2022-12-30

United States වල TikTok තහනමක් ??

TikTok යනු China  මූලිකව ක්‍රියාත්මක වන මිලියන ගනනක් short videos වලින් සමන්විත ලොව ප්‍රකට සමාජ ජාලයකි. ByteDance නම් Chinese සමාගමේ නිකුතුවක් වන මෙහි 15 seconds සිට 10 minutes දක්වා  වීඩියෝ  වන අතර පෞද්ගලික මට්ටමේ සිට ව්‍යාපාරික මට්ටම දක්වා පුලුල් වපසරියක භාවිතාකරන්නන් කැඳවා ගන්නට සමත්වූ අවකාශයකි. කෙසේ වෙතත් මේ අවකාශය වෙත්ට වූ එක් චෝදනාවක් වූවේ ඇමරිකානු භාවිතාකරන්නන් පිලිබඳව තොරතුරු චීන සර්වර ඔස්සේ දකින්නට හැකිවීමය. ගැටළුව ඉදිරියට යමින් මේ වන විට ඇමරිකානු රාජ්‍ය හා  සමහර විශ්වවිද්‍යාල සතු උපාංග හා WiFi පද්ධ්ති ඔස්සේ භාවිතාව තහනම් කර තිබේ. නෙක ආකාරයේ විරෝදතාද මේ සදහා  පැමිනෙමින් තිබෙන බවට වාර්ථා වේ.

Pubudu Siriwansa 

 

Twitter වල '400 million' user තොරතුරු පැහැර ගැනීමක්??

නෙක ප්‍රකට Online අවකාශ  වෙතින් පැහැර ගන්නා   භාවිතා   කරන්නන්ගේ තොරතුරු සදහා  සයිබර් අපරාධකරුවන් මුදල් ඉල්ලා  සිටීම නැවත තැවත සිදුවන්නකි. මේ වන විට එවන් සයිබර් අපරාධකරුවෙකු Twitter වෙතින් පැහැරගන්නා ලද 400 million accounts වල තොරතුරු ප්‍රසිද්ධ නොකර මකා දැමීම සදහා $200,000 (£166,000) ක මුදලක් ඉල්ලා සිටීමක් වාර්ථා වෙමින් තිබේ. Ireland වල Data Protection Commission (DPC) පවසන්නේ තමන් මේ පිලිබඳව හදාරමින් සිටින බවකි. Twitter මේ පිලිබඳව තවමත් නිවේදයක් නිකුත් කර නොමැති අතර මෙම ගොනුවෙහි ප්‍රකට celebrities සහ politicians ලාගේ  phone numbers / emails වැනි තොරතුරු වන බවට පෙර කී අපරාධ කරුවන් විසින් හෙලිකල සාම්පල් වලින් කියවෙමින් තිබේ. Twitter විසින් තම පද්ධතිවල වූ දුර්වලතාවයක් මේ වසරේදී පිලිසකර කල අතර එහිදී five million accounts වල තොරතුරු පිටතට පැමිනීමක් වාර්ථා විය.පසුගිය නොවැම්බරයේ Meta වලද  533 million Facebook users තොරතුරු පිටතට පැමිනීමක් වෙනු වෙන් විදාල දඩ මුදලකට යටත් වන්නට සිදුවිය.
Pubudu Siriwansa


 

Amazon වල drone deliver හැකියාව පුළුල් වේ.

Amazon පවසන්නේ තම  Amazon Prime Air drone සේවාව තවත් පියවරකින් පුළුල් කරන්නට තමන් කටයුතු කර ඇති බවකි. ඒ අනූව California සහTexas වල තොරාගත් ප්‍රදේශ කිහිපයක් සදහා  කුඩා  පරිමානයේ parcels බෙදා හැරීමට  drone භාවිතාවීම ආරම්භව ඇත. ලොව e-commerce ප්‍රමුකයෙකු ලෙසට සලකන Amazon වෙතට අත්හදා බැලීම් පෙල කින් පසුව මේ වන විට "air carrier" අවසරය ලබා දී ඇති අතර තම සේවාව සපයන ප්‍රදේශයකට Prime Air-eligible items සදහා ලැබෙන ඇනවුමක් ලැබුනු විට ඔවුන්ගේ සාමාන්‍ය සේවාවේදී මෙන්ම tracking information හා estimated delivery time තොරතුරුද සමග shipping address වල backyard වලට ලැබෙන  බවටයි සැලසුම්ව ඇත්තේ. ඉදිරියේදී මෙම නව සේවාව තව තවත් ප්‍රදේශ වෙතට පුලුල් කරන්නට ඔවුන් සැලසුම් කරමින් සිටින බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa


 

2022-12-29

වසර අවසානයේ WhatsApp සහය අවසන් වන smartphones

 

වසර අටකට වඩා පැරණි Samsung smartphone භාවිතාකරමින්  WhatsApp වෙතට පිවිසෙන්නෙක් නම් එලබෙන සතිය වන විට ඒ සදහා අවහිර  වන්නට නියමිත බව නිවේදනය වනවා. ආසන්නව  2011, 2012, 2013 වැනි වසර වල නිකුත් වූ මෙම දුරකථන ගොනුවට 
Samsung Galaxy Ace 2
Samsung Galaxy Core
Samsung Galaxy S2
Samsung Galaxy S3 Mini
Samsung Galaxy Trend II
Samsung Galaxy Trend Lite
Samsung Galaxy Xcover 2
යන සංස්කරණ අඩංගු වනවා. December 31, 2022 දින සිට එම භාවිතාව සදහා  Android 5.0 සිට ඉහලට වන සංස්කරනයක් භාවිතාවීම අනිවාර්ය වනු ඇත. මෙසේ WhatsApp සහය අවසන් වන Apple, Archos, Grand, HTC, Huawei, Lenovo, LG, Memoi, Sony, Wiko.ඇතුළු smartphones සංස්කරණ වර්ග 42ක් ගැන මේ වන නිවේදනය වී තිබෙනවා.
Apple iPhone 5
Apple iPhone 5c
Archos 53 Platinum
LG Optimus L5 II
LG Optimus L7
LG Optimus L7 II
LG Optimus L7 II Dual
LG Optimus Nitro HD
Memo ZTE V956
Samsung Galaxy Ace 2
Samsung Galaxy Core
Samsung Galaxy S2
Samsung Galaxy S3 mini
Samsung Galaxy Trend II
Samsung Galaxy Trend Lite
Samsung Galaxy Xcover 2
Sony Xperia Arc S
Sony Xperia miro
Sony Xperia Neo L
Wiko Cink Five
Wiko Darknight ZT
Grand S Flex ZTE
Grand X Quad V987 ZTE
HTC Desire 500
Huawei Ascend D
Huawei Ascend D1
Huawei Ascend D2
Huawei Ascend G740
Huawei Ascend Mate
Huawei Ascend P1
Quad XL
Lenovo A820
LG Enact
LG Lucid 2
LG Optimus 4X HD
LG Optimus F3
LG Optimus F3Q
LG Optimus F5
LG Optimus F6
LG Optimus F7
LG Optimus L2 II
LG Optimus L3 II
LG Optimus L3 II Dual
LG Optimus L4 II
ආයතන තම භාවිතාවන් සදහා සහය දැක්වීම කලකට වරක් පැරණි සංස්කරණ සදහා අවසන් කරන අතර bug-infected ආදියෙන් තොර භාවිතාවක් සහතික කිරීම සදහා මෙම පියවර ගනු ලබනවා..
Pubudu Siriwansa


Smartphone වලට removable batteries පැමිනෙනු ඇත.

European Union (EU) වලින් පසුගිය කාලයේ පැමිනි සීමා කිරීමක් වූවේ USB Type-C charging ports අනිවාර්ය කිරීමකි. පරිසරයට එකවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කරගැනීම ප්‍රමුක හේතු කිහිපයක්ම ඒ සදහා දක්වා සිටින්නට ඔවුන් කටයුතු කර තිබිනි. European Union (EU) වෙතින් තම අවධානය sustainable සහ reusable බවක් තහවුරු වන ආකරයට batteries සදහාද අනපනත් ගෙනෙන්නට යොමුව ඇති බවටයි මේ වන විට පැවසෙමින් ඇත්තේ. පැහැදිලි කෙරෙන්නේ battery manufacturers ලාගේ සිටම පැනවෙන නව අවශ්‍යතා electronic devices, industrial batteries, automotive batteries, batteries( two-wheelers, electric vehicles) දක්වාම වන පරිදි වලංගු වීමට නියමිත බවත් 2024 මුල සිටම carbon footprint(extraction - recycling process) දක්වා තොරතුරු වාර්ඨ්ජා කරන්නට සිදුවීම ඇතුළු පෙර සූදානම් වලට අදාල තොරතුරු ‍රැස් කිරීමට සූදානම් බවටත් පැවසෙනවා. මෙහිදී  batteries වල replaced හැකියාව තබා තැබීම දැනට වන smartphones වල ස්වභාවය නැවත වෙනස් කරන්නට වන බවක් බලාපොරොත්තුවනවා.
Pubudu Siriwansa


