැහැකිවන අතර ඉතා පහසුවෙන් එම වීඩියෝවන් ලබා ගැනීමේ හැකියාව මෙන්ම පහසුවෙන් ඒවා බෙදා ගැනීමේ හැකියාව ඔවුන් අවදාරනය කොට සිටිනවා.මෙම වීඩියෝ සටහන් හඬ සහිතව මෙන්ම රහිතව එක්කිරීමට හැකිවන අතර වඩාත් සිත්ගන්නා සුලු "සිනමා" තාක්ශනික හැකියාව සමග ඔබගේ ඉන්ස්ටර්ග්‍රැම් අත්දැකීම වඩාත් උත්කර්ෂවත් කර ගැනීමට ෆේස්බුක් ආයතනය ආරාධනා කොට සිටිනවා.

2013-06-20

ලොව සිහිනිතම ජංගම දුරකථනය නිකුත්වේ.......

    Huawei  ආයතනය  පවසන්නේ ලොව සිහිනිතම ජංගම දුරකථනය(  Ascend P6) මේ වන විට තමන් නිකුත් කොට ඇති බවයි. මිලි මීටර් 6.18ක ඝනකමකින් යුත් මෙම දුරකථනය වඩාත් සැහැල්ලු බරකින් යුක්ත වන අතර එය ග්‍රැම් 120කින් යුත් බවටයි සටහන් වන්නේ.තප්පරයකට ගිගා හර්ට්ස් 1.5කින් යුත් ක්වාර්ඩ් කෝර් ප්‍රොසෙසරයකින් සමන්විත මෙම දුරකථනය ගිගා බෛට 2ක ‍රැම් මතකයක් සහිත බවටයි වැඩි දුරටත් එම ආයතනය පවසන්නේ.ගිගා බයිට 8ක දෘඩ මතකයින් යුත් මුත් මයික්‍රො එස්.ඩී කාර්ඩ් සමග භාවිතාකරන්නෙකුට කැමති පරිදි එම ස්ථිර මතකය වැඩි කරගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටත් පැවසෙනවා.2000mAh ක බැටරිය උපකරනයට දිගු භාවිතකාලයක් ගෙනෙනු ඇති බවයි  පැවසෙන්නේ.
                                                                  අඟල් 4.7ක අධි සුපැහැදිලි තිරයකින් සමන්විත මෙම දුරකථනය ඔවුනගේ "MagicTouch" තාක්ශනයද සහිත බවටයි පවසා සිටින්නේ. නොකියා හි ලුමියා ඉදිරිපත් කිරීම් පෙල සමග වූ තාක්ශනයට සමාන මෙම තාක්ශනය නිසා අත්වැස්මක් සහිතව උවද අපහසුවකින් තොරව තම ස්පර්ශක පහසුව ක්‍රියාත්මක කල හැකි බවටයි සටහන් වන්නේ.එසේම මෙගා පික්සල පහක ඉදිරිපස කැමරාවක් හා අටක පසුපස කැමරාවකින් යුත් මෙම උපාංගය ඇන්ඩ්‍රොයිඩ් 4.2.2 සංස්කරනය සමග ආයතනය විසින් වැඩි දියුනු කරනලද මෙහෙයුම් පද්ධති මුහුනතකින් සම්න්විත බවටයි පැවසෙන්නේ. දැනට චීනය වෙත නිකුත්ව ඇති මෙම දුරකථනය ඉදිරියේදී යුරෝපීය වෙළ්ඳ පොල වෙත නිකුත්වනු ඇති බවයි සටහන් වන්නේ.

වින්ඩෝස් 8.1 භාවිතාකරන්නාට වඩාත් මිත්‍ර එකක් වේවි.......

