2020-06-29

ඩිජිටල්කරනයකට..

සාර්ථක ඩිජිටල්කරනයකට පුද්ගල අර්ථවල සිට රාජ්‍ය අර්ථය දක්වා සමස්ත වපසරියට ගෙනෙන්නට හැකි කාර්යක්ශම බව අපමනකි. අනිවාර්යෙන්ම සංස්කෘතික වෙනසක් දක්වා වන ගැබුරු නව අර්ථ එහි අඩංගුය.
- Pubudu Siriwansa
#siriwansa

2020-06-28

Tharuminisa.com.Com

මේ විශ්වයේ මා දකින අපූර්වතම සිදුවීම් දෙකකි. මහා අර්ථයෙන් නම් හිරුය. පොඳු නාමයෙන් පවසන්නේ නම් තරුය. ශුද්‍ර අර්ථයෙන් නම් මිනිසාය. ඔහු අපමන අවකාශයක් මැද ඔබ මොබ චලනය වෙමින් සිටී. නෙක අර්ථ ගන්වා ගැනීම් වලින් ආරෝපනය වෙමින් තැන් තැන් වල නතර වෙමින් සිටී. නෙක ආගම්, දර්ශන, විස්වාශ අතර සරණ සොයමින් සිටී.  බැලූ බැල්මට නම් මේ සියලු සෙලවීම් වල මූලය පෙර කී ශක්ති ගොනුය. එනම් තරුය. සමීප අර්ථයෙන් හිරුය. ජීවිතය උත්සවයක් කරගත යුත්තේ එබැවිනි. අනෙකාට විනාශකාරී උත්සවයක් කර නොගත යුත්තේද එබැවිනි.
“Tharu Minisa”
Pubudu Siriwansa
#siriwansa
www.tharuminisa.com

2020-06-27

ඩිජිටල් ලේයරය

More or less, however, the advent of the digital layer has become an imperative necessity for all things that are up on the biological basis.
"Tharu Minisa"
-Pubudu Siriwansa
#siriwansa

2020-06-26

කොරෝනාව..

කොරෝනාව පිලිබඳ ශුද්‍ර සමාජ අර්ථ සරලය. ලෝකය නතරව යලි ඇරබීම ලෙසට විය හැක. නමුත් මහා අර්ථයෙන් සැලකීමේදී කොරෝනාව ලොකය මත ආර්ථික දේශපාලණික සංස්කෘතික අර්ථ වලින් කර ඇති සංශෝදන ජීවිත මතට දැනෙන්නට සමහරවිට ඉදිරි දශකය ගතවිය හැක.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

ජව සම්පන්න..

මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි"(56)
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa
 

2020-06-25

ඩිජිටල්කරනය

දත්ත හා ඒවා මත ක්‍රියාන්විතයන් ඩිජිටල් කරනය වීම හුඳු තාක්ෂණික ස්වභාවයකින් ආරම්භවී සංස්කෘතික ස්වභාවයකින් ස්ථාවර වෙමින් ඇති අපූරු මිනිස් සටහනකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

විශ්වයේ..

The advanced culture in any part of the universe demands the most disciplined citizens, with the potential to wreak havoc on the simple finger-movement of one of its simplest members.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-24

වීදී / දේශන ශාලා

සාමකාමී නගරයක වීදී දීගේ වන පහන් කනු අතර අවසන් නොවන සංවාද සමග ඔබමොබ සක්මනක රසය සමහරක් විට ඔබත් විඳ ඇතුවා විය හැක. දේශන ශාලා තුල හෝරා ගනන් ගතකරමින් පැහැදිලි කරගන්නට තැත් කරන සංකීර්න දෑ ඇස්පිය නිමේෂයකින් පැහැදිලි වන්නේ දේව ආශිර්වාදයකින් මෙනි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-23

ඩිජිටල්කරනය .

දෑ ඩිජිටල්කරනය වීම ජීවිතය අවට සරල භාවිතාවන් වල සිට මිනිස් මනස විනිවිඳ යාම දක්වා පුලුල් වපසරියක කාරනාවකි. අවසානයේ නිර්මාණය වීමට නියමිතව ඇත්තේ සුපිරි ලෝවැසි අනන්‍යතාවයකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-22

මිනිස් සටහනේ..

මිනිස් සටහනේ ආසන්න ශතකය තුල ලියැවෙන වඩාත් අභියෝගාතමක කාලපරිච්ඡෙදය අප පසු පසුකරමින් සිටින බවටයි තවමත් හදාරන්නන්ගේ අදහස වන්නේ. ඔවුන් තත්වය පැහැදිලි කරන්නේ " තවමත් පැහැදිලි නොකරගත් ශුද්‍ර සතුරා" මිනිස් කථාන්දරය සංශෝදනය කරමින් සිටින බවයි
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-21

ඩිජිටල්කරනය..