 

සුපුරුදු කාර්යාල ආකෘතිය අවසන් වනු ඇත,

සුපුරුදු කාර්යාල ආකෘතිය තවදුරටත් වලංගු අනිවාර්ය එකක් නොවීම ආරම්භ වී ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ කොරෝනාව විසින් වෙනස් කර දමන ලද සාමාන්‍ය දෛනික අරටා අතර කාර්යාල ආකෘතිය ඉහලින්ම වන බවයි.  ඔවුන් පැහැදිලි කරන්නේ මේ සදහා තොරතුරු තාක්ෂණයේ නෙක පොලා පැමීම් ක්‍රමානුකූලව මග සලස්මින් සිටියද පැමිනි වසංගත ත්වයතුලදී මිනිස් පැවැත්ම සදහා අනිවාර්ය වූ සධයක යක් වූ දුරස්ථ බව මේ බව ත්වරණයක කර දමන ලද බවකි. හදාරන්නන් යෝජනා කරන්නේ කාර්යාල භෞතික ආකෘතිය ඉලේක්ට්‍රොනික බවට වඩාත් මිත්‍ර වෙමින් ඉදිරියට පැමින ඇතුවාක් මෙන්ම සේවා කාල ආකෘතියද 9-5 වලින් ඉවතට චලනය ව්මින් වගකීම් හා  යුතුකම් ලෙසට ස්ථාවර වෙමින් තිබෙන බවයි. එලබෙන පරපුර මුල්ස්වභාවයෙන්ම The non-linear workdays  වලට තම අධායන  යුගයේ සිටම එකගව අවසන්. පුරුදුව අවසන් බවත්, ඔවුන්ගෙන් උපරිමය ලබා ගන්නටනම් ආයතනික ආකෘතිවලට සුසර වන්නට සිදුවීම අනිවාර්ය බවත් හදාරන්නන් පෙන්වා ද්මින් සිටිනවා.
Pubudu Siriwansa

ආරක්ශිත Gmail එකක් යවමු.

Email භාවිතාව දෛනික ජීවිතයේ අංගයක්ව අවසන්ය. ඒ සදහා වන තේරීම් අතර Gmail  වෙතට වන්නේ ඉහලම භාවිතාවකි. මේ වන විට ලොවපුරා millions ගනනක භාවිතාව ලබන්නට එය සමත්ව ඇත. Gmail  සදහා ඔබ භාවිතා කරන්නේ computer නැතිනම් Android smartphone කිනම් පරිසරයක් වුවත් එහි වන feature එකක් වන confidential mode අවධිකර ගැනීම ඔස්සේ ආරක්ශිත ඊමේලයක් යැවීමේ හැකියාව ඔබට ඇත. මේ ඔස්සේ ඔබ යවන emailය forwarded, copied, printed, downloaded හැකියාව අවසන් කර දමන්නට මෙන්ම expiration date එකක් සකසා තබන්නටද ඔබට අවස්ථාව ලැබෙනු ඇත. මෙම හැකියාව Gmail website හෝ app දෙයාකාරය සදහාම සුදානම් බවටයි ඔවුන් පවසන්නේ. මේ සදහා Gmail.com.> Compose(upper-left corner) > Toggle confidential mode  ඔස්සේ ඔබට හැකිය. එසේම SMS passcode option i එකක් ඔස්සේද වඩාත් ආරක්ශිත බවක් ගෙනෙන්නට මේ වන විට ඔබට අවස්ථාව ඇත.
Pubudu Siriwansa


 

Windows 11 සදහා 2023 ට feature updates තුනක්.

වසර 2022 සැලකීමේදී Microsoft සමාගම තම නවතම operating system එක වූ Windows 11 සදහා ප්‍රධාන යාවත්කාලීන දෙකක් නිකුත් කරන්නට කටයුතු කරන ලදී. එනම් September යේ පැමිනි "2022 Update" -version 22H2 - නිකුතුව හා September පැමිනි  "moment 1" ලෙසට ඒවා සටහන් විය. මේ වන විට Windows Central පවසන්නේ Windows 11 සදහා ප්‍රධාන යාවත්කාලීන තුනක් ගැන මේ වන විට තොරතුරු වන බවයි. මින් පලමු වැන්න  February / March 2023 කාලය තුලදී "moment 2" ලෙසටත් වසර මැදදී "moment 3" ලෙසට නිකුතුවක් හා "moment 4" වසර අවසානයේ දීද නිකුතුවකට සූදානම්  බවක් පල වෙමින් තිබෙනවා. මෙම සමස්ථ යාවත්කාලින පැමිනීම් වල දී වඩාත් ටැබ්ලට් මිත්‍ර බවක්, full-screen widgets බවක්, දියුනු කල energy efficiency බවක්, දියුනු කල දෘශ්‍ය මිත්‍ර බවක් ආදී බොහෝ නවතාවයන් ගැන මේ වන විට කරුණු හෙලි වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa 


 

2022 දී Windows සදහා 70 million හානිකර හඳුනාගෙන ඇත.

AV-TEST පැහැදිලි කරන්නේ ගෙවියන 2022 සැලකීමේදී නව හානිකර 70 million ක ප්‍රමානයක් Windows සදහා  හඳුනා ගන්නට හැකිව තිබෙන බවයි. macOS සදහා  මේ ආකාරයේ හානිකර 12,000ක්ද හඬුනා ගන්නට හැකිව තිබෙන බව පැහැදිලි කරන ඔවුන් malicious files පිලිබඳව සැලකීමේදී mac අවකාශයට සාපේක්ෂව Windows සදහා  5,000 ගුනයක් බවත් Linux සදහ අහඳුනා ගෙන ඇති හානිකර 2 million  සමග සැසදීමේදී Windows 60 ගුනයකයන් ඉදිරියෙන් සිටින බවත් පැහැදිලි කර සිටිනවා. මීට අමතරව ඔවුන් පවසන්නේ Windows සැලකීමේදී malware සහ PUA (potentially unwanted applications) වල පැමිනීම September වලසිට අඩුවීමක්ද තමන් හඳුනා ගත් බවයි.
Pubudu Siriwansa


 

2022-12-21

iPhone SE 4 පමවෙනු හෝ නිකුත් නොවනු ඇති බවට

Apple ආයතනය තම iPhone SE වල තෙවන සංස්කරනය නිකුත්කරනු ලැබුවේ  මාස කිහිපයකට පෙරය. එසේම  2024' දී SE වල හතරවන සංස්කරණය පිලිබඳවද කථා බහ ඇරබී තිබේ. එය 6.1-inch all-display design සමග iPhone XR වලට සමාන නිකුතුවක් වනු ඇති බවටත් Touch ID Home button වෙනුවට Face ID නැතිනම් Touch ID power button වලින් සමන්විතව පැමිනෙනු ඇති බවටත් අනාවැකි පලවෙමින් තිබුනා. කෙසේ වෙතත් මේ වන විට පලවන අදහස වන්නේ 2024 ට නියමිත iPhone SE සංස්කරණයේ නිකුතුව කල් යාමට හෝ සම්පූර්ණයෙන් නවතා දමන්නට එම ආයතනය කටයුතු කරණු ඇති බවයි. "iPhone SE 4" පිලිබඳව මෙසේ අදහස් පලකරන හදාරන්නෙකු යෝජනා කරන්නේ අධික වැය ඉදිරියේ සාර්ථක අළවියක් බලාපොරොත්තු විය නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුව වනු ඇති බවයි.
Pubudu Siriwansa


 

2022-12-20

Decentralized social media යුගය එලෙබෙමින් ඇත.

Decentralized social media platform යුගය එලෙබෙමින් ඇත. එම ආකාරයේ අවකාශයන්ගේ ප්‍රමුකයෙක් වන Mastodon පවසන්නේ October / November කාලය තුල තමන්ගේ මාසික භාවිතාකරන්නන් ප්‍රමානය  300,000  සිට 2.5 million දක්වා ඉහල ගිය බවකි. එම අවධිය Twitter අර්බුධ කාලය ලෙසටද  නම් කල හැක.  Twitter වල නව කලනාකාරීත්වය යම් ආකාරයක වෛරී බවක් පලකමින් තමන් විවේචනය කරන මෙන්ම තරගකාරී වන Twitter තොරතුරු ගෙනෙන ගිණුම් වසා දමන්නටද කටයුතු කරමින් සිටින බව පල වන අතර Mastodon වලට සම්බන්දිත ගිණුමක්ද වසා දමන්නට කටයුතු කර ඇති බව පලවෙනවා. හදාරන්නන් පවසන්නේ centralized platforms යුගය අවසන් වන්නට නියමිත බවයි. ඔවුන් යෝජනා කරන්නේ මැදිහත් කරුවෙකුගෙන් තොරව නව අවකාශ බිහිවෙමින් ඉදිරියට ලෝකයක් ඉදිවෙමින් ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwasa


 

Intel ගෙනෙන Real-Time Deepfake Detector හැකියාව.