                මයික්‍රසොෆ්ට් සමාගම මේ වනවිට වින්ඩෝස්8.1 සදහා වන බීටා සංස්කරනය නිකුතුව සදහා මෙම මස අවසාන භාගයට දින වකවානුද නියම කර අවසන්ය. නව මෙහෙයුම් පද්ධතියට පැමිනෙන්නන්ගේ වැඩි අප්‍රසාදයක් ලබා ගත් ඉවත්කිරීමක් වූ ස්ටර්ට් බටනය නැවත ‍රැගෙන ඒම , බුට් ක්‍රියාවලිය ඔස්සේ කෙලින්ම භාවිතාකරන්නා සුපුරුදු ඩෙස්ටොප් මුහුනත වෙතට ගෙන යාම මේ වන විටත් ආයතනය වින් නව සංස්කරනය සමග වන බවට පැහැදිලි ඉගි නිකුත්කොට හමාරය.
                                              මීට අමතරව වින්ඩෝස් 8 භාවිතවට පිවිසෙන්නෙකුට එහි වන නවාංග සමග පහසු හැසිරීමකට අවශ්‍ය සවිස්තරාත්මක සහයයේ අවම බවක් වින්ඩෝස් පෙර සංස්කරනයන්ට සාපේක්ශව ඇති බවට වන චෝදනාවටද විසදුම් වින්ඩෝස් 8.1 සමග වනු ඇති බවට නිල නොවන ලෙසට පැමිනෙමින් ඇති තොරතුරු හෙලිකර සිටිනවා. "බිල්ට් ඉන්" ආකාරයේ ටියුටෝරියල් , ගයිඩ්ස් , ටිප්ස් ආදිය සමග වින්ඩෝස් 8.1 භාවිතාකරන්නෙකුට පහසුවක් ලැබෙනු ඇති බවටයි විචාරකයින් බලාපොරොත්තු පල කරන්නේ. මීට අමතරව ස්ටාර්ට් ස්ක්‍රීනයේ සැකසුම භාවිතාකරන්නෙකුගේ සිතැගි පරිදි හසුරවා ගන්නට ලැබෙන ඉඩ ප්‍රමානයද වැඩි වනු ඇති බවටත් තොරතුරු හෙලි වෙමින් තිබෙනවා.

"ඇඩ් බ්ලොක් ප්ලස්" ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සදහා නිකුත්වේ...

           වෙබ් අවකාශය තුල කිසිවක් ස්වංක්‍රීයව නූපදී.එය මතට තොරතුරක්  පැමිනීමට තාක්ශනික මෙන්ම මිනිස් ශ්‍රම වැයක් අනිවාර්යවේ.වෙළඳ දැන්වීම් පැමිනෙන්නේ යම් ප්‍රමානයක මෙම පරතරය පියවන්නට බව එක් මතවාදයකි. තවත් කොටසක් පවසන්නේ අනවසරයෙන් තමන් විකිනීමට විරුද්ධ බවයි. නොමිලේ ලබාදෙන සේවාවක් ඔස්සේ තමන්ව හදාරමින් වෙළඳ දැන්වීම් වලට තමන් ඉලක්ක කිරීම සදාචාර විරෝදී බවටයි ඔවුන් හඬ නගන්නේ. කඩා පනින ආකාරයේ වෙළඳ දැන්වීම් සමහර විටක හැසිරෙන්නේ විනයක් නැති අයෙකුට හමුවූ අපූරු තාක්ශනයක් ලෙසටය. ගෝත්‍රිකයෙකුට හමුවන කුඩා උපාංගයක් දෑසින් හරවමින් බලා තේරුම් ගන්නට ගැරිවන විට මදක් හපා බලා තේරුම් ගන්නට තැත් කරන අතර එයද තේරුම් ගන්නට නොහැකි වන විට ගලක් මත තබා තවත් ගලකින් එය තලා බලන්නට පෙලබවීම ගෝත්‍රිකයාගේම වරද යැයි කීමට නොහැකිවන අසරන තත්වයකි.
                                           පසුගිය කලයේ බෙහෙවින් කථා බහට ලක්වූ බ්‍රවුසර මට්ටමේදී වෙළඳ දැන්වීම් වැලකීමේ මෘදු උපාංග පිලිබද කථා බහට නව පිවිසුමක් ගෙනෙමින් ආයතනයක් පවසන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සදහාද  තම ප්‍රකට "ඇඩ් බ්ලොක්" ඇඩෝනයේ පෙර නිකුතුවක් දැන් සූදානම් බවයි.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 වලින් ඉහලට වන බ්‍රවුසර සංස්කරන සමග සහයෝගයෙන් කටයුතු කරන මෙම මෘදුකාංගය තවමත් අඩු සැකසුම් අවස්ථාවල්  සමග පැමින ඇති බවටයි සටහන් වන්නේ.එසේම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි මොඩර්න්  සංස්කරනය සමග ඇඩෝන ක්‍රියාත්මක නොවීම තත්වය තුල මෙම මෘදුකාංගයේ සහය ලබා නොහැකි වනු ඇත. එසේම සමහර තොරතුරු අඩවි මෙම පුවත පලකිරීම සමගම අදහන් දක්වමින් සටහන් කර සිටින්නේ යමෙක් තම අඩවි පවත්වාගෙන යාමේදී පැමිනෙන වෙළඳ දැන්වීම් වැලකීමට ක්‍රියාත්මක වන විට තමන්ට සිදුවන්නේ කිසියම් මුදලක් ගෙවා ලබා ගන්නා අවසරයක්මත පැමිනෙන අයවලුන් සඳහා පමනක් තම අඩවි විවෘතව තබන්නට වන බවය.
 

