ඔබ ජපන් වැසියෙක් වන්නේ නම් JINS MEME ඔබ වෙත එන්නේ කදිම smartglasses අත්දැකීමක් සමග ය. එහි නිෂ්පාදකයින් පවසන්නේ JINS විසින් 2015 වසරේදී එහි විවිධ ආකාරගත් මෝස්තර 1200ක් පමන සූදානමින් තිබෙන බවකි. බොහොම දුරට සාමාන්‍ය උපැස් උවලක පෙනුම ගෙනෙන මෙම නිකුතූන් සැහැල්ලු මෙන්ම වඩාත් මුහුනුවර සමග ගැලපෙන සුලු නිමැවුම බොහෝ භාවිතාකරන්නන්ගේ අවධානය දිනා ගන්නා ප්‍රධාන ලක්ෂනයක්ව ඇති බවටයි දැක්වෙන්නේ. පැය 16ක ආයුකාලයක් ගෙනෙන බැටරිය, හය දිසාවක් ඔස්සේ මැනෙන (six-axis) accelerometerය, gyroscope සංවේදකය මෙන්ම Bluetooth සහ microUSB charging portය සමග සංවේදක තුනක් ඔස්සේ මැනෙන දෑසේ චලනයන් කියවීමට වන electrooculography සමග දැසේ චලන රටාවන් 8ක් කියවීමටත් පමනක් නොව දෑස් පියසැලීම් කියවීමට හැකියාවත් වන බවටයි විස්තර කෙරෙන්නේ. දැසේ චලනය පමනක් නොව සිරුරේ චලනය, හිසේ වන චලනයන්, පා තබන රටාවන් මෙන්ම sleep activity, concentration levels ආදී බොහෝ තොරතුරු වඩාත් නිවැරදිව මැන ගන්නට පමනක් නොව සංවර්ධකයන් සදහා වඩාත් විවිධ applications නිර්මානය සදහා SDK ලබා දීමද JINS සිදුකරන බවටයි විස්තර කෙරෙන්නේ.2015 Spring වලදී පැමිනෙන මෙම නිකුතුවේ මිළ පිලිබදව තවමත් තොරතුරු හෙලිව නැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Showing posts with label New features. Show all posts
Showing posts with label New features. Show all posts
2015-01-09
2014-11-22
නුදුරේදීම ambulance drone ඔස්සේ ප්‍රථමාධාර ඉක්මනින් එනු ඇත.....
බොහෝ විට තවමත් විධිමත් රටකදී පවා "හදිස්සි සේවාවක්" යම් ස්ථානයටකට ලගා වීමට විනාඩි 10-15 අතර වෙලාවක් ගන්නා බව සාමාන්‍ය අත්දැකීමකි. මෙම ප්‍රධාන නගරවල පවතින තදබදය මේ සදහා මුල්ම පෙලේ හේතුව ලෙසට සැලකේ. Heart Attack වැනි අවස්ථාවලදී මෙම ප්‍රමාදය රෝගියා වෙතට තීරනාත්මක වන්නේ 6 minutes ඇතුලත වැනි කාලසීමාවක් තුල ප්‍රථමාධාර නොපැමිනීම brain death තත්වයක් ඇතිවීමට බෙහෙවින් ඉඩ තිබෙන නිසාය. මෙම ගැටලුව වෙතට තම අවධානය යොමු කල නෙදර්ලන්ත හදාරන්නන පිරිසක් ගෙනෙන විසදුමක් වන්නේ hexacopter නොහොත් ambulance drone යකි. 60mph වේගයක් ඇතිව අවශ්‍ය ස්ථානය වෙතට පැමිනිය හැකි මෙම droneය අවශ්‍ය මූලික උපකරන වලින් මෙන්ම කැමරාවකින් ඇතුලු අදාල රෝගියා වෙතට සහය දැක්වීමට ඉදිරි පත්වන්නාට අවශ්‍ය උපදෙස් ලබා දීමෙ හැකියාවක් ලබා දෙන පාලක මැදිරියක සිටින වෛද්‍ය සහයකයා සමග හොඳින් සම්බන්දවීමේ හැකියාවෙන් යුත්ත බවටයි පැහැදිලි කෙරෙන්නේ. අවශ්‍ය වන defibrillators වැනි සහයක් පහසුවෙන්ම අදාල රෝගියා වෙතට ලබා දෙන්නට මෙම පහසුකම් සමත්වනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කෙරෙන්නේ. ඔවුන් පවසන්නේ දැනට මූලික පහසුකම් කිහිපයකට පමනක් මෙම ආකරයේ සේවාවක් සමන්විත වන සේ සැලසුම් උවද ඉදිරියේදී oxygenmask, EpiPen, insulin injectors වැනි තවත් පහසුක් වලින් සමන්විතව පැමිනීමේ හැකියාවක්මේවා වෙතට ලැබෙනු ඇති බවය. මෙම ආකාරයේ Drone සේවාවක් සදහා අවශ්‍ය නෛතික අවසරයන් , අඩු නිෂ්පාදන වියදම් වැනි ගැටලු විසදෙමින් දැනට ඇති අතර නුදුරේදීම මෙම පහසුව සාමන්‍ය භාවිතාවට පැමිනෙනු ඇති බවට විස්වාසය පලවෙමින් තිබෙනවා.
2014-11-21
Gmail ක්‍රමවත්කර දෙන Google inbox....
