ඔබ වින්ඩෝස් 8.1 පෙර සංස්කරනය භාවිතාකරන්නට සුදානම් වන්නේ නම් ඔබගේ වින්ඩෝස් ලයිව් ගිනුම අත්‍යාවශ්‍ය වනු ඇති බවටයි හෙලි වෙමින් ඇති තොරතුරු පවසන්නේ. පිටව ඇති නිල නොවන එම සටහනට අනූව වින්ඩෝස් 8.1 හෝ බ්ලූ සංස්කරනය අන්තර්ජාලයෙන් බැහැරව භාවිතාකිරිමට බලාපොරොත්තු වන්නේ නම් එහි අවසාන සංස්කරනය නිකුත්වන තෙක් පමා වන්නට සිදුවනු ඇති බවටයි එම තොරතුරු හෙලි කරන්නේ.එහි හෙලිවන තොරතුරුවලට අනූව වින්ඩෝස් 8.1 පෙර සංස්කරනය වෙනම "සෙට් අප්" ගොනුවක් සහිතව පැමිනියද අවසන් සංස්කරනය යාවත්කාලීනයක් ලෙසට පැමිනීමට ඉඩ ඇති බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ. එසේම වින්ඩෝස් RT 8.1 සදහා ගිග බයිට 10ක අමතර අවකාශයක් අවශ්‍ය වන බවට වන තොරතුර සැලකීමේදී ගිගාබටිට 32 තොරතුරු ගබඩා හැකියාවක් සහිත ටැබ් උපාංගයක් භවිතාකරන්නේකුට තම ඇප්ස් සදහා ඉතිරිවන්නේ ගිගා බයිට 5ක අවකාශයක් විම හදාරන්නන් විමතිය පලකරමින් සිටිනවා. එසේම දැනට වින්ඩෝස් 8 භාවිතාවන උපකරනයට වෙනස් භාෂා තේරීමක් සහිතව නව යාවත්කාලීනය ස්ථාපනය කලහොත් පෙර භාවිතාවූ සියලු ඇප්ස් හා සැකසුම් අහිමිවිමේ අවදානමක් ගැනත් තොරතුරු හෙලි වෙමින් පවතිනවා. මිට අමතරව ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 සමග පැමිනෙන්නට නියමිත නවාංග අතර "ක්ලික් ටු කෝල්" අංගය දැකිය හැකියි. මෙම පහසුවත් සමග එක්ස්ප්ලොරා 11 බ්‍රවුසරය මත දිග හැරෙන වෙබ් අඩවියක වන දුරකථන අංකයක් සදහා බ්‍රවුසර කවුලුව තුල සිටම ඇමතුමක් ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...