වින්ඩෝස් ෆෝන් සමග වන කටහඬ අනදීම් පහසුව වඩාත් දියුනු මට්ටමකට....

           ඇපල් ආයතනය තම අයි ෆෝනය වෙත හඳුන්වාදුන් siri පහසුව භාවිතාකරන්නෙකු තම දුරකථනය සමග සෙවීමක යෙදෙන ආකාරයට පැහැදිලි වෙනසක් ‍රැගෙන ආ බවයි පිලිගැනීම වන්නේ.එම නව ප්‍රවනතවය ගැන අවධානය යොමුකල මයික්‍රසොෆ්ට් ආයතනය තමන්ගේම එවැනි කට හඬ අනදීම් පද්ධතියක් තම දුරකථන වෙතට ගෙන එන්නට කටයුතු කරනු ලැබූහ. පලවන නවතම පුවතක් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනයේ එම ගොඩනැගීම සමග තිබූ බාහිර පරිසරයේ හඬ සමග වූ හඳුනාගැනීමේ අපහසුව වැනි තාක්ශනික දුර්වලතා කිහිපයක් පිලිසකර කරමින් වින්ඩෝස් ෆෝන් 8 සදහා භාවිතාකරන්නෙකුට වින්ඩෝස් දුරකථනථනයක් සමග වඩාත් සාර්ථකව තම කටහඬ ඔස්සේ මෙහෙයවීමක් ලබා ගැනීමේ හැකියාව ‍රැගෙන විත් ඇති බවයි. එසේම ඔවුන් පවසන්නේ දියුනු කරන ලද නව ක්‍රමවේදයක් ඔස්සේ එම සෙයුම් ක්‍රියාවලිය වඩාත් වේගවත් කරන්නටද තමන්ට හැකිව ඇති බවයි.ඔවුන් පවසන්නේ පෙර තත්වය හා සැසදීමේදී වචනයක අපැහැදිලිතා ඉක්මවමින් හදුනා හැනීමේ හැකියාව සියයට 15කින් දියුනු කරන්නට තමන්ට හැකිව ඇති බවයි.

2013-06-18

ස්කයිප් වීඩියෝ පනිවිඬ සේවාවේ බීටා කාලය අවසන්වේ...

                   ස්කයිප් වෙතින් පලවන නිවේදනයකට අනූව පැවසෙන්නේ තම ස්කයිප් මැසේජ් සේවාව මේ වන විට තම පෙර සංස්කරන යුගය අවසන් කර ඇති බවකි. මෙම සේවාවේ පෙර සංස්කරනය මැක් හා ඇන්ඩ්‍රොයිඩ් සමග මෙම වසරේ පෙබරවාරි 15 සිට අත්හදාබැලීමේ අවස්ථාව තිබුනු අතර වින්ඩෝස් ඩෙස්ටොප් සමග අප්‍රේල් 30 හා වින්ඩෝස් 8 ඇප් සමග මැයි මස 2දා සිට ක්‍රියාත්මකව පවතින ලදී. එසේ උවද තවමත් වින්ඩෝස් ෆෝන් මෙහෙයුම් පද්ධතිය සමක ක්‍රියාත්මක නොවන මෙම සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට තම වීඩියෝ පනිවිඩයක් විනාඩි 3ක කාලයකට යටත්ව පටිගත කොට තම ස්කයිප් මිතුරෙකුට නොමිලේම යැවිය හැකිය.