පැමිනෙන්නන් අතර අන්තර්ජාලය වඩාත් ප්‍රචලිත කරවූ අංගයක් ලෙසට E-mail සේවාව පිලි ගැනේ. එක යුගයකදී බොහෝ භාවිතාකරන්නන් අන්තර්ජාලය අර්ථ දක්වා ගැනීමට පවා E-mail සේවාව මුල් කර ගැනිනි. ක්‍රමයෙන් ක්ෂනික පනිවිඬ සේවාවන්, සමාජ ජාලාවන් වැනි නෙක සේවාවන් සමග E-mail සදහා වූ පිලිගැනීම මදින් මද අඩුවන්නට වූ අතර Spam වැනි එහි පැවත්මට අහිතකර භාවිතාවන් මේ සදහා අමතර හේතූන් විනි. Gmail සේවාව සපයන Google ආයතනය පැවසුවේ තම Email සේවාව භාවිතාකරන්නන් හදාරමින් ඔවුනට ඔවුනගේ Email භාවිතාව ගැන වන අපහසුතාවයන් මග හරින්නට තමන් ගෙනෙන නවතම හඳුන්වාදීම Google Inbox බවයි. ඔවුන් එය පැහැදිලි කරේ Google Inbox යනු Gmail මත ධාවනය වන app එකක් වන අතර එය පැමිනෙන Emailයන් වඩාත් ක්‍රමවත්ව පෙරා දෙමින් භාවිතාකරන්නාට වඩාත් පහසුවන ලෙසට වර්ගීකරනයක් යටතේ ඔවුනගේ inbox මුහුනත දක්වා දෙනු ඇති බවකි. Android මෙන්ම iOS වලදී සේම Browser මතදීද ධාවනය වන මෙම පහසුව අනවශ්‍ය emailයන් දෘශ්‍යපතයෙන් ඉවත්කර තබන්නටත් වඩාත් වැදගත් වන Email සදහා ප්‍රමුකතාවය ලබා දන්නටත් ප්‍රමුක බොහෝ පහසූන් තම Gmail inbox වෙතට ගෙනෙන්නටත් සූදානම්ව ඇති අතර google.com/inbox ඔස්සේ පිවිස එය භාවිතාවට ලබා ගන්නට හැකිවනු ඇත.
2014-11-16
Windows 10 සමග Cortana පැමිනෙන බවට තොරතුරු හෙලිවේ.....
ගෙවී ගිය සතියේ Windows 10 build 9879 සංස්කරනයක් නිකුත් කරන්නට ඹිච්‍රොසොෆ්ට් ආයතනය කටයුතු කර තිබිනි. එලබෙන වසරේ පැමිනෙන්නට නියමිත අවසන් සංස්කරනයට පෙර වේගවත් පෙර සංස්කරන පෙලක් ඔස්සේ භාවිතාකරන්නන් අතරින් වඩාත් සමීපතම අවසන් සංස්කරනයක් සදහා සූදානම් වීම සිදුවෙමින් පවතී. මෙම දැටන ඇති අවසන් පෙර සංස්කරනය සමග ඡොර්ටන පිලිබදව හෝඩුවාවන් කිහිපයක් දක්නට ලැබෙන බවට මේ වන විට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. Sඋර්ෆචෙ සදහා ඡොර්ටන සෙට්ටින්ග්ස් ඔස්සේ භාවිතාකරන්නාගේ තොරතුරු මකා දමන්නට පහසුකම් පැමිනීම ඔස්සේ මේ බව සනාත වෙමින් තිබෙනවා. Setting වල 'privacy' කොටසේදී පැමින ඇති මෙම අංගය සමග උපාංගයේ තැන්පත් වන භාවිතාකරන්නාගේ තොරතුරු (personalization data) උපාංගයෙන් ඉවත්කර දැමීම සදහා මෙම අංගය යටතේ ඉඩ සැලසෙන බවටයි විස්තර කෙරෙන්නේ. ඊට අමතරව cloud based ආකාරයට තැන්පත් වන තොරතුරු ඉවත්කර ගැනීම සදහා Bing වෙතට පිවිසෙන්නට සිදුවෙන අතර දැනටමත් Windows Phon සමග මෙම සැකසුම් දැනටමත් මෙම අංග ක්‍රියාත්මක අතර Windows Desktop සදහා පැමිනීමට නියමිත බවට පෙර හෝඩුවාවන් ලෙසට හදාරන්නන් මෙම පැමින ඇති අංග හදුන්වා දෙනවා.
2014-11-13
Twitter පුලුල් සේවාවක් වන්නට සූදානම් වෙයි!!
එහි පැමිනෙන්නෙකුට 140 characters සීමාවකට යටත්ව සටහන් තබන්නටත් අනෙකුන්ට තමන් කැමති නම් එම සටහන් ලබා ගන්නට හැකිවීමත් යන යාන්ත්‍රනය Twitter නම් සමාජ ජලාවේ මූලික ස්වභායව නිර්මානය වී තිබෙන්නෙකි. ක්‍රමයෙන් වැඩෙන මෙම සමාජජාලාවේ නව කඩ ඉමක් වෙතට පිවිසෙමින් වඩාත් පුලුල්ව පැමිනෙන භාවිතාකරන්නෙකුට තම ප්‍රකාශන හැකියාව ලබා දෙන්නට මෙන්ම පෙර මෙන් හුදු තමන් විසින් එක් කර ගත් ගිනුමක පමනක් නොව එම භාවිතාකරන්නා ලබ දී ඇති හා ඔහුගේ මිතුරන්ගේ සිතුන් පැතුම් අනූව ගැලපෙන පලකිරීම් ස්වංක්‍රීයව තම පිටුව වෙතට එන්නටත් වන ලෙසට පුලුල් පරාසයක නවීකරනයකට සූදානම් බවටයි ප්‍රකාශ වන්නේ. වීඩියෝ පලකිරීම් වලටත් ඉඩ සැලසෙන එම නවීකරනය සමග තමන් දැනට බෙදා හදා ගන්නා මිතුරන්ගේ පලකිරීම් උවද අවශ්‍ය අනවශ්‍ය ලෙසට වර්ගීකරනයකට යටත්ව අවශ්‍ය පලකිරීම් පමනක් තම මුල් පිටුව වෙතට එන්නට සැලැස්වෙන අකාරයකට සැකසුම් පැමිනෙන බවටත් නිවේදනය වනවා. මෙම නවීකරනයට අනූව පලමුව එන අංගය ලෙසට එලබෙනසතියේ සිට Direct Messages ඔස්සේ තවත් භාවිතාකරන්නෙකු සමග පෞද්ගලිකව දෑ බෙදා හදා ගැනීමේ හැකියාව බලපොරොත්තු වන ලෙසට පැවසෙනවා.