තොරතුරු යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙසට ව්‍යාජයෙන් සත්‍ය වෙන් කර ගැනීමේ අවශ්‍යතාවය කැපී පෙනේ. විශේෂයෙන් වීඩිඅයොවක වැනි ක්ශනික විස්වාසනීය බව වඩවන  අවකාශය භාවිතය සුලබ වෙමින් හා නිර්මාණ්ය කිරීම සරල වෙමින් ඇති යුගයේදී තත්වය වඩාත් තීරනාත්මකය. Intel පවසන්නේ තම FakeCatcher system වලදී 96% ක නිවැරදී බවක් තිබෙන බවකි.  ඔවුනගේ තාක්ෂනික ගොඩ නැගීම සදහා මුහුනක blood flow වැනි ඉතා සියුම් කාරනා පවා උපයෝගී වන photoplethysmography වැනි තාක්ෂණයන් පවා භාවිතාවන අතර real-time සැලකීමේදී milliseconds වලදී කටයුතු කිරීම වඩාත් ආකර්ෂණීය බවක් ගෙනෙමින් තිබෙනවා.
Pubudu Siriwansa


 

Google වල mixed-language queries ඉදිරියට.

Google පවසන්නේ ඔබගේ උපභාෂාව Google Search වලට වඩාත් සම්බන්දිත කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවයි. එසේම Google වල voice search වලදී පවා mixed-language queries හඳුනා ගන්නට මේ වන විට දියුනු කරමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. India event වලදී වැඩි දුරටත් ඔවුන් පැහැදිලි කරන්නේ multilingual markets වලදී එක භාෂාවකට සීමා වනව වෙනුවට ආශ්‍රිත වෙනත් භාෂා සමග මුසුවූ ප්‍රථිපල වඩා ප්‍රායෝගික බවක් තම හඳුනා ගනිමින් සිටින බවත් ඉදිරියේදී Google තම cross-language search feature එක වඩාත් දියුනු කරන්නට කටයුතු කරමින් සිටින බවටත් පැහැදිලි කරනවා. දැනට Hindi speakers සදහා දියුනු කල මෙම හැකියාව ඉදිරියේදී එය ඔබගේ location අනූව පිරිනැමීම සදහා ලබන වසර වන විට Tamil, Telugu, Marathi, Bengali දක්වා දියුනු කරන්නට කටයුතු කර බවට පැවසා සිටිනවා.
Pubudu Siriwansa

 

Cybersecurity වෙළඳපොල ඉහලට.

හදාරන්නන් පවසන්නේ cybersecurity වෙළඳ පොල වසරින් වසර 15.9% ක වර්ධනයක් වාර්ථ කරමින් සිටින බවයි. Canalys ට අනූව පසුගිය quarter වල $17.8 billion ක අදායමක් වාර්ථා කලද සුළු හා මධ්‍යම පරිමාණයේ ආයතන වල නම් ඒසදහා වන වියදම පාලනය කිරීමක් දක්වනට ලැබෙන බවකි. එසේම ඔවුන් පූර්ව නිගමණය කරන්නේ එලබෙන මාස 12 තුලදීද subscription-based models වල සැලකිය යුතු ප්‍රගතියක් ලැබෙනු ඇති බවයි.එසේම ඔවුන් පවසන්නේ ප්‍රාදේශීයව සැලකන විට North America වලින් පමනක් $9.6 billion ක ආදායමක් එනම් සමස්ථ වෙළඳ පොලෙන් 53.8%ක් වාර්ථාකරමින් සිටින බවයි. 
Pubudu Siriwansa


 

Twitter බහුතරයක් Elon Musk ට අකමැතියි??

Twitter භාවිතාකරන්නන් ගෙන් 57.5% ක්ම Elon Musk හට Twitter ප්‍රධානී බවෙන් ඉවත්වන්නට කැමැත්ත පල කර ඇති බවටයි වාර්ථා වන්නේ. ප්‍රකට  Tesla / Space X වැනි අවකාශවල හිමිත්වය දරන Mr Musk විසින් $44bn කට පසිගියදා Twitter මිළඳී ගන්නට කටයුතු කරනු ලැබුවා. එසේම එම ආයතනයේ ප්‍රධානී ලෙසට එලබුනු සමහර තීර්න සමග දරුනු චෝදනා රාශියකටම මුහුන දෙන්නටද ඔහුට සිදුවූ අතර Twitter වල මේ පිලිබඳව විමසීමක් කරන්නටද කටයුතු කර තිබුනා. වාර්ථා පවසන්නේ 7.5 million භාවිතා කරන්නන් මේ සදහා අදහස් පලකර තිබූ අතර 42.5% ක් ඔහු ප්‍රධානී තනතුරෙන් ඉවත්වනවාට අකමැත්තද පලකර තිබෙනවා.
Pubudu Siriwansa


 

Prescriptions කියවීම පහසු කරවන්නට Google

සමහර විටකදී වෛද්‍යවරුන් නිකුත් කරන prescriptions කියවීමට අපහසු වීම බහුලව අත්දකින්නකි.  දැන් Google Lens app ඔස්සේ අදාල prescription එකේ picture  එකක් භාවිතයෙන්  Artificial Intelligence සහයද සමගින් දියුනු කල machine-learning model  එකක් සූදානම් බවට Google පවසනවා. Google පැහැදිලි කරන්නේ pharmacists ලාගේ සහය ඇතිව  medical practitioner නිකුත් කරන ලිඛිත instruction  කියවීම පහසු කරවීම මෙහි අරමුන බවටයි India event වලදී එම ආයතනය පැහැදිලි කර සිටියේ.
Pubudu Siriwansa


 

2022-12-18

Gmail සදහා ඉදිරියේදී end-to-end encryption බව.

Google පවසන්නේ තම Gmail (web) සඳහා end-to-end encryption (E2EE) හැකියාව ගෙන ඒම ආරම්භ කර ඇති බවයි. පලමුවෙන්  Google Workspace users ලා සඳහා  encrypted emails හැකියාව ඔවුන්ගේ domain තුල මෙන්ම පිටත සදහා සූදනම් බවයි. දැනටමත් ඔවුන්ගේ Google Drive, Google Docs, Sheets, Slides, Google Meet, Google Calendar (beta) සදහා මෙම සේවාව ලබා දී තිබෙනවා. Google පැහැදිලි කරන්නේ Workspace Client-side encryption (CSE) වලදී භාවිතාකරන්නාගේ browser වලදීම content encryption ආරම්භ වන නිසා Google servers වලට අදාල තොරතුරු නොලැබෙන බවයි. දැනට මෙම සේවාව Google Workspace වල සීමිත පිරිසක් සදහා Gmail E2EE beta මට්ටමින් මුදා හරිමින් සිටින අතර  අනාගතයේ සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා.
Pubudu Siriwansa


 

Google Maps වල ඔබේ නිවස blur කරන්නට ...

කිසිදු තර්කයකින් තොරව GOOGLE Maps මහත් පහසුවකි. අතිබහුතරයක් ජීවිතයේ එක් වතාවක් හෝ මෙයින් තීරනාත්මක ප්‍රයෝජන ගෙන නැතැයි පැවසිය නොහැකි තරම් එය පහසුවකි.  Street View  වල වන මහත් පහසුව මෙන්ම සමහර විටක කලාතිරකින් හෝ ගැටළු සහගතද විය හැක.  සමහර විටක එය ඔබේ privacy යට අභියෝගයක් වන්නටද හැක. සයිබර් අපරාධ කරුවන් ගොඩ නැගිල්ලක වන  CCTV cameras වැනි ආරක්ෂක සැකසුම් හඳුනා ගන්නටත් මේවා භාවිතාකල හැක. මේ නිසාම Tony Blair, Sir Paul McCartney  වැනි බොහෝ ප්‍රකට පුදගලයින්ගේ සිට බොහෝ අය තමන්ගේ home හෝ වෙනත් ස්ථාන blur කර දමන්නටද කටයුතු කරනු ලැබේ. මේ සදහා desktop computer එකකින්  maps.google.com  වෙතට ගොස් home address වලින් අදාල තැන ‍තෝරා ( maps.google.com > home (on the left) > Report a problem > Adjust  red box >  Use + and - to zoom in and out / scroll with your mouse > Select My home වලට පසුව Google විසින් තහවුරුව සදහා අසන ප්‍රශ්න කිහ්පයකට පිලිතුරු දිමෙන් පසුව හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

Ukraine වෙතට Trojanized Windows 10 Installer ප්‍රහාර.



