2011-12-31

2012 සමුගනු ඇතැයි බලාපොරොත්තු වන දෑ කිහිපයක්....

2012  වසරේ වඩාත් පැතිර යනු ඇතැයි බලාපොරොත්තුවන තාක්ශනයන් පිලිබදව විචාරක මත පලවෙමින් පවතින අතරම , පලවන තවත් මතවාද වලින් කියවෙන්නේ එලබෙන වසරේ අප අතරින් සමුගැනීමට නියමිත තාක්ශනයන් කිහිපයක් ගැනයි. ඇඩෝබි ප්ලෑෂ් ප්ලේයරය පිලිබද කතා බහ මේ අතර මුල්ම තැනක තිබෙනවා. ඇඩෝබි ආයතනය මොබයිල් ප්ලැෂ් ප්ලේයරය අතහැර දැමීමට තීර්නය කිරීම සමස්තයක් ලෙස ප්ලැෂ් ප්ලේයරය සමුගැනීමේ ආරම්භය ලෙසටයි විචාරක මතය වන්නේ.
              ක්ලවුඩ් තාක්ශනයේ වැඩි ප්‍රචලිතවීමත් සමග "යු එස් බි  ඩ්‍රයිව්ස්" අභාවයට යාම වැලකිය නොහැකි වනු ඇති බවටයි මත පල වන්නේ.මෙම උපකරන වල බහුල භාවිතයත් සමග අහිත කර මෘදු කොටස් පැතිරීමද ඉහල අගයකට පැමිනීම මෙයට තවත් හේතුවක් වන්නට ඇත.එසේම ඔවුන් පවසනවා සීඩී තැටිය එලබෙන වසර අවසානය වනවිට බොහෝ දුරටම භාවිතයෙන් තොර උපාංගයක් වනු ඇති බවයි.
     අන්තර්ජාලය වඩාත් වේගවත් වීමත් පැතිරීමත් සමග ඩීවීඩී ආශ්‍රිතව තරමක විශාල ගොනු භාවිතය අවමවීම නිසා ඩීවීඩී තැටි භාවිතයද අවම වනු ඇති බවටත් එහි ප්‍රථිපලයක් ලෙස ඩීවීඩී ප්ලේයරයන්ගේ භාවිතයද අවම වනු ඇති බවයි කියවෙන්නේ.
              වෙබ් අවකාශයේ මුල් නියමුවන් අතර කැපී පෙනුනු යාහු සේවාවන් තම ආර්ථික අස්ථාවර බව හේතු කොටගෙන සයිබර් අවකාශයෙන් සමුගනු ඇති බවටත් මතවාද පලවෙමින් පවතිනවා.
                  ත්‍රිමාන චලන පට නැරබීමේදී භාවිතාවු දැසට පලදින උපකරනය වෙනුවට දැනටමත් භාවිතයට එලබෙමින් ඇති ත්‍රිමාන හැකියාව සහිත ස්ක්‍රීනයන් සහිත උපකරන බහුල වනු ඇති බවටයි  බලා පොරොත්තු පලවෙමින් ඇත්තේ.

එලබෙන වසරේ ඩිජිටල් ජීවිතය.....

එලබෙන වසර ඔබගේ ඩිජිටල් ජීවිතයට මොන ආකාරයේ වෙනසක් ගෙන ඒවිද යන්න පිලිබදව බෙහෙවින් කථා බහට ලක්වෙමින් ඇත. බොහෝ දෙනා එකගවන කාරනා අතර මුලින්ම ඇත්තේ සමස්තයක් ලෙස මොබයිල් උපකරන දෙසට වන චලනය නම් ස්ථිර බවයි. එම ප්‍රවනතාවය වඩ වඩාත් ඩිජිටල් ජීවිත දෙසට භාවිතා කරන්නන් ‍රැගෙන එන්නට හේතුවක් වනු නොවනු මාන බවයි විද්වතුන් පවසන්නේ.මෙහෙවුම් පද්ධතිවල හා අනෙකුත් මෘදුකාංගවල මෙහෙවුම් කවුලු වඩ වඩාත් සරල වීම එම නව ප්‍රවනතා සමග එන ඊලග කොන්දේසිය වනු ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පවසමින් සිටින්නේ.සරලවම පවසන්නේ නම් හැසිරවීම් කවුලු ප්‍රමුක මෘදුකාංග වල සිට භාවිතාකරන්නා ප්‍රමුක කවුලු සහිත මෘදුකාංග නිර්මානය වීමේ අවශ්‍යතාවය  වඩාත් මතුපිටට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් පවතින්නේ.
      වින්ඩෝස් 8 වල සැපැමිනීමත් සමග මෘදුකාංග පහර දෙන්නන්ගේ වැඩි අවධානයක් මෙහෙවුම් පද්දති මූලික ක්‍රම උපායන්ගේ සිට දෘඩාංග ආශ්‍රිත මෘදුකාංග දෙසට චලනය වනු ඇති බවට දැනමත් මත පලවෙමින් තිබෙනවා. වඩාත් දියුනු කරන ලද ආරක්ශක ක්‍රම උපායන් සහිතව එනු ඇතැයි දැනටමත් බලා පොරොත්තු පලවී ඇති වින්ඩෝස් 8 මගහරින්නට පහරදෙන්නන් වඩාත් කැමති වනු ඇති බවටයි කරුනු පලවන්නේ.
             ඩුවෙල් කෝ(ර්)  මට්ටමේ ප්‍රොසෙසරයන් සහිත  ජංගම මට්ටමේ උපකරන {ස්මාට් ෆෝන්} වඩත් ප්‍රචලිතවීම එලබෙන වසරේ  අනිවාර්ය  වනු ඇති බවට හා අඩු ශක්ති වැයකින් දැනට වඩා බොහෝ ක්‍රියාකාරීත්වයක් ලබා දෙන්නට එම උපකරනවලට සිදුවනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ. ජංගම දුරකතනවල දත්ත හැසිරවීමේ හැකියාවන් දෙසට වඩාත් චලනය වීමේ අවශ්‍යතාවයද වඩත් කැපී පෙනෙනු ඇති බවටයි දැනටමත් කරුනු පලවෙමින් ඇත්තේ.
     අන්තර්ජාල සබදතා භාවිතය සුලබ වීම මෙන්ම වේගය අතින් බෙහෙවින් ඉදිරියට යාම නිසා සංයුක්ත තැටි භාවිතය බෙහෙවින් අවම වනු ඇති බවටයි බලා පොරොත්තු පලවෙමින් ඇත්තේ. විනාඩියක් හෝ දෙකකදී පූර්න චලන පටයක් බාගත කරගන්නට හැකිවන පසුබිමකදී දැනට බහුලව පවතින දත්ත ප්‍රවාහන උපකරන බහුල භාවිතය බෙහෙවින් අවම වනු ඇත.ජංගම මට්ටමේ සියලු දත්ත උපකරන වලින් එවැනි ධාවකයන් අතුරුදහන් වනු ඇති බවටයි පැවසෙන්නේ.
    ජංගම උපකරන ආශ්‍රිතව ගනුදෙනු කටයුතු කිරීමේ පහසුව වඩාත් බහුල වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් පවතිනවා  NFC චිප් සහිත උපකරන ඇසුරෙන් ආසන්න උපකරන අතර දත්ත හුවමාරුව තුලින් මෙම ආකාරයේ ගනුදෙනු පහසුව දැනටමත් සීමිත ලෙස භාවිතය ඇරබී ඇති බවටයි සටහන් වන්නේ.
     සමාජ ජාලා තරගය උත්සන්නවීමක් 2012 වසර තුල දකින්නට හැකි වේවි යැයි බලාපොරොත්තු පල වෙනවා. බොහෝ විට ගූගල් ආයතනය සමාජජාලා ප්‍රමුකත්වය හබා යාම තුල සෙයුම් යන්ත්‍ර වල ස්වභාවය බෙහෙවින් වෙනස් මගකට පැමිනීමට ඇති ඉඩකඩ මේ වන විටත් විචාරකයින්ගේ කථා බහට ලක්වෙමින් පවතිනවා.

2011-12-30

මෘදුකාංග ස්ථාපන උත්සාහයකදී පරිගණකය මෙසේ කියනවාද????


වින්ඩෝස් 7 භාවිතවන පරිගනකයකට යම් අවස්ථාවකදී නව මෘදුකාංගයක් ස්ථාපනයට උත්සාහ කිරීමේදී පරිගණකය පවසා සිටිනවා "තවත් මෘදුකංගයක් ස්ථාපනය වෙමින් පවතිනවා. කරුනාකර එම ස්ථාපනය අවසන් වනුතුරු සිටින්න."  මෙවන් අවස්ථාවකදී  ගතහැකි පහසුම පියවරක් ලෙස ඔවුන් පවසන්නේ  "වින්ඩෝස් ඉන්ස්ටෝලර්" නම් මෙහෙයුම් පද්ධතියට අදාල මෘදුකොටස වෙත ගොස් එය "ඩිසේබල්ඩ්"  කොට පරිගණකය නැවත් පනගන්වා නැවතත් එම "සර්විස් කොන්සෝලය" වෙත ගොස්  නැවත "මැනුවෙල්" තත්වයට වෙනස් කොට ආපසු පැමිනීමෙන් බවයි පැවසෙනේ. මෙම "සර්විස් කොන්සෝලය වෙතට පිවිසීමට "ස්ටාර්ට්" බටනය තුලින් පිවිස එහි පහලින්ම ඇති ස්ථානයේ "ස්ර්විස්" යන්න ටයිප් කර විට ලැබෙන කවුලුවෙහි මදක් පහලට යන විට හමුවන "වින්ඩෝස් ඉන්ස්ටෝලර්" දෙවරක් "ක්ලික්" කිරීමෙන් හැකිවනු ඇත
.

බාගතකිරීම් කලමනාකරන මෘදුකාංගයක්......

සාර්ථක බාගතකිරීම් කලමනාකරන මෘදුකාංගයක් යනු අන්තර්ජාලය භාවිතාකරන අයකුට කාලය බොහෝ ප්‍රමානයක් ඉතිරි කර දෙන්නට සමත්වන හොද සහයකයෙකු වනු ඇතිබවටයි පිලිගැනීම වන්නේ.පහත දැක්වෙන්නේ එවන් මෘදුකාංගයක් බවටයි ඔවුන් පවසන්නේ.ප්‍රමානයෙන් විශාල බාගත කිරීම් වලදී මෙන්ම කඩින්කඩ බාගත කිරීම් වලටද හොදම වේගයක් ලබාදෙන්නට මෙම මෘදුකාංගය සමත්වනු ඇති බවක් සටහන් වන අතර එම බාගතකිරීම් ගොනුවල හානිකර මෘදු කොටස් ඇත්දැයි විමසා බලන්නටත් මෙම නොමිලේ ලබාගත හැකි මෘදුකාංගය සමත් බවටයි කරුනු පලවන්නේ.
http://www.flashget.com/index_en.html

ගූගල්+ 2012 වසරේදී මිලියන 400 ඉක්මවා යනු ඇති බවට.....