තායිවාන් සමාගමක් "air signature" ඔස්සේ අනන්‍යතා තහවුරු ක්‍රමවේදයක් නිවේදනය කරයි....
තොරතුරු උපාංගය හා භාවිතාකරන්නා අතර නිවැරදි තහවුරුව නොම අවසන් වන ආකාරයේ අරගලයකි. ආයතනයන් නෙක ආකරයේ තාක්ශනයන් ඔස්සේ භාවිතාකරන්නා හා උපාංගය නිවැරදිව එකිනෙකා හඳුනාදෙන්නට කටයුතු කරනවා සේම වෙනකෙකුගේ දත්ත උපංගයක් වෙත අනවසරව පිවිසීමට උත්සාහ කරන්නන්ද දිනෙන් දින එම ආරක්ශක උපංක්‍රම ඉක්මවායන්නට උත්සාහ කරමින් සිටී. තායිවාන ආයතනයක් නිවේදනය කරන්නේ තමන් මෙම අවසර පද ගැටලුව සදහා වෙනස් ආකාරයක විසඳුමක් රැගෙන එන්නට කටයුතු කරන බවයි. එනම් "air signature" අකාරයේ විසදුමක් රැගන් බවටයි පැහැදිලි කෙරෙන්නේ. එනම් උපාංගයේ වන gyroscope හැකියාව ප්‍රයෝජනයට ගනිමින් භාවිතාකරන්නාට උපාංගය විවෘත අවකාශයේ නිශ්චිත රටාවකට චලනය කිරීම ඔස්සේ එකගතාවයක් නිර්මානය කර ගන්නටත් පසුව යලිත් උපාංගය වෙතට පිවිසෙන්නට අවශ්‍ය විටකදී එහත කී air gestures ඔස්සේ එම පිවිසීමට තමන් වෙතට ඇති අවසරය තහවුරු කර ගන්නටත් හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ මෙම චලනයන්ගේ නිවරදි බවද අවශ්‍ය පරිදි ආසන්න මට්ටමේ සිට වඩාත් නිශ්චිත මට්ටමක් දක්වා වෙනස් කරගන්නට අවශ්‍ය සැකසුම් ද පැමින ඇති නිසා අදාල කාරනාව අනූව වඩාත් සුරක්ශිත බවේ සිට ආසන්න මට්ටම දක්වා වෙනස් කර ගැනීමටද හැකි වන බවයි.
2014-11-11
FIREFOX නිදහස් ඇමතුම් පහසුව වඩාත් පුලුල් සේවාවක් වේවි..........
Firefox Hello ඔස්සේ වඩාත් නිදහස් ඇමතුමක් ගන්නට හැකි බවට ඔවුන් පැහැදිලි කරයි. Telefonica ආයතනය සමග සහයෝගය ඔසේ පැමිනෙන මෙම සරල Voice and Video Calls සේවාව භුක්තිවිඳීම සදහා Web Real Time Communication (WebRTC) හැකියෑවති බ්‍රවුසරයක් පමනක් තිබීම සෑහෙන බවටයි වැඩි දුරටත් පැහැදිලි කරන්නේ.දැනට භාවිතාවන Crome, Opera වැනි බ්‍රවුසරයන් සමග ඒ අනුව මෙම පහසුව විඳින්නට හැකිවනු ඇති අතර Firefox Beta සංස්කරනයක් සමග ඇරබෙන මෙම ඇමතුම්ක් ලබා ගන්නට අනෙක් පස වන භාවිතාකරන්නා වෙතට අදාල Link බව ලබා ගැනීම පමනක් සෑහෙන අතර අඩුම තරමින් Sign Up වීමක් වත් අවශ්‍ය නොවන බවටයි දැක්වෙන්නේ.අමතර software, plugins භාවිතාකිරීමකින් තොරව ලැබෙන මෙම පහසුව සමග Signup වීමකින් අනතුරුව පෙර කී Link අවශ්‍යතාවයකින් තොරවනු ඇති බවටත් පැහැදිලි කෙරෙනවා.FireFox Beta ඔස්සේ මෙම පහසුව නුදුරේදී මුදා හැරීම සිදුවනු ඇති බවයි දැනට නිවේදනය වන්නේ.
2014-11-02
Google ආයතනය රුධිර ගත කරන nanoparticles සමග medical market වෙතට පැමිනෙන්නට සැලසුම් කිරීමක...
Google ආයතනයට තම සාම්ප්‍රධායික රාමුවෙන් ඉවතට යන්නට අවශ්‍ය වන්නේ බොහෝ කලක සිටය. සෙයුම් යන්ත්‍ර පුරෝගමියෙකු ලෙසට අත්පත් කර ගත් කිර්තිය මෙන්ම ධනය නෙක ආකාරය ගත් ක්ශේත්‍රයන් ඔස්සේ මේ වනවිට විහිදවමින් සිටින්නට එම ආයතනයට හැකිව තිබේ. සර්ථකතම මොබයිල් මෙහෙයුම් පද්ධතියක සිට ,රියදුරන් රහිත වාහනයක් සාර්ථකව අත්හදා බැකීම දක්වා පමනක් නොව තවත් බොහෝ විෂයන් ඔස්සේ එය මේ මොහොතේද සිදු වෙමින් ඇත.
