2022-11-22

Google Play Protect

Google මතක්කර සිටින්නේ තම  Google Play Protect ඇප් එක තම  Android phones වල ස්ථාපිතව හා සංක්‍රියව තබා ගැනීම වැදගත් ආරක්ශක පියවරක් වනු ඇති බවයි. නොමිළේ ලැබෙන මෙම ඇප් පහසුව ඔස්සේ ඔබට එල්ල විය හැකි hack attacks වලින් වලකා ලන්නට සහය වනු ඇති බවටයි පවසන්නේ. එසේම data private වලටද මෙම app එක සහය වීමට සූදානම් බවටත් පැහැදිලි කෙරෙනවා. මෙම Google Play Protect විසින් Google Play store apps බාගත වීමකට පෙර එහි ආරක්ශිත බව විමසීමත්, non-Play store apps ගැන විමසිල්ලෙන් සිටීමත්, අවශ්‍ය විටකදී ඒවා Deactivates කිරීමත්, එම ඇප් වල හානිකර හැසිරීම් පිලිබඳව හා පෞද්ගලික දත්ත භාවිත්යේදී සැලකිලිමත් වීමත් පමනක් නොව අවශ්‍ය විටකදී Reset app permissions කීර්මකට පවා කටයුතු කිරීමටත් සුදානම් බව පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa


 

Samsung ප්‍රථම තැනට.

British international Internet-based market research පවසන්නේ best brand rankings වල Samsung Electronics ඉහලම සිටින බවයි. 2022 වසරේදී  Google පරදා Samsung  නම් South-Korean company ය ඉදිරියට ගොස් ඇත්තේ පසිගිය වසරේ Google වලට දෙවැනි වෙමින් ඇති අතර ඊට පෙර වසරේදී හතර වෙනි තැනද ලබා ගනිමින්ය. මෙම YouGov BrandIndex වලදී brand health මැනීම සදහා භාවිතාවන වටිනාකම් වන්නේ Impression, Quality, Satisfaction, Reputation, Value යන ඒවා බවට පැහැදිලි කෙරේ. මෙම සලකා බැලීම් සදහා 380 brands ඉදිරිපත්ව තිබී ඇති අතර United States, UK, China, India, South Korea යන වේළඳ පොලවල් භාවිතා කරගත් බව පැවසේ.ප්‍රථම තැනට පැමිනි Samsung සමස්ථ 127 points ලබා ගෙන බව පැවසේ. Samsung හා Google හැරුන විට YouTube තෙවැනි තැනටත් (85 points) ද හතර වෙනි තැනට Netflix  පැමින ඇත්තේ  59 points ලබා ගෙන බව පැවසේ.
Pubudu Siriwansa


 

Teens ලා සදහා වැඩි ආරක්ශාවක් - Meta

Meta පවසන්නේ තම  Facebook සහ Instagram වලදී  teenagers ලා සදහා නව privacy settings හඳුන්වා දෙන්නට කටයුතු කල බවයි. ඔවුන් පවසන්නේ සැකකටයුතු වැඩිහිටියෙකු වෙතින් දරුවෙකු වෙත messaging හැකියාව පාලනය කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. විශේෂයෙන් වැඩිහිටි ගිණුම් අතරින් blocked හෝ reported ඒවා වෙතට එවන් උත්සාහයක් වලකන්නට තමන් කටයුතු කරන බව පවසනවා. එසේම "People You May Know" ඔස්සේ එවන් ගිණුම් දරුවන් වෙතට නිරාවරනය නොකරන්නට තමන් කටයුතු කටයුතු කරන බවයි Meta පවසන්නේ.එසේම වයස 16  හෝ සමහර රටවලට අනූව 18 අඩු දරුවන් සදහා "more private settings" අංගය default මට්ටමින් වන බවටත් එම ආයතනය පැහැදිලි කර සිටිනවා. Meta වැඩි දුරටත් පවසන්නේ දරුවන් අවභාවිතාවීම වැලැක්වීම සදහා පියවරයන් කිහිපයක්ම ගෙනෙනට මෙන්ම එසේ හානිකරන්නන් පිලිබඳව දත්තගබඩා ඔස්සේ හොඳින් නිර්රික්ෂනය වීමේ යාත්‍රනයක් පිලිබන්දව කටයුතු කරමින් සිටින බවටත් පැහැදිලි කරනවා.
Pubudu Siriwansa


 

2022-11-21

5G සදහා iOS 16.2 beta වෙත එන්න.

Apple නිවේදනය කරන්නේ ඔබේ iPhone devices සදහා  5G services සංක්‍රිය කිරීම සදහා iOS 16.2 වෙතට පැමිනීම වැදගත් බවයි. එය තවමත් beta software මට්ටමේ වන අතර iPhones 12  වල සිට ඉහලට 5G support බව ‍රැගෙන විත් ඇති බවට පැහැදිලි කරනවා. එසේම මෙම Apple beta software programme වෙතට පිවිසෙන්නට එම වෙබ් අඩවියට ගොස් Apple ID / password ලබා දීමෙන් හැකි වනු ඇති බවයි. සීමිත නගර සංක්‍යාවක මේ වන විට 5G අත්හදා බැලීමේ මට්ටමින් ක්‍රියාත්මක  බවටත් ඔවුන් පවසනවා.
Pubudu Siriwansa


 

DuckDuckGo වෙතින් Anti-Tracking Tool එකක්.

DuckDuckGo පවසන්නේ Android phone  සමග 35 apps භාවිතාකරන්නෙකු වන විට දෛනිකව tracking attempts 1,000–2,000 ප්‍රමානයකට මුහුන දෙන්නට සිදුවෙනු තමන් දකිමින් සිටින බවයි. DuckDuckGo මීට වසරකට පමන පෙර සිට App Tracking Protection ආකාරයක් limited beta සංස්කරනයක් ලෙසට ගෙනෙන ලද අතර මේ වෙනවිට එම මෘදුකාංග සමග location, age, digital fingerprint වැනි ‍රැස් කර තොරතුරු පැහැදිලි කිරිමක්ද පැමින තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Android වල VPN permission සමග ඇරබෙන මෙම හැකියාව network traffic හැදෑරීම අරබන අතර ඔවුන්ගේ blocklist වල වන tracker ආකාරයක් හමුවූ විට තොරතුරු ලබා ගන්නා domain හා නියම domain  අතර වෙනසක් වේනම් ඒවා ගැනද හැදෑරීමක් සිදුවන බවයි.Google ආයතනයද පසුගිය දාසිට app-by-app location-tracking approval හා  සීමිත කිරීම් හඳුන්වා දෙන්නට කටයුතු කල අතර  Apple ද තම  App Tracking Transparency එකක් ගෙනැවිත් තිබෙනවා. මෙම DuckDuckGo යනු Privacy oriented search site එකක් ලෙසට පිලිගැනෙනවා. හදාරන්නන් ඔවුන්ගේ මෙම Anti-Tracking Tool එක ඉහල මට්ටමේ එකක් ලෙසට පිලිගනිමින් සිටින බවටයි සඳහන් වෙන්නේ.
Pubudu Siriwansa


 

India, තුල VLC Player වලට තහනමක්?

India වල සිට ඔබ VLC media player ය download  කිරිමට උත්සාහ කිරීමේදී 404 error එකක් හමුවීම සිදුවෙමින් පවතිනවා. වාර්ථා පවසන්නේ මෙම VideoLAN app එක සදහා මෙම තත්වය ඇතිවී ඇත්තේ චීනය මූලිකව ක්‍රියාත්මක වන Cicada නම් සංවිධානය තම malware පැතිර වීම සදහා වාහකයක් ලෙසට භාවිතාවෙමින් තිබීම නිසා බවයි. එම ආයතනය පවසන්නේ මාසිකව තමන් 25 million පමන downloads  ප්‍රමානයක් India තුලදී ලබා ගන්නා බවයි. එසේම එරට රජය විසින් තම අයිතිවාසිකම් උල්ලංගනය ක්‍රමින් සිටින බවටත් චෝදනා එල්ල කල බවට වාර්ථා වෙමින් තිබුනා. කෙසේ වෙතත් මේ වන විට අදාල බාගත කිරීම් සංක්‍රිය බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa


 

2022-11-19

විකල්පයක් නොමැතිව මියයන අවකාශයකි Twitter

"විකල්පයක් නොමැතිව මියයන අවකාශයකි Twitter". හදාරන්නන් එසේ යෝජනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ සමහර Online අවකාශ ඊටත් වඩා අපූරු විකල්ප ඉදිරියේ පසුබෑමකට නැතිනම් බිඳ වැටීමකට ලක් වුවද Twitter වැනි අවකාශයක පසුබෑම ඒ ආකාරයකට පැහැදිලි කරන්නට නොහැකි බවයි. ලෝකයේ ප්‍රභූ චරිත බොහොමයක්, ආයතනයන් බොහොමයක් තම මොහොතවල් පිලිබඳව කෙටි සටහනක් තබන්නට කැමති වනවා මෙන්ම ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයන් පවා විශේෂිත පුද්ගල හෝ සිදුවීම් පිලිබද තොරතුරු උපුටා ගැනීමේදී ප්‍රමුකතාවයක් දෙන  මාධ්‍ය අවකාශයක් වූ Twitter මෙසේ පසුබෑමකට ලක් වෙමින් තිබීම ගැන විමතිය පලවෙමින් තිබේ.
        එහි නව හිමිත්වය Musk විසින් පසුගියදා පවසා සිටියේ “Twitter 2.0” සදහා සූදානම් වන ලෙසටය. එසේම දුරස්ථ සේවය අවසන් කරන්නටත්, අතිරිත්තය ඉවත්කල දමන්නටත්වැඩි කැපවීත්වය ඉල්ලා සිටින්නටත් ඔහු පෙලබ ඇති අතර Twitter වල මේ වන විට contract workersලා බොහොමයක් ඉවත්කර ඇති අතර එහි සේවක ධාරිතාවය 3,700 දක්වා අඩු කර ඇති බවට වාර්ථා වනවා.
Pubudu Siriwansa


 

FCCය ISP ලාට “nutrition label” ආකාරයක් යෝජනා කරයි.