ගූගල්+ හි සැබැ භාවිතාකරන්නන් ප්‍රමානය තවමත් රහසක් බවයි පැවසෙන්නේ. නිල මට්ටමෙන් එම සංක්‍යා පිලිබද නිවේදමයක් නිකුත් නොවුනද ස්වාධීන ගනනය කරන්නෙකුට අනූව නම් එම සංක්‍යාව 2012 වසරේදී මිලියන 400 ඉක්මවා යනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ. මෙම සංක්‍යාව සමාජ ජලා තරගයේ ඉහලින්ම සිටින සාමාජිකයා වන ෆේස්බුක් අඩවිය හා සසදන විට අඩකට සමාන බවක් පෙන්නුවද අමතක නොකල යුතුම කාරනයක් ලෙස දැක්වෙන්නේ ෆේස්බුක් අඩවියට එම සාමාජික සංක්‍යාව කරා ලගා වන්නට වසර හතක කලයක් ගත වුවද ගූගල්+ සදහා එයින් අඩප්‍රමානයක් වන සංක්‍යාව කරා ලගා වන්නට මාස 18 වැනි කාලයක් තුල හැකිව ඇති බවයි. එම ප්‍රවනතාවයට එක් සාධකයක් ලෙස එම හදාරන්නන් පවසා සිටින්නේ  ඇන්ඩ්‍රොයිඩ් උපකරන සමග ගූගල්+ භාවිතය සදහා ලැබෙන පහසුකම් කැපී පෙනෙන බවයි. ගතවයන දෙසම්බර් මාසය තුලදී ගූගල් වෙත ඈදී අන්නන්ගේ සංක්‍යාව සීග්‍ර වැඩිවීමක් දක්නට ඇති බවත් එය සංක්‍යාත්මකව සලකන විට ගූගල්+ මුලු භාවිතකරන්නන් සංක්‍යාවෙන් සියයට 22.01 ලෙස ගනනය වන බවටත් ඔවුන් පවසන අතර වැඩිදුරටත් පවසා සිටින්නේ බොහෝ භාවිතාකරන්නන් තම දෙවන තෙවන සතිය වනවිට පලකිරීම් පිලිබද උනන්දුව අඩුවීමේ ප්‍රවනතාවයට පිලියමක් අවශ්‍යව ඇති බවයි.

2011-12-26

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට................

වර්ෂය අවසාන මාසයේ පලමු සතිය වනවිට ආශ්‍රම පාමුල පිහිටි ගම්මාන සියල්ලේම පාහේ ගොවිතැන් කටයුතු අවසන් වෙයි.  ධාන්‍ය පල වල වලින් නිවෙස් පිරී යයි. කාලාන්තරයක සිටම මෙහි පවතින ඊලග කාර්යය වන්නේ ආශ්‍රමයේ වර්ෂ අගදී පැවැත්වෙන දීවා රෑ දින හතක් තිස්සේ පැවතෙන මහා පිරිත් සංජායනාවට ලකලෑස්තිවීමයි.ලමා ලපටීන්ගේ සිට වැඩිමහලු සියල්ලෝම වරින් වර අද උදැසන සිට ආශ්‍රමයට පැමින දහම් ශාලාවට ඔබ්බෙන්වූ විශාල නුගරුක පාමුල දැවයෙන් නිමවා ඇති පිරිත් ගායනයට නිමවා ඇති  කුටිය පිරිසිදුකරමින් ස්වාභාවික දෑ වලින් අපූරුවට සරසයි.සුවදැති දෑව වලින් බිදී ගොස් ඇති තැන් පිලිසකර කරවයි. රාත්‍රියේ ආශ්‍රම භූමිය එලිය කරනු සදහා විශාල පන්දම් සකස්කර ඒවා සුවදැති තෙල් වර්ගවලින් පොඟවා සකස් කරයි.
                                      ලෝකයේ මහත් දියුනු යැයි තමන් විස්වාස කරමින් සිටින බෝහෝ සංස්කෘතීන්වලින් මෙහි එන බොහෝ විද්වතුන් කුඩා නොදරුවන් මෙන් අසරනකර දමන අපූරු ස්වභාවයන් බොහොමයකින් මෙහි ගම්වැස්සන් පෝෂනය වී ඇත. ප්‍රධාන දායිකයින් ආදී ලෙස නම් කෙරුනු කිසිවෙකු මෙහි නැත. එහෙත් සියල්ල නියමාකාරයෙන් මෙහි සිදුවෙයි. ලොකු ස්වාමීන් වහන්සේට වඩාත් ලංවෙන්නට හිතවත්කම් පාමින් අනෙකුන්ට එරෙහිව හැසිරෙන්න්ට මෙහි කිසිවෙකුට නුවමනාය. මෙහිසින වඩාත්ම බල රහිතම පුද්ගලයා ලොකුස්වාමීන් වහන්සේ බව මම පැවසුව හොත් ඔබ පුදුම වනු ඇත.ආගන්තුකයෙකුට ලොකුස්වාමීන් වහන්සේ අසබඩට යන විට දැනෙන්නේ බියක් ගෞරවයක් නොව  මහත් ලැජ්ජාවක් වැනි අසරනකමකි. අහස් කුසට තරම් උස අයෙකු ඉදිරියේ සිටගන්නා සාමාන්‍ය අයෙකුට දැනෙන අසරන කමක් වැනි  හැගීමකි. උන්වහන්සේ විසින් කාලාන්තරයක් තිස්සේ  ප්‍රගුන කර ඇති සියුම් සදහම් සිසිල ඉදිරියේ අර තැනැත්තාගේ සැබෑ පවි‍ටු බව ඔහුටම දැනෙන්න ගන්නාක් මෙන් වූ අසරන කමකි. වරක් දහවල් දහම් හමුවීමක අතරතුර පැමිනි ඈත ගම් වැස්සන් කිහිපදෙනෙකු වෙනුවෙන් තම ආහාරය පිරිනමා  දානශාලාවට පි‍ටුපසින්වූ ගල්තලාවේ පසෙක අසුන්ලාගෙන කුඩා රස කැවිලි කිහිපයකින් තම කුස ගිනි නිවා ගන්නා මේ ඇත්තා මම දැසින්ම දැක ගතිමි.

ක්‍රෝම් උස්තලගැන්වීම් පැය 6ක් තුල මිලියන 200...........

ගූගල් ආයතනයේ ප්‍රකාශකයෙකු පසුගියදා ප්‍රකාශකර සිටියේ තම ගූගල් ක්‍රෝම් මෘදුකාංගය තවදුරටත් හුදු මෘදුකාංගයක් ලෙස සැලකෙනවා දකින්නට තම ආයතනය ඉඩ නොතබන බවයි.ඔහු පවසා සිටියේ ඉදිරියේදී ක්‍රෝම් යනු අන්තර්ජාලය ලෙස භාවිතාකරන්නන්හට හැගී යන ලෙස කටයුතු කිරීම තම ඉලක්කය වී ඇති බවයි.
                  නව උස්තල ගැන්වීම නිකුත්ව පැය හයක් ඇතුලත එය ලබා ගැනීම්  මිලියන 200කට වඩා වාර්ථාවීම ක්‍රෝම් මෘදුකාංගයේ අනගතය පිලිබද පැහැදිලිතම සාධකයක් බවටයි ඔහු පවසා සිටියේ. පසුගියදාක පැවති මෘදුකාංග සංවර්ධයින්ගේ හමුවකදී මේ බව ප්‍රකාශ කර තිබුනා.

2011-12-25

ඉන්දියානු අධිකරනයකින් වෙබ් අඩවි 22 කට නියෝගයක්........

පලවන පුවත් වාර්ථාවකින් පැවසෙන්නේ ඉන්දියානු අධිකරනය විසින්  ප්‍රකට වෙබ් අඩවිවන ගූගල් හා ෆේස්බුක් ඇතුලු වෙබ් අඩවි 22 කින් ආගමික හා සමාජීය හානිමය කාරනාවන් ඉවත්කරන ලෙසට නියෝග කර ඇති බවයි. එම පුවතට අනූව එලබෙන පෙබරවාරි මස 6 වන දින දක්වා එරට අන්තර්ජාල සේවා සපයන්නන්හට තමන් මේ සම්බන්දයෙන් ගත් පියවරවල් පිලිබදව අධිකරනයට කරුනු දැක්වීමට කාලය ලබාදී ඇති බවටයි පැවසෙන්නේ.එරට තොරතුරු තාක්ශන පනතට අනූව එම සේවාසපයන්නන් හානිකර යමක් අන්තර්ජාලය වෙත බහා ඇතැයි හදුනාගෙන පැය 36 ඇතුලත එවා ඉඅවත් කිරීමටත් එම  නැංවීමට අදාල භාවිතකරන්නන් වෙත අනතුරු ඇගවීමටත් බැදී සිටින බවටයි කියවෙන්නේ. ගූගල් ආයතනය පවසා ඇත්තේ තවමත් මෙම නියෝගය පිලිබද සවිස්තර තමන් වෙත නොලැබී ඇති නිසා මේ පිලිබදව ප්‍රකාශයක් කල නොහැකි බවකි.

2011-12-24

යහපත් බවින් පිරි එම සතුට බෙදා ගන්නට අපි සියල්ලන්ම ඔබ සමග බව කරුනාකර......

කලකට ඉහතදී ආශ්‍රමය වෙත ඉතාලි ජාතික මහතෙක් පැමිනුනා. වෘතියෙන් ලේඛකයෙකුවූ එතුමා  තම නිබන්දනයකට බුදුදහම පිලිබද තොරතුරු ‍රැස්කරනු සදහා ඉන්දියානු සංචාරයක යෙදී සිටින අතුරතුර එහිදී හමුවූ ස්වාමීන් වහන්සේ නමක් විසින් මෙම ආශ්‍රමයට යොමුකරනු ලැබ තිබුනා.සැදෑ සමාලෝචනයන් හිදී ඉතා තියුනු ලෙස  එතුමා දේවල් පිලිබදව ප්‍රශ්න යොමුකරන බවක්  නිතරම දිස්වූවා. වරක් ඔහු විමසා සිටියේ අන්‍යාගමික තමන් මෙහි ‍රැදී සිටීම ගැටලුවක් විය නොහැකිද යන්නයි. සුපුරුදු මද සිනාවක් සමග ලොකුස්වමීන් වහන්සේ පවසා සිටියේ, "අර ඈතින් පෙනෙන දැව දොර‍ටුවෙන් ඇතුල්විය යුත්තේ බෞද්ධයන් කියා හෝ නොකියා මෙහි ගැටලුවක් නැහැ. ඔබ ඇත්තෙන්ම ඔබේ හදවතට එකගව සිටින්නෙක්ද?, සෑම ආගමකම පාහේ මූලිකව උගන්වන ඔබ ඔබට අයහපතක් නොකරන, ඔබේ වටපිටාවට අයහපතක් නොකරන අයෙකුනම් එපමනයි. ඔබ ඔබගේ ජීවිතයේ සතුට යහපත ගැන මෙන්ම අනෙකුන්ගේ ජීවතවලද සතුට යහපත රකින්නට කැමති අයෙකු වන්නේ නම් ඔබට මෙහි එන්නට හැම විටකම අවසර තිබෙනවා. විවිධ ආගම් ආශ්‍රිතව නිර්මානය වන ආගමික පිලිවෙත්වල සරල වෙනස්කම් යදම් ලෙස සලකාගෙන එකිනෙකාට එරෙහිව නොහැසිරෙන්නට තරම් ඔබ බුද්ධිමත් නම් කැමති කලක් ඔබට මෙහි ‍රැදෙන්නට හැකියි". 
     නොවැම්බර් මසක අවසාන භාගයකවූ නිසා එතුමා මදක් අපහසු තත්වයකට පත්ව සිටියා, එලබෙමින් තිබූ නත්තල් සමයේ තම පවුලේ හා හිතවතුන් සමග එක්වී එම උත්සවය සමරන්නට නොහැකිවූ නිසා විය හැකියි.වරක් සැදෑ හමුවකදී තම අපහසුතාවය ඔහු අතින් ප්‍රකාශ වුනා. ලොකුස්වාමීන් වහන්සේ එම බව වටහා ගෙන නිසාදෝ දුන් පිලිතුරෙන් ඔහු මහත් සතුටට පත්වූ බවක් දකින්නට ලැබුනා. ලොකු ස්වමීන්වහන්සේ දුන් පිලිතුර වූවේ  " ලෝකයේ අතිවිශාල පිරිසක් සතුටින් සමරන අසිරිමත් නත්තල් සතුට මගහරින්නට මෙහි සිටින කිසිවෙකුට අවශ්‍ය වන්නේ නැහැ. යහපත් බවින් පිරි එම සතුට බෙදා ගන්නට අපි සියල්ලන්ම ඔබ සමග බව කරුනාකර අමතක නොකරන්න..... "
 -----අනන්තය තෙක් පෙනෙන විසල් කදුමුදුනතක සිට---------

2011-12-23

සුපරික්ශාකාරී භාන්ඩ ප්‍රවාහනය....