අයතනය මේ වන විට හෙලි කර සිටින්නේ තමන් පුද්ගලයෙකුගේ රුධිර පද්ධතියට ඇතුලු කරන "nanoparticles" ඔස්සේ රෝගියෙකුගේ cancer වැනි රෝගීතත්වයන් සමනය කරන්නට හැකි තාක්ශනය පිලිබදව අවධානය යොමු කරමින් සිටින බවකි. බොහෝ scientists ලාගේ එකග නොවීම් හමුවේ උවත් ආයතනය මේ පිලිබදව සැලසුම් අවස්ථාවේ සිටින බවටයි දැක්වෙන්නේ. මෙම nanoparticles රුධිර පද්ධතියට එකතු කිරීමේ මෙන්ම ඒවා රුධිරපද්ධතිය විසින් ප්‍රතික්ෂේප කිරීම වලක්වා ගැනීම දක්වා අභියෝග රාශියක් සමග ඔවුන් තම තම ඉලක්කය වෙතට දැඩි උත්සාහයකට සූදානම් වෙම්න් සිටින බවටයි වාර්ථා වන්නේ.
2014-10-31
Pepper නම් රොබෝ වෙළඳ සහයකයා සමග Nestlé වෙතින් coffee machines තෝරන්නට හැක...
Pepper යනු Nestlé ආයතනය Android 4.4(KitKat) ආශ්‍රිතව නිර්මානය කරනු ලැබූ වෙළඳ සහයකයෙකුගේ නිමාව ලබා දෙන රොබෝ වරයෙකි. ජපන් Softbank සමග නිමවන එය අඩි තුනක් උසැති සංවේධක කිහිපයක් ඔස්සේ ලබා ගන්නා තොරතුරු මත ක්‍රියාත්මක වන ඒයට මිනිස් මුහුනුවරකින් පලවන ප්‍රථිචාර හඳුනා ගන්නට මෙන්ම මිහිස් කටහඬ පමනක් නොව එහි ස්වභාවය හඳුනා ගනිමින් ඒ අනූව ප්‍රථිචාර දැක්වීමේ හැකියාව වන බවටයි පැහැදිලි කර සිටින්නේ. එම ආයතන වෙතට එන coffee ආශ්‍රිත නිෂ්පාදන යන්ත්‍ර තොරා ගැනීම අවශ්‍ය පාරිභෝගිකයන් සදහා අසන ප්‍රශ්න ඔස්සේ ලැබෙන පිලිතුරු සමග වඩාත් නිවැරදී යන්ත්‍රය තොරා දීම මෙන්ම අලවි කටයුත්ත සදහා එහි වන සේවක මන්ඩලය වෙතට යොමු කිරිම පමනක් දැනට සිදු වුවද අනාගතයේ වඩාත් නම්‍ය ප්‍රායෝගික සේවාවක් සැපයීමේ හැකියාවක් එයට ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.
2014-10-30
Microsoft wearable deviceය නිවේදනය වේ!!!!
මෑත කාලීනව හදාරන්නන් අතර අවධානයක් ලබා සිටි නිකුතුවක් මේ ව්නා විට Microsoft වෙතින් නිවෙදනය වී තිබෙනවා. Microsoft වෙතීන් පැමිනෙන Wearable උපාංගය කෙවිනි නිමවෙවුමක් ගනීදැයි යන්න අවස්තා කිහිපයකදීම කරලියට පැමිනි මාතෘකාවක් වූ අතර Microsoft සමාගම මේ වන විට ඩොලර් 199ක් මිලකට එලබෙන Thursday වන විට වෙළඳ පොල වෙතට පැමිනෙනු ඇති බවට නිවේදනය කර සිටින්නේ.මෙම උපාංගය සමග වන අනෙකුත් විශේෂතා අතර එය සියලුම ප්‍රධාන මෘදුකාංග තල සමග සහයොගයෙන් ක්‍රියාකරන්නට හැකිව පැමිනීම වනව. ඒ අනූව Windows, Windows Phone, OS X, iOS, හා Android යන සියලුම මෘදු පරිසරයන් සමග එය සහයෝගයෙන් කටයුතු කර නු ඇති බවට නිවේදනය වනවා.
භාවිතාකරන්නාගේ සෞක්‍ය තොරතුරු (daily fitness goals) හැදෑරීම මෙහි ප්‍රධාන අංගයක් වනු ඇති අතර (tracking your steps and how far you have run/walked by using the GPS in your phone) දුරකථනය වෙතට පැමිනෙන email messages, calendar reminders, phone calls received, text messages, social updates (such as Facebook and Twitter), weather, finance සම්බන්දිත notifications ලබා ගැනීමට හැකිවීම අනෙකුත් ප්‍රධාන අංගයක් වනවා. එක බැල ගැන්වුමකදී පැය 48ක සේවාවක් ලබා දෙන්නට හැකි බැටරි බලයකින් සමන්විතවන මෙය සංවේදක (sensors) ඔස්සේ ක්‍රියාත්මක වෙමින් භාවිතාකරන්නගේ stress මට්ටම හැදෑරීමක් දක්වා පරසයක තොරතුරු රැස්කිරීමකට සමත් බවට පැහැදිලි කෙරෙනවා. smartwatch හා smart fitness device අතර ගැනෙන device එකක ලෙසට මෙම උපාංගය ස්ථාන ගත කල හැකිවනු ඇති බවටයි හැදෑරෙමින් ඇත්තේ.