ජීවිතය අවට බොහෝ අවකාශ ඩිජිටල් කරනය වීමත් ඒවා අතර ගනුදෙනුව වඩ වඩාත් ඔන්ලයින් වීමත් නව මිනිස් සංස්කෘතියක උදාව සලකුනු කරමින් සිටී.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-20

නගරය..

සැලසුම් කල නගරය යනු අප සිතනවාට වඩා බරපතල කාරනාවක් බව එම නගරයේදී මම වටහා ගත් වැදගත්ම කාරනාවක් විය. හුඳු කඩපිල් මංමාවත් සේම එහිවන පුරවැසියන්ගේ ජීවන රටාවල් පමනක් නොව අවට වන ගහ කොල සතා සිව්පාවා දක්වාම බරපතල සැලකීමක් එම නගරයේ පාලනය විසින් නිරන්තරයෙන් දැක්වීම හැම අතින්ම දැකිය හැකි විය. "ඔබ සිහි බුද්ධිය ඇති ජීවියෙකුගේ වරම ලද්දෙකි. කරුනාකර මේ අපූරත්වය අනෙකුත් ජීවී සගයන් සමග බෙදාහදා ගන්නට නිරන්තරයෙන් කාරුනික වන්න." නගරයේ උද්‍යානයේ පිවිසුමේම වන සටගනක් එසේ සටහන්ව තිබුනා මතකය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

දවස

එකල අප අතර දවස ගැන වූ එකගතා දෙකකි. දවසේ පලමු හිරු කෙඳි පොදියට පෙර දවස අරබන්නට සූදානම් වීමත්, දවසේ අවසන් හිරුකෙඳි දහර මවන නෙක වර්ණවත් අහස යට අවහන්හලේ මෙසයකදී අතොරක් නැති නෙක දෙබස් සමග දවස අවසන් කිරීමත්ය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-19

ඩිජිටල්කරනය

ඩිජිටල්කරනය තවදුරටත් තාක්ෂණික කාරනාවක් නොවේ. මේ වන විට එය සංස්කෘතික කාරනාවකි.
'Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-18

ඉලොක්ට්‍රොනික යුගය

කොරෝනා ව්‍යසනය මිනිසා මුද්‍රිත යුගයෙන් ඉලොක්ට්‍රොනික යුගය වෙත තල්ලු කර දමන්නට ප්‍රධාන සාධකයක් සැපයුවා.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-17

දියුනු සමාජ සංකල්ප..


ගහ කොල, සතා සිව්පාවා ඉක්මවන පරිකල්පනයට දියුනු සමාජ සංකල්ප හමුනොවීම ඛේදවාචකයකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-16

අනන්තය..

දෘශ්‍යව මෙහිවන උස්තම කඳු පන්තියේ ආශ්‍රමය පිහිටා ඇත. ඒනිසාම අනන්තය තෙක් පෙනෙන විසල් කඳුමුදුනතක සිට ලෙසට උපකල්පනයකට පිවිසියෙමි. එහෙත් නෙහි එන බහුතරයක් දෙනා අනන්තය කෙසේ වෙතත් තම දෙපා මුලවත් හරි හැටි නොදැක ආපසු යන ආකාරය වේදනාවෙන් බලා සිටින්නෙමි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-15

ඩිජිටල් ලේයරය

ඩිජිටල් ලේයරය තම තාක්ෂණික සීමාව ඉක්මවා මිනිස් කථාන්දරයේ මීලග සංස්කෘතික සංස්කාරකයා වීම අප පසුකරමින් සිටිනා යුගයයි.
"Tharu Minisa"
-- Pubudu Siriwansa
#siriwansa

2020-06-14

පහන් සිළු..

නිහඬ රාත්‍රිය ගැබුරු භාවනාවකි. කුටියේ කවුළුවෙන් පෙනෙන ඈත ගම්මාන කඳු මුදුනත වන නිවෙස්වල පහන් සිළු වල සුළු චලනයන් දෙනෙතට ඒකාග්‍රවන්නට මහගු නිමිත්තකි.
නගරයෙන් ඔබ්බට වන කඳුමුදුනත ඔස්සේ වූ පා මාවත ඔස්සේ ඔබ මොබ ගිය අනන්තවත් වාරගනන අපමන සංසාරය සේ මතකයට පැමිනෙන්නේ අවසන් නොවන බැදීමක් ලෙසටය. ඒ සංසුන් නගරයේ පහන් කනු අතර මධ්‍යම රාත්‍රිය ඉක්මවන තෙක් හුදකලා සක්මන මැවූ අපමන සහනශිලී මනෝභාවය සිත් පතුල සිට විටින් විට අවදිවන්නේ ජීවිත සංචාරයේ ගැබුරුම මතකය ලෙසිනි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-13