SSD උපාංගය PCI සමග මිත්‍රත්වයකට......

                   ප්‍රකට කොරියානු ඉලෙක්ට්‍රොනික උපාංග සමාගමක් පවසන්නේ තමන් ---- තාක්ශනයේ නව උදාවකට සූදානම් බවයි. ගිගාබයිට 512,256,128 ලෙසින් සාමන්‍ය වෙළඳ පොලට නිකුත් කිරීමට නියමිත මෙම SSD උපාංග සුපුරුදු සාටා මුහුනත ඔස්සේ පරිගණකයට සවි වනවා වෙනුවට පී.සී.අයි සබදතාවය ඔස්සේ බන්ද වෙමින් තප්පරයට මෙගා බයිට 1400ක වේගයක් එනම් තමන් සාටා සබදතාවයක් ඔස්සේ සබන්දවීමකදීට වඩා 2.5ක වැඩි වේගයකින් දත්ත හුවමාරුවක යෙදෙන්නට හැක්යාවෙන් යුක්ත්ත වනු ඇති බවටයි පවසා සිටින්නේ.
                     ඇපල් ආයතනය පසුගියදා තම මැක් ප්‍රො හදුන්වා දෙමින් මෙවැනි නවාංගයකින් තම නව ඉදිරිපත් කිරීම සම්න්විත වන බවට පවසා සිටි අතර සැම්සොන් ආයතනය නිවේදනය කර සිටින්නේ මෙම නව SSD තාක්ශනය අනෙකුක් පරිගණක වෙත හදුන්වා දීමට සූදානම් වන බවකි. විචාරක පලකිරීම් අතර පැවසෙන්නේ අනෙකුත් නිෂ්පාශකයින්ද මෙම තාක්ශනයට පිවිස මෙම උපාංග වල මිළ අඩුවීමට බලපානයුරු ඉක්මනින්  දකින්නට තමන් කැමැත්තෙන් සිටින බවකි.

2013-06-16

බැලූනයක් ඔස්සේද අන්තර්ජාලයට ඔබ වෙත පැමිනිය හැකිය.....

          සැබවින්ම අන්තර්ජාලය රටක හෝ ජාතියක සීමාව මත යැපෙන්නට නිර්මානය වූවක් නොවේ. එය නිර්මානය කලවුන්ගේ හා ඒ සදහා දායක වූවන් වැඩිම පිරිසකයේ ඉලක්කය සපිරෙන්නට නම් සමස්ත ලොව පුරා ගම් නියම්ගම් දක්වා පැතිරයමින් ලොව වැසි සැමට එය පරිහරනය කිරීමේ හැකියාව ලැබිය යුතුය. ඇත්තෙන්ම එසේ සිදුවිය යුත්තේ භාවිතාකරන්නාගේ උන්නතිය සදහාම පමනක් නොව අන්තර්ජාලයේද උන්නතිය සදහාය. භාවිතාකරන්නන් අතින් එය වඩ වඩාත් පෝෂනය වන විට අන්ත්ර්ජාලය මත යැපෙන ප්‍රධාන දත්ත අවකශය නොහොත් වෙබ් අවකාශය වඩ වඩාත් පූර්න ලෙස ලෝකය නියෝජනය කරන්නක් බවට පත්වේ.
                                          ගූගල් ආයතනය මෑතකදී පවසා සිටියේ ලොව සියල්ලන්ටම ඉන්ටර්නෙට් භාවිතය සදහා බොහෝ බාදක ඉක්මවන නව සංකල්පයක් තමන් හදින්වාදීමට සූදානම් බවයි. එනම් පෘතුවියට කිලෝමීටර 20කට වඩ ඉහලින් වන අවකාශය මතට මුදා හරින බැලූන පද්ධතියක් මගින් රදවාගෙන සිටින උපාංග ආධාරයෙන් කදු වැටි , දුර බැහැර වීම වැනි බාදක ඉක්මවා වැඩිම පිරිසකට අන්තර්ජාලය ඇසුරු කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවය.ලොව ජනගහනයෙන් තුනෙන් එකකට තවමත් භාවිතයට වරම් ලැබී නැති අන්තර්ජාලය වෙත ලංවීමෙ හැකියාව මේතුලින් පහසුවෙන් ලගා කර ගන්නට හැකිවෙනු ඇති බවටයි බලපොරොත්තුව පලවෙමින් ඇත්තේ.