2014-10-25
Windows 10 build 9860 නිකුතුව සැලකීමේදී එයත් සමග නවාංග 9841ක් සමන්විතව පැමින ඇති බවට.....
microsoft සමාගම තම මිලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනයේ පෙර නිකුතූන් සංස්කරන දෙකක් මේ වන විට මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ Windows 10 build 9860 නිකුතුව සැලකීමේදී එයත් සමග නවාංග 9841ක් සමන්විතව පැමින ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. ඉන් ප්‍රධාන සමහරක් පවා ඔවුනගේ නිවේදනය කිරීමේදී පවා ප්‍රකාශයට පත් නොකරනලද ඒවා වනවා. මීට අමතරව Microsoft ආයතනය එම සංස්කරනය දැනට අත්හදා බැලෙමින් ඇති පරිගණක පිලිබදවද සංක්‍යා සටහන් කිහිපයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතර එම සංස්කරනය ධාවනය වෙමින් ඇති පරිගණක 41%ක් Desktop වන බවත් 32% LapTop වන බවත් පවසන අතර 2% Tablet වන බවටත් පැහැදිලි කර සිටිනවා. වේගවත් නිකුතූන් කාලසටහනකට අනූව සිදුවෙමින් ඇති මෙම නිකූත් අතර වන යාවත්කාලීනයන් සමගද නවාංග කිහිපයකින් තම නව මෙහෙයුම් පද්ධතිය සංයුත්තකරවන්නට එම කටයුතු කරනබව පසුගිය යාවත්කාලීන සැලකීමේදී පැහැදිලිව දක්නට ලැබුනා. තවමත් වඩාත්පෙර සංස්කරන නිකුතූන් මට්ටමේ මෙම මෙහෙයුම් පද්ධතිය ඇති අතර සාමාන්‍ය භාවිතාවට නියමිත පෙර සංස්කරනයන් එලබෙන වසරේ මුල් භාගය වන විට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
2014-10-20
Windows 8.1 ධාවන හැකියාවෙන් යුත් Intel USB stick Online වෙළඳ පොලට.....
ඩොලර් 110ක් මිලැතිව වෙලඳ පොලට පැමිනෙන Intel Bay Trail-Based USB stick උපාංගය Windows 8.1 ධාවනයට සමත් මට්ටමේ බවටයි නිවේදනය වන්නේ. එහි නිෂ්පාදකයින් වන Intel වෙතින් මේ පිලිබදව තවමත් නිලනිවේදනය වීමක් සිදුව නැතිමුත් Chinese retailer Alibaba වෙබ් අඩවියේ මේ පිලිබදව OEM කාන්ඩය යටතේ පලව තිබෙනවා. 100mm දිගැති මෙම උපාංගය x86 ප්‍රොසෙසර් හැකියාවකින් සමන්විතව පැමින ඇති බවට මෙන්ම Windows 8.1ට අමතරව Linux distros (Ubuntu හා Fedora) ධාවනයට සමත් මට්ටමේ වන අතර දත්ත televisions වෙතට ලබා දීමේ හැකියාවෙන්ද සමන්විත බවටයි ප්‍රකාශ වන්නේ.1.7 GHz ප්‍රොසෙසර් හැකියාව , 1 GB DDR3 RAM හැකියාව, 2 MicroUSB ports වලින් සමන්විතව, 16 GB හෝ 32 GB ප්‍රමානයේ තොරතුරු ගබඩා කරගැනීමේ හැකියාවකින් මෙන්ම memory card slot, WiFi හා Bluetooth 4.0. හැකියාවකින් සමන්විත බවටයි නිවේදනය වන්නේ.
2014-10-01
Windows 10 පැමිනීම නිවේදනය වීම......
අපි මේ වන කොට දන්නවා Microsoft සමාගම තමන්ගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය නිල ලෙසට ප්‍රකාශයට පත්කරල තිබෙනවා කියලා. මූලිකම කාරනයක් තමයි ඔවුන් එහිදී පැවසුවා තවමත් එය සංවර්ධනය වෙමින් පවතින එකක් බව. සවන් දුන්නු අපට තේරුනු කාරනයක් තමයි ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා ආයතනික මට්ටමේ භාවිතාව මෙම නව සංස්කරනය සදහා වඩාත් ඉලක්ක කරගනිමින් සිටින බව. ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා XP හෝwin7 වල නතර වෙලා ඉන්නා භාවිතාකරන්නන් මෙම නව සංස්කරනය කරා කැදවා ගන්නට. අපට පැහැදිලි වනවා ඒ විදිහට සලන්කන කොට ආයතනික මට්ටමේ ප්‍රථිචාර ඔස්සේ එහි ඉදිරි අනන්‍යතාවය ගොඩ නගා ගැනීම සදහා තොරතුරු බලපොරොත්තුවෙන් මෙම පෙර නිකුතුවක් සිදු වුනු බව.
අපි දන්නවා windows 8 සමග Desktop භාවිතාවට කුඩම්මාගේ සැලකිල්ලක් රැගෙන විත් තිබුනු බව. පසුව ආ අනුසංස්කරන දෙකක් සමග ඒ තත්වය තරමක් දුරට හෝ සමනය කරන්නට උත්සාහයක්ද දරලා තිබුනා. Modern app සමග ස්පර්ශක ප්‍රමුක භාවිතවක් ඔස්සේ ෆැබ්ලට් ආකාරයේ භාවිතාවක් සදහා ඔවුන් ලබා ගත් හැරවුමේදී ටයිමිං වැරදුන බවක් තමයි දැන් පිලි ගෙන තිබෙන්නේ. පැමිනෙන windows 10 සමග ඔවුන් සාම්ප්‍රදායික Desktop භාවිතාව සමග Modern භාවිතාව මිශ්‍ර කරලන්නට ගෙන තිබෙන උත්සාහය ඒ බව වඩාත් පැහැදිලි කෙරෙනවා. අනෙක් දෙසින් ඔවුන් පැහැදිලි කර සිටිනවා "මොබයි ෆර්ස්ට්, ක්ලවුඩ් ෆර්ස්ට්" නව CEO වරයාගේ දැක්මට අනුකූලව ගමන ඉදිරියට ඇදෙමින් පවතීන බව. පොදු ඇප් ස්ටෝර්වක් මෙනම වඩ වඩාත් සියලුම windows භාවිතාවන් එකිනෙකට ලංවීමේ මෙහිදී වඩාත් සිදුවන බව පැහැදිලි කිරීමෙන් මෙබව අපට පැහැදිලි වෙනවා. වර්චුවල් ඩෙස්ක්ටොප් හැකියාව ඔස්සේ UI වෙනස ඉක්මවා යන ප්‍රායෝගික බවක් භාවිතාකරන්නන් වෙතට ගෙන ඒම වගේම වඩාත් වේගවත් සබදතාවක් ඔස්සේ භාවිතාකරන්නාගේ ගැටලු හඳුනා ගනිමින් පිලිතුරු දෙන්නටත් සහය වන තාක්ශනයන් ගෙන ඒමෙනුත් නව සංස්කරනය වඩාත් විදිමත් කර තිබෙනවා වාගේම එම සමහර අංග පිලිබදව ගැටලු සහගත විය හැකි බවක් දැනට මත් පෙනෙන්නට තිබෙනවා. මෙම හමුවෙදී පලවුනේ Build 2015 සමග එලබෙන අප්‍රේල් වලදී app store වල වඩාත් නව තොරතුරු සමග සමස්ථ නව සංස්කරනයේ වඩත් අවසන් සංස්කරනයට කිට්‍ටු තොරතුරු රැගෙන එන්නට සූදානම් බවටයි පවසා සිටියේ.