කොරෝනාව

කොරෝනාව ගෙනෙන ලද විවේක බුද්ධිය මිනිස් කථාන්දරය මත එතරම් උස්තල ගැන්වීම් සිදුකර නැතුවා සේය.
"Tharu Minisa"
-Pubudu Siriwansa
#siriwansa

2020-06-12

ඩිජිටල් සංස්කරනය

හදාරන්නන් පවසන්නේ, එලබෙන යුගයේදී ජීවිතය අවට බොහෝ අවකාශවල ඩිජිටල් සංස්කරනය ප්‍රමුක භාවිතාවවීම අනිවාර්ය බවයි. එය තව දුරටත් තෝරාගැනීමේ අවස්ථාවක් නොවන බව ඔවුන් පැහැදිලි කරමින් සිටිනවා.
"Tharu Minusa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-08

සමහර විටක..

සමහර විටක කෙනෙකුට තත්වය මෙසේද විග්‍රහ කරන්නට හැක. එනම් නව/ලිබරල් වාදයේ විකාරරූපී බව සේම සමාජවාදයේ වගකීම් විරහිත බවද හෙලිවෙමින් තිබේ. මේ අතර ජාතිවාදයේ කෲරබව ප්‍රධාන භූමිකාව වෙමින් ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-07

ලෝක ගැටළුවේ

ලෝක ගැටළුවේ මධ්‍ය ලක්ෂය ප්‍රාථමික ජීවවිද්‍යාත්මක සාධකයකින් ප්‍රාථමික සංස්කෘතික සාධකයක් කරා චලනය වෙමින් තිබේ.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-06

සමාජවාදය

සමාජවාදය යනු සමාජය මතට ඉදිවුන සාර්ථක බරපතල මතවාදයක් නැතිනම් විෂයක් හැබැයි ඒක ගතිකයක්. එක්තරා තෘප්තකර අවස්ථාවකදී එය එහි ප්‍රථිවිරුද්ධය ඉල්ලා සිටිනවා. ඒක ඉක්මනින් හෝ පසුවී හෝ එන අනිවාර්යක්. එම ඉල්ලාසිටීම සමාජ ගතිකයක් ලෙසට කලමනාකරණය කලහොත් පදනමත් රැකගෙන එතෙක් එම සමාජය කල කැපවීමට උපරිම ප්‍රථිපල අත්විඳින්නට තවත් යුගයක් පැමිනේවි. නැතිනම් මහා ඛේදවාචකයක් නිර්මාණය වේවි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

සංස්කෘතික ආඩම්බරය

ඔහු තම දේශනය අවසන් කලේද තවත් අපූරු වැකියකිනි. එයනම් "ඔබේ සංස්කෘතික ආඩම්බරය නිසාම අසංවේදී වන මනසට මග හැරෙන බොහෝ අපූරු කාරනා බොහොමයක් ඔබ අවටම ඇති බව කරුනාකර අමතක නොකරන්න" ලෙස පවසමිනි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-05

විංඥානය

මිනිස් විංඥානය සංකීර්නයකි. මේ සංකීර්නය අවිංඥානික භාවමය සංකේථයකට ඌනනය කරනවාද, නැතිනම් සවිංඥානික විශ්ලේෂනයකට ලක් කරනවාද යන්න අපගේ තීරනයකි.
"Tharu Minisa"
-Pubudu Siriwansa
#siriwansa

2020-06-04

ලෝකය

ලෝකය  වඩාත් පොඳු මහා නායකයෙකුගේ ආකෘතියෙන්, වඩාත් ශුද්‍ර නායයකයෙකුගේ ආකෘතියකට, චලනය වීම අප අත්විඳිමින් සිටින්නෙමු.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-03

වැදගත් යෝජනා

කොරෝනා වසංගතය මිනිස් කථාන්දරය සඳහා හැරවුම් ලක්ෂ කිහිපයක්ම යෝජනා කරමින් සිටී. තමන් අවට පරිසරයේ සිට පෞද්ගලික ජීවිතය දක්වා නෙක ස්වාභාවයෙන් ඒවා වේ. නැවත පෙර ජීවිතය වෙත පිවිසෙමින් සිටින අප මේ වැදගත් යෝජනා සමග එකග වෙමින් සිටිනවාද?
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-02

Tharu Minisa

 දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි.... මම බීටාව.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa

2020-06-01

ඩිජිටල් කරනය

හොදින් ඩිජිටල් කරනය වූ රාජ්‍යයක් වැඩි විනයක් ඉල්ලා සිටින සංකල්පයකි. එහිවන සරල වැරදි සෙලවුමක් පවා ගෙනෙන්නේ මහත් ව්‍යසනයක් විය හැක.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siruwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...