2015-02-28

"දැනුම කෑ ගසන විට අවබෝධය වඩාත් නිහඬ කරවයි"

    එලබෙමින් ඇති ගිම්හානයේ නගරය වෙතට ආපසුව යා යුතුව ඇත. "දැනුම කෑ ගසන විට අවබෝධය වඩාත් නිහඬ කරවයි" වරක් අප සවන් දුන් විද්වතෙක් තම අපූර්ව වාචික දේශන සංචාරයේ දෙපැය නිම කලේ එලෙසය. "ඔබ මෙතෙක් නොගොස් ඇති බොහෝ ප්‍රදේශ පෘතුවිය මත ඇත. සමහර ප්‍රදේශ වෙතට යන්නට ඔබගේ ආගම, හෑදෑරීම් බලකරමින් සිටිනවාද වන්නට හැක. මම ඔබෙන් අසන්නේ ඔබ සැරිය යුතු වඩාත්ම අපූර්ව ප්‍රදේශය පිහිටා ඇත්තේ ඔබගේම මනස තුල බවයි. එහි ඔබට ආපස්ස මෙන්ම ඉදිරියටද යන්නට අපමන අවකාශයක් ඉතිරිව තිබියදී දෛනික ජීවිතයට හුරු පුරුදු සීමිත අවකාශයක පුරුද්ද්ක් ලෙසට සරමින් ඔබ සීමා වී ඇති  සැටි ඔබ නොදන්නවා විය හැකියි. මම සපත කොට ඔබට යෝජනා කරන්නට කැමතියි ඔබගේ විසිතුරුම සංචාරය වැටී ඇත්තේ ඔබගේම මනස මත්තෙන්ම පමනයි. එහි නොයන ඔබ ලොවමත කොතරම් දුරක් ඇවිද ගියද පලක් නැති බව මගේ යෝජනාවයි"  ඔහුගේ දේශයනය අවසන් කොට විනාඩි කිහිපයක් ගතවන තෙක්ම දේශන ශාලාව දැහැන් ගත වූවාක් මෙන් තබාලන්නට සමත්විය. 
                        මේ තොරතුරු වඩාත් ක්‍රමවත් කර ලෝකය වෙතට පවසන්නට අවශ්‍යය. දැනුම පැහැදිලි කල හැකි මුත් අවබෝධය මදක් අපහසුය. දැනුම පොදුවන විට අවබෝධය "පෞද්ගලික හා පොදු" අවකාශයක අතර ඉදිවන්නකි. එවිට වඩාත් නිර්මාණශීලී වන්නට සිදුවෙයි.  එලබෙන ගිම්හානය අවසන් වන්නට මත්තෙන් සියලු කටයුතු අවසන් කරන්නට අවශ්‍යය. විටක ඇය තම කෙටිකාලීන හැදෑරීම් අවසන් කර නැවත නගරය වෙතට පැමිනෙන්නට සූදානම් වනවාද විය හැක. ආශ්‍රම දොර‍ටුවේ වන සියුම් කැටයම් වෙනදාට වඩා පැහැදිලිව පෙනෙනවා වැනිය. ඒව  තුල මෙතෙක් නොදු‍ටු තවත් බොහෝ අරුත් ඇතුවා සේ හැගේ. 

2015-02-27

"ජීවිතයට මුල් ස්වභාවයෙන් අර්ථ නැත. ඒවා අප වඩාත් පරිස්සමින් අත්පත්කරගත යුතුවා ඇත" ප්‍රකට නාට්‍ය දෙබසක් මනසට පැමිනෙනේ