2013-06-14

කනෙක්ට් තාක්ශනය වැඩි දියුනු කිරීම් සමග....

        මයික්‍රසොෆ්ට් ආයතනය ගෙවී ගිය දින කිහිපයකට පෙර පැවති ප්‍රකට හමුවකට තම කනෙක්ට් තාක්ශනයේ නව සංස්කරනයක් ඉදිරිපත් කරන්නට කටයුතු කොට තුබුනා. එහි පැමින තිබූ නවාංග අතර නව කනෙක්ට් තාක්ශනයට කාබරයක සිටින පුද්ගලයන් හය දෙනෙකු දක්වා හදුනා ගෙන ත්‍රිමානීයව ඉදිරිපත් කිරීමේ හැකියාව දක්නට ලැබුනා. එහිදී හුදු හදුනාගැනීම ඉක්මවා යමින් යමෙක් තම සිරුරේ කොටසකට වැඩි දක්තිය යෙදවීමක් , එනම් උදාහරනයක් ලෙසට පාදයක් වෙත වැඩි බලයක් යොදන්නට කටයුතු කල විට එම කොටස වෙනස් වර්නයකින් දක්වමින් එම බලය යෙදවීම ක්‍රමයෙන් අඩු කරන විට රතුවර්නයේ සිට කහ වර්නය  හා අවසානයේ සමාන්‍ය ලෙස දැක්වෙන ලෙසට අඩු කර පෙන්වන්නටත් හැකිවන ලෙසට දියුනු කර තිබුනා. මීට අමතරව හදවතෙහි රිද්මය හදුනා ගන්නට මෙන්ම සෙන්සරය වෙත අතක් දිගුකිරීම වැනි අවස්ථාවකදී යොදාගනු ලබන ශක්තිය හදුනා ගැනීම සමග එය දැක්වීමට හැකිවීමත් කැපී පෙනෙන අංගයක් වූවා. එසේම මුහුනේ පෙනුම අනූව ඔබ සිටින්නේ සතුටින්ද නැතිනම් දුක් මුසුවද වැනි හදුනා ගැනීම් කරන්නටත් ඒවා අයිකන මගින් නැවත නිරූපනය කරන්නටත් ඇති හැකියාව දැක්වෙනු ලැබුනා.

බින් මැප් සේවාව වඩාත් පුලුල් වේ.....

මයික්‍රසොෆ්ට් ආයතනය තම බින් මැප් සේවාව වෙත වඩ වඩාත්  තොරතුරු එක් කිරීම වේගවත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරියේ සිටය. එහිදී ඔවුන් විශාල ප්‍රමානයක සැටලයිට් ඡායාරූ ප්‍රමානයක් තම සේවාව වෙත එක් කරමින් වඩාත් භාවිතාකරන්නාහට ප්‍රයෝජනවත් මැප් සේවාවක් බවට පත් කරන්නට කටයුතු කරන ලදී. මෙම සතියේ මයික්‍රසොෆ්ට් ආයතනය නැවත පවසා සිටින්නේ නවාංග කිහිපයක් සමග නැවතත් තම මැප්සේවාවේ තොරතුරු ප්‍රමානය ඉහල නංවන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ටෙරා බයිට 270ක නව සැටලයිට් ඡායාරූ පරමානය තම සේවව වෙත නංවමින් ඔවුන් පවසන්නේ අලුතින් එක්වන ඡයාරූ ගැනීමේදී තමන් අංශක 45ක කෝනයක් භාවිතකරන්නට කටයුතු කල බවත් එනිසාම නව ඡායාරූ සමග පැමිනෙන පෙනුම ත්‍රිමානීය බවක් සමග වඩාත් භාවිතා කරන්නාගේ සිත් ගනු ඇති බවත්ය. ආයතනය පවසන්නේ නව එකතුවත් සමග තම මැප්සේවාවේ ඇති සැටලයිට් ආකාරයේ චායාරූ ප්‍රමානය පෙටා බයිට භාගයකර ආසන්න වන බවයි. මීට අමතරව ප්‍රාදේශීය වටිනාකම් සහිත ස්ථාන මේ වන විට 4700ක් පමන තම සේවාව සමග වන බවට පවසන ඔවුන් ඒවා රටවල් 59ක් පුරාවෙන් දැකගත හැකි බවටයි පැවසෙන්නේ.එසේම එකතුවී ඇති නවාංග අතර ගැටලුකාරී යමක් පහසුවෙන් දැනුම් දීම සදහා ලබා දී ඇති පහසුව  "Report a problem"  පෙනවා දෙන ඔවුන් පවසන්නේ දැන් පහසුවෙන් යම් නිවැරදි විය යුතු අවස්ථාවන් ආයතනය් වෙත දැනුම් දීමට හැකි වන බවයි.
http://www.bing.com/maps/
 