ප්‍රකට භාන්ඩ ප්‍රවාහන සමාගමක සේවක මහතෙකු විසින් ඉතාම සුපරික්ශාකාරීව පරිගණක මොනිටරයක් අඩංගු බහාලුමක් අදාල නිවස වෙත බාරදෙන ආකාරය අසලවූ කැමරාවක සටහන් විනි. පසුව එම චලන පටය යුටියුබ් වෙත නංවා තිබූ අතර තෙදිනක් තුලදී මිලියන 4.6ක  නැරබීම් ප්‍රමානයක් එම චලන පටය ලබා ගෙන ඇති බවටයි සටහන් වන්නේ

ෆයර්ෆොක්ස් හි 9වන සංස්කරනය...

මොසිල්ලා වෙතින් ෆයර්ෆොක්ස් හි 9වන සංස්කරනය මේ වනවිට නිකුත්කොට ඇති බවටයි වාර්ථාවන්නේ. ඔවුන් පවසන්නේ ජාවා ස්ක්‍රිප්ට් ආශ්‍රිත භවිතාවන් වලදී සියයට 36 ක කැපී පෙනෙන වේගයක් මෙවර සංස්කරනය සමග වන බවටයි. එසේම මැක් සංස්කරන්මයේදී මුහුනත මත ආකර්ශනීය වෙනසක් හදුන්වාදී ඇති බවටයි වාර්ථා පවසන්නේ. එසේම පෙර සංස්කරනයකින් උස්තල ගැන්වීමකදී "අතිශය " මට්ටමේ  හතරක් ඇතුලු දුර්වලතා යාවත්කාලීන හයකින් මෙම සංස්කරනය සමන් විත බවටයි පැවසෙන්නේ. මෙම ලිපිනය ඔස්සේ පිවිසීමෙන් වින්ඩෝස් මෙන්ම මැක් හා ලිනක්ස් සදහා වන සංස්කරන ඔබටත් ලබා ගත හැකිවනු ලබන අතර ෆයර්ෆොක්ස් හි මීලග සංස්කරනය ජනවාරි මස 31 නිකුත්වීමට නියමිත බවටයි වැඩිදුරටත් සටහන්ව තිබුනේ.
                                           අද නිකුත්වන නිවේදනයකට අනූව පැවසෙන්නේ ෆයර්ෆොක්ස් 9 සදහා හදුනාගත් දුර්වලතාවයක් සදහා නව යාවත්කාලීනයක් නිකුත් කොට ඇති බවයි.

http://www.mozilla.org/en-US/firefox/new/

2011-12-22

නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන.....

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට  පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු  අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ  පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි.   ස්තුතියි....  මම බීටාව.   

සයිබර් අවකාශයේ වචන මූලික බව ඉක්මවා රූ රටා ඉදිරියට?????

එලබෙමින් ඇති ජංගම මූලික දත්ත උපකරන යුගයේ සපැමනීම තවත් බොහෝ වෙනස්කම් අන්තර්ජාල භාවිතාවට ‍රැබෙන එනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ. පසුගිය දිනවල ගූගල් ආයතනයෙන් පැවසුනේ තම අන්තර්ජාල භාවිතාවලට රූ රටා මූලික ස්වභාවයක් ‍රැගෙන එන්නට තම අවදානය යොමුවී ඇති බවකි. සරලව පවසන්නේ නම්  "වචන" මූලික සෙයුම් රටාවන් වෙනුවට ඡායාරූ මූලික සෙයුම් රටාවන් පිලිබද අත්හදා බැලීම් වලට තම අවදානය යොමුවෙමින් පවතින බවට කරුනු පලවෙමින් පවතිනවා.
                                   වෙළඳ නාමය වෙනුවට අදාල භාන්ඩයේ වෙලද සළකුන සහිත ඡායාරුවක් ඇසුරින් ඒ පිලිබදව සෙයුම් කිරීමට වඩා දුරට විහිදුනු තාක්ශනයක් එලබෙමින් ඇති බවට කරුනු පල වෙමින් පවතිනවා.  ඔබ ඔබගේ ජංගම උපකරනයකින් ගන්නා වචන ප්‍රහේලිකාවක්  විසදීම සදහා හොද සහයක් ලබාදීමට තව ඇත්තේ  වඩාත් සංකීර්න ඇල්ගොරිතමයන්  බිහිවීමේ පියවර වල කිහිපයක් පමනයි ලෙසටයි ඔවුන් පවසා සිටින්නේ.

2011-12-21

ෆේස්බුක් මිතුරු සංඛ්‍යා උන්මාදය සමනය වෙමින් පවතින බවක්....

පසුගිය අගෝස්තු මාසයේ සරසවියකින් නිකුත්වූ පුවතකින් කියවුනේ ඔබගේ මීලග ෆේස්බුක් මිතුරා පිලිබදව සෑහෙන දුරකට නිවැරදි අනාවැකි පලකිරීමේ හැකියාවක් පවතින බවයි.පලවන නවතම වාර්ථාවකින් පැවසෙන්නේ වැඩිහිටි භාවිතාකරන්නන් 1865 දෙනෙකු ඇසුරින් කල ගනනයකට අනූව ඉන් සියයට 82 පමන පවසා ඇත්තේ තමන් ෆේස්බුක්හි මිතුරන් ලෙස සම්බන්ද වන්නේ දැනටමත් දන්නා හදුනන අය සමග වන බවයි. එම ගනනයට අනූව මිතුරන් ප්‍රමානය වැඩි කර ගැනීම පමනක් හුදු අරමුන කරගනිමින් ක්‍රියාකාරීවන වන පිරිස සියයට 7ක් තම් ඉතාම පහල අගයකට පැමිනතිබීම යහපත් ලක්ෂනයක් ලෙස සටහන් වනවා. පහත දැක්වෙන සටහන හැදෑරීමෙන් වැඩි සවිස්තර ඔබට ලබ ගත හැකි වනු ඇත.

ෆයර්ෆොක්ස් 9.0 සංස්කරනය...

නවාංග කිහිපයක් සහිතව ෆයර්ෆොක්ස් හි නවතම සංස්කරනය වන 9.0 සංස්කරනය මේ වනවිට නිකුත් කොට ඇති බවට තොරතුරු පලවෙනවා. එහි වින්ඩෝස් සදහා වන සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකි වනු ඇත.
මෙතැනින් පිවිසෙන්න
    windows
     Mac
    Linux

වින්8(පෙර) බාගත කිරීම් මිලියන 3, භාවිතය 0.03%

වින්ඩෝස් 8 හි සංවර්ධකයින් සදහා වන නිකුතුව  මේ වන විට මිලියන තුනක් තරම් බාගත කිරීම් සටහන්වී ඇති බවටයි වාර්ථා වන්නේ. එසේමුත් හැදැරීම් සටහන් වලට අනූව නොවැම්බර් මාසය තුලදී එම මෘදුකාංගය භාවිතයට පෙලබීම සියයට 0.03 ලෙස පවතින බවයි.(මෙම ගනය සිදුවී ඇත්තේ එම මාසය තුල අන්තර්ජාලයට වින් 8 තුලින් පැමිනි භාවිතාකරන්නන්ගේ ප්‍රමානය මතය). සරලව පවසන්නේ නම් සෑම පරිගණක 10000 කටම පරිගණක 3ක් ලෙසය. ඔක්තෝබර් මාසය තුලැම ගනන සටහන්ව තිබුනේ සියයට 0.02 ලෙස වීම හා සසදන විට මද වර්ධනයක්  වින් 8  භාවිතය සදහා ලැබී ඇති බවක්  පෙන්නුම් කෙරෙන බවටයි සටහන් වන්නේ. හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් 7 හි සංක්‍යා ලේඛන සමග මෙය සැසදිඅ නොහැකිවී ඇත්තේ වින්ඩෝස් 7 වලදී සාමාන්‍ය භාවිතය සදහා මෙලෙස සංවර්ධකයින් සදහා වන මට්ටමේ සංස්කරනයක් ලබා නොදී කෙලින්ම බීටා සංස්කරනයක් ලබාදීම නිසා බවයි. ඔවුන් පවසන්නේ වින් 8 සදහා වන ප්‍රථිචාරය නිවැරදිව හදුනාගන්නට දත්තමය සාධක ප්‍රමානවත් නොමැති මුත් වින් 7 සදහා ලැබුනු ප්‍රතිචාර හා සැලකීමේදී මද අඩුවීමක සැකයක් පවතින බවයි.

2011-12-20

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට.........

ගැබුරු වනපෙතේ බොහෝ ඈතක අදුර හා එලිය අතරින් අධ්‍යාත්මික දැහැනක වෙලී ගතකල කාලය අපූරුතම අත්දැකීමකි. සැබවින්ම පසක් කල සහනය මෙතෙකැයි කිව නොහැකි තරම්ය. විටක මහත් ශාන්තිමත් වන වන පෙත තවත් විටක කැලබී යන්නේ  ආධුනිකයෙකුටනම් දැරිය නොහැකි තරම් වෙහෙසක් සිත තුල ඇති කරමින්ය. ලොකුස්වාමීන් වහන්සේ මෙහි පැමිනි පලමු දිනයේම දුන්නේ එකම එක උපදෙසකි.වන සිව්පා සියතුන් දෙස හොදින් බලන්න , ඔවුන් උපදින සතු‍ටුවන, මියයන අයුරු හොදින් දකින්න. සිත ගත පැහැර ගන්නට තරම් මහත්සේ නෙත්කලු සුවදැති මල්ගොමු ජරාවාසවී ගිලිහී යන යුරු හොදින් දකින්න.හොදින් දකින්න.. පසක් කර ගන්න... . එපමනයි. මෙහි ඔබට කලකිරෙන්නට හඩාවැටෙන්නට පලායන්නට කිසිවක් නැහැ. මක් නිසාද ඔබත් එහි කොටසක් පමනක් වන නිසා. කරුනාකර ඒ බව පමනක් හොදින් පසක් කර ගන්න.
            වසර සිය ගනනක් වයසැති විසල් රුකක් පාමුල පිහිටි ස්වභාවික ගල් ලෙනක් මා වෙනුවෙන් වෙන් වූ අතර ලොකු ස්වාමීන් වහන්සේ ඊට මදක් නුදුරින් වූ විසල් නුග රුකක් පාමුල එහි විශාල මුල් අතරින් නිර්මානය වී තිබූ ස්වාභාවික කුටියකට වැඩම කලාය. මාගේ අනුමානය නිවැරදි නම් කලතුරකින් අප ආශ්‍රමය වෙත වැඩම කරන සිල් ඇත්තෙකුගේ අඩවියක් විය යුතුය. මුල්ම දින දෙක තුන කාලය ගතව යන අයුරු ගැන මතකයක් ‍රැදුනද කෙමෙන් ගැබුරු දැහැන වැඩෙත්ම අදුර දහවල වැනි සීමාවල් වල තිබූ වටිනාකම් ශූන්‍යවී ගියේ නිතැතින්මය.ගැබුරු ශාන්තිමත් දැහැන තුලදීද විටක ආගන්තුක ශාන්තිමත් අධ්‍යාත්මක පහසක් විටින් විට දැනෙන්නේ මා පෙරකි සිල් ඇත්තා අපගැන විමසන විටදී දැයි කිසිදාක නොවිසදෙන ගැටලුවක් වනු ඇත. එහෙත් එක් කරුනක් නම් පැහැදිලිය. ආශාව ඔබ හිතනා තරමේ සරල කාරනාවක් නොවන බවය.ගැබුරු දැහැන් ගත සිල්වත් මනස් තුල පවා මහත්සේ සියුම් ලෙස නුමුදු බැදීම් පවතින යුරු දැකීම අපූරු අත්දැකීමකි.