ඇමරිකානු Federal Communications Commission වෙති නිවේදනය වන්නේ Internet service providers (ISPs) විසින් තම සේවාවන් හා අදාල ගාස්තු පිලිබඳව point of sale වලදීම  "nutrition labels" නැතිනම් තේරුම් ගන්නට පහසුම ආකාරයට ප්‍රදර්ශනය කිරීම අත්‍යාවශ්‍ය බවයි. පැහැදිලි කෙරෙන්නේ එම තොරතුරු අතර  prices, speeds, fees, data allowances වැනි කාරනා විය යුතු බවයි.  මෙම labels වල ප්‍රමිතිය පැහැදිලි කරන ඔවුන් standard, machine-readable වැනි දෑ පෙන්වා දෙන අතර multiple clicks නැතිනම් මගහැරෙන්නට මිත්‍ර ආකාරයේ ඒවා නොවිය යුතු බවටත් සරල භවිතාකරන්නෙකුට පහසුවෙන් ලගා වන්නට හැකි මට්ටමේ විය යුතු බවටත් පැහැදිලි කෙරෙනවා. FCC පවසන්නේ broadband service භාවිතාව සරල පහසු මෙන්ම විනිවිඳ ආකාරයෙන් භාවිතාකරන්නා වෙතට පැමිනෙන්නට කටයුතු සිදුවිය යුතු බවකි.
Pubudu Siriwansa


 

Google Maps වලට එන Live View අංගය.

Google Maps ලොව ප්‍රමුක භාවිතාවක්ය. ලොව ඔනෑම තැනක  locations මූලිකව weather, traffic, busyness. වැනි බොහෝ තොරතුරු එය ‍රැගෙන එමින් සිටී. Google පවසන්නේ තම නවතම අංගය ලෙසට Live View හරහා moments  තොරතුරු Augmented Reality (AR) ආකාරයට ගෙනෙන්නට තමන් සූදානම් බවයි. එලබෙන සතියේ සිට Android , iOS සදහා සූදානම්ව පැමිනෙන මෙම තොරතුරු පලමු පියවරේදී London, Los Angeles, New York, Paris, San Francisco, Tokyo යන නගර මූලිකව ගෙනෙන්නට තමන් සූදානම් බවටයි ප්‍රාකාශ වන්නේ.
   Google Map වෙතට පසුගිය කාලයේ හඳුන්වා දුන්  eco-friendly navigation අංගයද කාර්යක්ෂම මග කියන්නෙකු ලෙසට පිලිගැනෙන අතර මෙම නව අංගය සමග landmarks, street names, restaurants, ATMs, hotels වැනි තොරතුරු වෙතට සජීවී බවකින් යුතුව භාවිතා කරන්නා ‍රැගෙන යන්නට තමන් සූදානම් බවට පැහැදිලි කෙරෙනවා. මීට අමතරව  Wheelchair මිත්‍ර ස්ථාන electric vehicle සදහා fast charge ස්ථාන ආදිය ගෙනෙන්නට තමන් සූදානම් බවටයි ප්‍රකාශ වන්නේ.
Pubudu Siriwansa


 

2022-11-18

Facebook තවත් වෙනස් වෙයි.

Facebook වෙතින් ප්‍රකාශ වන්නේ තම අවකාශය තුලින් භාවිතාකරන්නන්ගේ political මෙන්ම religious ස්වභාවයන් මෙන්ම addresses පමනක් නොව "interested in"  යන්නද ඉවත්කර තබන්නට තමන් තීර්නය කර ඇති බවයි. Facebook වල  "About me" පි‍ටුවට අදාල මෙම තොරතුරුමෙසේ ඉවත් කරන අතර ඔවුන්ගේම තවත් අවකාශයක් වන Instagram වල මෙම තොරතුරු අඩංගු නොවනවා. Social media වලදී target ads සදහා මෙම තොරතුරු භාවිතා වෙමින්ද තිබෙනු ලැබුවා. Meta ආයතනය තම ව්‍යාපාරික බව ශක්තිමත් කරන්නට බොහෝ වෙනස් කම් කරමින් සිටින අතර පසිගියදා තම සේවක පිරිස 11000ක් ඉවත්කරන්නට කටයුතු කල බවටද වාර්ථාවූවා.
Pubudu Siriwansa


 

Computer generations

Computer generations යනු පරිගණක තාක්ෂණය තේරුම් ගැනීමට පහසු කරවන එහි දියුනුවේ ගමන් මග පිලිබඳ කඩයිම් ඇසුරින් කල බෙදීමක් ලෙසට අපට සිතිය හැක. vacuum tubes, transistors, microprocessor වැනි සංධිස්ථානයන් ඇසුරින් එය සිදුකොට ඇත. First generation (1940 - 1956) පිලිබඳව සැලකෙන්නේ vacuum tubes තාක්ෂණය මුලිකව ගොඩනැගී තිබූ පරිගණකය ලෙසට නම් කල හැක.  විශාල ඉඩක වූ මෙම ආකාරයේ පරිගණකයක් සදහා ENIAC පරිගණකය උදා හරණයක් ලෙසට ගත හැක. එය ආසන්නව 20,000 vacuum tubes, 10,000 capacitors, 70,000 resistors භාවිතයෙන් ගොඩ නගා තිබූ 30 tons බරකින් යුත් එකක් විය.
     Second generation (1956 - 1963) ලෙසට පිලිගැනෙන අතර මෙම ආකාරයේදී transistors භාවිතාව නිසා ප්‍රමානයෙන් කුඩා වඩාත් වේගවත් මෙන්ම අඩු වියදමකින් කල හැකි නිමැවුමක් ලෙසට සැලකේ. 
    Third generation (1964 - 1971) යනු IC (integrated circuits) ඇසුරින් ගොඩ නැගුනු එකක් වන අතර වැඩි වේගවත්, අඩු ඉඩකඩක් ඉල්ලා සිටින නිමැවුමක් ලෙසට පිලිගනු ලබයි.
   Fourth generation (1971 - 2010) කාල පරාසයේදී microprocessor ප්‍රධාන පරිගණකය භාවිතය පැමිනි අතර භාවිතාවුනු integrated circuits නිසා desk එකක් මතට මනාව සැසදුනි. laptop පැමිනීමට මෙය ප්‍රධාන පදනමක් විය.
 Fifth generation (2010 to --->> සැලකීමේදී හදාරන්නන් ඉස්මතුකර පෙන්වන්නට කැමතිවන ප්‍රධාන අනන්‍යතාවය වන්නේ AI (artificial intelligence) මිත්‍ර බවයි. Apple වල Siri මෙන්ම Microsoft වල Cortana එම අනනයතාවය සටහන් කල උදාහරන කිහිපයකි.
  Sixth generation ( එලබෙන්නට නියමිත යුගය) quantum computer යුගය වන තර AR (augmented reality), VR (virutal reality), MR (mixed reality) වැනි ගුනාංග වලින් එය සමන්විත වනු ඇති බවට බලාපොරොත්තුවේ. 
Pubudu Siriwansa


 

එක් කථාවක්ම පමනී.

මෙය තොරතුරු උපාංග සමග කටයුතු කල යුතු ආකාරය ගැන කිය වෙන එක් කථාවක්ම පමනී.නැතිනම් සයිබර් අපරාධයකට උත්සාහ කිරීමක එක් කියවීමක් පමනී. එය මධ්‍යම මට්ටමේ ලැප්ටොප් පරිගනකයක් විය. පිලිගත් වෙළඳ නාමයක් යටතේ වූ එය ලංකාවේ පිලිගත් ජනංප්‍රිය වෙළඳ නමයක් යටතේ වන අලවි හලකින් මිළදී ගත් අළුත් උපාංගයක් බව සහතික කල එකක් විය. Windows 10 සමග පැමිණ තිබූ එය windows 11 සදහා සූදනම්, එය ඉල්ලා සිටින දෘඩාංග මට්ටම ‍රැගෙන විත් තිබූ නිසා ගැටළුවකින් තොරව නව මෙහෙයුම් පද්ධතියට පහසුවෙන් පිවිසෙන්නට හැකි වන්නේ වසරක් පමන එය ගෙනැවිත් තිබූ Windows 10 සමග කටයුතු කිරීමෙන් අනතුරුවය.
    ගැටළුව ඇරබෙන්නේ එතැනිනි. එහි වන Webcam එක පාලණයෙන් තොර වන්නට විය. විටක එය අනවසරයෙන් අවධිවන අතර විටක අවශ්‍ය වුවද අවධිකල නොහැකි බවක් පෙන්වන්නට විය. මෙහෙයුම් පද්ධතියේ සැකසුම් ඔස්සේ සියල්ල විමසුවද , කැම් එකට අදාල මෘදුකාංග කොටස් නැවත ස්ථාපිත කිරීම ආදී සියළු උත්සාහයන් අසාර්ථක වන විට අමතර ආරක්ශක මෘදුකාංගයක පිහිට පතන්නට තීර්නය කෙරෙනි. අවසාන ප්‍රථිපළය වූවේ කැම් එක සම්පූර්ණයෙන් අක්‍රියව යාමයි. ගැටළුව හැදෑරීමකට ලක්  කරන්නට විය. 
  අනාවරනය වූ කරුන වූවේ උපාංග සමග එන සමහර අමතර මෘදුආංක වල වන දුර්වලතා පහර දෙන්නන්ගේ පහසු ඉලක්කව තිබෙන බවයි. මෙහිදී කැම් එක ආක්‍රමනය ක්‍රන්නට මෙම මෘදු දුර්වලතාවය භාවිතව තිබී වෙත. භාවිතාකරන්නා නොදැන කැම් එක ක්‍රියාත්මක කරවමින් තොරතුරු ‍රැස් කිරීමත්, එයට බාදා විය හැකි සැකසුම් සහයක වන hot key වැනි දෑ අක්‍රිය කරන්නටත් එය කටයුතු කර තිබිනි. Reset මට්ටමින් අවසානයේ විසඳා ගන්නටසිදුවුනු එම ගැටළුව පැහැදිලි කර සිටින්නේ ඔබ කිසිවිටකත් නවතම තොරතුරු උපකරණයක් වුවත් සම්පූණයෙන් විස්වාසය තැබිය නොයුතු බවකි. Factory මට්ටමේ සිට, ඔබ මිළඳි ගන්න වෙලඳ සමාගම් මට්ටම පමනක් නොව, ප්‍රදර්ශනාගාර මට්ටමේදී පවා ඒවා නැවත නැවත සැලසුම් වෙනස් කිරීම් වලට ලක් විය හැක. ඒ ඔස්සේ ඔබ බලාපොරොත්තු වන genuine ස්වභාවයන් වෙනස් වී හානිකර මට්ටමට පහසුවෙන් පත්විය හැකි බවයි.
Pubudu Siriwansa


 

Cryptocurrency scams වල වැඩිවීමක්.