Pubudu Siriwansa
2014-09-10
Appple වෙතින් නව නිකුතූන් පැමිනීම ඊයේ සිදුවූවා......
ගෙවී ගිය දිනයේදී ඇපල් ආයතනය තම නිෂ්පාදන දෙකක් නිවේදනය කරන්නට කටයුතු කරනු ලැබුවා. ඉන් එකක් තොරතුරු භාවිතාවට නව මුහුනුවරක් ගෙනෙනු ලැබූ iPhone නිකුතු පෙලෙහි නව නිකුතුවක් වූ iPhone 6 වන අතර අනෙක වන්නේ මහත් කාලයක් තිස්සේ කථා බහට ලක්වෙමින් තිබූ Apple වෙතින් පැමිනෙතැයි බලාපොරොත්තුවූ wearable device එක වූ Apple Watch පැමිනීමයි. iPhone නිකුතුව දෙයාකරව පැමින තිබූ අතර iPhone 6 හා iPhone6 Plus ලෙසට ඒවා දැක්වූවා. LTE සහය සමග පැමිනෙන මෙම නිකුතූන් 64-bit Apple A8 chip වලින් සමන්විතව තිබෙන අතර 20nm තාක්ශනයේ සහයෙන් නිපදවී ඇති මෙවා සමග 25% CPU power දියුනු කිරීමක් හා 50%ක GPU power දියුනුවක් වන බවටයි නිවේදනය වූවේ. NFC payments හැකියාව, onboard barometer හැකියාව වැනි බොහෝ අංගයන් ගෙන් සමන්විතව පැමිනෙනමෙම නිකුතූන් ඩොලර් 199ක සිට ඉහලට මිලැතිව මෙම වසර අවසානයේ සිට වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි පැවසුනේ.
මෙම දිනයේ වඩාත් සිත් ගන්නා සුලු සිදුවීම වූවේ බොහෝ කලක් තිස්සේ විවිධ නොනිල තොරතුරු පලවෙමින් තිබූ Apple Watch නිකුතුවද නිවේදනය වීමයි. සාමන්‍ය ආකාරයට smart phoneයේ සහයක යෙක් වෙමින් පමනක් පැමිනෙන smart watch නිකුතූන් ගෙන් වෙනස් මගක් ගනිමින් පැමින ඇති මෙම නිකුතුව සමග පහසු charger හැකියාවේ සිට උපාංගය මෙහෙයවන ආකාරය දක්වා බොහෝ වෙනස් කම් රැගෙන විත් ඇති බවටයි නිවේදනය වූවේ.මෙහි පසුපස වන sensors සමග භාවිතාකරන්නාගේ heart rate කියවීමේ හැකියාව සමග හැකියාවන් කිහිපයක් ඇති අතර Accelerometers මෙන්ම GPS සමග පැමිනෙන දත්ත වඩාත් කාර්යක්ශමව යොදා ගන්නට සහය වන app වලින්ද සමන්විතව එය පැමින ඇති බවටයි සටහන් වූවේ. Siri සහය Maps සහය සංයුත්තව පැමින ඇති මෙම නිකුතුව සමග new messaging service එකක් වන අතර එය සමග පහසුවෙන් අනෙකුත් watch භාවිතාකරන්නන් සමග පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගත හැකි බවටයි නිවේදනය වූවේ. $349 සිට ඉහලට වන මිල සමග 2015 මුල් භාගයේ සිට වෙළඳ පොලට පැමිනෙන මෙම නිකුතුව භාවිතාකරන්නා වෙතට නව අත්දැකීම් රාශියකින් සමන්විත බවට නිවේදනය වනවා.
2014-09-06
PC ආසන්න හැකියාවක් Tablet වෙතට ගෙනෙන Core M chips එලබෙන වසරේ....
බර්ලින් වල පසුගියදා පැවති IFA trade show වලදී නිවේදනය වූ කාරනා අතරට Core M chips කැපී පෙනෙන සටහනක් වූවාය. tablets, hybrids උපාංග වෙතට PC හැකියාව ආසන්න කරන්නට සමත්වනු ඇති බවට පැවසුනු මෙම අඩු බල වැයක්(4.5 watts) , වැඩි වේගයක් එනම් 800MHz ක් ටැබ්ලට් පරිසරයේදී හා 2.6GHz ක් PC පරිසරයේදී ගෙනෙන මෙහි නිමැවුම ඉතා සිහින් (paper-thin prototype) නිමැවුමද නිවේදනය වූවා. මෙම අඩු බල වැයට හා සිහින් බවට ප්‍රදාන සාධකය වූවේ 14-nanometer තාක්ශනය යටතේ වන නිමැවුමක් ලෙසට එය පැමිනෙන නිසා බවටයි හෙලි වූයේ. වැඩි දුරටත් පැවසෙන පරිදි full-fledged laptops මට්ටමේ fifth-generation Core processor එලබෙන වසරේදී වෙළඳ පොලට පැමිනීමේ හැකියාව සදහන් වූ අතර Wi-Fi වටට වඩා වේගවත් Intel දියුනු කිරීමක් WiGig ලෙසින් ලැප්ටොප් එකක් සදහා කීබෝර්ඩ්, මවුස් ආදිය සම්බන්ද කල හැකි wirelessly connect තාක්ශනයක පැමිනීමත් නිවේදනය වූවේ එලබෙන වසර ආරම්භයේදී වෙළඳ පොල වෙතට පැමිනීමේ බලාපොරොත්තුවද සමගයි.