වින්8 සමග පිවිසීම් අනන්‍යතා තහවුරුවට වෙනස් මගක්......

අවසරපද භාවිතය බෙහෙවින් අසාර්තක වෙමින් ඇත. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ බොහෝ භාවිතකරන්නන්ගේ අවසරපද මද දැනුම ඇත්තෙකුගේ පවා හාස්‍යට ලක්වන සුලු තරමට සරලව ඇති බවයි.ආයතනය එලබෙන වින් 8 සංස්කරනය සමග භාවිතාකරන්නාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ක්‍රමවේදය වෙනස් කිරීමේ උත්සාහයකට පිවිස ඇත්තේ මේ නිසා විය යුතුයි. එය භාවිතාකරන්නාගේ ඡායාරුවක් හා එය මත රටාගත ස්පර්ශක හැසිරීමක් හෝ මවුස චලනයකින් සමන්විත විය හැකි බවට තොරතුරු පලවෙමින් පවතිනවා.අයතන වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම ක්‍රමවේදය තුලදී සංකීර්න ගනිතමය ක්‍රම වේදයක් ඔස්සේ භාවිතාකරන්නාගේ චලනයන්ගේ ස්වභාවය අනූව සරල වෙනස්කම් නොසලකමින් ඔහුව නිවැරදිව හදුනා ගැනීමේ ක්‍රමවේදය ගොඩනැගෙමින් පවතින් බවයි.

එලබෙන කාලය තුල....

එලබෙන කාලය තුල දෛනික පරිභෝජනයට අවශ්‍ය ශක්තිය නිපදවීමේ ක්‍රමවේදය තීරනාත්මක ලෙස  වෙනස් වනු ඇති බවටයි ඔවුන් යෝජනා කරමින් සිටින්නේ.විද්වතුන් පවසන්නේ "ශක්ති ප්‍රභවයන් ගැන අපේ දැක්ම හරිම සාම්ප්‍රධායිකයි. ඔබගේ පාපැදියේ කරකැවෙන රෝදය , නිවසේ නල ජල  මාර්ගය ඔස්සේ සිදුවන ජල චලනය, නිවසේ නැතිනම් ගෙවත්තට ඉහලින් හමායන සුලග, මේ සියලු චලනයන් ශක්ති ප්‍රභවයන් උනාට තවමත් අපි දියුනුවෙලා නැහැ ඒවා කාර්යක්ශමව භාවිතාකරන්න. ඒ උනාට එලබෙන කාලය තුලනම් අපිට සිදුවෙනවා මේවා දෙස වෙනස් විදිහට බලන්න.ඉහත කී ඒවා මෙන්ම ඔබේ පරිගණකයෙන් තාපය ලෙස පිටවෙන්නේත් , පාගමනය තුලදීත් නාස්ති වන ශක්තිය නැවත අපගේ එදිනෙදා පෞද්ගලික ශක්ති පරිභෝජනයෙන් විශාල ප්‍රතිශතයක් සපුරන්නට පුලුවන් වනු ඇති ". ඔවුහු පවසා සිටිනවා.
              එලබෙන  අනාගතයේදී අවසර පදයනු අතාර්කික ආරක්ශක උපංක්‍රමයක් වීම වලක්වන්නට කිසිවෙකුට නොහැකි වනු ඇත. වඩාත් පෞද්ගලික මෙන්ම සංකීර්න දත්ත පද්ධති දෙසට හැරෙන්නට කලය එලබෙමින් තිබේ. ඔබ මුදල් යන්ත්‍රය දෙසට ලංවන්නට තබන පියවරවල් තුනක් නැතිනම් හතරක් තුලදී ඔබව හදුනා ගන්නට එම යන්ත්‍රය සමත්වනු ඇති බවටයි පැවසෙන්නේ. ඔබගේ ඇසේ චලනය ශාරීරික ඉරියවු මේ සදහා සෑහෙනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ.
                            හිසමත පලදින කුඩා උපකරනයක් විසින් ඔබගේ මොලයේ සිදුවන වෙනස්කම් හදුනා ගනිමින් ඒ අනූව ඔබ අවට ඇති උපකරන වලට  උපදෙස් ලබා දීම නුදුරු අනාගතයේ සිට වැඩි අවධානයක් දිනා ගන්නා පර්යේක්ෂනයක් වනු ඇත. පහසු වඩාත් නිවැරදි මෙන්ම කාර්යක්ශමතාවය අතින් පවා වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරන "උපකරන මෙහෙයවීම් ක්‍රම වේදයක්" ලෙසට එය කාගේත් සිත් දිනා ගනු ඇත.උපකරනයන්ගේ දියුනුවීම් පියවර කිහිපයකට පසුව අද පවතින මිනිස් දත්ත උපකරන සබදතා ක්‍රම වේද දෙස විසුලු සහගත බැල්මක් හෙලිම සාමාන්‍ය කාරනාවක් වනු ඇත.
                             එලබෙන කාලය තුලදී ජංගම දත්ත උපකරන පෘතුවි වැසියන්ගේ අතිමහත් ප්‍රතිශතයකගේ අත්ලට පැමිනෙනු ඇත්තේ ජීවිතය හා දත්ත ගොනු අතර පරතය තව තවත් අවම කරවමිනි. අද පවතින ඩිජිටල් ජීවිතය ඉක්මවා ගොස් උපකරනය ප්‍රධාන බව වෙනුවට භාවිතාකරන්නා ප්‍රධාන දත්ත ගොනු සෞඛ්‍ය , අධ්‍යාපනය ,‍රැකියාව පමනක් නොව මිනිස් සබදතා විෂය පවා විනිවිද යනු ඇත.
                        ඩිජිටල් ජීවිතයෙන් බොහෝ ශක්ති ප්‍රමානයක් අපතේ හරින්නට සමත්වන කරදරකාරී දත්ත ගොනු භාවිතයට සමුදෙන්නට නුදුරු අනාගතයේම තත්වය උදා වනු ඇත්තේ වැඩි පුද්ගල නියෝජනයක් තහවුරු කරන්නට වන බැවිනි. සරලව එය තවදුරටත් ක්‍රීඩා උපකරනයක් නොවනු ඇත. අනිත් අතින් එය වඩ වඩාත් සියුම් වෙමින් පුද්ගලත්වයට වඩාත් ලංවන බැවින් ඔබ ඔබ රවටා ගැනීමට උත්සාහ කරනවා සේ හැගෙන්නට පටන් ගනු ඇත.

2011-12-16

2012 පෙර වදනක් (2)

එලබෙන නව දත්ත යුගය උපකරන මූලික භාවිතාකරන්නා සැගවුනු නැතිනම් සැගවෙන්නට අවකාශ ඇති යුගයන් නොවනු ඇති බවට විස්වාසය තැබිය හැකිය.  වඩාත් වේගවත් උපකරන වලට පමනක් එලබෙන දත්ත යුගය ප්‍රබෝධමත් කල නොහැකි වනු ඇත. කොටින්ම මීලග දත්ත යුගයේදී උපකරන මූලික නොව භාවිතාකරන්නා මූලික යුගය ඇරබෙනු ඇත. විද්වතුන් පවසමින් සිටින්නේ තවදුරටත් සැගවනු භාවිතකරන්නන් සයිබර් අවකාශය අපවිත්‍ර කිරීම නතරවන්නට කාලය  එලබ ඇති බවකි. කුනුරොඩු මෙන්ම හානිකර අපද්‍රව්‍ය ස්වභාවික පරිසරය අපවිත්‍ර කරමින් සිටින්නාක් මෙන්ම සයිබර් අවකාශයතුලද දෛනිකව බොහෝ සෙයින් විනාශ කරමින් සිටින බවකි. "මම හිතන්නේ එකපාරටම නොවේ ඒක වෙන්න ඔනේ. හැබැයි අපි අමතක කරන්න හොද නැහැ සයිබර් අවකාශය අනාරක්ශිත තැනක් කරන්නෙත් භාවිතාකරන්නන්ම බව. යක්ෂයාගේ රවුමට අහු උනා වගේ. තවත් විදිහකට කිව්වොත් අපි අපිව බයකරනවා ඊලගට අපි අපිටම බය වෙනවා.ඊට පස්සේ "බයට" දොස් පවරනවා".
                  උපකරනය භාවිතා කරන්නාව නියෝජනය කරනවා වෙනුවට භාවිතාකරන්නා උපකරනය නියෝජනය වීමක් එලබෙන යුගයේ ස්වභාවය  වනතෙක් එහි උපරිම ප්‍රථිපලය නෙලා ගැනීම අපහසු වනු ඇත.මයික්‍රසොෆ්ට් ආයතනය් මැතකදී මුදා හල සමහර චලන පටවල පවා මෙම ස්වභාවය දක්නට ලැබිනි. උපකරනයෙන් උපකරනයට නිදහසේ දත්ත ගලාගෙන යන අතර දත්ත ගොනු හිමිකරුගේ අනන්‍යතාවය පමනක් ස්ථාවර වනු ඇත. කථිකාවට ලක්වෙමින් ඇති පොදු මෙහෙයුම් පද්ධති මෙම යුගය වඩත් තීවර කරනු ඇත. වෙළද භාවිතය තුලදී හැරෙන්නට එය වඩාත් අපූරු පියවරක් වනු ඇති අතර අද භාවිතයේදී ඇති බොහෝ බාදකයන් එම පිවිසුම විසින් අවසන් කරදමනු ඇති බවට විස්වාස කල හැකිය.

2012 යනු දත්ත මිනිසා ළදරුවියෙන් ලමාවියට එලබීමද?????