නවතම වාර්තාවක් පවසන්නේ Ukraine වෙතට Windows 10 වල trojanized වූ  installer files  සංසරනය ආකාරයේ පහරදීමකට මුහුන දෙමින් සිටින බවයි. පසුගිය කාලයේ  "socially engineered supply chain"  පහර දීමක් මෙන්ම malicious ISO files  ආකාරයේ හානිකර උත්සාහයන් පිලිබන්දවද බහුලවම තොරතුරු පල වෙමින් තිබිනි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම malware හරහා තොරතුරු ‍රැස්කිරීම්ද බහුලව ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ ආයතනෛක මට්ටමේ ආසාධිත පරිගණක පද්ධති පිලිබඳව වැඩි අවධානයකින් කටයුතු කරමින් සිටින බවයි. එසේම automatic updates හ license verification තොරතුරු වලකාලන්නටද එම හානිකර කටයුතු කරන බවට පැහැදිලි කර සිටිනවා.

Pubudu Siriwansa 

 

Cybercriminals අවධානය gaming හා virtual reality දෙසට.

2013 පිලිබඳ වන අනාවැකි අතර සයිබර් අපරාධකරුවන් අතර වැඩි අවධානයක් gamers හා metaverse වල ප්‍රමුකතා වෙතට යොමුවනු ඇති බවට බලාපොරොත්තුවෙමින් තිබෙනවා. Kaspersky පෙන්වා දෙන්නේ සාම්ප්‍රධායික email phishing මෙන්ම social media scams වලට මේ වන විට වැඩි අවධානයක් යොමුව තිබීම අඩුවෙමින් පවතින්නේ භාවිතාකරන්නන් මෙන්ම ඒම සේවා සපයන ආයතනයන් වැඩි අවධානයකින් අනතුරු වලක්වා ගන්නට කටයුතු කරමින් සිටීම නිසා මෙන්ම වේගයෙන්  වර්ධණය වෙමින් ඇති gaming platforms හා virtual reality වල දුර්වලතා ඔවුන්ගේ වැඩි අවධානයක් දිනා ගනු ඇති බවට බලාපොරොත්තු වෙමින් සිටිනවා. එසේම පෙර කී platforms වල ආරක්ෂාව පිලිබන්දව අවධානය එතරම් විධිමත් තත්වයක නැතිවීමද හේතුවක් වනු ඇති බවටයි කරුණු පල වන්නේ.
Pubudu Siriwansa


 

2022-12-17

Windows 10 වල 20H2 සිට ගැටළු බවක්.

Microsoft තහවුරු කර සිටිනවා සමහර Windows 10 භාවිතාකරන්නන් සදහා ගැටළු කිහිපයක් අත්දකිමින් සිටින බව. ඔවුන් පවසන්නේ visual glitches හා system stability තත්වයන් තමන් හඳුනා ගෙන ඇති බවත් ඉදිරි updates වලදී පිලිසකර සූදානම් වෙමින් ඇති බවත්ය. Microsoft පවසන්නේ  restart කිරීම සමහර අවස්ථාවලදී විසඳුමක් විය හැකි අතර Known Issue Rollback feature හරහාද ගැටළුව විසඳා ගන්නට සහයක් වනු ඇති බවයි. මෙය Windows 10 20H2 වල සිට ඉහලට බලපාමින් ඇති බවත් ස්ථාවර bugfix එකක් අනාගත cumulative updates සමග එන්නට නියමිත බවත්ය.
Pubudu Siriwansa


 

Windows 11 22H2 වල වූ gaming performance ගැටළුව..

Microsoft පවසන්නේ ආසන්නතම  Windows 11 සංස්කරනය සමග වූ GPU performance  ගැටළුව පරිගණක ක්‍රිඩා ප්‍රියකරන්නන් සදහා ගැටළු සහගත වූ බව හඳුනා ගත් බවත් ඒ නිසාම Windows 11 22H2 සංස්කරණය upgrade block කිරීමකට ලක් කර තිබූ බවත් මේ වන විට ගැටළුව පිලිසකර කර ඇති නිසා නවතම cumulative updates එනම් December 14, 2022. KB5020044 වෙතට දැන් පිවිසෙන්නට හැකි බවත්ය. පෙර නිකුතුවක මට්ටමේ සිට සාමාන්‍ය නිකුතුවක මට්ටමට නව අංග කිහිපයක්ද සමග ගෙනැවිත් ඇති Windows 11 22H2 or 2022 Update සංකරණය fixes වලට අමතරව gaming improvements වලින්ද සමන්විතව වන බවටයි ඔවුන් නිවේදනය කරන්නේ.
Pubudu Siriwansa


 

Internet Explorer 11 සමුගැනීමට සූදානම්.

මේ වන විට Microsoft නිවේදනය කරන්නේ Internet Explorer 11 desktop web browser සදහා February 14, 2023 පැමිනෙන්නට නියමිත යවත්කාලීනයක් විසින් සමහර භාවිතාකරන්නන් සදහා permanently disable වන්නට නියමිත බවයි. මෙය Microsoft Edge update එකක් ඔස්සේ සිදුවන්නට නියමිතව තිබෙනවා. මීට පෙට ඔවුන් පවසා සිටියේ එය Windows update එකක් ඔස්සේ සිදුවන්නට නියමිත බවයි. එසේම Organizations මට්ටමේදී නිකුත්වීමට නියමිත plug on එකක් හරහා බිඳ වැටීමකින් තොරව තම භාවිතාව ඉදියට ගෙනයන්නට හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. එම ආයතනය පැහැදිලි කරන්නේ Internet Explorer සම්පූර්ණයෙන් ඉවත්වීම May 23, 2023 පැමිනෙන්නට නියමිත non-security update එකක් ඔස්සේ සිදුවන්නට නියමිත අතර Visual references—icons on the Start Menu ,taskbar— ආදිය එතෙක්  වනු ඇති බවට පැහැදිලි කරනවා. එසේම Microsoft Edge වෙතටද Windows 7, 8,  8.1 i සදහා සහය දැක්වීම January 2023 වලදී අවසන් වන්නටයි දැනට සැලසුම්ව ඇත්තේ.
Pubudu Siriwansa


 

2022-12-16

Edge Canary වල VPN සීමාව 15GB දක්වා ඉහලට.

Microsoft පවසන්නේ තම Edge VPN ( Canary ) වලදී මුලදී පවසා සිටි නොමිළේ ලබා දෙන Data ප්‍රමානය 15GB දක්වා ඉහල දමා ඇති බවයි.  පසුගිය සැප්තැන්බරයේ මුලින්ම නිවේදනය වූ Cloudflare සමග ගෙනෙන මෙම හැකියාව දැනට Microsoft Edge වල Canary channel සමග වන අතර ක්‍රමානුකූලව භාවිතාකරන්නන් සදහා මුදා හරිමින් සිටින සේවාවකි.  Edge Canar වල  v110.0.1563.0 සංස්කරනයේදී මෙම සීමා දිගුව පැමින ඇති අතර Microsoft Account (MSA) එක හරහා මෙම Microsoft Edge Canary බාගත කරගන්නට හැකිවන අතර එහි settings වල Privacy, search, and services හරහා සංක්‍රියකරගන්නට හැකිවනු ඇත.තවමත් testing මට්ටමේ ඇති preview feature වන මෙයත් සමග ඔබට මුදල් ගෙවීමකින් තොරව ආරක්ෂිත වෙබ් සැරියක් ගෙනෙන්නට පොරොන්ඳු වෙමින් සිටී.
Pubudu Siriwansa


 

Windows 11 සමග voice access හැකියාව

Windows 11 සමග වන ගැටළු රාශියක් සදහාම පිලිසකර දැනටමත් පෙර සංස්කරන සමග පැමින තිබෙනවා. විශේෂයෙන්ම large files හුවමාරුවේදී  networks මෙන්ම local files  මට්ටමේදීද අත්දකිමින් තිබූ වෙගය අඩුවීමේ ගැටළුවට ද මේ වන විට පෙර සංස්කරනයකදී පිලිසකර නිකුත්ව තිබෙනවා. පසුව මෙය kernel මට්ටමේ bug එකක් ලෙසටද හඳුනා ගැනුනා. හදාරන්නන් පවසන්නේ Windows 11 එලබෙන සංස්කරන සමග voice access මිත්‍ර බවක් පෙන්වමින් තිබෙන බවයි. එසේම taskbar වල සිටම Search හැකියාවද මේ වන විට හොඳින් සම්බන්ද කරන්නට ඔවුන් කටයුතු කර ඇති බවට කරුණු හෙලිවෙමින් තිබෙනවා, හදාරන්නන් පෙන්වා දෙන්නේ Voice access හැකියාව UI controls මට්ටමින් වඩාත් නම්‍ය කර ඇති බවයි හෙලිවන්නේ.
Pubudu Siriwansa


 

Microsoft Defender මෙවර Win 11 සමග ඉහලට.