   උදා හිරු මඩල දවස අරබන විට ආශ්‍රමයේ ප්‍රධාන දොර‍ටුව දකින මානයට පැමිනෙන්නට හැකිවිය. "ඔබ ඔවුන්ගේ දවසේ වර්ණවත්ම හොරා කිහිපයේදී කබන සැබෑ ගරුත්වයට හිමිකරුවෙක් වන්නේ ආගන්තුකයෙකු ලෙසට නොව ඔවුනගේ පවුලේ අයෙකු ලෙසට සම සමව රාත්‍රී ගිනි මැලය වටා අසුන් ගන්නට අවස්ථාවක් ලැබීමෙනි" ටිබෙටියානු මිතුරාගේ උපදෙස සත්‍යය. ගෘහපතියාගේ අසුනට ඔබ්බෙන් අසුන් ගනිමින් ඔවුනගේ අත් වැල සමග එක්ව ශාන්තිමත් හෝරාව හෝ දෙක අත්විඳින්නට ලැබීම අපූර්වය. අපගේ සංස්කෘතියේ වන අනෙකාට එරෙහිව කර ගනි ලබන ධන බල ‍රැස්කිරීමේ අර්ථය වෙනුවට අපගෙ සංස්කෘතීන්ගෙන් ගිලිහී ගොස් ඇති අපුර්ව ශාන්තිමත් අත්පත් කර ගැනීම් හැකියාවල් අත්විඳින්නට අවස්ථාවක් ලදිමි. "සමහර විටක ඔවුන් ප්‍රාතමික යැයි ඔබ සිතනවා විය හැකියි. අප රාත්‍රී ගිනි මැලය වෙනත් කාර්යක්ශම ආකාරයකට හිමිකරගෙන සිටිනවා විනා ඉන් ඉදිරියට චලනය වී නැති බව එහිදී අත්විඳින්නට හැකි වනු ඇත. සමහර විටක දියුනු යැයි අප විස්වාස කරන්නේ අපගේ ප්‍රාථමික වටිනා කම් නැවත නැවත වෙනස් පැහැයන්ගෙන් අත්විඳීමට වඩා යමක් නොවන බව වටහා ගැනීම ඔවුන් ගැන වන ඔබගේ හැදෑරීමේ එක් ඉහල අත්පත්කර ගැනීමකි"  ටිබෙටියානු මිතුරා නිවැරදිය. ඔවුනගේ එම පූජනීය දෙපැය මගේ මනස වඩාත් තියුනු කර පැහැදිලි කර දෙන්නට සමත්ව ඇති බවක් හැගෙමින් ඇත. "ජීවිතයට මුල් ස්වභාවයෙන් අර්ථ නැත. ඒවා අප වඩාත් පරිස්සමින් අත්පත්කරගත යුතුවා ඇත" ප්‍රකට නාට්‍ය දෙබසක් මනසට පැමිනෙනේ නිතැතින්මය.

2015-02-26

Welcome!


      එය අපහට හුඳු වෙළඳ කටයුත්තක්ම නොවේ. නෛතික හා සදාචාරාත්මක ඔබගේ වෙබ් අවකාශයේ නියෝජනය වඩාත් මැනවින් හා පූර්නව කර දෙන්නට අප නිරන්තරයෙන් සූදානම්ය. වෙබ් අවකාශයේ ඔබගේ අනන්‍යතාවය වන ඩොමේනයේ සිට වසරක් පුරා අඩවිය මනාව ‍රැක බලාදීම දක්වාම අප කටයුතු කරන්නට සූදානම්ය. visit   www.we.itlk.us

2015-02-20

බැ‍රැන්ඩි කෝවිළ

    සීතාවක රාජධානියේ කේද්‍රය අවට සරන ඔබට දැනට හමුවන වඩාත්ම දෘශ්‍ය අත්දැකීම වන්නේ බැ‍රැන්ඩි කෝවිළය. සීතාවක මාලිගාවට සමීපව සීතාවක ගඟට අනෙක් දෙසින් වන මෙම ශෛලමය ඉදිකිරීම පිලිබදව සීතාවක අතීතය පිලිබදව විද්වතුන් නෙක ආකාරයේ මතවාද ගෙනෙනු දැකිය හැක. දැනට පොලවෙන් උඩට ඉදිවන අඩිතාලම හා අඩි කිහිපයක් උඩට පමනක් ශේෂව ඇති ගල් කනු හා වටා වන කැටයම් කල ගල් කනු මෙහි වන්නට ඇතැයි උපකල්පනය කල හැකි විසිතුරු ගොඩ නැංවීමක් මනසට පහසුවෙන් උපකල්පනය කරගන්නට සහය වේ. හදාරනන් පවසන්නේ වසර 20ක් පුරා මිනිසුන් 2000ක් පමන යොදවාගෙන රජතුමා විසින් මෙය කරවූ බවට සටහන් වන බවකි. 1551 දී පමන පෘතුගීසී ප්‍රමුක කෝට්ටේ ආක්‍රමනය මෙහි වූ වටිනා දෑ පහැර ගැනීමත් කෝවිල විනශ කිරීමත් සදහා කටයුතු කල බවකි. සීතාවක රජතුමා පීතෲ ඝාතන චෝදනාවෙන් අසරන වූ විට සහනය පත ශිව දහමට නැඹුරුව මෙම කෝවිල කල බවට පැවසෙන ජනංප්‍රවාදයට වඩා හදාරන්නන් යෝජනා කරන්නට කැමතිවන්නේ නිරන්තරයෙන් ආක්‍රමන හමුවේ ගෙවී ගිය සීතාවක යුගයදී සහය ලබා ගත් දමිළ සේනාවට සදහා මෙම කෝවිල ඉදිකල බවත්ය. සමහර විටක අරිට්ඨ කී වෙන්ඩු වැනි වඩාත් රජුට සමීප චරිතයන් ඔස්සේ රජතුමන්ගේත් කැමැත්තක් කෝවිල වෙනු වෙන් පවතින්නට ඇතැයි උපකල්පනය කල හැක්කේ සිතාවක මලිගවේසිට මෙම කෝවිල වෙතට පහසුවෙන් පිවිසෙන්නට පාලමක් පවා ඉදිකර තිබූ බව සාධක අදටත් දැකිය හැකි නිසාවෙනි. විටක අයෙක් මෙම ඉදිකිරීම සම්පූර්න කරන්නට නොහැකි වූ බවට මතයක් ගෙනෙන මුත් හදාරන්නන් පෙන්වා දෙන්නේ සැවුල් සංදේශය වැනි ග්‍රන්තවල පවා සම්පූර්නයෙන් ඉදිකල මෙම කෝවිල පිලිබදව විස්තර වන බව දැකිය හැකි බවකි.