එලබෙන වසර ගැන දත්ත තාක්ශනය හදාරන්නන් මෙන්ම දත්ත තාක්ශන ලෝලයන්  බොහෝ දුරට එකගවන එක කරුනක් වන්නේ දත්ත උපකරන ජංගම බවට පත්වීමේ වසර වනු ඇති බවටයි. මේ මොහොත වනවිටත් බහුලව ජංගම උපකරන බහුලව භාවිතාවන බව අප දකිමින් දැන ගනිමින් සිටියද එලබෙන වසර ජංගම ස්වභාවයට වැඩි නැබුරුවක් දැක්වනු ඇත්තේ කෙලෙසකදැයි කෙනෙකුට ගැටලුවක් ඇති වන්නට ඉඩ නැතිවාම නොවේ. "දත්ත උපකරන කොතරම් තිබුනද  අප ප්‍රායෝගිකව දන්නවා තවමත් ඒවා ස්ථාවර දත්ත උපකරන වලින් ස්වායන්ත නැති බව. බොහොමක් ජංගම දත්ත උපකරන තවමත් පාවිච්චි වෙන්නේ දත්ත " මලු" හැටියට. සිංහල මිනිස්සු හැටියට අපි  දන්නවා එදිනෙදා ජීවිතයේදී අපි "මලු" භාවිතාකරන්නේ මොනවටද කියලා." මෑතකදී පැවති දේශනයකදී විද්වතෙකු පවසා සිටියේ ඒ නිසා වන්නට ඉඩ ඇත. මෙම පරිවර්ථනය හුදෙක් භෞතිකමය කාරනාවකට වඩා සංකීර්නවනු ඇති බවයි මෙයින් අදහස්වන්නේ. "වින්ඩෝස්8 ‍රැගෙන එන්නේ බරින් අඩු, සරල, මිලෙන් අඩු හුදෙක් ඔබේ ගමන් මල්ලට අමතර බරක් නොගෙනෙන  උපකරනයක්ම නොවන බව අපි තේරුම් ගත යුතුයි". "ඇත්තෙන්ම පවසනවා නම් එය ඔබගේ උපකරන මූලික දත්ත ජීවිතය ජංගම කරන්නට එන පෙර ගමන් කරුවෙකු වගෙයි". ඔහු වැඩි දුරටත් පවසා සිටියා.ඔහු අවසානයේ පවසා සිටියේ මේක දත්ත සංස්කෘතියේ පරිවර්ථනක්, තවත් ලෙසකින් ඉදිරි පියවරක්, දත්ත මිනිසෙකු කරා යන ගමනේ තීරනාත්මක සංදිස්ථානයක්  වනු ඇති බවයි

එක්ස්ප්ලොරා 8 සංස්කරනය පසුකරමින් ක්‍රෝම් 15 බ්‍රවුසරය පෙරට

අයර්ලන්ත ආයතනයක් පවසන්නේ නොවැ. 21 සිට ආරම්භවූ සතිය සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 සංස්කරනය පසුකරමින් ක්‍රෝම් 15 බ්‍රවුසරය පෙරට විත් ඇති බවයි. එම  සිදුවීම 2010දී එක්ස්ප්ලොරා7 වෙනුවට ස්ථාන ගතවෙමින් එක්ස්ප්ලොරා 8 ගේ පැමිනීමෙන් පසුව ප්‍රථම වරට තම ස්ථාවරය අභියෝගයට ලක්වූ අවස්ථාව හැටියට වාර්ථවන බවටයි සටහන් වන්නේ. පසුගියදා ක්‍රෝම් 16 සංස්කරනය මුදා හැරුනු අතර එය සේංක්‍රීය උස්තල ගැන්වීමේ යාන්ත්‍රනයෙන් සමන් විත වන බවත් එලබන මෑත කාලය තුලම දැනට ක්‍රෝම් 15  ස්වංක්‍රීයවම 16 වන සංස්කරනයවෙත උස්තල ගැන්වනු ඇති බවටත් ගූගල් ආයතන පවසා තිබුනා.

ෆේස්බුක් "ටයිම් ලයිනය" මුදා හැර අවසන්.....


ෆේස්බුක් ආයතනයෙන් නිකුත්වූ නිවේදනයකට අනූව ඊයේ දිනය වනවිට  ෆේස්බුක් අඩවිය මතට එක්වූ නවාංගයවූ ටයිම් ලයිනය මේ වනවිට මුදා හැර අවසන්වූ  බවයි පැවසෙන්නේ. සරලව පැවසෙන්නේ ෆේස්බුක්හි ඔබේ ගිනුම තුලට බහා ඇති සියලුම ඡායා, චලන , සවිස්තර , සැබදියාවන් ආදී සියල්ල ටයිම් ලයිනය මත පිලිවලට පෙල ගැස්වෙන අතර එක් පි‍ටුවක් තුලදී පහසුවෙන් ඒවා අතරට ලගා වීමේ පහසුව ලැබෙන බවයි. එසේමුත් තමන්ට අවැසි ආකාරයට සමහර දත්ත ටයිම් ලයිනය තුල සගවා තබන්නටත් පහසුකම් ඇති බවටයි කියවෙන්නේ.

දත්ත මිනිසා

      මින් පසු ඇරබුනේ දත්ත උපකරන වල අතීත කථාන්දරයයි. මුලින්ම දත්ත සකසන සරල උපකරනවල සිට ක්‍රමයෙන් ඒවා දියුනු වූ ආකරය පෙනවන සටහන් පෙලකින් එය සමන්විත විය.උපකරන වලට අමතරව ඒවා සමග සම්බන්ද අයවලුන්ගේද ඡායා හා රූ සටහන් වලින් එවා සමන්විතව තිබුනි. එහිසදහන්ව තිබූ සියලුම පාහේ විද්වතුන් පිලිබදව බොහෝ විස්තර තිබිනි. අධ්‍යාපනය ලැබූ තාන්න මාන්න මෙන්ම තනතුරු පිබදව බොහෝ සෙයින් තොරතුරු සටහන්ව තිබුනි. 2011 කාලයට ඉහලින් සරල මිනිසෙකුගේ රුවක් සමග "දත්ත සකසන හා සංනිවේදන උපකරන අවකාශයේ පැහැදිලි හැරවුමක් සටහන් කල නිර්මානශිලී මිනිසෙකි" යනුවෙන් පමනක් සටහන්ව තිබිනි . එම සටහන සමග මදක් වැඩි කාලයක් මා ‍රැදී සිටිනිසාදෝ ටීටාව  ඌනපූර්නයක් කලේය."සමහර මිනිසුන් ගැන සටහනක් නොකිරීම ඔවුනට කරන අසාධාරනයක් වනවා සේම සමහරුන් පිලිබදව සටහන් කරන්නට යෑමම ඔවුනට කරන අසාධාරනයක් විය හැකියි. මම හිතන්නේ මෙ ඒවගේ අවස්ථාවක්."

2011-12-15

IE මෘදුකාංගය ඊලග සංස්කරනය වෙත උස්තල ගැන්වීම ස්වංක්‍රීයව

එලබෙන මාසයේ සිට මයික්‍රසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා මෘදුකාංගය ඊලග සංස්කරනය වෙත උස්තල ගැන්වීම ස්වංක්‍රීයව සිදුවනු ඇති බවට අද නිවේදනය වෙනවා. ගූගල් ක්‍රෝම් වල මෙන් මෙම  ක්‍රියාවලිය ස්වංක්‍රීය කිරීම තුලින් භාවිතාකරන්නන්ගේ ආරක්ශාව වඩාත් තහවරු වනු ඇති බවටයි ආයතනය විස්වාසය පලකර සිටින්නේ. මේ අනූවXP වල භාවිතාවන IE6, IE7ආදී වූ සංස්කරනයන් IE8 දක්වා ද විස්ටා හා වින් 7 ව්ල IE7 හා IE8 සංස්කරනයන් IE9 වෙතද උස්තල ගැන්වෙනු ඇති බවටයි පැවසෙන්නේ.

2011-12-13

අනවසර බාගත කරන්නන්ගේ දත්ත එකතුවක්.......

නෛතික අයිතීන් නොසලකා හරිමින් දත්ත ගොනු බදා හරිනු ලබන වෙබ් අඩවිවලින් එම දත්ත ගොනු බාගත කර ගන්නා අයවලුන් පිලිබද දත්ත ‍රැස්කර ඔනැම අයෙකුට ඒවා නැවත බලා ගන්නට ඉඩ සලසන වෙබ් අඩවියක් පිලිබද තොරතුරු පලවනවා. චලන පට මෙන්ම ගීත ආදීවූ සියලුම අනවසර බාගත කිරීම් සදහා ඉඩ සලසන වෙබ් අඩවි හා ඒවාට ගොඩ වෙන්නන්ගේ අයි පී ලිපිනයන් මෙලෙස ගබඩා කර තැබෙන බවටයි සටහන් වන්නේ.
    මෙම වෙබ් අඩවියේ නිර්මාතෘ වරුන් පවසන්නේ අසැබි චලන පට ආදිය බාගත කරන්නන්ගෙන් නිරන්තරයෙන් තම අනන්‍යතාවයන් ඉවත්කරන මෙන් ඉල්ලා කරන ඉල්ලීම් වලින් දවස පිරී ඇති බවයි. ඔවුන් පවසන්නේ මෙම නීතිවිරෝදී බාගත කිරීම් වලට යාමේදී තම පරිගණකය තබන අනතුරු දායක තත්වය ගැන බොහෝ බාගත කරන්නන් නොසලකා හරින බවයි.
පහත ලිපිනය ඔස්සේ ඔබටත් එම අඩවියට පිවිසෙන්නට හැකි වනු ඇත.
Youhavedownloaded.com

වින්ඩෝස් ඩිපෙන්ඩර් යලිත් පැමිනේ.....

ගතවගිය සතියේ මයික්‍රසොෆ්ට් ආයතනය තම ආරක්ශක සහය මෘදුකාංගයක් වූ වින්ඩෝස් ඩිපෙන්ඩර් නව  බීටා සංස්කරනයකින් නිකුත් කරනු ලැබුවා. එය "වින්ඩෝස් ඩිපෙන්ඩර් ඔෆ් ලයින් "ලෙස නම් කර ඇති අතර සියලුම තම මෙහෙයුම් පද්ධතිවල බිද වැටීමකදී රීකවරි ටූලයක්  ලෙස භාවිතයට ගත හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. යු එස් බී, සී.ඩී , ඩී.වී.ඩී ආදී පහසු මාධයක්  සමග භාවිතයට හැකි වන මෙම මෘදුකාංගය 32 හා 64 බිට් ලෙසට ලබා ගත හැකිවන අතර අඬපනව ගිය පරිගණක පද්ධතියක් නෑවත සංක්‍රිය කිරීමේදී රූට්කිට් හා මැල්වෙයාර් ආදිය හදුනා ගනිමින් ඉවත් කිරිමට හැකි සේ නිමවී ඇති බවටයි ඔවුන් පවසන්නේ. මෙම ලිපිනය ඔස්සේ පිවිස මෙම මෘදුකාංගය ඔබටත් ලබා ගත හැකි වනු ඇත.

මුද්‍රිත මාධ්‍යට වඩා ජංගම උපකරන ඉදිරියෙන්

ඇමරිකානු ආයතයක් මෑතකදී කරන ලද කරුනු විම සීමකට අනූව සාමාන්‍ය වැඩිහිටියෙකු  දිනකට විනාඩි 65 ජංගම උපකරන සමග ගත කරන අතර මුද්‍රිත මාධ්‍ය සමග ගතකරනුයේ විනාඩි 44 බවටයි තොරතුරු පලවන්නේ.එම විනාඩි 44 තුල පුවත්පත් සමග විනාඩි 26 කින්ද විනාඩි 18 සඟරා සමගද ගතකරන බවටයි කිය වෙන්නේ. එසේම ඔවුන් පවසනවා සාමාන්‍ය වැඩිහිටියෙකු දිනකට පැය 4කුත් විනාඩි 34ක් රූපවාහිනි යන්ත්‍රය සමග ගත කරන බවයි.

