Showing posts with label kinect. Show all posts
Showing posts with label kinect. Show all posts

2013-11-27

Kinect තාක්ශනයේ සරල මුසුවක් අනාගත iPad හා iPhone වෙතට!!!!

  Kinect තාක්ශනයේ මුල් සංවර්ධකයින් වෙත ඇපල් ආයතනයේ අවධානය යොමුව ඇති බවට පසුගිය දා පලව තිබූ නොනිල තොරතුර මේ වන විට ඇපල් ආයතනය තහවුරු කොට තිබෙනවා. ඊශ්‍රායලය මූලිකව ක්‍රියාත්මක වන PrimeSense නම් මෙම ආයතනය මයික්‍රසොෆ්ට් වෙත පලමු වෙන්ම Kinect motion capture sensor තාක්ශනය ලබා දීමේදී පුරෝගාමී වූ බවටයි සටහන් වන්නේ.ඇපල් ආයතනය පවසා සිටිනේ තමන් විටින් විට කුඩා ආයතන මිලදී ගැනීමට කටයුතු කර ඇති අතර සාමන්‍ය පරිදි මෙවරද ඒ පිලිබදව වැඩිපුර තොරතුරු හෙලි කරන්නට බලා පොරොත්තු නොවන බවයි.
          බාහිර තොරතුරු මාර්ග පවසන්නේ ඩොලර් මිලියන් 300-500 අතර මුදලකට මෙම ආයතනය මේ වන විට මිල එකගතාවයයකට පැමින ඇති බවකි.මෙම ආයතනය Xbox 360 වෙත පලමු Kinect sensor  නිපදවා දෙන්නට කටයුතු කල මුත් එහි දෙවන පරම් පරාවේ දෘඩාංග නිර්මානය මයික්‍රසොෆ්ට් තුලදී සිදුවූ බවයි.ඇපල් ආයතනය මෙම ගනු දෙනුවට පිවිසෙන කාලය වන විට එම ආයතනය කනෙක්ට් තාක්ශනයේ සරල සංස්කරනයක් සහිත "Capri" නම් ව්‍යාපෘතියක සිටින ලද අතර එම තාක්ශනය ස්මාර්ට් දුරකතන හා ටැබ්ලට් සදහා උචිත ආකාරයේ වූ බවටයි සටහන් වන්නේ. අනාගත ඇපල් iPhone හා iPad  උපකරන සමග මෙම තාක්ශනය පැමිනීමේ බලාපොරොත්තුවක් මේ සමග හදාරන්නන් පලකරමින් සිටිනවා.

2013-11-20

Xbox one සමග වඩාත් දියුනු කරන ලද voice searches හැකියාවක්!!!!

  එලබෙන සිකුරාදා වන විට නිකුත්වීමට නියමිතව ඇති Xbox One  සමග පැමිනෙන්නට නියමිත අංග පිලිබදව මේ වන විට වඩාත් තොරතුරු හෙලි කරන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කරමින් සිටිනවා.ඔවුන් පවසන්නේ නව නිකුතුව සමග games පමනක් නොව movies, TV shows  පමනක් නොව Bing search engine  පැමිනෙනු ඇත්තේ Kinect hardware  සමග දියුනු කරන ලද voice searches සමගද වන බවයි. වඩාත් ස්වාභාවික ක්‍රියාකාරීත්වයක් සමග එන voice searching  පහසුව භාවිතාකරන්නන්ගේ වඩාත් සිත්ගන්නා සුලු වනු ඇති බවටයි ආයතනය විස්වාශය පලකර සිටින්න්නේ. මිනිස් මොලය තුල neurons හැසිරීම් තාක්ශනය ආශ්‍රිතව ගොඩ නගා ඇති DNN තාක්ශන කරම වේදයක් ඔස්සේ මෙම ගොඩ නැගීම වන බවටයි එම ආයතය පවසන්නේ.

2013-10-04

Kinect 2.0 භාවිතාකරන්නාගේ තොරතුරු සොරකම් නොකරනු ඇත!!!!!