සීතාවක රජතුමන් මිහිදන්කල බවට සැලකෙන ස්ථානය නිවැරදි නොවේ??

    අමිතිරිගල වෙතට දිවෙන මාර්ගයේ තදූව කැළණි වැලි තුරග පිටිය පසුකර මද දුරක් යන විට හමුවන “රජසිංහ රජතුමන්ගේ මිහිදන් කල ස්ථානය” ලෙසට සැලකෙන පැරනි කාලයේ මිහිදන්කිරීමකදී හමුවන ලක්ෂන වලින් හෙබි ස්ථානය ඇත්තෙන්ම රාජ සිංහ රජතුමන්ගේ මදැයි විද්වතුන් හදාරන්නන් විමසන්නට කැමති වනු පෙනේ. ඔවුන් පෙන්වා දෙන්නේ පැරනි අලකේශ්වර යුද්ධය නැතිනම්මානියම්ගම පුස්කොලපොත වැනි සටහන් ඇසුරෙන් හැදෑරීමේදී සදහන් වන්නේ රජතුමාගේ දේහර රාජ්‍ය ගෞරව සහිතව සීතාවකදී සිදුකල බවට සාක්ෂි වන බවයි. ඔවුන් යෝජනා කරන්නේ කන්ද උඩරට පාලකයෙකුව සිටි වීරසුන්දර බන්ඩාර රවටා ගෙනැවිත් මරාදමනු ලැබුවේ මෙහිදී විය හැකි බවකි. ඒ පිලිබදව රාජාවලියේ සඳහන් “ගොලෑබොක්ක” නම් නාමය මෙම ප්‍රදේශය සදහා භාවිතාකර අති බවකි.
www.seethawakapura.com

2015-02-05

ඔවුනගේ ජීවන රටා ස්වභවිකය. සැබවින්ම ස්වාභාවිකය..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (70)