Crypto scams වල විශාල බහුල වීමක් හඳුනා ගනිමින් සිටින බවට වාර්ථා වනවා. UK වල හැදෑරුම් ආයතනයක් පවසන්නේ මෙම වසර සැලකීමේදී June 30, 2022 දක්වා පමනක් සිදුවීම 7200ක් තමන් වෙත වාර්ථා වෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ  Facebook, Twitter, TikTok වැනි ප්‍රකට ඇප් හරහා මෙම උත්සාහයන් බහුල වෙමින් ඇති බවයි. පෙර වසර හා සැසදීමේදී 45%ක වාර්ථාවීම් ඉහල ගොස් ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා. ව්‍යාජ ප්‍රතිරූප භාවිතාකරමින් ගන්නා මෙම උත්සාහයවල් වලදී cryptocurrency scams වලට ඉහල මට්ටමේ ව්‍යාපරිකයින් පවා හසුවන අවස්ථා වන බවයි දැක්වෙන්නේ. බොහෝ විට හානිකරන්නන් විසින් ව්‍යාජ appවලට එනම් wallets ආදියට crypto coins සදහා බදවා ගන්නා බව අගවමින්  phishing ආකාරයේ ගොදුරු කරගන්නා බවත් සමහර අවස්ථාවලදී මෙම උත්සාහයන් Social media sites වලින් පමනක් නොව Google search  ඔස්සේ පවා පැමිනෙන බවත් පසිහියදා Queen Elizabeth II සිදුවීමෙන් අනතූරුව පැමිනි  fake "meme coins"  සිද්දිය උදාහරනයකට පෙන්වා දෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

India වද USB Type-C වෙතට.

Ibdia වද ගනනය කරමින් සිටින්නේ 2021 වසර සදහා ‍රැස් වූ e-waste ප්‍රමානය 5 million tonnes බවයි. එය China හා US වලට පමනක් දෙවන වන ප්‍රමානයකි. මේ සදහා එක් ව්සඳුමක් ලෙසට එරටද EU මග යමින්  USB Type-C පමනක් ප්‍රතිපත්තිය සදහා තීර්නය කර ඇති බවයි නිවේදනය වන්නේ. smartphones, tablets හා සම්බන්දිත උපකරන සදහා මේ සීමාව පනව ඈති අතර  low-cost feature phones සදහා සහනයක් දී ඇති බවටත් වාර්ථා වනවා. 
Pubudu Siriwansa


 

2022-11-17

Macrosoft ගෙනෙන PC Manager මෘදු ටූලය

ඔබගේ පරිගණකය ඔබගේ ජීවිතය කාර්යක්ෂම කරන උපකරනයක්ව තිබේ. වේගවත් හා බහුකාර්ය සහයකයෙකු වන එය තම කරුණු කාරනා ඉ‍ටුකරන්නට අප සිතනවාට වඩා විශාල අතුරු කාර්ය ප්‍රමානයක් පවත්වා ගෙන යායුතුව තිබේ. අවසාන ප්‍රථිපල අතර එකක් වන්නේ පරිගණකය තුලද විශාල අමතර ගොනු ප්‍රමානයක් ඉතිරිවීමය. මෙහෙයුම් පද්ධති සමගම මේ සදහා කිසියම් ටූලයන් එවන්නට එම ආයතනයන් කටයුතු කරන අතර වෙනත් ආයතන විසින්ද මෙ අසදහා විසඳුම් මෘදු ටූලයන් නිකුත් කරනු ලැබේ. බොහෝ විට මෙම අමතර ටූලයන් භාවිතයේදී සැලකිලිමත් වීම වැදගත් වන්නේ මේවායේ බහුල භාවිතාවත් එය උපකරනයක් තුල ක්‍රියාත්මක වීමේදී වැඩි අවසරයක් මත ක්‍රියාත්මක වන නිසාය.
   Microsoft ආයතනය මේ සදහා මෑතකදී නිකුත් කල මෘදුකාංගයක් වන්නේ PC  Manager නම් මෘදුකාංගයයි. මෙය පරිගණකයේ තැන්පත් වන අමතර ගොනු ඉවත්කර දෙන්නට මෙන්ම එය ආරක්ශිත වේගවත් එකක් ලෙසට තබා දෙන්නට කටයුතු කරන අතර එහි ‘public beta’ සංස්කරනයක්  Chinese Microsoft website ඔස්සේ ලබා ගැනීමේ හැකියාව ලැබී ඇත. එහි වන අංග අතර ‘Boost  your PC’s performance’ මෙන්ම ‘Health check’ හා  ‘Storage management’ තුල වන ‘Deep cleanup’ හා ‘Manage large files’ පලදායී සහයක් ගෙනෙන බවට පෙනෙන්නට තිබේ. එසේමුත් ‘Reset default browser to  Edge’ සමහර විට ඔබ මග හරින්නට කැමති අංගයක් විය හැකි මුත් ‘Process management’ tool එක නම්  memory background processes ආදිය පහසුවෙන් End කර දන්නට සහය වනු ඇත. තවමත් පෙර සංස්කරණයක් බවද අමතක නොකල යුතුය.
Pubudu Siriwansa


 

Google Wallet තවත් රටවල් 12 කට.

Google නිවේදනය කරන්නේ තම Wallet app හැකියාව තවත් රටවල් 15ක් සදහා ව්‍යාප්ත කරන්නට කටයුතු කර ඇති බවයි. ඒ අනූව මේ වන විට Google Wallet හැකියාව රටවල් 57 සදහා සූදානම් ව පවතිනවා. Google පවසන්නේ තම Wallet හැකියාව Android phones වල සිට  Wear OS devices  දක්වා දිගුවෙමින් mobile tap-and-pay සූදානමින් පැමින ඇති බවයි. Google තම Wallet හැකියාව සමග විශාල වපසරියක දෛනික කටයුතු සහයක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා අදාල රටවල local services  සමග සහයෝගයෙන් කටයුතු කරන්නට වගබලා ගන්නවා. 
Pubudu Siriwansa


 

Twitter වලටත් end-to-end encryption හැකියාව.

Twitter අභ්‍යන්තර සෙලවීම් රාශියක් මැදින් ගමන් කරමින් සිටින කාලයක් පසුකරමින් සිටී. මුදලක් ගෙවා ලබා  ගන්නා Blue subscription වලද තවමත් ස්ථාවර බවක් නොමැත. එය November 29 දක්වා තාවකාලිකව අත්හිටවා ඇති බවටයි වාර්ථා වෙමින් ඇත්තේ. මේ අතර Twitter වල Direct Messages (DMs) සදහා end-to-end encryption ආරක්ශිත කිරීමක් පිලිබඳවද තොරතුරු පලවෙමින් තිබෙනවා. පලමුකොට Android users ලා ගෙන් ඇරබි මෙම හැකියාව සමස්ථ භාවිතාකරන්නන්වෙතට ගෙනෙනු ඇති බවට්යි අනුමාන වෙමින් ඇත්තේ. ආයතනය මීට පෙර 2018 දී මෙවන් අත්හදා බැලීමක් කල අතර පසුව අත්හැර දමන්නට කටයුතු කරන ලදී.
Pubudu Siriwansa


 

2022-11-16

macOS වල වැඩිම හානිකරය MacKeeper ??

Elastic Security Labs තම වාර්ෂික වාර්ථාවකින් පවසන්නේ සමස්ථ  malware අතරින් 6.2% පමන  macOS ඉලක්ක වන බවකි. ඔවුන් පවසන්නේ windows ඉලක්ක වීම 54.4% හා 39.4% Linux වන බවයි. එසේම ඔවුන් පවසනවා මෙම macOS malware පැතිරීමේහි MacKeeper යන්න ප්‍රමුක බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ "keep your Mac clean and safe with zero effort." ප්‍රචාරක පාඨය යටතේ ගෙනෙන මෙම වැඩ සටහන භාවිතාකරමින් threat actors ලා මෙම කටයුත්තට පිවිස ඇති බවයි. විශේෂයෙන් මෙම මෘදුකාංගයේ ස්වභාවය අනූව ලබා ගන්නාpermissions වපසරිය පුලුල් වීම මෙම භාවිතාව සිදුවීමට ප්‍රධාන හේතුවක් බවට ඔවුන් පැහැදිලි කරමින් සිටිනවා.එසේම මෙම මෘදුකාංගට uninstall කිරීමදී ගැටළුකාරීව හැසිරීම් වැනි නෙන චොදනාද වන බවට පැහැදිලි වෙමින් තිබෙනවා. එසේම පෙර කී වාර්ථාව පවසන්නේ Trojans හානිකර 89% ක් ද Cryptominers  11.3%ක් ද ransomware හානිකර 3.7% ලෙසටද තමන් හට ගනනය වෙමින්  ඇති බවයි. හදාරන්නන් පවසන්නේ macOS  හොඳින් යාවත්කාලීනව තබා ගැනීමත් ආරක්ෂක මෘදුකාංගයක් ස්ථාපිතව තබා ගැනීමත් වැදගත් බවටයි පැහැදිලි කරන්නේ.