2011-12-11

HP වෙතින් විවෘත මෙහෙයුම් පද්ධතියක් (WebOS)

මොබයිල් මෙහෙයුම් පද්ධතියක් ලෙස  එච්.පී ආයතනය තම ටච්පෑඩ් ටැබ්ලටය සමග නිකුත් කරනු ලැබූ "webos"  මෙහෙයුම් පද්ධතිය විවෘත මෘදුකාංගයක් ලෙස භාවිතාකරනු හැකිසේ මෘදුකාංග සංවර්ධකයින් වෙත නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. ආයතනය පවසන්නේ  මෙම මුදා හැරීම සමග සංවර්ධකයින්ගෙන් ලැබෙන දායකත්වය නිසා එම මෘදුකාංගය එලබෙමින් පවතින නව මෘදුකාංග යුගය සදහා වඩාත් ගැලපෙන (උපාංග දෙසට හා නව මෘදුකාංග භාවිතාවන් දෙසට) ලෙස හොදින් සැකසෙනු ඇති බවයි.
     විචාරක මතය වන්නේ මෙම මෘදුකාංගය ඇපල් හා ගූගල්  ජංගම මෙහෙයුම් පද්ධති වලට මහත් බලපෑමක් කල නොහැකි වනු ඇති මුත් මයික්‍රසොෆ්ට් හි වින්ඩෝස් 8 සදහා නම් සහනයක් වනු ඇති බවයි.

2011-12-10

Silverlight5 හි බීටා සංස්කරනය

මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්වන නිවේදනයකට අනූව Silverlight හි නවතම සංස්කරනයේ බීටා නිකුතුව ලබන සතිය වන විට නිකුත්වීමට නියමිත් බව කියවෙනවා. මීලග පරම්පරාවේ භාවිතාවන් ඉලක්ක කරගනිමින් නිමවා ඇති මෙම සංස්කරනය  HTML5  හා අන්තර්ජාලයේ නව ප්‍රවනතා සදහා සැකසී ඇති බවටයි කියවෙන්නේ. ආරක්ශාව අතින් වඩාත් ඉදිරියෙන් ඇති මෙම සංස්කරනය "විස්වාසනීය භාවිතාවක" සහතික බවයි ආයතනය පවසන්නේ. නොමිලේ ලබාගත හැකි මෙම ප්ලගීනය මෙගා බයිට් 7ක් වන අතර තප්පර 10 ඇතුලත පරිගණකය මත ස්ථාපනය කරගත හැකි බවටයි පැවසෙන්නේ.
   මෑතකදී මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ වින්ඩෝස් 8 හි මෙට්‍රෝ භාවිතය තුල ප්ලගීනයන් සදහා ඉඩ නොලැබෙන බවයි. එහෙත් හදාරන්නන් පවසන්නේ  ඉදිරි වසර දෙක තුල සිල්වර් ලයිට් භාවිතය අවලංගු නොවන බවයි. HTML5 මත සීමාවූ බ්‍රවුසරයන් භාවිතය බහුලවීමට අඩු තරමින් එතරම් කාලයක්වත් ගනු ඇති බවත් Silverlight පදනම් කර ගනිමින් ඇති බොහෝ සාර්ථක වෙබ්භාවිතාවන්   මෙතරම් ඉක්මනින් අවලංගුවීම සිදුනොවනු ඇති බවයි. පහත සබදතාවය ඔස්සේ Silverlight5 හි බීටා සංස්කරනය ලබා ගත හැකි වනු ඇත.

15 නැනෝ මීටර් මට්ටමේ මෙම පරිපථයන්

ප්‍රමානයෙන් ඉතාමත් කුඩා පරිපතයන් සැකසිය හැකි ආකාරයේ  තාක්ශනයක් සාර්ථවක අත්හදා බැලෙමින් තිබෙන බවට පුවතක් පලවනවා. 15 නැනෝ මීටර් මට්ටමේ මෙම පරිපථයන් මතදී සබදතා දෙකක් අතර පරතරය පරමානු 150 ආසන්නයේ පවතින බවටයි කියවෙන්නේ.
පර්යේක්ෂකයන් පවසන්නේ දැනට පවතින මයික්‍රෝප්‍රොසෙසරයන්ට වඩා අඩු තාපයක් නිපදවන කුඩා මුත් වඩා බලසම්පන්න ප්‍රොසෙසරයක් ගැන බොහෝ සෙයින් බලාපොරොත්තු තැබිය හැකි මට්ටමක තමන් පසුවන බවයි. බොහෝ දත්ත උපකරන එනම් පරිගණකය , ෆෝන් එක  , ටැබ්ලටය මෙන්ම තවත් බොහෝ වන දෛනික උපකරන වඩාත් කාර්යක්ශම කුඩා මෙන්ම අඩු ශක්ති වැයක් කරා ගෙනයන්නට සමත්වනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ.

ක්‍රෝම් ඉහලින්ම සිටින බවට.....

පලවන වාර්ථාවලට අනූව ගතවූ සතිකිහිපය තුල මොසිල්ලා ෆයර් ෆොක්ස් වටා ඇති වෙමින් ඇති අස්තිරතාවය සමග ක්‍රෝම් වඩාත් තම ස්ථාවර වෙමින් සිටි. හදාරන්නන් පවසන්නේ  ක්‍රෝම්හි ප්ලගින් සදහා ඇති ආරක්ශාකාරී බවත්  සෑන්ඩ් බොක්ස් ආරක්ශිත බවත් සමග සලකන විට වඩාත් සුරක්ෂිත බවක් එයින් පලවෙන බවයි. යාවත්කාලීනයන් , සුරක්ශිත එ.පී.අයි බ්‍රවුසින් හැකියාව, සැන්ඩ්බොක්ස්,ප්ලගීන් ආදීවූ කරුනු 5ක් මත මෙම සැසදීම සිදුවූ බවටයි ඔවුන් පවසන්නේ.ඉක්මන් යාවත්කාලීන යාන්ත්‍රනය ගැන පමනක් සැලකුවද ක්‍රෝම් සදහා සාමාන්‍ය දින 53 වන විට ෆයර් ෆොක්ස් සදහ දින 158 බවත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සදහා දින 214 වන බවයි වැඩි දුරටත් පැවසන්නේ. මේ අනූව  ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා දෙවන තැනටත් ෆයර්ෆොක්ස් තෙවන තැනටත් ඔවුන් නම් කර සිටිනවා.

2011-12-09

දත්ත මිනිසා ...............

අනතුරුව අප පිවිසුනේ දිගු අර්ධ කවාකාරලෙස වීදුරුවලින් තනා තිබූ කුටිය වෙතටයි. එකිනෙකා එම කවාකාර කුටියට ඇතුලුවනවාත් සමගම දෙපස බිත්තියේ ඔහු හෝ ඇය වෙනුවෙන්ම නිර්මානය වූ බහුමාධ්‍ය වැඩසටහනක් ඇරබේ. ටීටාවේ සැකැස්ම හා යහ පැවැත්ම ගැන කුඩා උපදෙස් වැඩසටහනකින් අනතුරුව ඉදිරි ශිෂ්‍ය කාලය තුලදී වඩාත්ම ලගින් ඇසුරු කරන්නට නියමිත මගේ කන්ඩායම හදුන්වා දෙන්නට පටන් ගත්තාය. ඔවුන්ගේ විවිධ ඡායාරූ හා පාසැල් කාලය පිලිබදව තොරතුරු දෙපසින් පලවන විටම ටීටාව තුලින් අප හතර දෙනා ශ්‍රවෘව එකිනෙකා හා සම්බන්ද කලාය.එකිනෙකාට සුබ පතාගැනීමෙන් අනතුරුව මෙම දර්ශන කුටිය අවසානයේ එකිනෙකා හමුවන්නට කථාබස් කර ගතිමු. සමවන්න.. අතපසුවීම පිලිබදව සමාව ඉල්ලමින්  මෙම කුටියේ ක්‍රියාකාර කම මදක් පැහැදිලි කලයුතුයැයි සිතන්නේ අතීතයට අයත් යමෙක් මෙය අහබුලෙස නෙත ගැ‍ටුන හොත් ඇතිවිය හැකි ව්‍යාකූලත්වය පිලිබදව සලකමිනි.
                    වර්ථමානයේනම් මෙම ආකාරයේ කුටි බොහෝ වෙළද සැල් වල පවා ඇත. එයින් කෙරෙනුයේ අමුත්තෙකු එයට ඇතුලු වූ මොහොතේ සිට එයින් පිටවන මොහොත දක්වා ඔහු වෙනුවෙන්ම ඇරබෙන බහු මාධ්‍ය දර්ශන පටයක් ඔහුගේ ගමන්වේගයට අනූව ඔහු සමගම ගමන් කිරීමයි. අදාල අය යම් මොහොතක නතර වුවහොත් එම දර්ශන තලයද ඔහුට සමාන්තරව නතර වේ.එහිදී නම් සිදුවන්නේ ඔහුගේ ටීටාව ඇසුරින් ඔහුව හදුනාගෙන ඔහුගේ රුචි අරුචි කම් අනූව සකස්වන නව වෙළද භ්‍යාන්ඩ පිලිබදව ශ්‍රවෘය හා දෘශ්‍ය ලෙස දැනුමත්කිරීම වැනි ක්‍රියාවකි.

වර්ෂයේ අවසාන මයික්‍රසොෆ්ට් යාවත්කාලීන ගොනුව.....

මද පමාවකින් පසුව මෙම වර්ෂයට නියමිත අවසාන යාවත්කාලීන ගොනුව එලබෙන සතියේ නිකුත්වීමට නියමිත බවට ප්‍රකාශවෙනවා. අංග 14කින් යුත් මෙවර යවත්කාලීන ගොනුවතුල "අතිශය වැදගත්" මට්ටමේ යාවත්කාලීනයන් තුනකින් හා ඉතිරි 11 "වැදගත්" මට්ටමේ වනු ඇති බවටයි කියවෙන්නේ.
                      මෙවා අතරින් ගොනු 7ක් වින්ඩෝස් පද්ධතිය ඉලක්ක කරගත් ඒවා වන අතර 5ක් මයික්‍රසොෆ්ට් ඔෆ්ෆීස් සදහා බවත්  1ක් වින්ඩෝස් මීඩියා ප්ලේයරය  සදහා වන බවත් සටහන් වනවා.
මේ අතර ඇඩෝබි ආයතනය තම රීඩරය සදහා "සීරෝ ඩේ" දුර්වලතා ඉලක්ක කර ගනිමින් යාවත්කාලීනයක් නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින බවට ප්‍රකාශ කර සිටිනවා.

කෙටි පරිගණක පුවත් සදහා http://twitter.com/siriwansa වෙත පිවිසෙන්න

කෙටි පරිගණක පුවත් සදහා http://twitter.com/siriwansa පිවිසෙන්න. මොහොතින් මොහොත පරිගණක ලොව මැවෙන නෙක පරිගණක කෙටි පුවත් දැන් පහසුවෙන් ‍ටුවිටර් හි siriwansa වෙත පිවිසීමෙන් පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත.

ගූගල්+ හා ජීමේල් අතර සබදතාවය වඩාත් වැඩිවේ....

