2011-12-06

අද දින සිට .xxx ඩොමේනයන් භාවිතයට.......

අද දින සිට .xxx ඩොමේනයන් භාවිතයට මුදා හරින බවට අලුත්ම වාර්ථා පවසනවා.අසබි අඩවි 100000 පමන මෙම නව ඩොමේනයත් සමග එක්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවී ඇත්තේ. ඩොලර් 80 සිට මෙම ඩොමේනයන් මිල කිරීමට නියමිත අතර එම වෙබ් අඩවි දෛනිකව මැකා‍ෆි ආරක්ශක මෘදුකාංගය අසුරෙන් හානිකර මෘදුකාංගවලින් තොර බවට සොයා බැලෙන බවටත් පවසා සිටිනවා.
        විචාරකයින් පවසන්නේ බාල පරපුර  අනවශ්‍ය හා අයහපත් වෙබ් අඩවිවෙත පිවිසීම පහසුවෙන් සීමා කරගන්නට මෙම පියවර බෙහෙවින් වැදගත් වනු ඇති බවයි.වැඩිහිටියන් හට පහසුවෙන් මෙම අසැබි වෙබ් අඩවි පෙරා වෙන්කර හරින්නට මේ සමග වඩාත් පහසු වෙනවා ඇති බවට බලපොරොත්තු පලකර සිටිනවා.
          ඩෝමේන රෙජිස්ටර්ස් පවසන්නේ  වෙබ් අඩවි සදහා ස්වංපාලන රෙගුලාසි කිහිපයක් හදුන්වාදී ඇති බවත් "මෙගා ටැග්ස්" ආදිය තුලින් මෙම අඩවි අනවශ්‍යලෙස හමුවීම පාලනය කිරීම වඩාත් පහසුවනු ඇති බවයි. මේ අතර ආගමික හා "අසැබි වෙබ් අඩවි විරෝදීන් "  මෙම ඩොමේන ක්‍රියාත්මක වීම පිලිබදව තම විරෝදය දිගටම පලකරමින් සිටින බවටයි වාර්ථා පවසන්නේ.

හෝමෝ ටෙක්නිකා: තාක්ෂණික මනුෂ්‍යයා

හෝමෝ ටෙක්නිකා යනු තාක්ෂණය සමඟ ගැඹුරු ලෙස ඒකාබද්ධ වූ මිනිසුන් පිළිබඳ සංකල්පයයි. මෙය අනාගතයේදී මිනිසුන් හා තාක්ෂණය අතර බෙදිය නොහැකි බැඳීමක් ඇ...