Pubudu Siriwansa 

 

Xenomorph නම් banking trojan malwareව.

ANDROID phone භාවිතාකරන්නන් වෙතට අනතුරු අගවමින් පැවසෙන්නේ Todo නම් app එක පිලිබඳව විමසිලිමත්වීම වැදගත් බවයි. මෙය Day Manager ආකාරයේ app එකක් වන අතර එය විසින් Xenomorph නම්  banking trojan malware වක් ස්ථාපනයට කටයුතු කරන බවට පැහැදිලි  කරමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Xenomorph නම්  banking trojan malware ස්ථාපනය කර ඔබගේ banking apps වල login info සොරකම් කරන්නට පමනක් නොව SMS messages කියවන්නටද කටයුතු කරන බවට පැහැදිලි කර සිටිනවා. ඒ ඔස්සේ bank account වලට පිවිසෙන්නට අවශ්‍ය two-factor verification codes ලබා ගන්නට ඔවුන් කටයුතු කරන බවටයි පැහැදිලි කරන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ මීට අමතරව එය ව්‍යාජ Google Service application එකක් ඔස්සේ access permission ගෙන device admin එය අස්ථාපනයට පවා අවස්ථාව නොදෙන්නට කටයුතු කරන බවයි. මෙහිදී අවසානයේ භාවිතාකරන්නා හට සිදුවන්නේ factory-reset ඔස්සේ ගැටළුව විසදා ගන්නට විය හැකි බවටද අනතුරු ඇගවෙනවා. 
   සමස්ථයල් ලෙසට උපදෙස් ලැබෙන්නේ අනවශ්‍ය apps ස්ථාපනයෙන් වැලකි සිටීමත්, ස්ථාපනයට පෙර ඇප් වල අව්‍යාජභාවය ගැන විමසිලිමත් වීමත්, ස්ථාපනයෙන් අනතුරුව apps ඉල්ලා සිටින  අවසරයක් ගැන සැලකිලිමත් වීමත් ඉතා වැදගත් බවයි.
Pubudu Siriwansa


 

2022-11-15

UK වල spoofed calls වලට වැටක්.

Ofcom පවසන්නේ UK phone companies  විසින් ව්‍යාජ දුරකථන ඇමතුම් හඳුනා ගෙන වලකන්නට කටයුතු කල යුතු බවයි. එසේම fake phone numbers සදහාද ඔවුන් හඬුන අගැනීමේ වගකීම් පවරමින් පවසන්නේ පසුගිය මාස තුන සැලකීමේදී සමාජය තුල 75% කින් වාර්ථා වෙමින් ඇති බවකි. මෙහිදී suspicious calls පමනක් නොව texts ආකාර ගැනද අවධාරනය කර සිටිනවා. මේ අතර TalkTalk පවසන්නේ නව නීති රීති සමග 65% කින් පමන scam call  පිලිබඳ පැමිනිලි අවමව ඇති බවයි. මෙම පැනවීම May 2023 සිට ක්‍රියාත්මක වන්නට නියමිත බවත් පවසනවා. හදාරන්නන් පෙන්වා දෙන්නේ iOS 13 සිට ඉහලට මෙන්ම Android වලද silence unknown callers හැකියාව වන බවයි.
Pubudu Siriwansa


 

Amazon Clinic පහසුව US වල ඇරබේ.

Amazon Clinic නම් Virtual healthcare platform එක US වල මේ වන ක්‍රියාත්මක බවටයි නිවේදනය වන්නේ. Amazon Pharmacy මේ වන විටත් සංක්‍රියව පවතින අතර නිවස වෙතටම අදාල බොහෙත් ද්‍රව්‍ය ලබා ගන්නට ඉන් හැකි වනවා.  Amazon Clinic ගැන පැහැදිලි කරන ඔවුන් පවසන්නේ එය virtual care එකක් වන අතර දැනට සීමිත තත්වයන් සදහා ක්‍රියාත්මක බවයි. කැමැත්ත පරිදි  healthcare store වෙන් ලබා ගන්නා telehealth provider වෙතට පිවිසෙන්නට හැකි අතර  clinicians සමග secure message-based portal එකක් මත  message-based consultation වලින් අනතුරුව personalized treatment plan ලැබෙන බවටයි කියවෙන්නේ. එසේම ඔවුන් පවසන්නේ initial consultation වලින් පසුව follow-up messages හරහා සති දෙකක් සේවයක්ද මෙයට සංයුත්ත අතර Amazon Clinic වල වන telehealth providers ලා පලපුරුද්ද මෙන්ම සුදුසුකම් මත තොරාගන්නා බවයි. මීට අමතරව clinical team හට හැගෙන්නේ නම් සෞක්‍ය ගැටලුව virtual care විසඳුමකට සුදුසු නොවන්නේ නම් ඒබව පෙර දැනුම්දීමක් කරන්නටද කටයුතු කරන බවයි.
Pubudu Siriwansa


 

Windows 8.1සදහා සහය January 10 අවසන්.

Microsoft නිවේදනය කර සිටිනවා එලබෙන වසරේ January 10 වන විට Windows 8.1 සදහා Technical support , Software updates, Security updates / fixes නැතිනම් සමස්ථ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඔවුන් යෝජනා කරන්නේ Windows 11 සදහා සුදානම් දෘඩාංග මට්ටම සපුරාගනිමින් ඒ වෙතට පිවිසීම භාවිතා කරන්නන් හටගත හැකි හොඳම තීර්නය බවයි. Windows 11  ගැන පවසන ඔවුන් පෙන්වා දෙන්නේ end-to-end security එනම් antivirus, firewall, internet protections ඇතුළු හැම අතින්ම ආරක්ශිත මෙන්ම හොඳින් සූදානම් මෙහෙයුම් පද්ධතියක් බවයි. මේ අතර Windows 10 වලින් Windows 11 වෙතට පැමිනීම 15% තරම් අඩු අගයක පවතින බවටයි ගනනය වන්නේ.
Pubudu Siriwansa


 

2022-11-14

Bypass Android lock screen හැකියාවක් නිරාවරනයවේ.

Cybersecurity researcher David Schütz පසුගිය දාක පවසා සිටියේ තමන් Google Pixel 6 හා Pixel 5 smartphones වලට physical access ඇති අයෙකුට lock screen එක මගහැර යන්නට පහසු බව හදිස්සියේ නිරාවරනය වූ බවකි. ඔහු පැහැදිලි කලේ පියවරවල් කිහිපයකින් විනාඩි කිහිපයකදී තමන් මේ බව අත්විඳින්නට සමත් වූ බවකි. පසුව Google පවසා සිටියේ පසුගිය සතියේ පැමිනි update වලදී මේ ගැටළුව විසදූ බවකි. කෙසේ මුත් මෙම ආරක්ශක සිදුර මාස හයක් තිස්සේ පැවති එකක් බවට මේ වන විට කරුණු හෙලිවෙමින් තිබෙනවා. Schütz පවසන්නේ අහබුවකින් මේ බව නිරාවරනය වූ බවයි.
Pubudu Siriwansa


 

iPhone / iPad සමග එන Face ID සහය.

ඔබ iPhone / iPad උපාංග සමග කටයුතු කරන විට හමුවන ආරක්ශක පහසුවක් වන්නේ Face ID ඔස්සේ ඔබගේ වැදගත් දත්ත ගොනු සදහා ආරක්ශාව ලැබීමයි. ඔබ Face ID සමග කටයුතු කරන විට පැමිනෙන තාක්ෂණය TrueDepth camera ඔස්සේ ලබා ගන්නා ඡායාරූපය analyzing කර දහස් ගනනක් වන invisible dots වලින් සමන්විත depth map එකක් බවයි.  ඉහල Bionic chip සහයෙන් infrared image එකක් හා depth map එක සැසදීමෙන් එන තහවුරුව ඔස්සේ ඔබගේ ආරක්ශාව සැලසීම මෙහිදී සිදුවන අතර එතැනින්ද නොනැවතී Face ID ව්ලදී cosmetic makeup  වැනි ආවරනීය අවස්ථාවකදී පවා ඔබගේ සැබෑ නිරාවරණය මතුකර ගන්නට කටයුතු කරමින් සිටින බව පැදැහිලි කරන ඔවුන් පවසන්නේ hats, scarves, glasses, contact lenses, and many sunglasses වැනි ආවරණයන් විනිවිද යමින් ඔබව නිරාවරනය කරගන්නට එය සමත් බවයි.සමහර දියුනු අංග ඔබ භාවිතාකරන සංස්කරනය අනූව වෙනස් වන බවටත් පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa


 

2022-11-13

Card payments 03

බෑංකුවක වන ඔබගේ මුදල් හැකියාවට සම්බන්දිත ඉලෙක්ට්‍රොනික මිත්‍ර කාර්ඩ් පත පසුම්බියට එනවා සේම ලියාපදිංචිය කින් අනතුරුව ඔබගේ ස්මාර්ට් දුරකථනය සදහාද  app පහසුවන්ද ලැබීම සාමාන්‍ය භාවිතාවකි. ඔබගේ ගිණුමේ හෝ ගිණුම් වල තොරතුරු වල යාවත්කාලීනතම තත්වය බලා ගන්නට එය සහය වනු ඇත. එසේම ඔබගේ ගිණුම් අතර, අදාල බැංකුවේ වන වෙනත් ගිණුම් අතර පමනක් නොව වෙනත් බැංකුවල වන ගිනුම සමගද ගණුදෙනු කරන්නට එය සහය වනු ඇත. මෙම පහසුකම් බැංකුවකින් බැංකුවකට වෙනස් විය හැකි උවත් මේ වන විට මේ බව පොඳු ලක්ෂණ්යක්ව පැමිනීම දැකිය හැක. එසේම එම App එක බොහෝ විට ඔබට QR ගනුදෙනුවකට සූදානම්ව තිබෙන්නට බොහෝ දුරට මේ වන ව්ට ඉඩ ඇත. ඒසේම එකම බැංකුවකින් පවා සලසන සේවා වලට අනූව ලබා දෙන App කිහිපයක්ද වනු දැකිය හැක. 
Pubudu Siriwansa


 

Kaspersky වල VPN සේවාව Russia සදහා අවසන්.