      ඔවුනගේ ආගන්තුක කුටි සුව පහසුද නැතිද යන්න සමහර විටක ඔබට විමසන්නට හැක. එවිට මට ඔබගෙන් අසන්නට වන්නේ ඔබගේ ජීවිත රටාවට සාපේක්ශවද? යන්නය. අලංකර දැව දඩු මතට කිසියම් ස්වභාවික ආලේපනයක් යොදා නිමකර ගෙන ඒ මතට ඇතිරෙන ස්වාභාවික පත්වර්ගයක් ආවරනය වන පරිදි ඔවුන් විසින්ම ස්වභාවික දෑ ඔස්සේ නිම කරගන්නා රෙදි විශේෂයක් එලා සකසා ඇත. අලංකාර දැව දඩු වලින්  නිම වන මේසය මත වන වතුර භාජනය සියල්ල ස්වභාවික දෑ වලින් නිමවා ඇතුවා සේම ඒවා ඉතා ප්‍රාථමික පෙනුමැති  රලු ඒවා නොවෙයි. සමහර විටක ඔවුන් ඔවුන් කාර්යක්ශමතාවය, පහසුව සොය ගොස් ඇත්තේ තම ස්වාභාවිත්කත්වය  ‍රැකෙන පරිදිවීම පලමු රීතිය වන්නට ඇත. බිම පවා ස්වභාවික මැටියෙන් නිමවා ඒ මතට යම් ආලේපනයක් යොදා ඇත්තේ අති නවීන ගෙබිමක දක්නට ලැබෙන පිරිසිදු බව පැහැදිලි බව ‍රැකෙන පරිදිය. බිත්ති නිමවෙන්නේ ද ඒ අයුරුන්මය. අපූරත්වය වන්නේ පෙර කී ආලේපනයට පෙර ඒවායේ තැනින් තැන වියලා සකස් කර ගත් අපූරු හැඩැති පත්‍ර  ඔබ්බවා තිබීමය. විටක ඒවායේම වන විසිතුරු බව පෙනෙන සේ නිමවා ඇති අතර තවත් විටක ඒවායින් වෙනත් අලංකාර හැඩතල නිමවන්නට ඔවුන් කටයුතු කර ඇත. අනෙකාගේ ජීවිත වලට එබී බැලීම නැතිනම් අනෙකාගේ දෑ සොරකම් කරන්නට උත්සාහ කිරීම වැනි ක්‍රියාකාරකම් ඔවුනට සිනාවට කාරනයකි. සමහර විටක ඔවුන්ගේ සංස්කෘතික ගොඩ නැගීමේදී එවන් මානසිකත්වයන් ගොඩ නැගෙන අඬුලුහුඬුකම් මග හැරී ඇතුවා විය හැක. "සමහර විටක  අපි අපේ සංස්කෘතික ගමන් මග එක් තීරනත්මක ලක්ෂයකදී අපේ ජීවවිද්‍යාත්මක අවකාශයෙන් ටිකක් අන්තවාදී විදිහට බාහිර පරිසරය පැත්තට සීමාන්තික විදිහට යොමු කලා වන්නට පුලුවන්. ඒ ඔස්සේ අපි ක්ශනික වාසීන් ගැන සතු‍ටු වූවා මිසක අපගෙන් ඒ නිසාම අපගෙන් අහිමිවෙන වඩා වටිනා ජීවවිද්‍යාත්මක වටිනා කම් බොහොමයක් නොසලකා හැරියා වන්නට පුලුවන්" ඒ මොවුන් ගේ ජීවන රටා පිලිබදව ටිබෙටියානු මිතුරාගේ අදහසකි.
(By Pubudu Siriwansa) www.ddwm,seethawakapura.com

2015-02-04

සිසිලැති සැන්දෑව කෙමෙන් අඳුරට ඉඩ දී මැකී යන්නට තනමින් සිටී… (සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (69)

       සිසිලැති සැන්දෑව කෙමෙන් අඳුරට ඉඩ දී මැකී යන්නට තනමින් සිටී. තව දුරටත් අශ්‍රමය දෙසට ගමන් කරනවාට වඩා රත්‍රිය ගම්මානයේ නිවසක ආගන්තුක කුටියක ගතකර උදෑසනම යලි මගට වන්නට කටයුතු කිරීම වඩාත් හිතකර වනවා පනක් නොව ඔවුන්ගේ සමානය හැසිරීම් පිලිබද ව තවත් එක කරුනක් හෝ ‍රැස්කර ගන්නට එය අවස්ථාවක් වනු ඇත. සාමාන්‍ය හඳුනා ගැනීමකින් අනතුරුව ඔවුන්පහසුවෙන් විවෘත වන මුත් ආක්‍රමනික බවක් දැනුනු විගස ආගන්තුකයාව නොසලකා හරී. ඔවුන් සමග ගැටලුවකට යාම නම් කිසිසේත් හිතකර නොවන්නේ අනෙකාගේ සිරුර මතට පැමිනෙන කුඩා සරල ඇගිලි තුඩු දෙකක චලනයකින් යොධයෙකු වුවත් බිම හෙලන්නට එහි වන කුඩා දරුවෙකු පවා සමත් වන බැවිනි. බොහෝ විට ප්‍රථිවාදියා පසුදා උදෑසන දක්වා සුහිසුන් වූවා සේ නිදිගන්විම ඔවුනට සරල කටයුත්තකි.
                                               "ඔබ දන්නවාද? ඔවුනට මනස නාභිගතකරගන්නට අපට මෙන් බාහිර උත්තේජක අවශ්‍යනොවීම පුදුම සහගතයි. ඉද හිටක අයෙක් එක්තැන් කල මනස ඇසුරින් සරලව බාහිර දෑ චලනය කර පෙන්වන්නට වැනි දෑ  පෙලබෙනු දැකිය හැකි වුවත් සාමාන්‍ය ඔවුන් එවැනි ක්‍රියා ලැජ්ජා සහගත කාරනා හැටියටයි සලකන්නේ. නමුත් ඔවුන් එම ශක්තිය තම දෛනික කාරනවලදී අපූරුවට යෝදා ගන්නා බව විමසිලිමත්ව බලන අයෙකුට පහසුවෙන් වටහා ගන්නට පුලුවන්." ප්‍රකට හැදෑරීම් ආයතනයක පුස්ථකාලාධිපති වරයෙකු ලෙස වසර ගනනාවක ඔහුගේ හෑදෑරීම් අවකාශය මහත් පුලුල්ය. ටිබෙටියානු මිතුරා සතුව තිබු මහත් අත්දැකීම්  ප්‍රමානයක්  මා සමග බෙද හදා ගන්නට ඔහු කැමතිවීම මාහට මහත් පහසුවක් විය.
(By Pubudu Siriwansa) www.ddwm.seethawakapura.com