ඔවුන් පවසන්නේ මෙවන AV-TES සදහා පලමු වතාවට Windows 11 ද test platform එකක් ලෙසට මේවර භාවිතාකර ඇති බවයි. Microsoft Defender මෙවන නව තොරතුරු සමග AV-TEST වලදී යලිත් ඉහලට එන්නට සමත්ව තිබෙනවා. එම ගනනයේදී සමස්ථ එකතුව 18 points වන අතර Protection, Performance, Usability යන ආකාරවලට එක් අංගයක් සදහා උපරිමය 6කට යටත්ව ගනනයක යෙදෙනු ලබනවා.  AV-TEST වල පසුගිය ගනනයේදී Microsoft Defender පසුබෑමකට ලක්ව තිබූ අතර මෙවර 6.5.6 ලෙසට ලබමින් යලිත් ඉදිරියට පැමිනෙ අතිබෙනවා.
Pubudu Siriwansa


 

Instagram වල නව 'instagram.com/hacked' සහය පි‍ටුවක්

Instagram විසින් නව 'instagram.com/hacked' සහය පි‍ටුවක් Online කර තිබෙනවා. භාවිතාකරන්නන්ගේ accounts secure බව මූලික වන මෙම පහසුව සමග ඔවුනට තම ගිනුමට ඇති වන ගැටළු මෙන්ම ඒවා විසඳා ගන්නට සහය ලබා ගන්නට හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. තම ගිනුම hacked වීමක්, password අමතක වීමක්, two-factor authentication අසමත්වීමක්, account disabled තත්වයකදී පවා පියවරෙන් පියවර ඒවා විසඳා ගන්නට අවශ්‍ය සහය  මෙහිදී ලබා ගන්නට හැකි වනවා ඇත. එසේම Login ගැටළුවකදී තම මිතුරෙකු හරහා verify හැකියාව ද වනවා. මීට අමතරව ස්වක්‍රීයවම malicious ගිනුම් හඳුනා ගන්නත් හැකියාවක් ගෙනැවිත් ඇති අතර Instagram වල verified badges සමග හඳුන අගැනීමේ හැකියාවත් දියුනු කර තිබෙනවා.
Pubudu Siriwansa


 

2022-12-15

Skype වල calls translation සදහා "TruVoice" හැකියාව.

Microsoft නිවේදනය කරන්නේ නවතම  Skype update වලින් පසුව your personal voice (TruVoice) හැකියාව real-time translation ලෙසට  video calls සදහා සූදානම් බවයි. මේ අනූව මින් පසුව robotic voices මග හැර අන් භාෂාවකින් තවකෙකු සමග කථාබස් කිරීමේ හැකියාව ලැබේ. AI වලින් බල ගැන්වෙන  නව හැකියාව සමග Skype Translator හැකියාව ඔබේ හඬ samples සමග ඔබ නොදන්නා භාෂාවක් සමග වුවත් human-like conversation එකකට මග කියනු ඇත.දැනට මෙම පහසුව English, Spanish, French, German, Chinese, වලින් වන අතර one-to-one calls සදහා පමනක් සූදානම්ව ඇති අතර එලබෙන කාලයේදී group calls / Telephony සදහාද සූදානම් කරන්නට කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa


 

‘Booter’/‘Stresser' සේවා වෙබ් අඩවි ‍රැසක් බිඳ දමයි.

FBI විසින් ‘Booter’ / ‘Stresser' ලෙසට පෙනී සිටිමින් denial of service attacks නැතිනම් DDoS ආකාරයේ ප්‍රහාර සදහා platforms ලෙසට ක්‍රියාත්මක වූ domains 48ක් බඳ දමන්නට කටයුතු කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ legitimate ආකාරයේ සේවාවක් ලෙසට පෙනී සිටිමින් testing හෝ reliability බව තහවුරු කර ගැනීම සදහා web services හෝ servers වලට සහය වන මුවාවෙන් cryptocurrency ආකාරයේ ගෙවීම් ඔස්සේ ඔනෑම අයෙකුට ඔනෑම සර්වරයකට හෝ වෙබ් අඩවියකට එරෙහිව මෙම සේවාව ලබා ගැනීමේ හැකියා තිබූ බවයි. එසේම මෙම stressor/booter sites මෙහෙයවමින්  සිට පුද්ගලයින් හයකට අදික පිරිසක් අත්වඩංගුවට ගන්නටද ඔවුන් කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa


 

SmartScreen දුර්වලතාවයක් පිලිසකර වේ.

Microsoft පවසන්නේ තම SmartScreen security අංගයේහි වූ security vulnerability එකක් ඔස්සේ සයිබර් අපරාධකරුවන් ransomware හා Qbot malware හානිකර පතුරවමින් සිටි මගක් පිලිසකර කරන්නට තමන් කටයුතු කල බවයි. මෙහිදී පහර දෙන්නන් malicious ආකාරයේ JavaScript files භාවිතාකරමින් malicious website ආකාරයට, url file ආකාරයට තම උත්සාහය දියත් කරන බවටයි පැහැදිලි කර සිටින්නේ. එම ආයතනය December 2022 Patch Tuesday වලදී මෙම zero-day ආකාරයේ හානිකර අවස්ථාව පිලිසකර කරන්නට කටයුතු කර ඇති බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa


 

YouTube වල හානිකර comments වලට වැටක්.

Google නිවේදනය කරන්නේ YouTube වෙතට පැමිනෙන negative comments වලට අනතුරු ඇගවීම් යාන්ත්‍රනයක් තමන් ගෙනවිත් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ පලමුව අනතුරු ඇගවීමක් කරන අතර භාවිතා කරන්නා දිගින්  දිගටම එම bad behavior එක පවත්වා ගෙන යන්නේ නම් ඒවා ඉවත් කරන්නටත් ඉන් අනතුරුවත් තත්වය සමනය නොවන්නේනම් කෙටිකලකට posting comments  මට්ටමකට භාවිතාකරන්නා තබන්නටත් එම යාන්ත්‍රනය කටයුතු කරන බවයි. දැනට English comments වලට පමනක් සීමා වනමෙම සේවාව අනෙකුත් භාෂා සදහාද දියුනු කරන බවට පවසන එම ආයතනය ඊට අමතරව තම spam detection යාන්ත්‍රනයද සාර්ථක බව පවසන අතර එය 2022 පලමු භාගයේ පමනක් 1.1 billion spammy comments ඉවත් කරන්නට සමත්වූ බවට පවසනවා.
Pubudu Siriwansa


 

Dark web එක වඩ වඩාත් darker වෙමින් ඇති බව

හදාරන්නන් තත්වය විග්‍රහ අරන්නේ  dark web එක වඩ වඩාත් darker වෙමින් ඇති බව පවසමිනි. ඔවුන් පැහැදිලි කරන්නේ illegal cybercrime markets වල අළවියට තබා ඇති malware, phishing, ransomware වැනි tools වල සංක්‍යාව වැඩි වෙමින් තිබෙන බවය. Ransomware groups  විසින් ඩොලර් මිනියන ගනනක් උපයමින් සිටින බවට ඔවුන් පෙන්වා දෙමින් සිටිනවා. 2022 දී පමනක් හදාරන්නන් ransomware code පමනක් පි‍ටු 475ක් පමන හඳුනාගෙන තිබෙනවා. එසේම ඔවුන් පවසන්නේ වඩ වඩාත්  hacking experience අඩු පිරිස් අතටද මෙම හානිකර පත්වීම ද දක්නට ලැබෙන බවයි. සමහර විටක මෙම හානිකර subscription packages ලෙසට වන අතර ඒවා instructions පමනක් නොව  tech support ආදී අමතර පහසුව්කම් වලින්ද සමන්විතව කරන්නට සයිබර් අපරාධ කරුවන් කටයුතු කරමින් සිටින බවට හෙලි කර සිටිනවා. අද වන විට අපරාධක කරුවෙකුට phishing නැතිනම් brute-force attacks වැනි ආකාර වලින් compromised credentials අත්පත් කර ගන්නවාට වඩා පහසුවෙන් ඒවා මිළ ඳී ගැනීමේ හැකියාවක් පවතින බවටයි හෙලි කර සිටින්නේ.
Pubudu Siriwansa


 

2022-12-14

Apple ද third-party apps වලට ඉඩ.

Apple  ආයතනය තම macOS / iOS සදහා මෙතෙක් කල් පවත්වාගෙන එමින් තිබූ තම මෘදුකාංග පිලිබඳව ප්‍රතිපත්තිය වෙනස් කරන්නට තීර්නය කර තිබෙනවා. European Union's Digital Markets Act  වලටද එකග වෙමින් ඔවුන් නිවේදනය කරන්නේ third-party app stores වලට මෙන්ම iOS sideloading apps වලට තම ප්‍රමිතීන් වලට එකගව තම මෙහෙයුම් පද්ධති සමග කටයුතු කරන්නට අවස්ථාව ඇති බවයි. ඔවුන් පවසන්නේ 30 percent fees මෙන්ම  security requirements සපුරාලමින් එම මෘදුකාංග කොටස් සූදානම්ව තිබීම අනිවාර්ය වන බවයි. එසේම තම ගැබුරින් වන සමහර තාක්ෂණයන් සමගද කටයුතු කරන්න අවස්ථාව ලබාදෙන්නටද ඔවුන් තීර්නය කර ඇති බවටයි හෙලි වෙන්නේ. Microsoft ද තම 11 සංස්කරනය සමග තෙවන පාර්ශව Apps වලට අවස්ථාව දීම පසුගිය කාලයේ සිට ආරම්භ කර තිබුනා. Apple ආයතනයේ මෙම නව පියවරයන්  2023 දී එන්නට නියමිත  iOS 17 සමග සිදුවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa

ස්ථාවර වෙමින් ඇති Digital Economyය.