Kaspersky පවසන්නේ තම Russia සදහා VPN පහසුව November 15 දායින් පසුව අවසන් කරන්නට කටයුතු කරන බවයි. එසේම ඔවුන් පවසන්නේ paid මට්ටමේ subscribe වීම  December 2022 දක්වා වන අතර 2023 අවාසානය දක්වා සේවාව ලබා ගන්නට විවෘත බවටත් ඔවුන් පවසා සිටිනවා. එසේම තම VPN සදහා වන free option එක සදහා ඉදිරි දින කිහිපයක් පමනක් වන බැවින් විකල්ප ගැන අවධානය යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා. එසේම ඔවුන් අවධාරණය කරන්නේ මෙම තීර්නය Russia සදහා පමනක් වන බවයි. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ Russian-language version එක එරටින්පිට සිටින භාවිතාකරන්නන් සදහා දිගටම වලංගුව පවතින්නට නියමිත බවයි. පසුගිය වසරේදී එරක බලධාරීන් විසින්  ExpressVPN, NordVPN , IPVanish වැනි ප්‍රධාන පෙලේ සේවා එරටට තහනම් කරන්නට කටයුතු කල බව වාර්ථා වූ අතර එසේම එරට  VPN සේවාවන්ට අදාල තොරතුරු share කරන්නට උපදෙස් දෙනු ලැබූ බවටත් වාර්ථා වූව.
Pubudu Siriwansa


 

YouTube මතට එන Live Q&A හැකියාව.

YouTube වල livestreamers ලා බහුල අත්දැකීමකි. ආකර්ෂනීය භාවිතාවක්ද වී ඇත. Google ආයතනය නිවේදනය කරන්නේ Live Q&A අංගය ඔවුන් සදහා මහත් පහසුවක් වනු ඇති බවය. Google ආයතනය පසුගිය කාලයේ තම Youtube වෙතට නවාංග රාශියක් ගෙනෙන්නට කටයුතු කල අතර මෙම අංගයද නරබන්නා හා ප්‍රචාරය කරන්න අතර වඩාත් පැහැදිලි සංවාදයකට අවස්ථාව ගෙනෙන බවටයි බලාපොරොත්තුව වන්නේ. Google පැහැදිලි කරන්නේ streamer  විසින් පැමිනෙන questions සදහා අවධානය අවසන් කරන්නට තීර්නය කල විට Q&A  අංගය switch off කර නැවත chatroom වෙතට යන්නට හැකි වන බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ Content creator ලා දෙසින් මෙන්ම පැමිනෙන්නන් දෙසින්ද මෙම අංගයස් අදහා වඩා අවධානමක් ලැබෙනු ඇති බවකි.
Pubudu Siriwansa



 

Card payments 02

ඔබගේ මුදල් හැකියාව සදහා අවසර ඇති ආයතනයක් විසින් දේශීයව හෝ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ගණුදෙනු ශක්‍යතාවය සහිත ජාලයකට ලැබෙන අවසර පතක් ලෙසටද මෙම මුදල් කාර්ඩ්පත් හඳුනා ගන්නට හැක. ATM. POS,Online ආකාරවලට මෙම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් හෝ ඉලේක්ට්‍රොනික ආකාරයට එම කෑර් පත ඉදිරිපත් කිරීමකදීඑපමනක් නොව ඔබද  එම ජාලය ඔබව හඳුනා ගෙන ඔබගේ ගිණුම් සමග සම්බන්ද වන්නට ඉඩකඩ සලසනු ඇත. Debit හෝ Credit මේ කවර ආකාරයක පතක වූවද අඩංගුවන තොරතුරු වල පොඳු බවක් ඇත. එනම් එම කාර්ඩ් පතෙහි ඉදිරි මූනුනෙහි කාර්ඩ් අංකයක්, ක්ෂනිකව ලබ අනොගත් කාර්ඩ් පතක් නොවේ නම් නිකුත් කිරිම ලබන අයගේ නම, කල් ඉකුත්වන දිනය මෙන්ම පසු මුහුනෙහි රහස් අංකය එම මූලික තොරතුරු වේ. කාර්ඩ් පතක් නිකුත් කරන සෑම ආයතනයක්ම පැහැදිලිව දෙන උපදෙසක් වන්නේ එය අන්සතු කිරීම නොකල යුතු බවත්, එම තොරතුරු අනතුවීමක් ඔස්සේ සිදුවන ගනුදෙනුවක් වේනම් ඒ සදහා මූලික වගකීම නිකුතුව ලත් අය විසින් කල යුතු බවය. එපමනක් නොව කාර්ඩ් පතෙහි හිමිකරුද එය භාවිතාකරන විට කල්පනාකාරී විය යුත්තේ විවිධ ආකාරවලට එම තොරතුරු සොරා ගන්නට අපරාධකරුවන් නිරන්තරයෙන් උත්සාහ කරන බැවිනි. 
Pubudu Siriwansa


 

2022-11-12

Card payments

කිසියම් මූල්‍ය ආයතනයක් විසින් බිකුත් කරනු ලබන මුදල් හැකියාවක් ඇති ප්ලාස්ටික් කාර්ඩ් පතක් අද වන විට බොහෝ දෙනෙකුගේ පසුම්බියේ ඇත. ‍රැගෙන යාමේ පහසුවේ සිට ගනුදෙනු වලදී පහසුව මෙන්ම ආරක්ශාව වැනි බොහෝ හේතූන් කාහටත් මෙම පහසුව වෙතට එන්නට හේතූන් වන්නට ඇත. බහුලතම භාවිතාවන නාමයන් සැලකුව හොත්  Visa, Mastercard, American Express, Discover වැනි නාමයන් යටතේ මේවා වේ.  Visa, Mastercard කාර්ඩ්පත් කෙලින්ම භාවිතාකරන්නන් හට නිකුත් නොකරන අතර ඒවා භාවිතාකරන්නෙකු අතට එන්නේ co-branded එකක් යටතේ පමනී. එනම් යම් අවසර ලත් ආයතනයක් බොහෝ විට බැංකුවක නාමය යටතේ පමනය. කෙසේ වෙතත් මෙම කාර්ඩ්පත් නියෝජනය කරන්නේ  electronic payments හැකියා ජාලයක සාමාජිකත්වයකි. අදාල කාර්ඩ්පත සමග Online, ATM, Point of sale වැනි යම් තැනක සිට මුදල් ගෙවීමකට අපට අවස්ථාවක් සලසයි. Card payments අද වන විට ව්‍යාපාරික ලෝකයේ ප්‍රමුක ආකාරයක් වෙමින් ඇති අතර දුරස්ථ අලවි කටයුතු වලදී මහත් පහසුවක් මෙන්ම සාර්ථක ගනුදෙනුවකට පෙලබීමක් වී ඇත.
Pubudu Siriwansa


 

සයිබර් පහර දෙන්නන් ගෙන් ගැලවී සිටිමු.

හදාරන්නන් පවසන්නේ SMS ඇතුළු කෙටි පනිවිඬ සේවා ඔස්සේ විධිමත් ආයතනයන් ඔබගේ තොරතුරු විමසන්නේ නැති බවයි. ඔවුන් යෝජනා කරන්නේ එවන් ආයතනයක් නියෝජනය කරමින් ඔබට කෙටි පනිවිඩයක්  තොරතුරු විමසා පැමිනෙන්නේ නම් අදාල ආයතනයෙන් දුරකථන ඇමතුමකින් හෝ ඔවුනගේ කාර්යාලීය Email ලිපිනය ඔස්සේ විම්සා තහවුරු කරගෙන  ඉදිරියට යාම වැදගත් බවයි. විශේෂයෙන් ඔබට ලැබෙන වාසියක් පිලිබඳව සදහන් කරමින්  ඒ සදහා වැඩිදුර තොරතුරු විමසමින් පෞද්ගලික හෝ රාජකාරී තොරතුරු විමසීමත් ලබා ගන්නා එම තොරතුරු ඔස්සේ ඔබගේ ගිනුම් වලට හානිකරන අවස්ථා බහුල වීම වඩ වඩාත් වැඩි වෙමින් ඇති බව ඔවුන්ගේ ගනනයන් නිරන්තරයෙන් පෙන්වා දෙයි. එක් අක්ෂරයක් වෙනස් වන වෙබ් ලිපින, ඊමේල ලිපින ඔස්සේ මෙන්ම කෙටි පනිවිඬ ඔස්සේ ඔබව නොමග යවමින් තොරතුරු සොරා ගන්නට දෙන අවස්ථා ඔස්සේ බැංකු වල ගිණුම් වලින් මුදල් සොරා ගැනීම, රාජකාරී තොරතුරු සොරා ගැනීම වැනි අවස්ථා පමනක් නොව ඒවා ඔස්සේ ලැබෙන Link සංක්‍රියකරවා ගැනීමෙන් අනතුරුව ඒ ඔස්සේ හානිකර මෘදුකාංග අදාල උපකරනයට ස්ථාපනයට සලස්වා වඩාත් දීර්ගකාලීන හානිකරන්නට කටයුතු කරන අවස්ථා දිනෙන් දින බවහුල වන බව හදාරන්නන් නිරන්තරයෙන් පෙන්වා දෙමින් සිටී.
Pubudu Siriwansa


 