ඔබගේ ජීමේල් ගිනුමට ලැබෙන ඊමේලය යොමුකල අයත් ගූගල්+ භාවිතාකරන්නෙක් නම්  ඔහු හෝ ඇයව ඔබගේ ජීමේල් ගිනුම තුලදීම ඔබගේ ගූගල්+  "සර්කලයක්" වෙත එකතුකර ගැනීමේ හැකියාව ලැබෙන බවයි කියවෙන්නේ.ඒත් සමගම ඔහුගේ හෝ ඇයගේ ගූගල්+ නවතම හැසිරීම් දත්තයන් ජීමේල් ගිනුමේ සිටම දැනගැනීමේ හැකියාවත් ලැබෙනු ඇති බවටයි තොරතුරු පලවන්නේ. අමතරව මේ වනවිට ජී මේල් ගිනුමේ සිටම ඡායාරුවක් වැනි යමක් තම ගූගල්+ ගිනුම තුලට යවන්නට මෙන්ම එහි සිට ලබා ගැනීමේ හැකියාවද ලැබී ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ.
     ගූගල් ආයතනය පසුගිය දින වලදී තම ජීමේල් ගිනුම් හිමියන්හට වඩාත් නම්‍ය ලෙස ජීමේල් කවුලුව භාවිතා කලහැකි සේ වෙනස් කම කිහිපයක්ම හදුන්වා දෙනු ලැබුවා. එසේම අයි ෆෝන් වැනි ජංගම උපකරන මතද ජීමේල භාවිතය වඩාත් පහසු කරවන සුලු "ඇප්ස්" කිහිපයක්ම පසුගිය කාලයතුල හදුන්වා දෙන්නට කටයුතු කර තිබුනා.

වින්8 ඇප්ස් පරිගණකයෙන් ඉවත්කිරීමේ හැකියව මයික්‍රසොෆ්ට් ආයතනයට.....

මේ සතිය තුලදී මයික්‍රසොෆ්ට් ආයතනයෙන් පිටවූ සටහනකට අනූව කියවෙන්නේ වින්8 මෙට්‍රො සමග ක්‍රියාත්මක වීමට නියමිත ඇප්ස් වල පූර්න පාලන හැකියාවන් මයික්‍රසොෆ්ට් ආයතනය සතුවන බවකි. ඒ අනූව අවශ්‍ය විටකදී "ඇප්ස්"  වල ක්‍රියාකාරීතවය අඩපන කර දමන්නට මෙන්ම තවත් විටකදී සම්පූර්නයෙන් එම උපකරනයෙන් ඉවත්කර දැමීමේ හැකියාව එම ආයතනය සතුවනු ඇත. කෙසේ වෙතත් ඇපල් මෙන්ම ගූගල් ආයතනවලද ජංගම උපකරන සදහා නිකුත්වන ඇප්ස් වලටද මෙම ස්වභාවය පොදු බවටයි කිය වෙන්නේ. මයික්‍රසොෆ්ට් ආයතනයෙන් ඇප්ස් මිලදී ගන්නා විට එකගවන නීතිරීතීන් සටහන තුල මේ බව පැහැදිලිව සටහන් වන බවටයි කියවෙන්නේ.
                                        එවැනි අවස්ථාවකදී එම මෘදුකාංගය මිලදී ගැනීම සදහා ගෙවන ලද මුදල ආපසු ලබා ගැනීමේ අවස්ථාව භාවිත කරුට ලැබුනද එම මෘදුකාංගය ඇසුරින් නිපදවා ගන්නා ලද දත්තයන් අර්ථ රහිත වීමේ අනතුර ගැන ආයතනය වගකීමක් නොදරන බවටයි කියවෙන්නේ.ඇපල් ආයතනය මෙවැනි අවස්ථාවලදී වඩාත් නම්‍ය වෙමින් එවැනි තීර්න ක්‍රියාත්මක නොකරන අවස්ථා රාශියක් ඇති බවටයි සටහන් වන්නේ. එනමුත් ගූගල් ආයතනය තම ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත්ව තිබූ එවැනි මෘදුකාංග, පසුව හදුනා ගත් හානිකර බව  නිසා ඉවත්කරන්නට තීර්නය කල අවස්ථා ඇති බවටයි කිය වෙන්නේ.
                                            ලබන වසරේ වින්ඩෝස් 8 බීටා සංස්කරනය නිකුත්වීමත් සමග ආරම්භවීමට නියමිතව ඇති මයික්‍රෝසොෆ්ට් ස්ටොර් පිලිබද බොහෝ පැහැදිලිකිරීම් ආයතනය විසින් ඉදිරියේදී කරනු ඇති බවටයි දැනට බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

2011-12-08

ෆේස්බුක් ටයිම් ලයිනය මුදා හැරේ!!!

ෆේස්බුක් හි බෙහෙවින් කතා බහට ලක්වූ නවාංගයක්වූ "ටයිම් ලයින්" අංගය සාමාන්‍ය  භාවිතාකරන්නන් සදහා මුදා හැරීම  ඇරබී ඇති බවට පුවතක් පලවෙනවා. එහි මුල්ම අදියර ලෙස නිව් සීලන්ඩ් භාවිතාකරන්නන් අතර ඊයේ දින සිට ක්‍රමයෙන් මුදා හැර ඇති අතර ක්‍රමනුකූලව ලෝකයේ ඉතිරි භාවිතාකරන්නන් සදහා මෙම නවාංගය ලබා දෙන්නට නියමිත බවටයි පැවසෙන්නේ.
  පසුගිය සැප්තැම්බර් මාසයේ  පැවති එෆ් 8 සංවර්ධකයන්ගේ හමුවේදී මුලින්ම මේ පිලිබදව නිවේදනය වූ අතර එතැන් සිට සංවර්ධයින් සදහා අත්හදා බැලීමේ පියවරක් ලෙස එය භාවිතාකිරීමේ අවස්ථාව ලබා දී තිබුනා. එක් පි‍ටුවක්, එක් ගලායාමක් තුල භාවිතා කරන්නාගේ සියලු ෆේස්බුක් දත්තයන් නිරූපනය වනසේ මෙය සැකසී ඇති අතර මේවනවිට අත්හදා බැලීමේ අවස්ථාවක් ලෙස ලොවපුරා මිලියනයකට අධික  පිරිසකගේ භාවිතාවට ලක්ව ඇති බවත් හැකි ඉක්මනින් සියලු ෆේස්බුක් භාවිතාකරන්නන් වෙත මෙම නවාංගය ලබාදීමට කටයුතු කරන බවටත් ඔවුන් පවසා සිටිනවා.
               එය මෙතෙක් කල් ෆේස්බුක් සමග ක්‍රියාත්මකවූ අංගයන් අතරින් බෙහෙවින් වෙනස් අංගයක් වනු ඇති බවටයි විචාරක මතය වන්නේ. සරලව ෆේස් බුක් ටයිම් ලයිනය ඔවුන් හදුන්වා දෙන්නේ "සමස්ත ජීවිතයේ ඩිජිටල් පෙල ගැස්ම" ලෙසටයි. ෆේස්බුක් හි සටහන් වූ සියලු පලකිරීම්, ඡායාරූ , නිවේදනයන් හා සිදුවීම් සියල්ල දෘශ්‍ය ලෙස කාලානුරූපව පෙල ගැස්වීම මෙහිදී සිදුවන බවටයි ඔවුන් පවසන්නේ.

"වින්ඩෝස් ස්ටෝර්" වැඩි දුරටත්.....


වින්ඩෝස් 8 හි ස්පර්ශ මූලික මෙට්‍රෝ මුහුනත සහිත දෙසින් මෙහෙයුම් පද්ධතියට ඇතුලුවන ඔබට පරිගණකය මතට ස්ථාපනය කරගත හැකි මෘදුකාංග පිලිබද සම්පූර්න පාලනය "වින්ඩෝස් ස්ටෝර්" සතුවන බවටයි පැවසෙන්නේ. හානිකර මෘදුකාංග පරිගණක ගත වීම, මෘදුකාංග ගැටලු ඇතිවීම ආදිය පාලනය කරන්නට මේතුලින් හැකිවනු ඇති බවටයි ඔවුන් විස්වාසය පල කරන්නේ.මයික්‍රසොෆ්ට් හි මෙම ඇප්ස් ස්ටෝර් එක ඇපල් වල මැක් ඇප් ස්ටෝර් වලට සමාන බව පැවසෙනවා.එනමුත් ඇපල් භාවිතා කරුවන්ට තවමත් මැක් ඇප්ස් බාහිරින් ලබා ගැනීමේ අවස්ථාව පවතින බවයි සටහන් වන්නේ.කෙසේ නමුත් වින්ඩෝස් 8 හි සාම්ප්‍රධායික ඩෙස්ටොප් දෙසින් ඇතුලුවන්නන් සදහා නම් අද වින් 7 හි මෙන් රිසි ලෙස මෘදුකාංග ස්ථාපනය කර ගැනීමේ අවස්ථාව තිබෙන බවටයි පැවසෙන්නේ.
                                එල බෙන පෙබරවාරි මාසයේ සිට වින්ඩෝස් 8 බීටා සංස්කරනය සමග නොමිලේ ලබා ගහ හැකි ඇප්ස් වලින් සමන්විතව වින්ඩෝස් ස්ටෝර් ඇරබෙන්නට නියමිත අතර ඒ සදහා දැනටමත් ‍තෝරාගත් මෘදුකාංග සංවර්ධකයින් හට ඇපස් ලබා දීම සදහා ආරාධනා කර ඇති බවටයි ආයතනය පවසා සිටින්නේ.මෙසේ ඇප්ස් අලවියේදී ඇපල් වලින් මදක් බැහැරව එම ගනුදෙනු වලට අදාල ගෙවීම් යාන්ත්‍රනය මයික්‍රසොෆ්ට් ආයතනයේ මැදිහත්විමකින් තොරව අදාල ආයතන සතුවනු ඇති බවටත් තොරතුරු පැවසෙනවා. වෙබ් මූලික ලෙස මෙම ඇප්ස් ස්ටෝර් පවතින අතර සෙයුම් ප්‍රථිපල ලෙස මේවා දැක ගත හැකි වන අතර category ,හෝ ranked lists ආදී ලෙස ඒවා පෙල ගැස්වෙන්නට නියමිත බවයි පැවසෙන්නේ. මීට අමතරව ඇප්ස් සංවර්ධකයින්ගේ වෙබ් අඩවිවල "ඇප්ස් ලබා ගත හැකියි" වැනි ටැබයක සිටද මේවා ලබා ගැනීමේ යාන්ත්‍රනය ඇර බෙන්නට හැකිවන අතර මෙම ටැබයන් දිස්වීම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනයට පමනක් සීමා වේවිද යන්න තවමත් අපැහැදිලි බවටයි කරුනු පැවසෙන්නේ.

2011-12-07

ක්‍රෝම් පහසු කරන කෙටි මං 10ක්..........

ක්‍රෝම් බ්‍රවුසරය භාවිතාවේදී යතුරු පුවරුව ඇසුරෙන් ලබා ගත හැකි කෙටි මං කිහිපයක් පහත දැක්වෙනවා..........................


Ctrl+Shift+N මෙම අකුරු සංයුතියෙන් විවෘතවන නව ක්‍රෝම් වින්ඩෝව සමග ඔබ සයිබර් අවකාශයේ යනෙන තැන් වල තොරතුරු නො‍රැදෙනු ඇත.

Alt+hOME මෙම අකුරු සංයුතියෙන් විවෘතවන නව ටැබ් පි‍ටුව තුල පසුගිය ආසන්න කාලයේ ඔබ ආ ගිය වෙබ් අඩවි වල සබදතා හා අවසන් වරට වසන ලද ටැබයෙන් හා ස්ථාපනය කරන ලද ඇප්ස් පිලිබද තොරතුරු දක්වනු ඇත.