  තොරතුරු තාක්ශනය වැඩි  වැඩියෙන් ඔබගේ ජීවිතයට සමීප වන විට තවත් පසකින් බහුලවම නැගෙන චෝදනාවක වන්නේ ඇළඳ දැන්වීම් වඩාත් භාවිතකරන්නා ඉලක්ක කිරීම සදහා ඔහුගේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් සොරාගැනීම සිදුවන බවයි.ස්මාර්ට් දුරකථ ඇප් වල ක්‍රියාකාරීත්වය හදාරන බොහෝ දෙනා මේ පිලිබදව වැඩි වශයෙන් පසුගිය කාලය තුල විවේචනයට භාජනය කරනු දක්නට ලැබුනා. මයික්‍රසොෆ්ට් වෙතින් පැමිනෙන්නට නියමිත  Xbox One console ය සමග එනු ඇති බවට පැවසෙන Kinect ඔස්සේද භාවිතාකරන්නගේ විසිත්ත කාබරය හදාරමින් තොරතුරු එම ආයතනය වෙත ලබාදෙන්නට ඇති ඉඩ කඩ පිලිබදවද හදාරන්නන් සමහරක ගෙන් අනතුරු ඇගවෙන අදහල් පලවන්නට වුනු අතර ඒ සදහා ආයතනයේම සෙවය කරන්නෙකුගෙන් පලවතිබූ අදහස් පදනම්ව තිබුනා.අද පැවති හමුවකදී ආයතනයේ විධායක මට්ටමේ නිළධාරියෙකු පවසා සිටියේ Kinect 2.0 ඔස්සේ එවැනි කටයුත්තකට ඉඩ නොමැති බවකි. එසේම එහිදී ඔහු පවසාසිටියේ නව Kinect තාක්ශනය cloud server එකකට සම්බන්දව භාවිතාකරන විටදී භාවිතාකරන්නෙකුට පහසුවෙන් ක්‍රීඩාවට එලබෙන්නට හැකි වනු ඇති බවත්ය.

Xbox One console සමග එන Kinect 2.0 කැමරාව....

  මයික්‍රසොෆ්ට් ආයතනය තම තම මීලග  Xbox One console සමග පැමිනෙන්නට නියමිත Kinect 2.0 කැමරාව පිලිබදව දැඩි අවධානයකින් කටයුතු කරන බවටයි පලවන වාර්ථා පවසන්නේ. භාවිතාකරන්නා හට වැනස්ම අත්දැකීමක් ගෙනෙන්නට සහය වනු ඇති බවට විස්වස කෙරෙන මෙම දෘඩාංග එකතුව සමග සමස්ත උපකරනයේ මිල ඩෝලර් 100 කින් පමනෛහල යනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.මෙම  Kinect 2.0 සමග පැමිනෙන එක් අංගයක් වනුයේ time-of-flight යන්නයි. එහිදී සිදුවනුයේ කැමරාවෙන් පිටවන ආලෝක තරංග නැවත පැමිනෙන්නට ගතවන කාලය අනූව භාවිතාකරන්නාගේ කාබරයේ සැකැස්ම ගැන අවබෝදයක් උපකරනය ලබා ගැනීමයි.ඉතා සංස්කීර්න ක්‍රියාවලියන් ඔස්සේ කාබරයේ ඉදිරිපස මෙන්ම පසු පසින් වන බාහිර සැමසුම ගැන කැමරාව ලබා ගන්නා අවබෝදය වඩාත් නිවැරදි කර ගැනීමට එහි නිර්මාන කරුවන් මහත් වෙහෙසකින් කටයුතු කරන බවටයි පැවසෙන්නේ. නොවැම්බර් 22 නිකුත්කිරීමට නියමිත Xbox One console සමග පැමිනෙන Kinect 2.0 සමග තමන් ඉදිරියේ සිටින භාවිතාකරන්නාව හදුනා ගැනීමටත් ඔහුගේ චලනයන හදුනා ගැනීමටත් හැකිවීම කොතරම් සියුම් මට්ටමක් දක්වා හැකිවන්නේද යන්නට හොදම උදාහරනය වන්නේ එම භාවිතාකරන්නාගේ හදවතෙහි රිද්මය පවා නිවැරදිව හදුනා ගන්නට එම එය සමත්විම දැක්විය හැකියි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...