Windows 12 පිලිබඳ කථා බහ

Windows 12 පිලිබඳ කථා බහ ආරම්භව තිබේ. තවමත් උපකල්පන මත පමනක් වන මෙම කථා බහේදී හදාරන්නන් යෝජනා කරන කරුනු කාරනා බොහොමයකි. Windows 11 නිකුතුව සිදුවූවේ Oct. 5, 2021 දීය. එය windows 10 නිකුතුව සිදුව වසර 6කට පසුවය. එසේම ඉත අමෑතදී එම ආයතනය  Windows 11 version 22H2  ලෙසට එයට ප්‍රධාන යාවත්කාලීනයක්ද නිකුත් කරන ලදී. හදාරන්නන් පවසන්නේ windows 10 වලට පෙර සිදුවූ ආකාරයට windows 12 නිකුතුවක් 2024 වන විට පැමිනෙනු ඇති බවයි.. Microsoft ආයතනයේ මේ වන විට යාවත්කාලීන රටාව වන මාසික, වාර්ෂික හා ප්‍රධාන යාවත්කාලීන නිකුතුන් රටාව තුල මේ වන විට windows 12 වල බොහෝ ලක්ෂන මේ වන විට අත්හදා බැලෙම්න් ඇති බවට මෙන්ම වඩාත් මෙහෙයුම් පද්ධති අතර සහයෝගයෙන් කටයුතු කරන සෙවීම් මෙන්ම බෙද හදා ගැනීම් වලදීද වැඩි දියුනු කිරීම් සහිත මෙහෙයුම් පද්ධතියක් Windows 12 ලෙසට බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwnsa


 

Windows 11 සදහා වන ‘Moment2’

Microsoft ආයතනය Windows 11 සදහා වන ‘Moment’  යාවත්කාලීන වල පලමු නිකුතුව මේ වන විටත් මුද අහැර අවසානය. භාවිතා කරන්නන් බලාපොරොත්තුවූ තරම් නවාංග ගෙන නොපැමිනියද විශේෂතා කිහිපයකින් එය සමන්විතව තිබිනි. මේ වන විට හදාරන්නන් ගේ අවධානය යොමුවෙමින් ඇති කාරනයක් වන්නේ ‘Moment 2’  පිලිබඳවය. එය 2023 මුල්භාගයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර එහි අඩංගු වේන බවට බලාපොරොත්තු වන නවාංග අතර “Tablet-Optimized taskbar” ප්‍රධාන තැනක් ගනී. windows11 සමග වඩාත් නම්‍ය සෙවුම් හා බෙදාගැනීම් හැකියාවක් මෙන්ම ස්පර්ෂක තිර මිත්‍ර බවද නිරන්තර උත්සාහයක් බවට මේ වන විට පැහැදිලි වෙමින් ඇත.
Pubudu Siriwansa


 

2022-11-11

App cache හා දත්ත උපකරණය.

ඔබගේ තොරතුරු උපකරණය සමග කරන කියන සියළු කාරනා සමග දෙයාකාරයක තොරතුරු තැන්පත් වීමක් සිදුවේ. එනම් Data හා cache ආකාරවල ගොනු ලෙසට වේ. ඔබ යම් App එකක් ස්ථාපනය කර එයට ඔබට අවශ්‍ය සැකසුම් ලබා දීම උදාහරනයකට ගතහොත් එම තොරතුරු තැන්පත් වීම Data ආකාරයට ගත හැක. අනෙක් අතින් ඔබ එම මෘදුකාංගය සමග කරන කියන දෑ වලට නැවත පිවිසීමකදී සහය වන්නට සූදානම්ව තැන්පත් වන තොරතුරු Cash වීමක් ලෙසට සැලකේ. තවත් දෙසකින් ඔබ Cash මතකයන් මකා දැමීමේදී එබ එම මෘදුකාංගය සමග කල කී දෙයන් නැවත සංක්‍රියකරන විට ගත වන වේලාව වැවි වීමකට හේතුවන අතර අදාල Data ඉවත්කිරීමකින් එම මෘදුකාංග කොටස අළුතින් ස්ථාපනය කල තත්වයට පත්වේ. ඔබගේ උපකරණයේ storage ඒක පිරී ඇති අවස්ථාවකදී ගත අහෙකි එක් සුදුසුතම පියවරක් වන්නේ මෙම Cash මතක ගොනු ඉවත් කිරීම වන අතර බොහෝ මෙහෙයුම් පද්ධති සමග මේ සදහා ස්වංආකාරයක්ද පැමිනෙනු දැකිය හැක. තවත් වැදගත් කාරනයක් වන්නේ මෙම දත්ත ඉවත්කිරීම සදහා third-party app භාවිතාවද ඉතාකල්පනාවෙන් කල යුතු එකක් වීමය. මේවා අතරින් බොහෝ ඒවා අදාල කටයුත්ත සමග ඔබේ වැදගත් තොරතුරු තම සර්වරයන් වෙතට ලබා දෙන්නටද කටයුතු කරන්නට විශාල ඉඩක් ඇති බැවින් බොහෝ විට අදාල මෙහෙයුම් පද්ධතොය හෝ මෘදුකාංගයම ලබා දෙන අවස්ථා ගැන ප්‍රමුකත්වය දීමට හදාරන්නන් යොජනා කරන්නේ මෙබැවිනි.
Pubudu Siriwansa


 

Apple Store වෙන් apps විශාල ඉවත්කිරීමක්.

Apple ආයතනය මෙම තෙවන කාර්තුව තුල App Store වෙන් නිසිලෙස නඩත්තු නොකරමින් සිටින Apps 540,000 පමන ඉවත්කරන්නට කටයුතු කර තිබෙන බවට වාර්ථා වනවා. Finbold වාර්ථා කරන්නේ ඔවුන් 24.79%  ක ඇප් ඉවත්කිරීමක් සමග 2015  දී පමන ඇප් ස්ටෝවේ වූ  1,672,271 ටද වඩා පහලට පැමින ඇති බවයි. එමෙන්ම මේත් සමග Apple සමාගම තම App Store සක්‍යාත්මකව දෙවන තැනට පත්වන්නේ Google ලාගේ Play Store ව දරන App සංක්‍යාත්මකව 3,553,050 ට සාපේක්ශව වන අතර Amazon තෙවන තැනට එන්නේ 483,328 apps වාර්ථා කරමින් වනවා. Appleආයතනය April 2022 නිවේදනය කර සිටියේ සාධාරන කාලයකදී යාවත්කාලීන නොකරන Apps තම Store වෙන් ඉවත් කරන්නට කටයුතු කරන බවයි. එම ආයතනය 2022 දෙවන කාර්තුවේදී පමනක් 439,000 apps ඉවත්කරන්නට කටයුතු කර තිබුනා. එමෙන්ම Apps store වල වන Apps අතරින්  64% දෑවසරක් පුරාවට යාවත්කාලීනය නොවූ ඒවා බවටයි පැහැහිලි කරන්නේ. ආයතනය පවසන්නේ මෙම Apps ඉවත්කිරීම් දැනටමත් බාගතකරගෙන  භාවිතාකරමින් සිටින devices වෙතට බලපෑමක් නොකරන බවයි.
Pubduu Siriwansa


 

iOS 16.1.1. වැදගත් පිලිසකර නිකුතුවකි.

Apple නිවේදනය කරන්නේ iOS 16.1.1. ලෙසට නව  iPhone update එකක් නිකුත්ව තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම යාවත්කාලීනය ඔස්සේ  hackers හට ඔබේ  iPhone යේ පාලනය අත්පත් කරදෙන්නට සමත් දුර්වලතාවයක් මෙන්ම killing apps මෙන්ම ඔබගේ තොරතුරු සොරාගන්නට හැකියාව දෙන දුර්වලතා නැතිනම් security flaws සදහා පිලිසකර ගෙනැවිත් ඇති බවයි. මෙම පිලිසකරය iOS 16.1, නිකුත්කර කෙටිකායයක් තුල සිදුවූ නිකුතුවක් වන අතර iPhone SE (2nd generation or later) සිට ඉහල වන සංස්කරන සදහා සූදානම්ව නිකුත්ව තිබෙනවා. එසේම මෙම  නිකුතුව iOS 16.1.1, iPadOS 16.1.1, macOS Ventura 13.0.1 ලෙසට සමස්ථ Apple පරිසරයය සදහාම  පැමිනි පුළුල් එකක් වනවා.
Pubudu Siriwansa


 

iPhone 14 සමග එන Emergency SOS via satellite හැකියාව.

Apple ආයතනය තම iPhone 14 දුරකථන නිකුතූන් පෙල September 2022 නිවේදනය කරමින් පවසා සිටි තවත් ආකර්ශනීය විය හැකි අංගයක් වූවේ satellite හරහා සිදුවන Emergency SOS හැකියාවයි. ඔවුන් පැහැදිලි කර සිටියේ iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro, iPhone 14 Pro Max භාවිතාකරන්නන් හට හදිස්සි ආස්ථාවක් ගැන  cellular / Wi-Fi  ආකාරවලින් ඔබ්බේ සිට  SOS message යවන්නට හැකි වනු ඇත. Apple ආයතනය පවසන්නේ මෙම අංගය States / Canada භාවිතාකරන්නන් හට මෙම මස අවසානයේ සිට මුදා හරින්නට කටයුතු සූදනම් බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් පවසන්නේ emergency SOS එකක් ගනනින් 24 ක් වන low-earth orbit satellites වලින් එකක් වෙතට ලැබෙන අතර එය ground stations වෙතට යොමුවෙන බවයි. මෙම හැකියාව දෑවසරක් සදහා iPhone 14 භාවිතාකරන්නන් හට නොමිළේ ලැබෙන්නට නියමිත බවටද පවසන ඔවුන් තවත් අංගයක් වන iPhone 14-exclusive safety feature පූර්නව නොමිළේ භාවිතාවට එන්නට නියමිත බවයි.
Pubudu Siriwansa


 

2022-11-10

Facebook app වල Active Status

Facebook භාවිතාව ඉතා බහුලය. පෞද්ගලික මට්ටමේ සිට ආයතනික මට්ටම් දක්වා විශාල පරාසයක්ද දිනා ගන්නට ඔවුන් සමත්ව ඇත. කෙසේ වෙතත් Facebook භාවිතාවේදී සමහර විට හමුවන අවශ්‍යතාවයක් වන්නේ ඔබගේ Online බව සඟවා තැබීම විය හැක. අනවශ්‍ය ලෙස ඔබේ මිතුරන්ගේ අවධානය ලැබීම මෙයින් වලකා ගන්නට හැකි වනු ඇත. Facebook පවසන්නේ මේ සදහා ඔබට ලැබන් සැකසුම් හැකියාව වන්නේ Active Status බව Facebook app එක තුලින් off කර තැබීමයි. අමතක නොකලම යුතු කාරනයක් වන්නේ ඔබ මෙම off කිරීමත් සමග ඔබේ මිතුරන්ගේ Online බව ඔබටද දකින්නට නොහැකි වන බවය. මෙය Facebook මෙන්ම Facebook Messenger සදහාද පොඳු කාරනයක් වන අතර අනෙකුත් සියලුම services සදහා කිසිදු ගැටලුවකින් තොරව පිවිසෙන්නට හැකි වන බවත් පැහැදිලි කෙරේ. මෙම සැකසුමට පිවිසෙන්නට iPhone  / Android. වල app එකට පිවිස > three stacked lines >  Settings & Privacy > Settings > Audience And Visibility > Active Status > off ලෙසට තේරීමෙන් හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

Decentralized social media යුගය.