මෙහි සිදුවන ජීව-සමාජ පරිනාමය හරිම විසිතුරුයි හරිම වේගවත්....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (68)

   ඈතින් පෙනෙන අශ්‍රම කඳු මුදුනතට වියතක දෙකක් තරම් උඩින් හිරු පෙනෙන හෝරාව වන විට අවසන් ගම්මානයේ කඳුමුදුනතට පැමිනෙන්නට හැකිවිය. විසල් යෝධයෙකු මෙන් දෙපසට විහිදෙන ආශ්‍රම කඳුයායේ පෙනුමද එහි සිදුවන අපූර්ව කටයුත්ත මනාව පිලිබිගු වනවා සේය. විශාල පොත්ගුල් , හරබර දේශන, මහත් බරපතල පෙනුමැති උපදේශකවරුන් එහි නැත. එහෙත් ලොව සොලවන වියතුන් , ධනවතුන් එහි පැමින මද කලක් ගත කොට ආපසු යන්නේ සම්පූනයෙන්ම වෙනස් පුද්ගලයෙකු ලෙසට වීම විටක මහත් විමතිය ගෙනෙනකි. ඔවුනගේ බරපතල වෙහෙසකර පෙනුම වෙනුවට සැහැල්ලු , සරල බවක් එහිදී ගෙනෙන්නේ ඉතා කෙටි කලකිනි. තවදුරටත් ඔබ ‍රැඳිය යුතුය , ඔබ දැන් යා යුතුය පවසන්න එහි කිසිවෙකු නැත. ඉතාම කලා තුරකින් අයෙක් පැමිනියාටත් වඩා වේගයෙන් පසුවදාම ආපසු යාමද සිදුවේ. වැරදීමකින් තමන්ට නොගැලපෙන පෙදෙසකට ආවා සේ ඔවුන් ආපසු දිව යන්නේ කිසිවෙකුගේ මෙහෙය වීමකින්ද නොවිම විශ්මය උපදවයි. "මෙතැන ඇත්තේ නීති රීතී වලින් පිරුනු අවකාශයක් නොව අපූර්ව රිද්මයකින් ගැවස ගත් භූමිභාගයක් පමනී. එහි වන රිද්මයට සුසර වන්නට ඔබ සමත්ද , අසමත්ද යන වග ඔබගේම තීර්නයකි. ඔබ අසමත්නම් අපහසුවෙන් එහි ‍රැදෙනවාද නැතිනම් පහසුවක් ගෙනෙන හුරු පුරුදු  පරිසරයකට යනවාද යන්න ඔබගේම තීර්නයක් වනු ඇත." පලමු ආශ්‍රම සංචාරයෙන් පසුව ආපසු හැදෑරුම් ආයතනයට ගිය විගස ඔවුනට නෙක ආකාරගත් පැහැදිලි කිරීම් අවශ්‍ය විය. ඉහත සටහන එවන් අවස්ථාවක්දී ඔවුන් වෙනු වෙන් තැබුවකි. 
                     කුඩා මාවත දෙපස තුරු ගොමුවල දහවලට පිරීයන සියොත් හඬ කෙමින් තුනී වෙමින් ඇත. ක්‍රමයෙන් තම ගොවිබිම් වලින් අපසු එන ගැමියන් කලාතුරකින් හමුවෙමින් තිබේ. "මේක සංකීර්න අවස්ථාවක්. ඔවුන්ගේ සමාජීය බව සාමානයයෙන් අප අත්විඳින ආකාරයේ සමාජවල වන අපහසුවෙන් මෙන්ම බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවක් නොපෙන්වයි.සමහර විටක ඔවුන්ගේ ජීවවිදයාත්මකවම පැමිනෙන සමාජ පරිනාමීය බව අපට වඩා ඉදිරියෙන් තිබෙනවා විය යුතුයි." ටිබෙටියානු මිතුරා මේ සමාජයේ වන සංහිඳියාව අර්ථ දක්වන එක් ආකාරයකි එය. "ඔබට තේරෙනවාද මේ සමාජ පරිසරයේදී තරුන ජවය සේම පැසුනු වියපත් බවද ආභරණ ලෙසට වන පිලිගැනීම. සාමානයයෙන් එය විසින්ම එය ඉදිරියට තල්ලුකර ගන්නා ජීව-සමාජ පරිනාමයක් මේ වගේ විසිතුරු අවස්ථාවක් අත්කරගන්න වසර දහස් ගනනක් වත් ගනීවි." ඔහු මෙහි වන තත්වය වඩාත් පැහැදිලි කරයි.
(By Pubudu Siriwansa) www.ddwm.seethawakapura.com