Global Findex 2021 වල තොරතුරු වලට අනූව 2011 වන විට 51% ක්ද 2017 වන විට 68%ක් ද මේ වන විට 76% ක් ද ලෙසට වැඩි හිටි ජනගහනය බැංකුවක් ප්‍රමුක කිසියම් වාණිජ ගනුදෙනු මිතර ආයතනයක් සමග කටයුතු කරන බවටයි ගනනය වන්නේ. විශේෂයෙන් මෙම පොලා පැනීමට Covid-19 pandemic ප්‍රබල හේතුවක්ද වන්නට ඇත. සමස්ථයක්ලෙසට digital economy වල මෙම ඉහලට පැමිනීම සදහා එම ආයතනයන් තාක්ෂණික ලෙසට මෙන්ම ආරක්ෂිත ලෙසට සපයන සහය ගැන දෛනිකව අලුත්වීමේ අවශ්‍යතාවය කැපී පෙනෙන බවටයි යෝජනා වෙමින් ඇත්තේ. හදාරන්නන් පවසන්නේ ඔවුන් payment services සදහා වන ආරක්ෂිත බව මෙන්ම විස්වාසනීය බව ප්‍රධාන සාධකයන් වෙමින් තිබෙන බවයි. එසේම අනෙත් අන්තයෙන් එම ආයතනයන් විසින් I මෙන්ම machine learning වැනි ආකාර ඔස්සේ තම සේවාවන් වඩාත් කාර්යක්ෂම කර ගැනීම වැදගත් බවකි. ගනුදෙනුවකට පිවිසෙන්නා ගැන තහවුරුවේ සිට කෙටියෙන් හා ආරක්ෂිතව ගනුදෙනුව අවසන් කිරීම දක්වා වන නෙක පහසුකම් වේගයෙන් දියුනු වෙමින් ඇති බවටයි පෙන්වා දෙමින් ඇත්තේ. එලබෙමින් ඇති 5G යුගය සමග තව තවත් ස්ථාවර වන mobile-first, digital-first ecosystem එක ගැන වන අවධානයේ වැදගත් කම කැපී පෙනෙමින් ඇති බවටයි අවධාරනය වන්නේ.
Pubudu Siriwansa


 

iPadOS 15.7.2 නිකුතුවක්ද සිදුවේ.

Apple පවසන්නේ තම iOS 16.2 යාවත්කාලීනයට සමාන්තරව iPadOS 15.7.2 නිකුතුවක්ද ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවකි.  මෙම 15.7 සහ 15.7.1 නිකුත් කරමින් ඔවුන් පවසන්නේ තම අදාල උපාංග භාවිතාකරන්නන් අතරින් iOS 16 වෙතට යාමට අකමැති හෝ යාමට නොහැකි උපාංග වෙතට iOS 16.2 security patches  ගෙන ඒම තම ප්‍රමුකථාවය බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් පවසන්නේ නව iPhones භාවිතාකරන්නන් නව  security patches වෙතට යාමට iOS 16.2 අනුවාර්ය වන මුත් තවමත් iPadOS 15 භාවිතාකරන්නෙකුට 15.7.2 update වෙතට යාමට හැකි වන බවයි. Apple ආයතනය පසුග්ය වසරේදී iOS 15 නිකුතුවට සමාන්තරව iOS 14 සදහාද කෙටිකාලයක් යවත්කාලීන කරනු ලැබුවා.
Pubudu Siriwansa


 

යලිත් Microsoft digital certificates ගැටළුවක්.

Microsoft නැවතත් තම භාවිතාකරන්නන් වෙතට නිවේදනය කර සිටින්නේ නවතම Windows updates වෙතට පිවිසීමත්, anti-virus හා endpoint detection products යාවත්කාලීනව තබා ගන්නට කටයුතු කර ලෙසයි. ඔවුන් එසේ නිවේදනය කර සිටින්නේ නැවත වරක් ඔවුන්ගේ legitimate digital certificates භාවිතා කරමින් malware කිහිපයක්ම security checks පසුකරන්නට සමත්ව ඇති බවට කරුනු පලවීමත් සමගයි. හදාරන්නන් මෙසේ කටයුතු කරන ආයතන 9ක් ගැන හෙලිකිරීමෙන් පසුව මෙම දැනුවත්කිරීමත්, මේවර මාසික යාත්කාලීනය ඔස්සේ එම දුර්වලතා සදහා පිලිසකර නිකුතුවටත් ඔවුන් කටයුතු කරන බවටයි නිවේදනය වන්නේ.
    බොහෝ drivers කෙලින්ම kernel ය සමග කටයුතු කරන නිසා digitally signed බවකින් ඒවා සුරක්ෂිත කරන්නට කටයුතු කරන අතර එසේ නොවන driver මගහරින්නට  Windows කටයුතු කිරීම සාමාන්‍ය පිලිවල වනවා. එසේම third-party security products වලට හානිකර බවක් ගැන සැකකරන්නට මෙම සහතික වීම අහිමිවීම හේතුවනවා. මීට අමතරව Microsoft ආයතනය Windows Hardware Compatibility Program ඔස්සේද driver සදහා compatibility තහවුරුවක් ලබා ගන්නට කටයුතු කරනවා.
Pubudu Siriwansa


 

iOS 16.2 නිකුත්වේ.

Apple වෙතින් නිවේදනය වන්නේ iOS 16.2 සංස්කරනය මුදා හැරෙමින් තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Karaoke mode, Freeform app, encrypted iCloud backups, better AOD හා තවත් අංගයන් සමග වන නව සංස්කරනය සමග අනවාංග කිහිපයක් මෙන්ම දියුනු කිරීම් රාශියක්ම පැමින ඇති බවටත් සහය දක්වන Apple උආංග සදහා බාගත කර ගැනීමේ හැකියාව මේ වන විට පවතින බවටත් පවසා සිටිනවා. ඔබට iOS 16.2  සංස්කරනය අදාල උපාංගයේ  Settings > General > Software Update ඔස්සේ පිවිස බාගත කරගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa


 

2022-12-13

Meta වලට නව Content Moderation Tool එකක්

Meta විසින් නව Content Moderation Tool එකක් මුදාහැර තිබෙනවා. open-sourceආකාරයේ tool එකක් වන මෙයින් terrorist හා violent ආකාරයේ content පිලිබඳව විමසනු ඇත.  Hasher-Matcher-Actioner (HMA)  ලෙසට නම් වන මෙයින්  images හෝ  videos වලට flag කරන්නට කටයුතු කරනු ඇති අතර මෙය human reviewers වලට විකල්පයක් ලෙසට කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa


 

Windows 10 version 21H1 සහය අවසානය.

Microsoft පවසන්නේ Windows 10 version 21H1 සදහා සහය දැක්වීම මේ මස Patch Tuesday යාවත්කාලීනයෙන් අවසන් බවයි. පසුගිය  May 2021 Update වලින් ඇරබුනු මෙම සංස්කරනය සදහා ඉදිරියේදී cumulative updates / bugfixes / security patches නොපැමිනෙනු ඇති බවටයි නිවේදනය වන්නේ. Windows 10 21H1සදහා මාස 18ක්  සහය දැක්වීම සිදුකෙරෙනු අතර ඊටසුව පැමිනි 21H2 සදහා සහය දැක්වීම June 13, 2023 වනු ඇති බවට ද නිවේදනය කර සිටිනවා. මීට අමතරව January 2023 වන විට Windows 7 හා Windows 8.1 සදහාද සහය අවසන් වීමට නියමිතය.
Pubudu Siriwansa


 

සැම තිදෙනෙක්ගෙන්ම එක් අයෙක් data breach අනතුරක??