Ctrl+J මෙම අකුරු සංයුතියෙන්සියලුම බාගත කරන ලද මෘදුකාංග පිලිබද තොරතුරු ලබා ගත හැකි අතර එම ෆෝල්ඩරයන් පිලිබදව පවා තොරතුරු ලබා ගත හැකි වනු ඇත

Ctrl+O මෙම අකුරු සංයුතියෙන් විවෘතවන සංවාද කො‍ටුව ඇසුරින් දෘඩ තැටිය තුල ඇති ලිපි , ඡායාරු හා රූ සටහන් වැනි ඔනැම දත්ත ගොනුවක් සොයා ගත හැකි වනු ඇත.

Ctrl+K or Ctrl+E මෙම අකුරු සංයුතියෙන් ඇඩ්‍රස්බාරය තුල ප්‍රශ්නාර්ත ලකුනක් සටහන් වන අතර ඉන්පසුව සෙවීම සටහන් කලවිට "ඩිෆෝල්ට්" මට්ටමේ සෙයුම් යන්ත්‍රය සමග එම සෙවීම ක්‍රියාත්මක වනු ඇත

Ctel+Shift+Delete මෙම අකුරු සංයුතියෙන් බ්‍රවුසරය සමග ‍රැදෙන සියලුම දත්තයන් මකා දැමෙනු ඇත. කුකීස්, හිස්ට්‍රි , පාස්වර්ඩ් ආදී සියල්ල මෙයට අයත්වේ.

Ctrl+Shift මෙම අකුරු සංයුතිය ක්‍රියාකරවමින් වෙබ් සබදතාවක් අවදි කල විට එම වෙබ් පි‍ටුව වෙනම ටැබයක් ලෙසට විවෘත වනු ඇත.

Alt+F OR Alt+E මෙම අකුරු සංයුතිය ක්‍රියාකරවමින් දකුනු මුදුනතෙහි මෙනුවක් විවෘතවන අතර ඒ තුලින් ක්‍රෝම් හි සැකසුම් වෙනස් කරගත හැකි වනු ඇත.

Shift+Ese මෙම අකුරු සංයුතිය ක්‍රියාකරවීමෙන් ක්‍රෝම් හි ටාර්ස්ක් මැනේජරය විවෘත කරගත හැකි වන අතර ඒ තුලින් ඒ මොහොතේ ක්‍රෝම් බ්‍රවුසරය තුල ක්‍රියාත්මක වන ටැබයන් එක්ස්ටෙන්ෂනයන් හා ඇප්ස් ආදිය ගැන තොරතුරු ලබා ගත හැකි වනු ඇත.

Ctrl+Shift+D මෙම අකුරු සංයුතිය ක්‍රියාකරවීමෙන් ඒ මොහොතේ ක්‍රියාත්මක වන සියලු විවෘත ටැබයන් නව "බුක් මාර්ක්" පි‍ටුවක් තුල සටහන් වනු ඇත.

"වින්ඩෝස් ස්ටොර්" එලබෙන පෙබරවාරි මාසයේදී.......

"වින්ඩෝස් ස්ටොර්" එලබෙන පෙබරවාරි මාසයේදී  වින්ඩෝස්8  හි බීටා සංස්කරනය සමග කල එලි දක්වන්නට නියමිත බවට මයික්‍රසොෆ්ට් ආයතනයේ විධායක  නිලධාරියෙකුගෙන්  ප්‍රකාශයක් නිකුත්වී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රකාශ කර සිටියා වින්8 මෙට්‍රෝ හදුන්වාදීමත් සමග "වින්ඩෝස් ස්ටොර්" සමග භාවිතා කරන්නන්හට පහසුවෙන් "ඇප්ස්" ලබා ගන්නට ඉඩ සලසැලසෙන්නට නියමිත බව. තරගකාරී ආයතන මීට වසර ගනනකට පෙර සිටම මෙම පහසුව ලබාදී තිබුනද මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රතම වතාවට මෙම පහසුව තම පාරිභෝගිකයන්ට ලබාදීමට තීර්නයකර ඇත්තේ වින්ඩෝස් 8  සමගයි.
        වැඩිදුරටත් ඔහු සදහන් කර සිටින්නේ වින්ඩෝස් ස්ටොර් වලදී සාමාන්‍යයෙන් වින්ඩෝස්වල භාවිතාකල හැකි සියලුම භාෂා සදහා සහය දක්වනු ඇති බවත් නොමිලේ හා මුදල්ගෙවා ලබා ගත හැකි ලෙසින් සයිබර් වෙලදසැල්  231 ක සිට පාරිභෝගිකයන්ට රිසිලෙස තොරා ගැනීමේ අවස්ථාවල් හිමි වන බවත්ය. අවසාන ලෙස පවසා සිටියේ වින්8 බීටා සංස්කරනයත් සමග නොමිළේ පමනක්න් "ඇප්ස්" ලබාගත හැකි වනු ඇති බවයි.

ෆේස්බුක් අඩවියේ පවතින දුර්වලතාවයක ප්‍රථිපලයක් ලෙසට......

ෆේස්බුක් අඩවියේ පවතින දුර්වලතාවයක ප්‍රථිපලයක් ලෙසට භාවිතාකරන්නන්ගේ පෞද්ගලික ඡායාරූ සාමන්‍ය භාවිතාකරන්නන්ට  විවර වීමේ අනතුරක් වාර්ථා වෙමින් තිබෙනවා. එහි ප්‍රථිපලයක් ලෙසට ෆේස්බුක් හි ඉහලම  පෙලේ අයෙකුගේ පෞද්ගළික ඡායාරූ කිහිපයක්ම සාමාන්‍ය භාවිතාකරන්නන්හට නිරාවරනය වී ඇති අතර ඉන් කිහිපයක් පහත දක්වා තිබෙනවා.


ඔපෙරා 11.6 නිකුත්වේ....

ඔපෙරා 11.6 බ්‍රවුසර් මෘදුකාංගය බීටා තත්වයේ සිට පූර්න සංස්කරනයක් ලෙසට නිකුත්කර ඇති බවටයි තොරතුරු පලවන්නේ. භාවිතාකරන්නාගේ ප්‍රියතම අඩවි වලට පහසුවෙන් පිවිසීමට වැඩි පහසුවක්  ඊමේල් සබදතා සදහා නව පහසුකම් කිහිපයකුත් සමග වැඩිදියුනු කිරීම් කිහිපයකින්ම මෙම නව සංස්කරනය සමන්විත වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම මෘදුකාංගය ලබා ගත හැකි වනු ඇත.

http://www.opera.com/browser/new/

ඇඩෝබි පීඩීඑෆ් කියවනය අනතුරක......

අඩෝබි පීඩීඑෆ් කියවනය යලිත් වින්ඩෝස් වලදී සයිබර් පහරදීමකට ගොදුරුවී ඇති බවට නිවේදනය වනවා.  ඇඩෝබි ආයතනය පවසන්නේ "සීරෝ ඩේ" අකාරයේ ආකාරයේ මෙම ප්‍රහාරය සාර්ථක වුවහොත් මෙහෙවුම් පද්ධතිය කඩාවැටීමකට හෝ අදාල පරිගණකයේ මෙහෙයුම් අවස්ථාව ප්‍රහාරකයාට හිමිවීමේ අනතුර පවතින බවයි. පිලිසකර යාවත්කාලීනයක් එලබෙන සතියේ නිකුත් කරන්නට බලා පොරොත්තුවන බවටත් ඇඩෝබි රීඩර් 9.4.6 සංස්කරනය භාවිතා කරන්නන් වඩාත් කල්පනාකාරී වීම වැදගත් වන බවටයි එම නිවේදනයේ වැඩි දුරටත් සටහන්ව තිබුනේ.

2011-12-06

අද දින සිට .xxx ඩොමේනයන් භාවිතයට.......

අද දින සිට .xxx ඩොමේනයන් භාවිතයට මුදා හරින බවට අලුත්ම වාර්ථා පවසනවා.අසබි අඩවි 100000 පමන මෙම නව ඩොමේනයත් සමග එක්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවී ඇත්තේ. ඩොලර් 80 සිට මෙම ඩොමේනයන් මිල කිරීමට නියමිත අතර එම වෙබ් අඩවි දෛනිකව මැකා‍ෆි ආරක්ශක මෘදුකාංගය අසුරෙන් හානිකර මෘදුකාංගවලින් තොර බවට සොයා බැලෙන බවටත් පවසා සිටිනවා.
        විචාරකයින් පවසන්නේ බාල පරපුර  අනවශ්‍ය හා අයහපත් වෙබ් අඩවිවෙත පිවිසීම පහසුවෙන් සීමා කරගන්නට මෙම පියවර බෙහෙවින් වැදගත් වනු ඇති බවයි.වැඩිහිටියන් හට පහසුවෙන් මෙම අසැබි වෙබ් අඩවි පෙරා වෙන්කර හරින්නට මේ සමග වඩාත් පහසු වෙනවා ඇති බවට බලපොරොත්තු පලකර සිටිනවා.
          ඩෝමේන රෙජිස්ටර්ස් පවසන්නේ  වෙබ් අඩවි සදහා ස්වංපාලන රෙගුලාසි කිහිපයක් හදුන්වාදී ඇති බවත් "මෙගා ටැග්ස්" ආදිය තුලින් මෙම අඩවි අනවශ්‍යලෙස හමුවීම පාලනය කිරීම වඩාත් පහසුවනු ඇති බවයි. මේ අතර ආගමික හා "අසැබි වෙබ් අඩවි විරෝදීන් "  මෙම ඩොමේන ක්‍රියාත්මක වීම පිලිබදව තම විරෝදය දිගටම පලකරමින් සිටින බවටයි වාර්ථා පවසන්නේ.

"වින්ඩෝස් 8 අසාර්ථක වේවි" අනවැකියක් පලවේ...

ප්‍රකට තොරතුරු විමසන ආයතනයකට අනූව වින්ඩෝස් 8 යනු සාම්ප්‍රධායික පෞද්ගලික පරිගණක භාවිතාකරන්නන් සමග "බොහෝ සෙයින්" නොගැලපීමකට ලක්වනු ඇති බවට අනාවැකියක් පලව ඇති බවටයි  වාර්ථා වන්නේ. ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ  වින් 8 අළවිය බලාපොරොත්තුවනවාට වඩා බැරෑරුම් වනු ඇති බවයි. සාම්ප්‍රධායික  පරිගණකයත් ජංගම මට්ටමේ උපකරනත් අතර එක මෙහෙයුම් පද්ධතියක්  නිර්මානය කරන්නට උත්සාහ කීරීමේදී අවසානයේ සිදුවී ඇත්තේ ජංගම ස්වභාවයේ උපකරන වලට වඩා ලංවූ එහෙත් දෙදිසාව අතර අතරමංවූ ස්වභාවයක් ඇති  මෙහෙයුම් පද්ධතියක් නිර්මානය වීම බවයි පැවසෙන්නේ. එසේම ඔවුන් පවසනවා වින්ඩෝස් 7 වල සිට වින්8 දක්වා උස්තල ගැන්වීම සාම්ප්‍රධායික  පරිගනක සදහා අසාර්ථකවීමට බෙහෙවින්ම ඉඩ ඇති බවයි.
  මෙහිදී ඒම ප්‍රකාශකය වැඩි දුරටත් පවසා සිටියේ  ඩෙස්ටොප් හා ලැප්ටොප් භාවිතාකරන්නන් සදහා වින් 8 සමග පැමින් ඇත්තේ "විඩෝස් ඇප්ස් ස්ටෝර්" පමනක් න්බවයි. පලවූ වාර්ථාවලට අනූව වින්8  පෙර දැක්ම නිකුත්වූ දවසතුල බාගත කිරීම් 500000 සටහන් වෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...