2013-11-27

Kinect තාක්ශනයේ සරල මුසුවක් අනාගත iPad හා iPhone වෙතට!!!!

  Kinect තාක්ශනයේ මුල් සංවර්ධකයින් වෙත ඇපල් ආයතනයේ අවධානය යොමුව ඇති බවට පසුගිය දා පලව තිබූ නොනිල තොරතුර මේ වන විට ඇපල් ආයතනය තහවුරු කොට තිබෙනවා. ඊශ්‍රායලය මූලිකව ක්‍රියාත්මක වන PrimeSense නම් මෙම ආයතනය මයික්‍රසොෆ්ට් වෙත පලමු වෙන්ම Kinect motion capture sensor තාක්ශනය ලබා දීමේදී පුරෝගාමී වූ බවටයි සටහන් වන්නේ.ඇපල් ආයතනය පවසා සිටිනේ තමන් විටින් විට කුඩා ආයතන මිලදී ගැනීමට කටයුතු කර ඇති අතර සාමන්‍ය පරිදි මෙවරද ඒ පිලිබදව වැඩිපුර තොරතුරු හෙලි කරන්නට බලා පොරොත්තු නොවන බවයි.
          බාහිර තොරතුරු මාර්ග පවසන්නේ ඩොලර් මිලියන් 300-500 අතර මුදලකට මෙම ආයතනය මේ වන විට මිල එකගතාවයයකට පැමින ඇති බවකි.මෙම ආයතනය Xbox 360 වෙත පලමු Kinect sensor  නිපදවා දෙන්නට කටයුතු කල මුත් එහි දෙවන පරම් පරාවේ දෘඩාංග නිර්මානය මයික්‍රසොෆ්ට් තුලදී සිදුවූ බවයි.ඇපල් ආයතනය මෙම ගනු දෙනුවට පිවිසෙන කාලය වන විට එම ආයතනය කනෙක්ට් තාක්ශනයේ සරල සංස්කරනයක් සහිත "Capri" නම් ව්‍යාපෘතියක සිටින ලද අතර එම තාක්ශනය ස්මාර්ට් දුරකතන හා ටැබ්ලට් සදහා උචිත ආකාරයේ වූ බවටයි සටහන් වන්නේ. අනාගත ඇපල් iPhone හා iPad  උපකරන සමග මෙම තාක්ශනය පැමිනීමේ බලාපොරොත්තුවක් මේ සමග හදාරන්නන් පලකරමින් සිටිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...