2015-02-01

හත‍රැස් අඩි කිහිපයකට සීමාවන නාට්‍ය වේදිකාවේ පරිකල්පන වර්ගපලය අනන්තය..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු… (67)

                ප්‍රධාන නගරයේ සිට අශ්‍රම භූමිය වෙතට පාගමන ඇරබෙන කුඩා නගරය දක්වා දිවෙන මාවද කඳු හෙල් වලින් ගහන දුෂ්කර එකකි. බස් රථය මද වෙගයකින් හැල්මේ ධාවනය වේ. වට පිටාවේ වන නෙක අසිරිගත් අලංකරවත් සොබා දහම ගමන් වෙහෙස හෝ කන්සිය නිවා දමයි. පෙර කී අපූරු වේදිකා නාට්‍යයේ වූ වඩාත් සිත්ගත් දෙබසක් මතකට පැමිනේ " ඇත්තටම ජීවිතේ සදහා පැමිනෙන නිරපෙක්ෂ අර්ථයක් නැහැ. මම ඔබෙන් ඉල්ලනවා කරුනා කරලා සිය වස් ගනනාවක් තිස්සේ තම වර්ගයා අමාරුවෙන් ගොඩ නගා ගත් අර්ථ විනාශ කරන්නට ඉස්සල්ලා කල්පනා කාරීවන කියලා. මම දන්නවා තියෙන ඒ අර්ථ සමහර විටක ඔබට මහත් අපහසුව ගෙනෙන කරදරකාරී ඒවා වෙන්නට පුලුවන්. ඒත් ඔබ දන්වද? ඇථ නැති ජීවිතය ඊටත් වඩා හරිම වේදනාකාරී බව?" හත‍රැස් අඩි කිහිපයකට සීමාවන නාට්‍ය වේදිකාවේ පරිකල්පන වර්ගපලය අනන්තය.
                           අහබුලෙස පැමිනි ගිම්හානයකදී හමුවූ ඇය යලි ජීවිතය අවධිකරවන සීනුවක් බඳුවීම විසිතුරු අත්දැකීමක් ලෙසට දැනේ. "ජීවිතය  නම් අත්කම මහත් කල්පනාවෙන් අත්කම් කරන්නට ඇයට හැම විටම අවශ්‍යව ඇතුවා සේය" දිනක් උද්‍යාන හමුවීමකින් අනතුරුව රාත්‍රීයේ දින සටහනේ ඇය පිලිබදව තැබූ සටහනක් වූවා මට මතකය. ඇගේ ජීවිතය තුලවූ අපූර්ව සංහිදියාව නිරායාසයෙන් මා සිත් ගත්තාය. කෙටි ඇසුරකදී සාමාන්‍ය මිනිස් බවට මදක් ඔබ්බෙන් වූ ඒ සංහිඳියාව අප අතරට පැමිනීම සටහන් පෙලක් වෙතට පිවිසෙන්නට ඇයට ආරාධනා කරන්නට මා පෙලබවන ලදී.
(By Pubudu Siriwansa) www.ddwm.seethawakapura.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...