2022-11-10

Facebook app වල Active Status

Facebook භාවිතාව ඉතා බහුලය. පෞද්ගලික මට්ටමේ සිට ආයතනික මට්ටම් දක්වා විශාල පරාසයක්ද දිනා ගන්නට ඔවුන් සමත්ව ඇත. කෙසේ වෙතත් Facebook භාවිතාවේදී සමහර විට හමුවන අවශ්‍යතාවයක් වන්නේ ඔබගේ Online බව සඟවා තැබීම විය හැක. අනවශ්‍ය ලෙස ඔබේ මිතුරන්ගේ අවධානය ලැබීම මෙයින් වලකා ගන්නට හැකි වනු ඇත. Facebook පවසන්නේ මේ සදහා ඔබට ලැබන් සැකසුම් හැකියාව වන්නේ Active Status බව Facebook app එක තුලින් off කර තැබීමයි. අමතක නොකලම යුතු කාරනයක් වන්නේ ඔබ මෙම off කිරීමත් සමග ඔබේ මිතුරන්ගේ Online බව ඔබටද දකින්නට නොහැකි වන බවය. මෙය Facebook මෙන්ම Facebook Messenger සදහාද පොඳු කාරනයක් වන අතර අනෙකුත් සියලුම services සදහා කිසිදු ගැටලුවකින් තොරව පිවිසෙන්නට හැකි වන බවත් පැහැදිලි කෙරේ. මෙම සැකසුමට පිවිසෙන්නට iPhone  / Android. වල app එකට පිවිස > three stacked lines >  Settings & Privacy > Settings > Audience And Visibility > Active Status > off ලෙසට තේරීමෙන් හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...