Twitter වල යම් පසුබෑමත් සමග සමාජජාලා අවකාශය පිලිබඳව කථා බහේ ප්‍රධාන මාතෘකාවක් වෙමින් ඇත්තේ Decentralized social media අවකාශවල කැපී පෙනෙන පිබිදීමක ලක්ෂන පෙනෙන්නට තිබීමය. එක් හිමිත්වයකින් තොර ස්වාධීන servers  රාශියකින් සුසැදි නෙක රුචිකම් හෝ ප්‍රාදේශීයත්වයන් සහිත පිරිසකගෙන් සැදෙන මෙම අවකාශ වෙතට පැමිනෙන්නන්ගේ විශාල වර්ධනයක් වාර්ථාවෙමින් තිබීම දක්නට ලැබෙන බව කියවේ. 
    Fediverse Observer වෙතින්ද කියවෙන්නේ ඔක්තෝබරය හා සැසදීමේදී මිලියන භාගයක පමන භාවිතාකරන්නන් වැඩි වීමක් දක්නට ලැබෙන බවයි. Fediverse යනු නෙක ආකාරයේ  platforms රාශියකින් සමන්විත එකක් වන අතර 4.613 million users ඇති Mastodon එහි පධාන platform එකකි. Diaspora එහි දෙවනි ප්‍රධාන අවකාශය වන අතර 600,000 accounts සංක්‍යාවක් මෙන්ම PeerTube තෙවැන්න ලෙසට ගනනය වේ. එසේම හදාරන්නන් පෙන්වා දෙන්නේ centralized social media ලෙසට නොව මෙහිදී Server සංක්‍යාවද වර්ධනය වීමක් සිදුව ඇති අතර ඔක්තෝබරයේ ගනනය වෙමින් තිබූ 12,597  වෙනුවට සර්වර සංක්‍යාවද 13,963 දක්වා ඉහල යාමක් දක්නට ලැබෙන බවයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa


 

Telegram වල bots හැකියාවන්.

Telegram යනු instant messaging service එකකි.  ඔවුන් තම සේවාව පැහැදිලි කරන්නේ encrypted, freemium, cross-platform, cloud-based , centralized ආකාරයට ක්‍රියාත්මක වන  video calling, VoIP, file sharing  ඇතුලු සේවාවන් රාශියක් ‍රැගෙන එන ලෝක ව්‍යාප්ත ජාලයක් ලෙසටය. මෙය open-sourced ආකාරයේ platform මත ක්‍රියාත්මක වන අතර ඔබගේ දුරකථන අංකය share කිරීමකින් තොරව භාවිතයට හැකි අවකාශයකි. 
    Telegram පවසන්නේ තම අවකාශයේ මූලික හැකියාවන් ගෙන් ඉදිරියට යන්නට සහය වන්නා bots ලෙසට නම් කරන අතර ඒවා තම අවකාශය වෙතට additional functionality ‍රැසක් ගෙනෙන්නට කටයුතු කරන බවය. උදාහරනයක් ලෙසට @Gmailbot ඔස්සේ ඔබගේ Gmail හැකියාව  Telegram සමග සම්බඳ කර භාවිතයට අවස්ථාව සලසයි. එසේම @newfileconverterbot සමග File Converter හැකියවක් ලැබෙන අතර @DropMailBot සමග තාවකාලික එනම් disposable email භාවිතාවකට සහය දෙන බව පවසයි. තවදුරටත් පැහැදිලි කරන ඔවුන් යෝජනා කරන්නේ @BabelgramBot සමග Translate text / messages හැකියාව ලැබෙන්නට නියමිත බවයි. මෙම Telegram bot හැකියාවන් එහි භාවිතාකරන්නන් හට තම  chats, channels, groups සමග සම්බඳ කරගන්නට හැකි වනු ඇත.

Pubudu Siriwansa 

 

iCloud Photos සමග Windows 11 යා වෙයි.

Microsoft සමාගම තම Windows 11 සදහා "moment 1" update නිකුතුව සිදුකර තිබෙනවා. එම සමාගම මෙම නිකුතූන් සමග ගෙන එන්නට බලාපොරොත්තුවන features රාශියක් පිලිබඳව ඉගි පලකොට තිබුනා. ඒවා අතර screen recorder හා Apple Music app ද වනවා.  Microsoft සමාගම තම  Windows 11 භාවිතාකරන්නන් සදහා  iCloud Photos integration මුදා හැර ඇති බවට නිවේදනය වනවා. iCloud Photos භාවිතාකරන්නෙකුට  Windows PC වල Windows 11's Photos app සමග sync හැකියාව මේ සමග ලැබෙනවා. මෙම භාවිතාව සදහා Microsoft Store වලින් iCloud for Windows app එක බාගත කර Apple ID සමග sign in වීමෙන් iCloud Photos සමග කටයුතු කිරීමේ ගැකියාව ලැබෙනවා. එම ආයතනය පවසන්නේ මෙම හැකියාව මෙම මස අග වන විට සියලුම භාවිතාකරන්නන් සදහා මුද අහරින්නට සුදානම් බවයි.
Pubudu Siriwansa


 

Android phone සමග Google Chrome භාවිතාවේදී.

GOOGLE  පවසන්නේ Android phone භාවිතාකරන්නන් Google Chrome භාවිතාවේදී අවධානය යොමුකල යුතු සැකසුම් පහක් වන බවයි. භාවිතාවේ ආරක්ශාව හා පහසුව සදහා වන මෙම සැකසුම් වෙතට පිවිසෙන්නට Chrome app. > More > Settings >Privacy And Security ඔස්සේ හැකි වන අතර default ලෙසට සංක්‍රියව පැමිනෙන මෙම සැකසුම් අතර Preload Pages ඒකක් වනවා. Chrome වල වේගවත් භාවිතයක් සදහා වන මෙම සැකසුම ඔස්සේ cookies භාවිතවක් සමගින් සිදුවනවා. අනෙක වන්නේ Do Not Track පහසුඅ වන අතර සැම විටම ඵලදායී නොවුනද privacy online සදහා මෙය සහය වන සැකසුමක් වනවා.  එහි වන තවත් ආකාරයක් වන්නේ Clear Browsing Data  යන්නය. මෙහිදී තොරාගන්නා කාල පරාසයක් සදහා හෝ සමස්ථ browsing data මකා දමන්නට ඔබට හැකි වනවා. බ්‍රවුසරය සමග කල ක්‍රියාකාරකම් වල අතීතය ඉවත්කොට තබන්නට මෙම ගැකියාව සහය වනු ඇත.  Google පවසන්නේ Safe Browsing ඔබට ආරක්ෂිත වෙබ් සැරියක් සදහා සහය වනු ඇති බවය. Dangerous malware වලින් ගැලවී සිටින්නට එය සහය වන අතර හදාරන්නන් එතරම් එකග නොවන තවත් පහසුවක් වන්නේ Access Payment Methods ය. එහිදී ඔබගේ payment info ගබඩා කර තැබෙන අතර අවශය විට පහසුවෙන් අවධිකර ගන්නට හැකි වනවා. කෙසේ වෙතත් හදාරන්නන් නැවත නැවත පවසන්නේ වැදගත්ම ආරක්ෂක පියවර වන්නේ කල්පනාකාරීව කටයුතු කිරීමත් අනවශ්‍ය තොරතුරු වෙබ් අවකාශයට මුදා නොහැරීමත්, අනවශ්‍ය Links අවධි නොකිරීම වැනි දෑ බවද අමතක නොකල යුත්තකි.

Pubudu Siriwansa 

 

Google One VPN නිකුත්වේ.

මේ වන විට Google වෙතින් නිවේදනයව තිබූ "VPN by Google One," භාවිතාව ක්‍රමයෙන් මුදා හරිමින් ඇති බවට වාර්ථා වනවා. මෙම  virtual private network හැකියාව Google One subscribers සදහා වන අතර 2TB plan  වල සිට ඉහලට වන subscribers ලා සදහා පමනක් වනවා. මෙම VPN හැකියාව පැහැදිලි කෙරෙන්නේ geo-locked content වෙතට යාමටත් වෙනත් රටකින් ලෙසට පෙනී සිටීමටත් සහය නොදක්වන බවයි. ඒනම් IP address  එක hide කරන්නටත් traffic එක mask කරන්නටත් පමනක් එය සහය වනු ඇති බවයි. Google ආයතනය Android, iOS, macOS, හා Windows සදහා මෙම භාවිතාවට අදාල apps නිකුත්කර ඇති අතර 32-bit, ARM සදහා සහය නොදක්වන බවට වාර්ථා වනවා. Google One සමග එන මෙම VPN  හැකියාව දැනට Austria, Australia, Belgium, Canada, Denmark, Finland, France, Germany, Iceland, Ireland, Italy, Japan, Mexico, Netherlands, Norway, South Korea, Spain, Switzerland, Taiwan, the United Kingdom,  United States. යන රටවල් සදහා සූදානම් බවටයි එම ආයතනය පවසන්නේ.
Pubudu Siriwansa


 

2022-11-09

Mastodon සමාජ ජාලය පෙරට.