2014-09-01
Apple6 සමග NFC ආකාරයේ new payment service එකක්!!!
දින කිහිපයකට පෙර Apple ආයතනය මාධ්‍ය හමුවක් කැදවමින් පවසා සිටියේ iPhone6 මෙන්ම iWatch නිවේදනය කිරීම නුදුරේදීම සිදුවන්නට නියමිත බවකි. නව උපාංග සංස්කරන සමග පැමිනෙන්නට නියමිත නව අංගයන් පිලිබඳව විවිධ අදහස් පලවෙමින් පවතින අතර iPhone6 සමග NFC සහයය ඔස්සේ new payment service එකක පිලිබදව තොරතුරු හෙලි වෙමින් තිබේ. American Express මෙන්ම Cupertino company වැනි ආයතනයන් වෙතින් දැනට මත් එකගතාවය පලවෙමින් ඇති මෙම නව සේවාව ඔස්සේ භාවිතාකරන්නෙකුට තම නයවර පත වෙනුවට පහසුවෙන් භාවිතාවක් ගෙනෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. Phoneය වෙතටම සම්බන්දව පැමිනෙනමෙම NFC හැකියාව ඔස්සේ POS terminalයක් වෙතට ලංකිරීමෙන් පමනක් තම ගෙවීම් සිදුකරන්නට හැකිවනු ඇති බවට විස්තර කෙරෙනවා. මෙම payment platform ය භාවිතාකරන්නන් අතර වඩාත් ප්‍රචලිතවනු ඇති බවට අනාවැකි පලවෙමින් තිබෙනුද දක්නට ලැබෙනවා. එලබෙන Tuesday වටල සැලසුම්ව ඇති ඇපල් මාධ්‍ය හමුවේදී මේ පිලිබදව වැඩි දුර තොරතුරු නිවේදනය වනු ඇත.
2014-08-28
Intel වෙතින් කුඩාම 3G modemය පැමිනෙයි.
wearables සදහා සීමා පනවමින් සිටි තවත් බාදකයක් සදහා විසඳුමක් ගෙනෙන්නට Intel ආයතනය තම නවතම නිකුතුවක් සමග කටයුතු කර තිබෙනවා. ඒ නම් 300 sq mm ප්‍රමානයේ 3G modem එකක නිර්මානය කිරීමත් සමගයි. එහි විශේෂතා අතරට 3G antennae අවශ්‍ය නොවීම 'low signal network coverage' අවස්ථාවල් සමග පහසුවෙන් කටයුතු කරන්නට සමත්වීම මෙන්ම own power supply සමග පැමිනීම අවධාරනය කර තිබෙනවා. එලබෙමින් ඇති "Internet of Things" වලදීද wearables වලදී මෙන්ම මහත් සහයක් ගෙනෙනු ඇති බවට බලපොරොත්තු තබා ඇති මෙම නව මොඩමය දැනටමත් පලඳින ආකාරයේ smartwatch වැනි ප්‍රමානයෙන් කුඩා භාවිතාවන් සදහා smartphone වැනි මැදිහත්වීමක් ඔස්සේ දත්ත සබදතා පැවැත්වීමේ අවශ්‍යතාවය අවසන් කර දමනු ඇති බවට බලාපොරොත්තු වනවා.
2014-08-27
Cortana ස්ක්‍රීන මූලික යුගයේ සිට වාචික මූලික උපාංග භාවිතයට අතුරු හැරවුමක් ගෙන ඒවි.....
මේ Digital Assistant හැකියාව කියන්නේ තොරතුරු භාවිතාව සමග අපේ තිබුනු ගනුදෙනුවට මෙන්ම ගනුදෙනුවේ ස්වභාවයට පැමිනෙන තවත් තීර්නාත්මක වෙනසක්. අපි දන්නවා තාක්ශනයන් සමග නිතරම පවතින ඒවා ඉදිරියට තල්ලු කරන බලයක් තමයි තාක්ශනික ප්‍රබන්ධ. ඒවායේ එන බොහොමයක් හැකියාවල් පසුකාලීනව යතාර්ථයක්ව අපේ ජීවිත අද්දරට භාවිතාවට සුදනම්ව පැමිනිලා තිබෙනු දක්නට පුලුවන් උනා. ඉතින් Microsoft සමාගම තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය Cortana කියන ඔවුන්ගේ digital assistants මෘදුකාංගයෙන්ද සමන් විතව එවන්නට කටයුතු කිරීම තීරනත්මක වෙනසක් වන්නේ ඒක ලොකයේ වැඩිම භාවිතාවක් තිබෙන මෙහෙයුම් පද්ධතියක් හරහා පැමිනීම සමග වැඩි භාවිතාවක්, වැඩි ප්‍රථිචාර ප්‍රමානයක් සමග සාමන්‍ය තොරතුරු භාවිතාවට මොන ආකාරයට බද්ධවෙවිද කියලා අපට දකින්නට හැකිවන නිසයි.