Thales පවසන්නේ ලොවපුරා සැලකීමේදී භාඅවිතා කරන්නන්ගෙන් තුනෙන් එකක් පමන යම් ආකාරයක personal data අන්සතුවීමකට මුහුන දෙමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මින් 82%ක් පමන යම් ආකාරයක නරක බලපෑමකට මේ තුලින් ලක් වන බව හා ඔවුන් යම් ප්‍රමානයක හෝ identity theft  මට්ටමේ අනතුරක සිටින බවයි. එසේම එම හෑදෑරුම් වාර්ථාවලට අනූව 82% ක් පමන එම අදාල online digital service providers  විසින් තමන්ව සුරක්ෂිත කරන බවට විස්වාස කරමින් සිටින බවටත් පවසා සිටිනවා. සහභාගී වූවන්ගෙන් 54% පමන තම ආරක්ෂාව සදහා encryption මෙන්ම two-factor authentication වැනි උපංක්‍රම භාවිතා කල යුතු බවට පවසන අතර 21%ක් පමන සැකසහිත ආයතන අත්හැර දමන බවත් 42% පමන තම දත්ත මකා දමන්නට ඉල්ලා සිටින බවටත් පවසනවා. එසේම financial sector  වලදී 42% විස්වාසයක් දකින බවත්, healthcare වලදී 27% ක්ද, consumer technology වලදී 32% විස්වාසය තබන බවත්, Media and entertainment වලදී විස්වාසය තැබීම 12% අඩු ප්‍රමානයක් ගන්නා බවත් පවසා සිටිනවා.
Pubudu Siriwansa


 

Outlook වෙතට chat feature

 Microsoft පවසන්නේ තම Outlook වෙතට chat feature ගෙන ඒමට තමන් කටයුතු කරමින් සිටින් බවයි. එපමනක් නොව Outlook වලට meeting-style ආකාරයේ  video conferencing හැකියාවද සූදානම් වෙමින් ඇති බවටත් හෙලි වෙමින් තිබෙනවා. මේ අනූව "Outlook meetings" වලදී  Microsoft Teams වලට නොගොස්  quick message එකක් යවන්නට මෙන්ම chat වෙතට පිවිසෙන්නට හැකිවනවා ඇත.
Pubudu Siriwansa


 

Twitter වෙනස් කම් රාශියක් පසුකරමින් සිටී

Twitter වෙනස් කම් රාශියක් පසුකරමින් සිටී.  අලුතම පුවත වන්නේ ඔවුන් Trust and Safety Council එක විසුරවා හරින්නට තීර්නය කර ඇති බවය. Twitter නම් social media company ය 2016 දී පමන මෙම Trust and Safety Council එක පිහිටවන්නේ hate speech, self-harm, suicide, child exploitation, වැනි තත්වයන් සමග සාර්ථකව කටයුතු කරන්නට මගපෙන්වීමක් ලෙසටය. පසුගිය දිනක එම කන්ඩායමේ සුපුරුදු හමුවකට පැය කිහිපයකට පෙර Twitter වෙතින් දැනුම් දී ඇත්තේ අදාල කාරනාවන් ඉෂ්ඨකර දෙන්නට එම ආකෘතිය අසමත් බව පවසමින් මෙම විසුරවා හැරීම කර ඇත. මේ වන විට Twitter පවසන්නේ තම blue checkmark එක  subscribe වීමකට අදාල කාරනයක් පමනක් වන බවයි. එයින් කියවෙන්නේ verified බව මිස notable figure එකක් නොවන හැටියට මේ වන විට අර්ථ දක්වා තිබෙනවා. Twitter වල original checkmark එක පැමිනියේ authenticate කරනලද high-profile සදහාය.
Pubudu Siriwansa


 

Home Network 03

Routerය ඔබව අන්තර්ජාලය මතට සම්බන්ඳ කරන්නාවේ. නැතිනම් ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා සතුව ඇති අන්තර්ජාල සම්බන්දතාවයට ඔබව ගෙන යන්නාවේ. එසේත් නැතිනම් ඔබට IP ලිපිනයක් ලබා දෙන්නාවේ. අන්තර්ජාලය වෙතට වෙනම පිලිනයක් සපයාගැනීම ඔස්සේ ඔබට ISP ගේ ජාලය ඔස්සේ අන්තර්ජාලයට යා වීමට හැකි වනු ඇත. මෙම unique IP එක IPv4 හෝ IPv6 දෙයාකාරයකට වන අතර පලමු සංස්කරනේදී වන ධාරිතාව මදි වන විට දෙවන ආකාරය භාවිතයට පැමිනීම සිදුවිය. මෙම ලිපින වෙන්වීම සරලව පහදන්නේ ISP සතු IP pool එකෙන් එකක් ඔබ වෙතට වෙන්වීම ලෙසටය. අද වන විට සැම විධිමත් rouret එකක් ම පාහේ Built In Firewall එකක් සංයුත්තව පැමින තිබීම ඉතා වැදගත් වන්නේ බාහිර පාර්ශවයකට අනවසර ලෙසට ඔබගේ Home Network එකට එබී බලන්නට ඉඩ නොතබන බැවිනි.
Pubudu Siriwansa


 

Home Network 02

ඔබ වෙනම මිළඳී ගැනීමකින් හෝ අන්තර්ජාල සේවා ලබා ගන්නා ISP වෙතින් ලැබන් ප්‍රධාන උපාංගය වන්නේ router එක වේ. මේ කාලයේදී එය අනිවාර්යෙන් WiFi ආකාරයේ එකක් වනු ඇත. පලමු කොටම එය ඔබගේ නිවස හා අන්තර්ජාලය සමග සම්බන්ඳ කරන්නා වේ. ‍රැහැන් ආකාරයට හෝ ‍රැහැන් රහිත ආකාරයට මේ සබඳතාවය එය ඔබ වෙතට ගෙන එනු ඇත. අදල ආයතනය සමග සේවාව ලබා ගැනීමේදී ගිවිස ගන්නා වේගයකට යටත්ව, දත්ත ප්‍රමානයකට යටත්ව බොහෝ විට මාසයක් වැනි කාලයක් තුලදී භුක්ති විඳින්නට මෙම දත්ත ප්‍රමානය ඔබට ලැබේ. එසේම ප්‍රධාන දත්ත ගොනුවට අමතරව තව දුරටත් පොදු ආකාරයට , වෙන වෙනම් වෙබ් සේවාවලට අදාලව, කාල ප්‍රමාන අනූව අමතර දත්ත ගොනුද එම සේවා දායකයාගෙන්ම අමතර ගෙවීමකින් ලබා ගන්නට හැකි විය හැකි අතර සමහර විටක දිරි ගැන්වීම්  ලෙසට නොමිළේ දත්ත ප්‍රමානවල් පිරිනමන්නටද සමහර විටක ඔවුන් ක්‍රියා කරයි.
      Router එක ඔබ ගේ උපාංග සදහා අන්තර්ජාල සේවාව ගෙනෙනවා සේම ඒ ඔස්සේ නිවසේ හෝ කාර්යාලයේ උපාංග ගොනුව අතර network එකක් සූදානම් කර දෙන්නටද ක්‍රියා කරනු ඇත. එහිදී එම උපාංග අතර ගොනු හුවමාරුවට, සැකසුම් හුවමාරුවට පමනක් නොව විටක එකක් ඔස්සේ අනෙක පාලනයට වැනි අවස්ථාද ‍රැගෙන එනු ඇත. සමස්ථයක් ලෙසට ආරක්ශිත මට්ටමින් නවීන router එකක් මෙන්ම සම්බඳ කරන උපාංග හොඳ දෘඩාංග, මෘදුකාංග මට්ටමක තබා ගැනීම වැදගත් වන්නේ එම දුර්වලකම් ඔස්සේ බාහුර හානිකරයන් ඔබ වෙතට ගලා එන්නට එය පහසු මගක් වන බැවිනි.
Pubudu Siriwansa


 

Home Network 01

තවදුරටත් අප එක් දත්ත උපාංගයක් ඔස්සේ දවස පුරා කටයුතු කරන්නෝ නොවෙමු. වෘතීය මට්ටමේ වේවා, පෞද්ගලික මට්ටමේ වේවා දෛනික ජීවිතය වටා ස්ථාවර ලෙසින් මෙන්ම ජංගම ලෙසින් දත්ත උපාංග රාශියක් සමග කටයුතු කරන්නට වීම නවීන ජිවිතයේ ස්වභාවය වී ඇත. මෙය සමහර විටක නිවසේ ඉදිරි දොර‍ටුවට සවි වන ස්මාර්ට් දොර සීනුවේ සිට නිවසේ ප්‍රධාන පරිගණකය දක්වා විහිදෙනු ඇත.
     තවදුරටත් උපාංග හුදකලාව ක්‍රියාත්මක වන ඒවා නොවීමද බහුල අත්දැකීමකි. මේවා එකි නෙක යාවෙමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සදහා කටයුතු කරන බව පොදු අත්දැකීමකි. බහුලවම මෙම යාවීම සදහා පදනම් වන්නේ home network එකකිනි. විශේෂයෙන් නිවසේ සිට වැඩ කරන ප්‍රවනතාවයත් සමග සැලකීමේදී නිවස මූලික දත්ත ජාලය අද වන විට බහුල අත්දැකීමකි. අවශ්‍ය නම් පොදුවේ මෙම ගොනුවට small area network එකක් ලෙසටද නම් කරන්නට අපට හැකිය. මෙම නෙක උපකරන සමග නෙට්වර්ක්වීමේ හැකියාවන් කිහිප ආකාරයක් ගෙන ආවද WiFi Network එක ප්‍රධාන වීම ස්වභාවයය.  home හෝ small business නැතිනම් Office ලෙසට මොන ආකාර ගත්තද wireless හෝ wired ලෙසට මොන ආකාරගත්තද සාමාන්‍යයෙන් සියළුම උපාංග WiFi නෙට්වර්ක් එකක් ඔස්සේ එකට ගොනුවී ප්‍රධාන Router එකක් ඔස්සේ Internet වෙතට සම්බන්ද වීම මහුල ආකාරයයි.
Pubudu Siriwansa