පසු ගිය කාලයේ සිදුවීම් රාශියක් සමග Twitter ආයතනයෙන් භාවිතාකරන්නන් රාශියක් ඉවත්වෙමින් සිටින බවට තොරතුරු පලවෙමින් තිබුනා. එසේම  එසේ ඉවත් වන්නන් විශාල පිරිසක් Mastodon නම් සමාජජාලය වෙතට alternative platform එකක් ලෙසට රොක්වන්නට කටයුතු කල බවටයි පලවුනේ. එම social network වෙතින් නිවේදනය වූවේ ප්පසුගිය සතියේ පමනක්  230,000 ක්පමනක තම සමාජජාලය වෙතට පැමිනි බවත් මේ වන විට තම සමාජ ජාලය සතුව භාවිතාකරන්නන් 655,000 පමන සිටින බවටත් Mastodon පවසා සිටිනවා. Mastodon යනුද microblogging  ආකාරයේ social networking service එකක් වන අතර වෙනස් ආකාරයේ ගොඩ නැගීමක් සහිත එකක්ද වනවා. එහි පැමිනෙන ඔබට server එකක් තොරා ගන්නට වන අතර ඒවා country, city, interest වැනි ආකාරවලට themed ව තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ මේවා ඔබගේ සීමාවල් නොවන අතර හිඳු  starting community ලෙසට සලකා වෙනස් අවකාශ සමගද කටයුතු කල හැකි බවයි. ජනංප්‍රිය MastodonApp.UK serve හිමිත්වය පැවසුවේ පැය 24ක් තුල 6000ක පමන නව පැමිනීමක් සටහන් වූ බවයි. මෙය decentralised අවකාශයක් වන අතර එම servers එකට link වීම ඔස්සේ collective network ලෙසට කටයුතු කරනවා. 
Pubudu Siriwansa


 

Windows 10 21H1ද සමුගන්නට සූදානම්

Microsoft ආයතනය මතක් කර සිටින්නේ තම Windows 10 21H1 සංස්කරණය සදහා end of servicing (EOS)  තත්වය December 13, 2022 සිටක්‍රියාත්මක බවයි. ඒ අනූව එදිනින් පසුව මෙම සංස්කරණය සදහා security සහ quality updates නිකුත් නොකරන බවටයි නියමිතව ඇත්තේ. Microsoft ආයතනය තම සිපුරුදු Patch Tuesday යටතේ Windows 11, Windows 10, Windows 7 / 8.1. සංස්කරන සදහා security updates නිකුත් කර තිබෙනවා.
   Microsoft ආයතනය Windows 10 භාවිතාකරන්නන් windows 11 වෙතට කැඳවා ගන්නට දැඩි උත්සාහයක යෙදෙන අතර අලුත්ම දත්ත වලට අනූව පැවසෙන්නේ windows 10 වෙතින් windows 11 වෙතට පැමිනීම 15% තරම් අඩුමට්ටමක තවමත් පවතින බවය. බොහෝ විට windows 11 සදහා ඉල්ලා සිටින ඉහල තාක්ෂණික වටපිටාව මේ සදහා හේතුවෙමින් ඇති බවටයි හදාරන්නන්ගේ නිගමනය වන්නේ.
Pubudu Siriwansa


 

Zoom වල Zoomtopia 2022.

Zoom වල Zoomtopia 2022 හමුවේදී නවාංග රාශියක් හඳුන්වා දෙන්නට කටයුතු කර තිබෙනවා. ප්‍රකට online meeting platform එක වෙතට ගෙනෙන ලද මේ නවාංග අතර Zoom Spots, Zoom Email, Calendar ඇතුලු අංග රාශියන් වනවා. එසේම Contact Center වලට එක්වන AI-powered හැකියාවන් ගැනද කියවෙනවා. Zoom Mail / Calendar client වල  Beta version පැමින ඇති අතර  Zoom Mail භවිතාකරන්නන් අතර end-to-end encrypted ආකාරයට ආරක්ශිතව පැමින තිබෙනවා. Zoom Spots පැහැදිලි කරන ඔවුන් පවසන්නේ video-enabled interactions සහිත virtual space එකක් වන අතර 2023 භාවිතය එන්නට සැලසුම් කර ඇති  AI-powered chatbot එකක් නැතිනම්  Zoom Virtual Agent කෙනෙක් ලෙසටයි. 
      IQ Virtual Coach පැහැදිලි කරන ඔවුන් පවසන්නේ  real-time tips ගෙනෙමින් interviews, pitches,calls වලට මැදිහත් විය හැකි සහයක් ලෙසටයි. එපමනක් නොව තම Zoom App Marketplace නෙක පහසුකම් apps සමග ඉපයීම් සදහා ඔවුන් developers සදහා ආරාධනා කරන්නටද කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa


 

Facebook Messenger app සදහා encrypt හැකියාව.

Facebook අති මහත් බහුල භාවිතාවකි. එසේම Messenger app ඔස්සේ දෛනිකව තොරතුරු හුවමාරු කරගැනීම්ද සංක්‍යාත්මකව විශාලය. හදාරන්නන් පවසන්නේ ඔබගේ මෙම chats පහසුව encrypt කිරීම පෞද්ගලිකත්වය ආරශිත වීම සදහා තීරනාත්මක සහයක් දෙනු ඇති බවයි. මෙම End-to-end encryption වලින් ඕබේ messages හා calls ආරශාකර ගැනීම සදහා Facebook Messenger app වල අදාල chat වල settings වලට ගොස් අවධිවන pop-up list වලින් “Start End-To-End Encrypted Chat” සදහා Click කිරීමෙන් හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

Meta ‍රැකියා අහිමිවීම් නිවේදනය අද?

The Wall Street Journal වාර්ථා කර සිටින්නේ Meta CEO Mark Zuckerberg මූලිකව පැවති වධායක මට්ටමේ හමුවකදී තම සේවක පිරිසෙන් දහස් ගනනක් ඉදිරි මාස හතරක වැ‍ටුප් සහිතව ආයතනයේ ‍රැකියා අවස්ථා අවසන් කරන්නට සිදුව ඇති බවය. පසුහිය සැප්තැම්බරය අවසන් වන විට Meta වල සමස්ථ සේවක සංක්‍යාව 87,000  ලෙසට වාර්ථ වන අතර ඒ අනූව අද උදෑසන වන විට විශාල පිරිසකගේ ‍රැකියා අවස්ථාව ගැන නිවේදනය සිදුවන්නට නියමිතව තිබෙනවා. බොහෝ විට මේ පිරිස ලෙසට වඩාත් ඉලක්ක වන්නට නියමිතව ඇත්තේ recruiting හා business teams මට්ටමේ පිරිස වනු ඇති බවටයි අනාවැකි පලවෙන්නේ.
Pubudu Siriwansa


 

Bitcoin කඩාවැටීමක.

Bitcoin වල තීරනාතමක කඩා වැටීමක් වාර්ථාවෙමින් තිබෙනවා. එන Bitcoin වල වටිනාකමs $17,229 මට්ටමට පැමින ඇති අතර එය පසුගිය දෑවසර තුල සිදුවූ අඩුම වාර්ථාවීම ලෙසටයි සටහන් වන්නේ. මෙය පසුගිය June වල වාර්ථාවූ මිළ පහත වැටීම ඉක්මවන එකක් ලෙසට වාර්ථා වනවා.
Pubudu Siriwansa


 

නව Gmail interface එක mandatory වේ.

Google පවසන්නේ තම Gmail සදහා වන  තම නව  user interface එක අද සිට ස්ථාවර එකක් වන බවයි. ඒ අනූව පසුගිය පෙබරවාරියේ හඳුන්වා දුන්, July වල සිට අවශ්‍ය නම් පෙර සංස්කරනයට යා හැකි ලෙසට තේරීමක්ව භාවිතාකරන්නන් සදහා නිකුත් කල Gmail වල integrated view එක අනිවාර්ය භාවිතාවක් වනවා. හදාරන්නන් පවසා සිටියේ එය  Microsoft Outlook වල විශාල ආභාශයක් ලැබූ නිකුටක් ලෙසට වන අතර එහි theme, inbox type ආදීයට වන customize අවස්ථාද සමග අනෙකුත් Google apps වලට එනම් Chat / Meet  වැනි භාවිතාවන්ට පහසුවෙන් පිවිසෙන්නටද හැකියාව සහිතව පැමින තිබෙනවා. 
Pubudu Siriwansa


 

2022-11-08

හොඳ battery life එකක් සදහා

Apple පවසන්නේ battery life වල පදනම chemical age බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ temperature history ය හා charging pattern මේ සදහා වඩාත් තීරනාත්මක සාධක වන බවයි. Lithium-ion batteries වල chemically age සාධකයේ අඩු හැකියාව battery life එක අඩුකරන්නටත්, peak performance අඩු කරන්නටත් බලපාන බවට පැහැදිලි කරනවා.මේ සදහා iPhone වල  Optimised Battery Charging  හොඳ සහයක් දෙන බවත් ඒ වෙතට යන්නට Settings > Battery > Battery Health > Optimised Battery Charging හැකි බවත් පෙන්වා දෙනවා. ඊට අමතරව Settings>Accessibility > Motion > turn on Reduce Motion සැකසුමද හොඳ සහයක් දෙන බවට යෝජනා කරනවා. මීට අමතරව සමහර අවස්ථාවලදී Dark Mode ද ඉතා හොඳ battery life සදහා සහය වන බවටයි පෙන්වා දෙන්නේ.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...