දැනට අපේ වන ස්ක්‍රීනය මූලික තොරතුරු භාවිතාවට සරල පහසු වාචික මූලික අතුරු හැරවුමකට මේ නව ප්‍රවනතාවය කටයුතු කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ඉදිරියේදී වැඩි වෙන් බවට පෙර සලකුනු දෙමින් තිබෙන පලඳින ආකාරයේ තොරතුරු උපාංග භාවිතයේදී මේ බව වැඩි පහසුවක් ගෙන ඒවි.
2014-08-08
Yahoo හා Goole එක්ව වඩාත් සුරක්ශිත Email සේවාවක් සදහා සූදානමක්!!!!
තොරතුරු අවකාශය තුල හුවමාරු වන දෑ වල සුරක්ශිත භාවය පිලිබදව මෑත කාලීනව මහත්සේ ප්‍රශ්න කෙරින. රාජ්‍යමට්ටමින් තොරතුරු රැස්කිරීම මෙන්ම ආයතනික මට්ටමින් තොරතුරු රැස්කිරීම පිලිබදව නෙක අයුරින් චෝදනා නන්දෙසට එල්ලවීම බහුලවම සිදුවිනි. මේ වන විට yahoo හා google ආයතනයන් දෙක එක්ව නව වඩාත් සුරක්ශිත email සේවාවක් ඇරබීම පිලිබදව කටයුතු කරමින් සිටීන බවට තොරතුරු හෙලිවෙමින් තිබෙනවා. PGP එනම් ඊමේල් හුවමාරු කරගන්නන්ගේ උපාංග මතදීම encryption keys තැන්පත් වන මෙම ක්‍රමවේදය තුලදී එම ඊමේල් සේවා සපයන සර්වරයන් මතදීවත් ඒවා නිරාවරනය නොවන අතර භාවිතාකරන්නාහට වඩාත් විස්වාශය තැබිය හැකි සේවාවක් මේ තුලින් ලබා දෙන්නට හැකිවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එහෙත් මෙම ක්‍රම වේදය තුලදී password reset හැකියාවක් නැති වීම මෙන්ම වඩාත් කුඩා Email සදහා පමනක් හැකිවීම වැනි සීමා ජය ගැනීම සදහා මෙම ආයතන දෙකෙහි හදාරන්නන් එක්ව කටයුතු කරමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ. එලබෙන වසරේ දී අවසන් කිරීමේ ඉලක්කයක් ඇතිව සිදුවන මෙම ව්‍යාපෘතිය පිලිබදව විවිධ ආකාරයේ පක්ෂ මෙන්ම විපක්ෂ මත වාද පලවෙමින් ඇති අතර පසුගිය කාලයේ google වෙතින් සිදුවූ යහපත් කරුනු දක්වීමක් ඔස්සේ නීතියට අපරාධකරුවෙකු හමුවීම වැනි කාරනා හමුවේ තත්වය වඩා විවාදාත්මක වී ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.
2014-08-06
.Microsoft සමාගම "touching a screen" දෙසට වඩාත් අවධානය....
Microsoft සමාගම පවසන්නේ භාවිතාකරන්නගේ ස්පර්ශක තිර අන්තර්ක්‍රියාව වෙතට ඇති අත්දැකීම වඩාත් අපූර්ව කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. භාවිතාකරන්නෙකු තම දත්ත උපාංගයසමග කටයුතු කරන ආකාරය පසුගිය දශක කිහිපය තුල වඩාත් විවිධ ස්වරූපයන් දක්වා වර්ධනය වී ඇති අතර eye-tracking, voice control වැනි විවිධ ක්‍රම වේද ඔස්සේ එය ඉදිරියට පැමින තිබෙනවා. එහෙත් "touching a screen" බව තරම් සංවේදී අත්දැකීමක් අන්නට තවමත් අනෙකුත් ක්‍රම වේදවලට හැකිව නැති බවටයි හදාරන්නන් පවසන්නේ. ආයතනය යෝජනා කරන්නේ වඩාත් කාර්යක්ශම මෙන්ම වින්දනීය අත්දැකීමක් බවට පත්කරන්නට ස්පර්ශක තිර භාවිතය පිලිබදව තම හැදෑරීම් වඩාත් සිදුවෙමින් පවතින බවයි. උදාහරනයක් ලෙසට Nokia Lumia 520 සමග standard glass ඉවත්කරන්නට ඔවුන් කටයුතු කල අතර ඒ වෙනුවට piezoelectric actuators ගෙනෙන්නට කටයුටු කල අතර භාවිතාකරන්නා ඒමත ස්පර්ශකරන විට ඇගිලි තුඩුව මද නෙරායාමක් ලබමින් වඩාත් දැනීමක් ලැබෙන අත්දැකීමකට ගෙනෙන්නට සමත් කරනු ලැබුවා. ආයත්නය හෙලි කරන්නේ මෙවන් haptic feedback ඔස්සේ භාවිතාකරන්නා හුදු flat ස්ක්‍රීනයක් සමග ක්‍රියාකරනවිටට වඩා කාරයක්ශමතාවයක් මෙන්ම නිවැරදි බවක් ලබා ගන්නා බව තමන් අත්දකිමින් ඇති බවයි. තිරය මත තොරා ගත් කොටස් වලදී වඩාත් smoother බවක් , vibrate වල වෙනස් බවක්, වැනි විවිධ ආකරවල අත්දැකීම් ඔස්සේ මෙම අත්හදා බැලීම් සිදුවන බවටයි පැහැදිලි වන්නේ. එලබෙන යුගයේදී '3D Touch' වැනි නව දිශාවන් වෙතට තම අවධානය යොමුකරමින් වඩාත් වින්දනීය අත්දැකීම් ඔස්සේ ස්පර්ශක තිර දියුනු කරන්නට සැලසුම්ව ඇති බවටයි මේ වන විට හෙලි වන්නේ.
Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
.jpg)











.png)