2013-06-11

පාස් වර්ඩ් මතක තබා ගන්නට මෘදුකාංගයක් භාවිතාකරමු.....

              දෛනික ජීවිතය තුලට අන්තර්ජාල භාවිතය පැමිනීම වැඩිවෙත්ම  අන්තර්ජාලයතුල ඉදිවන ඔබගේ පෞද්ගලිකත්වයේ අවකාශයද පුලුල් වන්නට පටන් ගනී. එම පෞද්ගලිකත්වය සැබවින්ම යතාර්තයක් වන්නට නම්  එම සීමාවට පිවිසිය හැක්කේ ඔබට පමනක්වීම කොන්දේසියකි. අති බහුල ලෙස තවමත් මෙම පෞද්ගලික සයිබර් අවකාශයන් සුරක්ශිතකර ගැනීම සදහා යොදාගනු ලබන්නේ "යුසර් නේම්" හා පාස්වර්ඩ් ලෙසින් හැදින්වෙන අකුරු, සංක්‍යා හා අනෙකුත් සංකේත වලින් සුසැදි පදයන්ය. විවිධ අවශ්‍යතාවයන් සදහා වැඩි වැඩියෙන් මෙසේ නිර්මානය වන  ගිනුම් ලෙසට හැදින් වෙන අවකාශ සදහා මෙවැනි පද යොදා ගැනීමේදී ඔබගේ ආරක්ශාව ගැන සැලකිලිමත්වන හදාරන්නන් පවසන්නේ වෙන වෙනම ගිනුම් සදහ වෙන වෙනම එකි නෙකට වෙනස් වූ අවසර පද මෙන්ම බාවිතාකරන්නාගේ නාමයන් යොදා ගැනීම වැදගත් බවයි. ඔවුන් එසේ පවසන්නේ ඉද හිටක සිදුවන සාර්තක පහරදීමක් ඔස්සේ ඔබ භාවිතකරමින් සිටින සේවාවක් සපයන සර්වරයක ආරක්ශාව බිඳ එහි ඇතුලුවන පැහැර ගන්නෙකු සතුවිය හැකි ඔබගේ අවසර පද හා නාමයන් යොදා ගනිමින් වෙනත් ඔබගේ ගිනුමකට පිවිසීමේ හැකියාව ඇහිරීම සදහාය.
                                              මෙසේ වැඩිවන යුසර් නේම් හා පාස් වර්ඩ් මතක තබා ගැනීමේ අපහසුව මීලගට හමුවන ගැටලුව වේ. මෘදුකාංග සංවර්දකයින් මේ සදහා විසදුමක් ඉදිරිපත් කරමින් සිටී.එනම් වඩාත් සංකීර්න අවසර පද නිර්මානය කර දෙන්නට සහය වීම පමනක් නොව එම මෘදුකාංගයට පිවිසීමේ යුසර් නේම් පදය හා පාර්ස් වර්ඩ්  පදය හැරෙන්නට අනෙකුත් සියලු පිවිසීමේ පදයන් සුරක්ශිතව එම මෘදුකාංගය විසින් මතක තබා ගැනීමේ පහසුවයි.මෙවැනි මෘදුකාංග රාශියක් ඇති අතර පහත දැක්වෙන්නේ නොමිළේ භාවිතාකල හැකි එවැනි මෘදුකාංගයකි. විවෘත මෘදුකාංග ගනයේ ලා සැලකෙන මෙම මෘදුකංගයේ නවතම මෙම සංස්කරනය පහත දැක්වෙන යොමුව ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගන්නට හැකිවෙනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...