 

2022-12-12

Crypto wallets

Crypto wallets  එක ඔබගේ අනාගත මුදල් පසුම්බිය වීමට ඇති ඉඩ එසේ නොවීමට ඇති ඉඩ මෙන් කිහිපයුගයක් බව හදාරන්නන්ගේ මතයයි. එය ඔබගේ සියලු crypto assets රදවා තබාගන්නේ safely / securely ආකාරයට වනු ඇත. ඔවුන් පැහැදිලි කරන්නේ Wallets ඔබගේ ගෙවීම් හා ලැබීම් වල කේද්‍රය වන විට එය වටා two keys වනු ඇත. ඒවා  private හා public keys ලෙසට නම් වනු ඇත. ඇත්තටම ඔබගේ crypto wallets වල වන්නේ ඒවායේ passcodes වනු ඇත. එනම් wallet වල වන්නේ private හා public keys ය.  ඔබ Bitcoins ලබන හැම විටම public key වෙනස් වීම ස්වභාවයයි. එසේ වීම ඔබගේ transactions track වීමෙන් වලකයි.එසේම accounts අනවසර hack විමද වලකාලයි.
    Cryptocurrency Wallets වර්ග දෙකක් බව ඔවුන් පැහැදිලි කර දෙයි. custodial ආකාරයේදී අදාල ආයතයක් එහි සියළුම වගකීම් දරමින් එය නඩත්තු කර දෙන අතර non-custodial වලදී ඔබට වගකීම දරන්නට සිදුවන ආකාරයට ඒවා වේ.
Pubudu Siriwansa


 

Online ජීවිතය සංකීර්ණ කාරනාවකි.

Online ජීවිතය සංකීර්ණ කාරනාවකි. එය අප සිතනවාට වඩා හා අපට විතාගන්නට හැකි වෙනවාට ඒහා දුරකට විහිදෙන දෙයකි. හදාරන්නන් පවසන්නේ අප සමාජ සාමාන්‍ය සමාජ විද්‍යත්මකව හඳුනා ගන්නවාට වඩා වෙනත් ආකෘතියක් බවයි. එනම් ඔබ ඇතුළුවන දේශය එනම් Online අවකාශය පිලිබඳව වන නිර්වචන ගැන නැවත සිතන්නට තීර්නය කිරීම වැදගත් වනු ඇති බවයි.
    Online වලදී ඔබ විවර වෙන්නේ අපමන විසල් අවකාශයක් වන්නට ඉඩ ඇත. සමහර විටක එසේ වන්නේ ඔබ විසින්ම ගන්නා උත්සාහයක් නිසා නොවන්නටද ඉඩ ඇත. එවන් උදාහරන අපමන අප දැනටමත් දැන සිටින්නෙමු. එම හදිස්සියේ පැමිනි අවධානය විසින් අවුල් කර දමන ලද ජීවිත පිලිබඳවද බොහෝ කථාන්දර සමහර විටක අවසන් වී ඇත්තේ ජිවිතයෙන් වන්දි ගෙවා බවද අප නොදන්නවාම නොවේ.
   හදාරන්නන් යෝජනා කරන්නේ ඔබ පෙර නිගමන කිහිපයක්ම සමග Online අනන්‍යතාවයට පිවිසීම වැදගත් බවයි. පෞද්ගලික මට්ටමින් සැබෑ ජීවිතයට එහා නොයන සබඳතා මට්ටමක් නම් ඉලක්කය ඔබේ දැනටමත් සත්‍ය ලෝකයේදී දන්නා තොරතුරුවලට උඩින් ව්‍යාජ අනන්‍යතාවයක්වෙතට පිවිසීම ඉතා සුදුසු බව හදාරන්නන්ගේ මතයයි. තාවකාලික ඊමේල මෙන්ම සමාජජාලාවලදී අන්වර්ථ නාම වලට ඉඩදී ඇත්තේ මේ බවට සහයක් නිසා වනවා විය යුතුය. එසේම මේ ව්‍යාජ වලට සැගවී හානිකරයක් ලෙසට කටයුතු නොකල යුත්තේ එය ඔබගේ වගකීමක් නිස අමෙන්ම මෙම ආයතනයන් බොහෝ විටම සත්‍ය තොරතුරු හෝ ඉගි පිලිබඳව නිතිය ඉදිරියේ අවශ්‍යවිට නිරාවරනය කරන්නට ද බැඳී සිටින බැවිනි.
Pubudu Siriwansa


 

Twitter සීමාව 4000 දක්වා ඉහලට.

Twitter ආරම්භක අවධියේ එහි පලකිරීමක සීමාව වූවේ 140 characters ලෙසටය. එය ජනංප්‍රිය සේවාවක් වන්නට මේ බවද හේතුවක්  වන්නට ඇත. 2017 දී පමන මේ සීමාව 280ක් ලෙසට ඉහල නංවන්නට කටයුතු කලේ සාමජජාලා වෙතින් පැමිනි තරගයටද සාර්ථකව මුහුන දෙන්නටත් සමග විය හැක. කෙසේ වෙතත් මේ වන විට ආයතනයේ නව CEO වරයා තහවුරු කර ඇත්තේ ‍ටුවිටරයක සීමාව 4,000 දක්වා ඉහල නංවන්නට තමන් සැලසුම් කර මින් සිටින බවකි. මීට අමතරව තම subscription service වලද Twitter Blue බව සදහා දුරකථන අංකයේ තහවුරුවක් ඉල්ලා සිටින්නට කටයුතු කරන අතර තොරතුරුවල වෙනස් කම් වලින් අනතුරුව තහවුරුවක් තෙක්  checkmark වල අහිමිවීමක්  සිදුකරන්නට සැලසුම් කොට ඇති බවට නිවේදනය කරනවා. Twitter Blue subscribers ට අමතරව gold checkmark ( businesses), grey checkmark  (government) ආකාර වලින් පහසුවෙන් හඳුනා ගන්නට හැකිකර ඇති බවට පැවසෙනවා.
Pubudu Siriwansa


 

BBC ය එලබෙන දශකය වන ටිට පුර්ණ Online වෙතට??

BBC ප්‍රධානියෙකු පවසන්නේ එලබෙන දශකය වන විට තම television හා radio සේවාවන් online-only service බවට පත්වනු ඇති බවයි. ඔහු පවසා සිටින්නේ කාලයා විසින් එය සිදුකරනු ඇති බවත් තමන් ඒ සදහා සූදානම් වීම සිදුකරමින් සිටින බවයි.
   සාපේස්ක්ෂව සීමිත හැකියාවක් වන රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි තරංග ආකාරයට වඩා Online ආකාරයේ ශක්‍යතාවය සැලකීමේදී එලබෙන දශකය වන විට සාම්ප්‍රධායික මාධ්‍ය ආකාර අභාවයට පත්වීම අනීආර්ය වීමට නියමිත අතර ප්‍රාදේශීය මට්ටමේ සිටම මාධ්‍ය කරනය පූර්නව Online ආකාරයට පැමිනීම සදහා සීයල්ල සූදානම් බවක් හැම අතකින්ම පෙනෙමින් ඇත.
Pubudu Siriwansa


 

Time-of-check to time-of-use (TOCTOU)

SafeBreach පවසන්නේ  "Aikido" ලෙසට නම් කරන proof-of-concept (POC)  ක්‍රියාකාරකමක් ලෙසට හඳුනා ගන්නේ Microsoft Defender, Avast, AVG වැනි ආරක්ෂක මෘදුකාංග විසින් Windows වල හානිකර නොවන ගොනු මකා දැමීමක් හඳුනා ගෙන ඇති බවයි. Microsoft  මෙම දුර්වලතාවය හඳුනා ගෙන Defender  තුල පිලිසකර කර ඇති බවත් හෙලි කර සිටිනවා.අනෙකුත් ප්‍රධාන පෙලේ anti-malware ද මෙම දුර්වලතාවය දරමින් සිටින බවටයි හෙලි කරන්නේ. හදාරන්නන් ගැටළුව පැහැදිලි කරන්නේ time-of-check to time-of-use (TOCTOU) ක්‍රියාකාරකමක් මෙහි වන බවයි. එනම් හඬුනා ගන්නා හනිකර ගොනුවක් හඳුනා ගැනීමත් එය මකා දමන්නට කටයුතු කිරීමත් අතර කාලය තුලදී හඳුනා ගත් ගොනුව වෙතට වෙනුවට alternate path එකක් ගෙනෙමින් legitimate file එකක් මකා දමන්නට කටයුතු කරන බවයි.
Pubudu Siriwansa


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...